පහර දිය යුත්තේ බොන්නට වතුර ඉල්ලූ ජනතාවට ද?

හම්බන්තොට බඳගිරියේ ජනතාව බොන්නට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ හ. එහිදී පහර දීම් හා අත්අඩංගුවට ගැනීම් ද සිදු වී තිබේ.

ජනතා ප්‍ර‍ශ්න විසඳාගැනීම සඳහා සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනතාවට තිබේ. 

ශුෂ්ක ප්‍රදේශයක පිහිටි බඳගිරියට උග්‍ර‍ පානීය ජල ගැටලුවක් තිබේ. පසුගිය මාර්තු 21දා ඇමති සජිත් ප්‍රේමදාස බඳගිරියේ හා බරවාකුඹුරේ ජනතාව හමු වී මෙම ප්‍ර‍දේශයේ පානීය ජල ප්‍ර‍ශ්නය විසඳීම පිළිබඳ සාකච්ඡා කළේ ය. එපමණක් නොව, ඒ වෙනුවෙන් රු. මිලියන 400ක් වෙන් කර තිබෙන බව ද පැවසුවේ ය. ජනතාව උද්ඝෝෂණය කරන්නට ඇත්තේ විසඳුම් පමා වන නිසා ය. 

පිරිසිදු පානීය ජලය ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයකි. එය ලබා ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ.

2012 වසර අවසන් වන විට පිරිසිදු පානීය ජලය පාවිච්චි කරනු පිරිස ජනගහනයෙන් 87.7%ක් පමණ වෙනවා. මේ රටේ ජනගහනයෙන් 41%ක් තවමත් තම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ළිං, අත්පොම්ප, නළ ළිං, වැනි ජල මුලාශ්‍ර මඟින්. (දිනමිණ 2014 - 02 - 27)

ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 10%කටවත් තවමත් පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය නැත. මේ අතර විෂ රසායනික ආදිය හේතුවෙන් භූගත ජලය දූෂණය වීම ද ඉහළ යමින් තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ මූලික ප්‍ර‍ශ්නයක් වන ජල ප්‍ර‍ශ්නයට විසඳුම් ලබා නො දී, හම්බන්තොටට ගුවන් තොටුපළක්, වරායක් හා ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවක් ලබා දෙන්නට පසුගිය පාලනය කටයුතු කළේ ය.

ඒ කෙසේ වෙතත්, දැන් මහජනතාවගේ සැබෑ ප්‍ර‍ශ්න ආමන්ත්‍ර‍ණය කරන්නට රජයට සිදු වී තිබේ. එය මගහැර යා නො හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දන්නවද?
    1.බදගිරියෙ වැවෙන් දෙන්නෙ ෆිල්ටර් නොකල වතුර (මිනිස්සු පුළුවන් ක‍ාලයක් ඉවසාගෙන හිටිය, දැන් වතුර මඩ වෙලා නිසා කොහොමවත් පාවිච්චි කරන්න බෑ)
    2.දිස්ත්‍රික්කෙ වැඩිම වකුගඩු රෝගීන් ඉන්න පැත්තක් තමයි ඔය වැවේ වතුර බොන මනුස්සයො. (අඩුගානෙ ආසනික් වතුර හරි ටිකක් පිරිසිදු කරල දීපල්ලකො!)

    ReplyDelete
    Replies
    1. රාජ්,ජලසම්පාදනෙන් "බඳගිරිය"ජලයෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා නේද?අපේ කර්යාලයෙන් "බඳගිරිය"ජලයෝජනා ක්‍රමයට DI පයිප්ප ගෙන්වා ලබා දී තියෙනවා.

      Delete
  2. පාරක් හරස් කරන එකවත් පොලිසියෙන් අයින් වෙන්න කිව්වම ගල් ගහන එකත් සාමකාමී උද්ගෝෂණ වුනේ කොහොමද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා