ජනාධිපති නාවන්න වීඩියෝවක් හදා ඇදගෙන නා ගත් අරෝෂ ප්‍රනාන්දු

ජනාධිපතිවරයාගේ 2016 වසරේ නිල ගීතය ලෙස දියත් වූ ගීතය මේ වන විට නො නිල මට්ටමට වැටී තිබේ. 

මෙම ගීතය සමග සම්බන්ධයෙන් ඉවත් වීමට ජනාධිපතිවරයා ගත් තීරණය ලංකාවේ සමාජ මාධ්‍ය සතු බලය පෙන්වන්නකි. 

ජනාධිපතිවරයා රජකුට ඇන්දවූ, මහින්ද රාජපක්ෂගේ විලාසිතාවේ ගොන් ආතල් එකක් වූ මෙම වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වූ සැණින් මතු වූ දැවැන්ත විරෝධය නිසා අන්තිමේදී එය යූටියුබ් වෙතින් ද ඉවත් කරගෙන තිබේ. එය ඉවත් කර තිබෙන්නේ විස්ටා කැපිටල් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනයක ප්‍රකාශන හිමිකම් ඉල්ලීමක් මත බව යූටියුබ්හි සඳහන් වේ. 

විස්ටා කැපිටල් යනු ආයෝජන උපදේශන සමාගමකි. එය පිළිබඳ විස්තර මෙතැනින්. එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙතැනින්. 

මේ වන විට මෙම ගීතයේ නිර්මාපකයන් ලෙස හෙළිදරව් වී තිබෙන්නේ පහත සඳහන් අයයි. 
නිෂ්පාදක: ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු
සංගීත නිර්මානය: දර්ශන රුවන් දිසානායක
ගීත රචනය:අමිල තේනුවර
ගායනය: තුසිත් සිම්සන් / තිලිණ සුදේශ්

ජනාධිපති ලේකම් විසින් මෙවැනි ජනාධිපති ගීයක් නැති බව සඳහන් කරමින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය සමග ඩේලි නිව්ස් පුවත්පත විසින් ඡායාරූප කීපයක් පළ කර තිබේ. එම ඡායාරූපවලින් නිරූපණය වන්නේ ගීයේ නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ සමග පෙනී සිටින ආකාරයයි. ඩේලි නිව්ස් වාර්තාව මෙතැනින්

මෙම පුද්ගලයා විදුලි සංදේශ ක්ෂේත්‍රයට සම්බන්ධව අයෙකි. Sierra Global Network Pvt Ltd ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද සඳහන් වේ. (ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් මෙම වාර්තාවේ තිබේ.) ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ යටිතලය උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත කිරීමේ කටයුතුවලට සක්‍රිය ලෙස මැදිහත් වූ අයෙකි. 

ඔහුගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ විදුලි සංදේශ ඉංජිනේරුවරයෙකි. අරෝෂ ප්‍රනාන්දු ඉංජිනේරු හා ව්‍යාපාර කළමනාකාකරණ ක්ෂේත්‍රවල ඉහළ සුදුසුකම් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවලින් ලබා ගත් අයෙකි. කොළඹ ධනවත් පවුලකින් පැවත එන්නෙකි. පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරමින් සිටි අතර ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේ ය. ඔහු සහ ඔහුගේ බිරිය පිළිබඳ විස්තර මෙතැනින්

අරෝෂ ප්‍රනාන්දු ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරය දරන්නේ 2014 අවසාන කාර්තුවේදී ය. ඒ වනාහි ස්වාධීන රූපවාහිනිය ඉතා ම නරක මාධ්‍ය භාවිතාවක් කළ සමයයි. පොදු හිමිකාරිත්වයක් සහිත ව්‍යවසායක් වන එය ඉතා ම නින්දිත අන්දමින් රාජපක්ෂ පවුලේ බල තෘෂ්ණාවන් වෙනුවෙන් යොදා ගැනුණේ මේ සමයේ දී ය. 

අරෝෂ ප්‍රනාන්දු මේ වන විට ඇඟලුම් ව්‍යාපාරවල හා විනෝදාස්වාද කර්මාන්තය සමග සම්බන්ධ චිත්‍රපට ශාලා හා සිනමා සහ ටෙලි නිර්මාන නිෂ්පාදන ව්‍යාපාරවල ද යෙදී සිටින්නෙකි. 

අරෝෂ ප්‍රනාන්දු දක්ෂ ව්‍යාපාරිකයකු බව පෙනේ. ඔහු වැනි අය ජනාධිපතිවරයාට සමීප වන්නේ සිය ව්‍යාපාරකරණය සඳහා එම සම්බන්ධකම් වැදගත් වන හෙයිනි. ව්‍යාපාරකරණයේදී එය එතරම් නරක දෙයකැයි අපි නො සිතමු. ජනාධිපතිවරයා වුව ව්‍යාපාරික ප්‍රජාව සමග සම්බන්ධකම් පැවැත්වීම ගැන අපට නරක අදහසක් නැත. එහෙත්, ඔහු ව්‍යාපාරිකයන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබා නො ගත යුතු ය. ව්‍යාපාරිකයන්ට අයුතු වරප්‍රසාද නො දිය යුතු ය. 

අරෝෂ ප්‍රනාන්දු ඇදගෙන නාන්නේ ජනාධිපතිව රජෙකුට අන්දන වීඩියෝවෙනි. ඔහු කෙතරම් දක්ෂ ව්‍යාපාරිකයකු වුවත්, දේශපාලනයේදී හා ජනසන්නිවේදනයේදී තොත්ත බබෙකු බවට මෙම වීඩියෝව නිදසුනකි. එය මහින්ද රාජපක්ෂට ගැලපෙන එකකි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වන්නේ ඊට හාත්පසින් ම වෙනස් දේශපාලන පසුබිමකිනි. එම දේශපාලන සංදර්භය සමග මෙම වීඩියෝව කිසි සේත් ම ගලපන්නට බැරි ය. එය මෛත්‍රීපාල සිරිසේන නම් පුද්ගලයාගේ මනෝභාවයන් සමග හෝ ගැලපෙන බවක් වීඩියෝවට අත් වූ ඉරණමින් පෙනේ. 

මෙම වීඩියෝවෙන් අපට ලංකාවේ ධනපති ව්‍යාපාරිකයන්ගේ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන. කොළඹ අගනාගරික, ධනවත් පවුලකින් පැවත එන, සමහර විට බොදු ගොවි නො වන, ආනන්ද විද්‍යාල මට්ටමෙන් පමණක් ජාතිය ගැන දන්නා, ඕස්ට්‍රේලියාවේ උගත්, ජාත්‍යන්තර ව්‍යාපාරික ආයතන ගණනාවක අත්දැකීම් ඇති, සාර්ථක ව්‍යාපාරිකයකු වන, සාපේක්ෂ වශයෙන් තරුණ, සුන්දර රූසපුවක් ඇති, ලස්සන පෙම් කතාවක් ඇති මෙවැනි මිනිසුන් මෙසේ ලාභ කපටින් ලෙස හැසිරෙන්නන් බවට පත් වූයේ ඇයි? 

ලංකාවෙන් බිහි වන ව්‍යාපාරික නායකයන් ‍බොහෝ දෙනෙක් ඒ.එස්.පී. ලියනගේ වැන්නන් වන්නේ ඇයි ද යන්න මට නො තේරේ. 

ලංකාවේ ධනපති පංතිය ගොන්පාට්කරණය කළ මධ්‍යම පංතික විප්ලවවාදියා අනුර කුමාර දිසානායක නො වේ. මහින්ද රාජපක්ෂයි.

එහෙත්, ලංකාවට අවශ්‍ය වන්නේ මෙවැනි දක්ෂ මිනිසුන්ට නායකත්වය දෙන රාජ්‍ය නායකයන් මිස ඔවුන් අන්දන හෝ ඔවුන් අතින් ඇන්දෙන අය නො වේ. 

මෙම සිද්ධියෙහිදී ජනාධිපතිවරයා විසින් පෙන්නුම් කර තිබෙන්නේ ඔහු එවැනි නායකයකු නො වන බවයි. 

අනෙක වැඩේ අල වූ පසු මිතුරා පාවා දෙන එවුන් මොන මිනිස්සු ද?  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "මේවා ලොක්කා ගේ අනුදැනීමකින් තොරව වන්දිබට්ටයින් කරන වැඩ විය යුතුයි" කියායි මට නම් එදාම හිතුනේ!

    මොකද මෛත්‍රීපාල ගේ මා අසා ඇති දේශන කිහිපයට අනුව ඔහු මෙවැනි වැඩක් අනුමතක කරාවි යැයි හිතන්නට බෑ!

    ReplyDelete
    Replies
    1. අනේ රසික...රජාට අඳින්න ලැබෙනව නං ඔය කවුරුත් අඳිනව. කතා වලින් දේශපාලකයො මනින්න එපා. ක්‍රියාවෙන් මනින්න.

      Delete
    2. රසික ඔබගේ අදහස ඉතාම පුදුමාකාරයි වගේම හාස්‍යජනකයි නේද? ඔය තියරියෙන්ම බැලුවොත් මරාලා, බලුවන්සලා තරම් රටට ජාතියට ආදරේ උන් ලොවෙත් නැතිවේවි. ඇත්තම කතාව නම් මෙයත් මරා ඇතුලු අනිත් අය වගේම කපටි දෙස්පලුවෙක්. බොරුවට කටින් බොරු සරලකමක්, නිහතමානීකමක් පෙන්නන්න හදනව ඉස්සර මරාල ජාති ආලෙ පෙන්නුව වගේ.

      Delete
    3. // AnonymousJanuary 12, 2016 at 11:50 AM //

      Well said Ano :)

      Delete
    4. http://ynews.lk/wp-content/uploads/2016/01/10307411_10153750051716327_727198280030089610_n.jpg

      pa.go.

      Delete
    5. තවම හනිමූන්.
      මට අන්ධ භක්තියක් නම් නැත.

      Delete
    6. අනික මෛත්‍රීපාල තවම ජාතිවාදී ප්‍රවනතාවක් පෙන්වා නෑ. ඒක තමයි ජනප්‍රිය වෙන්න ලේසිම ක්‍රමය.

      Delete
    7. හුටා ... විචාගේ වගේ රසිකගේ ප්‍රොෆයිල් එකටත් ගොනා ඇනලද?
      ම.ගෝ.

      Delete
  2. මෙම වීඩියෝව ස්වාධීන රූපවාහිනියේ විකාශය කරවීමට රුපියල් ලක්ෂ 15 ක් ගෙවූ ධනුෂ්ක රාමනායකට එම මුදල ලැබුන ආකාරය සොයා බැලිය යුතුය.

    ReplyDelete
  3. කෝ ෂෙයාර් ලින්ක්ස්?

    ReplyDelete
  4. //අරෝෂ ප්‍රනාන්දු ඇදගෙන නාන්නේ ජනාධිපතිව රජෙකුට අන්දන වීඩියෝවෙනි. ඔහු කෙතරම් දක්ෂ ව්‍යාපාරිකයකු වුවත්, දේශපාලනයේදී හා ජනසන්නිවේදනයේදී තොත්ත බබෙකු බවට මෙම වීඩියෝව නිදසුනකි. //
    එතකොට පිටපත ලියල අධ්‍යක්ෂණය කළ වුන් හා විකාශය කළා නම් කළ උන් බබ්බුද?

    ReplyDelete
    Replies
    1. කලාකාරයෝ කියන එවුන් ගැන නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. සල්ලි දෙනවා නම් උන් ගූ වුණත් කයි.

      Delete
    2. කලාකාරයෝ විතරක් නෙමෙයි අජිත් නයිටීඇන් ඇතුලු රජයේ ජඩමාධ්‍ය, නිලධාරීන් බොහොමයක් වෙනස් වෙලා නැහැ. බොරුවට "අපි දැන් මාර වෙනස්" කියල පෙන්නන්න හදනවා විතරයි. ජනපති කරන්නෙත් ඉස්සර මරා කරපු දේවල්ම කොපි කරන එක. හැබැයි ඉතින් මරාට වඩා මෙයා ස්වභාවිකවම සිම්පල් නිසා ඉස්සර තරම් කැපිල පේන්නෙ නැහැ. ඔක්කොම සෙල්ලම් කටින් විතරයි.

      Delete
    3. "කලාකාරයෝ කියන එවුන් ගැන නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි. සල්ලි දෙනවා නම් උන් ගූ වුණත් කයි. "

      සමහරක්‌ බ්ලොග් කාරයොත් එහෙමයි!!

      -pa.go

      Delete
  5. මේක ඔය කියන තරම් නරක එකක්මද කියලා ඩවුන්ලෝඩ් මෙතනින් ඩවුල්ලෝඩ් කරන් බලන්න.

    http://www.mediafire.com/watch/fu8twl5y50ckr88/President%27s_Official_Song_for_2016_Numba_Ape_Minihek-Original_Video.mp4

    ReplyDelete
  6. //සමහර විට බොදු ගොවි නො වන //
    මොකක්ද හප්පේ මේ හරුපේ??

    ReplyDelete
    Replies
    1. බොදු ගොවි කියන්නේ මේ රටේ අධිපතිවාදී ප්‍ර‍ජාවක්. අනෙකුත් අය මොවුන් අතින් පීඩාවට පත් වෙනවා. පීඩකයෝ සාමාන්‍යයෙන් පහසුවෙන් අගතීන් සමග එකතු වෙනවා. පීඩිතයන්ට පීඩනය නිසා ම පුළුල් ජීවිත පරිඥානයක් ලැබෙනවා. හැබැයි මේ කියපු කාරණා සියල්ල සාපේක්ෂයි.

      Delete
    2. adipathivadi prajava RADALA, Govi kiyanne govithen karapu aya, Radala aya passe Govi kulayata ekathu vuna neda

      Delete
  7. පැරා,

    මම කලිනුත් කිව්වා වගේ මහින්ද කියන්නේ ලෝකයම දිනන්න බෑ කියපු ත්‍රස්තවාදීන් සම්පුර්ණයෙන් විනාශ කිරීමට නායකත්වය ගත් මිනිසායි, ඔහුට විශාල දෙසපලනමය ප්‍රාග්ධනයක් තියනවා, මයිත්‍රීපාල හරියට හිගන්නෙක් වගෙයි සංසන්දනය කලවිට.

    අනෙක් අත්ට මයිත්‍රීපාල ජනාධිපති ට චන්දය දුන්න පිරිස මහින්දට චන්දය දුන්න පිරිස වගේ මෝඩ රැලක් නෙමෙයි, ඔබ බලන්න https://www.facebook.com/pattakolla/videos/458834640986800/ සිද්ධිය වන්නේ මහින්දගේ කාලේ, දැන් මොවුන් පෙන්වන්න යනවා මෙය යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ දෙයක් හැටියට (මම දැක්ක මාරයත් මේක මුනුපොතේ ගෙන තියන විදිය )

    එතකොට මහින්දව අයින් කල යුතුම වෙනවා එකේ කතා 2ක් නෑ, නමුත් මයිත්‍රීපාල ට මේ ගොන් ආතල් දන්න ආවොත් ඇපත් නැතිවනවා.

    ඔබට මතකද මම PAYPAL ගැන සදහන් කළා ඔබත් කිව්වා මෙය රජය උනන්දුවියයුතු බව කෝ අදත් මෙය සිදුවී නෑ ඔබ කියලත් දැන් මාස 2 පමණ වෙනවා, ඔබ කිව්වා මම ඉදිරිපත් කරන නියාය පැරණියි කියල, කෝ ඉතින් ඔබේ අලුත් නියායට මේවා සිද්ධවෙනවා.

    පැරෝ කෙනෙක් කියන්න පුළුවන් අපිට හරියන් නේ මේ ඉන්න අලුත් නියාය සහිත "සුපර් මෑන්" කියල, පොඩ්ඩක් කන්නාඩිය දාල බලන්න ඉන්න එකා ඇදල තියෙන්නේ උඩට අදින ඇදුම යටට, යටට අදින ලන්කට් එක උඩට !!

    ReplyDelete
  8. නගමු පුලතිසිපුර ව්‍යාපෘතියත් එක්ක නම් මේ සිංදුව සෙට් වෙනවා.. අවුල හරියට කරගන්න බැරිවුණු එක.. කොහොම වුණත් වුණේ හොඳට.. පුලතිසිපුර වැනුමටත් ලොකු මුදලක් වෙන්කරන්නයි යන්නෙ.. ඒ නිසා මේ සිංදුව ගොන්පාට් වෙච්ච එකෙත් නරකක්ම නෑ..

    ReplyDelete
  9. https://www.facebook.com/malin.tharanga/posts/10207042520035005?pnref=story Menna balanna Vista Capital eka facebook video walatath paharadenna patan aran.. :D

    ReplyDelete
  10. 1. එතකොට ජනාධිපති බබා, එයා දන්නේ නෑ හීනෙන්වත් මෙහෙම එකක් හදනවා කියලා. අරෝෂ facebook එකේ ඔක්කොම තිබ්බා හැබැයි දැන් ඩිලීට් කරලා
    2. එතකොට ඔය අරෝෂ ගේ මනොකායද නිදහස් චතුරශ්‍රයේ උත්සවය සංවිධානය කරේ.
    3. A .S. P . ලියනගේ විතරද නරක, දැන් සජින් වාස් එල කොල්ලෙක්ද?
    4. ඩේලි නිව්ස් වාර්තාව තනිකරම "පාවා දීමක්", හරියට තමන්ගේ ගෙදර බල්ලා අල්ලපු ගෙදරින් හොරා කාල අහුඋනම සමහරු කියන්න, බලන්නකෝ මම දන්නේනනේ මූ මෙහෙම කරනවා කියල, පැටිය කාලේ මූ හිටියේ අරහෙනේ, එහෙන් වෙන්න ඇති පුරුදු වෙන්න ඇත්තේ.


    පැරා, ඉංගිරිසි ටීචර් කෙනෙක්ද, සයන්ස් ටීචර් කෙනෙක්ද, නිකමට අහන්නේ, නියමෙට සාන්ද්‍ර තනුක කරනවා.

    රසික, හරිම දුකයි ඔබ ගැන (දැන් ඉතින් දාපන් බර හෑල්ලක්, ඇනෝ කියන ඒවා ගණන් ගන්නේ න කියල :) )

    -pa.go.

    ReplyDelete
    Replies
    1. තවම හනිමූන්. සැකයේ වාසිය සිරාට දෙමි.
      මට අන්ධ භක්තියක් නම් නැත.

      Delete
    2. එතකොට රසික තාමත් හිතන්නේ මේක m3 බබා නොදැන, m3 බබාට හොරෙන් කරපු එකක් කියල. බලන්නකෝ එකෙත් හැටි නේද රසික, මෙහෙමත් අසමජ්ජාති මිත්‍රයෝ, එකට ඉඳගෙන ඉදලත් කියල නෑ. සමහර විට සප්‍රයිස් එකක් වෙන්න ඇති.

      https://www.colombotelegraph.com/index.php/official-king-song-sirisena-approved-the-song-and-now-he-lies/


      ප.ගෝ.

      (අද කාලෙකින් පැරාගේ බ්ලොගය කියවනවා මිස් වෙච්ච ඒවා. දුකයි, වෙලා තියන දේට, මොනවා වුනත් තමන් කාල ඇඳලා තමන්ගේ දරු පවුලට හොඳක් කරන්න කවුරුත් කැමතියිනේ )

      මේකත් බලන්න, පට්ට ආතල්, මේක එඩිට් කරපු එකාට අඩුම ගානේ සෙන්ස් එකක් තියනවා ඒක ඒ කාලෙට අනුව ගැලපෙන්න කරන්න,
      https://www.youtube.com/watch?v=uo19G5BZQ-E

      Delete
    3. පසුගාමී ගෝත්‍රිකයා දෙවන වතාවටත් අපි ලියන්නේ සල්ලිවලට ය කියන එක ගැන ඉඟි කරලා තිබෙන නිසා මේකත් කියන්න ඕනැ. මුන් ඒ පැත්තෙන් මහින්ද වගේ නෙමෙයි. අපි මුන්ට මෙච්චර කඩේ යනවා. සත පහක උදව්වක් අපට නැහැ. ඔබට පුළුවන් නම් මුදල් ලැබෙන ක්‍රමයක් සකස් කර දෙන්න. අපි උන්ට කරන සේවය වෙනුවෙන් උන් අපට ගෙව්වාට වරදක් නැහැ. මොකද, අපි කළ දේවලින් උන් බලයට පත් වී සැප විඳින නිසා. හැබැයි සල්ලි නො දුන්නා ය කියලා අපි නො ලියා ඉන්නෙත් නැහැ. සල්ලි දුන්නා ය කියලා ලියන විදිය වෙනස් කරන්නෙත් නැහැ. කාට හරි ගිනුම් අංකය ඕනැ නම් කියන්න.

      Delete
    4. ඔව්, පලවෙනි පාරටනම් උඩ එහෙම කිව්වේ කින්ඩියට, එත් දෙවෙනි පාරනම් කිව්වේ ඇත්තටම. මහින්දගේ කාලේ මහින්දව එලව එලව පහර දුන්නනම් එතන කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබට තාම ඔහුගෙන් ගැලවෙන්න බැරිඋනා, අර කිනිතුල්ලගේ කතාව වගේ කොහෙන් හරි මිනිහව අල්ලලා සැබෑ ප්‍රශ්නේ සැර බාල කරන එක විතරයි කරන්නේ. , ඔබේ දැන් ලියවිලි වල structure එක සරලයි, මුලින්ම ප්‍රශ්නේ ගැන පොඩ්ඩක්, මැද නෙලනවා මහින්දට, අග කියනවා මොනවා උනත් අප ජිවිත පරිත්‍යාගයෙන් හදපු ආණ්ඩුව මහින්දගේ කුක්කන්ගේ බෙර ගන්න ඕනේ, එකට අපි තව ඉවසන්න ඕනේ, තවම අවුලක් නෑ, la bla bla.....

      අර තව කෙනෙක් කිව්වා වගේ හෝදනවා කියල නොතේරෙන්න හෝදන එක තමයි ඔබ කරන්නේ. ඔබ ඇත්තම යහපාලනයක් ගැන එහෙම නැත්නම් ජනතාවාදී ලේඛන කලාවක යෙදෙනවානම් ඔබට පට්ට ගහන්න ඕන තරම් දේවල් මේ අවුරුද්දට උනා. නිකන් හිරුනිකා ගේ කේස් එක වගේ නෙවෙයි (පැහැර ගැනීම ලඝු කරනවා නොව, impact level එක).

      1. මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා - සෝ කෝල්ඩ් (ඊනියා ??) ජාතික ආණ්ඩුව, තනිකරම මහින්ද කුට්ටිය දීල කරපු එකම මේගොල්ලෝ තගෙන් සහ කුට්ටියෙන් කරා. කෝ ඔබගේ විවේචන? 30 ඇමති මණ්ඩලය?? මහින්ද කිව්වා වේවා මිනිස්සු එපා කිව්ව අයව නිත්‍යානුකූලව උවත් ඇමතිකම් දෙනකොට, ඇමති බලතල වරප්‍රසාද ඇති දිස්ත්‍රික් කමිටු සබාපති කම්??? කොහොමද විපක්ෂය කොල්ල කාපු හැටි, ලෝකේ පලවෙනි එක වෙන්න ඇති ආණ්ඩුවේම සපෝටර් කෙනෙක් විපක්ෂේ නායකයා කරන්නේ, ඔබේ විවේචනය තමයි මහින්ද මීට වැඩ හපන්, මහින්දට ආපහු එන්න බැරිවෙන්න මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ. එකත් සෝක් තර්කෙ. එළුවා මලත් කමක් නෑ මුට්ටිය තියනවනම්. කරුමේ කියන්නේ එළුවාත් මැරිලා, මුට්ටියත් බිඳිලා මදිවට පිහියත් උස්සලා.

      2. දැන් මර්වින්ලා, සජින් ලා, දුමින්දලා හොඳද? ඔබලමයි ඒ දවස්වල බ්ලොග් ලිව්වේ මේ මිනිස්සුන්ට බැන බැන. එතකොට දුෂ්ට ඒකාධිපති පාලනයේ නරකට ඉඳල තියෙන්නේ මහින්දයි ඒකාබද්ද විපක්ෂේ 50 යි විතරද?

      3. මහ බැංකු සීන් එක, ඔබගේ විශ්ලේෂණය කියවූ විට මට තේරන එකම දෙය, කවුරු හෝ කියපු යමක් ඔබ ඔබගේ වචනයෙන් ලියා ඇති බවයි.

      ඔය ඇති, මම පන දාගෙන මේක කෙටුව කියල ඔයා ලියන ඈන්ගල් එක වෙනස් කරන්ඩ බැනේ, බරුවත් ඇතිනේ, මේ ලෝකේ සමබර මාධ්‍ය කලාවක් නෑ කොහෙවත්, ඒක ඉස්සර ත්‍රිශුලය/යුක්තිය පත්තර වල ඉඳන් CNN යනකම් එහෙමයි. ඉස්සර බත් ඔතන්න හොඳයි කියපු දිනමිණ/daily news වලට ලින්ක් කරන්න තරම් ඒවා ගුණාත්මක උනාද එහෙම නැත්නම් පැරා කොලිටි බැස්ස ගත්තද කියන එක හොඳට හිතල බලන්න. ඒ අතින් සඳරුවන්ගේ enews එකයි විමල්ගේ cnews එකයි අවංකයි. උන් එළිපිටම වැඩ.


      ඔබ ළඟ (සහ වත්මන් රජයේ අනුගාමිකයින්ගේ ) බොහොම සුන්දර තර්කයක් තියනවා ඕන වැඩක් සදාරණය කරන්න.

      ".... කෙසේවෙතත් ඒකාධිපති, මිනීමරු, තුච්ච, ..., ...., ...., ...., මහින්ද රෙජිඉමයට වඩා යහපාලනය තවමත් හොඳයි " එහෙම නැත්නම් "පසුගිය රෙජීමයෙ කටු කෑ පිරිස් තවමත් බලවත් ". තව ඕනනම් රසික කිව්වා වගේ "සැකයේ වාසිය"

      හරි සෝක් නේද?

      අවසානයේ, ඔබගේ මේ ලියමන ගැන කතා කරොත්, මුළු ලිපිය පුරාම අරෝෂ නමැති පුද්ගලයා ගැන ලියනවා, මොකද ඒක තමයි මෙතන distraction point එක. නමුත් ලියනවනම් ලියන්න තිබ්බේ m3 ගේ මේ අලුත් entrance එක නේද. නැතිව අරෝෂ ගැන හොයනවනම් බුකිය පැත්තේ ගියොත් කාපු බිපුවත් දාල ඇති. අරෝෂ යනු තවත් එක වැලක් විතරයි, හරියට ජැකලා, සොමෙල වගේ, ගස් තමයි බොස් අපිට ප්‍රශ්නේ


      -ප.ගෝ.

      Delete
    5. පොඩි ප්‍රශ්නයක් අහන්නම්. පසුගිය කාලයේ අතුරුදහන් වී සිටි පසුගාමී ගෝත්‍රිකයා නැවත පාදුර්භූත වීම හා මහින්ද අලුතෙන් කමෙන්ට් බලකායක් පත් කර ඇති බවට යන ප්‍රවෘත්තිත් අතර සම්බන්ධය කුමක් ද?

      Delete
    6. ප.ගෝ.

      මට නම් මෛත්‍රීපාල හෝ වෙනත් දේශපාලුවෙකු ගැන අන්ධ භක්තියක් නම් නැත. යම් දිනයක් වෙනතුරු කියන කතා, කරන ක්‍රියා සහ නොකළාය කියන දේ විශ්වාස කිරීමට සිදු වේ.

      මෛත්‍රීපාල බොරු කාරයෙකු නම් ඒ දිනය දැනටම පැමිණ ඇතිවා විය හැකියි.

      නමුත්, එක වෙනසක් පෙනේ.

      ජනතා අප්‍රසාදය නිසා හෝ මෙකී වීඩියෝ ගීතය ඉවත් කරගෙන ඇත. එය අප මීට කලින් දැක නැති දෙයක් නොවේද? විරෝධය පළකරන්නන් ගේ හඬට වටිනාකමක් ඇති බව නේද එයින් කියවෙන්නේ?

      ඔබට අවශ්‍ය ජනතා විරෝධය නොසළකා දිගටම තම මතයට ක්‍රියා කරන නායකයෙකු ද?

      Delete
    7. " කමෙන්ට් බලකායක් ....."

      මම ඇත්තම කිව්වනේ පැරා, කාලෙකින් තමයි මම ඊයේ කොමෙන්ටුවක් දැම්මේ කියල. අද විශේෂයෙන් අවෙත් රිප්ලයි එකක් ඇතිද කියල බලන්න. මම එක දවසකට දැම්ම කොමෙන්ට් වලට පැරාට ඔහොම හිතෙනවනම් පැරා ගේ ලියුම් වලට මට අරම හිතෙන එක සාදාරනයි නේද? පැරා, please මම කියපුව කියවන්න/කරන්න .

      රසික,
      "ඔබට අවශ්‍ය ජනතා විරෝධය නොසළකා දිගටම තම මතයට ක්‍රියා කරන නායකයෙකු ද?"
      වීඩියෝ එකක් සුළු දෙයක් නේ ලොක්ක, ජනතා විරෝධී පැරදිච්ච අයට තනතුරු දෙනකොට හොඳයි. කිතුල් ගහක් එහෙම තියනවද?

      "මෛත්‍රීපාල බොරු කාරයෙකු නම්"
      හොරා, හොම්වර්ක් කරේ නැනේද? 2014 Nov වල ඉඳන් ඉදිරියට මග හැරුන කතා නැවත කියවන්න.

      පැරා/රසික, මම මේ කොමෙන්ට් මෙච්චර දැම්මේ ඔබලාගේ අන්ධ පාක්ෂිකත්වය ගැනයි. නැතිව මට m3 (හෝ රනිල්) ගැන ප්‍රශ්නයක් නෑ. ඔහුත් අනෙක් අය වගේම ලංකාවේ දේශපාලකයෙක්. මට ඔහුගෙන් අනිත් යට වඩා විශේෂයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔබලාට ඔහු සුද්දවන්තයෙක්, අනේ එයනම් වැරද්දක් කරන්නේ නැති බබෙක්. කොළ/නිල/රතු ලේ තියන උනොත් ඔහොමමයි. තමන් පක්ෂ එකා කරන එක ශේප් කරන්න බැරිනම් සැර හරි බාල කරනවා. ඔබල දැන් මට කියයි ඔක්කොම එකයි කියල හිටියොත් හරි යන්නේ නෑ අපි යමක් කරන්න ඕනේ... වගේ ලාමක ටින් ටින් කතා. ඔබ දෙන්නම මට වඩා වැඩිමල්, නමුත් මේක ලංකාව, DS ගේ ඉඳන් අපිට කවදාවත් හොඳ එකෙක් ආවද? DS මැරෙන්න යද්දී කොහොමහරි පුතාව සෙට් කර, මෙහෙම ගියොත් මට කෙලවෙනවා කියල හිතපු SWRD රෙද්ද බැනියම ඇඳන් එලියට බැස්ස, එදා ඉඳන් ඕකයි. අපිට හැමදාම ලැබුනේ නරක අඩු වැඩි ය විතරයි, ප්‍රේමදාසගේ උනත් හොඳ වැඩ තිබ්බ. m3 විතරක් විශේෂ සත්වයෙක් වෙන්නේ නෑ, එහෙම වෙන්න ඉස්සරහටවත් කවුරුවත් නෑ. මොකද හැමෝම තමන්ගේ වාසියට විතරයි.

      මම ගැන ඇහුවොත්, මට කොයි එකා ආවත් එකයි මට ආර්ථික ප්‍රශ්න නෑ, පසුගිය කලේ මට ලැබුන එකම දෙය යුද්දෙන් තිබ්බ බිය නැති වෙච්ච එක විතරයි. නමුත් මට තිබ්බ සමාජීය ප්‍රශ්න එහෙමමයි, උදාහරණ ලෙස, සාමාන්‍ය වැසියෙක් විදියට මට නීතියේ ආරක්ෂාව, ව්‍යවස්ථාවෙන් මට තියන අයිතීන් කිසි දෙයක් ඔය කවුරු ආවත් වෙනස් වෙලා නෑ. රනිල් ගේ කලේ ගෝනවිල සුනිල් හරි (හරි හරි කාලේ වෙනස් තමා), මහින්දගේ කලේ තංගල්ලේ අර මන්ත්‍රී හරි (නම මතක නෑ), m3 කලේ හිරුනිකා හරි ඇවිත් මට මුකුත් කරා නම්, මට සාදරනයක් ලැබෙන්නේ නෑ. අඩුම ගානේ සාමාන්‍ය මිනිහෙක් මට මුකුත් කරනම් මට පොලිසියෙන් සදරනයක් වෙන්නේ නෑ ඔහු OIC දන්නවනම්. මම ඉතින් ASP අල්ලන්න ඕනේ, හැබැයි වැඩේ චක බ්ලාස් මිනිහ SSP ව ඇල්ලුවොත්, දෙන්නටම හොඳට links තියනවනම් ඕක Gov. ප්රෝටෝකොල් .එකේ උඩටම ගෙනියන්න පුළුවන්.

      මේ ඇති, ආයි මහින්ද මට ගානක් ගෙව්වම ලියන්නම්.

      -ප.ගෝ.

      Delete
    8. මචන් ප.ගෝ.
      අරූ M3, පැරා W3, අකුර උඩුයටිකුරු වෙලා විතරයි. රසිකට මරියකඩේ ෆ්ලු එක හැදීල මොලේ කචල්. ඒකයි අවුල. පැති මාරුවක් පමණි, තත්වයේ වෙනසක් නැත. ඩෝන්ට් ටේක් මැත්මටික්ස්.
      මයෝසීන කාලේ ගෝත්‍රිකයා

      Delete
    9. well said ano(pago)...

      Delete
    10. මුලින්ම පගෝ සොයුරාට තුති මල් මිටක් !

      අජිත් සහ රසික,

      මා ඔබ දෙදෙනාගේ වයසින් අඩක් පමණවන ඔබලාට සාපේක්ශව ඉතාම අඩු අත්දැකීම් ඇති කෙනෙක් වශයෙන් මටනම් පෙනෙන්නේ සිරිසේන කියන්නේත් මරාට වඩා යම්තාක් මෘදු තවත් එක් සටකපට දේශපාලකයකු පමණක් බවයි. ඔබ කියන අයුරින් යහපාලනයේ විශේෂ හොඳක් නොදකිමි. මට පෙනෙන එකම හොඳ නම් පවතින රජයේ ඉහළම අයව උග්‍රලෙස විවේචනය කිරීමට ඇති මානසික භීතිය අඩුවී ඇති බව පමණි. මතුපිටින් ඉතා ජනතාවාදී සැහැල්ලු පාලනයක් ලෙස පෙනුනත් ඇත්තටම ඇත්තේ එදා පැවති පාලන ක්‍රමයේම (පිටින් අයිසින් තැවරූ) දිගුවක් පමණි.

      Delete
    11. පැරකුම්,

      කලකට ඉහත මුලින්ම ඔබට මුදලට ලියන බවට එල්ලවූ චෝදනා වලට ඔබ දුන් පිළිතුරු නිසා ඔබගැන ගරුත්වයක් ඇතිවුණා. ඔබගේ එකල පැවති බොහොමයක් සාධනීය අදහස් කෙරෙහි මා පැහැදුනා. නමුත් දැන් නම් ඔබත් පැරණි විප්ලවීය කලාකරුවන්, ජැක්සන්, රෝහණ ආදීන් දූශිත මරාට කඩේගොස් පිරිහුණාක් මෙන් යහපාලන කැඳහැලියේ නලියන පණුවකු පරිද්දෙන් පිරිහෙමින් පවතින බව කණගාටුවෙන් වුවත් කියයුතුය. වහාම තත්ත්වය පාලනය නොකලහොත් ඔබටත් වෙන්නේ ඔවුන්ට මෙන්ම ඇඩ්‍රස් නැතිවීමයි.

      පගෝ නමැත්තා කලකට පසු කමෙන්ට් දමද්දී ඔහු මරාගෙන් මුදල් ගත් කමෙන්ට් බලකායක කෙනෙක් යැයි කීම ඔබ උපහාසාත්මකව කීවා වියහැකියි. නමුත් මටනම් එය අතිශය පිළිකුල් සහගත ප්‍රකාශයක්. එදා ඔබේ අදහස් බැලුවාම රනිල්-මයිත්‍රී කල්ලිය බ්ලොගය හැක් කළාදෝ කියා සිතෙන තරමටම පිරිහිලා වගේ මටනම් පේන්නෙ.

      Delete
    12. පැරකුම්,

      කලකට ඉහත මුලින්ම ඔබට මුදලට ලියන බවට එල්ලවූ චෝදනා වලට ඔබ දුන් පිළිතුරු නිසා ඔබගැන ගරුත්වයක් ඇතිවුණා. ඔබගේ එකල පැවති බොහොමයක් සාධනීය අදහස් කෙරෙහි මා පැහැදුනා. නමුත් දැන් නම් ඔබත් පැරණි විප්ලවීය කලාකරුවන්, ජැක්සන්, රෝහණ ආදීන් දූශිත මරාට කඩේගොස් පිරිහුණාක් මෙන් යහපාලන කැඳහැලියේ නලියන පණුවකු පරිද්දෙන් පිරිහෙමින් පවතින බව කණගාටුවෙන් වුවත් කියයුතුය. වහාම තත්ත්වය පාලනය නොකලහොත් ඔබටත් වෙන්නේ ඔවුන්ට මෙන්ම ඇඩ්‍රස් නැතිවීමයි.

      පගෝ නමැත්තා කලකට පසු කමෙන්ට් දමද්දී ඔහු මරාගෙන් මුදල් ගත් කමෙන්ට් බලකායක කෙනෙක් යැයි කීම ඔබ උපහාසාත්මකව කීවා වියහැකියි. නමුත් මටනම් එය අතිශය පිළිකුල් සහගත ප්‍රකාශයක්. එදා ඔබේ අදහස් බැලුවාම රනිල්-මයිත්‍රී කල්ලිය බ්ලොගය හැක් කළාදෝ කියා සිතෙන තරමටම පිරිහිලා වගේ මටනම් පේන්නෙ.

      Delete
    13. Pa. Go.
      Well said. In recent times, it looked Pera is becoming a M.Abesundara.

      Delete
  11. ඔන්න අයි.ටී.එන් එකට ලේක් හවුස් එකට එහෙම ඉගෙන ගන්න ඕනෙ කමක් තියෙනවනම්, වටිනා කියන ලිපිය. හෝදනවා වගේ නොතේරෙන්න, හෝදන හැටි.
    Good job Paraa !!!

    ReplyDelete
  12. අරෝෂ ප්‍රනාන්දු විතරක් නෙමේ මෛත්‍රීත් හොඳට එකෙන් නා ගත්තු බවකුයි පේන්නේ.

    ReplyDelete
  13. ලංකාවෙන් බිහි වන ව්‍යාපාරික නායකයන් ‍බොහෝ දෙනෙක් ඒ.එස්.පී. ලියනගේ වැන්නන් වන්නේ ඇයි ද යන්න මට නො තේරේ. /////////// ASP 9 වසරේ අපේ ගණිතය ටියුෂන් ගුරුවරයා

    ReplyDelete
  14. රජ පිස්සුව ඕසෙට. සමරන්න මෙළෝ දෙයක් නැති උනාම කරන්න තියෙන්නේ ඔච්චර තමයි... මුන් එක්ක බැලුවම ප්‍රේමදාසලට ජේ ආර්ලට සැටලයිට්ලට මල් තියලා වඳින්න ඕන... මේ පෙන්වන්නේ මුන්ගේ හීනමානය...

    ReplyDelete
    Replies
    1. සැටලයිට්ට අහවල් එකටද බන් මල් තියන්නේ? නූතන විහාරමහා දේවිය කියල ගහපු බයිලෙටද නැත්නම් සුදු නෙලුම් තවලම් නම් වලින් කෝටි ගණනින් රජයේ වියදමින් ගහපු නහුතයක් වැල් බයිලාවලට උපහාර පිණිසද?

      ප්‍රේමෙ අයියගෙ සාස්තරකාරයොයි, සෙත්ශාන්තියි තව ලියපු පොත්පත් සින්දු, නවකතා එහෙම ඔහේට මතක නැතෙයි? අපිටනම් තාම විසිගණන් නිසා ඔහෙලගෙ වයසෙ උන්ගෙන් අහල තමයි දන්නෙ. ඔහෙල ඇස් දෙකට දැකලම අමතක වෙලානෙව.

      Delete
  15. රූප රචනය අනුර මාධව ජයසෙකර

    ReplyDelete
  16. සිරිසේන ව නම් නාවන්නෙ රනිල්. (රනිල් දෙන ලනු කන එක තමයි සිරිසේන ට කරන්න වෙලා තියෙන්නෙ.)

    හැබැයි අරෝෂ ප්‍රනාන්දු නම් නාවල තියෙන්නෙ අජිත් ව. (ඒකට උපහාරයක් විදියට වෙන්නැති අරෝෂ ගෙ biography එකම හොයලා ලියලා තියෙන්නෙ.)

    ITN එක, සිරිසේන හරි රනිල් හරි කියන්නැතුව ඔය වීඩියෝව පෙන්නුව කියලා මතුගම පැත්තෙ විශ්වාස කරනවා ද දන්නෑ. හැබැයි කොළඹ නම් කිසි කෙනෙක් එහෙම හිතන්නෑ.

    ReplyDelete
    Replies
    1. හහ් හා. කොළඹ විතරක් නෙවෙයි මචෝ. ඔය වගේ අතේ පැලවෙන අමු කෙබර විස්වාස කොරන්න නම් එක්කො උපන් ගෙයි මෝඩයෙක් නැත්නම් නොම්මර එකේ තක්කඩියෙක්. දෙකෙන් හරි එක තෝරගන්න එක උඹේ වැඩක් !

      Delete
  17. මේක හොඳට හොයල බලල ලියල තියෙන්නේ. අරෝෂ කියන්නේ සෑහෙන දක්ෂයක් නේ. මේවා ලියන්න ඕනය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා