අප ඉන්දියාව සමග එක්ව යා යුත්තේ ඇයි?

ඉන්දියාව සමග අත්සන් කරන්නට යන බව කියන ආර්ථික, වෙළඳ ගිවිසුම්වලට විරුද්ධ වීම තමයි මේ දවස්වල මෝස්තරය. 

විශේෂයෙන් ම වාමාංශිකයන් වුණා ම එයට අනිවාර්යයෙන් ම විරුද්ධ විය යුතුයි වගේ අදහසක් තිබෙනවා. ඒ අදහස එන්නේ දෙමළ විරෝධයේ සිට ජවිපෙ ඉන්දියානු ව්‍යාප්තවාදය පංතිය දක්වා වාමාංශික ව්‍යාපාරය ආසාදනය කර තිබෙන විවිධ ආකාරයේ ජාතිවාදී විෂබීජවල බලපෑමෙන් බව පැහැදිලියි. 

පසුගිය දිනවල නිර්මාල් රංජිත් සහෝදරයා මේ පිළිබඳව ෆේස්බුක්හි දැක්වූ අදහසක් මා ප්‍රශ්න කළ විට ඇති වූ සංවාදය මෙසේයි: 

Ajith Perakum Jayasinghe ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත.
Nirmal Dewasiri මීට විරුද්ධ වීමට ආර්ථික ජාතිකවාදියකු වීම අවශ්‍යයැයි මම නොසිතමි. දැනට මගේ අවබෝධයට අනුව මේ හරයා ලංකාවට ආර්ථික වශයෙන් වාසි අත්වීමට ඇති ඉඩ අවමය. අජිත්ගේ ප්‍රෙව්ශය මා සිතන්නේ නම් ආර්ථික අරාජකවාදයක් ලෙසිනි. කෙසේ වෙතත් මේ පිළිබදව විස්තරාත්මකව සාකච්ඡා කිරීම අවශ්‍ය වේ.
Ajith Perakum Jayasinghe මාක්ස්වාදියකු වන ඔබ ‘ලංකාවට ආර්ථික වශයෙන් වාසි අත් වීම‘ යන යෙදුම ගැන නැවත සලකා බැලිය යුතු ය. මෙය දිගු කාලීනව කම්කරු පංතියට වාසිදායක ද නැද්ද යන්න සලකා බැලීම වඩා යුක්තියුක්ත ය.
Nirmal Dewasiri මා මාක්ස්වාදියකු වීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
Nirmal Dewasiri උතුරේ ඉන්දියානු ධීවර ප්‍රශ්නය පිළිබද 'මාක්ස්වාදියකු' ලෙස මා කුමන ස්ථාවරයක් ගත යුතුයැයි ඔබ සිතන්නේද?
Prabashwara Liyanghe මාක්ස්වාදියකු like emoticon
Ajith Perakum Jayasinghe ඔබ මාක්ස්වාදියකු නො වේ නම්, කලබල විය යුතු නැත.
Nirmal Dewasiri මා එසේ කියා නැත. මට ඇති ප්‍රශ්නය වන්නේ මාක්ස්වාදියෙක් වීම හෝ නොවීම මෙහිදී අදාළ වන්නේ කෙසේද යන්නයි.
චාමර කරුණාරත්න ඈ පකෝ නර්ස් ලා මෙහෙට ඉන්දියාවෙන් ගෙන්නමුද? එතකොට උඹේ ගෑණිට රස්සාව නැති වෙන එක හරි හාමුදුරුවොත් එක්ක පඩි වැඩි කරගන්න බැරි වෙනකොට උඹ මොකද කියන්නේ.දැන් නම් උඹට ඒත් ගාණක් නැහැ ඒ ඉස්සරනේ උඹ් නර්ස් ලා වෙනුවෙන් විතරක් කෑ ගැහුවෙ.දැන් ඉතින් සිරිකොතෙන් කුට්ටිය ...See More
Ajith Perakum Jayasinghe Nirmal Dewasiri කාරණය ඒක නම්, මාක්ස්වාදීන්ට ලංකාව නම් භෞමික හෝ දේශපාලන ඒකකය ගැන ඔය තරම් තිබෙන කැක්කුම කුමක් ද?
Nirmal Dewasiri එය භෞමික ඒකකය පිළිබද ප්‍රශ්නයක් නොව ඒ තුළ ජීවත්වන ජනයා පිළිබද ප්‍රශ්නයකි.
Ajith Perakum Jayasinghe මාක්ස්වාදියාට වැදගත් විය යුත්තේ ලෝකයේ ජීවත් වන මිනිසුන් හා ඒ අතරින් විශේෂයෙන් ම කම්කරුවන් මිස ලංකාවේ අය නො විය යුතු ය.
Nirmal Dewasiri Ajith මෙය නම් මාක්ස්වාදය ගැන ඉතාම පටු විවේචනයකි.
Ajith Perakum Jayasinghe නිර්මාල්, මේකට මම නම් සහයෝගය දෙන්නේ මේක දේශපාලන ප්‍ර‍ජාවන් පුළුල් අයුරින් ප්‍ර‍තිසංවිධානය වීමේ ක්‍රියාවලිය තුළ සිදු වන දෙයක් නිසායි. එහෙම නෙමෙයි කියලා තර්ක කරන්න පුළුවන්. ඒත්, පුළුල් ඉතිහාසය අරගෙන බැලුවොත්, මම නම් හිතන්නේ දේශපාලන ප්‍ර‍ජාවන් පුළුල් වීම මේ විදියට තමයි වෙලා තිබෙන්නේ. ඒක ප්‍ර‍චණ්ඩ වෙන්න පුළුවන්. ඉතිහාසය එහෙම තමයි.
Prabashwara Liyanghe Ajithge kamkaruwa Nirmal.

නිර්මාල්ගේ මූලික අදහස වුණේ මෙයයි:
අත්සන් කිරීමට සූදානම්වන "සීපා" ගිවිසුම ලංකාවට බෙහෙවින් අහිතකර එකක් වීම නොවැලැක්විය හැකිය. විශේෂයෙන් ඉන්දියානු ශ්‍රම වෙළදපොළ සමග තරග කිරීමට ලංකාවේ ශ්‍රම වෙළදපොළට නොහැකි තත්වයක් තුළ මේ ගිවිසුම ලංකාවේ ආර්ථිකය කෙරේ මරණීය බලපෑමක් කිරීමට ඇති ඉඩකඩ විශාලය. මේ ගිවිසුමට රාජපක්ෂ හිතවාදී කදවුර මාරාන්තික ලෙස විරුද්ධය. ඔවුන්ගේ එක තර්කයක් වන්නේ මේ ආණ්ඩුව මේ ගිවිසුමට අත්සන් කරන්නේ ආණ්ඩුවේ ඇති ඉන්දීය ගැතිබව නිසා බවයි. කෙසේ වෙතත් විමල් වීරවංශලාගේ වෙබ් අඩවියේ පලවන මේ ප්‍රවෘත්තිය මගින් මේ "ඉන්දියානු ගැති" ආණ්ඩු ප්‍රතිපත්ති පිළිබද අර්ථකතනය ප්‍රශ්න කෙරේ. මේ ප්‍රවෘත්තියට අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉන්දියානු මෝටර් රථවල ලංකාවේ වෙළද පොළට අහිතකර එකක් වී ඇත.

මේ අදහස ඔහු පළ කළේ විමල් වීරවංශගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළ වූ මෙන්න මේ පුවත බෙදා හදා ගනිමිනුයි. 

කාර් හීනය දියවේ.. මරුටි ලියාපදිංචියත් 31% කින් බහී..


එය අද දෙරණ වෙබ් අඩවියෙන් කොපි කර ගත් එකකි. 

මෙවැනි කාරණාවලදී වාමාංශිකයන් ජාතිවාදීන් හා ජාතික ධනවාදීන් ආදී සියලු බලවේග කදිමට මුසු වන ආකාරයට මෙම සිද්ධිය කදිම නිදසුනකි.

පෙරටුගාමී සමාජවාදියකු ලෙස පෙනී සිටින ව්‍යාජ ෆේස්බුක් ප්‍රොෆයිල්කාරයකු මගේ අදහසට ප්‍රතිචාර දැක්වූයේ සාමාන්‍යයෙන් ජාතිවාදීන් භාවිතා කරන ද්වේෂය පිරි, තර්ජනාත්මක වචනවලිනි. 


චාමර කරුණාරත්න ඈ පකෝ නර්ස් ලා මෙහෙට ඉන්දියාවෙන් ගෙන්නමුද? එතකොට උඹේ ගෑණිට රස්සාව නැති වෙන එක හරි හාමුදුරුවොත් එක්ක පඩි වැඩි කරගන්න බැරි වෙනකොට උඹ මොකද කියන්නේ.දැන් නම් උඹට ඒත් ගාණක් නැහැ ඒ ඉස්සරනේ උඹ් නර්ස් ලා වෙනුවෙන් විතරක් කෑ ගැහුවෙ.දැන් ඉතින් සිරිකොතෙන් කුට්ටිය හම්බ වෙනවා නේ.පකෝ දැන් උඹ් මේක තේරුම් කරපන් මේ ධනවාදයේ අර්බුධය.ඉන්දියාව උන්ගේ ශ්‍රම අතිරික්තය මෙහෙට දාන්න හදනවා.එතකොට මෙහෙත් ශ්‍රම අතිරික්තයක් එනවා.දැන් අපි දෙගොල්ලො එකතු වෙලා විප්ලව කරපන් උඹ රනිල් ට පුක දීදි ගාණ කපාගන්න කියලද උඹ කියන්නේ.මතක තියා ගනින් කඩාගෙන වැටෙනකොට ඔක්කොම එකට වැටෙන්නේ.තොගේ දරුවො දෙන්නගේ අනාගතේ ගැනවත් හිතපන් දැන් සිරිකොතෙන් එන කුට්ටියට පෙරේත නොවී කැරියා.

ඔහු මෙතරම් වියරු වට්ටන මගේ අදහස මෙයයි: ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත.
 

ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ගිවිසුම්වල ඇත්තේ නරක පමණක් නො වේ. එහි හොඳ ද තිබේ. හොඳ දක්වන අය හොඳ පමණක් පෙන්වා දෙති. නරක දකින අය පෙන්වා දෙන්නේ නරක ම පමණි. මේ පිළිබඳ පැහැදිලි අදහසක් පළ කළ හැක්කේ හැඟීම්බර කතාවලින් නො වේ. විද්‍යාත්මක අධ්‍යයනයකින් පමණි. කිසිවෙක් එවැන්නක් කරන්නේ නැත. ඉන්දියාවේ රස්සාවලට ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව ගැන පුවත් හොය හොයා නැවත පළ කිරීම ඊට වඩා පහසු ය.

මගේ මූලික අදහස මෙයයි. ඉතිහාසය ඉදිරියට යන්නේ රට රටවල්, ජාතීන් හා සමාජයන් අතර ආර්ථික, දේශපාලන, සමාජ සම්බන්ධතා ශක්තිමත් වෙමින් ය. එසේ ශක්තිමත් වන විට මිනිසුන්ගේ දේශපාලන ප්‍රජාවන් ද පුළුල් වේ. නිදසුනක් ලෙස පසුගිය සියවසේ මුල වන විට සිටි සිංහල භාෂාව කතා කරන උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී දේශපාලන ප්‍රජාවන් දැන් වඩා පුළුල් සිංහල දේශපාලන ප්‍රජාවක සංවිධානගත වී සිටිති. යුරෝපා සංගමය තුළ යුරෝපා ප්‍රජාවක් ගොඩනැගෙමින් ඇත.

කොමියුනිස්ට්වාදීන්ගේ පරමාදර්ශී ලෝක කොමියුනිස්ට් සමාජය බිහි වන්නේ ද මෙසේ දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමෙනි. ඔවුන් මූලධාර්මිකව ජාතිවාදයට විරුද්ධ වන්නේ ඒ නිසා ය. එහෙත්, දේශපාලන ප්‍රජාවන් පුළුල් කර ගන්නට අප සමාජවාදී විප්ලවය සිදු වන තෙක් බලා සිටිය යුතු නැත. මාක්ස්වාදීන් ජාතිවාදයේ වෙළෙමින් එසේ බලා සිටියදී පවා ඉතිහාසය ඉදිරියට යන්නේ ය. 

ඉතිහාසය හැම විට ම සාමකාමී වී නැත. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රචණ්ඩ වී තිබේ. උදාහරණයක් ලෙස අවසන් ඊලාම් යුද්ධය සලකන්න. කොටි සංවිධානය හා රජය සාම සාකච්ඡා වෙනුවට යුද්ධය තෝරා ගත් හ. කෙතරම් නරක දෙයක් වුවත්, ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ මෑත ඉතිහාසයේ වැදගත් ම සුසමාදර්ශීය වෙනස ඇති වුණේ එකී ප්‍රචණ්ඩ ක්‍රියාවලිය නිසා ය. ඉතිහාසයෙන් මෙවැනි නිදසුන් ඕනෑ තරම් සොයා ගත හැකි ය. 

මා කියන්නේ සරළ දෙයකි. අප ලෝකය සමග සම්බන්ධ විය යුතු ය. ඒ සඳහා මුලින් ම ඉන්දියාව සමග සම්බන්ධ විය යුතු ය. (ලංකාවේ ජාතික සංහිඳියාව ද මෙතැනදී අදාළ ය) සාකච්ඡා කළ යුතුව තිබෙන්නේ එම ප්‍රතිව්‍යූහගත වීම ප්‍රචණ්ඩ නො වන ආකාරයෙන් හා අවම හානි සිදු වන ආකාරයෙන් කර ගැනීම පිළිබඳව ය. දෙපැත්තෙහි ම ඇතැම් කොටස් මෙමගින් තාවකාලික පීඩාවන්ට ලක් වෙති. එහෙත්, ලංකාවේ ජනතාව ඉතිහාසයක් පුරා සිය ආර්ථික ප්‍ර‍ත්‍යාස්ථිතිය පෙන්වා තිබේ. ඔවුන් කාලයත් සමග පහසුවෙන් නව තත්වයන්ට හැඩගැසෙති. 

නිදසුනක් ලෙස කණ්ඩලම හෝටලය ඉදි කරන්නට යද්දී එයට එරෙහිව වාමාංශිකයන්ගේ හා සිවිල් සමාජයේ මූලිකත්වයෙන් දැවැන්ත අරගලයක් සිදු විය. එහෙත්, දැන් එදා විරෝධය පළ කළ වාමාංශිකයෝත් දැන් නව තත්වයට හැඩගැසී ඇත. 

ලොකු රටක් නිසා අප ඉන්දියාවට බිය විය යුතු නැත.

ඉන්දියාවේ ජාතිවාදී ප්‍රවණතා මෙල්ල කර ගැනීමේ දේශපාලන ප්‍රගතිශීලිත්වය ගොඩනගා ගත යුත්තේ අප විසිනි. අප බොහෝ කාරණාවලදී ඉන්දියාවට ඉදිරියෙන් සිටින බව අප අමතක නො කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ ආර්ථිකය, ඉන්දියාවේ ආර්ථිකය සමඟ අනිවාර්යයෙන් ම බද්ධ කළ යුතු යි. නැතිනම් ලංකාවට 2030 දී වත් ගොඩ යෑමක් නොමැත. කුඩා දූපතකට කිසිදා තනිවම දියුණු විය නොහැක.

    ReplyDelete
  2. ඉක්ටා ගිවිසුම ඉතා හොඳය....
    බොහෝ ලස්සන ඉටිකිරිස් හින්දි කෑල්ලක් හවුඩ් මේඩ් කෙනෙකු ලෙස ගැනීමට අදහස් කර සිටිමි....

    එහෙම බැරිනම් IT හාමිනේ කෙනෙක් ලෙස වත්...

    කෙල්ල උඩ පැනගෙන හින්දි ඩාන්ස් දානකොට කාටද ආඩම්බර පැරා?

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එවුන්ට වෙන රටකට ගිහිල්ලා ජොබ් කරන්න හොඳ නම්, වෙන රටක එවුන් මෙහේ ඇවිල්ලා ජොබ් කරන එකේ වැරැද්ද මොකද්ද?

      Sa rasa, කුහකයෙක් වෙන්න එපා, තේරුණාද?

      Delete
    2. සරස නියම තැනට ඇනේ ගහලා, ඕක තමා පොයින්ට් එක, හමේ පාට සහ සාපේක්‍සව ලස්සන භාෂාව. ඉන්දියන් කාරයෝ ගැන අප නොදන්නා ජෙලස් එකක් අපේ ඇතුලේ තියේ, මට එහෙම එකක් තියේ සහ උන් සමඟ කොක්ක දාගෙන තියේ. ඉන්දියන් කාරයෝ කීවාම මතක් වෙන්නේ උතුරේ උන් මිසක් තමිල්නාඩුව නෙවෙයිනේ, ඒත් ඉන්දියන් අයි ටී කාරයෝ නම් වැඩිහරිය දකුණේ උන්ය.

      දෙක තමයි, ඈත ඉන්න සුද්දට සෙකන්ඩ් වුනත්, අසල්වැසියට සෙකන්ඩ් වෙන්නේ කොහොමද? උන් ඇවිත් අපේ මොඩ් කෑලි ...

      Delete
    3. // AnonymousJanuary 28, 2016 at 11:55 AM
      උඹ වගේ එවුන්ට වෙන රටකට ගිහිල්ලා ජොබ් කරන්න හොඳ නම්, වෙන රටක එවුන් මෙහේ ඇවිල්ලා ජොබ් කරන එකේ වැරැද්ද මොකද්ද?

      Sa rasa, කුහකයෙක් වෙන්න එපා, තේරුණාද? //

      ස ර ස තුමා ලියා තියෙන්නේ "ඉක්ටා ගිවිසුම ඉතා හොඳය...." කියා ය.

      "ඇන්ගොනෝ" : ස ර ස තුමා ඉක්ටා ගිවිසුමට පක්සපාතී ය. ඔහේ සින්හල කියවන්න දන්නේ නැතෙයි?

      Delete
    4. ඉක්ටා ගිවිසුම ගැහුවාම ඉටිකිරිස් හින්දි කෑල්ලක් සේවයට ගැනීමට ස ර ස තුමා අදහස් කිරීම ගැන ඊරිස්යා වී ස ර ස තුමා කුහකයෙක් යැයි අභූත චෝදනා කල ඇනෝ තුමා ට ස ර ස තුමා ගේ බලවත් සෝකය!

      Delete
    5. Read this. You can see the harm.

      http://www.gmoa.lk/index.php/members/current-issues/comprehensive-economic-partnership-agreement-cepa-2/

      Delete
  3. The NGO that pays you should be getting a fair share of INR(Indian Rupees) too. Otherwise, no reasonable explanation can be given about your argument.

    ReplyDelete
    Replies
    1. People like you queue up already in the small hours in the morning at the gates of western embassies in Colombo, while those visa officers who would interview are still in their beds. Then you emigrate to those countries and rob the jobs of the citizens of those countries because you people servilely agree to work for a pittance. Frustration overtakes you after a while, and in order to get a mental self kickback, you people turn to your computers just to enjoy some distressing news from Sri Lanka. This makes you think how better off you people are than your miserable compatriots (but worse off than the original inhabitants of your countries of residence). At this point you people become self-appointed development advisers to Sri Lanka.
      FACT: We will manage our affairs; We don't need your advice (and also comments).

      Delete
    2. The FACT is NGOs rule Sri Lanka today. That FACT connects to another fact: those NGOs belong to the White Christian Western Imperialists, the Indian Expansionists and the Eelamists.

      Delete
    3. @ Anonymous January 28, 2016 at 1:05 PM ---

      (1) Christianity is a very good religion. It brought millions and millions out of poverty in Europe and North America, and is in the process of doing same in South America (where the goal is now at sight) and Africa.

      (2) Western imperialism is also a very good. It introduced civilisation to the country where your ancestors lived and taught you to read and write English.

      (3) Indian expansionism is the best what Sri Lanka can enjoy. It transports a few million Sri Lankans daily to and from their workplaces, factories, produce markets, etc (Ashok Leyland) and transports the feeble, housewives, school children (Bajaj). Indian expansionism also offers an ambulance service right throughout the island (Bajaj), especially those who meet with road accidents. Indian expansionism also elevates the lower middle class a step upwards (Maruti). Indian expansionism also provides food to all Sri Lankans, including you (dahl, sugar, coriander, gram, dried fish, garlic, etc).

      (4) Eelamists have given you the opportunity to raise your blood pressure, therby ensuring an early death for you.

      (5) NGOs rule Sri Lanka today because they were democratically elected by the citizens of the country. It's the choice of the majority of the people of Sri Lanka. There is nothing you can do about it.

      Delete
    4. It seems an NGO dollar Kakka has got a bit of upset!

      Delete
    5. LOL... If not for Western Imperialism people like Anonymous (January 28 @ 7:06 PM) would still be wearing loin clothes like Indian fakirs.

      Delete
    6. It seems this NGO dollar Kakka is one of the best among ass- lickers of the White Imperialist dogs. These Para Kalu Suddas' ancestors' very survival was dependent on how harder they licked the asses of their masters. Their decedents will go on licking the asses of their White masters. The cleaner the ass-hole of the Para Suddas become , the greater the happiness of the Kalu Suddas are! What we see these days is the very happiness of the Kalu Suddas who are fast cleaning the ass-holes of Para Suddas!

      Delete
  4. /* විශේෂයෙන් ම වාමාංශිකයන් වුණා ම එයට අනිවාර්යයෙන් ම විරුද්ධ විය යුතුයි වගේ අදහසක් තිබෙනවා. */

    මේ කියන්නේ ජවිපෙ වැනි කොටස් ගැන නේද?
    එදා ඉන්දියානු දෙමළ කම්කරු ප්‍රශ්නයේ දී එවකට සිටි මාක්ස්වාදීන් නම් දැරුවේ මෙවැනි අදහසක් නොව ලෝක කම්කරු පන්තියයි, ලෝක සමාජවාදයයි!

    ReplyDelete
  5. ECTA ගිවිසුමට විරුද්ධව කතා කරන අයගේ ප්‍රධාන තර්ක අරන් බලමුකො.. මේවා බොහොමයක් හිතලු මත පදනම්වූ ඒවා...

    1. මේ ගිවිසුමෙන් පස්සේ ඔනෑම ඉන්දියානුවෙකුට ඔනෑම වෙලාවක ඇවිත් ඔනෑ විදිහට අයි.ටී ව්‍යාපාරයක් පටනරගෙන ඔනෑ තරමක් ඉන්දියානුවන් තමන් යටතේ වැඩකරන්න රටට ගෙන්වාගන්න පුලුවන්ය කීම..
    මේක බොරුවක්.. ECTA හරහා ගෙන්වාගත හැක්කේ ලංකාවේ විශාල ආයෝජන සිදුකරන, ලාංකිකයින්ට රැකියා දෙන සමාගම්වලට ඉහල මට්ටමේ IT professionals පමනයි.. entry level programmers ගෙන්නගන්න බෑ

    2. ඉන්දියාවෙ ලංකාවට වඩා ඉතා අඩුවට වැඩ කරන්න ලෑස්ති අයිටී වෘතීකයින් ලංකාවට ඇවිත් පදිංචි වෙතියි කීම.. (විමල් වීරවන්ස මේ ලගදි කිව්ව ලංකාවේ කෙනෙක් 125,000 කරන වැඩේ ඉන්දියානුවන් 25,000 කරයි කියල )
    - මේක කරුනු නොදැන කියන කතාවක්.. ඉන්දියාවේ ඔය හිතෙන විදිහට අඩු පඩියට ලංකාවට ඇවිත් වැඩ කරන්න IT කාරයෝ නෑ.. ඉන්දියාවේ IT jobs අතිරික්තයක් තිබෙනවා..
    (http://www.firstpost.com/business/symantecs-cheri-mcguire-on-discussions-with-indian-government-on-cyber-security-2482958.html)

    අනික් අතට ලංකාවේ රුපියල ඉන්දීය රුපියලට වඩා බාල්දුයි.. ලංකාවේ ජීවන වියදම ඉන්දියාවට වඩා 40% පමන වැඩියි.. ඉන්දියානුවෙක් ලංකාවේ රු.25000 වැඩ කලොත් ඒක ඉන්දීය රු. 11000 පමන මුදලක්.. චෙන්නායි වල ත්‍රීවීල් එකක් පදින කෙනෙක් මාසෙකට ඊට වඩා හොයනවා..
    ඉන්දියාවේ ඇල්ටෝ එකක් ඉන්දියන් රු. 240,000 (LKR 500,000 විතර ), ලංකාවේ ලක්ෂ 15 වැඩියි.. ඉන්දියන් කාරයින්ට තමන්ගේ රටේ හදන වාහනේම ඊට වගේ තුන් ගුනයක් මිල රටක පදිංචි වෙන්න මොලේ අමාරුවක් තියෙන්න ඔනෙ..

    3. ඉන්දියාවේ ලංකාවට වඩා IT standards නැතිය විෂ්වවිද්‍යාල වල උපාධි කොලිටි මදිය කියන කතාව..
    -මේක අර ලංකාවේ මිනිස්සු අතර තියෙන "අපේ මෙව්ව එක තමා ලෝකෙ සිරාම එක" ක්යන මෝඩ මතයෙම තවත් එක්ස්ටෙන්ෂන් එකක්.. ඉන්දියාවෙ IT professionals කොලිටි අඩුනම් ඇමරිකාවෙන් පිට වැඩිම Multi national IT companies තියෙන නගරය බැන්ගලෝර් වෙන්නෙ කොහොමද?
    ගූගල්, මයික්‍රසොෆ්ට් ඉදන් Boeing, airbus වෙනකම් සමාගම් ඉන්දියාවේ branches අරබන්නෙ ඇයි?
    අනික මේ ගිවිසුම reciprocal agreement එකක්.. මේකෙන් ලංකිකයින්ටත් ඉන්දියාවේ රැකියා අවස්ථා ලැබෙනවා... ඉන්දියානුවන්ගෙ අඩුනම් අපිට ඉන්දියාවේ branches අරඹා ඇති fortune 500 companies වලින් වැඩියෙන් රැකියා අවස්තා ලැබෙයි..

    ReplyDelete
    Replies
    1. ඕක තමයි මම කිව්වේ ලංකාවේ ආර්ථිකය, ඉන්දියාවේ ආර්ථිකය සමඟ අනිවාර්යයෙන් ම බද්ධ විය යුතු යි; කුඩා දූපතකට කිසිම කාලෙක තනියම දියුණු වෙන්න බෑ කියලා.

      Delete
    2. "ECTA හරහා ගෙන්වාගත හැක්කේ ලංකාවේ විශාල ආයෝජන සිදුකරන, ලාංකිකයින්ට රැකියා දෙන සමාගම්වලට ඉහල මට්ටමේ IT professionals පමනයි.. entry level programmers ගෙන්නගන්න බෑ " මහත්තයො. සිංහලෙන් තේරුම් කරලා දෙනවද ගිවිසුමේ තියෙන "Free movement of people " කියන එක

      Delete
  6. ඉන්දියානු-ලංකා ආර්ථික ගිවිසුමෙන් ලංකාවට හෝ ඉන්දියාවට අවාසියක් සිදු වෙතොත් එසේ වෙන්නේ භාණ්ඩ හා සේවා වෙළද පොළ මුළුමනින් ම විවෘත නොකර තෝරාගත් අංශ, අසමාන ආකාරයට විවෘත කිරීමෙනුයි.

    නිසි වෙළඳ ගිවිසුමකින් වෙන්නේ රටවල් දෙකටම තමන්ට competitive advantage ඇති සේවා සහ නිෂ්පාදනවල විශේෂඥයින් වෙමින් දෙරටේම ආර්ථිකය පුළුල්කර ගැනීමට හැකි වීමයි.

    ReplyDelete
  7. මේ ගිවිසුමට විරුද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම සමන්ත කුමාරසිංහ වැනි ව්‍යාපාරික හොරු...

    ReplyDelete
  8. ඉතිහාසය කෙසේ වුනත් පැරා ඩාවින්ගේ survival of fittest තියරියට අනුවවත් ලංකාවට ඉන්දියාවෙන් බේරෙන්න පුලුවන් වෙයිද?

    ReplyDelete
    Replies
    1. පළමු ක්ෂිරපාය්යා ඩයනෝසර් යුගයේ සිටි බොහොම පුංචි සතෙකු යැයි කියවේ. උගේ ආහාරය ඩයිනෝසර් බිත්තර ලූ (වැරදිදි මන්ද - ප්‍රා, ප්‍රා, ‍ලඟ පාතක ඉන්නව ද?

      Delete
  9. මොනවා කරන්නද ? ඇත්ත හැමතිස්සෙම ජනප්‍රිය නැහැ. අපිට දියුණු වීමට නම් ඉන්දියාව සමග සහයෝගීතාවය ඇතිකර ගැනීම අත්‍යවශ්‍යයි. තාක්ෂණය කොතරම් දියුණු වුනත් භෞතික දුර කියන සාධකය තවමත් ගොඩක් වැදගත්.

    ReplyDelete
  10. පරා,
    අගනා කියමනකි.
    අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත.

    රන්ජිත්.

    ReplyDelete
  11. මම මේ ගිවිසුම කියවා නෑ, දෙපැත්තේ උන් කියන කතා විතරයි අහල තියෙන්නේ. උන් ඔක්කොම කියන්නේ උන්ගේ කන්නාඩි වලින්. නමුත් මගේ තියන "හුඹස් " බිය, ඉන්දියානුවන් ඇයි මේක කරන්නේ කියන එකයි, ඔවුන්ගේ දැවැන්ත ආර්ථිකයත් එක්ක (දැනට ලෝකයේ නැගී එන ආර්ථිකය ලෙස සලකයි) ඔවුන්ට මේ බිජ්ජ අස්සේ කරන්න තියෙන්නේ මොකක්ද කියන එකයි. ඔවුන්ගේ ශක්තිමත් නිලධාරී තන්ත්‍රය කවදාවත් අපි වගේ රටවල් එක්ක win-win agreement එකකට එයි කියල හිතන්න බෑ.

    කාට හරි කියන්න පුලුවන්ද කලින් තිබ්බ ගිවිසුමේ (SAPTA ??) දෙරටේ ආනයන බදු සහන ලැබූ භාණ්ඩ ලැයිස්තුව? සහ ඇත්තටම අපිට ඉන්දියානු වෙළඳ පොලට එම භාණ්ඩ export කරන්න පුලුවන් උනාද එහි තියන මිලට/ඉල්ලුමට? එතකොට පෙනෙයි උන් එවන ඒවා කොහොමත් අපි import කරන දේ උවත් අපිට බදු සහන දුන්න භාණ්ඩ වලට එහෙ තරඟ කරන්න බැරි බව. ඒ කියන්නේ අන්තිමට one-way agreement එකක්.

    -ප.ගෝ

    (පැරා, අදත් මහින්ද පොඩි ගානක් දුන්න කොමෙන්ට් එකක් දාන්න කියල, දුන්න ගානේ හැටියට ඔච්චර තමයි කොටන්න පුළුවන්)

    ReplyDelete
  12. දේශසීමා නොතකමින් සීමා දැමිමකින් තොරව ප්‍රග්ධනය සංසරණය වන බැවින් ශ්‍රමය සදහාද සංක්‍රමණය වීමට ඇති සියලුම සිමාවන් ඉවත් කිරීම වෙනුවෙන් සියලුම ශ්‍රමිකයින් පෙළගැස්විය යුතුය. ප්‍රශ්නය තිබෙන්නේ දැනට තිබෙන බොහෝ සමාජ ව්‍යාපාරයන් ඒ වෙනුවෙන් පෙනි නොසිටිමය. සමාජ ව්‍යාපාරයන් ලංකීය ශ්‍රමිකයා ඉන්දීය ශ්‍රමිකයාගෙන් හෝ යුරෝපිය ශ්‍රමිකයාගෙන් වෙන්කර තමන්ගේ ලෙස සැලකීම මේ සදහා බලපාන එක් හේතුවක්ය.

    එහෙත් මෙම ලිපිය තුල පැරකුම් වාමාංශිකයින් ඉන්දීය ශ්‍රමිකයින් වෙනුවෙන්ද පෙනි සිටිය යුතුයැයි කියන්නේ ජාත්‍යාන්තරවාදයක් වෙනුවෙන් වන අවශ්‍යතාවයකට නොව මෙම ආණ්ඩුවේ ව්‍යාපෘතිය ආරක්ෂා කිරීම උදෙසාය රනිල් මෛත්‍රී යහපාලන නඩයට රෙදි නැතුව කඩේ යාමට නොහැකි බැවින් විලිවසා ගැනීමටය.

    එලෙසනම් අප ආණ්ඩුවට බලපෑම් කල යුත්තේ රටවල් සමග ගිවිසුම් ඇතිකර සීමාවන් යෙදිමකින් තොරව සියලුම ශ්‍රමිකයින්ට විදේශ රටවලට යෑමටත් විදේශ රටවල සිටින සියලුම ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණිමටත් අවස්ථාව ලබාදිය යුතු බවටය. එමෙන්ම ඒ වෙනුවෙන් වන පළමු පියවරක් ලෙස විසා ලබා ගැනීමකින් තොරව ඕනෑම අයෙකුට ලංකාවට පැමිණිමට අවස්ථාව ලබාදිය යුතුය.

    ඉන්දු ලංකා ගිවිසුම කුමක්ද යන්න පිලිබදව දන්නේ නැතුව එය පිලිබදව අදහස් ඉදිරිපත් කිරීම සහ එහි බලපෑම පිලිබදව සාකච්ජා කිරීමට නොහැකිය. දැනට ප්‍රකාශකර ඇති පරිදි IT සේවය විවෘත කිරීම මගින් ලංකාවේ IT වෘත්තිකයින්ට වන බලපෑම ධනාත්මක වනු ඇතැයි මම විශ්වාස කරමි. සාමාන්‍යෙයන් සිදුවනුයේ ශ්‍රමියයින්ගේ ශ්‍රමය ප්‍රාග්ධනය වර්ධනය කර ගැනීම සදහා භාවිතාවීමය. එය ඉන්දියානු ශ්‍රමිකයාගෙන් වුවද, ලාංකීය ශ්‍රමිකයාගෙන් වුවද සිදුවන්නේ එකම ක්‍රියාවලියය. ඉන්දීය ශ්‍රමිකයින්ට අවස්ථාව ලබාදීමත් සමග ලංකාවතුල වන ප්‍රග්ධන ආයෝජනයන් වැඩිවනු ඇතැයි විශ්වාස කල හැකිය.

    මෙය අප තේරුම් ගත යුත්තේ ප්‍රග්ධනය යෙදවිමේදිවන සීමාවන් ලිහිල් කර ගැනීම සදහා වන මෙම ආර්ථික ක්‍රමයේම දිගුවක් ලෙස පමණය. පවතින ආර්ථික ක්‍රමය විසින් දිගින් දිගටම ශ්‍රමිකයාගේ ශ්‍රමය හැකි උපරිමයෙන් භාවිතා කරමින් තමන්ගේ ගොඩ වැඩිකර ගනිමින් සිටින අතර දිගින් දිගටම ශ්‍රමිකයන්ට වන පිඩනය වැඩි කරයි.

    ඉන්දු ලංකා ගිවිසුම පැමිණියද නැති වුවද ආර්ථික ක්‍රියාවලියෙන් අපට වන පිඩාව මෙම ක්‍රමය වෙනස් කිරීමකින් තොරව අඩුකල නොහැකිය.

    ReplyDelete
  13. පැරා,

    මේකේ හොදයි නරකයි කියන දෙකම තියනවා, ප්‍රශ්නය තොරතුරු තාක්ෂනය ගැන වසර 20ක ට වැඩි දීර්ග. අත්දැකීම් ඇති ඉන්දියාව ගනුදෙනු කරන්න යන්නේ ඩිජිටල් කියන වචනයවත් නොදන්නා අමතිකෙනෙකු සිටින ශ්‍රී ලංකාව සමගයි.
    ඉන්දියාව මෙහිදී අල්ලස් ලෙස කොටි ගණනක් ශ්‍රී ලංකාවේ දෙසපලන්යයනට ගෙවීමට සුදානම් වනු ඇති, මෙයින් ශ්‍රී ලාංකිකයන්ට වාසි වෙයි කියල හිතනවානම් එක තමයි ලොකුම විහිලුව.
    මතක තියාගන්න මහින්ද පහුගිය කාලේ කරපු සන්වර්දනයෙනුත් විශාල පිරිසකට වාසි උනා මේකත් ඉට දෙවැනි නෑ.

    http://lankasithuwili.blogspot.com/2016/01/blog-post_27.html
    ඔබ මට කියන්න PayPal තවම ලංකාවට ලබාගන්න බැරිවුණ ශ්‍රී ලංකාව, ඉන්දියාව සමග කේවල් කර ශ්‍රී ලාංකිකයන්ට වාසි සහගත ලෙස මෙය කරයිද ?
    ඔච්චර අවන්කනම් ඇයි ගිවිසුම ප්‍රසිද්ධ කරන තවම බැරිඋනේ ?

    ReplyDelete
    Replies
    1. >>> PAYPAL WITHIN SIX MONTHS

      ඔව් ඔව් වොක්ස්වැගන් ෆැක්ටරිය ගහල ඉවර උණු ගමන් පේ පැල් දෙනවා !!!!

      Delete
    2. http://www.tharunaya.co.uk/news/sinhalanews-PayPal%20-1437900702.html this is 6 months back

      Delete
  14. ධනාත්මකව මේ දිහා බලමු. මේ ගිවිසුම් ස්වභාවිකයි. දැනුමැත්තො මේවායේ වාසී අවාසි ජනතාවට පැහැදිලි කල යුතුය.

    ReplyDelete
    Replies
    1. http://sanjiva.weerawarana.org/2016/01/understanding-sri-lankan-it-industry.html

      Delete
  15. මම නම් ඇත්ත වශයෙන්ම සමන්ත කුමාරසිංහ, Lanka Sithuwili වැනි "දේශප්‍රේමී"යන් විසින් ECTA ගිවිසුම කඩා කප්පල් කරලා දානවාට කැමතියි.

    මොකද දන්නවාද?

    ලංකාව හැමදාම දුප්පත් වෙලා තියෙයි එතකොට.... ලංකාව දුප්පත් වෙලා තිබුණාම තමයි මට අපේ ගෙදර උයන්න අප්පුවෙකුයි, ගේ සුද්ද පවිත්‍ර කරන්නයි ළමයි බලා ගන්නයි ආයා කෙනෙකුයි, මිදුල සුද්ද බුද්ද කරන්න තෝටකාරයෙකුයි තියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බැරි වෙලාවත් ලංකාවේ මිනිස්සුන්ට මේ වාගේ ගිවිසුම්වලින් තමුන්ගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කර ගන්න පුළුවන් වුනොත්, මගේ ගෙදර වැඩට එන්නේ රනිල් ද?

    ReplyDelete
  16. The Best News I heard after January 08

    "කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි, මඩවල රතිඤ්ඤා දල්වා සතුට සමරයි"

    බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි දින 14ක් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමත් සමගම මඩවල, කාන්තන්කුඩි, දර්ගා නගරය, මහනුවර, අකුරණ,කාන්තන්කුඩි යන ප්‍රදේශවල යම් පිරිස් විසින් රතිඤ්ඤා දල්වා සතුට සමරුබව අප වෙත වාර්තාවෙනවා.

    http://www.colombotoday.com/11879-2/

    I wish all the very best for everything you do my dear Government. I don't care what tax you impose but the happiness of citizens is worth more than that. Tears coming out of my eyes. Well Done once again. God bless Sri Lanka. It seems God's grace with us. Praise and thanks to the mighty God for your extreme kindness.

    ReplyDelete
  17. ලංකාව ඉන්දියාව සමඟ එක්විය යුතුය. නමුත් ලංකාව තුල ජනවාර්ගික පදනමින් හැකිතාක් බෙදිය යුතුය.
    එලහරකා + මීහරකා ?

    ReplyDelete
  18. See this superb speech by Hon. Prime Minister against racism;

    https://vimeo.com/153463804

    He's truly a gentleman and knows how to use words properly. Hon. President needs to learn a lot from Hon. PM. Don't know why these two do not discuss about this kind of issues with each other.

    Anyway your article seems good one.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා