ත්‍රස්තවාදය හිස එසවේවා! මහින්ද රාජපක්ෂට බලය ලැබේවා!

රට දරුණු ආර්ථික අර්බුදයකට යනවා. ඊට සමගාමීව ත්‍රස්තවාදය යළි හිස ඔසවනවා. මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාරට බහිනවා. ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ම විශාල පිපිරීමක් සිදු වෙනවා.

ගිය සතියේ මව්බිම පුවත්පතට එසේ පැවසුවේ මහින්ද රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ශෙහාන් සේමසිංහයි. අදාළ පුවත්පත් වාර්තාව මෙතැනින් බලන්න

මාධ්‍යවේදී තිස්සනායගම්ට නඩු පැවරූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති යටතේ ම අවශ්‍ය නම් ශෙහාන් සේමසිංහටත් නඩු පවරන්නට ආණ්ඩුවට පුළුවන් වුණත් එසේ කරන්නැයි අපි නො කියන්නෙමු. එය ඔහුගේ ප්‍රකාශනයේ නිදහසයි. 

එහෙත්, ත්‍රස්තවාදය යළි හිස එසවීම දේශපාලන උපායමාර්ගයක් බවට පත් කරන්නට යනවා නම් එතැන සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ. 

මහින්ද රාජපක්ෂ කඳවුරේ අය කොටින් යළි නැගිටින බව හා හමුදා කඳවුරුවලට පහර දෙන බව ප්‍රචාරය කරන්නට පටන් ගත්තේ 2015 ජනවාරි 09දා ඡන්දයෙන් පැරදුණු දා සිට ය. නොවැම්බර් 26 වන විට එය උච්චස්ථානයකට පැමිණ තිබිණි. 

දැන් ඔවුන්ගේ දෑස්  දැල්වී තිබෙන්නේ උතුරට ය. වසන්තය උදා වන කල් ද? නැත. ත්‍රස්තවාදය යළි හිස ඔසවනකල් ය. 

රාජපක්ෂවාදීන්ගේ කණ් ඉස්සී ඇත්තේ බෝම්බ හඬ වෙඩි හඬ අසන්නට ය. නහය පොපියන්නේ ලේ සුවඳ විඳින්නට ය. 

ඔවුන්ගේ ප්‍රාර්ථනාව මෙයයි: ත්‍රස්තවාදය හිස එසවේවා! මහින්ද රාජපක්ෂට බලය ලැබේවා! 

රාජපක්ෂලාගේ උපායමාර්ගයේ ත්‍රස්ත ප්‍රාර්ථනාව ඉටු කිරීම ගැන ඔවුන් බලාපොරොත්තු තබා තිබෙන්නේ ඩයස්පෝරාවේ හා දකුණේ ශිෂ්‍ය ව්‍යාපාරයේ බළල් පැටවුන් කෙරෙහි ය. ඇතැමෙකුට දැන් ඒ ප්ලේ එක හසු වී තිබේ. එහෙත් වැඩි කලක් යන්නට පෙර ඔවුන් ඒ ප්ලේ එකට හසු වනු ඇත.  

ලංකාව දරුණු ආර්ථික අර්බුදයක් ඉදිරියේ සිටින බව නම් අපි ද පිළිගනිමු. එය කළමනාකරණය කර ගන්නට බලයේ සිටින ආණ්ඩුවට උපකාර කිරීමේ වගකීමක් ජනතාවට තිබේ. ලෙඩා මළත්, කාර් පර්මිට් ඉල්ලන දොස්තරලා වැනි අමන වෘත්තිකයන් පිරි රටක වගකිව යුතු පුරවැසියන්ගේ හිස මත ඇත්තේ සුවිසල් බරකි. 

පාරාජිකා වූ දේශපාලකයන්ට ද මෙවැනි අර්බුද සමයන් වනාහි බලයට ෂෝට් කට් සොයා ගත හැකි අවස්ථා ය. එහෙත්, බලය ගන්නේ කුමක් කරන්න ද? 

මහජනතාවට අවශ්‍යව ඇත්තේ ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා, ආරක්ෂාව, නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සාමය මිස අර්බුද නො වේ. ඒවා අවශ්‍ය දේශපාලකයන්ට ය. 

මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු බල ලෝභීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ එක දෙයකි. බලය වෙනුවෙන් කරන කුළල් කා ගැනීම් ජන ජීවිතය අවුල් නො කරන මූලික කොන්දේසියට යටත් කරව්!

මිනිස් සමාජය මෙතෙක් දිනා ගත් දේ අහිමි කරන දේශපාලනය පරදවමු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ සිංහල බෞද්ධ ජනගහනයෙන් 50% විතර පැතුමත් ත්‍රස්තවාදය හිස එසවී, ආර්තිකය කඩාවැටී රාජපක්ෂලාට බලය ලැබේවා කියන එකමද කොහෙද.. ඒකනෙ ලක්ෂ 48 චන්දෙ දුන්නේ...

    ReplyDelete
    Replies
    1. මේකට ආගම සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔබ බොද්ධ ආගමට ඔච්චර වෛර කරන්න හේතු වුන කාරනාව කියන්න පුලුවන්ද?

      Delete
    2. අවුරුදු 500ක් නොකඩවා විවිධ ජාතින්ගේ ආගමික ත්‍රස්ත කණ්ඩායම් වල තාඩන පීඩන තර්ජන මර්දන හා අනේකුත් දුක් ඉවසූ ජාතියක් මෙසේ හරි ඉතිරි වීමද පුදුමයකි අපට සපේක්ෂව කිසිදු තර්ජනයක් නොතිබූ තමිල්නාඩුව අපටත් පහත් තත්වයක පැවතීම නම් අරුමක්...

      Delete
  2. ජනතාව ද දේශපාලකයින් තරමට ම දූෂිත ය. ශ්‍රී ලංකාවේ යකුන්ට ලැබෙන්නේ තමන්ට ගැලපෙන විමානයි.

    ReplyDelete
  3. Replies
    1. අඩු තරමේ ගිනිකොණදිග ආසියානු රටවල ජීවන තත්ත්වයවත් ඇති කිරීම අවුරුද්දකටත් කලින් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නා නම් ඇත්තෙන් ම ඔබ ආර්ථික විද්‍යාවක් ගැන කිසිම අවබෝධයක් ඇති කෙනෙක් නෙමෙයි. රට ඉදිරියේ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති බව මහින්ද හෝ රනිල් හෝ නො කීවේ ලංකාවේ සිටින්නේ ඔබ වැනි වගකීමක් නැති, අවබෝධයක් නැති ඡන්දදායකයන් නිසා බව පැහැදිලියි. ඔබ වැනි අය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මාක්ස්වාදීන් පවා යෝජනා කරන්නේ මැනිපියුලේට් කර ගැනීම මිස සවිඥානක කර ගැනීම නො වේ. එසේ කිරීම අමාරු යයි ඔවුන් සිතනවා ඇත.

      පෞද්ගලික වාහන භාවිතය අත්‍යවශ්‍ය කාරණාවලට පමණක් සීමා කළ යුතුයි. පොදු ප්‍රවාහන සේවා දියුණු කළ යුතුයි. මාර්ග තදබදයට විසඳුම එය තමයි. එය ආර්ථිකයට මෙන් ම පරිසරයටත් හොඳයි.

      ආර්ථික නිදහස කියන්නේ මැද පෙරදිග ගල් ගැසුම් කන ගෘහ සේවිකාවන් උපයා එවන මුදලින් වෙනත් අයට සැප විඳින්නට වාහන ආනයනය කරන එක නම්, ඒ ආර්ථික නිදහස නැති කරන එකට මම පක්ෂයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. //ලාංකිකයාට මහින්ද යුගයේ තිබුණු ආර්ථික නිදහස මේ රජය විසින් දරුණු ලෙස ඝාතනය කර තිබෙනවා.//

      මේව විනෝද සමයට එහා ගිය විහිලු... මරා කාලෙ වගේ අද ප්‍රතිවාදියව හිරේ දැම්මද? මරාට කඩේගිය දිවයින/ මව්බිම පත්තර ගිනි තිබ්බද? කීර්ති වර්නකුලසූරියලව එක්නැලිගොඩට කලා වගේ මරල මුහුදෙ දැම්මද? ඒකාලෙ මුස්ලිම් මිනිස්සුන්ව මරන් කාල ආයෙත් ජාතිවාදී යුද්ධයක් පටන්ගන්න ගිය ගෝටගෙ බොදුබල සේනාවල් අද කෝ? ඒකාලෙ වතුර ඉල්ලපු අහිංසක මිනිහටත් වෙඩි තිබ්බහම හැමෝම කට-පුක වහගෙන හිට්යට අද අසාධාරන විහිහට පාරවහල උද්ගෝශන කරපු කැම්පස් උන්ට ගැහැව්වට උන්ට පවා වන්ධි දෙන්න තීරනය කරල.
      මරාගෙ කාලෙ කෙරුන දූශන/ වංචා තරමක් දුරට හෝ හොයනව කිල පේන්නෙම නැත්ද?
      ආර්තික අර්බුධයට හේතුව මරා පිස්සෙක් වගේ අවුරුදු 10 තිස්සෙ චීනෙන් ණය ගැනීම, ඊලගට ඉතා විෂාල රාජ්‍ය සේවයක් අනවශ්‍ය තරමේ දීමනා එක්ක ඇතිකිරීම...
      ඊලගට මරා ඇතිකරපු දූෂිත දේශපාලන පැලැන්තිය

      Delete
    5. මේ ආර්තික අර්බුධය කොහොමත් රටට එන්න තිබ්බ එකක්...
      රාජපක්ෂලා ඒක දන්න නිසා තමා අවුරුදු 2 කලින් චන්දෙ තිබ්බෙ..
      ඇයි මරා ඇලඩින්ගෙ පුදුම පහන ගෙනල්ල චීන ණය ගෙවන්නද? ඇයි ණය අරන් ප්ලේන් නො එන එයාපෝට්, මාසෙකට නැව් 10 එන්නැති වරායවල් හැදුවෙ? මරා රටට විදේෂ් විනිමය ගෙන ආ හැකි එක කර්මාන්ත පුරයක් හැදුවද? ගෘහ සේවිකාවො වෙනුවට බුද්ධිමය ශ්‍රමය අපනයනය කල හැකි (ඉන්දියාවේ බැංගලෝර් වල තියෙනව වගේ ) BPO centres හදන්න උදව් කලාද? බටහිර රටවල් එක්ක ඇරගන්න ගියා මිස ඒ රටවල සමාගම් වලට මෙහේ ඇවිඋත් ආයෙජනය කරන්න පුලුවන් වාතාවරනයක් හැදුවද? බැසිල් කියන වේ. පුතා ඉන්නකන් චීන හොර ඇරෙන්න එක දියුනු සමාගමකට එන්න පුලුව උනාද?

      තවත් දෙයක්.. ඔහෙල බැටලු හම් පොරවාගෙන ඉන්න මරාවාදියො.. තමන්ගෙ මහ එකා ලෝකෙන් ගත්ත ණය ගෙවනකම් දැන් පටි තදකර ගනිල්ල.. ලංකාව ලෝකයේ අධික ණයබරක් ඇති රටවලින් එකක්... එක්කෙනාට හිතෙන විදිහට වාහන ගන්න අපේ තියෙන විදේශ විනිමය ටිය ආපහු පිටරට පටවල අර ණය ගෙවන්න තව ණය අරගෙන ලංකාව ග්‍රීසියක් කරන්න බෑ...

      තව අවුරුදු 4-5 සෙකන්ඩ් හෑන්ඩ් වාහන පාවිච්චි කරන්න..

      Delete
    6. //මගේ කටයුතු අත්‍යවශ්‍ය ද නැද්ද කියා තීරණය කරන්නේ මම මිසක් රජයවත් ඔබවත් නොවෙයි.// වගකිවයුතු පුරවැසියන් ඉන්න සමාජයක නම් පාරට වාහනය දානකොට තමන් ගැන විතරක් නෙමෙයි වෙනත් මිනිසුන් ගැනත් හිතනවා. අපි උත්සාහ කරන්නේ එහෙම පුරවැසියන් ජීවත් වන සමාජයක් ගොඩනගන්න. එයට ඔබ වැනි ආත්මාර්ථකාමීන් පුනරුත්ථාපනය කළ යුතුයි. අපි ඔබ වැනි අය සමග එන්ගේජ් වෙන්නේ ඒකට. අඩු ගානේ මේ ඔබ නො හැදුනත්, මේක බලලා වෙන මිනිහෙක් හැදෙන්න ඉඩ තිබෙනවා.

      පොදු ප්‍රවාහන සේවා දියුණු කළ යුතුයි කියන එක 1970 ගනන්වල සිටම ඇහිලා ඇහිලා ඔක්කාරේ යන තරමට ඇතිවෙලා තියෙනවා කියන ඔබ අවබෝධ කර ගත යුතුව තිබෙන කාරණයක් තමයි, පොදු ප්‍රවාහන සේවා දියුණු වෙලා නැහැ කියන එක බොරුවක් බව. දියුණු වෙලා නැත්තේ නැහැ. ප්‍රශ්න තිබෙන්නේ අවිධිමත්බව හා දියුණුව ප්‍රමාණවත් නො වීම තුළයි.

      ඔබගේ හරවත් යෝජනා වඩා විධිමත් විධියට රජයට ඉදිරිපත් කරන්න. පුරවැසියෙක් ලෙස එයට ඔබට ඇති අයිතිය පාවිච්චි නො කරන බැන බැන ඉන්න එපා. මෙතන ලියනවා වගේ ම පුවත්පත්වලට ලියන්න. අදාළ ඇමතිවරුන්ට, නිලධාරීන්ට ලියන්න. ගිහින් සාකච්ඡා කරන්න. අවබෝධ කර දෙන්න. වගකිව යුතු පුරවැසියන් ලෙස කළ යුත්තේ එයයි.

      වාහන බදු වැඩි බව මමත් පිළිගන්නවා. ඒත්, පෞද්ගලික වාහන මිළ දී ගන්නා අය පොදු ප්‍රවාහන සේවාවල හා පයින් යන අයට වඩා මාර්ග ඉදි කිරීම හා නඩත්තුව වෙනුවෙන් රජයට මුදල් ගෙවිය යුතුයි. බදු අඩු කළ යුතුයි.

      එහෙත්, අධික වාහන තදබදය හා රටේ මුදල් නිරර්ථකව පිටරට යන එක වළක්වන්නට වාහන භාවිතය අධෛර්යය කිරීම මේ වෙලාවේ කරන්නට සිදු වන දෙයක්.

      මේ රටේ මේ වෙලාවේ තිබෙන ලොකුම ප්‍රශ්නය මේක නෙමෙයි. එය එක්තරා හයියෙන් කෑගහන්න පුළුවන් මිනිසුන් පිරිසකගේ ප්‍රශ්නයක්. දුප්පතුන්ට ඔයිට වඩා ඕනැ තරම් ප්‍රශ්න තියෙනවා.

      මේ ලියන මටත් වඩා හොඳ කාර් එකක් ගන්න තිබෙනවා නම් මාත් කැමතියි. ඒත්, අපි ආර්ථිකය විග්‍රහ කරන්න ඕනැ පුද්ගල කේන්ද්‍රීයව නොවෙයි.

      මේ ආත්මාර්ථකාමී ස්වභාවයට හොඳම උදාහරණය තමයි, හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් කාර් හිමියන් නිශ්ශබ්දව ඉඳීම.

      Delete
  4. මහ බයියත් හීනෙන් අවදිවෙලා තියෙන්නේ... මහ බයියා කියන එවා තමයි පොඩි බයියෝ වමාරන්නේ... උන් එහෙම බලය ආවොත් හෙම අම්මට හැමනිලම් තියෙයි...

    මුන් කරන්න ඕන හොරු නලව නලව ඉන්න එක නෙමෙයි.. උන්ව අල්ලලා කූඩුවට දාන එක.. එහෙම නැත්නම් ඉතින් ආයේ උන් එන්නත් බැරි නෑ...

    මොකෝ මේ රටේ ඉන්නේ නොම්මර එකේ ගොන්නු නිසා...

    ReplyDelete
  5. me W3 karnneth api hamoma nomaga yawana eka.
    LTTE mathawaaya ayeth itha seegrayen yapanaya thula pathirenawa.
    lanka athi yaha palanayak na. thiyenne f=game ekak witharayi.
    eka horu kandayam dekak balaya ganna dangalanawa. echchari
    kapati hiwallu untata help karanwa

    ReplyDelete
  6. Maha bayya mahindata heta aniddata badu banis. Oka parana LTTE ekek athin merun kanawa hariyata wal ballek hayyen yana defender ekakata heppuna wage.

    ReplyDelete
  7. මේ පිළිබද මගේ අදහස
    http://lankasithuwili.blogspot.com/2015/12/2015.html

    ReplyDelete
  8. ජනවාරි 8 අහෝස්තු 17 යහපාලනයට චන්දෙ දුන්නෙ ආයිනම් දෙන්නේ නැහැ කියන එකෙක්වත් යහපාලනයට චන්දෙ දුන් උන් නෙමෙයි. එහෙම චන්දෙ දුන්න වුන් දන්නවා යහපාලනය කියන්නෙ මොකද්ද කියලා. රටේ මුලු බලය එක පවුලකට අරගෙන නීතියට උඩින් ගිහින් රටම වනසපු කාලය ආයි ඕන කෙනෙක් ඉන්නවනම් ඒ පුද්ගලයා ඒ ක්‍රමයෙන් වාසි ලබපු කෙනෙක් මිසා ඒ ක්‍රමය වෙනස් කරාන වචනෙකින් හරි දායක වුන කෙනෙක් නෙමෙයි.

    ReplyDelete
  9. ආර්ථික අර්බුදයට හේතුව ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිිනං ඒකට කරන්ඩ ඕන ඒ ප්‍රතිපත්ති විවේචනය කරන එකයි. නැතුව ඒ ප්‍රතිපත්ති නිසා ආර්ථිකය අර්බුදයට යනකොට ආණ්ඩුවට සහය දෙනවා කියලා කරබාගෙන ඉන්න එක නොවේ.

    ReplyDelete
  10. ඊළාම්වාදය වෙනුවෙන් සෘජුවම පෙනී ඉන්න සංවිධාන නිදහස් කරලා. කළු සල්ලි ලංකාවෙ ආයෝජනය කරන්ඩ දීලා. නඩු තියෙන ත්‍රසතවාදී සැකකරුවන් නිදහස් කරලා. බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට අරන්, උතුරු සහ නැගෙනහරි හර්තාල් කරලා. ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්ඩ කියලා පාසල් ළමයෙක් බිල්ලට දීලා පාසල් ටික මහවිරු දිනයේ වහලා තියෙනකොටට ‘කෝ බෝ්ම්බ පුපුරුනේ‘ නෑනේ කියලා නිකං ඉන්ඩ පුළුවන්. නමුත් ඒක ප්‍රඥාගෝචරද? අනෙක රට බෙදෙන එකම මග ත්‍රස්තවාදය නොවේ. දේශපාලනික ක්‍රියාවලියකින්ද රට බෙදෙන්ඩ පුළුවන්. වර්ධරාජා පෙරුමාල් කරා වගේ. දැන් ඒ අනතුර පෙන්වා දෙන එක වරදක්ද?

    ReplyDelete
  11. අම්මපා .. වමනෙට එනවා මේ විදියට නූල් පොටක් ඇඟේ නැතිව කඩේ යනවා දැක්කම.. සමහර විට අර ඉස්සර හිටපු අජිත් පැරකුම් ජයසිංහගේ බ්ලොග් එක හැක් කොරලා කවුරු හරි පඳුරු වේසාවෙක් ඒක අයිති කරගෙන ද කොහෙද...මේ කියන්නෙ බොරු කියලා හිතනවා නම් මේ බ්ලොග් එකේම මුල හරියේ තියන පෝස්ට් කියවලා බැලුවා නම්...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා