Posts

Showing posts from October, 2015

උතුරෙන් මුස්ලිම් ජනයා සුද්ද කිරීමෙන් වසර 25කට පසු

Image
පානදුර නෝලිමිට් සාප්පුව ගිනි තැබීමට පෙර නෝලිමිට් සාප්පුව ගිනි ගනිමින් - අද වනතුරු ම පරීක්ෂණ වාර්තා නැත.  1990දී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව සිය ගම්බිම්වලින් පලවා හැර දමා මේ වසරට අවුරුදු 25ක් සම්පූර්ණ වේ. 75,000ක් පමණ මුස්ලිම් ජනතාව මෙසේ පලවා හරින ලදී. යුද්ධය අවසන් වී වසර හයක් ගත වී තිබේ. එහෙත් මුස්ලිම් අවතැන් වූවන්ගේ ප්‍රශ්නය තවමත් විසඳී නැත. තවමත් මුස්ලිම් අවතැන් වූවෝ විශාල පිරිසක් සරණාගත කඳවුරුවල ජීවත් වෙති. ඔවුන් විල්පත්තු වනාන්තරය අසල ප්‍රදේශවල නැවත පදිංචි කිරීම හේතුවෙන් සිංහල ජාතිවාදීන්ගෙන් මෙන් ම පරිසර සංවිධානවලින් ද විරෝධය එල්ල විය. කෙසේ වෙතත්, උතුරෙන් අවතැන් වූ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නය තවමත් නො විසඳුණු බරපතල ගැටලුවකි. දෙමළ අවතැන් වූ ජනයාගේ ප්‍රශ්න කෙරෙහි තරම් අවධානයක් එයට යොමු වී නැත. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් උතුරේ මුස්ලිම් ජනතාව පන්නා දැමූ ආකාරය අතිශය නින්දිත ය. මුස්ලිම් ව්‍යාපාරිකයන් පැහැර ගෙන කප්පම් ගනිමින්, විරෝධය පළ කළවුන් මරා දමමින් හා හිංසනයට ලක් කරමින්, ස්ත්‍රීන්ගේ කණ් ඉරා අබරණ මංකොල්ලකමින්, ඇඳි වත හා තවත්

ශිෂ්‍ය සටන් හා විසඳුම් සෙවීමේ මහජන ක්‍රියාකාරිත්වයන්

Image
ලංකාදීප ඡායාරූපයකි ලංකාවේ සෑම ජන කොටසකට ම ප්‍ර‍ශ්න කන්දරාවකට මුහුණ දීමට සිදු වී තිබේ. විශ්ව විද්‍යාල සිසුන්ට ද ප්‍ර‍ශ්න රාශියකි.  නිදසුනක් ලෙස, විශ්ව විද්‍යාලවලින් පිට වන උපාධිධාරීන්ට රැකියා නැත. ඔවුහු රජයේ රැකියා ඉල්ලති. රජය මේ වන විටත් අනවශ්‍ය තරම් කලා උපාධිධාරීන් පිරිසකට රැකියා දී තිබේ. ඇතැමෙකුට කරන්නට හරි හමන් වැඩක් නැත. එහෙත්, මහජන මුදලින් ඔවුන්ට වැටුප් ගෙවනු ලැබේ. ඒ බර දරන්නේ මැද පෙරදිග රැකියා කරන ගෘහ සේවිකාවන් ඇතුළු විදේශ ශ්‍ර‍මිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි පිරිස් ය. ඔවුන්ට රජයෙන් ලැබෙන උපකාර අවම ය.  උපාධිධාරීන්ට ප්‍ර‍මාණවත් අන්දමින් රැකියා සපයන්නට තරම් පෞද්ගලික අංශය පුළුල් වී නැත. පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද ගැටලු රැසකි.  විශ්ව විද්‍යාල සිසුන් පාර වසාගෙන උද්ඝෝෂණය කරන විට පාරේ පැය ගණන් කාලකන්නි වෙමින් දුක් විඳින්නේ ද මේ දුක් විඳින ජනතාව ම ය.  සිසුන්ට අමානුෂික ලෙස පහර දුන් පොලිසියේ නිලධාරීහු ද අයත් වන්නේ මේ පීඩිත ජනතාවට ම ය.  ජනතාව මුහුණ දෙන ප්‍ර‍ශ්නවලට ඇති විසඳුම කුමක්දැයි ඇසුවොත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් පිරිස් පවසනු ඇත්තේ

කාටත් වාහනයක්! ඒත් අපට මේ තරම් වාහන දරා ගත හැකි ද?

Image
2015 වසරේ මේ වන විට අලුතින් ලියාපදිංචි කර තිබෙන වාහන සංඛ්‍යාව ලක්ෂ පහකට ආසන්න වෙමින් තිබෙනවා. පොදු ප්‍ර‍වාහන සේවා දුර්වල ශ්‍රී ලංකාවේ හැමෝටම කාර් එකක්, ත්‍රිරෝද රියක් හෝ අඩු තරමේ මෝටර් සයිකලයක් හෝ තිබෙන එක හොඳයි.  ඒත්, මේ තරම් වාහන කන්දරාවක් අපේ රටේ පාරවලට දරා ගන්නට පුළුවන් ද? ඒ තරම් ඉන්ධන දැවීමක් අපේ ආර්ථිකයට, පරිසරයට දරා ගන්නට පුළුවන් ද? ඒ නිසා පෞද්ගලික වාහන භාවිතය අවම කරමින්, පොදු ප්‍ර‍වාහන සේවා දිරි ගැන්විය යුතුව තිබෙනවා.  කොලොම්පුරේ ට්‍රැෆික් මැදින් – හෙමින් හෙමින් හෙමින් හෙමින්  යන ගමන පිළිබඳ දත්ත රැසක් මෙම ලිපියෙහි අඩංගු වෙනවා.  කොළඹ අධික වාහන තදබදය අවම කරන්නට නම් ඇත්තෙන් ම පෞද්ගලික වාහන අධෛර්යය කරමින් පොදු ප්‍ර‍වාහන පද්ධති දිරිමත් කළ යුතුයි. ඒ වුණාට දැන් සිදු වන්නේ එය නෙමෙයි. අඩුම තරමේ 40දෙනෙකුවත් ගමන් කරන බස් වම් පැත්තේ එක තීරුවකට දමලා එකක් පස්සේ එකක් බඩගාන්නට සලස්වලා තිබෙනවා.  ඒ විතරක් නෙමෙයි, පොලිස් නිලධාරීන් ඉන්නේ බස් රියදුරන්ගෙන් පළිගන්න වගෙයි. බම්බලපිටියේ මැජස්ටික් සිටි හරියේ නිතර ඉන්න බබා මූණක් තියෙන උරහිසේ තරු තියෙන පොලිස් නිලධාරියා උදාහරණයක්.  බස් සේවක

අනුරාධපුරයේ නයිට් ක්ලබ් මිනීමරුවන් මුවා වෙන්නට හැදුවේ දේශප්‍රේමයට ද?

Image
අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රම ද සොයිසා නම් කරාටේ ශූරයා ඝාතනය කර, තවත් අයට පහර දී තුවාල සිදු කර, රාත්‍රී සමාජ ශාලාව කුඩු පට්ටම් කර දැමීම සම්බන්ධයෙන් මේ වන විට පිරිසක් අත්අඩංගුවට පත් වී තිබේ. ඒ කට්ටිය අධිකරණයට ඉදිරිපත් කරන විට ගියේ කමිසවලින් මුහුණු වසාගෙන මාර ලැජ්ජාවෙනි. එහෙත්, පෝර උර ඇඳගෙන, සැලසුම් සහගතව පහර දීමට ගියේ මාර වීරයන් පිරිසක් වගේ ය. ඝාතනය සැලසුම් කළ පුද්ගලයා මේ වීරයන්ට හොඳට බොන්නට දී තිබේ. ඔවුන් මිනී මරා හිරේ යන්නට සැරසෙන්නේ අරක්කු ෂොට් කීපයකට ය. මෙම රාත්‍රී සමාජ ශාලාව දැන් වසර කීපයක සිට පවත්වාගෙන යන අතර ගිය අවුරුද්දේ ඊනියා සුචරිතවාදීන්ගෙන් මෙයට විරෝධය නැගිණි. ඒ අවස්ථාවේදී මාධ්‍ය ඇලෙක්‌සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා සමග සාකච්ඡා කරද්දී ඔහු ඇසුවේ පූජා නගරයෙන් පිටත නීත්‍යානුකූලව රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන යාමේ වරද කුමක් ද කියා ය. කොළඹ මිනිසුන්ට සතුටු වන්නට තිබෙන අයිතිය අනුරාධපුරයේ මිනිසුන්ට තිබෙන එකේ වරද මොකක් ද යන්න ඔහුගේ ප්‍රශ්නය විය. අනුරාධපුරය යනු ලංකාව් දියුණු ම නගර අතරින් එකකි. එහෙත් එය පිහිටා තිබෙන

පොයින්ට් 38 රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 ස්වයංක්‍රීය පිස්තෝල ඉල්ලා අඬන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කරන වැඩ බලන්න කවුළුවක්

Image
එක් දිනක පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා රුපියල් ලක්ෂ 46ක් වැය වන බව කතානායක කරු ජයසූරිය මහතා 2015 ඔක්තෝබර් 21දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මන්ත්‍රීවරුන් තමන් කරන කාර්යය ගැන බැරෑරුම්ව සිතිය යුතු බව පෙන්වා දෙමිනි. මේ ලක්ෂ 46 මහජන මුදල් ය. මෙය වැය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් පමණි. පාර්ලිමේන්තුව නඩත්තු කරන්නටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නඩත්තු කරන්නටත් එමෙන් කීප ගුණයක මුදලක් දවසකට වැය වේ. ඒවාත් මහජන මුදල් ය. එහෙම තිබියදී බොහෝ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නො වෙති. සහභාගි වන බන්ධුල ගුණවර්ධන වැනි අය මහජන කාලය ජාතිවාදය ඇවිස්සීම සඳහා භාවිතා කරති.  දිනේෂ් ගුණවර්ධන වැනි අය සෙංකෝල උස්සති.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි දෙනෙක් සභාගත කෙරෙන පනත් කෙටුම්පත් ඇතුළු ලේඛන කියවන්නේ නැත.  පාර්ලිමේන්තු ක්‍රියාවලි පිළිබඳ අවදියකින් නැති විශාල මන්ත්‍රීවරු පිරිසක් සිටිති. පොයින්ට් 38 රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල ඉල්ලා පාර්ලිමේන්තුවේ අරගලයක් ඇති බව ද අසන්නට ලැබේ. මුන් මහජන නියෝජිතයෝ ද මිනීමරුවෝ ද? අප විසින් පාර්ලිමේන්තුවට පත් කර යවන ලද මන්ත්‍රීන් වැ

උපුල් ශාන්ත සන්නස්ගල නිහඬ විය යුතු නැත

Image
උපුල් නිහඬ ය. ඉංගිරිසියෙන් කියන ආකාරයට නම් ඩෙඩ් සයිලන්ට් ය.  ඒ ඇයි කියා දුරකතන ඇමතුමක් දී අසන්නට තරම් ඔහු හා මා අතර සම්බන්ධයක් නැත. මා සිතන අන්දමින් මා ඔහු දෑසින් දැක තිබෙන්නේ ද එක් වතාවක් පමණි.  උපුල්ගේ ටියුෂන් පංති කෙරුවාව ගැන නම් මගේ පැහැදීමක් නැත. එහෙත් ඔහු සිංහල වැනි නො සැලකිල්ලට ලක් වී තිබුණු වැදගත් විෂයක් මාකට් කළ කිරිල්ල ඇත්තෙන් ම ලොකු වැඩකි. එහෙත් උපුල්ගේ සිංහල වෙළඳපොළ නිසා සමාජයේ සිංහල දැනුම වැඩි වී ඇති බවක් නම් නො පෙනේ. ඔහුගේ පාරිභෝගිකයන් ඔහු නො තකා හැරියේ හරියට දෙල්කඳ පොළේ වෙළෙන්දියන් නො සලකා හරින අන්දමට ය. මාකටිං හා ජීවිතය එකක් නො වන බව උපුල් ඡන්ද කෙරුවාවෙන් ඉගෙන ගන්නට ඇතැයි සිතමි.  මේ උපුල් ගැන මා මීට කලින් ලියූ සටහන් කීපයකි. ඔහුගේ අම්මා කෘතිය මට අනුව නම් හොඳ නවකතාවකි.  උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල් උපුල් ශාන්ත  සන්නස්ගලගේ අම්මා  ... ජීවිතයේ ක්ෂතිමය අත්දැකීම් මුළු ජීවිත කාලය තුළ ම හොල්මන් කරන එක උපුල්ටත්, විමල්ටත්, මටත් පමණක් නොව චාල්ස් ඩිකන්ස්ට පවා වූ දේ ය.  උපුල් සෑහෙන්න කතා කළ අයෙකි. උපුල් කීමෙහි බිනීමෙහි දක්ෂයෙකි. ඔහු කතා කරන හැටි අහන් ඉන්නට ආසා ය.

විමල්ගේ රෝමෝද්ගමනය හෙවත් විමලසිරි රෝමයට යාම

Image
විමල්ගේ පාස්පෝට් හුටපටය මට නම් එච්චර තේරෙන්නේ නැත. මගේ ජීවිතයට මම පිටරට ගොස් තිබෙන්නේ දෙවතාවකි. එක වතාවක් යුනෙස්කෝ එකේ වැඩමුළුවකට ය. අනෙක් වතාවේ පණ බේරා ගන්නට ය.  ඒ නිසා මට නම් ඔය පාස්පෝට්, වීසා හුටපට ඒ තරම් තේරෙන්නේ නැත.  මේ හුටපටයේ නීතිමය කරුණුවලට වඩා වැදගත් වන්නේ දේශපාලනමය හා සමාජමය කරුණු යයි මම සිතමි. විමල් වීරවංශ යනු නම් ගණනාවක් භාවිතා කර ඇති අනන්‍යතාව පිළිබඳ බරපතල ගැටලු ඇති පුද්ගලයෙකි. ඔහුගේ සැබෑ නම විමලසිරි ගම්ලත් යයි මම සිතමි. ඔහු හිරු පුවත්පත වෙනුවෙන් ඒ නම භාවිතා කළේ ය. එහෙත්, 1994න් පසු ජවිපෙ දේශපාලනයට පැමිණියේ විමල් වීරවංශ ලෙසයි.  හිරු පුවත්පතේ වැඩ කරන කාලයේ ඔහු තවත් නමක් භාවිතා කළේ ය. ඒ විභූති වීදිය බණ්ඩාර යන නමයි. දැන් ඔහු සිය පුතුට දී ඇත්තේ විභූති කියන නමයි.  පුවත්පත් කලාවේදීන් පෑන් නාමයන් භාවිතා කරන එක ඒ තරම් අමුතු දෙයක් නො වේ. එහෙත්, ඇතැම් පෑන් නාමයන් තුළ සැඟවුණු අරුත් තිබේ.  සාමාන්‍යයෙන් පුද්ගලයකුට නම තබන්නේ මව්පියන්ගේ රුචි අරුචිකම් පරිදි ය. තමන්ගේ නම තමන්ට ම තබා ගන්නට ලැබුණු විට නම් දමා ගන්නා ආකාරය නිරීක්ෂණය කරන එක ඉතා රසවත් ය. විශේෂයෙන් ම විප්ලවවාදී පක්

ඇවන්ට්ගාඩ් මිනිස් බල ජාවාරමේ ගොදුරක් ගැන විස්තරයක්

Image
ඇවන්ට්ගාඩ් සමාගම විසින් ඇෆ්ගනිස්තානයේ සේවයේ යොදවා තිබෙන හිටපු හමුදා සෙබළෙක් අපට කියූ කෙටි විස්තරයකි මේ. රුපියල් ලක්ෂයක පමණ වැටුපක් ලැබෙන මුත්, අවුරුද්දකට පමණ වරක් නිවාඩු ලැබ නිවසට පැමිණ ගත කරන කාලය හැර අනෙක් මුළු කාලය ම සේවයේ යෙදිය යුතු ය.  ඔහු සේවය කරන්නේ ඇමරිකන් හමුදා කඳවුරක අභ්‍යන්තර ආරක්ෂකයකු ලෙසයි. නිවාඩු පිණිස හෝ රැකියාව අතහැර දමා ආපසු එන විට හැර අන් කිසිදු අවස්ථාවක කඳවුරෙන් පිටතට යා නො හැකි ය. කඳවුර ඇතුළේ රැවුල කොණ්ඩය කපා ගැනීම වැනි සුළු කටයුත්තකට පවා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ. මෙම සේවකයන් මුදලක් ඉතිරි කර නිවෙස්වලට එවන්නේ නො කා, නො බී, දිළින්දන් ලෙස ජීවත් වීමෙනි.  ඔවුන් රැකියාව කරන්නේ අධික අනතුරුදායක වාතාවරණයක් තුළ බව ඉතා පැහැදිලි ය. රුපියල් ලක්ෂයක වැටුප යනු එවැනි රැකියාවක් වෙනුවෙන් කිසි සේත් ම ප්‍රමාණවත් වැටුපක් නො වේ.  මෙවැනි අනතුරුදායක රැකියා වෙනුවෙන් මිනිස් බලය සපයන සමාගමක් වන ඇවන්ට්ගාඩ් සමාගම සෑම හමුදා සෙබළකු වෙනුවෙන් ම ඔහුට ගෙවන වැටුප මෙන් කීප ගුණයක් ඇමරිකන් හමුදාව වැනි ආයතනවලින් ලබා ගනියි.  මේජර් නිස්සංක සේනාධිපති තමන්ගේ ගුණ වයමින් පුවත්පත්වල දැවැන්ත දැන්ව

නිදහස් වූ කිරිල්ලිය තමලිනී සහ සිරගත දේශපාලන සිරකරුවෝ

Image
ඡායාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි මම එක් වතාවක් තමිලිනීව දැකලා තිබෙනවා. 2002දී යාපනයේ පැවැත්වුණු කලා උළෙලකදීයි. දෙමළ කලාකරුවන් මෙන් ම දකුණේ සිංහල කලාකරුවන් ද සහභාගි වූ මෙම කලා උළෙල සංවිධානය කිරීමේදී කොටි සංවිධානයත් වැඩ කොටසක් කළා. ඒ සංවිධායිකාවන් අතර බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ලාගෙන සිටි තමිලිනීත් හිටියා. ඇය ඒ වන විටත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාවයි. ඇය සහ අනෙකුත් කොටි සෙබළියන් අතර තිබුණු සම්බන්ධය නිරීක්ෂණය වුණේ වාමාංශික දේශපාලන සංවිධානයක සහෝදර සම්බන්ධයක් වගේ. තමිලිනී කියන්නේ ඉතා දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නියක්. ඇය දේශපාලනික වශයෙන් බලවත් ස්ථානයකට පැමිණියේ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි දේශපාලනය නිසායි. 2009 මැයි 17 දා රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. වසර තුනක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි ඇයට අධි චෝදනා ගොනු නො කර පුනරුත්ථාපනයට යොමු කිරීමට නීතිපතිවරයා කටයුතු කළා. පසුව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් පුනරුත්ථාපනය වූ ඇය නිදහස්ව සාමාන්‍ය ජීව

පරිවර්තන සාහිත්‍යයේ පත් සිඳුණු වසන්තයේ පිපිණු මල් කැකුළක්

Image
මම සිංහල පරිවර්තන නවකතා කියවන්නට එතරම් කැමැත්තක් නො දක්වමි.  මම වෘත්තීය පරිවර්තකයකු ලෙස ඉංග්‍රීසියෙන් සිංහලට මෙන් ම සිංහලෙන් ඉංග්‍රීසියට ද පරිවර්තනය කරමි. එක්තරා ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් දිගු කලක සිට මගෙන් මෙම සේවාව ලබා ගනියි. ඒ පත්තරයේ ඉංග්‍රීසි හොඳ නැතැයි කිසිවෙක් නො කීවත්, මම වැරදිලාවත් ඉංග්‍රීසියෙන් යමක් ලිව්වොත් භාෂා අම්පයර්ලා ඇවිත් ඇඟිල්ල උස්සති. ඒ ලංකාවේ හීනමානකාරයන්ට තිබෙන එක බරපතල ව්‍යාධියකි.  අනෙක් ව්‍යාධිය නවකතා ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කිරීම හා සම්බන්ධ ය. පළමු ප්‍රශ්නය මේ පරිවර්තකයන් වැඩිදෙනෙකු කරන්නේ තමන් කියවූ කෘතිය තමන්ට තේරෙන පරිදි සිංහලෙන් ලිවීමයි. වැඩේ තියෙන්නේ එහෙම ලියන එකත් කියවන මිනිසුන්ට තේරෙන්නට ලියන්නට බැරි වීමයි.  මේ දිනවල මම පරිවර්තන කෘති දෙකක් කියවමින් සිටිමි. මේවා අලුත් ඒවා නො වේ. පරණ ඒවා ය. මා මිත්‍ර පී.බී. ජයසේකර විසින් පරිවර්තනය කරන ලද න්ගුගි වා තියෙන්ගෝගේ කුරුසේ ලූ යක්ෂයා කෘතිය සම්බන්ධයෙන් මට තිබෙන ගැටලුව එය සාමාන්‍ය පරිවර්තනයකින් එහාට යන්නට අසමත් වීමයි.  තිබෙන පෙළ ඒ අන්දමින් පරිවර්තනය කිරීමට වඩා වටිනාකමක් පරිවර්තකයා විසින් කෘතියට එක් කළ

රණතුංග පවුල

Image
වරාය ඇමති හා සභාපති එක ටීම් එකේ හිටපු කාලෙ. ඒ බැට්ල් ඔෆ් මරූන්ස්. දැන් බැට්ල් ඔෆ් මොරාන්ස් පසුගිය දිනෙක අන්ධ ජ්‍යෝතිෂඥයා ජාතියේ අන්ධයන්ට අනාගත වාක්‍යයක් කියමින් ප්‍ර‍සන්න රණතුංග මීළඟ අගමැති වනු ඇති බව කීවේ ය. එහෙම වුණොත් ඔහු මීළඟ ජනාධිපති වන්නටත් බැරි නැත. දැනටත් රණතුංග පවුල දේශපාලනය හා දේශපාලනික බලයට අදාළ නිලධාරි තන්ත්‍ර‍ය ආක්‍ර‍මණය කර ඇත. 2010 මහ මැතිවරණයේදී රුවන් රණතුංගට ගම්පහින් ඉඩ ලබා දෙමින් අර්ජුන රණතුංග කලුතරින් ඉදිරිපත් වී ඡන්දය දිනා ගත්තේ ය. ඒ සරත් ෆොන්සේකා නායකත්වය දුන් ප්‍ර‍ජාතන්ත්‍ර‍ාදී ජාතික සන්ධානයෙනි. එහෙත් ඔහු ඇත්තෙන් ම කලුතර නියෝජනයක් කළේ නැත. ඔහුට ඡන්දය දුන් කලුතර ජනතාවට කොකා පෙන්නූ ඔහු පසුව ගම්පහට ම සේන්දු වූයේ ය. තව පොඩ්ඩෙන් මේ පාර ගම්පහින් රණතුංග බ්‍ර‍දර්ස් තුන්දෙනෙක් ම පාර්ලිමේන්තු යනවා ය. ක්‍රිකට් පාලක මණ්ඩලයට නිශාන්ත රණතුංග රිංගවා ගන්නට ද අර්ජුනට උවමනා ය. ඔහු වරාය අධිකාරියේ සභාපතිකමට කිසිදු හිරිකිතයකින් තොරව සිය සහෝදරයා වූ ධම්මික රණතුංග පත් කර ගත්තේ ය. මේ කී රණතුංගලා හැර තවත් රණතුංගලාත් සිටිති. ඔවුනුත් කලට වේලාවට කරලියට එනු ඇත.  හරියට මේ රටේ රණත

වී, තේ වැනි ගොවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු දිග පළල කෙතරම් ද?

Image
උද්ඝෝෂණයේ යෙදෙන කලවානේ කුඩා තේ වතු හිමියෝ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපාරය විසින් ඔක්තෝබර් 15දාට යෙදුණු ලෝක ආහාර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද සුළු ගොවීන්ගේ, කිරි ගොවියන්ගේ හා සුළු ධීවරයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු ජනතා තවලම අවසන් දිනයේදී කොළඹදී එයට සහභාගි වීමේ අවස්ථාව ලැබිණි.  ආහාර ස්වෛරීත්වය ඇති කිරීමට බල කිරීමේ අරමුණින් පැවැත්වුණු එහිදී ගොවීන්, ධීවරයන් මුහුණ දී සිටින ප්‍ර‍ශ්න පිළිබඳ ප්‍ර‍බල හඬක් නැගුණා.  මේ දිනවල කුඩා තේ වතු හිමියන් තේ මිළ පහළ යාම නිසා දැඩි අර්බුදයකට පත් වෙලා. ඔවුන් තේ දළුවලට සහතික මිළක් ඉල්ලනවා. හරියට වීවලට සහතික මිළක් දෙනවා වගේ.  වී ගොවියන්ගේ අස්වැන්න රජය මැදිහත් වී මිළ දී ගන්නවා. එහෙත්, ඒ අස්වනු නිසි පරිදි විකසනය කරන්නට හෝ ඒවා වෙළඳපොළේ හරි හැටි අලෙවි කරන්නට හෝ රජයට වැඩපිළිවෙලක් නැහැ. අක්‍රිය මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩාවලත් මේ වන විට වී ගබඩා කරලා.  දැන් රජය තේ වෙළඳපොළට මැදිහත් වෙන්න සලකා බලමින් ඉන්නවා. රජය තේ මිළ දී අරගෙන මොනවා කරන්න ද? ඒවා ගබඩා කර තබාගෙන වී වගේ පසුව විනාශ කර දමාවි.  ගොවීන්ගේ අස්වනුවලට මිළක් නැති වීමේ ප්‍ර‍

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ ගැන ඔබ අවදියෙන් ද?

Image
රටත්, ජනතාවත් රාජ්‍ය විරෝධී හා ජනතා විරෝධී කුමන්ත්‍රණ පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. ඒ ගැන රජය හෝ ආණ්ඩුව අවදියෙන් සිටින්නේ යයි නො සිතිය යුතු ය. මේ රටේ දේශපාලනය හා දේශපාලකයන් ඉදිරිගාමී ජනතා ක්‍රියාකාරිත්වයන්ට ගව් ගණනක් පසුපසින් සිටින බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත.  මේ ලියන මා ඇතුළු බොහෝ දෙනෙක් පසුගිය ජනවාරියේ ඇරඹී අගෝස්තුවේදී තරමක් දුරට ස්ථාවර වූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය වෙනුවෙන් කොන්දේසි විරහිතව දායක වූයෙමු. අප එය කරද්දී අප එසේ කරන්නේ තාන්න, මාන්න, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් යයි කියූ පෙරටුගාමීන් යයි සිතාගෙන සිටින  උඩඟු   විප්ලවවාදීන්ට අපට කීමට තිබෙන්නේ අපි 2004දී ඔබ ඇතුළු ජවිපෙ කළ කී දෙයින් පාඩම් උගත් පිරිසක් බවයි.  ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂගේ පසුගාමී ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා උපයෝගී කර ගත හැකිව තිබුණු දේශපාලන විකාරකාරයන් පිරිස කළමනාකරණය කරගන්නට මේ රටේ ජනතාව සමත් වූ හ. ඇතැම් අතිවාම විකාරකාරයන් කළමනාකරණය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය විසින් නොව හිටපු මහරජාගේ ප්‍රතිගාමී වැඩසටහනෙන් බව මතක් කර දෙන්නට කැමැත්තෙමු.  අප විසින් බලයට පත් කරන ලද ආණ්ඩුවෙන් අරක වුණා ද මේක වුණාදැයි

උසාවිවල නඩුකාර හාමුදුරුවරු ඉදිරිපිට ම අල්ලස් ගන්නා රටක්

Image
දිල්රුක්ෂි වික්‍රමසිංහ රේගු නිලධාරි රැකියාව කියන්නේ සමහර විට රජයේ සේවයේ සාමාන්‍ය සුදුසුකම් මත ලබා ගන්න පුළුවන් වැඩි ම වැටුප් ලැබෙන රැකියාව වෙන්න ඇති.  රේගු නිලධාරියකු වෙන්න මූලික වශයෙන් අවශ්‍ය වන්නේ කිසියම් උපාධියක් සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය සමත් වීමයි. මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන ආකාරයට නම් වැටුපත් ඒ තරම් ලොකු එකක් නෙමෙයි.  ඒ කොයි හැටි වෙතත්, රේගු නිලධාරියෙකු වෙනවා කියන්නේ පංතියක් ඉහළට පනින්න ලැබෙන අවස්ථාවක්. මෙවැනි අවස්ථා තහවුරු කරන වෙනත් වෘත්තීන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය, නීතිඥ වැනි වෘත්තීන් අතළොස්සක් පමණයි.  මේ පංති පිම්ම පිටුපස තිබෙන්නේ ආනයන, අපනයන, ආගමන, විගමන කටයුතුවලදී රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන වැදගත් කාර්යභාරයක් වෙනුවෙන් ලැබෙන සාධාරණ දිරිගැන්වීමක් නම් ඒ ගැන කවුරුවත් ඉරිසියා කළ යුතු නැහැ.  ඒත්, මේ පසුපස තිබෙන්නේ රටට හෙරොයින්, එතනෝල්, විෂ රසායනික ඇතුළු අහිතකර දේ ගෙන එන්නට ඉඩ දීමෙන් ලබා ගන්නා අයුතු ලාභ නම්, එතැන තිබෙන්නේ බරපතල ප්‍රශ්නයක්.  පසුගිය දිනවල අධිකරණය වෙලේ සුදා එල්ලා මරන්නට තීන්දු කළා. එහෙත්, වෙලේ සුදා එක්ක එකතු වී බිස්න

මේ චන්ඩි බලු වෙන සමය ද?

Image
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

රස වෑහෙන කොළඹ නව රථ වාහන ගමනාගමන සැලැස්ම

Image
හයිලෙවල් පාරේ හා බත්තරමුල්ල හරහා නව රථ වාහන ධාවන සැලැස්ම අත්හදා බැලුවෙමි.  කොට්ටාව සිට හයිලෙවල් පාරේ තුන්මුල්ල හන්දියට ශීඝ්‍ර‍ගාමී බසයෙන් යාමට ගත වූ වේලාව පැය 1යි විනාඩි 50යි. වෙනදාට වඩා වඩා විනාඩි 25කින් වැඩි විය. (සඳුදා උදේ 7 සිට) කොට්ටාව සිට බත්තරමුල්ල හරහා බොරැල්ලට ශීඝ්‍ර‍ගාමී බසයෙන් යාමට ගත වූ කාලය පැය එකහමාරකි. (බ්‍ර‍ස්පතින්දා උදේ 7.30 සිට) වෙනදා මේ පාරේ මෙම දුර බසයකින් ගොස් නැත. බත්තරමුල්ල හන්දියේ සිට පාර්ලිමේන්තු වටරවුම දක්වා ගමන් කිරීමට පැය භාගයක් පමණ ගත විය.   නව රථවාහන ධාවන සැලැස්ම ගැන ඔබගේ අදහස් දක්වන්න.  කොළඹ නගරයේ රථවාහන ගමනාගමනය පිළිබඳ ඉතා රසවත් තොරතුරු ටිකක් කියන්න වෙබ් අඩවියේ පළ වූ  මෙම සබඳතා පුරුකෙහි ඇති ලිපියෙහි  (kiyanna.lk) සඳහන් වේ. එය කියවන්න.  එහි සඳහන් වන වාහන තදබදය අවම කිරීම සඳහා යෝජිත ක්‍රියාමාර්ග අතර බස් රැපිඩ් ට්‍රාන්සිට් ක්‍ර‍මයක් තිබෙනවා. මහාමාර්ගය මැද වෙන ම බස් මාර්ගයක් සකසන ක්‍ර‍මවේදයක් වන එය මගේ සිත් ගත්තා. බේස්ලයින් පාර වැනි පුළුල් මාර්ගවල මෙය දැනටත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. බස් මාර්ගය වෙනම තිබෙන නිසා එහි වාහන තදබදය අවමයි. පහත පළ වෙන

නීතිය ඉදිරියේ සියල්ලෝ සමාන ය; සමහරු වැඩිපුර සමාන ය

Image
නීතිය ඉදිරියේ සමහරුන් වැඩිපුර සමාන වන ආකාරය ගැන නිදසුන් මේ දිනවල ඕනෑ තරම් ය. සිද්ධි කීපයක් මෙසේ ය:  පසුගිය වසර නවයක කාලය තුළ සිදු වූ බොහෝ වැරදි සම්බන්ධයෙන් වගකිව යුත්තා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව නිසි පරීක්ෂණයක් හෝ සිදු වන්නේ නැත.  ඔහුගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිනුම සම්බන්ධයෙන් වංචනිකව කටයුතු කර තිබේ. ඒ පිළිබඳ ප්‍ර‍කාශයක් ලබා ගැනීමට පොලිසිය යන්නේ ඇයට අවශ්‍ය තැනටයි.  නාමල් රාජපක්ෂ නීතිඥයකු ලෙස සුදුසුකම් ලබා ගත් ආකාරය ගැන චෝදනා රැසක් තිබේ. එයට අමතරව බලය වැරදි අන්දමින් භාවිතා කිරීම ගැන ද ඔහුට එරෙහිව චෝදනා නැගේ. පරීක්ෂණ නැත.  යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුණු ආකාරය, විදේශ පුහුණුවීම් ලබා ගත් ආකාරය, නාවික හමුදාවේ සිටිමින් දේශපාලනය හා ව්‍යාපාර කළ ආකාරය ගැන පරීක්ෂණවලින් ගත් පියවරක් නැත.  ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස් වැනි අය ඔවුන්ට එරෙහි බරපතල චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට සමත් වී සිටිති. දේශපාලන බලය නොමැතිව පවා පරීක්ෂණවලට බලපෑම් කිරීමේ හැකියාව ඔහුට තිබේ.  ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට රජයේ මුදල් රු. 60 කෝටියක් වංචනිකව මහින්ද රාජපක්ෂගේ දේශපා

පහර දිය යුත්තේ බොන්නට වතුර ඉල්ලූ ජනතාවට ද?

Image
හම්බන්තොට බඳගිරියේ ජනතාව බොන්නට වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ හ. එහිදී පහර දීම් හා අත්අඩංගුවට ගැනීම් ද සිදු වී තිබේ. ජනතා ප්‍ර‍ශ්න විසඳාගැනීම සඳහා සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය ජනතාවට තිබේ.  ශුෂ්ක ප්‍රදේශයක පිහිටි බඳගිරියට උග්‍ර‍ පානීය ජල ගැටලුවක් තිබේ. පසුගිය මාර්තු 21දා ඇමති සජිත් ප්‍රේමදාස බඳගිරියේ හා බරවාකුඹුරේ ජනතාව හමු වී මෙම ප්‍ර‍දේශයේ පානීය ජල ප්‍ර‍ශ්නය විසඳීම පිළිබඳ සාකච්ඡා කළේ ය. එපමණක් නොව, ඒ වෙනුවෙන් රු. මිලියන 400ක් වෙන් කර තිබෙන බව ද පැවසුවේ ය. ජනතාව උද්ඝෝෂණය කරන්නට ඇත්තේ විසඳුම් පමා වන නිසා ය.  පිරිසිදු පානීය ජලය ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයකි. එය ලබා ගැනීමේ අයිතියක් ජනතාවට තිබේ. 2012 වසර අවසන් වන විට පිරිසිදු පානීය ජලය පාවිච්චි කරනු පිරිස ජනගහනයෙන් 87.7%ක් පමණ වෙනවා. මේ රටේ ජනගහනයෙන් 41%ක් තවමත් තම පානීය ජල අවශ්‍යතාවයන් සපුරා ගන්නේ ළිං, අත්පොම්ප, නළ ළිං, වැනි ජල මුලාශ්‍ර මඟින්. ( දිනමිණ 2014 - 02 - 27 ) ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 10%කටවත් තවමත් පිරිසිදු පානීය ජලය වෙත ප්‍රවේශය නැත. මේ අතර විෂ රසායනික ආදිය හේතුවෙන් භූගත ජලය දූෂණය වීම ද ඉහළ යමින් තිබේ. හම්බන්තොට දිස්ත්‍රි

සියලු ගොවීන්ගේ නිෂ්පාදන මිළ දී ගන්නට රජයට පුළුවන් ද?

Image
මා ජීවත් වන ගම් ප්‍රදේශයේ තේ ගොවීන් හෙවත් කුඩා තේ වතු හිමියන් අමු තේ දළු මිළ පහළ යාම නිසා දැඩි ලෙස දුෂ්කරතාවට පත්ව සිටිති.  වතු වගාව හා කුඩා තේ වතු ආශ්‍රිතව තේ කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගන්නා ජනගහණය රටේ මුළු ජනගහණයෙන් 10%ක් පමණ වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ප්‍රශ්නය සුළුපටු ප්‍රශ්නයක් ලෙස සලකන්න බැහැ. ගිය අවුරුද්දේ අවසානභාගය වන විට කිලෝවක් රු. 80ක් පමණ වූ අමු තේ දළු මිළ දැන් කිලෝවක් රු. 50ක් විතර වෙන්නට බැහැලා. රජය මාස කීපයක් කුඩා තේ වතු හිමියන්ට සහනාධාරයක් දුන්නත් දැන් එය නවතා දමලා.  ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ මිළ දී ගන්නන් වන ඉරානය ඇතුළු මැද පෙරදිග කලාපයේත්, රුසියාවේත් පවතින කලබලකාරී තත්වය නිසා තමයි තේ සඳහා ඉල්ලුම අඩු වී තිබෙන්නේ. තේ කර්මාන්තය ඇති වැදගත්කම ගැන ජන ජීවිතයට සම්බන්ධ දත්ත රැසක් සහිත ලිපියක් මෙතැනින් කියවන්න.  රබර් වගාවේ තත්වයත් එයමයි. තෙල් මිළ පහළ යාම හා කෘත්‍රිම රබර් මිළ ඉහළ යාම නිසා රබර් සඳහා ඉල්ලුම අඩු වෙලා. ඒ නිසා රබර් කර්මාන්තයත් හාන්සි.  අද දිවයින පුවත්පතේ පළ වන වාර්තාවකට අනුව වෙළඳපොළේ මුං මිළ අඩු වීම නිසා මුං ගොවීනුත් දුකට පත් වෙලා.  වී ගොවීන් ද වී මිළ පිළිබඳ ත