සිරිසේන බ්‍රදර්ස් සෙට් වෙන්නේ මොබිටෙල් එකෙන් ගේමක් දෙන්න ද?

මහින්දගේ ආණ්ඩුව පෙරලූ පුද්ගලයා බවට ලංකාදීප පුවත්පතේ ලියැවුණු තුසිත හල්ලොලුව ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත්, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍ර‍ධානියකු වන ක්‍රිෂාන්ත කුරේ හා ෆිරෝ ෆාරුක් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙනුත් නෙරපා තිබේ.

මේ පසුපස අවුල් දෙකක් තිබේ. එකක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මල්ලී තනතුරේ සිට ටෙලිකොම් අධ්‍යක්ෂ තනතුරට පත් වූ කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස ලබන වැටුප තුන් ගුණයකින් වැඩි කරන්නට යාමයි. එයට මේ අධ්‍යක්ෂවරු විරුද්ධ වූ බව කියැවේ.

දෙවැන්න තරගකාරී ජංගම දුරකථන සේවා සමාගමක් වන හච් මිළ දී ගන්නට මොබිටෙල් සැරසීමයි. ඒ ගැන කියන්නේ ඩයලොග් සමාගම ඒ වෙනුවෙන් පිරිනැමූ මිළ ඩොලර් මිලියන 78ක් මුත් මොබිටෙල් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 130ක් පමණ ගෙවන්නට යන බවයි.

මේ අල්ල පනල්ලේ අයියා සිරිසේන කර තිබෙන වැඩක් නිසා මෙතන මොකක් හෝ හුටපටයක් වන බව නම් පැහැදිලි ය. 

අයියා සිරිසේන මහින්දගේ චක්ගෝලයකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා මොබිටෙල්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇති බව අලුත් ම වාර්තා පවසයි. 

හච් කොම්පැනිය වැඩි මිළට මිළ දී ගැනීමේ ගනුදෙනුව ආරම්භ කළේ මේ කපිල චන්ද්‍රසේනයි. 

වැඩි ගානකට ගන්නේ කුට්ටියක් සාක්කුවට දමා ගැනීමේ පරණ පුරුදු ක්‍ර‍මයට වෙන්නටත් පුළුවන.

මේ ගැන මල්ලි සිරිසේන, ජනාධිපති සිරිසේන හා අදාළ ඇමතිවරු කතා කළ යුතු ය.

අපි දන්න පරණ සෙල්ලම් නම් බුදු මල්ලියේ කරන්නට දෙන්නට බැරි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕක නේද රසික කිව්වෙ. එයාල කාගෙන කාගෙන ගිහින් නවත්තපු තැන ඉඳන් මෙයාල කාගෙන කාගෙන යාවි කියල.
    හැබැයි ඉතින් ඕව ආරංචි විතරයි තාම, නේද?

    ReplyDelete
    Replies
    1. එය යුනිකෝඩ්වලින් ලීවේ මම යි. ඒ කතාව මා ඇසුවේ 1994 මහ ඡන්දයේ දී (වෙනත් පක්‍ෂයක ලකුණෙන්) තරග වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ චම්පා සෝමරත්න විසිනි. ඇය ප්‍රේමකුමාර් ගුණරත්නම් ගේ බිරිඳය.

      මෙන්න ඒ ගැන මා ලියූ කතාව.
      http://rasikalogy.blogspot.com.au/2015/01/que-sera-sera.html

      Delete
  2. හික්ස් පැරා අයියේ, මෙකෝ මේ වෙන්නේ. පරන සෙල්ලම් කරන්ඩ දෙන්ඩ බෑ කිව්වට එයාලා කරනවාම තමා. ඒවා නවත්තන්ඩ තව අවුරැදු 5 ක්ම බලාගෙන ඉන්න වෙයි. එතකං අපි අහිංසක බලාපොරොත්තු තියාගෙන කමෝන් කමෝන් ස්රිසේන බ්‍රදර්ස් කිය කියා හුරේ දාමු. අනික මේ අපිම පත් කරගත්ත අපේම යහපාලන ආන්ඩුවනේ. එලම කිරි . ජයවේවා පැරා අයියේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතින් ඒක ගැන ඔච්චර සතුටු? ඔයාට කොටසක් ලැබෙනව ද? නැතිනම්, මේකෙන් කෙළවෙන්නෙ මෛත්‍රීට වැඩ කරපු අයට විතරයි කියලා හිතනව ද? මෙයත් හොරා මහින්දත් හොරා කියන තර්කයෙන් මහින්ද කමක් නැහැ කියනව ද? නැතිනම් පාලකයන් හොරුන් වෙලා රටට කෙළ වුණා ම සමාජවාදය හැදෙයි හිතනවා ද?

      Delete
  3. කවුරු කවුරුත් ආණ්ඩු පෙල්ලන්නේ සහ ආණ්ඩු කරන්නේ රටට ආදරේට නොවෙයි නේ. ප්‍රජතන්ට්‍රවාදය නිසා අපිට පුළුවන් ඉන්න හොරු එළවලා අලුත් හොරු ගේන්න විතරයි

    ReplyDelete
    Replies
    1. මහකළු ලාංකිකයාට මල්මිටක්

      Delete
  4. කිසිම වෙනසක් වෙන්නේ නෑ... පුද්ගල වෙනසක් පමණයි සිඳු උනේ.. රාජපක්ෂට එහා හොර යුගයකට යනවා හිටං මහත්තයා රනිල්ලා එලවලා.. මේ සිද්ද වෙන්නේ එයයි..

    ReplyDelete
    Replies
    1. සර්ව අසුබවාදය!

      Delete
    2. මාතලන් යනු ජොකා ගලවා ගෙන චූ, පඩ, ජී තවරාගෙන, පුක පෙන්න ගෙන ඉන්නා කුම්භාණ්ඩයෙකි.

      Delete
  5. ඉවසාගෙන බලා ඉන්න.....සිරා තුමාට විරුද්දව ඔහොම කෑ කෝ ගහන එක හරිද?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Telecomm CEO දිලීප වික්‍රමසිංහ ගැන google search කරල බලන්නකෝ . මෙහු VAT Scam එකට සම්භන්ද පොරක්. මංගලගේ යාලුවෙක් නිසා මොහු ගැන කව්රුත් කාතානොකරයි ?.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා