සෝභිත හාමුදුරුවෝ

මා සෝභිත හිමි දකින්නේ ආගමික, දේශපාලන, සමාජ නායකයකු ලෙස නොව ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිකයකු ලෙසයි. 

සෝභිත හිමියන් බොහෝ විට ජනප්‍රිය සමාජ මතවාදයන්හි හා ක්‍රියාකාරිත්වයන්හි ඉදිරි පෙළේ සිටියේ ය. 

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වෙනුවෙන් සෝභිත හිමි කළ දීර්ඝ කාලීන අරගලය කැපී පෙනෙන එකකි. 

1987 සමයේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි දේශප්‍රේමී (ජාතිවාදී) අරගලයේ ද සෝභිත හිමි ඉදිරියෙන් ම සිටියේ ය. 

එහෙත්, 2004 සිට ඉදිරියට ගිය යුදවාදී, ජාතිවාදී, සෝබනකාර අසපු ගනින්නාන්සේලාගේ ජාතික හෙළ උරුම දේශපාලනය තුළ සෝභිත හිමි දක්නට නො ලැබිණි. ඒ උන්නතිකාමී දේශපාලන රැල්ලෙන් ගැලවී සිටීමට ඔහුට ආත්ම ශක්තිය තිබිණි. එබැවින් ඒ රැල්ලේ ගනින්නාන්සේලා බහුතරයක් අහෝසි වී යන විට ද සෝභිත හිමි සමාජයේ ගෞරවනීය ක්‍රියාකාරිකයකු ලෙස සම්භාවනාවට ලක් වූයේ ය.

1994, 2015 දේශපාලන හා සමාජ විපර්යාස නිර්මානය කිරීමේදී සෝභිත හිමි ඉතා වැදගත් කාරකයකු වූ බව නිසැක ය. 

සෝභිත හිමියන්ගේ අපවත් වීම දෙස ද ප්‍රීතියෙන් බලන කුහකයන් පිරිසක් සමාජයේ සිටින්නේ එ් නිසා ය. 

ඔවුන්ගේ ප්‍රීතිය ගැන කියන්නට තිබෙන්නේ එක දෙයකි. එක් තනි පුද්ගලයකුගේ මරණයෙන් ප්‍රීති වන පරම සතුරන් සුවිසල් පිරිසක් නිර්මානය වීමෙන් පෙනෙන්නේ එම පුද්ගලයා විසින් කරන ලද සමාජමය බලපෑමේ තරමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කළ හොඳ වගේම නරකත් බොහෝය. හොඳ නරක මොක උනත් උන්වහන්සේට නිවන් සුව පතනවා.

    ReplyDelete
    Replies
    1. මොනවද පකිස් බූරුවො කල නරක? රාජපක්ෂ දුර්ජනයින්ගෙන් රට ගලවගත්ත එකද?

      Delete
    2. සතුට ප්‍රකාශ කළ හැටි කිදීමයි හැහ් හැහ්

      Delete
    3. කල එකම නරක (තොපි හිතන විදියට) තොපේ මහරජා පරාජය කිරීමයි

      Delete
  2. මහින්ද රාජපක්ෂ කියන වනචාරියාගෙන් රට නිදහස් කරපු පිනම ඇති හාමුදුරුවන්ට නිවන් දකින්න

    ReplyDelete
    Replies
    1. අපි හැමවිටම පුරුදු විය යුත්තේ සිදුවන්නේ කුමක්දැයි දැකීමටයි. මහින්දත්, රනිල්ලුත්, අනුර කුමරාත් අතුලු සියලු දෙසපලන්යයන් සිටින්නේ එකම පැත්තේ.
      මතකද 1994 දී චන්ද්‍රිකා කිව්වා දුෂණ බීෂණ මිලියන බිලියන ලෙස 17 වසරක සාපයට දායකවූ අය Galle Face පිට්ටනියේ හමගසන බව, මතකද 2001 දී චන්ද්‍රිකා නමැති පචමල්ල එලවා රනිල් පැමිණියා, ඊටපස්සේ මහින්ද 2004 දී කොටියට රට පාවාදුන් රනිල් ඉවත්කරන බව පවසා බලයට පැමිණියා දැන් 2015 දී නැවත රනිල් මයිත්‍රී මහින්දගේ ඩීල් දේසපාලනය අහෝසිකර අද බලයට ඇවිත් සිටිනවා .

      ඔබට මතකද කීදෙනෙක් දුෂණ බීෂණ වංචා සදහා සිරගතවී තිබෙනවාද මේ මුලූ කාලයේම. මේ සියලුදෙනා කරන්නේ රගපෑමක් පමණයි. මොවුන්ට මෙලෙස රගපාන්න ලැබෙන්නේ රටේ ජනතාව මොඩනිසා පමණක් නොවෙයි නොවෙයි, තමන් ගැනම සිතන අතිශයෙන් දුෂිත පිරිසක් නිසයි.

      Delete
    2. ඕක වම්මුන්ගෙ ගොන් කතාවක්... 'ඔක්කොම එකයි අපි තමා ශෝක්, සමාජය වෙනස් කරල වාමාන්සික මෙව්වෙකක් හදමු' කියන එක සෑහෙන්න එක්ස්පයර්ඩ් වෙච්ච තර්කයක්...
      'හොද' හෝ නාක සාපේක්ශයි, දැන් ප්‍රේමදාසට වඩා චන්ද්‍රිකා හොදයි, මරාට වඩා රනිල් ඉදිරිගාමීයි, ඔන්න ඕක තේරුම්ගන්න.... ජන8 වෙනකම් හිටියෙ ලංකාවෙ මරා යුගයට වඩා අද ප්‍රජාතන්ත්‍රවාදය ඇති බව තේරුම් යන්න ඔනෙ...

      Delete
    3. Max,

      සමාවෙන්න වාමාංශික කාලකන්නි ගැන කියන්න අමතක උනා
      වාමාංශික පොප්ලොට් කාම්බෝජයේ සිදුකල දෙය බලන්න වටිනවා https://www.youtube.com/watch?v=1-SI8RF6wDE
      ලංකාවේ විජේවීර රජය ගත්තනම් මෙයයි සිදුවන්නේ ලංකාවට.

      මිට හේතුව මෙම වාමන්ශිකයන්ට ලෝකය සමග ගනුදෙනු කිරීමට නොහැකි කමයි.

      මම හිතන්නේ චන්ද්‍රිකා තමයි නරකම, ප්‍රේමදාස ගැන මට දැඩි විවේචන තියනවා නමුත් ඔහුගේ කාලයේ ඇතිකළ ඇගලුම් කර්මාන්ත නිසා බොහෝදෙනාට රැකියා ලබාදිය හැකි උනා.

      Delete
  3. සෝබිත සාදු මැරුණේ සත්‍යාවබෝධ කරගෙනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය කෙසේවෙතත් දේසපාලන සත්‍ය නම් අවබෝද කරගන්න ඇති.
      මගේ අදහස නම් ස්වාමීන් වහන්සේ නමකට දේසපාලනය නුසුදුසු බවයි.

      Delete
    2. @ ලංකා සිතිවිලි

      මෙහම ලියන්න.. මම නම් හිතන්නේ මහින්දත් එක්ක දේශපාලනය කරාට අවුලක් නෑ.. එහෙම නැතුඉව දේශපාලනය කිරීම නම් නුසුදුසුයි කියලා..

      Delete
  4. රට ණය නැති හිමියණි අපි ඔබට සැමදා ණයගැතියි

    ReplyDelete
  5. මම මේ නිකමට හිතුනු දෙයක් කියන්නේ.
    මහින්දරාජපක්ෂ රජය පෙරලා ප්‍රජාතාන්ත්‍රිකව බටහිර ගැති රජයක් පිහිටුවන්න සෝහිත හාමුදුරුවන්ගේ ප්‍රතිරූපය අවශ්‍ය වුනා. නමුත් වැඩේ කරගත් පසු සෝහිත හිමි පිට්ටනියෙන්ු ඉවත්කිරීම අවශ්‍යයි. එමනිසා යම් විකිරනශීලී ද්‍රව්‍යයක් ශරීර ගතකර සෝහිත හිමියන් අපවත් කලාද? (මේක සැකයක් විතරයි.)

    ReplyDelete
    Replies
    1. ඕවා නිකම් හිතළු විතරයි, බණ්ඩාරනායක අගමැති CIA සංවිධානයෙන් මරාදැමීම,සෝම හිමි ක්‍රිස්තියානි පල්ලියෙන් මරාදැමීම වගේ මිත්‍යා මතයක් පමණයි.

      Delete
    2. ශුවර් එකටම ආසනික් තමා, කැඩිමියම් වෙන්නත් බැරි නෑ.

      Delete
    3. ගාමිනී අතුකෝරල මහතාගේ මරණය සැකකරන යූ ඇන් පී කාරයොත් ඉන්නවා.

      Delete
  6. ශක්තිමත් චරිතයක්, තර්ජන තුටුටුවකට මායිම් කළේ නෑ. අගතිගාමී චාරිත්‍ර ප්‍රවර්ධනය අතහැර දා සෑබෑ සමාජ මෙහෙවරක යෙදුනා,
    මතු බුදුවෙනවා කියන බුදු වරයාගේ කර්තව්‍ය මොන වගේ එකක් වෙයිද? ළඟකදී පහල වුනොත් දිවිය ලෝක, අපාය වගේ අතේ පැලවෙන ඒවා අතෑරදාලා ඔය ස්වාධීන කොමිශන් සභා, යහපාලනය මූළධර්ම මානව අයිතිවාසිකම්, වගේ දේවල් ගැන දේශනා කරාවි කියා හිතනවා. එයා ආර්ට් සබ්ජෙක්ට් නැතුව බයෝ කරොත් හොදයි, ඉංජිනියරින් ෆීල්ඩ් එකත් නරක නෑ, එත් සොෆ්ට් වෙයා ගීක් වෙලා ලොකෙම හැක්කරලා පට්ට ධර්ම ප්‍රචාරයක් කරන්නත් බැරි නෑ.

    ReplyDelete
  7. ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක දේශපාලනය හැසිරවීම යනු ජනප්‍රිය මතවාදය සමඟ ගනු-දෙනු කිරීම හැර වෙන කිසිවක් නොවේ. එය සිය මතය ජනප්‍රිය තලයට සරිලන සේ සකසා ගෙන ඒම හෝ ජනප්‍රියව පවතින මතය තමන්ගේ කරගැනීම හෝ විය හැකිය. කෙසේ හෝ වේවා "ජනප්‍රියභාවය" ප්‍රශ්න කරන්නන්ට "ප්‍රජාතන්ත්‍රවාදය" අගය කිරීමේ ගැටළු පැන නඟිනු ඇත.
    මාදුළුවාවේ හාමුදුරුවන් ගේ දේශපාලන භාවිතය ගැන කෙණහිලි කතා කියන්නන්ට නැවත සිතා බලන්නට කුඩා අදහසකි.....

    ReplyDelete
  8. දිගත පතළ සුවඳැති සොඳ සඳුන් ගස - සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ

    ReplyDelete
  9. http://jayasiri-naiduwawadu.blogspot.co.uk/


    සොභිත හිමිගේ අපවත් විම ගැන ,අපේ මුස්ලිම් සහ දමිල සහෝදරයන් පෞද්ග්ලිකවත් සමුහ වශයෙනුත් ශොකය සහ ප්‍රනාමය පුදකරන අතර,මහින්ද වාදි ඥාණසාර නිකායේ සිංහල (අ')බෞද්ධයන් , උන්වහන්සෙට නිගා දෙමින් සහ අගෞරව කරමින් ප්‍රකට කරනුයේ.. මහින්ද සහ ඒ ගෝත්‍රික රැල විසින් වපුරනු ලැබු අබ(සරණ') වල ඵලය.

    සොබිත හිමි ප්‍රෙමදසට විරැද්දව ජිවිතය පරදුවටට තියලා සටන් කරා, චන්ද්‍රිකා සහ මහින්ද දිනවන්න වැඩ කරා වගේම.. ජනතවට ද්‍රොහිවෙන්කොට ජනතාව සමග උන්ව පන්නන්න පරට බැස්සා.

    උන්වහන් සේ පෙනිහිටියේ අපවෙනුවෙන් මිසක පාළකයන් වෙනුවෙන් නෙවෙනබව, නොතෙරෙන්නේ මුන් රැල තමන්ගේ හිස් ගෙඩි ..බඩරැකියාව සදහා ජතිබේද්ය වපුරන්නාවු බඩගෙඩි වලට- උගස් කර කරපු නිසා කියලා දැනේන්ත් විදිහක් නැති කොට, අබ සරණම තමයි ඉතිං!!

    නමුත් ප්‍රේමදස ජනධිපතිට අර්තයෙන් (අ')ධර්ම්යෙන් අනුශාශනා කරමින් උන් ඇල්ලේ ගුනවංශ හිමි
    (කොච්චර ජනතා ප්‍රසාදයට පත්වෙලා හිටියද කියනවනම් ( කොබ්බැකඩුවෙගේ හෝ ඇතුලත්මුදලිගේ අදාහන උත්සවයට සහබාගි උවන් -"ප්‍රේමදසට විරොධය දක්වන්න ඒ පනස්ලට එල්ල ප්‍රහර එල්ල කරා, ඝාතනය වු රොහන කුමරගේ Tabloid පත්තරෙක ඒ සිද්දිය වර්තා කරලා තිබුනේ "ඇල්ලෙගේ වල්ල කඩන් යයි" කියලා.) ප්‍රේමදසගෙන් පස්සේ චන්ද්‍රිකාට, ඊලගට මහින්දට සෙට් වෙලා ගුනවයමින් තමන් වෙනුවෙන්ම පින්ඩපතේ ගියා නමුත්,ඒ වහන්සේ තවමත් මුන්ට හරිම ශොක්ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා