ඈනුමට මාස අටයි; රට ඈලියාවට යැවූ අය නිදහස්

මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිටකර අධිකරණයට අපහාස කළැයි වරද පිළිගත් රත්මලානේ ඉමේෂ් වසන්තට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා මාස අටක අනිවාර්ය සිරදඬුවම් නියම කළේය. ඔහු හෙරොයින් නඩුවක සැකකරුවෙකි. (ලංකාදීප)

ඕනෑනම් අපහාස කරන්න ම ඈනුම් ඇරිය හැකි ය. මෙය එවැනි ඈනුමක්දැයි නො දනිමු. සමහර විට පුරුද්දට ඉබේ ම ගිය එකක් වන්නට ද පුළුවන. ලංකාව සමස්තයක් ලෙසත්, විශේෂයෙන් ම පහළ සමාජ කණ්ඩායම්වලත් මෙහෙම කාරණාවලදී එහෙමට විනයක්, ශික්ෂණයක් නැත.

අනෙක් පැත්තෙන් ඈනුමක් යාම, පඩයක් යාම වැනි පූර්ණ පාලනයකින් තොරව සිදු වන, ඇතැම් විට වළක්වා ගැනීමට ද නො හැකි ජෛව ක්‍රියා අපහාසාත්මක යයි විග්‍ර‍හ කිරීම අතිශය අසාධාරණ ය. මේ අන්දමින් ම කිවිසුම් යාම, කැස්ස, ළමයින් ඇඬීම, ඇසි පිය ගැසීම වැනි ක්‍රියා ද අපහාසාත්මක යයි සලකන්නට පුුළුවන. 

මේ පසුගිය මහ මැතිවරණ සමයේ උද්‍යෝගිමත් ජවිපෙ සාමාජිකයකු වූ චමීර ජීවන්ත දෙද්දුවගේ එම සිද්ධිය දෙස බැලූ ආකාරයයි.

ලෝක උරුමයක් වුණු සීගිරියේ කැටපත් පවුරේ කුරුටුගාපු උදයාට ජනාධිපති සමාව ලැබෙන්නෙත්,
උසාවියේ ඈනුමක් ඇරපු ඉමේෂ් වසන්තට මාස අටක හිර දඬුවම් ලැබෙන්නෙත්,
.
.
ඇයි කියල අහන්නෙපා.. දෙමළ නොවුණු එක ඉමේෂ්ගේ වැරැද්ද.. ඒකට අපි මොනව කරන්න ද? මොහොමඩ් මහත්තයෝ, ඔය නඩුකාරකම දීපං ළමේක්ට නෙමෙයි බල්ලෙක්ට.

ඕනෑම ප්‍රශ්නයක් ජාතිවාදී ඇහැකින් විග්‍රහ කරන්නට පුළුවන්. ඒත් මෙතන තිබෙන ප්‍රශ්නය ඒක ද?

උදයා මෙන් ම ඉමේෂුත් අයත් වන්නේ එක ම සමාජ පංතියකට. ඔවුන් මේ අන්දමින් පීඩාවට පත් වන්නේ ඔවුන් ඒ පංතියට අයත් වන නිසා මිස ජාතිය අනුව නෙමෙයි. උදයා වෙනුවෙන් බොහෝ අය පෙනී සිටියේ ඇය දෙමළ නිසා නෙමෙයි. ඇය එතරම් ආධුනික, ගැමි තරුණියක් නිසායි. ඉමේෂ්ට අනුකම්පාව හිමි නො වන්නේ හෙරොයින් පිළිබඳ නිර්මානය කර තිබෙන සමාජ මතය නිසායි. 

ඔවුන් මේ ආකාරයෙන් දණ්ඩනයට ලක් වන්නේ ලොකු ලොක්කන් නීතිය සත පහකට මායිම් නො කරන, නීතියත් ලොකු ලොක්කන් ඉදිරියේ ඇඹරෙන රටක. 

මීට සියවසකට පමණ ඉහතදී එස්. මහින්ද හාමුදුරුවෝ මේ ගැන කිව්වා.

“උස් තැන් දැක හැකිළෙන්නේ 
මිටි තැන් දැක පුප්පන්නේ 
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වන්නේ"

මේ වනාහි මේ අසාධාරණයන්ට එරෙහිව අවදි වෙන්නට කාලයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "මගේ පුතා ලොකු වන්නේ" කියලයි මට නම් මතක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නිවැරදි කළා.

      Delete
  2. ඌ කුඩු කාරයද බඩු කාරයද කියන එක වෙනම කාරණයක්...
    නමුත් මේ වගේ සිද්ධියක් දෙස විවෘත මනසකින් බලන්න බැරිකම නඩුකාරකම හෑල්ලූවට ලක් කිරීමක්...

    ReplyDelete
  3. මේ සිද්ධියට උපන්දින උත්සව මගින් නිතිය අතට ගැනීමට උත්සාහ කරන ලේ බොන රාජපක්ෂ ඩ්‍රකියූලාගේ ඍජු සම්බන්ධයක් ඇති බව වාර්තා වේ. තරුණයාට යහපාලනය ලබාදුන් උගත් විනිසුරුට අපගේ ප්‍රණාමය

    ReplyDelete
  4. ඔය චමීර දැද්දූවගේ කියන්නේ හිංගලබෞජ්ජ අන්තවාදිය ඔලුව උඩ තියාගෙන යුද්දෙට මුරගාපු,හෙල උරුමෙට කඩේගිය එකෙක් එකෙක් කියල මිනිහගෙ 2014 කලින් ෆේස්බුක් පෝස්ටු කියෙව්වනම් තේරෙයි...

    ReplyDelete
  5. පැරා,

    අද දිනයේ කතාකලයුතු විශාලම අසාදරනන සිදුවී ඇත්තේ දොස්තර නිලංග සමරසිංහ මහතාටයි, ඔහුට සිදුඋන්නේ කුමක්ද ?
    බලන්න ඔහු ගේ නිලය නැතිවීම පමණක් නෙමෙයි අද ඔහුට කිසිදු ආරක්ෂාවක් නෑ. ඔහු තමයි රටේ බලවත් කුඩුකාරයන්
    පිළිබද ලේකනයක් නමා සතුව පවතින බව සදහන් කලේ, එය ජනාධිපති තුමාට ඉදිරිපත් කරන්න දිනයක් ඉල්ලාසිටි ඔහුගේ ලිපිය
    ජනධිමති තුමාට නොලැබූ බවයි සදහන් වන්නේ.

    මුලින් තිලක් මාරපන මහතා මෙයට වගකිවයුතු බව කියවුනා දෙවනුව අගමැතිතුමා ඔහුට එම තනතුරේ සිටින ලෙස පවසා තිබුනා
    දැන් මාරපන මහතා නෑ නමුත් දොස්තර නිලංග සමරසිංහ මහතා ව තනතුරින් ඉවත් කර තිබේ.

    මෙහිදී සිදුවී ඇත්තේ මාරපන මහතාගේ ඇගේ දලි ගාල මෙ රජය පිරිසිදු වීමට ගත්ත නින්දිත පියවරක් නේද ?
    මට පෙනේනේ රජයේ ඉහල තැන්වලට අදත් මත්ද්‍රවය ජාවාරම් කරුවම් සමග සම්බන්ද බවයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා