මධ්‍යම පංතික ලංකාව 2016 වසර සුබ නව වසරක් කර ගන්නා හැටි

2016 වසරේ සුබ අලුත් අවුරුද්දක් පතමි! ඇත්තෙන් ම පතමි!

ලංකාවේ සමාජ ක්‍රමයේ මධ්‍යම පංතික ආධිපත්‍යය දිගට ම පවතිමින් ලංකාවට සුබ වීමට නම්, මැද පෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රමිකයන්ට වැටුප් වැඩි වේවායි ද හිස් ගැසුම්, ගල් ගැසුම්, කස පහර ගැන මේ අවුරුද්දේ අසන්නට නො ලැබේවා යි පතමි. එසේම, වැඩි වැඩියෙන් විදේශ රැකියා අවස්ථා ලාංකිකයන්ට ලැබේවා යි ද පතමි. විශේෂයෙන් ම, කාර් පර්මිට් එක නැති වීම නිසා ‘අපි තරහයි - අපි යනවා' ය කියන දොස්තරලා ඇතුළු ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට ද බටහිර රටකට බුද්ධි ගලනය වීමට අවස්ථාව ලැබේවා යි පතමි. 

මත්පැන් නො බොන, විනෝදාස්වාදයට අකැමැති, සාන්ත දාන්ත තීන්ත කූඩු වැනි විදේශ සංචාරකයන් පමණක් වැඩි වැඩියෙන් ඩොලර් රැගෙන ලෝකෙන් උතුම් රටට පැමිණේවා යි පතමි. ඔවුන්ට ලංකාවේ ඉන්න හිතෙන විදියට, අඩු තරමේ මුහුදු වෙරළවල, පරිසරය ලස්සන තැන්වල වීදුරු කටු, පොලිතින්, ප්ලාස්ටික්, අසූචි, මළ මුත්‍ර ගොඩ නො ගැසීමට දේශීය සංචාරකයන්ට සිතුවිලි පහළ වේවා යි පතමි.

ඍජු විදේශ ආයෝජන රැගෙන ලංකාවට ආයෝජකයන් පැමිණේවා යි පතමි. ඔවුන් ද රාජ්‍ය අංශයේ මෙන් වැඩ නො කර පඩි ගන්නට පෞද්ගලික අංශයේ සේවකයන්ට අවස්ථාව ලබා දෙනු ඇතැයි පතමි. එසේ ම, වෘත්තීය සමිතිවලට හැම මගුලට ම ස්ට්‍රයික් කරන්නට අවසර දෙනු ඇතැයි ද පතමි.

දේශපාලකයන්ට හා රජයේ සේවකයන්ට පඩි වැඩි වේවා යි ද, කාර් පර්මිට් ලැබේවා යි ද, පැන්ෂන් පඩිය සුරැකේවා යි ද, නිවාඩු වැඩි වේවා යි ද, වැඩ නැති වේවා යි ද පතමි. 

රජයේ බැංකු වෙනුවෙන්, තැන්පතුකරුවන්ගේ ඉතුරුම් පොළිය තව අඩු වේවා යි ද, ණය පොළිය තව වැඩි වේවා යි ද පතමි.

තෙල් මිළ අඩු වේවා යි ද, කෘත්‍රිම රබර් මිළ වැඩි වේවා යි ද පතමි.

මැද පෙරදිග හා රුසියාව පැත්තේ සාමය උදා වී තේ සඳහා ඉල්ලුම වැඩි වේවා යි ද, යුද්ධයක් ඇති වී රබර් මිළ ඉහළ යනු ඇතැයි ද පතමි.  

වී මිළ වැඩි වේවා යි ද හාල් මිළ අඩු වේවා යි ද පතමි. 

අමු මිරිස් කරලක මිළ රුපියල් පහේ සීමාවේවත් නතර වේවා යි ද, එළවළු ගොවියන්ගේ නිහඬබව නො බිඳේවා යි පතමි.

ගොවීන්ට නාස්ති කරන්නට තරම් පොහොර සහනාධාර ලැබේවා යි ද, වකුගඩු රෝග නො වැළඳේවා යි ද පතමි.  

ළමයින් පණ මෙන් සුරැකේවා යි ද, පහේ ශිෂ්‍යත්වය දිගට ම පවතීවා යි ද පතමි.

ගමේ පාසල් නො වැසේවා යි ද, සෑම ළමයකුට ම 1 ශ්‍රේණියේ සිට ජාතික පාසල් ලැබේවා යි ද පතමි. 

පාරේ කාර් වැඩි වේවා යි ද, ට්‍රැෆික් අඩු වේවා යි ද පතමි.

නොමිළේ පමණක් උසස් අධ්‍යාපන අවස්ථා ලැබේවා යි ද, සියලු උපාධි කඩ වැසේවා යි ද, ටියුෂන් තව තවත් සරු වේවා යි ද පතමි. 

ජනතාව නිරෝගී වේවා යි ද, දොස්තරලාට ප්‍රයිවට් ප්‍රැක්ටිස් වැඩි වේවා යි ද පතමි.

ක්‍රීඩාව සංවර්ධනය වේවා යි ද, තහනම් උත්තේජක තහනම ඉවත් කරනු ඇතැයි ද පතමි.

නීතියේ පාලනය තහවුරු වේවා යි ද, සැමට නීතියෙන් රිංගීමට සිදුරු ලැබේවා යි ද පතමි.

ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන අවුල් ලිහේවා යි ද, රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන අරමුදල් අඩු නො වේවා යි ද පතමි.

ප්‍රකාශනයේ නිදහස ලැබේවා යි ද, ‘සිංහ ලේ' භංග වේවා යි ද පතමි.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා යි ද, පන්සල්වලට දම්වැල්වලින් බැඳගෙන පෙරහරේ ගෙන යන්නට අලි ලැබෙත්වා යි ද පතමි.

රනිල් හා මෛත්‍රීපාලට ජය වේවා යි ද, මහින්ද රාජපක්ෂ පරාජය නො වේවා යි ද පතමි. 

ප.ලි: ලංකාවේ අටෝරාසියක් වාමාංශික පක්ෂවලට, කණ්ඩායම්, කල්ලි හා තනි පුද්ගල ව්‍යාපාරවලට තමන්ගේ නායකත්වයෙන් පමණක් විප්ලවය කරන්නට ලැබේවා යි ද නැතිනම් 2016 අවසානයේ ලෝක විනාසය සිදු වේවා යි පතමි.  


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Why so much contradiction Para? Sarcasm ....? A reflection of Sri Lankan double standards.. ?

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා !!!!

    - Dimithri

    ReplyDelete
  3. අනවශ්‍ය අපේක්ෂාවන් අඩුකර ගත හැකි නම් මධ්‍යම පන්තියට සතුටු විය හැකි යැයි සිතමි. පෑගුනත් ඇත්ත නොපෙනෙන අපේම සහෝදරයන්ගේ අනදර නොතකා ඔබ කරන කාර්‍යය තව දුරටත් ඉතා හොඳින් කරගෙන යාමට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  4. ඒ පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවායි පතමි...

    මම විදේශිකයන්ට භාවනා මද්යස්තානයක් දාන්න හිතාන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඔක්කොම දැන් සෝවාන් වෙලාද?

      Delete
  5. Wish you a very happy new year Para!

    ReplyDelete
  6. මංතීරු නීතියමෙන් සියලු මාර්ග නීති බලාත්මක වේවායි ද, ඒ බව දැනුවත් කරමින් මාර්ග වල පුවරු ඉදිවේවායි ද පතමි.

    ReplyDelete
    Replies
    1. ඒ සමග ම ට්‍රැෆික් පොලිසිය පාරේ නො සිටීවා යි ද පතමි.

      Delete
  7. පැරා ට සුබ අලුත් අවුරුද්දක්!!

    ඒවගේම එකග විය නොහැකි දේත් තිබේ.

    //එසේම, වැඩි වැඩියෙන් විදේශ රැකියා අවස්ථා ලාංකිකයන්ට ලැබේවා යි ද පතමි.//
    මිට වඩා හොද නැද්ද ශ්‍රී ලංකාව තුල විදේශ ආයෝජන යොදා කර්මාන්ත පටන්ගත්තනම් !!
    https://www.youtube.com/watch?v=TACTDRcc9WU
    ආචාර්ය තිලක් දිසානායක මහතා මේ ගැන හොද පැහැදිලි කිරීමක් කරනවා


    //රජයේ බැංකු වෙනුවෙන්, තැන්පතුකරුවන්ගේ ඉතුරුම් පොළිය තව අඩු වේවා යි ද, ණය පොළිය තව වැඩි වේවා යි ද පතමි.//
    මේක වැරදීමක් වත්ද ?

    //නොමිළේ පමණක් උසස් අධ්‍යාපන අවස්ථා ලැබේවා යි ද, සියලු උපාධි කඩ වැසේවා යි ද, ටියුෂන් තව තවත් සරු වේවා යි ද පතමි.//
    මමනම් මිට එකග නොවෙමි අපේ රටේ ඇතිවිය යුත්තේ කිසියම් ණය ක්‍රමයක් මගින් ඉගනීමට අවස්තා ඇතිකිරීමයි. student debt මේ මගින්
    ශිෂ්‍යයන් තම ඉගැනීම සාර්ථකව කරන අතර තම දක්ෂතාව මත අදාළ අංශය ඉගනීමට පහසුකම් සැලසෙනවා, යම් කලකදී රැකියාවක් කරන විට
    ණය ගෙවා දැමිය හැකියි. මෙනිසා ඉදිරි පරම්පරා වලට අදාළ අරමුදල ආයෝජනයක් වෙනව.
    අනෙක් අතට ඉගැනීම හොදින් කිරීමට පෙලබෙනවා.

    //ජනතාව නිරෝගී වේවා යි ද, දොස්තරලාට ප්‍රයිවට් ප්‍රැක්ටිස් වැඩි වේවා යි ද පතමි.//
    ජනතාව නිරෝගී නම් දොස්තරලාට කොහෙන්ද ප්‍රයිවට් ප්‍රැක්ටිස් ?

    ReplyDelete
    Replies
    1. උසස් වින්දනයක් නැති අයට උත්ප්‍රාසය සහ සෝපාහසය හැඳිනිය නොහැක.

      Delete
    2. මේක පොඩි ජෝක්ස් එකක් විතරයි මල්ලි. හැබැයි මේක තමයි ඇත්ත.

      Delete
    3. ඉන්දික උපශාන්තJanuary 1, 2016 at 12:45 PM
      උසස් වින්දනයක් නැති අයට උත්ප්‍රාසය සහ සෝපාහසය හැඳිනිය නොහැක.

      Delete
    4. /උසස් වින්දනයක් නැති අයට උත්ප්‍රාසය සහ සෝපාහසය හැඳිනිය නොහැක./

      ‘ලාංකික‘ ජානය ප්‍ර‍මුඛ වුනාම සෝපහාසය වගේ එව්වා මීටර්වෙන්න තියන ජාන නිලීන වෙනවනේ.

      Delete
  8. ඇන් ඇම් පෙරේරා වැනි මුදල් ඇමති කෙනෙක්, ලැබේවා කියලත් පතමු නේද?

    ReplyDelete
  9. හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා කියා පතල තියෙන්නෙ... :-)

    පැරා අයි‍යටත් එසේම වේවා!!!

    ReplyDelete
  10. දැකපු සුපිරිම අවුරුදු සුබපැතුම. පැරාට වැඩිවැඩියෙන් ලියන්න ලැබේවායි පතමි

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. නව වසරේදීවත් ටෙලිකොම් සීමාව මීටර 5101 දක්වාවත් වැඩිවේවා යයි ප්‍ර‍ාර්ථනා කරමි!

    ReplyDelete
  13. Sinhale bangawewa kiyala liyanne parents are coming from West? Pada talk

    ReplyDelete
  14. මම සාමාන්යෙන් හැමදාම පැරාගේ බ්ලොග් එක කියෙව්වත් කවදාවත් කොම්මෙන්ට් ලියල නෑ. ඒත් මේ කතාව දැක්කම මට කොමෙන්ටුවක් නොලිය ඉන්නම බෑ.

    පැරාගේ මේකේ සදහන් වන ගම මම හිතන විදිහට "මතුගම" පැත්තේ. එත් මම ඉන්න ගම "හෝමාගම". මේක යන්තම් කොළඹ නගර සීමාවෙන් පොඩ්ඩක් එලියට පැන්න ගමන්ම තියෙන "ගමක්". මමත් මේ පැත්තේ යන්තම් ගෙයක් හදාගෙන දැන් ටික කාලෙකට කලින් අමාරුවෙන් පදිංචියට ආව. මොකක්දෝ කරුමෙකට හරියටම මගේ ගෙදර තියෙන තැනට මොන මගුලකවත් සිග්නල් නෑ. කොටින්ම කියනවනම් සමහර තැන් වලට 3G තිය call එකක් ගන්නවත් සිග්නල් නෑ. මම මේ කියන්නේ සියලුම මොබයිල් ගැන. (මම එකට හේතුවත් පස්සේ හොයා ගත්තා). කොහොමහරි ඉතින් මගේ රස්සාවේ හැටියටත් අන්තර්(ජං)ජාලේ නැතුව මෙලෝ දෙයක් කර ගන්න බෑ. පස්සේ නානාප්‍රකාර ඩොන්ගල් අරන් ඒවාට ඇන්ටනා ගහල බලල ගෙදර එක තැනකට dialog 3G අහු වෙන්න හදා ගත්තා. පස්සේ නිකමට වගේ හෝමාගම ටෙලිෂොප් එකට කතා කරලා අලුත් ලයින් එකක් ගන්න ඇහුවම එතන හිටපු කාන්තා පරානේ බොහොම උනන්දුවෙන් කතා කරා. මම එවලේම සල්ලි ගෙවන්න එන්න හැදුවම එකටත් එපා ඕන නැ කිව්වා ඇවිල්ල කෙලින්ම connectiion එක දෙන්නම් කිව්වා පලවෙනි බිලට connection fee එකත් දාන්නම් කියල. එත් මම ප්‍රතිපත්තියක් හැටියට කිසි දෙයක් නයට නොගන්න නිසා මම එයා මගේ නමට හදල දීපු account එකට ෆුල් connection fee එකත් පටස් ගාල ගිහින් ගෙව්වා. හැබැයි අපරාදේ කියන්න බෑ එදාම හවස අපේ ගේ ලගට ආපු telecom van එකකින් කියල ගිහින් loop නැ දෙන්න වෙන්නේ නෑ කියල. පස්සේ මම පහුවද උදේම අර කාන්තා පරානෙට call කරලා ඇහුව මොකද කරන්නේ කියල. මෙයා ගත්ත කටටම කියපි මම ගෙවපු සල්ලි අපහු ඇවිල්ල අරන් යන්න ලයින් එක දෙන්න විදිහක් නෑ කියල. මම ඒ පාර බොහොම ඉවසීමෙන් කිව්වා මට සල්ලි වැඩක්‌ නැ කොහොමහරි ලයින් එකක් දාල දෙන්න කියල. ඒපාර මෙන්න මෙයා කියනවා එහනම් ඉතින් දැනට ඉන්න එක්කෙනෙක් ලයින් එකක් disconnect කරපු දවසක දෙන්න පුළුවන් කියල. (කතාව හෙන දිග නිසා ටිකක් කොට කරනවා. කව්රුහරි ඇහුවොත් විතරක් මැද ටික කියන්නම්)
    කොහොමහරි යන්තම් හරියටම මම සල්ලි දීල මාස 8ක් සම්පූර්ණ වෙන දවසේ යන්තම් connecion එක හම්බ උනා. හැබැයි connection එක දෙන්න ආපු කොලුවනම් මමත් එක්ක කිව්වේ කලින් ආපු අය loop තියෙනවද කියල බලල තියෙන්නේ වැරදියට කියල. ඔන්න ඔහොමයි උනේ... හැබැයි ඒ මාස අට තිස්සේ මමත් ගේම අත ඇරියේ නැති නිසා 4 -5 පාරක්ම කට්ටිය ඇවිල්ල ලූප් තියෙනවද බැලුව. එතකොට ඒ හැමෝටම වැරදිලාද? අනේ මන්ද...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා