රස වෑහෙන කොළඹ නව රථ වාහන ගමනාගමන සැලැස්ම

හයිලෙවල් පාරේ හා බත්තරමුල්ල හරහා නව රථ වාහන ධාවන සැලැස්ම අත්හදා බැලුවෙමි. 

කොට්ටාව සිට හයිලෙවල් පාරේ තුන්මුල්ල හන්දියට ශීඝ්‍ර‍ගාමී බසයෙන් යාමට ගත වූ වේලාව පැය 1යි විනාඩි 50යි. වෙනදාට වඩා වඩා විනාඩි 25කින් වැඩි විය. (සඳුදා උදේ 7 සිට)

කොට්ටාව සිට බත්තරමුල්ල හරහා බොරැල්ලට ශීඝ්‍ර‍ගාමී බසයෙන් යාමට ගත වූ කාලය පැය එකහමාරකි. (බ්‍ර‍ස්පතින්දා උදේ 7.30 සිට) වෙනදා මේ පාරේ මෙම දුර බසයකින් ගොස් නැත. බත්තරමුල්ල හන්දියේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා ගමන් කිරීමට පැය භාගයක් පමණ ගත විය.  

නව රථවාහන ධාවන සැලැස්ම ගැන ඔබගේ අදහස් දක්වන්න. 

කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය පිළිබඳ ඉතා රසවත් තොරතුරු ටිකක් කියන්න වෙබ් අඩවියේ පළ වූ මෙම සබඳතා පුරුකෙහි ඇති ලිපියෙහි (kiyanna.lk) සඳහන් වේ. එය කියවන්න. 

එහි සඳහන් වන වාහන තදබදය අවම කිරීම සඳහා යෝජිත ක්‍රියාමාර්ග අතර බස් රැපිඩ් ට්‍රාන්සිට් ක්‍ර‍මයක් තිබෙනවා. මහාමාර්ගය මැද වෙන ම බස් මාර්ගයක් සකසන ක්‍ර‍මවේදයක් වන එය මගේ සිත් ගත්තා. බේස්ලයින් පාර වැනි පුළුල් මාර්ගවල මෙය දැනටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. බස් මාර්ගය වෙනම තිබෙන නිසා එහි වාහන තදබදය අවමයි. පහත පළ වෙන්නේ එවැනි බස් රථ මාර්ගයක පිංතූරයක්. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් වෙලා තියෙන අවුල් ඔක්කොම ශ්‍රිලනිප ඇමතිල හා ස්‍රිලනිප සිරිසේන ආන්ඩුවේ ඉන්න නිසා වෙන අවුල්..
    2020 දී පිරිසිදු එජාප ආන්ඩුවක් බිහිකරලා රනිල් ජනාධිපති කරන්න, 2030 දී ලංකාව දකුනු ආසියාවේ සිංගප්පූරුව නෙමේ ස්විට්සර්ලන්තය වේවි..

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නේ කෝකටත් තෛලය ද?

      Delete
    2. Max ගොනා වෙත. රනිල් ගේ ඇත්ත ආගම මොකක්ද, බොරු ආගම මොකක්ද? දන්නවනං කියපං කො. උබ උබවම අන්දනවා කියන්න වෙන මොන කතාද... උබේ මෝඩ කමේ තරම මනි්න්න මේ චූටි ප්‍රශ්නේ ඇති.

      Delete
  2. මම හිතන්නේ ප්‍රවහන අවශ්‍යතාවය අඩු කිරීම සහ පොදු ප්‍රවහාන සේවය විධිමත් කිරීම සහ සුවපහසු කිරීම තමයි මේකට තියෙන හොදම විකල්පය වෙන්නේ
    බස් රථ වලට පමණක් මාර්ගයේ කොටසක් වෙන් කිරීමට වඩා කාර්යාල සේවකයින් , පාසැල් ළමුන් ප්‍රවහනය කරනු ලබන වාහන සහ බස්රථ වලට ප්‍රමුඛතාවයක් ලබාදෙන වැඩපිලිවෙලක් සකස් කරන්න අවශ්‍යයි. ඒ වගේම පෞදගලික වාහන මෙම කාලය තුලදි භාවිතා කිරීම අවම කිරීම සදහා එම වාහන සදහා මෙම කාලයන් තුලදි ප්‍රධාන මාර්ගයන්වල ලබාදෙන ඉඩ ප්‍රමාණය සීමා කල යුතුයි.

    ReplyDelete
  3. මේ අලුත් රත වාහන සැලැස්ම ගැනත් මටත් ටිකක් අත්දකින්න ලැබුනා. මහරගම බස් නැවතුම්පොල සිට ගුරු විදුහල ලගට යන්න මට විනාඩි විස්සකට වඩා ගියා. හයිලෙවල් පාරේ නිතර යන රියදුරන්ගෙන් අසා බැලුවා. මෙය ඉතාම අසාර්තක ක්‍රමයක් ලෙසයි ඔවුන් පෙන්වාදුන්නෙ.

    ReplyDelete
  4. ඕවා කොරන්න ප්‍රයිවෙට් බස් මුදලාලිලා දෙන්න නෑ..උන් දෙෂ්පාලුවොන්ට සල්ලි දීලා තියෙන්න නිකම් යෑ...

    ReplyDelete
  5. A separate bus lane will be a very good option to minimize traffic congestion as big buses on SL roads are a major cause for traffic congestion due to size and unruly driving habits. Non strategic placement and passenger behavior and attitudes too contribute to this.
    I have seen effective use of separate bus lane in Jakarta, Indonesia, a city with horrible traffic problem.

    ReplyDelete
  6. ඡායාරූපයේ පෙන්වන ආකාරයට පාරේ මැද මංතීරු වෙනුවට දෙකෙළවර මංතීරු වඩා සුදුසුය.

    ReplyDelete
    Replies
    1. Dear Ranjith;
      I think we can put to effective use the center median that is just a space consuming area in many cases, by using it as a pedestrian walk way employing proper over and under the road crossings etc. Only people going for buses will enter these walkways reducing the pressure on existing pedestrian walkways. Then there will be three pedestrian crossings, on both sides and in the middle and they cam be made narrower too. The problem will be the high capital investment needed for changing these and driving lanes etc. Of course, the vision too comes first.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා