සංඝ කතිකාවත් සඳහා නීති ගෙන ඒම හරි ද?

භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවක්‌ ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ව්‍යවස්ථාවට අනුව බුද්ධාගම ආරක්ෂා කිරීම රජයට පැවරී ඇති කාර්යයක් නිසා ආණ්ඩුවට එවැනි නීති ගෙන ඒමට අයිතියක් ඇත.

මේ වන විට භික්ෂූන් අතර සිටින මහනුවර යුගයේ සිටි ගණින්නාන්සේලාට සමාන චීවරධාරී පිරිස මොනම ආගමකටවත් අයත් අය නො වෙති. ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල මිනිස්කමටත් නිගා දෙන්නෝ වෙති. එක් පිරිසක් ආගමික හා ජාතික අන්තවාදය පෝෂණය කරමින් ධනය හා බලය වෙනුවෙන් වැඩ කරති.

තවත් ඇතැමෙක් යන්ත්‍ර‍, මන්ත්‍ර‍, ගුරුකම්, අණවින, කොඩිවින, බන්ධන, කේන්දර, පැන්නිලි, නිමිති, තොවිල් පවිල් වැනි බුදුන්ගේ බුදු දහමට පටහැණි ක්‍රියා කරති.

තවත් අය වැවිලි, ටියුෂන්, කාර් සේල්, වාහන පාකිං, මිනිසුන් රට පැටවීම්, සල්ලි පොලියට දීම් වැනි ජාවාරම්වල යෙදී සිටිති.

මේ වන විට සංඝ ශාසනය අන්තයට ම පිරිහී ඇති බව පිළි නො ගන්නා කෙනෙක් නැත.

ඉතිහාසය පුරා ම ලංකාවේ පාලකයන් මෙවැනි අවස්ථාවලදී මැදිහත් වී තිබෙන බැමින් මෙය අලුත් තත්වයක් නො වේ. මෙයට එරෙහි වන්නන්ගේ ක්‍රියා කලාපයන් හා ඔවුන්ගේ තර්ක විතර්ක විමසා බැලීම වටී.

සමාජයේ සෙසු සාමාන්‍ය පුරවැසියන්ට වඩා සුවිශේෂ තත්වයන් බලාපොරොත්තු වන අය එයට ගැලපෙන පරිදි ජීවත් විය යුතුව තිබේ. නැතිනම් සිදු වන්නේ අසමානතා නිර්මානය වීම පමණි.

රජය විසින් ගනු ලැබ තිබෙන මෙම පියවර පිළිබඳ බෞද්ධයන් සතුටු විය යුතු අතර එයට සහාය දිය යුතු ය.

එහෙත් සියලු ආගම් එක සමාන ලෙස සලකමින් ප්‍ර‍තික්ෂේප කරන්නකු වන මට මේ සම්බන්ධයෙන් වෙනස් දැක්මක් ද තිබේ.

මා සිතන පරිදි රජය ආගමෙන් ඈත් වීමට මෙම අවස්ථාව භාවිතා කළ යුතු ය. මෙයට එරෙහිව භික්ෂූන් බලමුළුගැන්වෙන්නේ නම් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ කෙටුම්පත හකුළාගෙන ‘තොපට ඕනැ එකක් කර ගනිව්!' ප්‍රතිපත්තියට මාරු වීමයි. ලංකාවේ පවතින තත්වය තුළ රජයට බුද්ධාගම ආරක්ෂා කිරීම පිළිබඳ වගකීමක් පැවරී තිබෙන අතර, ඒ වෙනුවෙන් කෑගසන හා ඒ මත පදනම්ව ආගම්වාදය අවුළුවන කොටස් නිසා අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී පවා රජයට ආගමෙන් මිදෙන්නට බැරි ය. 

භික්ෂූන් සාමාන්‍ය ජනතාවට වඩා පහත් අන්දමින් හැසිරීම පිළිබඳ මම නම් කැමැත්තක් දක්වමි. එය සෙසු ආගම්වලත් සිදු වෙනවා නම් හොඳ ය. එවිට ආගම් උපරිමයෙන් පිරිහී, ආගම් හා සාමාන්‍ය අදහස් පද්ධති අතර වෙනසක් නැති වී යයි. ඒ සමග ම ආගම්වල සමාජ බලපෑම ද අවම වනු ඇත. ඒ හා සමාන්තරව භෞතිකවාදී හා දේශපාලනික අදහස් සමාජය තුළ ව්‍යාප්ත කරන්නට අප කටයුතු කළ යුතු ය.

දරුවන් පන්සල්වලට දෙන්නට දෙමව්පියන් පෙළඹෙන ප්‍ර‍ධාන හේතුව දිළිඳුකමයි. රජය වැඩි අවධානයක් යොමු කළ යුත්තේ දිළිඳුකම නැති කිරීමටයි. මිනිස් කසල බිහි වීම නවත්වා ගත හැකි නම් සංඝ සාසනයට පිරිස් බලය අඩු වනු ඇත. මෙම ප්‍ර‍කාශය කෘෘර එකක් විය හැකි මුත් තිත්ත ඇත්ත එයයි. 

සියලු ආගම් එක හා සමාන ලෙස විනාශ වේවා! ජනතාවට බුද්ධිය පහළ වේවා! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සියලු ආගම් එක හා සමාන ලෙස විනාශ වේවා! X 100000000000000

    ReplyDelete
  2. /* මා සිතන පරිදි රජය ආගමෙන් ඈත් වීමට මෙම අවස්ථාව භාවිතා කළ යුතු ය. මෙයට එරෙහිව භික්ෂූන් බලමුළුගැන්වෙන්නේ නම් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ කෙටුම්පත හකුළාගෙන ‘තොපට ඕනැ එකක් කර ගනිව්!' ප්‍රතිපත්තියට මාරු වීමයි. */

    මං මේ කතාවට එකඟයි!

    ReplyDelete
  3. /*සියලු ආගම් එක හා සමාන ලෙස විනාශ වේවා! ජනතාවට බුද්ධිය පහළ වේවා!*/

    නමුත් මේක නම් මේ ලෙස නොවේ.

    සෑහෙන පිරිසක් ආගම් නිසාද හොඳ ළමයින් වී ඇතී බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි!
    එනිසා වඩා ඉඩ ඇත්තේ ආගම් විනාශය තුළින් ඔය කියන දේ සිදු නොවීමටයි.

    ReplyDelete
    Replies
    1. රසික, ඔයාට තාම බුද්ධිය පහළ වෙලා නෑ. ආගම නිසා ළමයි හොඳ වෙනවා කියා ඔයා හිතන්නේ ඒ නිසා යි.

      Delete
    2. රසික තමුසෙට පිස්සුද ඕයි

      Delete
  4. සියලු ආගම් එක හා සමාන ලෙස විනාශ වේවා!?????
    පැරා එතකොට අපේ දිවිය ලෝකේ තිස් තුන්කෝටියක් වන දෙවිද්වතාවුන් සෙට් එකට මොකද වෙන්නේ එයාලා අපහු ලංකාවට බහිද
    එතකොට එගොලන්ගේ වාහනත් පාරට දැම්මහම ට්‍රැපික් ජැම්එක ඩබල් වෙයි උඩින් යන්න ගත්තොත් එයාර් ට්‍රැපික් ජැම් එකකුත් වෙයිද ?

    එහින්දා මෙහෙ ඉන්න සියලු ආගම් ඒවා අදහන සෙට් එකත් ඉක්මනට එහාට පටවමු

    ReplyDelete
    Replies
    1. ෙදවිය ලෝකේ සදාකාලිකයි, ඒකට යාගත්තට පස්සේ ආගමට කෙ‍ළ වුනාට අවුලක් නෑ, වෙන මිනිස්ට්‍රියක් බාරගත්තෑකි, අපේ නූතන පාර්ලිමෙන්තුව වගේමයි. අ‍ළුත් මිනිස්ට්‍රියේ වාසියක් නැත්තං පොලවට ඇවිත් අළුත් ආගමක් හදාගන්නවා, සිද්ධාර්ථ ගෞතම ලවා කෙරෙව්වා වගේ.

      Delete
  5. කොහොම වුණත් මෙහේ එවුන් ලවක් දෙවක් නැතිව පිං කරන පිං කිරිල්ලෙ හැටියට ලංකාවේ බෞද්ධයෝ නැවත මේ අපායේ නම් ඉපදෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ නැතිනම් අඩු තරමේ ස්කැන්ඩිනේවියානු රටක, ඇමරිකාවේ, යුරෝපයේ හෝ ඕස්ට්‍රෙීලියාව, නවසීලන්තය වැනි රටක උපදීවි.

    ReplyDelete
    Replies
    1. ස්කැන්ඩිනේවියාව තියෙන්නේ රට බෙදන පැරාලගේ ලිස්ට් එකේ (මෙව්වා ජෝක් වලි බෑ :), සැබෑ බෞද්ධයෝ එහෙ යන්නෑ.

      Delete
    2. එහෙනම් ඒකීය ප්‍ර‍ංශයට යනු ඇත.

      Delete
  6. ගිහි සමාජයත් එක්ක බැලුවාම දැන් නම් වැඩියෙන්ම ලෞකික වෙලා තියෙන්නෙ සංඝ සාසනේයි. මාසෙ පඩියෙන් ණය තුරුස් බේරලා වේල ෂේප් කරගෙන ඉන්න හැටියට අපි ඒ අයට වඩා සුභරයි ඇත්තටම. ආර්ථික පීඩනේ නිසා හරි වඩා සරල වෙන්න කොන්දේසි පැනවිලා තියෙන්නෙ ගිහියන්ට. සරලකම භික්ෂු විනයෙන් උරුම වෙලත් හාමුදුරුවන් ඉන්නේම බහුභාණ්ඩික ලෝකෙක ගැලිලා..

    ReplyDelete
  7. අද හිමිදිරි පාන්දර කළුවරේ බස්ටෑන්ඩ් එකේ හිටංඉන්න ගමං බස් එක එනකම් බලා වුන්නු අහල පහල පංසලක මැදිවියේ හාන්දුරුවෙක් හොඳම ගමේ සිංහලෙන් පවත්තපු බෞද්ධ දේශනයකට සවං දෙන්න ලැබුන, එයාගේ කොලෙග් කෙනෙක් එක්ක එයාට මළම පැනල,අම්මේ මුත්තේ නැතිව බනිනවා, හැබැයි අපරාදේ කියන්න බෑ, ගමේ උන් සවසට දෙකක් දාගෙන රැප් කරනකොට කියන හොඳම සභ්‍ය වචනං එලියට දැම්මේ නෑ. එයාගේ කොලෙග් කෙල්ලෝ වගයක් ලව්ව පොලිසියට කොල් දීලලු මේකාගෙන් කරදරයි කියලා. බස්සෙකේ එනිංගමං හාමුදුරුවගේ කොම්පැනියන් ගෙන් ඇහුවා තොරතුරු, හිමිදිරියෙම කොළඹ යනවලු ලෝයර් කෙනෙක් ගාවට අවුරුදු කීපෙකට ඉස්සරින් කොළුවෙක් රෙප් කොරල අහුවුනු කේස් එකක වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. කොම්පැනියන් කිවේ පොඩි පොඩි අවුල් තිබ්බට හාමුදුරුවා දාහකින් හොයගෙන්න බැරි මනුස්සයෙක්ලූ, පිළිවෙළක් නැතුං තිබ්බ පංසල අලංකාරෙට වැඩ නිම කෙරෙව්වලු.

      Delete
    2. හාමුදුරුවෝ ද මනුශ්‍යයෝය!

      - Dimitrhi

      Delete
  8. බුදු හාමුදුරුවෝ අයිති සිංහලයන්ට විතරයි, ජේසු අයිති දෙමළුන්ට විතරයි.
    බුදුසසුන බැබලේවා!, කිතු සසුන වැනසේවා!

    ReplyDelete
    Replies
    1. ජේසුට බැන්නට දෙය්යන්ට බනින්න බයයි නේද? එයාලගෙන් අති බහුතරය දෙමළ, ජේසු අයිති ධීවරයන්ටයි, වතුවල අයටයි නේ.

      Delete
    2. ලොකු සිංහලයන්ට අයිති ලොකු බුදු හාමුදුරුවො පොඩි සිංහලයන්ට අයිති පොඩි බුදු හාමුදුරුවො

      Delete
  9. භික්ෂූන් කතිකාවතක් සඳහා පනත් ගෙනෙන්නට නම් පාර්ලිමේනුතුව තුල භික්ෂු නියෝජිතයෙක් සිටිය යුතුයි නේද? එහෙනම් පාර්ලිමේන්තුව තුල පත්කල මන්ත්‍රී වරයෙක් ලෙස භික්ෂු නියෝජිතයෙක් ඇතුලත්කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය රතන හාමුදුරුවෝ ඉන්නේ.එයාත් පත් කල මන්ත්‍රී තමයි.

      Delete
  10. මමද දකින්නේ මෙය නොකල යුතු ක්‍රියාවක් ලෙසය. රජය ආගමින් බැහැරවිය යුතුයි කියන ස්ථාවරයේ මමද සිටිමි. එහෙත් ලංකාවේ එය කිරිමට කාලය තවමත් පැමිණ නැත. සංඝ කතිකාවක් බුද්ධාගමේ ආගමික නායකයින් එකතුවී සකස් කර ගන්නේනනම් ඒ සම්බන්ධව ගැටලුවක් නැත. එහෙත් රජය මැදිහත්වීම ගැටලුවක්ය

    රජය භික්ෂුන්ට නීතී පැනවීමට පෙර දේශපාලකයින් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්වන නීතී පද්දතියක් සකස්කල යුතුයි. දේශපාලකයින් අතරද ඉහත සියලුම ක්ෂෙත්‍රවල කට්ටිය ඉන්නවාය.

    කිසිවකුට භික්ෂුන් රියදුරන් නොවිය යුතුයි, රක්ෂා නොකල යුතුයි කිව නොහැකිය.
    යන්ත්‍ර‍, මන්ත්‍ර‍, ගුරුකම්, අණවින, කොඩිවින, බන්ධන, කේන්දර, පැන්නිලි, නිමිති, තොවිල් පවිල් නොකල යුතුයි,
    වැවිලි, ටියුෂන්, කාර් සේල්, වාහන පාකිං, මිනිසුන් රට පැටවීම්, සල්ලි පොලියට දීම් නොකල යුතුයි කිව නොහැකිය
    ඒ සදහා සාමාන්‍ය ජනතාවට වන අයිතියම ඔවුන්ටද ලබා දිය යුතුයි යන්න මාගේ අදහසයි.

    කිසිවකු යම් ආගමක් ඇදහු පමණින් හෝ ආගමික පුජකයෙක් වු පමණික් රජයෙන් විශේෂ සැලකිමක් හෝ තහනම් පැණවීමක් සිදු කිරීම කාලොචිත නැත.

    ReplyDelete
    Replies
    1. සංඝයා වෙනුවෙන් නීතී පද්දතියක් වෙනුවට මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් නීතී පද්ධතියක් සකස් කරනු............!!!!

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඇණයාගේ යෝජනා;

      -ආගම් බේදයකින් තොරව පූජ්‍ය තනතුරු දරන්නන් ආගමික පූජාවන් හී නොයෙදෙන විට ආගමික වස්ත්‍ර‍ ආභරණ (සිවුරු, ...) පැළඳිමෙන් වැළකිය යුතුයි.
      - සාමාන්‍ය සිවිල් ජීවිතයේදී සුදුසු සාමාන්‍ය ඇදුම් ඇද සිවිල් නම් / හැඳුනුම්පත් බාවිතා කළ යුතුයි. ආගමික වස්ත්‍රාබර‍නයෙන් සැරසී පොදු ස්ථානවල සේවය ලබාගැනීමට පැමිණීම ‍(රජයේ කාර්යාල / බැංකු / පොලීසි / පොදු ප්‍ර‍ාවහන සේවා /... )තහනම් කළ යුතුය.
      - සිවිල් ජීවිතයේ නම / රියදුරු බල පත්‍ර‍ය භාවිතයේ කිසිදු වරදක් නැත
      - සිවිල් රැකියාවක යෙදීම /විවාහ දිවියට එළඔීම වඩා යහපති.
      - සාමාන්‍ය දරුවකුට උගන්වන පාසල් විශය කරුණු සියල්ල ඉගෙනිය යුතුයි.
      - සිවිල් වැසියකු නීති කඩ කල අවශ්කාවක එයින් මුදවාගැනීමට හෝ නොලැබිය යුතු වාසියක් වෙනුවෙන් ආගමික පූජ්‍යවරයෙක් බලපෑම් කරඇත්නම් දඩුවම් ක‍ල යුතුයි.

      Delete
    2. ඇයි තහනම් පැනවිය යුත්තේ, රජය මෙයට මැදිහත් නොවි සිටියහම ඉවරයිනේ.

      - ආගමික වස්ත්‍ර (සිවුරු, ....) ඇදිමෙන් වෙනත් කිසිවකුගේ නිදහසට ගැටලුවක් ඇති නොවේ. (සරම, කොට සායවල්, ගැහැණු ළමුන් කලිසම් ) ඇදිම තහනම් කර නීතීයක් ගෙනඒම සාධාරණද?

      - දෙවන කරුණ මගින්ද ඇතිවන ගැටලුවක් නැත.

      - අවසාන වශයෙන් දක්වා ඇති කරුණ අනුව, එලෙස බලපෑමක් කරන්නේනම් ඕනෑම අයෙකුට (දේශපාලකයින්, රජයේ නිලධාරින්, පොලිස් නිලධාරින්, අධිකරණ නිලධාරින්,....) දඩුවම් කල යුතුය.

      Delete
    3. ඇණයාගේ යෝජනා,

      ඇත්තටම අපි භික්‍ෂූන් වහන්සේ නමකගේ ජීවිතය යනු කුමක්ද කියල අපි මුලින් ම තේරුම් ගත යුතුයි (අද සමාජයේ පන්සල්වල ජිවත්වන අප දකින බුදුරජානන් වහන්සේගේ ධර්මය පිළිබද අවබෝදයෙන් තොර අහිංසක ස්වාමීන් වහන්සේලා ගැන බැලීමෙන් ) ඔවුන්ගේ ඕලාරික ගතිගුන දැකීමෙන් අපි තීරණවලට නොයා යුතුයි.

      මේ ධර්මය ආරක්ශා වී ඇත්තේ භික්‍ෂූන් වහන්සේලා නිසා තමයි, මෙහිදී මතක තබාගත්යුත්තේ ලෝකයේ සෑම දෙයකම වගේ ශාසනයේත් තත්වය නම් සුපේශල සික්ශාකාමී ධර්ම විනය ගැන අවබෝදය ඇති ස්වාමින් වහන්සේ නමක් ඇතිවන්නේ දහස් ගණනකට එක් අයකු දෙන්නෙකු පමණයි, නමුත් මේ අය තමයි විශාලම සේවය සිදුකරන්නේ.

      යම් විදියකින් //ආගම් බේදයකින් තොරව පූජ්‍ය තනතුරු දරන්නන් ආගමික පූජාවන් හී නොයෙදෙන විට ආගමික වස්ත්‍ර‍ ආභරණ (සිවුරු, ...) පැළඳිමෙන් වැළකිය යුතුයි.//

      වැනි දෙයක් සිදුකලොත් අපට සියල්ල නැතිවනු ඇති.

      සෑම දෙයක් වගේම බුදුදහම සහ භික්‍ෂූ සමාජය ගැනත් මුලින්ම යම් හැදෑරීමක් නැතිව අපේ අදහස් දකවන්නේ නැතිව අඩුගානේ දීගනිකයේ සුත්ත කීපයක්වත් කියවා ඇත්නම් සහ කලක් මනස වැඩීමට භාවනාවක් පුහුණු කරලා ඇත්නම් මිට හොද අදහසක් ඉදිරි පත් කල හැකි වනු ඇති.

      Delete
    4. රජය ආගමෙන් වියුක්ත නම් මා වඩා කැමතියි. ඒත් ජනා‍ධිපති වරයා කියා කියනවා බෞද්ධාගම සුරක්ෂිතාව ආණ්ඩුක්‍ර‍ ව්‍යවස්තාවෙන් තහවුරු කරනවා කියා, මගේ යෝජනා ජනාධිපතිවරයාගේ උත්කරුෂඨ ව්‍යායාමය වෙනුවෙන්ය. එතකොට අමතරින් අපේ ඒවාත් සුරක්ෂික කරගන්න වෙනවානේ.

      සාමාන්‍ය අවශේෂ ජනයා තමුන්ගේ කැමැත්ත අනුව වස්තර තොරාගැනීම හෝ නොගැනීම මට අවුලක් නොවේ, ඒත් අධිකාරී බලයක් ඇති යුනිෆෝම් වලට නීතිරීති තියෙන්න එපෑයේ. විශේෂයෙන්ම සිවුර කියන්නේ එය ඇද සිටින පුස්ගලයාට වඩා ගෞරවාදරයක් ඇති පූජනීය භාණඩයක් නෙව එහි ගෞරවය නැති කර දැමීමට එය හැද සිටින්නාට අවශ්තාවක් නොදිම හොඳ නැද්ද?

      Delete
    5. @ ලාංකික.

      /වැනි දෙයක් සිදුකලොත් අපටහසියල්ල නැතිවනු ඇති./ එහෙම වෙන්නේ සිවුර ඇදගෙන හිටියේ ඔයා නම් සහ වෙන ඇඳුමක් නැතුවම ඒක ඉවත්කලා නම් (මේක නරක වුනත් විහිළුවට යි කීවේ)

      එහෙම වෙන්නේ නෑ, ඔර්තඩොක්ස් නිකායේ පූජකයෝ පූජාවට රජ ඇඳුම වගේ ලෝගු අඳිනවා, සාමාන්‍ය මිනිසුන් අතර බොහොම සරල ඇඳුමින් ගැවසේනවා කොහොමටවත් හඳුනාගන්න බෑ. යුරෝපයේ සමහර නිකායවල අයත් පූජාවෙන් පිටත පුංචියට ආගමික සංඛේතයක් තියන සරල ඇඳුම් ඇඳ සිටිනවා දැක සිටිනවා. හැබැයි සිස්ටර්ලා එහෙම අඳිනවා දැක නැහැ. අපේ ආසියාවේ පූජ්‍ය පක්ෂය පොදු ස්තානවල ආගමික වස්තර අැඳිගෙන යන්නේ නීති වලින් ගැලවෙන්න, වැඩි වාසි ලබන්න.

      මා ආගමික ග්‍ර‍න්ත පරිහරණය කරන්නේ නෑ, භාවනා (යෝගී) කරනවා හිත සන්සුන් කරගැනීමට, සන්සුන්ව නිදාගැනිමට අවශ්‍ය වුනාම. මනස වැඩීමට භාවනාවට වඩා කල්පනාව සහ සිතින් තර්ක කිරීම හොඳයි.

      Delete
    6. //රජය ආගමෙන් වියුක්ත නම් මා වඩා කැමතියි//

      ඇත්තටම රජය ආගම්වලට නිතිගේනඑම සහ පාලනයෙන් ඉවත් වියයුතුයි. මෙනිසා තමයි අදාළ විනය තීරණ ගැනීමේ බලය භික්‍ෂූන් වහන්සේලාගේ ඉහල නායකත්වයට ලබාදිය යුතු වන්නේ.

      //මා ආගමික ග්‍ර‍න්ත පරිහරණය කරන්නේ නෑ//
      මෙහිදී බුදුරජානන් වහන්සේගේ නියම ඉගැන්විම ගැන දැනගැනීමට අපට අනිවාර්යෙන් යම් හැදෑරීමක යෙදෙයයුතු වෙනවා (ඔබට තේරෙයි බුදුදහම ලෙස අප දන්නා දෙය නෙමෙයි මෙම ග්‍රන්ථ වල ඇත්තේ ) අත්තෙන්ම බුදුදහම කියන්නේ ඉතා සියුම් විද්‍යාවක් මෙය පහත ක්‍රම එකකින් තේරුම් ගත නොහැකියි

      01. සද්ධා ව
      02. රුචිය :- කැමැත්ත නිසා
      03. අනුස්සව (අනුන් කියන දෙයක් මගින් දැනගැනීම )
      04. ආකාර පරිවිතක්ක (මේ ආකාරයෙන් විය හැකියි, මේ ආකාරයෙන් කිව හැකියි ලෙස, ලෙස ) මෙය තමයි "කල්පනාව සහ සිතින් තර්ක කිරීම හොඳයි " ලෙස ඔබ අදහස් කරනේ මෙයයි.
      05. ධ්ට්ඨි නිජ්ජනක්කන්ති (දැඩි අදහසක් මනසේ තැන්පත් කරගෙන සිටීම )

      ඇත්තටම ඉහත ක්‍රම සියල්ලම නුවනින් බලමින් විමසන්න උවමනායි.

      http://www.accesstoinsight.org/tipitaka/mn/mn.095x.than.html


      //ඔර්තඩොක්ස් නිකායේ පූජකයෝ පූජාවට රජ ඇඳුම වගේ ලෝගු අඳිනවා //

      ඔර්තඩොක්ස් නිකාය වගේ නෙමේ පැවිදිවීම කියන්නේ මෙය සිදුකරන්නේ ලෝකයට සේවය කිරීම මුලික කරගෙන නෙමෙයි තම සන්සාර විමුක්තිය මුලික කරගෙනයි නිවැරදිව පැවිදි ජීවිතය ගතකරනවා නම් ලෝකයට නිරායාසයෙන් සේවයක් වෙනවා

      https://en.wikipedia.org/wiki/Ajahn_Sumedho

      මෙවැනි ස්වාමීන් වහන්සේලා බටහිර ලෝකයේ මෙය සාර්ථකව පෙන්වා තිබෙනවා.

      Delete

  12. //භික්ෂූන් සාමාන්‍ය ජනතාවට වඩා පහත් අන්දමින් හැසිරීම පිළිබඳ මම නම් කැමැත්තක් දක්වමි. //



    මෙහිදී මුල්කියමනෙන් තේරෙන්නේ බවුතික වාදී මිනිසකුගේ බලාපොරොත්තුවක්, අපි මේ බවුතිකවදී රටවල් වෙන වෙනම බැලුවොත් බහුතරයක් මිනිසුන්ගේ ආධායම අපට වඩා වැඩියි නමුත් ඔවුන්ගේ ජිවිත වලට එබී බැලුවොත් මේ මිනිසුන් දැඩි පීඩනයක් මත ජිවත් වෙන අය

    {In general, they found that wealthier nations suffer more from depression, a result they called “counterintuitive.”}
    http://www.latitudenews.com/story/why-are-rich-nations-more-depressed-than-poor-ones-mental-health/


    ඇත්තටම බැලුවොත් ශ්‍රී ලංකව තුල මෙවැනි පිඩනයකින් ජිවත් වෙන මිනිසුන් අනෙක් රටවලට වඩා අඩුයි (මා නිර්ක්ෂණය කල දෙය නම් ශ්‍රී ලංකාවේ දියුණු නගරවල මිනිසුන්ට ඇති පීඩනය දිලිදු ගම්වල නැති බවයි )



    //එය සෙසු ආගම්වලත් සිදු වෙනවා නම් හොඳ ය.//
    හරියට වෙන ආගම් වල මෙවැනි දේ සිදු නොවෙන විදියටයි ඔබේ කතාව, අනෙක් ආගම් වලත් මෙවැනි දේ සිදුවෙනවා. නමුත් අදාළ ආයතන තුලම විදික්රමයක් පවතිනවා ලෝකයට අප්‍රසාදයට පත්වීම වැලක්වීමට, උදාහරණ :- පල්ලියේ අපයෝජනයක් සිදු වූ විට මිට සම්බන්ධ පුද්ගලයන්ව ඔවුන් රහසිගතව නෙරපා හරිනවා. මෙය කරන්නේ අදාළ පල්ලියේ බලය යොදාගෙන.

    නමුත් භික්ෂූ සමාජයේ මෙවනි වැඩපිළිවලක් නෑ රට වටේ අධිකරණ සන්ගනායක තනතුරු තිබුනත් එම භික්ෂූන් වහන්සේලාට කිසිවක් කල නොහැකි
    වේ.

    මෙවැනි පනතකින් භික්ෂූ සමාජයට බලය ලැබෙනවා මෙවැනි වැරදි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් ඉවත් කිරීමට.

    නියම භික්ෂූවක් කියන්නේ තමා ගැන පමණක් සිතන කෙනෙකු නෙමෙයි අතීතයේ සිටි භික්ෂූන් නිසා තමයි අපට මෙතෙක් සැනසීමට යමක් ඉතිරිවී ඇත්තනම් එය ඉතිරුවී ඇත්තේ. මට මතකයි මර්සිලින් ජයකොඩි පියතුමා වරක් කිව්වා ශ්‍රී ලංකාව ශතවර්ෂ ගණනක් ආරක්ෂා වුනේ චිවරෙන් කියල.

    මා දකින විදියට මෙරටේ පවතින සංස්කෘතික බුදුදහමට වඩා බුදුරජානන් වහන්සේ දේශනා කල බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නේ විදේශිකයන් බොහෝ සිටිනවා, මේ විදේශික බුද්ධිමතුන් පැවිදි වී ඇත්තේ කුඩා වයසේ දිලිදු බාවය නිසාවත් තරුනවයසේ දිලිදුබව නිසාවත් නෙවෙයි.
    https://en.wikipedia.org/wiki/Nanamoli_Bhikkhu

    වරක් ප්‍රංශයේ මහාචර්ය වරයකු ශ්‍රී ලංකාවේ කදුබොඩ භාවනා මධ්‍යස්ථානය තුල සති 2ක වැඩ සටහනකට සම්බන්ද වී නැවත ප්‍රංශයට ගොස් ලිපියක් ඒවා කියා තිබුනා ශ්‍රී ලංකාවේ මිනිසුන් හරියට රත්තරන් ගොඩක් උඩ සිටින රිලවුන් සමුහයක් වැනි බව.

    මෙහිදී ඔහු අදහස් කලේ මෙතරම් වටිනා මනස දියුණු කිරීමේ විධි පවතින විට ඒවා කිසිලෙස ප්‍රයෝජනය හොගන්නා බව.

    ReplyDelete
    Replies
    1. /මා නිර්ක්ෂණය කල දෙය නම් ශ්‍රී ලංකාවේ දියුණු නගරවල මිනිසුන්ට ඇති පීඩනය දිලිදු ගම්වල නැති බවයි/ බොහොම දුප්පත් නිරීක්ෂණයක්, ඔවුන්ට තියෙන පීඩනය හවසට බීගෙන එන මිනිහා, තාත්තා ගෙන් ගැලවෙන්නේ කොහොමද කියන එන.

      /නමුත් භික්ෂූ සමාජයේ මෙවනි වැඩපිළිවලක් නෑ රට වටේ අධිකරණ සන්ගනායක තනතුරු තිබුනත් එම භික්ෂූන් වහන්සේලාට කිසිවක් කල නොහැකි වේ./

      ඔය නායක තනතුරු වලට දොස් කියන්න එපා - ඔවුන් තද නීති රීති වලට නොයනවා ඇත්තේ පිටින් සිටින අපට වඩා ඇතුලේ කතන්දරේ ගැන අත්දැකීමෙන් දන්න නිසා, පාර්ලිමේන්තුවේ සිටින වංචනිකයින් හිරේ දැම්මොතින් පාර්ලිමේන්තුවට මොකද වෙන්නේ අන්න ඒ වගේ. අනෙක ඔවුන් දන්නේ නෑ ඒවා වැරදි දේ කියා, පුංචිකාලේ සිට අත්විඳි ඔවුන්ගේ සංස්කෘතිය.

      /අපට මෙතෙක් සැනසීමට යමක් ඉතිරිවී ඇත්තනම් එය ඉතිරුවී ඇත්තේ./ පිළිගන්නවා එය ඔබගේ වගේම අපගේ ජනාදිපතිවරයාගේත් සැනසීමයි, එය සැනසීමක් ලෙස නොදකින මම වැනි අයත් සිටී.

      / මට මතකයි මර්සිලින් ජයකොඩි පියතුමා වරක් කිව්වා ශ්‍රී ලංකාව ශතවර්ෂ ගණනක් ආරක්ෂා වුනේ චිවරෙන් කියල./ එයා විතරක් නොවේ ආසියාවටම පොදු ඔය කාරනය ගැන එංගල්ස් පවා කියා තියනවා, ආසියානු පසුගාමී සංස්කෘතින් කියා.

      /මා දකින විදියට මෙරටේ පවතින සංස්කෘතික බුදුදහමට වඩා බුදුරජානන් වහන්සේ දේශනා කල බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නේ විදේශිකයන් බොහෝ සිටිිනවා,/ ඔබ කියන්නේ චීනය, ජපානය, හෝ කොරියාව ගැන නම් ඔබ නිවැරදියි, යුරෝපය ගැන නම් ඔබ වැරදියි. ඔය යුරෝපයේ බුදු දහම ගැන උනන්දුවක් දන්වන අතිශය සුළු කොටසින් බහුතරය මත්දුව්‍ය භාවිකා කරන්නන්, ඉතිරි අයගෙනුත් බහුතරය කාලෙන් කාලෙට එක එක දේවල් ට්‍රයි කරන අය. තැන් තැන් වල ලියල තියන දේ විශ්වාස කරන්න එපා හිතට තට්ටු කරල බලන්න ඔබේ අත්දැකීම් ගැන, කියන්න මම වැරදීද කියල.

      /ශ්‍රී ලංකාවේ මිනිසුන් හරියට රත්තරන් ගොඩක් උඩ සිටින රිලවුන් සමුහයක් වැනි බව./ සම්පූර්ණයෙන් එකඟයි, මොකද එකම කතාව විවිධ විදිහට තේරුම් ගත්තෑකිනේ.

      Delete
    2. //ඔවුන්ට තියෙන පීඩනය හවසට බීගෙන එන මිනිහා //

      මේක විශාල ප්‍රශ්නයක් උනත් මේක සැමට අදාල නෑ මොකද අද බිමත් ලාභ නෑ අනෙක් අතට අද තරුණයන් දුම්බිමට ඇබ්බැහිවී නෑ .

      //ඔවුන් තද නීති රීති වලට නොයනවා ඇත්තේ පිටින් සිටින අපට වඩා ඇතුලේ කතන්දරේ ගැන අත්දැකීමෙන් දන්න නිසා//

      නෑ ශ්‍රී ලංකාවේ නිතිය අනුව භික්ෂූවක් ඉවත් කිරීමට බලය නෑ, නමුත් ඔබ කියන //ඇතුලේ කතන්දරේ ගැන අත්දැකීමෙන් දන්න නිසා,//
      විශාල අත්තක් තිබෙනවා, මෙනිසා තමයි මේ නීති ලබාගැනීමට ලොකු තැන් උත්සහ නොකරන්නේ


      //අපගේ ජනාදිපතිවරයාගේත් සැනසීමයි// මේක තමයි දේශපාලකයන් ලබන වාසිය නමුත් අපේ රටේ දෙමාපියන් සහ දරුවන් අතර සම්බන්දය බැලීමේදී ශ්‍රී ලාංකිකයන් විශාල සැනසීමෙන් තමයි සිටින්නේ

      //ආසියානු පසුගාමී සංස්කෘතින් කියා// අසියාව් විතරක් නෙමෙයි ඇමරිකාවෙත් මාද්‍ය මගින් සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා මෙනිසා තමයි රටේ නීති තමන්ට එරෙහිව යෝදාගන්නවිට ඔවුෂධ සමාගම් විශාල ලෙස වංචා කරන විට මාද්‍ය මෙම තොරතුරු සමාජගත කරන්නේ නෑ

      හොදම උදාහරණය https://www.youtube.com/watch?v=qxr-cv-JuI8 මෙය ගැන ඔබ දන්නා ඇමරිකානු වැසියකු ගෙන් විමසා බලන්න ඔවුන් මේ ගැන අවබෝදයක් නෑ

      //ඔය යුරෝපයේ බුදු දහම ගැන උනන්දුවක් දන්වන අතිශය සුළු කොටසින්//

      යුරෝපයේ විශාල පිරිසක් සිටිනවා ටිබෙට් ක්‍රමයට සහ මාහයන ක්‍රමවලට සිදුකරන්නන්, නමුත් අප ශ්‍රී ලංකාවේ බුදුදහම වියපත වී ඇත්තේ ඉතා සුළු වසයෙන් මෙය ඇමරිකාවටත් ඔස්ට්‍ර්ලියවටත් අදාලයි

      Delete
  13. "සියලු ආගම් එක හා සමාන ලෙස විනාශ වේවා! ජනතාවට බුද්ධිය පහළ වේවා!"

    මෙම පැතුම ඉටුවන්නේ නම් විශේෂයෙන්ම ලංකාව වැනි ලිංමැඩියන් සිටින රටවල මිනිසුන්ගේ මොල දියුනු වීමට පටන් ගනු ඇත. මනුෂ්‍යත්වය වර්ධනය වනු ඇත ...

    ReplyDelete
  14. මිනිස්සුන්ට බුද්ධිය පහල වුනාම ආගම් කොහොමත් ඉවරයි. බොරුව බොරුව ලෙස දැකීමට නොහැකි ලක්ශ 58 ක් ඉන්න තැනක ඒක වෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි.

    ReplyDelete
  15. මචෝ තරහ වෙන්න එපා කිව්වට...

    පිස්සු හුකන ආන්ඩුවක්...

    ReplyDelete
  16. Mara prarthanawakne eka!E unata mamath ekata kamathiyi!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා