ඇවන්ට්ගාඩ් මිනිස් බල ජාවාරමේ ගොදුරක් ගැන විස්තරයක්

ඇවන්ට්ගාඩ් සමාගම විසින් ඇෆ්ගනිස්තානයේ සේවයේ යොදවා තිබෙන හිටපු හමුදා සෙබළෙක් අපට කියූ කෙටි විස්තරයකි මේ. රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලැබෙන මුත්, අවුරුද්දකට පමණ වරක් නිවාඩු ලැබ නිවසට පැමිණ ගත කරන කාලය හැර අනෙක් මුළු කාලය ම සේවයේ යෙදිය යුතු ය. 

ඔහු සේවය කරන්නේ ඇමරිකන් හමුදා කඳවුරක අභ්‍යන්තර ආරක්ෂකයකු ලෙසයි. නිවාඩු පිණිස හෝ රැකියාව අතහැර දමා ආපසු එන විට හැර අන් කිසිදු අවස්ථාවක කඳවුරෙන් පිටතට යා නො හැකි ය. කඳවුර ඇතුළේ රැවුල කොණ්ඩය කපා ගැනීම වැනි සුළු කටයුත්තකට පවා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. මෙම සේවකයන් මුදලක් ඉතිරි කර නිවෙස්වලට එවන්නේ නො කා, නො බී, දිළින්දන් ලෙස ජීවත් වීමෙනි. 

ඔවුන් රැකියාව කරන්නේ අධික අනතුරුදායක වාතාවරණයක් තුළ බව ඉතා පැහැදිලි ය. රුපියල් ලක්ෂයක වැටුප යනු එවැනි රැකියාවක් වෙනුවෙන් කිසි සේත් ම ප්‍රමාණවත් වැටුපක් නො වේ. 

මෙවැනි අනතුරුදායක රැකියා වෙනුවෙන් මිනිස් බලය සපයන සමාගමක් වන ඇවන්ට්ගාඩ් සමාගම සෑම හමුදා සෙබළකු වෙනුවෙන් ම ඔහුට ගෙවන වැටුප මෙන් කීප ගුණයක් ඇමරිකන් හමුදාව වැනි ආයතනවලින් ලබා ගනියි. 

මේජර් නිස්සංක සේනාධිපති තමන්ගේ ගුණ වයමින් පුවත්පත්වල දැවැන්ත දැන්වීම් පළ කරන්නේ සෙබලුන්ගෙන් ගසා කන මේ සල්ලිවලිනි. ඒ දැන්වීම්වල ඔහු ලියවා ගන්නේ සෙබලුන්ට ඔහු දෙවියකු බවයි. 

මේ සෙබලුන්ගෙන් ගසා කෑ සල්ලිවලින් දැන් සෑහෙන පිරිසක් මිළ දී ගෙන ඇති බව ද පෙනේ. ඒ අතර පත්තර කොම්පැනි පමණක් නොව, දේශපාලකයෝ හා රජයේ නිලධාරීහු ද සිටින බව පෙනේ. 

මෙය රටට විදේශ විනිමය ගෙන එන ව්‍යාපාරයක් නිසා එය රැක ගත යුතු යයි කිසිවෙක් කියනවා නම්, අනෙක් සියලු දූෂණ අතර හිටපු හමුදා සෙබලුන්ගේ ජීවිත නින්දිත අන්දමින් සූරා කන මෙම මිනිස් බල ජාවාරමත් තිබෙන බව මතක තබා ගන්න. 

ඇවන්ට්ගාඩ් සමාගමේ සූරාකෑමට ලක් වන අය ඔබගේ හඬ අවදි කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ සෙබලා ගැන විස්තර හා ඔහු සම්බන්ධ කරගතහැකි ක්‍රමයක් ලංකාඊනිවුස් වැනි ගවේශනාත්මක මාධ්‍ය ආයතනයකට ලබාදෙන්න

    ReplyDelete
    Replies
    1. ඉන්පසු ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වග කියන්නේ ඔබද?

      Delete
  2. අඩු වශයෙන් මසකට ඩොලර් පන්දාහක්වත් පඩි ලැබිය යුතුයි. කොන්ත්‍රාත්තුවට මසකට ඩොලර් දහදාහක්වත් ගෙවනවා විය යුතුයි.

    ReplyDelete
  3. හිට්ලර් ගියා..
    චැප්ලින් ආවා...!!

    ReplyDelete
  4. ලංකාවේ ඉදිකිරිම් සමාගම් වලින් කම්කරුවන් සදහා දිනකට රුපියල් 1000ක් පමණ ගෙවනු ලබන අතර සාමන්‍යයෙන් දිනපතා උදැසක 7.30 සිට රාත්‍රි 7 -8 වනතුරු රාජකාරි කරනු ලැබේ. ඉදිකිරිම් ස්ථානතුලම නවාතැන් පහසුකම් සපයන අතර මසකට දින 3ක් නිවාඩු ලබා දේ. දිනපතා කැමට සහ ඇගපත රත්කර ගැනිමට යම් මුදලක් වියදම්කල පසු මාසිකව ඉතිරිවන්නේ සොච්චම් මුදලකි.

    මා දන්නා සමහර කර්මාන්තශාලාවල සෙවාමුර 2ක් පමණක් පවතින අතර සමහර දිනවලදි තමා වෙනුවට පැමිණිමට නියමිත සේවකයා පැමිණියේ නැතිනම් ඔහු තව දිනක් එක දිගට සේවය කල යුතුය. යන්ත්‍රය නවත්වා සේවකයාට නිවාඩු ලබා දීමක් සිදුකරන්නේ නැත. මොවුන්ගේ මාසික ආදායම රු 25000 - 30000 අතර වේ. දුර පලාත්වලින් පැමිණ සිටින සේවකයින් නිවසට යන්නේ මාස කිහිපයකට වරක් පමණි.

    මසකට රු 20000ක් පමණ වැටුප් ලබන සමහර කම්කරුවන් උදැසන 4ට 5ට පමණ ගෙවල්වලින් පැමිණි පසු නිවසට නැවත යන්නේ රාත්‍රි 10ට පමණය බොහෝවිට ඉරිදා දිනවල පමණක් නිවාඩු ලැබෙන අතර ඉරිදාට නිදා ගැනීම සහ විවෙකය ලබා ගැනම පමණක් සිදුකරයි.

    රට පුරා සිටින සියලුම කම්කරුවන්ගේ ජිවන තත්වය මේ ආකාර වේ. මධ්‍යම මට්ටමේ කළමනාකරුවන්ද ගෙවල් සහ වාහන ණය ගෙවීම වෙනුවෙන් තම ශ්‍රමය වැය කරන අතර ඉහත සියලුම සේවකයන් සේවයේ යොදවා ඇති ආයතනයන් ඇවන්ගාඩ් ආයතනය මෙන් විශාල ලාභයක් උපයා ගනි.

    කම්කරුවන්ට අයති මෙම අතිරික්තය පාලකයන්ගේ කම්කරුවන්වෙත ලබා ගැනීම සදහා සුදුසු වැඩපිලිවෙලක් සකස් කිරිමකින් තොරව ඇවන්ගාඩ් ආයතනයට පමණක් විරුද්ධ විමෙන් තෙරුමක් නොමැත. මෙම ආයතනය වසා දැමිමෙන් ඇප්ගනිස්ථනයේ අඩු වැටුපකට වැඩකරන ආරක්ෂකයින් නැතිවන්නේ නැත. අප මෙවැනි කරුණු පෙන්වමින් ජනතාව සංවිධානය කල යුත්තේ ආයතන විනාශ කිරීමට නොව පවතින ක්‍රමය වඩාත් යහපත් කිරීම සදහාය.

    ReplyDelete
    Replies
    1. මේවා 'කම්කරුවාට අයිති අතිරික්තය' කියල කියන්නේ මොන පදනමින්ද? කවුරුත් කම්කරුවාට බලෙන් රු.25000 වැටුපට බලෙන් වැඩකරන්න කියල නෑ..
      කම්කරුවා තමන්ගේ පෙර ගත්ත තීරන ( ඕලෙවල් වත් සමත් නොවීම, යම් වෘතීයක් ඉගෙන නොගැනීම ) නිසා තමා මේ වැටුපට වැඩ කරන්න වෙලා තියෙන්නේ

      Delete
    2. අනේ මැක්ස්.. ඉගන ගත්තත් ඔච්චර තමයි.දාඩිය සුවඳ දැනෙන පොලොවට බැහැල බලන්න.ඉතා සුළුතරයක් හැර බහුතරයක් එදිනෙදා ජිවිකාව වෙනුවෙන් නැහෙන නැහිල්ල.ඔවුන් ඉටු කරන සේවයට ලැබිය යුතු වටිනාකමෙන් හතරෙන් එකක් හෝ නොලැබීම මෙයට හේතුවයි.විකල්පයක් නෑ.බිස්නස් එකක් කලොත් පොඩි චාන්ස් එකක් තියෙයි. මෙදා චන්දෙදි දීපු පොරොන්දු සහ මිනිස්සු ඒවාට රැවටුනු විදිහෙන් වත් ඉඟියක් ලැබුන්නැද්ද ප්‍රායෝගික ලෝකෙ ගැන?

      Delete
  5. දැන් ඔය සේනාධිපති පත්තර ඇඩ් දමන්නේ නැහැ නේද?දැන් ඔහු මාධ්‍ය ආයතන කෙලින්ම සාක්කුවේ දාගෙන ඇත්තේ.යහපාලකයින් ඇවන්ට් ගාඩ්ට විරුද්ධව නීතියෙන් කටයුතු කරන හැටි අපි බලාගෙන ඉමුකො.

    ReplyDelete
  6. අපොයි ජරමර අස්සෙ බර කරත්තලු.එහෙම දේවලුත් වෙලා තියද?පවු අප්ප.යුද්ධෙ ඉවරකරන කාලෙ නං වීරයො වගේ සැලකුව.දැන් තත්වෙ මේකද එතකොට.ෂිං .මේක අමුතු ඇටයක් නේන්නං මේ විදියට බැලුවොත්

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ ක්‍රිස්තියානි කාරයෙක්ද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා