පේපැල් ක්‍රියාත්මක කරවා ගන්නට බැරි ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍ර‍යක් ගැන කතා කිරීම

ශ්‍රී ලාංකිකයන්ගේ කුසලතා ලෝකය වෙත ගෙන යන්නට තමන්ට උවමනා බවක් මුදල් ඇමති රවී කරුණානායක පසුගියදා පවසා තිබේ.

එහෙත්, රවී කරුණානායක කතා කරන්නේ ලොකු, ලොකු දේශීය සමාගම් ජාත්‍යන්තර සමාගම් සමග සම්බන්ධ වී විදේශයන්හි සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීම ගැනයි.

ලංකාවේ විදේශ විනිමය නීති ක්‍රියාත්මක වන්නේ බලු පූට්ටුවේ මූලධර්මය අනුව ය. දාන්නට පුළුවන. ගන්නට අමාරු ය.

ඒ වෙනුවෙන් දැනට පවතින දැඩි විනිමය සීමා ලිහිල් කරන බව රවී කරුණානායක පවසයි. විශුද්ධකයන්ට බියෙන් කිසිවක් නො කර ඉන්නවාට වඩා අභියෝගයන්ට මුහුණ දෙන්නට සූදානම් වීම ඇගයිය යුතු ය.

එහෙත්, ආණ්ඩුවේ ආර්ථික මූලෝපායන්හි ඇති නව ලිබරල් ප්‍ර‍වණතාවක් පෙන්වන ලක්ෂණයක් ලෙස ද මෙය සැලකිය හැකි ය. රවී කරුණානායක කතා කරන්නේ දේශීය හා ජාත්‍යන්තර මහා ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාව මුල්‍ය කේන්ද්‍ර‍ස්ථානයක් බවට පත් කර ගැනීම ගැන පමණි.

එහෙත්, ආණ්ඩුවට නව ලිබරල්වාදී වීමෙන් ලංකාවේ ගැටලුවලට විසඳුම් සෙවිය නො හැකි ය.

පසුගියදා කොළඹදී පැවති ආර්ථික සංසදයේදී ජෝර්ජ් සෝරෝස් වැනි නව ලිබරල්වාදයේ නියමුවකු පවා පෙන්වා දුන්නේ පවතින ලෝක ආර්ථික අවපාතය තුළ ලංකාවට ලොකු බලාපොරොත්තු තබා ගත නො හැකි බවයි.

ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කෙරෙහි මීට වඩා බරක් තැබිය යුතු ය. ලංකාවේ ආර්ථිකය මෙතෙක් කර තබාගෙන ආ ප්‍ර‍ධාන බලවේගය වන්නේ ද ඔවුන් බව අමතක කළ යුතු නැත.

එහෙත්, පසුගිය අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අධෛර්යය කරන යම් දේ සිදු වී තිබේ. ලියාපදිංචි සමාගම් මත වසරකට රු. 60,0000ක අධික ගාස්තුවක් පැනවීමෙන් සුළු කර්මාන්තකරුවන් විධිමත් සමාගම් බවට පත් වීම අධෛර්ය කරනු ලැබේ.

ජාත්‍යන්තර විද්‍යුත් මුදල් හුවමාරු ක්‍ර‍මයක් වන පේපැල් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට වසර ගණනාවක සිට ලංකාවේ විවිධ ආණ්ඩු විසින් ගසනු ලබන පම්පෝරි කෙසේ වෙතත්, මේ සුළු දෙය හෝ කරන්නට වසරකට පසුවත් මේ ආණ්ඩුව අසමත් වී තිබේ.

පේපැල් ක්‍රියාත්මක කිරිම ලංකාවේ විද්‍යුත් ආර්ථිකයක් ශක්තිමත් කිරීමෙහි ලා මහෝපකාරී වනු ඇත. විශේෂයෙන් ම අන්තර්ජාලය පාදක කරගෙන වැඩ කරන සුළු ව්‍යවසායකයන්ට එය මහෝපකාරී වනු ඇත.

මෙම සබඳතා පුරුක ඔස්සේ ගොස් පේපැල් සේවාව ලංකාවේ ක්‍රියාත්මක කිරීම සඳහා වන පෙත්සමට අත්සන් කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සුළු කර්මාන්තකරුවන් වූ පමණින් සමාගම්වලට වදින බද්ද ගැටළුවක් කර ගන්න ඕන නෑ. කර්මාන්තයක් සුළු, මධ්‍ය හෝ මහා පරිමාණ වෙන්නේ විශාලත්වය මත. සමාගම් කියන්නේ ව්‍යාපාර සංවිධාන ක්‍රමයක්. ලංකාවේ සමාගම් විදිහට නිසි කළමානාකාරීත්වයක්,ස්ථාවරත්වයක්, හැකියාවක් ඇති ආයතන තිබුනොත් ගනුදෙනුකරුවන්ට විශ්වාසය ඇති කරන්න පුළුවන්.ඒත් සමාගම් පණතෙන් තියෙන ලිහිල් වීම් නිසා ඒක පුද්ගල නැත්නම් හවුල් ව්‍යාපාරයක් විදිහට අරන් යන්න පුළුවන් ආයතනත් තේරුමක් ඇතිව හෝ නැතිව සමාගම් විදිහට ලියාපදිංචි වුනාම ඒවයේ ස්ථාවරත්වය ගැන ප්‍රශ්නයක් ආවම මුළු සමාගම් ක්ෂේත්‍රයටම ගැටළුවක්. ඒ නිසා පවතින තත්ත්වය මත මේ බද්ද ගැටළුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. බැංකු ණය අරගෙන පොළී ගෙවාගෙන පොඩියට සමාගමක් විදිහට පටන් අරගෙන රෝල ගහගෙන ටික ටික නැගිටින්න හදන උන්ට කෙළවෙලා ගියත් කමක් නැහැ කියලද දැන් ඔහේ කියන්නේ
      දන්න අල ගෙඩිය තමයි, මුතුහෙට්ටිගම කර ගත්තු ටෙස්ට් ටික ඔහෙත් කර ගත්තොත් නරකද

      Delete
    2. මටත් එන්න ඕන වුනේ මෙතනට තමයි ඇනෝ. හැම ව්‍යාපාරිකයෙක්ම තමන්ගේ ව්‍යාපාරය සීමිත සමාගමක් විදිහට ලියාපදිංචි කරන්න ඕන නෑ. තමන්ගේ ව්‍යාපාරය සීමිත සමාගමක් විදිහට ලියාපදිංචි කරනවා නම් ඒ මට්ටමට වර්ධනය වෙලා යම් ස්ථාවරයක් තියෙන්න ඕන.එහෙම නැතුව සමාගමක් විදිහට කරන්න ඕන විගණන කටයුතු,වාර්තාමය අවශ්‍යතාවන්,සාංගමික පාලන අවශ්‍යතා හරියට කර ගන්න බැරිව සමාගමක් පිහි‍ටුවලා වැඩක් නෑ.ඉතින් ඔයා ඔය කියන එදා වේල ‍ටුවර්ස් ආයතන බැරි මරගාතේ සමාගම් පිහි‍ටුවන්න ඕන නෑ. ඒවා ඒක පුද්ගල හරි හවුල් ව්‍යාපාර විදිහට හරි පවත්වගෙන යන්න පුළුවන්.

      Delete
    3. එකඟයි, මගේ ඔරිජිනල් ඩයල් එකත් පුංචි පහේ කොම්පැනියක ඉන්නවා, ඓ්කේ පහු ගිය අවුරුදු 4ටම ජෙනරල් මීටිමක් හෝ විගණනයක් වුනේ නෑ, මේ පියවර නිසා තක්කුමුක්කු වුනා මීට්න් තිබ්බා එකවුන්ට් විගනනේ කරා වැඩකට නැති ඩිරෙක්ටර්ලා හලලා අළුත් අය දැම්මා දැන් ආයේ පන ගහලා යනවා, හොඳ වැඩක්.

      Delete
    4. එතකොට මේක දරාගන්න බැරිව සමාගම් ඉවත් කරගන්න වෙන අයට ලක්ෂ 2මාරක් වගේ මුදලක් අය කරන එක සදාරනය කරලත් පෙන්නනකෝ ඔය විදියට.

      Delete
  2. පැරා,

    PAYPAL ගැන දැනුවත්වීම හරිම වටිනවා පැරා, මේක ගැන ලිපි කිපයක්ම මම ලිව්වා.

    http://lankasithuwili.blogspot.com/2015/01/blog-post_17.html
    http://lankasithuwili.blogspot.com/2015/02/blog-post_14.html
    http://lankasithuwili.blogspot.com/2015/09/paypal.html
    http://lankasithuwili.blogspot.com/2015/11/blog-post_16.html
    http://lankasithuwili.blogspot.com/2015/12/blog-post_18.html

    බොහොම කලතුරෙන් සහ අපහසුවෙන් ලිපියක් ලියන මම PAYPAL ලංකාවට ලබාගැනීම වෙනුවෙන් පෙනීසිටින්නේ ලෝකය සමග ගනුදෙනු කිරීමට උවමානාම කරන මෙවලමක් වෙන නිසා.

    මේ පිළිබද ඉතා උගත් පුද්ගලයකුට මා මේ බව සදහන් කල විට ඔහුගේ පිළිතර වුයේ PAYPAL මගින් විදේශ විනිමය රටින් පිටකළ හැකිනිසා මෙයට අනුමැතිය නොදෙනු ඇති බවයි, මේ අවස්ථාවේ ඔහුගේ අධ්‍යාපනයත් ඔහුතුල ඇති නොදැනුවත් බවත් පිළිබද මට ඇතිවුනේ තිගැස්මක්, මා එවිට ඔහුට පැවසුවා දැනටමත් PAYPAL මගින් විදේශ විනිමය ශ්‍රී ලංකාවෙන් ගෙනයාමට අවසර දී ඇති බව නමුත් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට PAYPAL මගින්, මුදල් ලබාගත නොහැකි බව.

    ප්‍රශ්නය සරලව මෙයයි, හිතන්න ඔබට උවමනයි ebay.com මගින් ඔබසතු භාණ්ඩයක් විකුණාගන්න ඔබ ebay.com සමග ඔබේ PAYPAL ගිණුම සම්බන්ධ කරනවා දැන් ඔබ හිතන්න කිසියම් පුද්ගලයකු ඔබේ භාණ්ඩය මිලදී ගත්ත, දැන් මුදල් වලින් ඔබට ඩෝලර් 100 ලැබී තියනවා දැන් මේ මුදල් ඇත්තේ PAYPAL ගිනුමෙයි, ඔබට දැන් උවමනයි මෙය ඔබේ බැංකුවට (සම්පත් බැංකුවට ) ගෙන්වාගන්න, අවාසනාවක මහත මෙය ඔබට ලංකාවට ගෙන්වාගන්න බෑ එක්කෝ ඔබ ebay.com මගින් යමක් මිලදී ගැනීමට යෙදවිය හැකියි නැත්නම් විදේශ වෙබ් අඩවියකින් යමක් මිලදී ගැනීමට යොදවන්න පුළුවන නමුත් ඔබට මෙය මුදල් ලෙස ශ්‍රී ලංකාව තුල නිතියානුකුල ලෙස ලබාගත නොහැකියි (මෙය නීති විරෝදී ලෙස ලබාගත් හැකි විදි පවතිනව) මේ නිසා අන්තර්ජාතික වියාපාරයක් කිරීමට අපහසුයි.

    පරිගණක මෘදුගාංග අංශයේ සේවය සපයන මට මේ නිසා නැතිවී ඇති මුදල් ඩොලර් දහස් ගණනක්, මට උවමනා වුනේ මෙය නිතිවිරෝදිව රට තුලට ගෙන්වා ගැනීම නෙමෙයි නිතියානුකුල ලෙස බැංකුවක් මගින් ගෙන්වා ගැනීමයි, පුදුමේ කියන්නේ රජය කරන්නෙම රටේ පුරවැසින් හොරුන් කිරීමයි.
    මෙහිදී රාජය නොහිතන තව පැත්තක් තියනවා හිතන්න ඔබ ඇමරිකාවේ සිටින වියාපරිකයකු හදුනාගන්නව ඔහුට උවමනයි ඔබලවා ඩොලර් 250 ක වැඩක් කරවාගන්න, දැන් ඔහු ට අදාළ මුදල් ඔබට ලබාදිය හැකි මුලිකම විදිය western union හෝ MoneyGram වැනි විදියක් නමුත් ඔබ අදාළ ගැනුම් කරු හදුනාගත්තේ අලුතනම් ඔහු කැමති නෑ ඔබට මුදල් මේ මාධය වලින් එවීමට මොකද අදාළ මුදල් ලබපු කෙනා වැඩේ නොකලොත් අදාළ ඇමරිකානු වියාපරිකයාට ගතහැකි ක්‍රියාමාර්ගයක් නෑ,

    නමුත් PAYPAL මගින් එසේ කලොත් ඔබට විරුද්දව ක්‍රියාමාර්ග ගැනීමට ඇමරිකානු වියාපරිකයාට හැකියි මිට අමතරව ඔහුට ඔහුගේ credit card number එක විදේශිකයකුට ලබාදී අවදානම් ගැනීමට සිදුවෙන්නේ ණෑ, මෙනිසා විදේශිකයන් කැමති මෙම සේවාවට.

    ස්තුතියි ඔබට මෙපිලිබද ලිපියක් ලිව්වට, රජය මේගැන ඇස් ඇරිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මට මේක පැහැදිලි නැහැ. ඔබේ පේ පැල් එකවුන්ට් එකේ ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් එකක් නම් දාල තියෙන්‍ේන මේ වැඩ‍ේ කරන්න බැහැ නේද

      Delete
    2. //නමුත් PAYPAL මගින් එසේ කලොත් ඔබට විරුද්දව ක්‍රියාමාර්ග ගැනීමට ඇමරිකානු වියාපරිකයාට හැකියි මිට අමතරව ඔහුට ඔහුගේ credit card number එක විදේශිකයකුට ලබාදී අවදානම් ගැනීමට සිදුවෙන්නේ ණෑ//

      මම හිතන්නේ ඔබට අපැහැදිලි වෙන්න නැත්තේ ඉහත කොටස, ඔබට PAYPAL මගින් මේ විදේශීය ගැනුම් කරුවකුගෙන් මුදල් ගෙන්වා ගැනීමට බැරිනම් ශ්‍රී ලංකාවේ සම්පත් බැංකුව සපයනවා සේවාවක් http://www.sampath.lk/en/corporate/e-banking/sampath-payment-gateway මෙය ඔබගේ වෙබ් අඩවියේ පාවිච්චි කරනවා නම්, විදේශිකයාට සිදුවෙනවා ඔහුගේ credit card number එක සම්පත් බැංකුවේ payment-gateway අදාළ වෙබ් පිටුවේ ඇතුලත් කිරීමට මෙහිදී ඇමරිකානු වැසියෙක් වැඩිය කැමති නෑ විදේශීය payment-gateway කට තම credit card number එක ඇතුලත් කිරීමට, මොකද වංචා වලට යොදාගත හැකි නිසා මිට අමතරව වසරකට රුපියක් 60000 සාමජික ගාස්තු අයකරන අතර සෑම ගනුදෙනුවකින් ම මුළු වටිනාහ්කමින් 3% අයකරනවා නමුත් PAYPAL තුල සාමාජික ගාස්තුවක් නෑ නමුත් සෑම ගනුදෙනුවකින් ම 2.5% සිට 3% අයකරනවා.

      ඔබ ශ්‍රී ලාංකිකයකු නම් PAYPAL යොදා ඔබේ ශ්‍රී ලංකික credit card පත ලින්ක් (සම්බන්ද ) කලහැකියි, මෙය පාවිච්චිකර ශ්‍රී ලංකාව තුල සිට වෙන PAYPAL මගින් පහසුකම් සලසන ඕනෑම රටකට මුදල් යැවිය හැකියි. නමුත් ඔබේ PAYPAL ගිණුමේ මුදල් ඇත්නම් ඔබට එය ශ්‍රී ලංකාවට ගෙන්වාගත නොහැකියි.

      Delete
  3. බෝලේ තියෙන්නේ කොහේද? මහ බැංකුව පැත්තේ ද? මුදල් අමාත්‍යංශය පැත්තේ ද? නැතිනම් පේපැල් ඒකේ ද? ඒ ගැන දන්නා කවුරු හරි ඉන්නවා නම් විස්තර ලියනවා ද?

    ReplyDelete
    Replies
    1. ඇණය,

      දැනට බෝලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමත්යන්ශයත්, පාර්ලිමේන්තුවත් අතරයි, PAYPAL ආයතනය ඉල්ලා සිටින්නේ අදාළ ගනුදෙනුව සිදුවීමේදී ශ්‍රී ලංකාවෙන් පිට සිටින ගනුදෙනුකරුවා ආරක්ෂා කිරීමට ගත ගැකි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රජයට ගන්නා ලෙසයි, මෙහිදී ශ්‍රී ලංකා මහබැංකුවත් මුදල් අමාත්‍යාංශයත් එකතුව

      01. අවශ්‍ය පරිගණක මෘදුකාංග ස්තාපිත කලයුතු වෙනවා
      02. මෙය සිදුකිරීමේදී මහබැංකුවේ පවතින පනත් සන්සෝදනයට නීති ගෙනයුතු වෙනවා.

      පට්ට මෝඩ රැලක් පාර්ලිමෙන්තුවේ සිටින අතර මෙවැනි බාරදුර වැඩක් නොකරන්නේ කෙසේදැයි සිතන මහබැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ කම්මැලි නිලදාරීන් පිරිසක් නිසා තමයි මෙය සිදු නොවන්නේ.

      Delete
  4. පැරා එක දවසක ලියනවා අහවල් එක සිද්දවුනායින් පසු ලන්කාවේ හැමෝම සුරතාන්තයට පත් වුනාය, කේතුමතිය පහලවුනාය, සුරභි දේනුව කප් රුකේ බැන්දාය වගේ දේවල්....

    අනෙක් දවසේ ලියනවා අඩු තරමින් පේ පැල් සල්ලි ගෙන්නගන්න බැරිවෙච්චි ආන්ඩුවකින් ඇති වැඩේ මොකක්ද කියලා... අනේ මන්දා....

    ReplyDelete
  5. ඇගයිය හැකි දෙයක්
    ඇතිනම් අගය කෙරුමත්
    ඇවැසි තැන විවේචනයත්
    යහමග යවන පිළිවෙත්

    ReplyDelete
    Replies
    1. මෙතක් කලක් ඔබ ඵලකල පොස්ට් වලින් වැදගත්ම එක :)

      Delete
    2. අජිත් පැරකුම්

      ඔබ කුමක් කීවත් එක්සත් ජාතික පක්ෂය මේ කාරණයේදී ඉන්නේ ප්‍රතිගාමී පරාජිත අන්ත දූශිත මිනීමරු රාජපක්ශ පාදඩ කල්ලිය සහ වාමාංශික යැයි කියාගන්නා පක්ෂවලට වඩා සෑහෙන ඉදිරියෙන්. ඔවුන්ගේ නායකයා හා නායකගේ විශ්වාසය දිනාගත් තරුණ නායකයින් ක්‍රියාවෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ කුසලතා ලෝකය වෙත ගෙන යන්නට තමුන්ගේ ඇති ලැදියාව පෙන්වා තිවෙනේවා. මෙය අතිශය ප්‍රගතිශීලි පියවරක්. ජනවාරි 08 විප්ලවයට සම්බන්ද වූ අප මෙම තත්වය ඉදිරියට පවත්වාගත යුතු වෙනවා මෙන්ම ප්‍රතිවිප්ලව කාරී අන්ත දූශිත මිනීමරු රාජපක්ශ පාදඩ කල්ලියත් එම බත්බැල වහල් බයි හැතිකරයත් පරාජය කල යුතුද වෙනවා. දිනු නිදහස රැකගැනීමට අප දිවිහිමියෙන් කැපවිය යුතුයි.

      Delete
  6. මහබැංකුව ඇතුලු ප්‍රධාන පෙළේ ආයතන වල සේවයේ යෙදෙන රජයේ නිලධාරීන් අතිශය සංවෘත පටු පරිමිතියක සිරවී සිටින අතර රට මෙතනින් ඉදිරියට ගෙනයාමට කිසිදු සිතිවිල්ලක් හෝ නිර්මාණශීලීව සිතීමට නොහැකිව අලසව උකටලීව සිටිති. දෙස්පලු තක්කඩි රැල බලය අල්ලාගැනීමත් සල්ලි හම්බකිරීමත් බඩු/ කොල්ලො ගැසීම් ආදියෙන් තොර ලොවක් නොදකිති.

    රටට උගතුන් බිහිකරන සරසවිවල තත්වය ශෝචනීයයි. පේරාදෙනිය ඉංජිනේරු පීඨයට තම දියනිය ඇතුල්කිරීමට ගිය මිත්‍රයෙක් කල ප්‍රකාශය තලේබාන්කරණය වී තිබූ පේරාදෙනිය අයි.එස්.අයි.එස් තත්ත්වයට රූපාන්තරණය වී ඇති බවක් පෙන්වයි. කියන හැටියට ශිෂ්‍ය ක්‍රියාකාරීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමනක්නොව ඔවුන්ගේ නංගිලා මල්ලිලාටත් ඩ්‍රෙස්කෝඩ් එකක් අනුගමනය කරවයි. මහනුවර දිස්ත්‍රික්කයේ සුවිසල් වනාන්තරයක් වනසමින් තැනූ මෙබඳු අතිශය පසුගාමී සමාජ විරෝධී ආයතනවල සිටින ළිංමැඩියන් පුනුරුත්ථාපනය කරන්නට බැරි නම් මේවා වසා දමාවත් ඉදිරි පරපුර රැකගත යුතුය.

    ReplyDelete
  7. මේවා දාන එක හොඳයි. ඒත් මේවා මේ රටේ කෙරෙන දවසක් නෑ. දැනටත් වැඩක් කරලා සල්ලි ගෙන්නගන්න ටිකට 5%-10%ත් අතර ගණනක් කෙළ වෙලා.

    සුදුසුකම් හදාගෙන පිට රටකට පැන ගන්න එක තමයි හොඳම දේ. මෙහෙ ඉඳලා skill set එක හදාගෙන, පළ පුරුද්ද අරගෙන, එහෙ ගිහින් බිසිනස් පටන් ගන්න එක තමා මගේ target එක.

    හරිගියේ නැත්නම් මෙහේ බලු වෙවී ඉන්නවා, හිත හදාගෙන, මොනවා උනත් ලෝකෙන් උතුම් රට නේ කියලා... :D

    ReplyDelete
    Replies
    1. //මේවා දාන එක හොඳයි. ඒත් මේවා මේ රටේ කෙරෙන දවසක් නෑ.//

      ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ක්ෂේස්ත්‍රයේ ඉතා විශාල දිරුනුවක් ලබල තියනවා.
      බොහෝ දෙනා නොදන්නවා උනාට fiber optic cable දියුණු කරමින් පවතිනව. නමුත් නියම සේවය ලබාගැනීමට අපට දැඩි ලෙස රජයට බල පෑම් කිසිමට සිදුවෙනවා.

      මොලේ හරියට පවචිචි කරනවානම් ශ්‍රී ලංකාව තුල හොද අවස්ථා තිබෙනවා, ඔබ සිතන සුරංගනා ලෝකය ඔය කියන දිවුණු රටවල නෑ, මිනිසුන්ට විශාල අවදානම් දැරීමට සිදුවෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ paypal සහ තැපැල් සේවය දියුණු සහ විශ්වාස දායි මට්ටමට ගෙන යාහැකිනම් විදෙශ වෙළදාම පිළිබද ප්‍රශ්නයේදී 35% පමණ ඉවරයි.

      මෙය තේරුම් ගැනීමට චීනයේ Jack Ma අලිබබා වියාපාරය මගින් කරපු දේ සහ එම අවස්ථාවේ චීනයේ පවතී තත්වය වැදගත්.

      ඔබ පුරවසියකු ලෙස අඩුගානේ ඔබට පැරා ලබාදී ඇති ලින්කුවට ගොස් තම මතය ප්‍රකාශ කිරීම වැදගත්, අපි සියල්ල කටට වටෙන තුරු නොසිට අපේ පමණින් යුතුකම ඉටුකිරීම වැදගත්.

      Delete
    2. මාර කට්ටවල් කාගෙන ඉගෙනගෙන පිට රට පනින්නේ පිස්සෝ වෙන්න ඇති නේ...

      //මිනිසුන්ට විශාල අවදානම් දැරීමට සිදුවෙනවාග//

      ඒක තමයි ඒ රටවල මිනිස්සු මහන්සි වෙලා වැඩ කරන්නේ. කිසිම රැකියාවක් ස්ථිර නෑ. හැබැයි, දැනුම, හැකියාවන් ගොඩනඟාගත්විට ඕනම තැනක රැකියාවක් ගන්න පුළුවන්. මෙහෙ එහෙමද? වැඩ කරත් පඩි. නැතත් පඩි. උපරිම සුරක්ෂිතයි (රජයේ රැකියා). ඒ අය වෙනුවෙන් බිල්ලට යන්නේ කිසිම ආදායම් සුරක්ෂිතකමක් නැති ගොවියෝ, පිට රට ගෘහ සේවිකාවෝ, රට රැකියා කරන අය, වතුකරයේ කම්කරුවන් වගේ කොටස්. මේ මිනිස්සු තමයි මේ රටට ආදායම් ගේන්නේ. මේක මේ වෙබ් අඩවියේ නිතරම සාකච්ඡා වෙන දෙයක්.

      //මොලේ හරියට පවචිචි කරනවානම් ශ්‍රී ලංකාව තුල හොද අවස්ථා තිබෙනවා//

      අනිවා... ඔය නිමල් ලන්සා, තිලංග සුමතිපාල, ධම්මික පෙරේරා උපරිම විධිය ඒ අවස්ථා පාවිච්චි කරලා දියුණු වෙච්ච අය තමයි...

      //ඔබ පුරවසියකු ලෙස අඩුගානේ ඔබට පැරා ලබාදී ඇති ලින්කුවට ගොස් තම මතය ප්‍රකාශ කිරීම වැදගත්, අපි සියල්ල කටට වටෙන තුරු නොසිට අපේ පමණින් යුතුකම ඉටුකිරීම වැදගත්. //

      ඔබ කියන්න කලින්ම මම ඒ දෙය කරා.

      //කටට වටෙන තුරු නොසිට අපේ පමණින් යුතුකම ඉටුකිරීම වැදගත්//

      මමනම් කිසිම දෙයක් කටට වැටෙනකන් හිටියෙ නෑ හලෝ. තමුන් එහෙම වෙන්න ඇති. මම තනියෙම කට්ට කාලා දෙයක් ඉගෙනගන ඒකෙන් කීයක් හරි හොයා ගන්න, ඩොලර් එකක් හරි රට සල්ලි මේ රටට ගේන මිනිහෙක්. මම කරන දෙයින් 80%ක් විතර දුරකට තනියම ඇවිත් තියෙනවා. මගේ ඉලක්කය වුණේ පොඩි දෙයක් හරි ජාත්‍යන්තර ප්‍ර‍මිතියට කරලා ලංකාව ප්‍ර‍වර්ධනය කරන්න. තවම 80%ක් වත් සාර්ථක නෑ. වැඩේ අත අරින්නෙත් නෑ.

      වෙන රටවල මෙ වගේ දේවල්, මිනිස්සු කෑ ගහලා හදා ගන්න දේවල් නෙවෙයි. අණ්ඩු වලින් දූරදර්ශි විධියට හිතලා මිනිස්සුන්ට අවස්ථා විධියට ලබා දෙන දේවල්. උදා. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය දියුණු කල හැටි.

      රටට වාසිදායී ආර්ථික ප්‍ර‍තිපත්ති සම්පාදනය පුරවැසියන්ගේ වගකීමක් නෙවෙයි - ඒකට තමා දේශපාලකයො/නිළධාරියො ඉන්නේ. ලොකුම වැරැද්ද **මේ මිනිස්සුනගේ කටට නිකම්ම සියල්ල වැටෙන එකයි** ප්‍ර‍තිපත්ති හැදුවත් එකයි. නැතත් එකයි. ඒකයි මේක හදා ගන්න මේ රටේ මිනිස්සුන්ට මෙච්චර කට්ටක් කන්න වෙලා තියෙන්නේ. වෙන රටවල මේවා හදලා ඉවරයි. oDesk වගේ එකකට ගිහින් බලන්න.

      http://www.forbes.com/sites/susancunningham/2015/03/13/filipinos-indonesians-top-elance-odesk-freelancers-in-east-asia/#2715e4857a0b27a186386bd4


      Delete
    3. AnonymousJanuary 20, 2016 at 12:15 AM,

      මම කිව්වේ ඔබට පුද්ගලිකව නෙමෙයි, ඒකනිසා මේක පුද්ගලිකව ගන්න එපා.
      මේක පැරා ලියන්න ඉස්සල්ල වසර ගණනාවක සිට
      https://www.change.org/p/enable-receiving-money-to-sri-lanka-through-paypal

      කීපදෙනෙක් සම්බන්දවී බලපෑම් කළා නමුත් ඔබ හිතන්න වසර 3ට පෙර සිට කරපු මෙයට සහයෝගය දක්වා ඇත්තේ 6,429 පමණයි.

      ඔබ කියනවා //ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය දියුණු කල හැටි. // ඉන්දියාව තුලත් විවිද ප්‍රශ්න ඇතිවුනා මුල් කාලයේ http://trak.in/tags/business/2011/01/29/paypal-money-transfer-india-usd-500/ නමුත් දැන් එය විසදගන https://www.paypal.com/in/home
      ඉන්දීය රජය සිදුකලේ අන්තර්ජාල පහසුව ඇතිකිරීම සහ paypal වැනි සේවා පහසුකම ඇතිකිරීමටයි , මේ සදහා ඉන්දියාවේ ඇති විශාල තොරතුරු තක්ෂණික ආයතන සහ උගත් ජනයා බලපෑම් කළා, ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය එවැනි පීඩනයක් යෙදීමට මිනිසුන් පෙලබෙන්නේ නැති බවයි.

      //අනිවා... ඔය නිමල් ලන්සා, තිලංග සුමතිපාල, ධම්මික පෙරේරා උපරිම විධිය ඒ අවස්ථා පාවිච්චි කරලා දියුණු වෙච්ච අය තමයි.//

      සාදාරන ලෙස මුදල් උපයන මෙවැනි අයට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිනවා.

      //රටට වාසිදායී ආර්ථික ප්‍ර‍තිපත්ති සම්පාදනය පුරවැසියන්ගේ වගකීමක් නෙවෙයි // ඔව් පාලකයන් ගේ වගකීම නමුත් මේ පාලකයන් පත්කරලා තියෙන්නේ රටේ පුරවැසියන් පර්ලිමන්තුවේ බාගයක්ම උසස්පෙළ සමත් වී නැත්නම් ඔවුන් ව පත්කර යැව්වේ කවුද ? මේ වගේ මිහරක් පාර්ලිමේන්තුවට යවල ඔබ කියනවා ඔවුන්ගේ යුතුකම මෙවැනි පහසුකම් ඇතිකිරීම කියල.

      oDesk පමණ නමේ ඉස්සර https://www.elance.com/ අද එය https://www.upwork.com ලෙස බොහෝ ශ්‍රී ලාංකිකයන් පාවිච්චි කරනවා.

      Delete
    4. /// මේ වගේ මිහරක් පාර්ලිමේන්තුවට යවල ඔබ කියනවා ඔවුන්ගේ යුතුකම මෙවැනි පහසුකම් ඇතිකිරීම කියල.//

      මම මීහරක් යවන්න ඡන්දය පාවිච්චි කළේ නැහැ. උගත්, වැදගත් මහත්වරු දෙදෙනෙකුට. දෙන්නම පරාදයි.

      //ඔව් පාලකයන් ගේ වගකීම නමුත් මේ පාලකයන් පත්කරලා තියෙන්නේ රටේ පුරවැසියන් පර්ලිමන්තුවේ බාගයක්ම උසස්පෙළ සමත් වී නැත්නම් ඔවුන් ව පත්කර යැව්වේ කවුද ?//
      ඒක තමා මම කියන්නේ.. වෙන රටකට පනිනවා කියලා. මේ රටේ උන්ගේ මානසිකත්වය දියුණු වෙනකොට අපේ ජීවිත ඉවරයි.

      PayPal සමිබන්ධ ඔබගේ උත්සාහය අගය කරනවා.

      Delete
  8. රටේ දරුවන්ට හිමි තොරතුරු තාක්‍ෂණ සේවා අංශයේ රැකියා අවස්ථා ඉන්දියානුවන්ට කොල්ලකෑමට ඉඩ සලසන යෝජිත ඉන්දු-ලංකා සේවා සහයෝගිතා ගිවිසුමට එරෙහි සටන වහා ඇරඹිය යුතුව ඇතැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    write a post about this also, if this is true.

    lankacnews.com/sinhala/main-news/139832/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා