අඩෝ අත ගහපිය!

ඉතාලියේ කඨින පෙරහරක්. ලංකාවේ කියලා එහෙමට වෙනසක් නැත.
පහුගිය දවස්වල අපේ පාඨකයෙක් මට ලියුමක් එවලා තිබුණා.

පැරා,

මතකද අපි පුංචි කාලෙ තිබ්බ කඨින පෙරහැරවල්. උදේ පාන්දරට 20-30ක පමණ වයසක පිරිසක් පොල්ලක් වටේ ඔතපු කඨින චීවරය ඔසවාගෙන පැට්‍රල් මැක්ස් ලාම්පුවක් පත්තු කරල කරගහගෙන සාදු සාදු කිය කියා පන්සලට දුවනවා. අපිත් කබ කඩ කඩා ඇවිත් කඨිනෙට අතගහනවා. ඉස්පාසුවක් ලැබුනොත් අහල පහල ගෙදරකින් කහට උගුරක් එහෙම පිලිගන්වනවා. ඒ කාලෙ කඨිනෙ ඔහේ සම්ප්‍රදායකට පවත්වපු අති සරල, චාම් බොදු කටයුත්තක්.

දැන් කොහොමද කඨින කෙරුවාව? කවුරුහරි සල්ලි යහමින් තියෙන පොරක්ගෙ ගෙදරින් තමයි කඨිනෙ පිටත්වෙන්නෙ. (බොහෝ විට මේ අනුග්‍රාහක දායකයා අවිධිමත් විදියට සල්ලි හම්බු කරන අය. සල්ලි පොලියට දෙන පොලියෙස්ටර්ලා, බාර් අයිතිකාරයො, හොර ලී වෙළෙන්දො, දේශපාලුවන්ගෙ ලේකම්ලා වගේ අය තමයි මේවට උජාරුවෙන් ඉදිරිපත් වෙන්නෙ.) ඒ ගෙදර එකම උත්සවයක්, සැරසිලි, ලයිට් දාල දාස් ගානකට catering කරල කෑම විතරක්නම් මදැයි, බීමත් එහෙම දෙනව අහුමුලුවල. කඨින පෙරහැරට නැටුම් කණ්ඩායම් කිහිපයක්, සමහරවිට අලි ඇතුන් පවා රැගෙන, කඨින සිවුර කරඬුවක තියලා, ලස්සනට සරසපු වාහනයක පීකර් බැඳගෙන, පිරිත්/බණ cd එකක් දමලා ලොකු පෙරහරක් ගම වටේ යනවා. යන්නෙත් නිකන් නෙවෙයි කනපැලෙන්න අලි ඩොං රතිඤ්ඤා පත්තු කර කර. ඔවුන් රතිඤ්ඤා ගෙවල්වල මිදුලටත් විසි කරනවා, ඩෝප් මරගාතෙ ආතල් ගන්න. නිදාගෙන ඉන්න මිනිස්සු උඩ ගිහින් බිම වැටිල, අම්ම මෝ නැතුව බැන බැන ගිහින් කඨිනෙට අතගහනවා. නැට්ටුක්කාරයොත් නට නට යන්නෙ පදමට ගහලා. අර පහුගිය දවස්වල කඨිනෙක අස්පයට ඇඳපු හාදයෙක් කැබ් එකක ඇමිනිලා කිලෝ මීටර් 5ක් විතර දුරක් ගියේ මේ විනය පිරිහීම හා අවිචාරය නිසා.

ඊයෙ රෑ අපේ ගමේ කඨිනෙ, අපේ අල්ලපු ගෙදරකින් පෙරහැරට තේ දුන්නා. අද උදේ බලනකොට පළාතම වනසලා, කන්න දීපු තලගුලි වල කොල, මාළු පාන් කෑලි, Nescafe කෝප්ප හැමතැනම දාලා පාර දිගට. මුන් වගේ අශිෂ්ඨ ජාතියක්.

පැරා, බුද්ධාගමේ මේ paradox එක ගැන හොඳ බ්ලොග් එකක් ලියන්න.

මං මොනව ලියන්නද? ඔය ලියල තියෙන්නෙ ඔක්කොම.

පහුගිය දවස්වල මං තව මරු සීන් එකක් දැක්කා. ඒ කඨින පෙරහරේ හේවිස් කණ්ඩායම ගියේ වහල තියෙන ඩිමෝ බට්ටෙකුගේ පිටුපස පුටු තියාගෙන වාඩි වෙලා. මෝලමක් වගේ. දැන් සමහර කඨින පෙරහරවල අලිත් යනවා.

මං නම් ගේ ඉස්සරහින් කඨින පෙරහර ගියත් කිසිම දවසක අතගහන්න යන්නේ නැහැ. ඕනැ එකක් හිතාගත්තාවෙ. මං ආගම් අදහන්නෙ නැත්තෙ විවෘතවමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* ඉතාලියේ කඨින පෙරහරක්. ලංකාවේ කියලා එහෙමට වෙනසක් නැත. */

    ලොකු වෙනසක් ඇත. ඇතා දෙස බලන්න.

    ඒ ඉන්නේ සජීවී ඇත් පැටවෙකු නොවේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් ඒ වගේ දේ කරන වෙලාවල් තියෙනවා.

      Delete
  2. මෙන්න සිඩ්නි නගරාසන්නයේ පිහිටුවා ඇති ලංකාරාම පන්සලේ කඨින පිංකමේ ඡායාරූප!

    http://www.ozlanka.com/2104-albums/katinapinkama/index.html

    ReplyDelete
  3. විවේචනය පහසුයි, කිරීම අපහසුයි. මම යෝජනා කරනවා මේක ලියපු අයටත්, පල කරපු අයටත් එකතු වෙලා ඔය කියන විදිහේ කඨිනයක් කරලා පෙන්නන කියලා. නැත්තං විවේචන විතරක් කරන්නේ ඒ කට අපහාස කරන්න බලාගෙන ඉන්න අය කියලා අපි හිතාගන්නම්!!!
    බලමු??

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වස් විසීම කරන්නේ වැසි කාලයට ද? වස් විසීම, කඨිනය වැනි මේවා චාරිත්‍රානුකූල දේ මිස ප්‍රායෝගික දේ නො වේ. දැන් ඒවා ද ආගමික හරයන්ට පටහැනි මහා සංදර්ශන බවට පත් කරගෙන තිබේ. මේ බුදුන්ගේ බුදු දහම නො වේ.

      Delete
    2. හරි ඔය කියන එකක් හරි කරලා පෙන්නන්න. එතකොට අපිටත් පුලුවන් ඒකට හොද කියන්න. එහෙම නැතුව මේ පෝස්ට එක මම අර උඩින් කියපු විදිහට කරන මිනිහටත් බනින විතරක් වර්ගයේ වෙනවා. මට ඔයාලා කිව්ව දේ ඔයාලම කරල පෙන්නන්න?

      තලගුලි කාලා කොලේ දාලා තේටික බිලා කෝප්පෙ දාලා යනකම් වත්තට වෙලා හැංගිලා හිටිච්ච මිනිහා පෝස්ට් දැම්මාම ඒවාට පබ්ලිසිටි එක දෙන එකද ලොකුම දේ.

      වැරදි කරපු මිනිස්සු කලා. ආගම වෙනුවෙන් එපා. ගම වෙනුවෙනුත් එපා රට හරි ජාතිය හරි වෙනුවෙනුත් එපා. (කලේ නැහැනේ)

      එයාගෙම අනාගත පරපුර දරුවෝ වෙනුවෙන් සොබාදහම වෙනුවෙන්, ඔය පෝස්ට් එක දාපු තිරිසනා එක ටොපි කොලයක් අහුලලා තේ කෝප්පයක් අරගෙන කුණු ටික දාලාද?

      (එහෙම කරා නං ඔය පෝස්ට් එකේ ෆොටෝ එක්කම ඒකත් එනවානේ) කරලා නැහැනේ.. බොරු චෝදනා... පැරෝ මං වෙනුවෙන් ඒ එවපු එකාගෙන් අහන්නකෝ ඩොලර් පවුම් කීයක් ගත්තද කියලා මේ පාහාර වැඩ වලට...

      Delete
    3. ඊලග අවුරුද්දේ කඨින පූජාවට මෙහෙම පෝස්ට් එකක් ආවත් මම පුදුම වෙන්නෑ. එතකොට මේ පියපු අවජාතිකයා ටිකක් සුද්ද කරලා ෆොටෝ එහෙම ගහලාම එවන නිසා. පැරාට බැරියෑ සාක්කි එක්ක ඒ අපහාසයම කරන්න. මම මේ ටික ප්‍රින්ට් ස්ක්‍රීන් ගහලා ටෙක්ස්ට් එක්ක කොපි කරලාම තියාගන්නං....

      Delete
  4. ඕන මගුලක් කරගත්තට කමක්නෑ ලවුඩ්ස්පීකර් නොදා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. //කවුරුහරි සල්ලි යහමින් තියෙන පොරක්ගෙ ගෙදරින් තමයි කඨිනෙ පිටත්වෙන්නෙ. (බොහෝ විට මේ අනුග්‍රාහක දායකයා අවිධිමත් විදියට සල්ලි හම්බු කරන අය. සල්ලි පොලියට දෙන පොලියෙස්ටර්ලා, බාර් අයිතිකාරයො, හොර ලී වෙළෙන්දො, දේශපාලුවන්ගෙ ලේකම්ලා වගේ අය තමයි මේවට උජාරුවෙන් ඉදිරිපත් වෙන්නෙ.)
    මේකෙන් අදහස් කරන්නේ මොකක්ද එහෙම අයට පිං කරන්න තහනම්ද? මම හිතන්නේ වැඩියෙන්ම පිං කලයුත්තේ එහෙම අය.

    ReplyDelete
  7. Den pera anunge bara kiranawada? Nethinam liyanna deyak nedda?

    ReplyDelete
  8. බුද්ධාගම විශ්වාස කිරීම, ඒ අනුව කටයුතු කිරීම, හෝ ආගම තමන් විශ්වාස නොකිරීම හෝ ඒ අනුව කටයුතු නොකිරීම හෝ යන කිසිදු කාරණයකින් එකක් අනෙකට වඩා උසස් හෝ පහත් යන හැගීමක් ඇති කරගත යුතු නැත.

    එමෙන්ම ආගම විශ්වාස නොකර පුද්ගලයන් විසින් ආගම අදහන පුද්ගලයන් ආගමේ සදහන් කර ඇති කරුණු වලට වෙනස්ව සිදුකරන කටයුතු විවේචනය කල යුත්තේ ඇයි. තවද එක් ආගමක් විශ්වාස කරන හෝ ඒ අනුව කටයුතු කරන පුද්ගලයකුට තවත් ආගමක සංස්කෘතික කටයුතු විවේචනය කිරීම කොතරම් දුරකට සදාචාර සම්පන්න වේද?

    මිනිසුන් කණ්ඩායමක් එක්වු විට ඔවුන්ගේ ආර්ථික හා සමාජීය අවශ්‍යතාවයන් අනුව සහ ලබා ඇති අද්දැකිම් අනුව කටයුතු කරනු ලබයි. ඉතාලියේ හෝ වෙනත් ඕනෑම විදේශ රටක ජිවත්වන ලාංකිකයන්ට එකතුවීමට සිදුවන්නේ මෙවැනි අවස්ථාවලදීය. ඔවුන්ගේ හුදකලාව සහ ආර්ථික තත්වයන් විසින් ඇතිකර තිබෙන පිඩනය අඩුකරගැනීමට ලැබෙන්නේ මෙවැනි කටයුතු සංවිධානය කිරීම මගිනි.

    ලංකාවේදීද ආර්ථික තත්වයන්වලින් ඇතිකර ඇති පිඩනයන් හා හුදකලා කරන ලද මිනිස් ජිවිත වලට එකතුවීමට සිදුවන්නේ විවිධ සංස්කෘතිකමය කටයුතු හරහාය. ඒ අනුව මිනිසුන් මෙවැනි කටයුතු වලට එක් වනුයේ ආගමික හැගීමකින් නොවෙය (යම් සුලු පිරිසක් එලෙස සම්බන්ධ වනු ඇත). මේ අනුව සංගීත සංදර්ශන, මලගෙවල්. පිංකම්, විනෝද චාරිකා, මගුල් ගෙවල් සියල්ල සිදුවනුයේ ඒවායේ සෑබෑ අර්ථයෙන්ම නොවෙය.

    මේ සියලු කරුණු අනුව සැලකීමේදි ඔබද මමද ආගමීක හෝ ආගමීක නොවන හෝ වෙනත් කටයුත්තක් සදහා සහභාගි වන්නේ එහි සෑබෑ අර්ථයෙන්ම නොවන්නේය. මෙලෙස සිදුවීම සහ ආර්ථිකය විසින් මගුල්, අවමගුල්, උපන්දිනවල සිට සියලුම අවස්ථාවන් හරහා මිනිසුන් පත්කර ඇති පිඩාවන් පිලිබදව අප කතා කල යුතුව ඇත. එහෙත් මම දකිනුයේ අප මෙවැනි කටයුතු වලට විකල්පයන් සහ මිනිසුන්ට සාමුහික වීමට ඇති අවස්ථාවන් ඇති කිරීමකින් තොරව ඉබාගාතේ සිදුකරනු ලබන විවේචනයන් වලංගු නොවන්නේය.

    //හදවතට තට්ටු කර බලන්න. ඔබත් කිසියම් දිනෙක, තමන් සෙස්සන්ට වඩා උසස් යයි සිතන කිසියම් අන්තවාදයක් ප්‍රවර්ධනය කර නැද්ද? එය ලිංගික, ආගමික, ජාතික, කුල, පාසල්, මතවාදී ආදී කුමන හෝ ස්වරූපයක් විය හැකි ය. //

    ReplyDelete
    Replies
    1. වඩා මැදහත් කොමෙන්ටුව මෙතන තියෙන්නේ. මගේ මවටත් කටිනය ලැබිල තියෙනව. හැබැයි අපි නම් ඔය කියන එක වර්ගයෙවත් නොවේ. අපේ අම්මල නම් කටිනය කරන්නේ සෑහෙන භක්තියකින්. වයසක සහ සැමියා මිය ගිහින් ඉන්න ඇය වගේ අය සහනයක් ගන්නේ මේ වගේ දේවලින්. එනිසා කඨින වගේ දේවල් තිබිය යුතුයි. සරල චාම් ලෙස කරානම් ඇති. නමුත් ඕන කෙනෙකුට නිදහස තියෙනව නේද වියදම් කරන්න හා තමන්ට ඕන විධිහට කරන්න.

      Delete
  9. කඨින පෙරහරේ යන බීට් වලට බුදු හාමුදුරුවෝ උන්නා නම් අනිවාර්යයෙන් පට්ට ඩාන්ස් එකක් දානවා.. තන්හා, රති රඟාලා කොර වෙන්න

    ReplyDelete
  10. ඔබගේ මේ ලිපිය යම් පණිවිඩයක් ලබා දෙනවා. අද දවසේ කඨිණ පින්කම් කිසිදු අධ්‍යාත්මික හරයක් ගෙන නොදේ. විදේශ රටවල ඉන්න ලංකාවේ ඩයස්පෝරාව ආගමික වශයෙන් කරන කියන දේවල් ලංකාවේ ඉන්න අයට වඩා හපන්. ඒ අය එකිනෙකාට තරහයි. පන්සල්වලට යන්නේ තමන්ගේ බල පුලුවන්කාරකම් පෙන්නන්න. පන්සල් කියන්නේ ධර්ම ප්‍රචාරය කරන ආයතන නොවේ. යුරෝපීය මිනිස්සු ලකාවෙ පන්සල්වලට යන්නේ නැත. යන්න තරම් පරිසරයක් ඒවාවල නැත. අනෙක් අතට ධර්මයක් ද නැත. ඇත්තටම යුරෝපයේ ලංකාවේ පන්සල් කියන්නෙ යුරෝපීය සමාජයට වදයක්. මිනිස්සු යුරෝපීය සමාජයට සමාජානුයෝජනය සහ අනුගතවීම වලක්වන බලකොටු. කඨිණය සදහා ඉතාලියෙ කරන ඉහත පින්තූරය නිදසුනකි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ මේ ලිපිය යම් පණිවිඩයක් ලබා දෙනවා. අද දවසේ ඉස්ලාම් පින්කම් කිසිදු අධ්‍යාත්මික හරයක් ගෙන නොදේ. ලංකාවේ ඉන්න මුස්ලිම් ජාතිකයන් ආගමික වශයෙන් කරන කියන දේවල් සවුදියේ ඉන්න අයට වඩා හපන්. ඒ අය සිංහලයන් සමග තරහයි. පල්ලි වලට යන්නේ තමන්ගේ ජාතිය ව්‍යාප්ත කරන්න . පල්ලි කියන්නේ ධර්ම ප්‍රචාරය කරන ආයතන නොවේ. වෙන ආගමික මිනිස්සු ලකාවෙ පල්ලි වලට යන්නේ නැත. යන්න තරම් පරිසරයක් ඒවාවල නැත. අනෙක් අතට ධර්මයක් ද නැත. ඇත්තටම ලංකාවේ පල්ලි කියන්නෙ ලාංකීය සමාජයට වදයක්. මුස්ලිම් මිනිස්සු ලාංකික සමාජයට සමාජානුයෝජනය සහ අනුගතවීම වලක්වන බලකොටු.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා