අධ්‍යාපනය මිලිටරිහරණය කිරීම හා ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පළමු වසර කෝටාව අඩු කිරීම

ආරක්ෂක සේවා විද්‍යාලය 
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී සෑම පංතියකට ම ආරක්ෂක අංශවල දරුවන් හත්දෙනෙකුට අවස්ථාව ලබා දෙන ප්‍ර‍තිපත්තියක් කාලයක් තිස්සේ ක්‍රියාත්මක විය. ඒ අනුව සෑම පංතියකට ම යුද හමුදාවේ සේවය කරන පුද්ගලයන්ගේ දරුවන් තිදෙනෙකු, පොලිසියේ සේවය කරන පුද්ගලයන්ගේ දරුවන් දෙදෙනෙකු, ගුවන් හා නාවික හමුදාවල සේවය කරන පුද්ගලයන්ගේ දරුවන් එක් අයකු බැගින් වශයෙන් ඇතුළත් කර ගැනිණි.

මේ වනාහි යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ආරක්ෂක නිලධාරීන්ට ලබා දුන් විශේෂ වරප්‍ර‍සාදයකි. දැන් යුද්ධය අවසන් වී වසර හයක් ගත වී තිබේ. යුද සමයේ ඉපදුණු දරුවන් මේ වන විට පාසල්වලට ඇතුළත් කර හමාර ය. ඒ නිසා මෙම වරප්‍ර‍සාදය පිළිබඳ නැවත සලකා බැලීම සාධාරණ ය.

රජය මෙම සංඛ්‍යාවන්ගේ කිසියම් අඩු කිරීමක් කර තිබේ. ඒ අනුව, යුද හමුදාවේ හා පොලිසියේ සේවය කරන අයගෙන් බඳවා ගනු ලබන දරුවන් ගණන පංතියකට 2 හා 1 වශයෙන් අඩු කර තිබේ. සමස්තයක් ලෙස ආරක්ෂක අංශයේ සේවය කරන පුද්ගලයන්ගෙන් පංතියකට බඳවා ගනු ලබන දරුවන් සංඛ්‍යාව පහකට සීමා කර තිබේ.

ආරක්ෂක අංශවල සේවයේ යෙදී සිටි මුළු පිරිස 200,000කට වැඩි ය.

ශ්‍රී ලංකාවේ  රජයේ පාසල්වල ගුරුවරුන් සංඛ්‍යාව ද 200,000කට වැඩි ය. එහෙත්, සමස්ත අධ්‍යාපන අංශයේ ම (ගුරුවරුන් පමණක් නො වේ) සේවකයන් වෙනුවෙන් පළමු ශ්‍රේණියට දරුවන් බඳවා ගැනීමේදී වෙන් කර තිබෙන කෝටාව එක් පංතියකට එක් දරුවෙක් පමණි. තමන් සේවය කරන පාසලකට දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට පමණක් නොව අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ද නිල මාර්ගයක් නැත. 

පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ආදි ශිෂ්‍යයන්ට දී තිබෙන මීටත් වඩා විශාල කෝටාව මීටත් වඩා අසාධාරණ ය. එය ද ඉවත් කළ යුතු ය. එහෙත්, ඒ පිළිබඳ වෙන ම කතා කළ යුතු ය. 

රජය විසින් මෙසේ දෙන ලද වරප්‍රසාදවලට අමතර වශයෙන් යුද හමුදාව විසින් පවත්වාගෙන යන පාසලක් ද කොම්පඤ්ඤවීදියේ පිහිටා තිබේ. එය හඳුන්වන්නේ ආරක්ෂක විද්‍යාලය ලෙස ය. එහි ගුරුවරුන් රජයේ ය. පාසල හමුදාවේ ය. විදුහල්පතිට ඉහළින් හමුදා පාලනයක් ද එහි තිබේ. එහි අරමුණ වන්නේ කොළඹ ඉදිරි ම පෙළේ පාසල්වලට ඇතුළත් කර ගන්නට බැරි වන නිලධාරීන්ගේ දරුවන් එම පාසලට ඇතුළත් කර ගැනීමයි. (ආරක්ෂක සේවා විද්‍යාලය ගැන තවත් ලිපියක් මෙතැනින්

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය යනු පළාත් සභා විෂයකි. එයට මධ්‍යම ආණ්ඩුව අත දමන එක පවා වැරදි ය. හමුදාවට අධ්‍යාපනයට මැදිහත් වන්නට කොහෙත් ම අයිතියක් නැත. 

ශ්‍රී ලංකාවේ පාසල් මිලිටරිහරණය ඉතා වැදගත් ය. පාසල් මිලිටරිහරණය කිරීම ළමයින් ඇතුළත් කර ගන්නා ආකාරය වෙනස් කිරීමෙන් පමණක් කළ නො හැකි ය. පසුගිය කාලයේ පාසල් විදුහල්පතිවරුන්ට කෙටි පුහුණුවක් දී ලබා දුන් නිලධාරි තනතුරු අහෝසි කළ යුතු ය. පාසල් කළමනාකරණය කරන්නන් ගොඩනැගිය යුත්තේ  අධ්‍යාපනවේදීන් ලෙස මිස හමුදා නිලධාරීන් ලෙස නො වේ. 

එසේම, පාසල්වල කැඩෙට් කණ්ඩායම්වල සිදු වෙන කටයුතු ද වහා අවධානයට ලක් විය යුතු ය. කැඩෙට් කණ්ඩායම් නැවැත්විය යුතු බවක් මෙයින් අදහස් වන්නේ නැත. විනය, අනාගත වෘත්තියක් පිළිබඳ හුරු වීම, සරඹ හා ශාරීරික අභ්‍යාස පැත්තෙන් එය හොඳ ය. එහෙත්, බොහෝ කැඩෙට් කණ්ඩායම් විසින් හමුදාවෙන් පරපීඩන මානසිකත්වය ලබා ගන්නා බව පෙනේ. එය නැවැත්විය යුතු ය. හමුදා විනය යනු පරපීඩනය නො වේ.

පාසල් තුළ ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්  ගුරුවරියන් ද හැසිරෙන්නේ තමන්ට භාර දී තිබෙන්නේ හරක් පට්ටියක් ය යන මානසිකත්වයෙනි. 

පාසල මිලිටරිහරණය මෙන් ම මුග්ධහරණය ද කළ යුතු ය. පාසලට නැවතත් ආදරය රැගෙන ආ යුතු ය. නැතිනම් අපේ අනාගත පරම්පරාව විනාශ මුඛයේ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ප්‍රවර්ධනය කල යුතු අදහසක්.
    සැමගේ අවධානයට ලක් වේවා....!

    ReplyDelete
  2. ප්‍රවර්ධනය කල යුතු අදහසක්.
    සැමගේ අවධානයට ලක් වේවා....!

    ReplyDelete
  3. එක එක වෘත්තියට කෝටා වෙන් කිරීම පිස්සු විකාරයකි. ඉගෙන ගන්නා එකා කොයි ළෝකයේ සිටියත් ඉගෙන ගනී. පහේ සිස්සත්තයද මළම විකාරයක් වූවද, එහි ප්‍රතිඵල තුල එය මනාව දිස්වේ..

    අජ්ජාපනය බාරදිය යුත්තේ අජ්ජාපනය පිළිබඳ දැණුමක් හා හැදෑරීමක් ඇති පිරිසකටය. අජ්ජාපන පරිපාලනයට කෙල වූයේ සුසිල් ප්‍රේමජයන්ත වැනි ප්‍රතිපත්තියක් නැති ගොන් හරකෙකුකුට ඒය බාරදීමෙන් පසුවය.

    අජ්ජාපනය තනිකර දේශපාලනීකරණය කලේ ඔහුය. ඉන් පසු ගෝඨා එය හමුදාකරණයකර ලක් කලේය. යහපාලනය බුකියේ උන්ගේ කීම් වලට ගරි කොට අජ්ජාපනල ළමයෙකුට දුන්නේය.

    දැන් එයට අබ සරණය.

    ReplyDelete
    Replies
    1. ඇයි, සැටලයිට් නෝනා අජ්ජාපනේ ඩොකියකට බාර දුන්නා මතක නැද්ද? ටාරා ඩි මෙල් මතකද?

      Delete
    2. මාතා,

      මේ කොටා එක නිසා කොළඹ, යාපනය, ගාල්ල,නුවර වැනි පලාත්වල වැඩි ලකුණු ගන්න ළමයින්ට වඩා දුෂ්කර පළාත් වල ළමයි අඩු ලකුණු වලින් විස්වවිද්‍යාලවලට පැමිණෙනවා (අවුරුදු 30 යුද්ධයට එක හේතුවක් මේක) එහෙම ඇවිත් පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකරනවට විරුද්ධවී තමාට වඩා වැඩි ලකුණු ගත් අයට උපාදියක් ලබාගැනීමට බදා කරනවා.

      Delete
    3. මේ ආන්ඩු ඔක්කෝම පොන්න ආන්ඩු.. පොන්න නායකයෝ.. ඒකයි මම කියන්නේ මේ රටට සුන්දර ලිබරල් එකාධිපතියෙක් ඕනමයි කියලා..

      අවුරුදු ගානකට ස්ට්‍රයික්, උද්ඝෝෂන, පෙලපාලි නවත්තලා යක්කු වගේ රට හදන්න ඕන.. වෘත්තිය සමිති තහනම් කරන්න ඕන.. රට හැදුනයින් පස්සේ පුළුවන් මානව හිමිකම් ලබා දෙන්න..හිඟන්නන්ට, ගෝත්‍රිකයන්ට මොන මානව හිමිකම්ද...?

      Delete
    4. /සුන්දර ලිබරල් එකාධිපතියෙක්/

      එහෙම අය කවදාවත් ඉදලත් නෑ, අනාගතයේ ඇතිවෙන්නේත් නෑ, සුන්දර මිනිස්සු පාලකයෝ වෙන්නෑ, ඒකා‍‍ධිපතියා ලිබරල් වෙන්නෙත් නෑ, ලිබරල් නං යහපාලනේ වගේ තමා. මං ඉතිහාසේ දන්නෑ ඒත් සුදු අතතුරුක්ටත් කළු පැත්තක් තියන බවත් ඒ කළු පැත්ත ඇටසැකිලිවලින් පිරී ඇති බවත් නිසැකයි.

      Delete
  4. ලංකාවේ හමුදා ප්‍රමානයත් අඩුකල යුතුයු යන්න මගේ අදහසයි... ලංකාවේ ත්‍රිවිධ හමුදා හා සිවිල් ආරක්ශක බලකායේ ඉන්න ප්‍රමානය ලක්ශ 3 ආසන්නයි... යුද්ධයක් නැති මිලිගන 21 ජනගහනයක් ඉන්නා රටකට මෙතරම් ආයුධ සන්නද්ධ ආරක්ශකයින් අවශ්‍ය නෑ..
    කිසිදු වෘතීය පුහුනුවක් නැතිව හමුදාවේ පාබල අංශවලට බැදුනු තරුනයින් තමා බොහෝකොට ඉන්නේ... ඉන්ජිනේරු හෝ සංඥා බලකාවල අයට මෙන් මොවුන්ට සිවිල් සමාජයේ ප්‍රයෝජනවත් වන වෘතීය පුහුනුවක් හමුදාවෙන් ලැබෙනවා අඩුයි.. ගෝටා වැලිකොට්ට අදින්න, කානු සුද්ද කරන්න, එලවලු විකුනන්න යැව්වේ මොවුන්ව... මේ තරුනයින්ට නැවත අධ්‍යාපනය ලබාදිය යුතුයි

    ReplyDelete
    Replies
    1. @ MaxDecember 8, 2015 at 7:46 AM

      ඔබ කරුණු නොදැනයි කතාකරන්නේ. වෘත්තීය පුහුණුව යන්නෙන් ඔබ අදහස් කරන්නේ සිවිල් සමාජයේ දෘෂ්ටි කෝණයෙන් බලමින්. නමුත් හමුදාව සියලුම රෙජිමේන්තුවල ඉන්න අයට වෘත්තීය පුහුණුවක් තමා දෙන්නේ. සටන්කාරී රෙජිමේන්තුවල ඉන්න අයට ලැබෙන්නේ සටන්කිරීමේ වෘත්තීය පුහුණුව. සටන්කාරී නොවන රෙජිමේන්තු වලට ඒ ඒ වෘත්තීය අවශ්‍යතාවයට අනුව පුහුණුව දෙනවා. ඉංජිනේරු බලකායේ සෙබළකු විශ්‍රාම ගියවිට ඔහුට ඉංජිනේරු කටයුතුවල යෙදෙන්නට බැහැ. ඒ සඳහා ඒ බලකායේ සෑම දෙනාටම විශේෂඥ පුහුණුවක් දෙන්නේ නැහැ. සංඥා බලකායේ සෙබළකු විශ්‍රාම ගියවිට ඔහුට බැහැ රූපවාහිනී/ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ කඩයක් පටන්ගන්න. ඒ රෙජිමේන්තුවේ සියලුදෙනාට ඒ පුහුණුව දෙන්නේ නැහැ. විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සියලු දෙනා වාහන හෝ යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව පිලිබඳ පුහුණුවක් ලබන්නේ නැහැ. විස්තරය තව දිගයි. ඔබ කියන වෘත්තීය රෙජිමේන්තුවකින් විශ්‍රාම ගිය කෙනෙකුගෙන් අහන්න.

      ඔබේ එක යෝජනාවක් මෙන්න මෙහෙම වෙනස් වුනානම් හොඳයි. ත්‍රිවිධ හමුදා වලින් විශ්‍රාම යන අයට, වැඩිහිටි අධ්‍යාපන පහසුකම් (විවෘත විශ්ව විද්‍යාලය වැනි) ලබාගැනීම සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීමෙන්, යම් මගපෙන්වීමක් කලොත් හොඳයි.

      ලංකාවේ හමුදා අඩු කලයුතු යන ඔබේ යෝජනාවට අදාළ සාධක පෙන්විය යුතුයි. ආරක්ෂක විද්‍යාවේ තිබෙනවා, දැනට ඇති තර්ජනය තක්සේරු කිරීම කියා දෙයක්. Threat Assessment එය දේශීය මෙන්ම විදේශීය මට්ටමෙන්ද සලකා බැලිය යුතුයි. අපේ රටේ වර්තමාන දේශපාලනික, සංග්‍රාමික, සමාජ ක්‍රියාකාරීත්වය සලකා බලා ඔබේ Threat Assessment එක ඉදිරිපත් කරනවානම් හොඳයි.

      දැනට අපේ රටේ ආරක්ෂක හමුදාවල ප්‍රමාණය වර්ෂයකට යම්කිසි සියයට ගණනකින් අඩු කරමින් පවතිනවා.

      Delete
    2. +++++++++++++++++++++
      MaxDecember 8, 2015 at 7:46 AM ගේ තර්ක මේවගේ,
      මහින්ද හොරා, මහින්ද හොරා, මහින්ද හොරා, සහ ගෝඨා හොරා , ගෝඨා හොරා , ගෝඨා හොරා නිසා හමුදාව අඩු කර ඔවුන්ට නිසි අද්‍යාපනයක් දිය යුතුයි.

      ජනාධිපති වරණය ඉවරවී වසරක් ගෙවීමට ආසන්න වීත් තාමත් ආණ්ඩුව දුවන්නේ “මහින්ද හොරා“ මාකට් කරගෙන විතරයි. අනෙක් මොනම සංවර්ධනයක් වත් නැහැ. අධ්‍යාපනයටත් “0“
      මගේ කතාව මෙතනින් නිමයි...
      අසා සිටි ඔබ සැමට ස්තුතියි.

      Delete
    3. මම නම් හිතන්නේ නෑ අපි හමුදාව අඩුකලයුතු බව. ඉදිරියට ඇතිවන විවිද බලපෑම් වලින් ආරක්ෂා වීමට අපිට හමුදාව උවමනා කරනවා. හමුදාව බරක් නොවන ලෙස නව කර්මාන්ත ශාලා ඇතිකර නිෂ්පාදනයට දායක කරගත හැකියි, දැඩි විනයක් ඇති ඔවුන්ට මෙය කල හැකියි.
      විචාරක, නොදන්නා නිසයි අහන්නේ කොතලාවල (Kotelawala Defence University | KDU | University of Sri Lanka) මගින් ලබාදෙන උපාදිය ඇති යට බැරිද ඔබකියන ලෙස විශ්‍රාම ගියවිට අදාළ රැකියාවේ යෙදෙන්න.

      Delete
    4. @ Lankika SithuwiliDecember 8, 2015 at 12:41 PM

      එවැනි උපාධියක් ලබන්නේ නිලධාරීන් පමණයි. ඔවුන්ට මොනවා නැතත් තම නිලයේ වටිනාකම හෝ පෙන්වා රැකියාවක් සොයාගත හැකියි විශ්‍රාම ගියපසු. නමුත් එවැනි උපාධි මොකවත් නැති සොල්දාදුවන්ට මොකද වෙන්නේ? ඒ නිසයි මම කියන්නේ ඔවුන්ට වැඩිහිටි අධ්‍යාපනය දියයුතුයි කියා.

      Delete
    5. හමුදාවේ නිත්‍ය සෙබළු සියළු දෙනාට අනිවාර්යයෙන්ම ඉතා හොද තාක්ෂණික වෘත්තීය පුහුණවක් ලබාදී, විශ්‍රාම ගන්වා ඔවුන් පෞද්ගලික සේවාවන්ට යොමුකළ යුතුයි බව මගේ අදහසයි, ඒමෙන්ම තමාගේම සේවාවක් ඇරඔීමට ප්‍ර‍ාමාණවත් මුදලක් / හෝ පොළී රහිත ණය මුදලක් ඔවුනට ලබා දීමත් එම මුදල යම් ආයතයක වසර 3 රැකියා පළපුරුද්ද ලැබූ පසු ලබාදීම වඩා සුදුසුයි.

      එසේ නිදහස් කරන සෙබළුන් වෙනුවට නවකයන් සෑම වසරේදීම බඳවාගෙන හමුදා පුහුණුව ලබා දී වසර 5 ඇතුලත රැකියා පුහුණුව සමඟ රැකියාවෙන් විශ්‍රාම ගැන්වීම සුදුසුයි කියා මා සිතනවා.

      Delete
    6. විචාරක - Wicharaka,
      ස්තුති, මම මේ ගැන දැනසිටියේ නෑ. ඔබ කියන දේ නිවැරදියි.

      මම හිතන්නේ "ඇණයා" කරන යෝජනාව වඩා හොද බවයි.

      Delete
    7. @ ඇණයා Nut ManDecember 8, 2015 at 5:16 PM

      එතකොට දැනට සක්‍රිය සේවයේ යෙදී සිටින ලක්ෂයක් විතර ස්වේච්ඡා හමුදා සෙබළුන්ට මොකද කරන්නේ? ඔවුන්ටත් තියෙන්නේත් නිත්‍ය හමුදා සෙබළකුට හිමි අයිතිවාසිකම්.

      ඇණේ, මෙහෙම කිව්වට තරහවෙන්න එපා. හමුදාව ගැන කතාකරන බොහොම දෙනෙක්, ගැඹුරින් කරුණු විමසීමකින් තොරවයි කතාකරන්නේ.

      Delete
  5. පැරා, අපි යන්න ඕනේ මේ වගේ එක එක අවස්ථා දඩයම් කරමින් නෙවෙයි. මෙන්න මෙතනට.

    ආගම් හෝ ජාතීන් හෝ මෙලෙස හමුදා පදනම් කරගනිමින් හෝ තිබෙන පාසල් නැති කලයුතුයි.

    පාසල් වලට ආගමික ජාතික නාමකරණ නැවැත්විය යුතුයි.

    සියලුම පාසල් මිශ්‍ර පාසල් වියයුතුයි.

    පාසල් නිල ඇඳුම (භික්ෂූන් වහන්සේට සහ අන්‍යාගමික පූජක වරුන්ට හැර) එක සමාන වියයුතුයි.

    පාසල් නිවාඩුව එකම කාලයක දියයුතුයි.

    විෂයය මාලාව ප්‍රාදේශිකව පුළුල් වියයුතුයි, (ධීවර කර්මාන්තය, මැටි භාණ්ඩ නිපදවීම, මැණික් ගැරීම, පතල් කර්මාන්තය,)

    තම මව්භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කලයුතු අතර, සිංහල අය දෙමළද දෙමල කතාකරන අය සිංහලද ඉගෙනගතයුතු අතර, අපොස සා පෙළ විෂයයක් ලෙස සමත්විය යුතුයි.

    පෞද්ගලික පාසල් වලට ඉඩදෙන්නේ නම් ඒවා සම්පූර්ණයෙන් රාජ්‍ය නියාමනය යටතේ තැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ආගම්, ජාතීන්, ලිංගික ආදී වශයෙන් පාසල්වල තිබෙන භේද නැති කළ යුතුයි කියන එක ඉතා වැදගත් අදහසක්.

      සියලු පාසල් සෑම ආකාරයකින් ම මිශ්‍ර පාසල් විය යුතුයි.

      වැඩිපුර ම පාසල්වාදය පතුරුවන්නේ ද මෙවැනි යල් පැන ගිය භේද මත පදනම් වූ වික්ටෝරියානු පාසල්වලට ගිය අයයි.

      Delete
  6. යුද්ධකාලයේ සාමාන්‍යකරණය වූ නමුත් සිවිල් ලෝකයෙන් ඉවත්විය යුතු තවත් දේ තිබෙනවා, හමුදා අංක ඇති වාහන ඉන් එක් දෙයක්, යුද හමුදා අංක තිබිය යුත්තේ හමුදා මෙහෙයුම් යෙදෙන වාහන සඳහා පමණයි, දිනපතා මාර්ගයේ ධාවනය වන වාහන සාමාන්‍ය අංක ඇති වලංගු රිය බලපත් සහිත රියදුරන් විසින් පැදවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මෙහෙයුමක නිරත නැති හමුදා නිළධාරියකුට,කදවුරකින් පිටවන විට නිළ ඇඳුම වෙනස් කර ගැනීමට සහ නිළ ඇඳුම් කඳවුරතුල රදවා යෑමට පහසුකම් තිබෙනවා නේද?

      මම ඇණයනේ, මට හිතන්නේ අපේ හාමුදුරුවරුත් ආගමික නොවන කටයුතු වල නිරතවීමේදී සිවුරු නො ඇද, සරල සුදුසු ඇඳුමක් අඳිනවා නම් වඩා සුදුසුයි කියායි, විශේෂයෙන්ම බස්වල යනකොට, වැටුප් ලබන රැකියාවක නිරතවීමේදී, බැංකුවේදී වගේ තැන්වලදී, එය අපගේ සමානතා අයිතිය කඩ නොවීමට ඉවහල් වෙනවා මෙන්ම, හාමුදුරුවරුන්ට රියල් සමාජ ජීවිතය ගැන ඉගෙන ගන්නත් ඉවහල් වේවි.

      Delete
    2. @ ඇණයා Nut ManDecember 8, 2015 at 5:29 PM

      ලෝකයේ සෑම රටකම පාහේ ත්‍රිවිධ හමුදා වාහන සඳහා යොදාගන්නේ විශේෂිත අංක ක්‍රමයක්. එසේ කරන්නේ ඒ වාහන අනිකුත් වාහන වලින් වෙන්කර හඳුනා ගන්නයි. නැත්නම් හොර නිල ඇඳුමක් ඇඳ, ඕනෑම වාහනයක ගිහින්, ඕනේ දෙයක් කරන්න පුළුවන්. මේ ත්‍රිවිධ හමුදා වාහන අංක තහඩු, පරිගණක ගත ක්‍රමයකට දෙන්නේ. ඒ ඕනෑම අංකයක් ගැන විමසීමක් කලොත්, වාහනයේ වර්ගය, අයිති බලකාය/සේනාංකය/බලසේනාව/බලගණය/ඒකකය/ වැනි සියලු විස්තර ගන්න පුළුවන්. හොඳින් බලන්න, ඒ අංක තහඩුවල තියනවා කුඩා අකුරින් ලියා, බලසේනාවේ හෝ ඒකකයේ නම. මෙයින් යුතු ප්‍රයෝජන ගන්නේ, සමහර හමුදා රියදුරන් හිතනවා තමන්ට අනික් වාහන අබිභවා, මාර්ග නීති කඩා, යන්න පුළුවන් කියලා. නමුත් පොලීසියට සම්පූර්ණ බලය තියනවා එවැනි රියදුරන් අල්ලන්න. සාමාන්‍ය ජනතාවට අයිතිය තියනවා, එවැනි සිදුවීම් පොලීසියට සහ යුද හමුදා මූලස්ථානයට පැමිණිලි කරන්න. බයවෙන්න දෙයක් නැහැ. බලපෑම් එන්නේ නැහැ.

      හමුදා නිලධාරීන්/සොල්දාදුවන් සියලුදෙනා හැමදාම ගෙදර යන අය නෙවෙයි. නාගරික ප්‍රදේශවල තිබෙන කන්දවුරුවන සේවය කරන, කඳවුරේ සිට සැතපුම් 25 ක් දුර ස්ථිර පදිංචි, විවාහක අයට පමණයි දිනපතා ගෙදර සිට එන්න ලැබෙන්නේ. නමුත් ඕනෑම වෙලාවක ආරක්ෂක තත්වය මත එය අවලංගු වියහැකියි. නිල ඇඳුම් ගෙදර ගෙනියන්නේ ආසාවට නෙවෙයි. හෝදලා මැදලා අරගෙන එන්න. නැත්නම් එකටත් සල්ලි වියදම් වෙනවා. මාබ්දලික නිලධාරියකුට හමුදාවෙන් වාහනයක් සහ රියදුරෙක් දෙනවා. ඔහුට රාජකාරි නිමවා නිල ඇඳුමෙන්, ඒ රථයෙන් ගෙදර යන්න පුළුවන්. එය වරප්‍රසාදයක්.

      හාමුදුරුවන්ගේ සිවුර වෙනස් කිරීමට කතාකිරීම නම් උමතු අදහසක් යන්න නොකියාම බැහැ. ඇයි හාමුදුරුවරු විතරක්? අන්‍යාගමික අයගේ ඇඳුමත් වෙනස් කරන්න කියන්නකෝ.

      Delete
    3. මගේ ලිවීමේ අඩුපාඩු කම් ගොඩක් තියනවා,එ නිසා මගේ අදහස හරියටම සන්නිවේදනය වෙනවද කියන එක මට ගැටළුවක්, නිල වාහන සහ ඇඳුම ගැන සඳහන් කළේ, ඒවා බොහෝ අය අයුතු ප්‍ර‍තිලාභ ලබා ගැනීම සහ අන් අය පීඩාවට පත්කිරිමට යොදාගන්නා මෙවලම් නිසා, සාමාන්‍ය අවස්ථාවල හමුදා වාහන කොන්වෝයි එකක් නැතිව මහාමාර්ගයේ ගමන්කළ යුතු නෑ, හමුදාවට අවශ්‍ය සැපයුම් කදවුරටම ලබාදිම සමහර රටවල කෙරෙනවා. හවසට ගෙදර එන හමුදාසේවය තියෙන්නේ,හමුදා සේවය පූර්ණකාලීන එකක් වී ඇති නිසයි, එය වෙනස් විය යුතුයි.

      ඔය මං සඳහන් කළ දේ උමතු විදිහට පෙනුනත් නුදුරු අනාගතයේ සිදුවන දේවල්.

      Delete
    4. තනිව ගමන්ගන්නා හමුදා වාහන වලින් දැනට තිබෙන කරදර මොනවාද? වෛද්‍ය පහසුකම් නැති කඳවුරක රෝගී සෙබළුන් ළඟම රෝහල වෙත දිනපතා උදේට ගෙනියන්නේ කොහොමද? හමුදා මූලස්ථානයේ තිබෙන සාකච්ඡාවකට/ආරක්ෂක ලේකම් කැඳවන සාකච්ඡාවකට/රට පුරාම ඉන්න බලසේනාධිපතිවරු/සේනාංකාධිපතිවරු කොන්වෝයි එකකින් එන්නේ කොහොමද?

      කොන්වෝයි කියන එකේ තේරුම දන්නවද? කොන්වෝයි එකක් හමුදා පොතේ විදිහට යනවානම්, යුද්ධ ටැංකි දෙකක් ඉදිරියෙන් සහ පසුපසින් යා යුතුයි. මහා මාර්ගයේ ගමන් කරන යුද්ධ ටැංකියක හැපෙන කිසිදු වෙනත් වාහනයක් ගැන, හමුදාව වග කියන්නේ නැහැ. 2006 වර්ෂයේදී පුත්තලම නගරයේදී එවැනි අනතුරකින් සිවිල් පුද්ගලයන් රැගත් වෑන් එකකට බරපතල හානි වුනා. නමුත් හමුදාව වගකිව්වේ නැහැ. එවැනි දේ මිනිස්සුන්ට කොයි තරම් හිරිහැරයක්ද? තනිව යන හමුදා වාහනයක් සහ සිවිල් වාහනයක් හැපුනොත්, පොලීසිය වෙනත් අනතුරු වලදී කරන පිළිවෙතම කලයුතුයි. වෙනසකට තියෙන්නේ, යුද හමුදා පොලීසියෙන්ද වෙනම පරීක්ෂණයක් කිරීමයි. නමුත් උසාවිය පිළිගන්නේ සිවිල් පොලිස් වාර්තාවයි.

      අපේ හමුදාවටත් කෑම බීම සැපයුම් කඳවුරටම ලැබෙනවා. නමුත් නිලධාරීන්ගේ සලාක අවශ්‍යතා පිටින් මිලදී ගන්නේ. ඒ සඳහා කඩේ යන්න ඕනේ. හමුදා සේවය පූර්ණ කාලීන නොවන රටක් කියන්න. හමුදාව පාලනය කලයුත්තේ හමුදාවෙන් මිසක් සිවිල් නීති හෝ සිවිල් ආයතන වලින් නෙවෙයි.

      ඔබ මට වඩා වයසින් බාල ඇතැයි හිතනවා. ඔබ ඔය කියන සිවුරු ගැලවිල්ල ඔබේ ජීවිත කාලය තුළ සිදු නොවන්නක් බව මා නිර්භයව හා දැඩි විශ්වාසයෙන් යුතුව කියනවා.

      Delete
    5. තරහ අවසර විචාරක මහතානෙනි,මම හිතන විදිහ සහ මට හිතෙන විදිහ ඔබ දකින විදිහට වඩා වෙනස්, පරපුරෙන් පරපුරට ලෝකය වෙනස් වෙනවා නේ.

      පේනවනේ මේ දවස්වල හරි ගෝෂාවයි, දැන් ආණ්ඩුවේ ගිණුම් ක්‍ර‍ම වෙනස් වෙනවා, පරිපාලන මූලධර්ම වෙනස් වෙනවා, ඒකට ආණ්ඩ්වට බැණුම් ගොඩයි, විශේෂයෙන්ම යහපාලනය ආපේක්ෂාවෙන් වැඩකළ අයගෙන්,මොකද හැමදාම හරියි කියලා සිතා සිටි හුරු පුරුදු දේවල් වෙනස් වෙනවා, ඔය වෙනස් කම් සාර්තක වුනත්, අදන් විවේචනය කරන අය කවදාවත්ම ඒ බව පිළිගන්නේත් නෑ, 77 කළා කියන වෙනසට බනින එක වගේ.
      හමුදා වහන අනතුරු ගැන, ඔබ සඳහන් කළ අනතුර පමණක්නොවේ, එයාලා වන්දි නොගෙවන අනතුරු නිතරම කරනවා. දන්නා අය ඔය වාහන එකකොට පාරෙන් ඉඩ දෙන නිසා තමා අනතුරු අඩු, බස්කාරයෝ වගේමයි. අපි වගේ අයිතිවාසිකම් ගැන පමණට වඩා හිතන ඇණයන්ට ඔය රථධාවනය ගැන මළ පනිනවා, ඒ ගැන නොදන්නා සුද්දෝ හෙම වල පල්ලේ තමා, ඇඔිලිපිටියේ තියනවා ළමා සුබසාධනයට වැඩ කරපු ස්වෙච්ා සුද්දියක් අනුස්මරණයට පිහිටවපු තැනක්, මෝටර් සියකලයෙන් පාරේ නිවැරදිව ගිය සුද්දීට වෙට්ටුවක් දාන්න ගිය හමුදා ට්‍ර‍ක් එකකට යට වෙලා මිය ගිය, මේ නොබෝදා, සිංහරාජයන්න ගිය සුද්දෙකුවත් යට කරලා දැම්මා.

      අනේ මංනං සිවුරු ගලවන්න කියන්නේ නෑ, යහපාලනය ඇතිවුනාම, තියෙන අවිචාරවත් පැවිදිවීමේ ක්‍ර‍මය නැතිවෙලා විචාරවත් පැවිද්දන් පිරිසක් සාසනයට ඇතුළුවුනාම එයාලම ඒ අවබෝධය ඇතිකරගෙන ස්වෙච්චාවෙන් වැඩේ කරාවි, එහෙමයි මගේ ප්‍රාර්තනාව. අපිට තියෙන්නේ කතිකාවතකට මුලපුරන්න බීජ වැපිරීම, වැපිරීමකට වඩා පිලිස්සුනු හේන් ඇට විසි කරන වගේ විසි කරල දාන්න.

      Delete
    6. /වෛද්‍ය පහසුකම් නැති කඳවුරක රෝගී සෙබළුන් ළඟම රෝහල වෙත දිනපතා උදේට ගෙනියන්නේ කොහොමද?/ එහෙම හොද නෑ, වෛද්‍ය පහසුකම් දෙන්න ඕන, දැන් යුද්ධයක් නෑ, ඔය පුංචි පුංචි කදවුරු අතෑරලා ලොකු පහසුකම් තියන ඒවා තියා ගත්තාම ඇති. හදිසි ලෙඩ්ඩු ගිනියන්න ඇම්බ්‍ුයුලන්ස් කියල දෙයක් තියනවානේ.
      .../හමුදා මූලස්ථානයේ තිබෙන සාකච්ඡාවකට/ආරක්ෂක ලේකම් කැඳවන සාකච්ඡාවකට/රට පුරාම ඉන්න බලසේනාධිපතිවරු/සේනාංකාධිපතිවරු කොන්වෝයි එකකින් එන්නේ කොහොමද? / .... බරපතල තත්වයක් නම් හෙලිකොප්ටර් දෙන්න ඕන, ආයෙත් කියන්න තියෙන්නේ දැන් යුද්දයක් නෑ, ඔය මීටින් බොහොම සැලසුම්ගතව කරගන්න ඕන, ඔබ තුමමා කියන විදිහට හමුදාව බොහොම සැලසුම් සහ වගකිම් සහගත තැනක් නිසා ඔය හදිසි ගමන් අවශ්‍ය වෙන එකක් නෑ, රෑ පාටිය දිගට ඇඳුනේ නැතිනම්, එ්වගේ කළාතුරකින් එන නොවැළැක්විය හැකි හේතු සාධාරනයි නෙව.

      Delete
    7. එක උත්තරයක් දෙන්නම්. එයින් මම නවතිනවා. කඳවුරු අතාරින්න බැහැ. ආරක්ෂක තත්වය සලකා නොබලා. ඇම්බියුලන්ස් එකත් හමුදා වාහනයක් තියෙන්නේ යුහ නොම්මරයක්. හෙලිකොප්ටරයක ඉන්ධන වියදම සහ වාහනයක ඉන්ධන වියදම අහසට පොළොව මෙනි. ඔබේ කළමනාකරණ යෝජනා අන්තිම අසාර්ථකයි.

      Delete
  7. ඔය විදිහට නං ඇණයගෙයි පැරාගෙයි ප## කපල උබලට පාරෙ යන්න වෙන්නේ. ඒක ස්ත්‍රීන්ගේ ආරක්ෂාවටත් තර්ජනයක් නිසා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා