සතුන් වතු ප්‍රතික්ෂේප කරමු. අලි ඇතුන් සහිත පෙරහර නො බලමු. කොස්ටාරිකාව යන පාරේ යමු.

ඇලන් මැතිනියාරාමයේ සිටින අලි පැටියා 
සතුන් වත්තක් කියන්නේ ඉතාම යල්පැන ගිය අදහසක් මත පිහිටුවන ලද තැනක්. එහි අරමුණ සතුන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයෙන් ඉවත් කර, කූඩුවල සිර කර, මිනිසුන්ට පෙන්වා මුදල් උපයා ගැනීමයි.

ජීවිත කාලයක් පුරා කූඩු කර සිටින මේ සත්තු ශාරීරිකව මෙන් ම මානසිකව ද රෝගීන්.

වන සතුන් කියන්නේ මේ ලෝකයේ අප වැනි ම උරුමකරුවන් පිරිසක් මිස මිනිසුන් වන අපට බලන්නට සිටින පිරිසක් නොවෙයි.

එහෙත්, මිනිසා සෙසු සතුන් අභිභවා ‘දියුණු' වී සිටින නිසා අපට සතුන්ට කරුණා කරන්නට සිදු වී තිබෙනවා.

අලියෙක් අවුරුදු හැත්තෑවක් අසූවක් තරම් කාලයක් ගස්වල බැඳ හෝ නිදහසේ පියවර තබන්නට බැරි තරම් ළඟින් දෙපා විලංගු දමා හෝ තබා ගැනීම ලංකාවේ බෞද්ධයන්ගේ සංස්කෘතික අංගයක් ලෙස හැඳින්වෙනවා.

කොස්ටාරිකාව කියන්නේ මධ්‍යම ඇමරිකාවේ පිහිටි අති මහත් ජෛව විවිධත්වයකින් යුත් රටක්. දැන් ඒ රට ලොව පළමු සතුන් වතු නැති රට බවට පත් වෙන්නට යනවා.

තව වසර 10කින් සියලු සතුන් වතු වසා දැමීමට කොස්ටාරිකාව තීරණය කර තිබෙනවා. සතුන් වතු එක රැයින් වසා දමන්නට බැහැ. එය ක්‍රමානුකූලව කළ යුතු නිසායි ඔවුන් වසර 10ක කාලයක් ලබා ගන්නේ. ඒ වසර 10 අවසානයේදී පවා ස්වාභාවික පරිසරය තුළ රැකෙන්නට බැරි සතුන් ටිකක් තව දුරටත් කූඩුවල ඉතිරි වේවි. සතුන් අල්ලා සිර කර තබා ගැනීම අවසන් කිරීම තමයි කොස්ටාරිකාවේ අරමුණ. අදාල ප්‍රවෘත්තිය මෙතැනින් කියවන්නට පුළුවන්. 

වන සතුන් පිළිබඳ නූතන මානව අදහස් අනුව හැඩගැසෙන්නට ලංකාවත් උත්සාහ කළ යුතුයි. විශේෂයෙන් ම බෞද්ධ පන්සල් වන සතුන්ට වධ දෙන මධ්‍යස්ථාන වීම කණගාටුවට කරුණක්. 

සංචරණයට ප්‍රිය කරන ලාංකිකයන් වගකීම් සහගත සංචරණය ගැනත් ඉගෙන ගත යුතුයි. වනජීවී උද්‍යානවල සවාරි යන මිනිසුන්ගේ විනය ගැන වනජීවී අංශ සැලකිලිමත් වන එක හොඳ දෙයක්. 

අපි සතුන් වතු ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒවා බලන්නට නො යා යුතුයි. ඒ වගේ ම අලි ඇතුන් සහිත පෙරහර සංස්කෘතිය ගැනත් නැවත සිතා බැලිය යුතුයි. 

හැබැයි, මිනිස් ගහණය වැඩි වීම නිසා සතුන්ට වාසභූමි අහිමි වීම, එසේම, දඩයම් කිරීම නැවැත්වීම නිසා සත්ව ගහණයන් වැඩි වීම වැනි සංකීර්ණ ප්‍රශ්න රැසක් මෙහි තිබෙනවා. ඒවාට විසඳුම් සෙවිය යුතුයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සංස්කෘතියක් කියන්නෙම මහ විපරිත වැඩකටනේ.

    මේක කියන්නට ලියපු එකක් නේද? ඊළඟ එක බල්ලෝ ගැනද?

    ReplyDelete
  2. මම නම් ඔය දෙකම කරන්නෙ නැති නිසා... මේන් අත් දෙකම ඉස්සුවා...

    ReplyDelete
  3. පින්නවල,ඇත් අතුරු සෙවණ වගේ තැන් හොඳටම ඇති අලි බලන්න නම්.පෙරහැරේ යන අලි පැටවු හිනා වෙවී නටනවා බෙර සද්දෙට.ඒත් ඌ දන්නවා නම් සදහටම හිරවෙලා කියලා දකින දකින එකා උස්සලා ගහනවා පොළොවෙ.ඒත් කොරන්න බෑ.. දංවැල් දාලා... නිළ ඇඳුමට රුන්න වගේ නෙමෙයි,බොහොම කාල වේලාව අරගෙන සමාජ කතිකා තුලින් යොමු වෙන්න ඕන සැබෑ ගැටලුවක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ පින්නවල තනිකර ම අලි වධකාගාරයක් කියලා.

      Tripadvisor කියන වෙබ් අඩවියට ගිහින් Pinnawala යටතේ බලන්න ඔය අලි "අනාථාගාරය" නරඹන්න ගිය සංචාරකයන් ලියලා තියෙන දේවල්... 50% කට වැඩි reviews ප්‍රමාණයක් ගොනු කරලා තියෙන්නේ "terrible" කියන rating එක යටතේ.

      මෙන්න එක උදාහරණයක්:

      “Cruel money-making tourist attraction to avoid”

      We bitterly regreted our visit to the elephant 'orphanage' and have avoided it had we known that it was cruel exploitation of captive elephants to make a lot of money from tourists. The visit was very distressing and left me with horrible memories. The elephants are prodded with sharp spikes and we saw one being whipped across its face. They are all chained and it looks like the bull elephant cannot move from its concrete platform. We were literally pushed by the 'guides' to stand near the elephants and then they demanded money for taking a photo and got angry when we did not want to pay. Pinnawala may have started off as an orphanage maybe but they now actively breed elephants and we were told they have no programme to release them. The place is the subject of a report by the Born Free Foundation because of the animal welfare issues. I found this out when I got back from Sri Lanka and was not surprised. It is very sad.

      Visited February 2012

      Pinnawala Elephant Orphanage reviews

      Delete
  4. මෙන්න පන්සල් අලි සහ පින්නවල අලි වධකාගාරය ගැන වාර්තා දෙකක්:

    (1) BABY ELEPHANTS NEED THEIR MOTHERS!

    (2) The full Pinnawala report

    ReplyDelete
  5. සත්තු සිටින්නේ ප්‍රදර්ශනය සඳහා වත් පෙරහැරේ යාමටවත් නොවේ. බෞද්ධකම පිරී ඉතිරී ගිය අපේ රවල තමා සත්ව හිංසාව වැඩි. බෞද්ධ රටවල් වන අපේ රටවල් තමා සත්ව උද්‍යාන වසා දමා වෙනත් රටවලට ආදර්ශයක් දෙන්න ඕනැ.

    ReplyDelete
  6. I wholeheartedly agree with you.

    ReplyDelete
  7. අලි බලන්න යාල යන එක දැන් මහ ලොකු දෙයක් නෙමෙයි නේ..හයි වේ එක තියෙන නිසා ලේසියෙන් ගිහින් එන්න පුලුවනි.. ලංකාව වගේ පොඩි සයිස් රටකදි සත්තු අපිට පේන මානයට උස්සන් එන්න හදනවාට වඩා අපි සත්තු ඉන්න තැන්වලටගිහින් බලන්න හුරුවෙන එක හොදයි.. හැබැයි ඉතිං ඔය ඉන්න හැත්ත බුරුත්ත ඔක්කොම බෝතල් අරං බිබී යාලට රිංගන්න ගත්තාම ඒකත් වදයක් ..

    ReplyDelete
    Replies
    1. 1980, 1990 දශකවල දැක්කා වගේ දැන් අලි නෑ යාල වනාන්තරේ. පැය 3ක්, 4ක් විතර රවුම් ගැහුවොත් අලි දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක් පේන්න ඉඳියි. හැබැයි ඔබට ජීප් රථ නම් 100 ක්, 150ක් පමණ යාල වනය තුළ දැක බලා ගන්න පුළුවන්.

      Delete
    2. නැ බං pray for yala.. pray for vilpattu. අජිත් ලාට තියන ලොකුම ප්‍රශ්නේ ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයො.

      Delete
  8. දම්වැල් දාගෙන කකුල් කපාගෙන හෙන්ඩුපාර කාගෙන බල්බ් දාගෙන ඇඳුම් පෙරවගෙන පෙරහරේ යනකොට අලියට මාර පින් ගොඩක් ලැබෙනවලුනෙ.
    ඒ නිසා අම්ම මරල හරි පැටිය අරගෙන ඌට පිං රැස්කර දෙන්නනෙ ඔය හාමුදුරුවලා හදන්නෙ

    ReplyDelete
  9. සත්වෝද්‍යාන අවශ්‍ය අවස්ථා ඇත. උදා. වඳවීගෙන යන සතුන් සංරක්ෂණය හා බෝකිරීම මෙන්ම ඒ පිලිබඳව දැනුවත් කිරීමට සඳ හා ඇති ජර්සි සූ එක. මේ පිලිබඳ ජෙරල්ඩ් ඩරල්ගේ මතය බලන්න.

    මිනිසුන්ගෙන් ඇතිවන පීඩනය නිසා වෙඩිකාගෙන දුකසේ වඳවීයන අන්තරායට වඩා හොඳයි සමහර සතුන්ට එලිමහන් , ස්වාභාවික පරිසරට පුලුවන් තරම් සමාන ඒත් ඉඩ සීමිත උද්‍යානයක හොඳින් කෑම බීම සමගසිටීම.

    ReplyDelete
  10. අජිත් පැරකුම්ලාට පෙරහැරේ යන එක ගැන හෙන දුකයි. ඒත් බයිට් එකට මේසේ ඉන්නකොට අවුලක් නැහැ. අහ වලාගේ උපන් දිනේ දවසේ බිල්ලට හරක් මරන එක හොදයි. පෙරහැරේ ගියොත් අවුල්...

    අජිත්ගේ මානසික රෝගි තත්වය අපිට කියාපාන තවත් අවස්ථාවක්.. කඨිනය එපාලු.. පෙරහැර එපාලු...

    සත්තු මරං කන සීන් ඕනලු...

    ReplyDelete
  11. මසුන් මැරීම, හරක් මැරීම, ආදී වශයෙන් කෙරෙන මස් පිණිස සතුන් මැරීමට එරෙහි නොවන එපමණක් නොව එසේ මස් පිණිස සතුන් මැරීම තහනම් කළ යුතු යැයි යෝජනාවක් ගෙනාවොත් ඊට සහය නොදෙන සහ බොහෝ විට එම යෝජනාවට එරෙහිවන පුද්ගලයෙකු වන අජිත් පැරකුම් ජයසිංහ තමන් පෙරහරේ අලි ගෙනයාමට එරෙහි වන්නේ කුමන පදනමකින් දැයි පැහැදිලි කිරීමට ඉදිරිපත් වනවා නම් අඩු ගණනේ අජිත් පැරකුම් ජයසිංහ යනු කියවා බැලීමට තරම් වැදගත් කමක් සහිත දේ ලියන කෙනෙකු වශයෙන් අපට සැලකීමට හැකි වෙනවා ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා