ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ සිකුරාදා ගල් ගසා මරයි ද?

අලුත් ම ආරංචි පවසන්නේ සවුදි රජය විසින් ගල් ගසා මරා දැමීමට නියම කර තිබෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණීය දණ්ඩනය මේ සිකුරාදා සිදු වීමට යම් ඉඩක් තිබෙන බවයි.

දැන් දඬුවමෙහි හරි වැරදි පිළිබඳ හෝ සවුදි අරාබිය පිළිබඳ හෝ ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග යාමෙහි ගැටලු පිළිබඳ හෝ කතා කරන්නට කාලයක් නැත.

දැන් කළ යුතුව තිබෙන්නේ මේ දඬුවම වළක්වා ගැනීමට හැකි හැම දෙයක් ම කිරීමයි.

එය කරන්නේ කෙසේ ද?

මේ වෙනුවෙන් මේ වන විටත් යම් යම් සංවිධාන කටයුතු කරමින් සිටින බව අපි දනිමු.

රිසානා සිද්ධියේදී සවුදිය ලංකාවට යම් කාලයක් දුන්නේ ය. එහෙත්, එම කාලය තුළ සිදු වූ යම් සුළු සිද්ධි මරණ දඬුවම නො වැළැක්විය හැකි එකක් වන්නට හේතු විය. මෙතැනදී අප සිතිය යුතුව තිබෙන්නේ වැදගත් ම දෙය වන්නේ මරණ දඬුවම වළක්වා ගැනීම බවයි. ඒ නිසා සවුදි අරාබිය කුපිත කර ගන්නේ නැතිව මෙම ප්‍ර‍ශ්නය විසඳා ගන්නට වගකීමක් දේශපාලනඥයන්ට, ජනමාධ්‍යවලට හා සිවිල් සමාජයට තිබේ.

කරුණාකර වහා මෙයට මැදිහත් වන්නැයි ඔබට හැකි ආකාරවලින් ජනාධිපතිට, අගමැතිට, ඇමතිවරුන්ට, ජාත්‍යන්තර සංවිධානවලට, රාජ්‍ය නොවන සංවිධානවලට, සිවිල් සමාජ නායකයන්ට කියන්න.

ලංකාවේ ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය හා වෙනත් බලවත් රටවල් සමග තිබෙන සම්බන්ධතා භාවිතා කරමින් මේ වෙනුවෙන් මැදිහත් විය යුතු ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ ලොකුම ප්‍රශ්නයක් තමයි මිනිස් ජීවිතයක වටිනාකම අඩුවීම. වෙනත් රජයකින් නම් මොනවා නොකරයිද

    ReplyDelete
  2. අනියම් සම්බන්ධයකට මරණීය දණ්ඩනය මුස්ලිම් ගෝත්‍රිකයන් හැර වෙන කිසිවෙක් අනුමත නොකරන නමුත්. එය සිදුවන්නේ සවුදි රජය පිළිගත් නීතිය අනුව වේ. කාන්තාව ලාංකික වුවද ඇය සවුදියේ සිටින විට වලංගු වන්නේ ලාංකික නීතිය නොව සවුදි නීතිය වේ. සවුදියේ දී එහි නීතියට අනුව වැඩ කල යුතුය. මේ කාන්තාව වරද සිදුකලේ නීතිය නොදැන විය නොහැක. මවක් වන මේ කාන්තාව සිදුකල දෙය මටනම් අනුමත කල නොහැක. ඇයට ලැබෙන දඬුවම මම අනුමත නොකලත් කිවයුතු දෙයක් ඇත. යම් කිසි ලෙසකින් ඇය බේරා ගතහොත් එය සවුදි ගිය ලාංකික මවුවරුන්ට සහ ස්ත්‍රීන්ට අනාචාරයේ හැසිරීමට එය හොඳ අනුබලයක් වනු නියතය. එය ලංකාවේ ලොකු සමාජ ව්‍යසනයකට හේතුවක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ.. වැදිහිටියො දෙන්නෙක් සිය ක්මැත්තෙන් කාමරයක් ඇතුලෙ කරන ලිංගික හැසිරීමක හරි වැරදි බලන්න නීති මොකටද?
      එතකොට උබ කියන්නෙ සව්දියෙ ඉන්න ගෑනුන්ගෙ හු** බේරගන්න මේ ගෑනිගෙ දඩුවම "උදාහරනයක්" කරගන්න පුලුවන් වෙන නිසා මැරුවට කමක් නෑ කියලද?
      එතකොට ගෑනු සව්දි යවල මෙහෙ කොටුපනින පිරිමි ගැන මොකද කියන්නෙ?
      උබ වගේ ලිංගික කුහකත්වයෙන් පෙලෙන ගෝත්‍රික මිනිස්සු හොද සව්දියටම තමා..

      Delete
    2. අනේ හුකේ.. මගේ කමෙන්ට් එක හරියට කියවලා පිළිතුරු දෙන්න

      Delete
    3. එතකොට සවුදියේ එවුන් (සවුදි ජාතිය) අනාචාරයේ හැසිරෙන්නේ නැතිද? සව්දි පිරිමි අතින් විදෙස් ගෘහ සේවිකාවන් කී දෙනෙකුට අතවර සිදුවෙලා තිබෙනවද? ඒවාට උන්ට දීපු දඬුවම මොකක්ද?

      Delete
    4. ඉස්ලාමීය නීතියට අනුව වහල් හිමිෙයකුට තම වහල් ස්ත්‍රීන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකියි. එයාලා ගෘහ ෙස්විකාව වහලියක් හැටියට සලකනවා විය යුතුයි.

      Delete
  3. //අනියම් සම්බන්ධයකට මරණීය දණ්ඩනය මුස්ලිම් ගෝත්‍රිකයන් හැර වෙන කිසිවෙක් අනුමත නොකරන නමුත්// මහා කළු ලාංකිකයාද එය අනුමත කරයි.

    ReplyDelete
    Replies
    1. මේ කාන්තාව වරද සිදුකලේ නීතිය නොදැන විය නොහැක. මවක් වන මේ කාන්තාව සිදුකල දෙය මටනම් අනුමත කල නොහැක. ඇයට ලැබෙන දඬුවම මම අනුමත නොකලත් කිවයුතු දෙයක් ඇත.

      Delete
  4. මට මතක හැටියට ඉස්ලාමීය නීතියට අනුව අවිවාහක අෙයක් අනාචාරෙය් හැසිරුෙනාත් කස පහර 200ක් දියයුතුයි. විවාහක අෙයක් අනාචාරෙය් හැසිරුෙනාත් ගල් ගසා මරා දැමිය යුතුයි. (මේ උපරම දුඬුවම්ද දන්ෙන නෑ. එ්ක මුස්ලිම් කෙනෙක් පැහැදිලි කරනවානම් ෙහාඳයි.) මේ අනුව පිරිමි කෙනා අවිවාහක අයෙක් සහ ස්ත්‍රිය විවාහක අයෙක් විය යුතුයි. පුද්ගලයන් දෙදෙනෙකු අතර ගැටුමකදී දෙදෙනාම මුස්ලිම් නම් මුස්ලිම් නීතියත්, දෙදෙනාම මිත්‍යා දෘෂ්ඨික නම් ඔවුන්ගේ නීතියකට අනුවත් එක් අයෙක් මුස්ලිම්නම් මුස්ලිම් නීතියත්ඇනුව කටයුතු කල යුතුයි.
    මෙම සිද්ධියෙදි දෙදෙනාම මිත්‍යා දෘෂ්ඨික නම් සහ මෙහිදී කිසිවෙකුට හනෙියක් වී නැති නිසා (වින්දිතයෙක් නැති නිසා) ඔවුන් ර‍ටින් පිටුවහල් කිරීම කරගතහැකිදැයි සොයා බැලිය යුතුයි. මම අහලා තියෙන හැටියට ඇමරිකානුවන් ඒ ආකාරයට රටින් පිටුවහල් කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙම නිතිය එරටේ රජ පවුලට අදාළ නොවන අතර ඇමරිකාව වැනි බලවත් රටවල පුරවැසියන්ට අදාළ නොවේ.
      "උස් තැන් දැක හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ " කියන්නේ ඕක තමයි

      Delete
  5. ඔය දේ සුද්දෙක් කරලා අහු උනානම් කිසිම දඬුවමක් නැහැ. සෞදියේ තියෙන්නේ උගේ අම්මගේ නීතියක්. වතාවක් අපේ ෆැක්ටරි මැනේජර් (සුද්දෙක්) හොඳට බීල වාහනේ එලවද්දී පොලිසියට මාට්ටු වෙලා...
    පොලිස් කාරයා "සර් වාහනෙන් බැහැලා අනිත් පැත්තෙන් නගින්න කියලා" සුද්දට කියලා, දමාම් වල ඉඳල බහරේන් වල සුද්ද නතරවෙලා ඉන්න විලා එක තියෙන තැන අහගෙන එතනටම (අපේ ෆැක්ටරි එකේ වැඩ කරපු සියළුම සුද්දන් දිනපතා බහරේන් සිට දමාම් දක්වා පැමිණෙන අයයි) ඩ්‍රොප් කරලා ඇවිත් තිබුනා...
    අපි අහු උනා නම් කොහොමට හිටීද...
    වැඩිය නැහැ කස පාරවල් 300 යි...

    හම සුදුනම් සහ යුරෝප් හෝ ඇමරිකන් වැනි වීසා එකක් තියෙනවනම් එච්චරයි. නීති අහෝසියි...
    ඒ මුකුත් ඕනේ නැහැ, සුද්දන් බහුලව රාජකාරි කරන සෞදි ඇරම්කෝ එක ඇතුලෙ මත්පැන් පවා තියෙනවා. කාන්තාවන් අබාය අඳින්න ඕනෙත් නැහැ...
    මට මතක විදිහට ඒකෙ ක්‍රිස්තියානි පල්ලියකුත් තියෙනවා...

    සෞදි නීති තියෙන්නේ අපි වගේ පොඩි රටවල් වල මිනිස්සුන්ට විතරයි...

    ReplyDelete
    Replies
    1. මෙහෙ දේශපාලුවන්ට නීති බලපාන විදිහට තමයි එහෙ ඇමරිකන් කාරයන්ට නීතිය බලපාන්නෙ නේද?
      හම සුදු වුනත් ඔය බල්ගේරියාවෙ කසකස්තානෙ වගේ වුනොත් වැඩක් නෑනෙ

      Delete
    2. ලොකු..ඇරැම්කෝ සීනියර් කෑම්ප් එක ඇතුලේ සවුදි නීතිය බලපවත්වන්නේ නෑ කියලා දන්නව නේද..?සීනියර් කෑම්ප් එක ඇතුලේ ඉන්නේ බටහිර රටවල අය විතරක් නෙවෙයි නේද? තානාපති කාර්‍යාලයක් තියෙන බිමක උනත් සවුදි නීතිය නැහැ කියලත් දන්නව නේද? එච්චරයි...මම දන්න ගොඩාක් අයව සවුදි පොලීසියෙන් ගෙදරටම ගෙනල්ලා දාලා තියෙනවා බීලා වාහන එලවලා අහුවෙලා..ඒ ඔක්කොමගේ හමේ පාට නම් සුදු නෙවෙයි..ඒත් මම කොහොමද පාට ගැන කථා කරන්නේ..නැද්ද Pra Jay...!
      ඒ මොනා උනත් දැනටමත් පරක්කු වැඩිවෙයි ඒ ඇත්තිව බේරගන්න...මෛත්‍රී මාමා මේ දවස්වල ඔබාමා අන්කල් එක්ක පැරීසියේ නේ...කියල බැලුවනං හිටං බේරගන්න තිබ්බා..මොකෝ ඔබාමා අනකල් කියන ඒවා සවුදි කස්ටියට ඇහෙනවා මයේ හිතේ...!

      Delete
    3. ///මම දන්න ගොඩාක් අයව සවුදි පොලීසියෙන් ගෙදරටම ගෙනල්ලා දාලා තියෙනවා බීලා වාහන එලවලා අහුවෙලා..ඒ ඔක්කොමගේ හමේ පාට නම් සුදු නෙවෙයි..///

      හමේ පාට සුදු වෙන්නම ඕනේ නැහැ බොහෝ දුරට, පාස්පෝට් එක හෝ තත්ත්වය බලවත් නම් ඇති මයේ හිතේ...
      ඔයා කියන අය අපි වගේ සුට්ටි අය නෙමෙයි නේද...

      අපිවනම් එක වතාවක සිවිල් පොලිස් මාම කෙනෙක් ගියපු කාර් එකක් පහු කරන්න හෙඩ් ලයිට් එක ගහලා ඉඩ දෙන්නේ නැති උනාම හෝන් එක ගහලා පහු කලාට පස්සේ ආපහු අපිව ඉස්සර කරලා අපිව නවත්තලා අපේ ස්පීඩ් එක වැඩියි කියල චෙක් කරන්න මීටරයකුත් නැතුව රියාල් 500 ක දඩයකුත් ගහල තියෙනවා...

      සමහර සෞදියෝ තමන්ව පහු කරන්න හෙඩ් ලයිට් ගැහිල්ල සහ හෝන් ගැහිල්ල ලොකු අවමානයක් විදිහට සළකනවා මයේ හිතේ...

      මෛත්‍රී මාම හිටං ඉන්නවා මිසක් වැඩක් කරන්නේ නැහැනේ...
      ඔබාමා මාම එක්ක හිටගෙන ඇති පැරිසියට වෙලා...
      පස්සේ කියයි අර මනුස්සයට ගල් ගහන බව එයා දන්නේ නැහැ කියලා හිටං...

      Delete
  6. ow saudiya kiyanne nasaranee ratak, habai e neethi nathiwa ehe inna minisunwa palanya karanna baha. lankawen graha sewikawn yawna eka nawathanna ona

    ReplyDelete
  7. මගෙත් අදහස මෙතන පිටුවහල් කිරීම හොඳයි කියායි. ඉස්ලාමීය නීතීය අනුව විවාහකයෙක් අනාචරායේ හැසිරීම ගල් ගසා මැරිය යුතු දඬුවමක් වුවත් (සාක්ෂි හතරකින් පසු හෝ වරද පිලිගැනීම නිසා ) මෙතන අදාල කාන්තාව සිටින්නේ තමන්ගේ පුරුෂයාගෙන් භෞතිකව ඈත්වෙලා. ඒ කියන්නේ තමන්ගේ ආශාව ඇතැම් විට ඇය වෙනෙකෙක් සමග සංසිඳුවා ගෙන ඇත්තේ තමන්ගේ පුරුෂයා ලඟ නොමැති නිසා විය හැකි. එවන් අවස්තාවක හුදෙක් නාමමාත්‍ර විවාහයකුට මේ දඬුවම දිය හැකිද යන්න මට සැකයි. කොහොමවුනත් සෞදි අරාබියාව වැනි රටවල්වලට දඬුවමට තියෙන ඒ හදිස්සිය, අවධානය මෙවන් කාන්තාවන්ට වීසා නිකුත් කරන අවස්ථාවේ නොතිබීම කණගාටුවට කාරණයක්. මෙවැන් අපරාධයන් කල්තබා වලක්වා ගැනීමේ වැඩපිලිවෙලක් ඔවුන් සතුව නොමැතිවීම අවාසනාවක්. ෂරීයා අපරාධ නීතිය ක්‍රියාත්මක කලයුතු වන්නේ හරිනම් මූලික සමාජ ප්‍රතිසංස්කරණයකින් පස්සේයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා