එන්රික් සංදර්ශනය හා සංගක්කාර, මහේල භූමිකාව තේරුම් ගත යුත්තේ කෙසේ ද?

ජනාධිපතිටත්, ජාතිවාදීන්ටත්, ගොබ්බ වාමාංශිකයන්ටත් දරා ගත නො හැකි එන්රික්ගේ කිස් එක  
එන්රික්ගේ සංදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කර තිබෙන ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තර ප්‍රවෘත්ති සිරස්තල නිර්මානය කිරීමට සමත් වී තිබේ. 

ඔහුගේ ප්‍රකාශය එක පැත්තකින් වර්තමාන ආණ්ඩුවේ ස්වභාවය නිරූපණය කරන්නකි. එය ආණ්ඩුවත්, විපක්ෂයත් එකට කරන දීග කෑමකි. ජනාධිපතිවරයා වරෙක ආණ්ඩුවේ ද, වරෙක විපක්ෂයේ ද භූමිකාව රඟනු දැකිය හැක්කේ ඒ නිසා ය.  

එක්සත් ජාතික පක්ෂය ආර්ථික හා සමාජ දැක්මක් සහිතව ප්‍රතිසංස්කරණ මාලාවකට අත ගසා තිබේ. එය එක්තරා අන්දමකින් ගතහොත් 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ම වැඩසටහන අඩු තීව්‍රතාවකින් ඉදිරියට ගෙන යාමක් ලෙස සැලකීමට පුළුවන. එයට හේතුව අද වන විට නව ලිබරල්වාදයට එදා තිබුණු ලෝක තල්ලුව නැති වීමයි. 

වාමාංශිකයන් විසින් නගනු ලබන නව ලිබරල්වාදයට එරෙහි ඝෝෂාව කෙසේ වෙතත්, ආර්ථික ජාතිකවාදය හෙවත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී අතිශය සංරක්ෂණවාදී වීම අද වන විට ප්‍රායෝගික නැත. තේරෙන භාෂාවෙන් කීවොත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීම පහසු නැත. එය ගිව් ඇන් ටේක් හෙවත් දීලා ගන්න සිදු වන දෙයකි. අපට ඕනෑ දෙය විතරක් දෙන බවට හා ඕනෑ දෙය විතරක් ගන්නා බවට පුරසාරම් දොඩන්නට පුළුවන. එහෙත්, ඇත්තට කරන්නට බැරි ය. 

එන්රික්ගේ  සංදර්ශනය නිදසුනකට ගනිමු. ලංකාවේ පවතින්නේ කිසිදු නිෂ්පාදනයක් නො කරන, රජය මත විවිධාකාරයෙන් යැපෙන මධ්‍යම පංතියක ආධිපත්‍යයකින් යුත් සමාජ ක්‍රමයකි. ඇතැමෙක් මෙය ධනවාදය ලෙස ද හඳුන්වනු ලබන මුත්, ධනපති පංතියට ලංකාවේ ආධිපත්‍යයක් නැති බවට එන්රික් සිද්ධිය ම නිදසුනකි. 

ශ්‍රී ලංකාවේ මධ්‍යම පංති මූලික සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කර ගත හැකි ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ලංකාවට ඉහළ පෙළේ සංචාරකයන් ආකර්ශනය කර ගත යුතු බව ද ඇතැම් පණ්ඩිතයෝ කියති. කියන්නට පුළුවන. ඒ වුණාට එන්නේ දැන් එන එවුන් තමා ය. ඒ අතර විදුලි ඉස්තිරික්කයෙන් රොටි පුච්චාගෙන කා රට තොට ඇවිද යන ශ්‍රී ලාංකික සංචාරයකයන් වැනි ම වූ දිළින්දෝ බහුතරයක් සිටිති. 

ඔය කියන ඉහළ පෙළේ සංචාරකයන් ලංකාවට එන්නේ මොන මගුලට ද යන්න කල්පනා කර බැලිය යුතු ය. පොලිතින්, ප්ලාස්ටික්, ඉඳුල්, බලු හා මිනිස් බෙටි, හුලිජ්ජ, කැහි තලි විසිරුණු, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, විවිධාකාරයෙන් සංචාරකයන්ගේ ඉහමොළ සූරා කන මංකොල්ලකාරයන් පිරුණු, අනාරක්ෂිත වෙරළ, වනාන්තර, ගම්, නගර, හෝටල් ආදියෙහි සැරිසරන්නට එන්නේ අප වැනි ම ආතක් පාතක් නැති එවුන් මිස වෙන කවුරු ද? 

කොහොමින් කොහොම හරි මධ්‍යම පංතියට කාර් පර්මිට්, පැන්ෂන් පඩි, පිංපඩි ආදී වරප්‍රසාද දෙන්නට නම් මෙහෙට මොකුන් හෝ සංචාරකයන් ඇවිත් ඩොලරයෙන් ඩොලරය එකතු විය යුතු ය. ඒ එන එවුන්ට බඩු ගහන්නට, කුඩු ගහන්නට, කා බී නටා ෆන් ගන්නට යටි තල පහසුකම් ලංකාව විසින් සැපයිය යුතුව තිබේ. 

එන්රික් වැනි හාදයන්ගේ සංදර්ශන ලංකාවේ පැවැත්වීම වැදගත් වන්නේ මෙන්න මේ සංදර්භය තුළයි. ඒවා සංවිධානය කරන සංගක්කාරලා, මහේලලා තවමත් වීරයන් වන්නේ ඔවුන් රඟ දක්වන මෙන්න මේ ආර්ථික භූමිකාව නිසා ය. එන්රික් තනපට සිඹීම හා කෙල්ලන් වැළඳ ගැනීම දෙස බැලිය හැක්කේ සංස්කෘතික පාට කණ්ණාඩියෙන් පමණක් නො වේ. 

හිටි හැටියේ මතක් වී සංගක්කාරට සාක්කු නෝට් පොතක කොළයක ලියා එක්සත් රාජධානියේ තානාපතිකම දෙන්නට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් එන්රික්ගේ සංදර්ශනය සංවිධානය කළ අයට මඩු වලිගෙන් තලන්නට කතා කරන්නේ ජනප්‍රිය ජාතිවාදය හා ආර්ථික යථාර්ථවාදය අතර වයර් මාරුවීම ලංකාවේ මධ්‍යම පංතික දේශපාලකයන්ගේ සාමාන්‍ය ස්වභාවයක් නිසා ය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු මේ වන විට විපක්ෂයේ භූමිකාවට වේගයෙන් මාරු වෙමින් සිටින දේශපාලනඥයෙකි. සමහර විට ඔහු ආණ්ඩුව බවට පත් වන්නට ද ඉඩ තිබේ. ආණ්ඩුව වෙමින් හා නො වෙමින් සිටින කොයි කාටත් මෙවැනි ජනප්‍රිය කතා කියන එක ඉතා පහසු ය. මන්ද, මඩු වලිගෙන් තැලිය යුතු නියම තැන ජනතාව දන්නේ නැත. 

ශ්‍රී ලංකාව විනෝදාස්වාදයෙන් සපිරි සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි සංදර්ශන සංවිධානය කරන්නට ධනපති මහේල, සංගක්කාර වැනි අයට ශක්තිය ධෛර්යය දිය යුතු ය. නැතිනම්, ලංකාවේ මධ්‍යම පංතික මූලික සමාජ ක්‍රමය නන්නත්තාර වන්නට වැඩි කාලයක් යන්නේ නැත. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මහින්ද රාජපක්‍ෂ කට්ට කයිරාටික බයියෙකි.
    මෛත්‍රීපාල සිරිසේන අමන මරිමෝඩ බයියෙකි!

    ReplyDelete
    Replies
    1. පැරා කියන්නේ මොන වරිගයේ බයියෙක්ද රසික

      Delete
  2. Ranil is too smart for stupid Sri Lankans. They only deserve a stupid leader like MR.

    ReplyDelete
  3. //Ranil is too smart for stupid Sri Lankans. They only deserve a stupid leader like MR.// +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. මට නම් විටෙක හිතන්නේ ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට ගැලපෙනම නායකයෝමය කියාය
    සිරිසේනගේ බයි ජෝක්ස් සේම රනිල් ගේ ටොයි ජෝක්ස් සේම අනෙකුන්ගේ අනෙක් ජෝක්ස් ද හුදී ජන වින්දනය උදෙසාම නොවෙදැයි සිතේ

    ReplyDelete
  5. එන්රිකේ සංදර්ශනයේදී සිදු වූ අසභ්‍ය සිදුවීම් මේ පුණ්‍ය බූමියට අගෞරවයකි. මේ අසභ්‍ය ක්‍රියා සුදුසු වන්නේ පිට රටවලටය. අන්න එනිසා තමයි අපේ මැති ඇමති වරු ඇතුළු පිරිවරා යන සිංහල බෞද්ධයන් ගණිකා ඇසුර පිටරටවල්දීම කර ගන්නේ. ගණිකා ඇසුර මේ රටේදී නොකිරීමේ මහා ගරු කටයුතු ක්‍රියාව මිහිඳු මහ රජාණන් වහන්සේගේ මැති සිටුවරුන්ද සිදු කළහ. ඒ උත්තරීතර ක්‍රියාවට මහ ජනතාව කැමැත්තෙන්ම බදු ගෙවුහ. බස් වල ජැක ගැසීම කරන අයද එය සිදු කරන්නේ රබර් ටයර් වල සිටවූ ටකරම් තහඩුවක් මත මිස පුණ්‍ය බූමියේ නොවන බැවින් එය ප්‍රශ්නයක් නොවේ.

    ReplyDelete
  6. තන පටය ගලවා විසිකිරීම ඔය හැටි මගුලක් නොවේ . අපේ රටේ දවසකට ළමා අපචාර ස්ත්‍රී දුශන කියක් වෙනවාද ? මේවා අවම කරන්නයි ක්‍රියා කල යුත්තේ . ඔය තන පටය ගැලෙව්වාට සහ හග් එකක් දුන්නාට එතන එයිට වඩා දෙයක් සිදුවී නැත. බොරු සුචරිතවාදය මෛත්‍රීට කැලලකි. මෙයට ජාත්‍යන්තර විරෝධයක්ද ඇතිවිය හැක !.

    ReplyDelete
    Replies
    1. //ඔය තන පටය ගැලෙව්වාට සහ හග් එකක් දුන්නාට එතන එයිට වඩා දෙයක් සිදුවී නැත. // !!!

      තන පටය ගලවා විසිකිරීම, ප්‍රසිද්ධියේ සිප ගනීම සහ ළමා අපචාර / ස්ත්‍රී දුශන සමග ඈඳීම අදාල වන්නේ නැහැ.

      විනෝද සංස්කෘතිය සහ ලිංගික ආකර්ශනය සහ සම්බන්ධයි. (ඉස්සරත් වුනා දැනුත් වෙනවා; සීගිරි ලඳුන් බ්‍රා අඳින්නේ නැහැ; මීට වඩා අපචාර ඕනතරම් ලංකාවේ වෙනවා; තන පටය ගැලෙව්වාට/හග් එකක් දුන්නාට, ලිංගිකව හැසිරුනේ නැහැ නේද වගේ සුනාපරන්ත තර්ක ඇත්තෙන්ම අවශ්‍ය නැහැ. මේ සිද්ධිය, එම සිද්ධිය විදියට ගනිමු ) ඔතරම් කලබල වෙන්න දෙයක් නැහැ. මතකද සුදුජාතික නලුවෙක්, ඉන්දීය නිලි ශිල්පා ශෙට්ටි සිපගත් සිද්ධිය සහ ඉන්දියාවේ ඇතිවුන ආන්දෝලනය. (http://news.bbc.co.uk/2/hi/entertainment/6560371.stm)

      මේ ගැන අගනා ලිපියක් සුචරිත ගම්ලතුන් එවක ලියා තිබුනා. (ඉරුදින කොලමක?) එම සප්‍රයිස් සිප වැලඳ ගැනීමේ සුන්දරත්වය දකිමින්. හොයාගෙන කියවන්න වටින ලිපියක්. (මම කියෙව්වෙත් ඊ වර්ෂන් එක. දැන් හොයාගන්න නැහැ වගේ.)

      - Dimithri

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. Enrique or the persons who organised this musical show are not wrong. The girls who live in the country are wrong. They are very ill cultured. They don't know how to behave.

    ReplyDelete
    Replies
    1. What's wrong in giving some one a hug. Have a life...

      Delete
  8. කාර් පර්මිට් කියන්නේ කාර් එකක් ආණ්ඩුවේ සල්ලි වලින් ගෙනැල්ල දෙනව කියන එක නෙමෙයි. කාර් පර්මිට් එකෙන් කරන්නේ අයකරන බදු ප්‍රමාණය සදහා ඩොලර් 25000ක් දක්වා සහනයක් ලබා දීම. කාර් එක වෘත්තිකයා විසින් ඉතිරිකල මුදල් වලින් ගෙන්විය යුතුයි. මේ මගින් සිදුවන්නේ ආණ්ඩුවට ලැබිමට නියමිත බදු ප්‍රමාණයක් නොලැබි යාම පමණයි. මම දන්න තරමට කාර් පර්මිට් එක දෙන්න ආණ්ඩුවට යන්නේ පොඩි පරිපාලන වියදමක් විතරයි.

    විශ්‍රාම වැටුප ලබා ගන්නා රජයේ සේවකයින් බහුතරයක් අවුරුදු 30කට වඩා කාලයක් තමන්ගේ ශ්‍රමය රජය පවත්වාගෙන යෑම වෙනුවෙන් කැප කරන ලද පිරිසක්. ඔවුන් ලබන්නේ පිං පඩියක් නොවෙයි. තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් වෙන දීමනාවක්.

    මම කියන්නේ සියලුම වයස 60ට හෝ 70 වැඩි පුද්ගලයින්ගේ වගකීම රජය භාරගත යුතුයි. වයස 70 පුද්ගලයකු යනු වසර 50කට අධික කාලයක් තම ශ්‍රමය කිසියම් හෝ කාර්යයක යෙදවු පුද්ගලයින් සමුහයක් ඔවුන් ආරක්ෂා කිරීමේ සහ රුකබලා ගැනීමේ වගකීමක් සමාජයට තියෙනව. සමාජීය වගකීම ඉටු කිරීම සදහා තමයි අපි රජයක් ඇතිකර ගෙන තියෙන්නේ. ඒ සදහාවන වියදම් රජයට දරන්න වෙන්නේ නැවත මහජනතාවගෙන් අයකර ගැනීමෙන්. මේ සදහා සුදුසු ක්‍රම වේදයක් හදන්නේ නැතුව සුබ සාධනයන් නොකර සිටිම කරනවනම් රජයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයකුත් නැහැ. මොකද රජයක් අවශ්‍ය වෙන්නේ නීතීය පවත්වා ගෙන යාමට විතරක් නෙමෙයි.

    ReplyDelete
  9. මට පේන විදියට මෛත්‍රි, මහින්දගේ ජනතාව දිනාගන්නයි මේ "අපේ හාමුදුරුවනේ" වර්ගයේ අන්ත පසුගාමී ජනප්‍රියවාදී කතා කියන්නෙ / ක්‍රියා කරන්නෙ. සමාජජාල ගැන කියනවා, මරන දඬුවම ගැන කියනවා. මේ කතා නම් අන්තිම ගොන්පාට් තමයි.

    ඒ අතරේ උතුරේ සංචාරය කරනවා, අවතැන්වූවන් ගැන තමන්ම හොයලා බලනවා. සිරකරුවන් නිදහස් කරනවා, නැවත ඉඩම් ලබා දෙනවා වගේ හිතාගන්න බැරි නිර්භීත ඉදිරිගාමී දේවලුත් කරනවා. ඒවා ජනප්‍රිය දේ නොවෙයි.

    මේ පෝස්ට් එක ගැන සමස්තයක් ලෙස එකඟයි. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මේ පිවිසුම කැසිනෝ / පැකර් ටත් අදාල වෙනවා නේද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මම කැසිනෝ ගැන මීට කලින් ලියා තිබෙනවා. කැසිනෝ කියන්නේ ගෝලීය ධනවාදයෙන් අපට ලැබෙන තවත් එක් නරක දෙයක් පමණයි. මේ පැකේජයේ තව ගොඩක් නරක මෙන් ම හොඳ දේත් තිබෙනවා. ඒ වගේ ම අපට මේ පෙට්ටිය අරින්නේ නැතිව ඉන්නත් බැහැ.

      Delete
  10. අන්තිමේදි සිරත් අර බෙලි ගෙඩියට භය වෙච්චි හාවට රැවටිච්චි කැලේ සතෙක් වගේ උනා.

    දැන් කවුද දැක්කෙ කෙල්ලෙක් බ්‍රා එකක් ගලෝල විසික් කරනව?

    ReplyDelete
    Replies
    1. ඩුප්ලිකේසොන් රෝඩ් එකේ රෑට ඉන්න පොන්නයෙක්ලු ඕක කරලා තියෙන්නේ..

      සිරිසේන හිතාගෙන ඉඳලා තියෙන්නේ බැසියර් අඳින්නේ කෙල්ලෝ ඉතරයි කියලා..

      පොන්නයෝ ටික කාලක් ගහලා පුක එලියේ දාගෙන ඉන්නවලු මඩු වලිගෙන් ගහනකන්.. පොන්න ආතල් එකක් ගන්න...

      Delete
  11. අද දින ලොවපුරා පුවත් නිරීක්ෂණය කරන්නෙකුට ජනාධිපති තුමාගේ කතාව ගැන කියන්නට දෙයක් තවත් ඉතුරුවී නැත. මේ කතාව බොහෝ පුවත් ආයතන වාර්තා කර තිබුනේ ඉතා උපහාසාත්මක ලෙසය. එපමණක් නොව ලංකාව යල්පැනගිය ආකල්පවලින් පිරි සමාජයක් බවය. යහපාලනයේ අරමුණ මෙවන් සමාජයක් බව එයට ජන්දය දුන් ලංකාවේ මධ්‍යම පන්තියවත් නොසිතන්නට ඇත. ලංකාවේ සමාජ ජාල වල පලවන බොහෝ අදහස් වලින් පෙනීයන්නේ එයයි. සිරිසේනගේ සහ රනිල්ගේ ආකල්පවල වෙනස්බව කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවට චන්දය දුන්නේ ලංකාවේ නාගරික උගත් මධ්‍යම පන්තිය මිස ග්‍රාමීය සිංහල බෞද්ධයන් නොවන බව ජනාධිපති සිරිසේනට අමතකව ගියාද? කෙසේ වෙතත් මෝඩකමට හෝ නොපැසුණු කමට හෝ ලංකාවේ ජනාධිපති හත්පොලේ ගාගෙන ඇත.

    ReplyDelete
  12. විසිකරේ ඇඳගෙන හිටපු එකක් ගලවලාද කියල ෂුවර්ද?

    ReplyDelete
  13. serendipity කියන විදියටනම් තන පට ගලවා විසි කිරීම ඒ හැටි දෙයක් නොවේය. මෙය ඔහූට ඒ හැටි දෙයක් වන්නේ ඔබේ නැගණිය හෝ බිරිද හෝ ලග කවුරුන් හෝ එය ගලවා විසි කල විටදීය. පැරාටත් අදාල වන්නේ මේකමය. පාරා කල යුතුව තිබුනේ තන පට ගලවා විසි කිරීම සාධාරණීකරණය කිරීම නොවේ. එහි වැරදි නිවැරදි බව සාධාරණව විග්‍රහ කිරීමකි.
    ජනදිපතිවරයා ලෙස ඔහුගේ විවේචනය සාධාරණය. මන්ද, රාජ්‍ය නායකයකු ලෙස ඔහුට එය අගය කල නොහැක. එය දේශපාලන දැක්මක් ලෙස අර්ථ ගැන්වීම සුදුසු නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා