වසර 15ක්. ගැහැනියක්. නිර්දෝෂී සිරකාරියක්.

1999 වසරේ දෙසැම්බර් 18දා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහභාගි වූ ජනාධිපතිවරණ අවසන් රැළියේදී ඇය ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ඇගේ එක් ඇසකට හානි කිරීම හා තවත් පුද්ගලයන් 20දෙනෙකු මරා දමා, 112දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් සැකකරුවන් දෙදෙනෙකුට වසර 290ක් හා 300ක් බැගින් සිර දඬුවම් නියම කරන ලදී. 

එම දෙදෙනාගෙන් එක් අයෙකු වන වර්දරාජා උදයන් ඝාතනය සඳහා මරාගෙන මැරෙන බෝම්බකාරිය සමග ස්ථානයට ගිය අයෙකු වන අතර, අනෙක් පුද්ගලයා එම ඝාතනය සැලසුම් කිරීමට සම්බන්ධ වූ කොළඹ පදිංචිව සිටි හින්දු පූජකවරයෙකු වන චන්ද්‍රා අයියර් රඝුපති ය. 

මෙම චූදිතයන් දෙදනා ඇතුළු චූදිතයන් තිදෙනෙක් නඩු තීන්දුව දෙන තෙක් වසර 15ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය හ. එහෙත් තුන්වන චූදිතයා නිදොස් කොට නිදහස් කරන ලදී. 

නිදොස් කොට නිදහස් වූයේ හින්දු පූජකවරයාගේ බිරිය වූ වසන්ති රඝුපති අයියර් නමැත්තියයි. ඇය මෙම ඝාතනයට සම්බන්ධ වී නැති බවත්, මිනිස් බෝම්බකාරියට ඇගේ නිවසේදී යම් උපකාර කර ඇති බවත්, ඇය ඇගේ සැමියාගේ කටයුතුවලට කැමැත්තක් දක්වා නැති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 

එහෙත්, අප මෙහි මතු කරන කාරණය අනෙකකි. ඇය වසර 15ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට නඩු විභාගය අවසානයේ චෝදනාවෙන් නිදහස් වී තිබේ. 

මාධ්‍ය ඇගේ නිදහස් වීම වාර්තා කළේ ප්‍රධාන ප්‍රවෘත්තියේ අග නො වැදගත් දෙයක් ලෙසයි. එහෙත් ඇය වසර 15ක් රිමාන්ඩ් බන්ධනාගාරගත ව සිටියා ය. අවසානයේදී නිර්දෝෂී කාන්තාවක් ලෙස නිදහස ලැබුවා ය. 

වසර 15ක්. ගැහැනියක්. නිර්දෝෂී සිරකාරියක්. 

එහි බරපතල වරදක් සිදු වී තිබෙන බව අපට නො පෙනෙන්නේ ඇය දෙමළ නිසා ද? 

කොටදෙනියාවේදී නිරපරාදේ චෝදනා ලද පාසල් ශිෂ්‍යයා හා ඇය අතර වෙනස කුමක් ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේවනම් කතාකරල වැඩක් නෑ පැරා. ඕක තෙරුම් ගන්නෙ කොහෙද, වැලිකඩ වෙඩිතියපු වෙලාවෙත් හොඳ වැඩේ උන්ට කියල කියපු එවුන්නෙ අපේ ඉන්නේ.

    ReplyDelete
  2. Harima anuwedaneeyai!Jeewithe hondama kale hire!

    ReplyDelete
  3. ඉතා වැදගත් අදහසක් ඔබ මතු කර තිබෙනවා, රිමාන්ඩ් එකේ අවුරුදු 45 ක් සිටි සිරකරුවෙකුත් කලකට පෙර නිදහස් වුනා.මේ චෝදනා නැතිව හිරේ ඉන්න අය ට දෙන සහනය කුමක්ද
    මේවාට වගකිවයුතු අයට දෙන දඩුවම මොකක්ද

    ReplyDelete
  4. මේවා ගැන හිතන කොට හිතට පුදුම දුකක් සහ කේන්තියක් එන්නේ. වන්දි ගෙව්වත් නැතිවුණු කාලය ආපසු ගන්නේ කොහොමද?

    කරුමය කියන එක විශ්වාස කරන්න පටන් ගන්න හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. මට මෙහෙම ගැටලුවක් තියෙනවා...
      උගත්, ධනවත්, සමාජ සම්බන්ධතා ඇති ශ්‍රීලාන්කිකයො දාස් ගනනක් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, නවසීලන්තය, යුරෝපා රටවල් ඇතුලු දියුනු ප්‍රජාතන්‍රවාදී රටවල නිත්‍ය පුරවැසියන් විධට ජීවත් වෙනවා...
      මොවුන් ඒ රටවල පොලීසි, උසාවි මහජනයාට වදනොදී ප්‍රශ්න විසදන හැටි අකිනවා.. ලන්කාවට වඩා දියුනු ක්‍රමවේද, දියුනු සමාජ තත්ව අදකිනවා...

      මම අහන්නේ මහජන මුදලින් ඉගෙනගෙන (බොහෝවිට ලක්ශ ගනනක් වටිනා මූලික උපාධියකුත් මෙහෙන් නොමිලේම අරගෙන ) දියුනු රටවලට ගිහින් ඉන්න උන්දැල පහුගිය අවු. 20ටම ලන්කාවෙ සමාජ සාධාරනත්වය, යහපාලනය, මේ වගේ අකටයුතුකම් නවත්වීම වෙනුවෙන් කල එක දෙයක් කියන්න?

      Delete
  5. රසික කිව්ව වගේ අපි මහ කරුමක් කාරයොද මන්ද පැරා නගන අනිත්ම ප්‍රශ්න දෙක ඉතාම වැදගත්. මං හිතන්නේ අපි ඔක්කොම වගේ එක්කො පරදෙමළු නැත්නම් පර සිංහලයො නැත්නම් පර තම්බියො ඒ හින්ද යි අන්තිම ප්‍රශ්නයේ දී විමසන ප්‍රශන්යට පිළිතුර

    ReplyDelete
  6. 1998 වසරේ ජනාධිපතිවරණයක්...?? ලංකාවේ ද තිබුණේ?

    ReplyDelete
    Replies
    1. ඔච්චර කේන්ති ගන්න එපා. නිවැරදි කළා. ස්තුතියි.

      Delete
  7. හරියට ඉඩම් නඩුවක් වගේ. මදෑ අවුරුදු 15 න් එළියට ආවා. කසිප්පු පෙරලා අහුවෙලා දඩ ගෙවාගන්න බැරුව තවමත් හිරේ ඉන්න අම්මලා කොච්චර ඉන්නවද?

    අපේ නීති පද්ධතිය සහ අධිකරණ ක්‍රමවේදය පිළිබඳව මීට වඩා සවිස්තර කතිකාවක යෙදෙමුද?

    ReplyDelete
  8. මට මෙහෙම ගැටලුවක් තියෙනවා...
    උගත්, ධනවත්, සමාජ සම්බන්ධතා ඇති ශ්‍රීලාන්කිකයො දාස් ගනනක් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, නවසීලන්තය, යුරෝපා රටවල් ඇතුලු දියුනු ප්‍රජාතන්‍රවාදී රටවල නිත්‍ය පුරවැසියන් විධට ජීවත් වෙනවා...
    මොවුන් ඒ රටවල පොලීසි, උසාවි මහජනයාට වදනොදී ප්‍රශ්න විසදන හැටි අකිනවා.. ලන්කාවට වඩා දියුනු ක්‍රමවේද, දියුනු සමාජ තත්ව අදකිනවා...

    මම අහන්නේ මහජන මුදලින් ඉගෙනගෙන (බොහෝවිට ලක්ශ ගනනක් වටිනා මූලික උපාධියකුත් මෙහෙන් නොමිලේම අරගෙන ) දියුනු අටවලට ගිහින් ඉන්න උන්දැල පහුගිය අවු. 20ටම ලන්කාවෙ සමාජ සාධාරනත්වය, යහපාලනය, මේ වගේ අකටයුතුකම් නවත්වීම වෙනුවෙන් කල එක දෙයක් කියන්න?

    ReplyDelete
  9. ජනතා සුභසිද්ධිය වෙනුවෙන් නීතිය තියෙන්නේ නැතුව නීතියේ සුභ සිද්ධිය වෙනුවෙන් ජනතාවට ඉන්න වුනාම ඔය වගේ දේවල් වෙනවා.

    ReplyDelete
  10. කොටදෙනියාවේ පාසල් සිසුවාට වඩා ඇය අති මහත් අසාදාරනයකට ලක් වී ඇත.එල්ලුම් ගස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලුම් කරන මිනිසුන්ට මේවා නොපෙනෙයි.

    ReplyDelete
  11. කොටදෙනියාවේ පාසල් සිසුවාට වඩා ඇය අති මහත් අසාදාරනයකට ලක් වී ඇත.එල්ලුම් ගස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලුම් කරන මිනිසුන්ට මේවා නොපෙනෙයි.

    ReplyDelete
  12. ඔබ දකින සමාජ සන්සිද්දි ඉතාම අගයකොට දකිමි.ජාතික අපරාද කියන්නේ මේවගේ දේවලට නොවේද ? යයි මට සිතේ .දියුණු රටකත් නොදියුණු අපේ රටෙත් වෙනසේ සමස්තය
    "ජීවිතයක වටිනාකම "
    අපේ රටතුල තීරණය වන්නේ සියලු මිනිසුන්ට පොදු නිර්ණායක මත නොව ,අවස්තනුකුල බාහිර සාදක මත .

    ReplyDelete
  13. ඒක්යෑ ඕයි වැඩේ. ඔය රට හදන්න මෙතන කතා කරන හැම එකාම තනි ඉරයි ද්විත්ව ඉරයි දෙකම කපං ගිහල්ලා අහවල් එකාට දෙස් දෙවුල් තියනවා.. රටේ නීතිය ගැන. ඔන්න මං පැරාව දැක්කෙත් නැහැ. හරිද! එයා ගැන කිව්වෙත් නැහැ හරිය!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා