සොරකම, නීතිය හා කඳුළු

යෝෂිත ඇතුළ සීඑස්එන් නඩයට තමන්ගේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය හා වෙනත් මුදල් ලැබුණු හැටි පැහැදිලි කරන්නට බැරි වී තිබේ. 

එසේ නම් ඒ කළු සල්ලි බව පැහැදිලි ය. 

මේ මුදල් උපයා ගත්තේ කෙසේ ද? ඒවා දුන්නේ කවුරු ද? කිසිවෙක් ඒ තරම් මුදල් ඔවුන්ට පිරිනමන්නට හේතුව කුමක් ද? 

මේ මුදල් මේ රටේ මහජනතාවගෙන් සොරකම් කළ ඒවා හෝ මේ රට හා ජනතාව විකුණා කොමිස් ලෙස ලබා ගත් ඒවා ය. 

සරළව කීවොත්, තාත්තාගේ ජනාධිපති බලතල යොදාගෙන සොරකම් කළ සල්ලි ය. 

මේ ක්‍රියාත්මක වන්නේ නීතියයි. පමා වූ නීතියයි. අප සිතන ආකාරයට නීතිය පමා වූයේ නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයන්ගේ අකාර්යක්ෂමතාව නිසා ය. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් ඒවා වේගවත් වූයේ නැත. 

සිදු විය යුත්තේ එයයි. 

මහින්ද පුද්ගලයන් ශක්තිමත් කළේ ය. මේ ආණ්ඩුව සිය එක් වසරක ඉතිහාසය තුළ ආයතන ශක්තිමත් කර තිබේ. කුහක නැතිව වී ඇති වෙනස දකින්න. විවේචනයෙහිදී ධනාත්මක වන්න. 

මේ වනාහි කවුරු කවුරුත් තමන් වැපිරූ බීජවල අස්වනු නෙළන සමයයි. 

මහින්ද, දැන්වත් නවතින්න. 

ඒකාධිපතිවාදය, අවනීතිය වෙනුවෙන් සිහින දැකීම නවත්වන්න. 

ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට ඉඩ දෙන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,
    // මේ ක්‍රියාත්මක වන්නේ නීතියයි. පමා වූ නීතියයි. //
    අපි බැලිය යුත්තේ ඇයි මේ මොහොතේ මේ පමාවූ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලයි. මෙය සිදුවන්නේ මයිත්‍රී ට අභියෝගයක් වන ක්‍රියාවලියක් මහින්ද ප්‍රමුක පිරිස අවතීර්ණ වී ඇති නිසා මිස මයිත්‍රී නීතියට ගරුකරන නිසා නෙමෙයි පැරා.
    මම මේකේ එක හොදක් දකිනවා දැන් මයිත්‍රී ට ඉස්සර කරපු පිස්සු දැන් නටන්න බෑ මොකද බැරිවෙලාවත් ගෝඨාභය බලයට ආවොත් මයිත්‍රී ව එල්ලන්නේ මස්කඩේ කොක්කේ.
    මේ නිසා මයිත්‍රී ට සිදුවෙනවා උපරිම ලෙස නිතිය ස්ථාපනය කරන්න (මේක කරන්නේ මයිත්‍රී අවංක නිසා නොවන බව මතක තබාගන්න )
    ටිකක් බලන්න පැරා හිරුනිකාට ක්‍රියාත්මක වූ නිතිය නෙමෙයි නේද මේ ක්‍රියාත්මක වන්නේ
    මම පොස්ට් එකක් දැම්ම මේ ගැන විස්තර ඇතුව
    http://lankasithuwili.blogspot.com/2016/01/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. මෛත්‍රීට අභියෝගයක් වන ක්‍රියාවලියකට මහින්ද යොමු වුණේ අද ඊයේ නෙමෙයි. ඒ නිසා මෙය සිදු වුණේ ඒ නිසා ය කියා පිළි ගන්නට බැහැ.

      අනෙක් පැත්තෙන් මෛත්‍රී නීතියට ගරු කරන්නේ නැති ය කියන එකත් අන්තවාදී ප්‍රකාශයක්. ලංකාවේ සමස්ත සමාජය ම නීතියට ගරු කරන්නේ නැහැ. මෛත්‍රී ඒ සමාජයේ සාමාන්‍ය සාමාජිකයෙක් විතරයි.

      දේශපාලනය කියන්නේ කාගෙන්වත් අවංකභාවය බලාපොරොත්තු වෙන එක නෙමෙයි. පුරවැසියන් ලෙස දේශපාලනයේදී අපි උත්සාහ කළ යුත්තේ අපට ලැබී තිබෙන තත්වයන් උපරිම අන්දමින් භාවිතා කරන්නටයි. මම මගේ විවේචනය හා ඇගයීම පාදක කර ගන්නේ ඒ මතයි.

      හිරුනිකාට නීතිය ක්‍රියාත්මක වීමේදී දක්නට ලැබුණු තත්වයනුත් මේ යාන්ත්‍රණයේ ස්වභාවය නිරූපණය කරනවා. හිරුනිකාට ඇප ලැබුණාට අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට යනවා. යෝෂිතට වුණත් ඉතා ඉක්මණින් ඇප ලබා ගන්නට පුළුවන්. බැසිල් ඇප පිට හිටියාට නඩුව යනවා.

      අපට පරමාදර්ශී තත්වයන් බලාපොරොත්තු වෙන්න බැහැ. උන්න විදියට මළාත් මදැයි.

      Delete
    2. පැරා,
      // මෛත්‍රීට අභියෝගයක් වන ක්‍රියාවලියකට මහින්ද යොමු වුණේ අද ඊයේ නෙමෙයි. ඒ නිසා මෙය සිදු වුණේ ඒ නිසා ය කියා පිළි ගන්නට බැහැ. //
      නෑ පැරා මහින්ද පසුගිය කාලයේ මහජනතාව ඉදිරියේ නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර යටින් මෛත්‍රීට වැඩේ දුන්න. අද වනවිට මහින්දට සහයෝගය දුන්න දුෂිතයන් මෛත්‍රීට එක්වෙලා තියෙන්නේ තමන්ගේ වැරදි වහගන්න මිසක් මෛත්‍රීට කැමති නිසා නෙමෙයි.
      මහින්ද කියන්නේ සාමාන්‍ය සිංහල මිනිසුන් අතර වීරයෙක් ඔහු වසර 30 ක යුද්ධය වසර 3 කින් නිමකළා, මෙය ලියන මම ඔහුට විරුද්ධව චන්දය දුන්නත් යුද්ධය අවසාන කිරීම සම්බන්දයෙන් ඔහුට කෘතන්ය වෙනවා.
      නමුත් අවාසනාවකට මහින්දට කිසිම බයක් තිබුනේ නැතුවා සේම ඔහුට ලජ්ජාවකුත් තිබුනේ නෑ.
      රටේ මිනිස්සු හැටියට තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් තවම කිරත්මක වී නෑ නේද ? මෙය ඇතුලත් වුනේ දින 100 වැඩසටහනට බව ඔබට මතකද ?
      // අපට පරමාදර්ශී තත්වයන් බලාපොරොත්තු වෙන්න බැහැ. උන්න විදියට මළාත් මදැයි.//
      මේ කියමනට 100% එකගයි, අද මිනිසුන් ගේ මනසට ගොස් තිබෙනවා මහින්ද ගේ කාලේ තිබුන දිවුනුව දැන් නෑනේ කියල නමුත් ඇත්ත තත්වය මහින්දගේ කාලේ කරපු අතිවිශාල දුෂණ සහ නාස්තිය ට පොලිය වත්මන් රජයට ගෙවීමට සිදුවීමයි. ඇත්තටම මහින්ද පවා දැනගත්ත ඔහුගේ කාලයේම මෙම අපහසු කාලයට පැමිණින බව මේ නිසයි වසර 2 ට කලින් මැතිවරණයක් පැවැත්වුයේ.
      නමුත් මේ දැනීම ගමේ බයියන් ට විතරක් නමේ උගත් මිනිසුන්ටත් තේරුම් ගැනීම අපහසුයි.

      Delete
    3. ගෝට ට බලය ලැබුනොත් මෛත්‍රී මස් කඩේ කොක්කේ එල්ලනවා විය හැකි වුවත්, බලය ඇති මෛත්‍රී රනිල් රජකපක්ෂ ලා මස් කඩේ කොක්කේ එල්ලන්නේ නැත්තේ ඔවුන් රජකපක්ෂ ලා මෙන් මස් වැද්දන් නොවෙන නිසා.

      Delete
    4. මම නම් කියන්නේ සියල්ලන්ම ඉල්ලගෙන් කනවා. බලය තාවකාලිකයි.

      සිරිසේන ජනපති උනා. සිරිසේනට සිරිසේනගේ දේ දීලා මහින්ද පැත්තකට උනා නම් හරි. සිරිසේන හිතුවේ එයා එහෙම ඉඳියි කියලා. සිරිසේන ලංකාවේ ජනාධිපති. මහින්ද නිකංම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රි. ඒත් හැසිරෙන්නේ ජනාධිපති වගේ. එයාට උවමනාව්ක් නැති උනත් අනික් හොරුන්ට උවමනාවක් තියෙනවා ආයේ හොරා කන්න. ඒක කරන්න එයාලට මහින්ද නැතුව බෑ. ඉතින් මහින්ද ශ්‍රී ලංකා එකේ නායකයා කරන්න දඟලනවා. ඒකට සිරිසේනට මල පනිනවා. ඕන ම මනුස්සයෙකුට ඉවසීමේ සීමාවක් තියෙනවා. සිරිසේනගේ ඉවසීමේ සීමාව දැන් ඉවරයි. ඉතින් මහින්දලා අම්බානක කනවා.

      ඊයේ විමල් වීරවංශයවත්, ගම්මන්පිලයාවත් එතනෙ උන්නේ නෑ. හිටියානම් ශිරන්තිගෙන් ගුටි කනවා. ඒත් අම්මා කෙනෙක් නේ. උන් දෙන්නා මේ පවුල නැති කරනවා.

      Delete
    5. //මෛත්‍රීට අභියෝගයක් වන ක්‍රියාවලියකට මහින්ද යොමු වුණේ අද ඊයේ නෙමෙයි. ඒ නිසා මෙය සිදු වුණේ ඒ නිසා ය කියා පිළි ගන්නට බැහැ.

      අනෙක් පැත්තෙන් මෛත්‍රී නීතියට ගරු කරන්නේ නැති ය කියන එකත් අන්තවාදී ප්‍රකාශයක්.//
      wiplawawaadee mata yahapaalana gooth rasaya. Nedda para...

      Delete
    6. මෙ අපෙ දෙශයයි . සැම දෙනාම උරුමක්නාරයෙය ,මෙ රටට ඇයි එක් කණඩායමක් පමනක් ආදරය කරන්නේ.මෙය කාගෙවත් මවනගේ.පියකුගෙ දෙපලක් නොව පාට කණ්නාඩි ගලවා සතිය හෙලිකාරම ජනතා පැතුමයි.

      Delete
  2. හොරකම් කළ ජාතික ධනය නැවත සොයා ගත හැකි වේවිද?

    ReplyDelete
    Replies
    1. මේ විමර්ශන කරන පොලිසිය හා වෙනත් අංශ දිරි ගැන්විය යුතුයි. වැඩේ තියෙන්නේ දේශපාලකයන්ගේ අතේ නෙමෙයි, ඔවුන් අතේයි.

      Delete
    2. ඒක තිරාණය වෙන්නේ රාජපක්ෂලාගේ හැසිරීම අනුව. රාජපක්ෂලා කරන්න ඕන හොඳම වැඩේ දැන් සරෙන්ඩර් වෙන් එක. දේශපාලන වශයෙනුත් පෞද්ගලිකවත් කල යුතු වන්නේ ඒක. නැත්නම් පීඩනය තව තවත් දරුණු වෙයි.

      පැරා කියනවා වගේ මේවා ආයතන වල වැඩ නෙමෙයි. එහෙමනම් කොහොම්ද රාජිත දන්නේ හෙට අනිද්දා රාජපක්ෂලා දෙන්නෙක්ම සිරගත් වෙන බව.

      රාජිත කියන්නේ රාජපක්ෂලා වගේම බලවත් චරිතයක් දැන්.

      Delete
    3. /හොරකම් කළ ජාතික ධනය නැවත සොයා ගත හැකි වේවිද?/ පුළුවනි,ඊළඟ හොරාට.

      Delete
  3. කිසිම හොරකමක් නොකොට නමක් ගමක් නොදා පැරා විසින් ගන්නා ලද චායාරූපය පැරාගේම පිටුවේ පලකිරීම හොරකමක් නොවේ...

    ප ලි: හැම හොරකමක් ම පටන් ගන්නේ හීනියටය....

    ReplyDelete
    Replies
    1. Sa rasa තුමෝ,
      ඔබ ඊයේ කිව්වනේද දුෂණ කරලා තියනවනම් වහාම අත්අඩංගුවට ගන්න කියල ඔබ අභියෝග කරන බව ඔබ කිව්වනේද ? ඔන්න ඔබේ කොමෙන්ටුව මෛත්‍රී කියවල, ඔබ තමයි මේ අත්අඩංගුවට ගැනීමට වගකියන්න ඕනේ 

      Delete
    2. ඡායාරූපය අයිති කාට ද? එය ගත් කෙනාට මෙන් ම ඡායාරූපයෙහි සිටින අයටත්, පසුබිමේ සිටින අයටත්, පසුබිමේ තිබෙන වස්තුවලටත්, ඒවා එතැන තැබූ අයටත්, ඡායාරූපය ගන්නට ඉවහල් වූ හිරු එළියටත් සියල්ලට ම එය අයිති ය. එසේම, එය අපට පෙන්වන අන්තර්ජාලය ගොඩනැගීමට සම්බන්ධ වූ සියලු දෙනාටත් එහි අයිතිය තිබේ. මේවා තුළ තිබෙන පොදු අයිතිය අමතක කර එක් අයෙකුට පමණක් ස්තුති කිරීම ගැන මම එතරම් කරදර නොවෙමි. මා සමාජවාදියකු බව මතක තබා ගන්න. මා ඒවා භාවිතා කරන්නේ සමාජ යහපත පිණිසයි. ඒවායේ අයිතිකරුවන්ට සමාජ යහපත ගැන අදහසක් ඇති නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා ඔවුන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැත.

      අපගේ නිර්මාන සම්බන්ධයෙන් අප අනුගමනය කර තිබෙන්නේ ද එම ප්‍රතිපත්තියයි. උපුටා පළ කරනවා නම් එය ගත් තැන සඳහන් කරන්නැයි ඉල්ලා සිට තිබෙන්නේ වෙන හේතුවක් නිසා නොව අපට ප්‍රචාරය ලබා ගැනීමටයි.

      ඔබට හැකි නම් මට ඉහත සංකීර්ණ ගැටලුව විසඳා දී මා ස්තුති කළ යුතු අයගේ ලේඛනය සකසා දී මට උපකාර කරන්න.

      ගහකින් ගෙඩියක් කඩා ගැනීම වුව සොරකමක් ලෙස විග්‍රහ කරන්නට බැරිකමක් නැත. එහෙත්, මහජන මුදල් කොල්ලකෑම එසේ නො වේ.

      Delete
    3. මහජන මුදල් කොල්ලකාපු උන් කප්පරක් ඉදිද්දී මහින්ද පස්සේම පැන්නීම දේශපාලන පළිගැනීම මිස වෙන මොකක්ද මහත්තයෝ

      Delete
    4. පැරා................

      ඔය සරසා මේ මෝඩ කතාවම අපිටත් කිය කිය වරක් හිත හදාගත්තා.... රෙදි ගැලවුණාට පස්සේ අත්දෙකෙන් ලැජ්ජාව වහගන්න දගලන සරසා දන්නැති වුණාට උගේ අැගිලි කරු අතරින් මිරිකුණ ලැජ්ජාව රටටම පේනවා....... දැන් සරසා ප්‍රශ්ණ වලට උත්තර නොදී කමෙන්ට් මකන තැනටත් පත් වෙලා.......... මෙව්වාට හිනාවෙනවා අැර කුමක් කරම්ද??????? ඔය නාඩගං වලට උත්තර නොදෙන ඒකයි පැරා අයියේ යුතු............

      Delete
  4. ඥානසාර හාමුදුරුවෝ තමාම සිරගතකරගත්තේ මන්දැයි දැන් පැහැදිලියි. එහි අරමුණ රාජපක්‍ෂ පවුලේ කෙනෙක් සිරගත කල විට ඇතිවන ජනතා විරෝධය දෙකට බෙදීමයි.

    ReplyDelete
  5. දේශපාලන සහ රාජ්‍ය බලය ඇති පවුල්වල දරුවෝ වැරදි කරනවිට ඒවා නොවලක්වා දරුවනුත් තමුන් කරන හොරකමම සිදු කරනවිට නොදුටුවා සේ බලා සිටින දෙමවුපියන්ට මේ කදිම අවවාදයක්. ගමේ හොර පොල් කඩන මිනිහා තම දරුවන් හොර පොල් කඩන විට කම්මුල් පහරක් එල්ල කල ද, රාජ්‍ය නායකයා දරුවන් මහජන මුදල් මංකොල්ල කන විට සත්‍රී දුෂණ කරන විට, ක්‍රීඩකයන් මරා දමන විට ඒවාට ඉඩ දී බල සිටීම නිසා අද තම දරුවන් හිරේ විලංගු වැටෙනු බලා කදුළු සලයි.

    වැරදි කල විට දිනෙක දඩුවම් ලැබෙන බව මගේ දරුවන්ට පෙන්වීමට මෙය ඉතා හොද උදාහරණක් බැවින් මම නම් මේ ගැන සතුටු වෙමි.

    ReplyDelete
    Replies
    1. මේවයෙන් ඉගෙන ගන්න ඕන රාජපක්ෂලා නෙමෙයි.. සිරිසේනලා දහම්ලා.. රාජිත හා එයාගේ පුතාලා..

      Delete
    2. ඔව් හරියටම හරි. ඒ විතරක් නොවෙයි පවුලේ දේශපාලන බලය හෝ නිල බලය අතට අරගෙන වැරදි කරන පුතාල දුවලා හැමෝම මේවගෙන් ඉගෙන ගන්න ඕනේ.

      එහෙම බලයක් නැති අපි වගේ අපි වගේ කබ්බෝන්ගේ පුතාල දුවල ඉගෙන ගන්න ඕනේ, බලය ඇති එවුන්ගේ ළමයින්ටත් එහෙම වෙනවා නම් අපේ එවුන්ටත් වැරදි කලොත් දවසක ඔය ටික වෙන බව.

      Delete
    3. මම නම් ආසම මහින්දගේ කඳුළු බේරෙන ඇස් දෙකට සහ මූණ පුක වූ ශිරන්තිගේ මූනට...
      මුන් බලයේ ඉද්දි හැසිරුනේ උමතුවෙන්... මුන් දෙන්නටම අවම යුතුකමක් තිබුනා තමුන් මොන වරද කලත්
      තමන්ගේ තරුණ දරුවන් මෙවන් වැරදි වලින් වලක්වා ගන්න. ... අනිත් පියවරු , දරුවන් පවුල්වලට අහිමි
      කල සාපයෙන් ( යුද්ධය නිසා සිදු වූ ජීවිත හානි නොවේ ) මහින්ද සහ නඩයට කිසිදා ගැලවීමක් නොලැබෙනු ඇත ...
      මරණ මංචකයේදී පවා මොවුන් විඳවනු ඇත. මෙය ඇරඹුමක් පමණි .....

      Delete
  6. නෑ මං මේ කල්පනා කරේ පැරා අයියේ අපේ රටේ දේශපාලනඥයෝ මාර දුකක්නේ විදින්නේ ජනතාවට සේවය කරන්න. දැන් බලන්න කෝටි ගණන් වියදම් කරගෙන බලයට අැවිත් දුක් විදගෙන සේවය කරලා පැරදුනාම හිරේ විලංගුවෙත් වැටි වැටී තවත් දත කන්නේ ජනතාවට සේවය කරන්නමනේ................. අම්මපා මුන්ට මල් තියලා වදින්න ඒපැයි........

    ReplyDelete
  7. ඔබට දරුවෙක් ඉන්නවානම් හිතා බලන්න. දරුවන්ට ඇත්තටම ආදරය කරන පියවරු ඔවුන්ට හොර සුදුසුකම් දෙන්න යන්නේ නැහැ, ඔවුන් මිනී මරුවන් කරන්නේ නැහැ. මේ පුද්ගලයා කිසිම මානව හැඟීමක් ඇති පුද්ගලයෙකු නෙමෙයි. චිත්‍රපටි රංගනයත් දන්නා ඔහුට මේවා ග්ලිසරීන් ඉහ ගත් කඳුලු වෙන්න ඉඩ බොහොම වැඩියි.

    ReplyDelete
  8. මගේ හොරකමකට මගේ පුතාව රිමාන්ඩ් කළොත් මාත් අඬනවා.
    පුතා කළ හොරකමකට ඌව රිමාන්ඩ් කළොත් මං අඬන්නේ නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා