සිරාගෙ කාමරේ ලියන සිරා කොලුවා එක්ක දාපු සිරා චැටක්

මේ චැට දැම්මෙ මට මතක විධියට ජනාධිපතිවරණෙටත් කලින්. මම ඒ වෙලාවෙ කිව්වා මම ඒ අදහස් ටික පළ කරනවා කියලා. ඒත් ඒක සංස්කරණය කරලා පළ කරන්න බැරි වුණා. ඡන්ද කලබල නිසා. මෙතන අපි කතා කළ ඇතැම් දේ විතරයි කපලා දැම්මෙ.

සිරාගෙ කාමරේට මෙතනින් පාර >>>>

ලොකු අයියා

Hello

සිරාගෙ කාමරේ ලියන සිරා කොලුවා

ඔව් මල්ලි

ඔයාගෙ ලිපි මම කියවනවා නිතර. කමෙන්ට් කරන්නෙ නම් කලාතුරකින්

ස්තුතියි

නමුත් ඉස්සර තිබුන සුන්දරත්වය බ්ල‍ොග් වල දැන් නෑ. වල් පල් තමයි වැඩි

කොයි දේ වුණත් කලක් යනකොට එළිය අඩු වෙනවා.

ඒක ඇත්ත

තමන්ගේ දේ ආරක්ෂා කරගෙන ඉදිරියට යන එක තමයි හොඳ

ඔව්

රැළිවලට අහු නොවී

මම මගේ ගමනක් හැමදාම ගියෙ. ඒක තමයි වෙන්න ඕනැ. මම අද ගොඩාක් ලගින් ආශ්‍රය කරන්නෙ ඉස්කෝලෙ යාලුවො නෙමෙයි. බ්ලොග් එකෙන් සෙට් වෙච්ච අය

ඔයා ඉන්නෙ කොහේද?

මැලේසියා

මං හිතුවා

ඒ මොකෝ

ලියූ දේවලින් හා ෆොටෝවලින්

මේ රට ගැන ගොඩාක් දේ ලියන්න තියෙනවා. මම තවම ලියලා නෑ. අපි මෙහෙ විදින පහසුකම් ඇයි අපේ මිනිස්සුන්ට දෙන්න බැරි කියලා දහස් වර හිතෙනවා. කිසිම තැනක දුම්රිය කාලසටහන් නෑ. විනාඩි 5 න් 5 ට කෝච්චි. පොදු ප්‍රවාහන සේවා / මාර්ග පද්ධතිය උපරිම කාර්යක්ෂමයි.

ලංකාව දූපතක් වීම හා වැඩි දෙනෙකුට ලෝකය දකින්නට බැරි වීම මේ ප්‍රශ්න බොහොමයකට හේතුව.

ඇත්ත. දූපත් මානසිකත්වය තමයි ප්‍රධානම හේතුව. අපේ රටේ කාන්තාව ඉදිරියට ගත්තා නම් අපේ ඵලදායිතාව වැඩි කරලා නිෂ්පාදනය වැඩි කරන්න පුලුවන්

ඔව්

රට ඉස්සරහට එනවා ගොඩාක්. මැලේසියාව කාන්තාවගෙන් උපරිම වැඩ ගන්නවා. මෙහෙ පිරිමි කම්මැලියි. මැලේ උන්. කෝච්චි/ බස් / ලොරි හැම එකම එලවනවා මැලේ ගෑනු. පාරෙ වාහන 10 ක් ගියොත් 6 ක් පදින්නෙ ගෑණු. පිරිමියා ඉස්සරහා අනිත් පැත්තෙ ඉදගෙන යනවා. රජයේ සේවයේ ඉන්න බහුතරය ගෑණු.

මේ කාන්තාව ඉදිරියට ගැනීමෙන් ආර්ථිකය දියුණු කළ හැකි ය කියන සංකල්පය ගැන ලිපියක් ලියන්න. ඒක ඉතා හොඳ පොයින්ට් එකක්

මෙයාලා අධ්‍යාපනය අතින් අපි තරම් කොලිටි නෑ. අපේ උන් පට්ට දක්ෂයි. ඒත් නිවැරදි දේශපාලන නායකත්වයක් නෑ. අපිට හැකි උනේ ගෑණු වැඩකාරකමට රට යවන්න විතරයි. පොඩි කෙල්ලො කෝච්චි එලවනවා මෙහෙ. රජය කැමතියි ගෑණු වැඩට ගන්න. මොකද එයාලගෙ ඉල්ලීම් අරවා මේවා අඩුයි පිරිමියට සාපේක්ෂව. දිග තඩි බස් එලවනවා තනියම.සහායකයො නෑ මෙහෙ බස් වල. අපට ගහපු හෙනේ මේ ජාතිවාදය, යුද්ධය හා ඒකෙන් පෝෂණය වුණ දේශපාලනය. අපට හරි හමන් නායකත්වයක් කවදාවත් තිබුණෙ නැහැ.

අපිට සමගිය තිබුනෙ නෑ

තව දෙයක් අයියා, මැලේසියාව මුස්ලිම් බහුතරයක් ඉන්න රටක්. 54 % මුස්ලිම්. 32% චීන. 9% දෙමළ. මෙහෙ තේමාව එක මැලේසියාවක් කියන එක. ඒ කියන්නෙ හැමෝම එකා වගේ කියලා. නමුත් රජය හැම එකාටම එක වගේ සලකන්නෙ නෑ. මුස්ලිම් මිනිහා එක. චීනා දෙක. දෙමළ තුන. මේ අය බැංකු ණයක් ගන්න ගියත්...මේ තුන් විදිය එතන තියෙනවා. මැලේ මිනිහට ඉල්ලන ගානම ණයට දෙනවා. චීනට දෙමළට දෙන්නෙ අනුපාත. නමුත් මේ රටේ උන් සතුටින් ඉන්නවා. අපිට සමාන අයිතීන් ඕන‍ෙ. කියලා මරා ගන්න යන්නෙ නෑ. චීනා තමයි මැලේසියාව දියුණු කලේ. ආර්ථිකය හොඳ නම් මිනිස්සු වෙනස්කම් ඒ තරම් ගණන් ගන්නෙ නැහැ. රටේ ලොකුම සල්ලිකාරයො 10 ඇතුලෙ 6 ක් චීන, 1 දෙමළ මනුස්සයයි. ඒ ලංකාවෙ සම්භවය තියෙන ආනන්ද ක්‍රිෂ්ණන්. මම කියන්න හැදුවෙ මෙහෙම දෙයක්. මේ සංස්කෘතිය මාතෘ මූලික සමාජයක් කියලයි මට හිතෙන්නෙ. අම්මා තමයි පවුලෙ නාරටිය. අම්මා වටේට තමයි හැමෝම එකතු වෙලා තියෙන්නෙ. හැමෝම ලමයි 3 ගානෙ හදනවා. ගෑණියෙක්ට වයස 30 වෙද්දි තිදරු මවක්. 

ඔව්

කාන්තාවට උපරිම ගරු කරනවා. කවුරුවත් අනවශ්‍ය විහිලු කරන්නෙ නෑ කවදාවත්. අපි කෝච්චියක උනත් හැකි තරම් කාන්තාවන්ට ඉදගන්න ඉඩ දෙනවා. පිරිමි හිටගෙන යනවා. මම වතාවක් මැලේ වයසක ගෑණු කෙනෙක්ට මගේ සීට් එක දුන්නා කෝච්චියෙ. එයා මට තට්ටුවක් දාලා කියනවා...ඔයාව මම අගය කරනවා...ඒක ඔයාගෙ සීට් එක ඔයා ඉඳගන්න කියලා. කාන්තාවට ඉදිරියට එන්න ඉඩ දීලා තියෙනවා. එයා බස් එලෙව්වා කියලා කවුරුවත් වෙට්ටු දාන්නෙ නෑ. ඒක මානසිකත්වය අයියා. අපේ ගෑණු මීට වඩා දක්ෂයි. අපේ කුහක පිරිමි ගෑණිට මතුවෙන්න දෙන්නෙ නෑ. පවුල ඇතුලෙම හැකියාව මරනවා. ලිංගික කුහකකම. තමන්ට වඩා ගෑණි මතුවෙයි...ඒක මගේ පිරිමි කමට තර්ජනයක් කියලා. 

ඒක ඇත්ත

අන්න ඒ මානසිකත්වයෙන් අපි මිදිලා. කාන්තාවක් ශ්‍රම බලකායෙ අත්‍යවශ්‍ය සාධකයක් කලා නම් ලංකාව බලාන ඉද්දි දියුණු වෙනවා. අපේ සංස්කෘතික බැදීම් එක්කයි මේ මානසිකත්වය අපිට තියෙන්නෙ. මිදෙන්න අමාරුයි අධ්‍යාපනයෙන් තමයි ඒක වෙනස් කරන්න ඕන‍ෙ. 

දැනටත් ලංකාවෙ ආර්ථිකයෙ ප්‍රධාන කුළුන ගැහැනු තමයි. විදේශ රැකියා, ඇඟලුම්, වැවිලි ක්ෂේත්‍රවල කාන්තාව තමයි ජීවනාලිය

කාත්තාවට මම හරියට ගරු කරනවා. එයාලා ගොඩාක් කම්කටොළු විදිනවා ස්වභාවිකව. මිනිස්සු විදියට අපි මොනවද විදින්නෙ ජීව විද්‍යාත්මකව දුක කියලා දෙයක්. මාස 9 ක් දරුවෙක් බඩේ තියාන දුක් විදිනවා. බිහිකරලා කොච්චර දුක් විදිනවද. ඒ හැමදේමත් කරලා ඒ අය ගෙදරට කීයක් හරි උපයලත් දෙනවා. මේ විදියට හැමෝම හිතුවා නම් අපේ කාන්තාව ඉදිරියට එනවා. පිරිමියා හා සමානව වැඩ කරනවා. රටේ නිෂ්පාදනය ඉහළ යනවා. කොරියාවෙ වගේ පැය 12 ෂිෆ්ට් දෙකක් දුවනවා.

අපි තව දේවලුත් කතා කළා. ඒත්, මේ ටික පළ කරන්න හිතුවෙ ඔහු නිකමට කතා කළ අදහස්වල තිබුණු වැදගත්කම නිසායි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිරා චැටක් තමා ඒකනම්

    ReplyDelete
  2. පැරාත් සිරා වැඩක් කරලානේ....

    ReplyDelete
  3. ප්‍රශ්ණේ වෙලා තියෙන්නෙ තමන්ගෙ ගෑණි ලඟ වල් වෙන පිරිමි නිසාවත් තමන්ගෙ මිනිහ ලඟ වල් වෙන ගෑණු නිසාවත් නවෙයි වෙන ගෑණු ලඟ වල් වෙන පිරිමි සහ වෙන පිරිමි ලඟ වල් වෙන ගෑණු නිසා.

    ReplyDelete
  4. සමාවෙන්න වැදි කමෙන්ට් එකක්

    ReplyDelete
  5. කොහොමටත් දැන් සිරාලා ගේ, පැරාලා ගේ කාලේ!
    මරාලා ගේ කාලේ ගියා.

    ReplyDelete
    Replies
    1. රසික,
      ඔයාගෙයි පැරාගෙයි බ්ලොග් දෙක කියවද්දී මට තේරුණ කාරණයක් තමයි ඔයා ඔයාගේ වර්තමාන සාර්ථකත්වයේ අඩිතාලම, ඔයාගේ පාසල් වියේදී ම දාගත්තු වග. පැරා නොකළෙත් ඒක ම යි. ඒ මදිවාට පැරාට කිසිම "කොමන් සෙන්ස්" එකක් තිබිලත් නැහැ. ඒ නිසා ම තමයි පැරාට එයාගේ මුල් තරුණ වියේ දී නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්න වුණේ. මට 100% ක් ෂුවර්, ඔය මැලේසියාවේ ඉන්නවයි කියන කාමරේ සිරාත් පැරා වගේ කේස් එකක්.

      Delete
    2. පැරාට ඔය ඉන්න තරමට හරි අඩිතාලම දාල දුන්නේ රනිල්.
      ආණ්ඩුවේ බෝඩිමේ තියාගෙන තමයි ගුරුකමක් කරන්න පුළුවන් තරමට හරි ඉගැන්නුවේ.
      එතකං කරේ මිනී මර මර ගම වටේ ඇවිදින එක.

      Delete
    3. pata pissu thadha wela. ada ganita muge pissu peththa denna bari wela

      Delete
  6. //අපේ ගෑණු මීට වඩා දක්ෂයි. අපේ කුහක පිරිමි ගෑණිට මතුවෙන්න දෙන්නෙ නෑ. පවුල ඇතුලෙම හැකියාව මරනවා. ලිංගික කුහකකම. තමන්ට වඩා ගෑණි මතුවෙයි...ඒක මගේ පිරිමි කමට තර්ජනයක් කියලා.//
    මමනම් හිතන්නේ ලංකාවෙත් රජයේ සේවයේ ඇතුලු බොහෝ සේවා සපයන ස්ථානවල ඉන්න බහුතරයක් කාන්තාවන්. මම ගාව හරියටම සංඛ්‍යා ලේඛනනම් නැහැ. ඉදිකිරිම් කර්මාන්තයේ, සහ රියදුරන් විදිහට විතරයි මම හිතන්නේ කාන්තාවො අඩු. ඒ වගේම ලංකාවේ පිරිමි කාන්තවන්ව ගෙවල්වල හිර කරල හැකියාවන් වලට ඉඩ නොදි ඉන්නව අඩුයි.

    //රජය කැමතියි ගෑණු වැඩට ගන්න. මොකද එයාලගෙ ඉල්ලීම් අරවා මේවා අඩුයි පිරිමියට සාපේක්ෂව.//
    ලංකාවේදි සමහර වෙලාවට ලබා දෙන්නවෙන නිවාඩු සහ වැඩ කල හැකි කාලය පිලිබදව සලකල කාන්තාවන්ට දෙන ඉඩ අඩුයි.

    //අපට ගහපු හෙනේ මේ ජාතිවාදය, යුද්ධය හා ඒකෙන් පෝෂණය වුණ දේශපාලනය. අපට හරි හමන් නායකත්වයක් කවදාවත් තිබුණෙ නැහැ.//
    අපිට හරිහමන් නායකයෙක් හිටියෙ නැහැ හෝ දේශපාලනයක් තිබුනේ නැහැ නෙමෙයි. අපි දේශපාලනය කියල දෙයක් කලේම නැහැ. කාටහරි මොනව හරි ගන්න චන්දෙ දුන්න මිසක් ඒ වගේම වෙනසක් ඉල්ලපු මිනිස්සුන්ව අපි එකතුවෙලා පාරවල්වල ගිනි තියන්න උදවු කරල හොරුන්ට අපි බලය දුන්න ඕන දෙයක් කරගෙන ඉන්න.

    ReplyDelete
    Replies
    1. කුහක පිරිමි ගනුන්ට මතුවෙන්න දෙන්නේ නෑ නෙවෙයි යකෝ කුහක පිරිමි තමයි ඔය වගෙ පිරිමි ගති ඇති ගනුන්ව අදහන්නේ ඒ විතරක් නෙවෙයි කුහක පිරිමි තමයි එහෙම ගනුන්ව මතු කරල සමජයෙ මහ ලොකු පොරවල් වෙන්න යන්නෙ. හබයි උන්ට ඔයිල් මාරු කරගන්න ආතල් එකක් ගන්න ඕන උනහම යන්නෙ ලස්සන කෙල්ලො ඉන්න බඩු පොට් වලට. බයිල වඩක් නෑ ගනුන්ගෙ දක්ෂතා ගන කතා කරන්න කලින් පිරිමින්ගෙ නොහැකියවලුයි කම්මැලිකමුයි මෝඩකමුයි ගන කතා කරමු. එතකොට තේරෙයි ඒකෙම අනික් පැත්තට කුහක පිරිමින්ට අනුව දක්ෂ ගෑනු ඉදිරියට ඇවිත් ඉන්නේ කියලා.

      Delete
  7. ආණ්ඩුව බලයට ආවට පස්සෙ බැකප් එකට කාන්තා විමුක්ති ව්‍යාපාරය ගැන ලියන්න පැරාට ජැක් එකක් ඕනද
    ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන ලිපි ලියන්න රූකඩ පස්සෙ හැංගෙන්නෙ නැතිව. මේව මහ ගොන් පාට්නෙ. ඔයාගෙ බ්ලොග් එකේ අරමුණ හැමෝම දැන් දන්නව. බය නැතිව එජාප න්‍යාය පත්‍රයෙ දේවල් කතා කරන්න.
    දැන් සමාජවාදී ජීවන විලාසිතාව වෙනුවට එජාප ජීවන විලාසිතාවත් ආදේශ කර ගත්තනෙ.
    ඕක ලියන්න ඔච්චර තටමන්න ඕනද ?
    බාල වැඩ කරන්න එපා. ඔයා පොරක් කියල හිතන් ඉන්න මෝඩයො අප්සෙට් යයි .

    ReplyDelete
  8. මමත් සිරා එක්ක ටිකක්වෙලා කතා කලාම තේරුනා සිරා කියන්නේ සිරා පොරක් කියලා. (පැරා වගේ)

    ReplyDelete
    Replies
    1. ඔය කාමරේ සිරා පට්ට ජාතිවාදියෙක්.

      Delete
  9. /නමුත් රජය හැම එකාටම එක වගේ සලකන්නෙ නෑ. මුස්ලිම් මිනිහා එක. චීනා දෙක. දෙමළ තුන. මේ අය බැංකු ණයක් ගන්න ගියත්...මේ තුන් විදිය එතන තියෙනවා. මැලේ මිනිහට ඉල්ලන ගානම ණයට දෙනවා. චීනට දෙමළට දෙන්නෙ අනුපාත. නමුත් මේ රටේ උන් සතුටින් ඉන්නවා. අපිට සමාන අයිතීන් ඕන‍ෙ. කියලා මරා ගන්න යන්නෙ නෑ//
    මේ තත්වය එච්චර හොද දෙයක් නෙමේ... ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස්ස්, මාධ්‍ය බිදහස ගැන තියෙන තත්ව දර්ශකවල මැලේශියාව තොයෙන්නේ පහතින්....
    ලංකාවෙ සමහරුන්ටත් යුද්දෙන් පස්සෙ ඔනැ උනේ ජාතිවාදී මහ්තීර් මොහොමඩ් කෙනෙක්....

    නමුත් රටකට වදා සුදුසු නෙල්සන් මැන්ඩෙලා හා ලී ක්වාන් යූ පන්නයේ

    ReplyDelete
  10. රස්සාවෙන් අස්වෙලා ගෙදර වැඩ කරගෙන ළමයි බලාගෙන ඉන්න කැමති ගෑණු හොයන පිරිමි තවම ලංකාවෙ ඕන තරම් ඉන්නවා. මම දන්න මාගේ යාලුවො ගොඩක් ඉන්නවා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවල් කර කර ඉඳලා විවාහයෙන් පස්සෙ රස්සාවෙන් අස්වෙලා ගෙදර ඉන්න අය​. පොඩි කාලෙ ඉඳලා ඉගෙනගන්න මහන්සි වුනේ අපරාදේ කිය කියා ගෙවල් වලට වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට ඉගෙනගන්න මහන්සි වෙනවා ඇරෙන්න උයන්න පිහන්න ගෙදර වැඩක් කරන්න ඉගෙන ගන්නෙ නෑ. අන්තිමට කරන්නෙ වැඩට කවුරු හරි ගන්නවා එහෙම නැත්නම් බැන්ඳට පස්සෙ ඒව ඉගෙනගන්නවා.

    ReplyDelete
    Replies
    1. uyanna pihanna igena ganna eke waradak na. warada thiyenne ape oluwala. kanthawan gewal wala karana karyan agaya karanna tharam pitakondak me para wage ewunta wisheshayenma na.

      Delete
  11. කාළෙකට කලින් මැද පෙරදිග ගෑණු,වල් ගෑණූ කියලා හෙලා දැක්කෙත් මෙයාම තමයි.. සමහර විට දැන් වෙනස් වෙලා ඇති...

    ReplyDelete
    Replies
    1. ඔය කාමරේ සිරා පට්ට ජාතිවාදී පෝස්ට් පවා ලිව්වා එක කාලයකදී.

      Delete
    2. බොග දාන කෙල්ලන්ගෙන් ඇහුවා නම් කියයි.. සිරා කොච්චර සිරාද කියලා...

      Delete
    3. පැරණි ජාතිවාදී කතා මොකටද දැන් කියන්නේ. පැරා කියන විදියට සිරා දැන් හොඳයි.

      දැන් රනිලුත් හොඳයි කියන පැරා සිරා හොඳයි කිව්වම මොකද?

      Delete
    4. මං නම් මොකුත් කමෙන්ට් කරන්නේ නෑ මාතලන් ලස්සන චැට් එකක්,,, ඒ දේවල් කතාකරන හදවත් ඇතුලේ ගැහැනුන් වෙනුවෙන් ඒ තෙතමනය ඇත්තටම තියෙනවා නම් කොච්චර හොඳද...

      Delete
    5. ඒක තමයි නේද නංගි...මම හදලා දුන්න කවරෙද තවම බ්ලොග් එකේ තියෙන්නෙ ?

      Delete
    6. ඔව් ඒක ලස්සන නිසා මාරු කලේ නැහැ.

      Delete
    7. okane gaanuth ekka karanna bari...
      gaanu pirimi kiyapu gaman "thethamana " kathaa karanawaa

      Delete
  12. සිරාගෙ පෝස්ට්වල ලාවට නිකන් ජාති වාදයත් තියෙනවා කියලයි මටනම් හිතුනෙ

    ReplyDelete
    Replies
    1. ඔය කාමරේ සිරා පට්ට ජාතිවාදී පෝස්ට් පවා ලිව්වා එක කාලයකදී.

      Delete
    2. මම ජාතිවාදියෙක්...ඒක භය නැතුව ඕනෙ තැනක කියනවා...එදත් අදත් හෙටත් එහෙමයි.

      Delete
  13. ganu pirimi gana kathakaranna mehema ba ban. oya malesiyawa kiyanne eka ratak witharayi oya krameta giya ratawal walata wadi pawathmak na. ganunta ganu widihata inna nathi prashne thamayi oya ratawala thiyenne. Male ganu dhakshayi kiyala umba kiyanne mehe indagena. puluwannam umba ube ganiwath malesiya wage bas elawannayi serama wahana padhinnayi yawapan. ape rateth ehema unoth umba ube ganiwa ehema wenawata kamathida? nikam boru noliya hitapan. para ube gani ispirithaleka nurse kenek une ube wasanawata. bas elawana ganiyek unanam uba oyaganita kamathi wenawada nikam palayan buru kata nokiy. ape rate lokuma wasanawa pirimi karana hama dema karanna satan karana ganu nathi eka. ganunta ganu widihata inna dila e ayata garukaranna mehe wadi hariya dannawa. uba ugannanna ona na

    ReplyDelete
  14. I don't know what is the fact to inspire you so much with this chat..??

    I just want to remind you, we, as cyber users display a pretty different personality than the existing one.

    ReplyDelete
  15. // නමුත් ඉස්සර තිබුන සුන්දරත්වය බ්ල‍ොග් වල දැන් නෑ. වල් පල් තමයි වැඩි //

    හෙහ් හෙහ් !!!

    ReplyDelete
    Replies
    1. හිනා යනවා නේද පත්තරේ..

      Delete
    2. පත්තරයා මා එක්ක ඔයා ගැන කියපුවා ඔයා දන්නවා නම් තව හයියෙන් හිනා යයි නංගිට...

      Delete
    3. පැරකුම් උන්නැහේගේ මේ පෝස්ට් එකත් වල් පල් ගොඩට අයිති ගොන් තවත් පෝස්ට් එකක්. මැලේසියාවේ ගෑනු ගැන කියල නවතින්නේ නැතුව ඒ රටේ වැඩ බැරි ගොන් පිරිමි ගැනයි රටේ ආර්ථිකේ ඇරුනහම තියෙන අනික් ප්‍රශ්නයි ගැනත් ටිකක් හොයල බලන්නේ නැතුව ගෑනු පිරිමි කරන සේරම කරනව කියන එක විතරක් මහ ඉහලින් අරගෙන තමන්ගේ මැන්ටල් ලෝකේ අතරමං වෙලා දාපු පල් හෑල්ලක් මේ. පැරකුම් එක්ක චැට් කරන්න යන එවුන්ට පිස්සු හැදෙනව.

      Delete
  16. para yet another unsuccessful insane post. We cannot talk about women, gender and sexuality in this manner. This is for promoting feminism. Except that there is nothing inside your essay.

    ReplyDelete
  17. සිංහල බ්ලොග් අවකාශය තුල වැඩියෙන්ම කියවපු බ්ලොග් අඩවියට හිමිකම් කියන පැරා සිරා කොලුවා වගේ කෙනෙකුට තමන්ගෙ බ්ලොග් අඩවියේ මෙහෙම ඉඩක් වෙන් කරපු එක ගැන ඒ නිහතමානීත්වයට ස්තූතිවන්ත වෙනවා. සිරාව ආශ්‍රය කරපු, හමුවෙලා කථා කරපු අය මම කවුද කියන එක දන්නවා. නමුත් කිසි දිනෙක හමුවෙලා නැති මිනිස්සු කරන විවේචන දැක්කම හිනා යනවා. මෙතන මගේ ගුණ වයන සම හරක්ට, වෘත්තියෙන් ඩිසයිනරයෙක් වන මම, මගේ කාලය කැප කරලා විවිධ දේ නිර්මාණය කරලා දීලා තියෙනවා කිසිම අයකිරීමක් නැතුව. ඒ මතකය අමතක කරලා කථා කරන විදියෙන්ම පේනවනෙ මිනිස්සුන්ගෙ තියෙන කුහක කම.

    කාලයකට කලින් මේ වගේම සිරා සමග මූණු පොතේ කරපු සංවාදයක් යොදාගෙන බ්ලොග් ලියන, තමන් පොර කියලා හිතාන ඉන්න පිම්පියෙක් ලිපියක් සම්පාදනය කලා. ඊට පස්සෙ වටකරගෙන ගැහුවා..ඒත් සිරා තවමත් ලියනවා. බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියනවනෙ පැරා....පැරාට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ඔන්න වස්සා "උම්බෑ" කිව්වා!

      Delete
    2. hah hah ha ! Lole LoL !

      Delete
  18. ane ban paro meka lankawa umba malesiyawa adahanne ganunta pirimi karana hama magulakma karann ida thiyena nisada. umbath malasiyawe thamayi ipadenna thibune. ethakota ehe wahana padina pirimi karana serama karana pirimiyek wage ganiyekwath umbata kasada bandagena umbe pragathishili bawa pennagannath thibuna. aparade umba mehe ipadune. ehenam malesiyawe pirimi wage ganunta okkoma wada baradila paththakata wela innath thibuna arthike dhiyunu wena hati balagena.

    ReplyDelete
  19. ""නමුත් රජය හැම එකාටම එක වගේ සලකන්නෙ නෑ. මුස්ලිම් මිනිහා එක. චීනා දෙක. දෙමළ තුන. මේ අය බැංකු ණයක් ගන්න ගියත්...මේ තුන් විදිය එතන තියෙනවා. මැලේ මිනිහට ඉල්ලන ගානම ණයට දෙනවා. චීනට දෙමළට දෙන්නෙ අනුපාත.""

    තනිකර අසාදාරනයි. පෑරාලා වගේ අයට හොද චාන්ස් එකක් ඔන්න.

    ""නමුත් මේ රටේ උන් සතුටින් ඉන්නවා. අපිට සමාන අයිතීන් ඕන‍ෙ. කියලා මරා ගන්න යන්නෙ නෑ""

    එහෙම බෑ නේද. මොනවා උනත් සමාන අයිතීන් තියෙන එක ශිෂ්ඨකම නේද.

    ReplyDelete
  20. මම 2001 සිට වසරකට අවම වශයෙන් 2 වතාවක් වත් මැලේසියාවට යන එන කෙනෙක්. මෙහි දක්වා ඇති සංවාදය ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් නම්, සිරා නමැත්තා ගහලා තියෙන්නේ පට්ට කෙබර. මැලේ ජාතික පිරිමි අය තරමක් කම්මැලි බව ඇත්ත, නමුත් ඒ පරණ පරම්පරාවේ අය. තරුණ මැලේ අය ඔය කියන තරම් කම්මැලි නෑ. අනික මැලේ ගෑනු බස්, ලොරි පදවනවා කියන එක පට්ට බොරුවක්. මැලේසියාවේ බස්, ලොරි, ටැක්සි යනාදී වාහනවල රියදුරු රස්සාව කරන්නේ වැඩිපුරම දෙමළ තරුණයෝ. සමහර පුද්ගලික කාර් පදවන්නේ මැලේ ගෑනු... ඒක ඉතින් හරියට ම ලංකාවේ වගේ තමයි. අද ලංකාවේ සිංහල, මුස්ලිම්, දෙමළ ගැහැනු කී දෙනෙක් පුද්ගලික කාර් පදවනවා ද? ගාලු පාර අයිනේ විනාඩි 30 ක් හිටගෙන ඉඳලා ගෑනු පදවන කාර් ගණන ගැන්නොත් ඕනෑම කෙනෙකුට පෙනෙයි අද ලංකාවේ කොච්චර ගැනු කාර් පදවනවාද කියලා. මැලේසියාවෙ මීට වඩා කාර් තියෙනවා වෙන්න පුළුවන් ගෑනු විසින් පදවා ගෙන යන. ඒත් ඒ මැලේසියාවේ කාර් ලංකාවට වඩා වැඩිපුර තියෙන නිසා.

    මැලේසියාවේ අධ්‍යාපනය ලංකාවේ තරම් කොලිටි නෑ කියන්නේ සිරා අධ්‍යාපනයක් නොලබපු කෙනෙක් නිසා වෙන්න පුළුවන්. අද ලංකාවෙන් කී දාහක් අවුරුද්දකට මැලේසියා යනවාද අධ්‍යාපනය ලබා ගන්න. ලෝකයේ ඉදිරියෙන් ම තිබෙන විශ්ව විද්‍යාලවල කීයක් නම් ශාඛා තියෙනවා ද මැලේසියාවේ... ලංකාවේ මොනවාද තියෙන විශ්ව විද්‍යාල? ලෝකයේ විශ්ව විද්‍යාල රැංකිංග්ස්වල හැටියට කොළඹ විශ්ව විද්‍යාලය තියෙන්නේ 2146 වන ස්ථානයේ. පේරාදෙණිය තියෙන්නේ 2479 වන ස්ථානයේ. අඩු ගණනේ හොඳ ම ආසියානු විශ්ව විද්‍යාල 100 අතරේ වත් නැහැ ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයයක්. මරු කොලිටිය!
    මැලේසියානු විශ්ව විද්‍යාල 5 ක් තියනවා හොඳම ආසියානු විශ්ව විද්‍යාල 100 අතරේ.

    /////අපේ උන් පට්ට දක්ෂයි. ඒත් නිවැරදි දේශපාලන නායකත්වයක් නෑ./////

    දක්ෂයෙකුට ආයේ මොනවටද දේශපාලන නායකත්වයක්? එහෙම එකෙක් දේශපාලන නායකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් එක්කෝ ඌ අදක්ෂයෙක් නැත්නම් හොරෙක්.

    ආනන්ද ක්‍රිෂ්ණන්ගේ දෙමව්පියෝ ලංකාවේ සිට මැලේසියාවට සංක්‍රමණය වෙච්ච අය. ආනන්ද ඉපදිලා තියෙන්නේ මැලේසියාවේ.

    මැලේසියාවේ හැමෝම සතුටින් ඉන්නවා කියන එක පිළිගන්න බැහැ. හැමෝම සතුටින් ඉන්න රටක් මේ ලෝකේ නැහැ. මැලේසියාවට යන ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක් තමයි ඒ ඒ ජනවර්ගවල අය මිශ්‍ර වෙන්නේ නැති එක. මැලේ අය යන්නේ සාමාන්‍යයෙන් මැලේ කඩේකට. චීන්නු යන්නේ චීන කඩවලට. දෙමළ අය යන්නේ දෙමළ කඩවලට. මේ ජාතීන් තුන එකට මුණ ගැහෙන්නේ උසස් අධ්‍යාපන ආයතනයක වගේ තැනක මිසක් අනිත් තැන්වල නෙවෙයි.

    මැලේසියාවත් ලංකාව වගේ වාර්ගික ගැටුමක් තිබුණු රටක්. ඒ 1948-1960 කාලයේදී. ඒ කාලය ඇතුළත 10,000 ක් විතර මැරුණා. 1969 දීත් විශාල වාර්ගික ගැටුමක් තිබුණා. ඒ රටේ තවමත් පවතින වාර්ගික නොඉවසුම් ගතිය ගැන දැන ගන්න මේ ලිපිය කියවන්න:

    http://www.ipcs.org/special-report/southeast-asia/malaysia-majority-supremacy-and-ethnic-tensions-134.html

    අනිත් පල්හැලි වලට උත්තර දෙන්න මම යන්නේ නෑ. ලංකාවේ ප්‍රශ්නය හැකියාවන්ගේ (skills) ඌනතාව යි. ඒක ගැනු පිරිමි දෙකටම පොදු යි. ලංකාවේ දැනට පවතින skills වලින් වටිනාකමෙන් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැහැ. දැන් අවුරුදු 40 ක පමණ කාලයේ සිට ලංකාවේ ආර්ථිකය වැඩි ම වශයෙන් උර දීලා ඉන්නේ කාන්තාවන්. එහෙම වෙලාත් සිරා ප්‍රාර්ථනය කරන ප්‍රතිඵලය ලැබිලා නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයා වසරකට දෙවතාවක් ඇවිත් අවුරුදු දෙක හමාරක් එක දිගට ඉන්න මා එක්ක තර්ක කරනවද ? උඹේ ඊ ලිපිනය දියං බස් ලොරි විතරක් නෙමෙයි...කෝච්චි එලවන වයස 26 ක විතර කෙල්ලන්ගෙත් පින්තූරයක් දෙකක් එවන්න. බස් පදවන්නෙ නම් කෙල්ලො නෙමෙයි...මොකද මෙහෙ බර වාහන ලැයිසොම ගන්න ගොඩාක් අමාරු නිසා...නමුත් ඉතාම තරුණ කතුන් දුම්රිය පදවන එක ඉතාම සුලභ දසුනක්. උඹට වසරකට දෙවතාවක් ඇවිත් මේවා දකින්න බෑ. එක දිගට මාසයක් වත් ඉදහං ඊලග වතාවෙ ආවම.

      හැමෝම සතුටින් ඉන්නවා කියලා කිසිම තැනක කියලා නෑ...අනිත් කාරණේ අධ්‍යාපනය. මෙහෙ හොඳම අධ්‍යාපනය ලබාගන්න මධ්‍යම පාන්තිකයෙකුට සෑහෙන්න අමාරුයි. ගෙවන මිළේ හැටියටයි අධ්‍යාපනයෙ කොලිටි එක තීරණය වෙන්නෙ. ලෝකෙ හොඳම විශ්ව විද්‍යාල මෙහෙ තියෙන බව ඇත්ත. ඒවට වැඩියෙන් ඇවිල්ලා තියෙන්නෙත් පිටරට සිසුන්..ඒ සිසුන් කන බොන වියදම් කරන මුදල් මැලේසියාවෙ ආදායමක්. මැලේසියාවෙ ධනවතුන්ගෙ දරුවන්ට පමණයි ඒවයෙ ඉගෙනගන්න පුලුවන්. අපි එක්ක වැඩ කරන මැලේ උන් හැමෝම වගේ උපාධි ගත්ත උන්..මෙහෙ උපාධිය කියන දේ බොහොම සුලභයි. නමුත් අපේ උපාධිධාරියෙකු සහ මේ ඉන්න උන් අතර ලොකු වෙනසක් තියෙනවා...මම ඒ ගැනයි කිව්වෙ...වැඩිපුරම කාර් පදවන්නෙ දෙමළ තරුණයො නෙමෙයි බං...චීන සහ මැලේ උන්...දෙමළ අය ඉන්නෙ මේ රටේ 9%....අවුරුද්දකට දෙපාරක් ඇවිත් බෑ බොල...ඊලග අවුරුද්දෙ ඉදන් 3 සැරයක් වත් වරෙන්...අවම මාසයක් වත් ඉඳලා බලහං...

      ලංකාවෙ උඹ කියන තරං කාන්තාවට නිදහස තියෙනවා නම් පාරකට බැහැලා බලහං කාන්තා රියදුරුවරියකට අපේ පිරිමි සලකන විදිය...උඹ කියන නිදහස ලංකාවෙ තියෙනවද කියලා එතනින්ම බලාගන්න පුලුවන්.

      Delete
    2. මේ ඇනෝ මෙතන අරින නයාගෙ තරම මේ ලින්කුව දිගේ ගියොත් කාට කාටත් වැටහේවි...
      http://www.thestar.com.my/News/Community/2014/03/14/Women-of-steel-RapidKLs-female-bus-drivers-meet-daily-challenges-headon/

      Delete
    3. රටක කොච්චර හොඳ දක්ෂයො හිටියත් රටේ නිවැරදි දේශපාලන නායකත්වයක් නැති නම් ඒ අයට තමන්ගෙ ක්ෂේත්‍ර තුල දියුණුවට යන්න බෑ කියන සරළ කාරණයවත් තේරුම් ගන්න බැරි තරම් අනුවනයෙක්ද මේ ඇනෝ..පහුගිය කාලෙ ලංකාවෙ බුද්ධිගලනයක් උනේ ඇයි කියලවත් හිතලා බලහංකො...උඹ ගොඩනගන්නෙ 5 පන්තියෙ තර්කනෙ.

      Delete
    4. පිරිමි කරන කරන දේ කරන්න යන ගෑනුන්ට සමාජයෙන් ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නෑ. ඒක ඉතින් මිනිස්සුන්ගේ වරද නෙවෙයි. ඔය පැරකුම්ල වගේ අය රටේ අනික් මිනිස්සුන්ව හදන්න කලින් පිරිමියෙක් වගේ ඔක්කොම් කරන ගෑනියෙකුත් එක්ක පවුල් කාල පෙන්නුවානම් හොඳයි. මැලේසියාවේවත් එහෙම අය ඉන්නවද දන්නේ නෑ.

      Delete
  21. පැරකුම් මාමේ වනිතා නැන්දා ඔයාගේ වයිෆ් නේද?

    ReplyDelete
  22. පිරිමි කරන හැම දේම කරන්න පුලුවන්ද කියන එකෙන් ගෑනුන්ගේ දක්ෂකම මනින එකේ පදනම මොකද්ද කියලා පොඩ්ඩක් කියන්නකො ඉස්සර වෙලා. මොකද ඔය මිනුම් දඬු වලත් සෑහෙන වැරදි තියෙන්න පුළුවන්නේ.

    ReplyDelete
  23. ලංකාවේ වැඩ බැරි ටාසන්ලා පිටරට මොකක් හරි ජොබ් කට්ටකට සෙට් වුණාට පස්සේ කරන්නේ එහේ ඉඳගෙන ලංකාව හදන එක. මේක බොහොමයක් ලාංකිකයන්ට තියෙන නිධන්ගත රෝගයක්. ඉතින් ඒ රෝගයේ අලුත්ම ලක්ෂණය තමයි ගෑනු පිරිමි කරන්න හදන එක.... ජේ.ආර්.ගේ විධායක ජනාධිපති ක්‍රමයටත් කරන්න බැරි වුණු වැඩක්!!!

    ReplyDelete
    Replies
    1. පැරකුම් ජයසිංහත් මේ වගේම නිධන්ගත රෝගයක් තියෙන එකෙක්. ඌ හැබැයි හීනෙන් තමයි පිටරට යන්නේ.

      Delete
  24. Para economy is not everything. If we try to grow the economy by eliminating gender based specifications for women to do everything what men are doing, it will cause to end up the human kind. Hypocrites cannot understand this. I am so sorry about that.

    ReplyDelete
  25. Both Para and Sira run very good blogs, though of different scopes and visions.

    What ever the rubbish most comments contain, I thank Para for publishing the conversation and agree with Sira about the core or what he had wanted to say and would like to add s few things from my own observations.

    Economy is run by Chinese, they are very active and competitive in nature and control most business entities and capitol.
    They are of rough mannered and show little respect to other people, specially to Sri Lankans, may be they think we too are from India.

    Malays are the most privileged and considered as ' Bhoomi Puthra" or sons (owners?) of land. They are lazy and slow moving but are heavily privileged by government. I would like to palace their mentality some what similar to that of Sri Lankan Sinhala people, more or less.

    Malays were the people most easy to start a conversation with. They never seemed to be in a hurry and had all the time on earth to explain about Malaysia, Mahatir Bin Mohammad and about Malay supremacy. They practically seemed to live in comport and peace of mind due to government subsidy and never hesitated to express that they are the owners of Malaysia. I think, Malays receive higher salaries for similar jobs too. They hold most of government jobs, specially higher positions, seemingly out of government priority. Most Police personnel seemed to be of this origin. Their education background does not look as good as that of Tamils.

    Mostly Tamils are engaged in Manual labor and hardworking jobs, they run quite a few business. But I think they are more educationally qualified and hold a large number of white collar jobs too. (You know, these type of people cannot be seen on the road frequently and hence cannot be judged easily by looking at general public at a given day or a location)

    Education wise, My ranking is Tamils, Malays and last Chinese. Most Malays and Chinese were not very conversant in English, whereas among Tamils it was good, as good as in Sri Lanka. ( Among Thailand, Malaysia and our beloved Sri Lanka, I will rank Sri Lanka, Thailand and Malaysia respectively according to the ability of general public to converse (firstly understand a simple question/ statement and then explain a simple thing)

    I agree with Sira about mother shouldering the burden of family, though not as prominent as in Thailand.

    About Ladies driving heavy vehicles or female professional drivers, I think it is Chinese ladies who drive public buses mostly and I have only seen one or two Malay Ladies. I may be wrong in this observation as at that time I did not try to differentiate between Chinese and Malays, what I observed was large number of female professional drivers driving large passenger buses. Howe veer, still the majority of bus drivers were males, as of nearly two years back.

    All the best Sira and Pars for nice and informative blogs.

    ReplyDelete
    Replies
    1. If male population can do all the hard work including driving heavy vehicles no need of women to do such things. Why women are doing such things like driving heavy vehicles even though men can do these things better than women. That is the problem we must discuss. I know from where the issue is beginning. It is feminism what based on gender hypocrisy. Hypocritical men are the toxic people, who are forcing the society to deem none feminine women as heroines. Remember Sri Lanka is not Malaysia, we respect real feminine women who can represent the femininity which is corresponding to masculinity of men. We consider that the balance between two gender specifications is most important than admiring non feminine women who are trying to imitate men.

      Delete
  26. ලිපියේ කතු තුමාගේ උත්සහය බටහිර කාන්තා විමුක්තිවාදය මතවාදීව අපේ සමාජයට ගලපන්න යන එක කියලා පැහැදිලියි. ඒත් ඒක කවදාවත් අපේ රටේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.මීට කලින් චන්ද්‍රිකා කුමාරතුන්ගත් මේ වැඩේ කරන්න උත්සහ කරා හරි ගියේ නෑ. ඒව පැත්තක තිබුනාවේ මේ චැට් එකේ වැදගැම්මක් නැතිකම වගේම එහි අන්තර්ගත වෙලා තියෙන කුහකත්වය ගැන යමක් කියන්න ඕනේමයි. ලිංගිකත්වය ස්ත්‍රී පුරුෂ භාවය සමාජය ගැන මේ වගේ උඩක් පල්ලක් නැති ලිපි මගින් මේ විදිහටනම් කතා කරන්න බෑ. පැරකුම් සහෝදරයා මැලේසියාව ඇසුරෙන් කාන්තාවන් ගැනත් කාන්තාවන්ගේ දක්ෂතා ගැනත් කතා කරන්නේ ඒ ආශ්‍රිත තවත් බොහෝ කිව යුතු දේ අමතක කරමින්. පිරිමින් හා සම වීමට පිරිමි ලිංගිකත්වය පවා අනුකරනය කරමින් පිරිමින් කරන සේරම ජාති කිරීමට උත්සහ කරන කාන්තාවන් වීරත්වයට නැගීම කියන කුහක මානසිකත්වය මත පිහිටලා මේ චට් එක කරගෙන ගිහින් තියෙන්නේ. මිනිස් ලිංගිකත්වය ගැන කතා කිරීමේදී එහි මනෝවිද්‍යාත්මක සාධකය අමතක කර ඒ ගැන කතා කරන්න බෑ. මිනිස්සු කියන්නේ සත්තු නෙවෙයි. මිනිස්සුන්ගේ ස්ත්‍රී පුරුෂ ලෙස කායිකව විතරක් නෙවෙයි මනෝවිද්‍යාත්මක විභේදනයකුත් තියෙනවා. මේ විභේදනය එකිනෙකාගේ ලිංගික ක්‍රියාකාරීත්වය සමග කෙලින්ම බද්ධවී කාලයත් සමග පරිනාමයට ලක් වීතිබෙනවා. පැරකුම් සහෝදරයා මෙතනදී වැරදි කීපයක් කර තිබෙන බවක් පෙනෙනව. පිරිමින් කරන සියල්ල කරන කාන්තාවන් ගැන කතා කරද්දී එහි අනෙක් ස්වරූපය වන ගෑනුන් කරන සියල්ල කරන පිරිමින් ගැන කතා නොකර සිටීම ප්‍රශ්නයක්. කාන්තාවන්ගේ දක්ෂතා මැනපු ආකාරයට එහි අනෙක් අතට කාන්තාවන්ගේ දුර්වලතා පිරිමින්ගේ දක්ෂතා හා පිරිමින්ගේ දුර්වලතා ගැන පැරකුම් සහෝදරය සඳහන් කරල නෑ. මැලේසියාව උදාහරනයට ගනිමින් එහි ආර්ථික දියුණුවට කාන්තාවන්ට පිරිමින් හා සමව වැඩ කිරීමේ හැකියාව ඉවහල් වෙනව කියන්නේ ආර්ථිකය යන සාධකය පමණක් සලකලා. මැලේසියානු සමාජයේ පිරිමින් අනුකරනය කරන ගෑනු ගැන වගේම ගෑනු අනුකරනය කරන පිරිමි ගැන පැරකුම් කියන්නේ නෑ. මැලේසියානු සමාජයේ ලිංගික ව්‍යාකූලත්වයන් ගැන පැරකුම් දන්නවද? දැනගන්න උවමනාවක් නැතුව ඇති සමහර විට. ඒ ඔබ මාක්ස්වාදය සරන ගොස් ඇති නිසා. මැලේසියානු පිරිමින් වැඩි දෙනෙක් අලස වැඩ නොකර ඉන්නට කැමති පිරිසක් වෙද්දී කාන්තාවන් වැඩ කරනව තමයි. අනෙක ඔය පිරිමි කරන දේවල් කරන්න දඟලන ගෑනුන්ගේ ලිංගික අවශ්‍යතා පරකුම්ට කියනවද? මැලේසියානු සමාජය තුල පොදුවේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සමලිංගික ක්‍රියාකාරකම් දෙබිඩි ලිංගික හැසිරීම් ආදියේ කොපමණද කියල පැරකුම් දන්නවද? මැලේසියාවේ ගෑනු ආසාවල් තියෙන පිරිමි කීයක් පස්චාත් භාගය විකුනමින් පිරිමි ගණිකා ව්‍යාපාරය තුල ඉන්නවද කියල පොඩ්ඩක් හොයල බලන්න පුළුවන්ද? පිරිමි කරන දේ කරන දක්ෂතාවයෙන් අගතැන්පත් කාන්තාවන් කී දෙනෙක් ආප්ප සෙල්ලමට යොමු වෙලා තියෙනවද කියල කතා කරන්නත් වෙනවා. මේව සේරම මෙතන විස්තර කරන්න බෑ. පැරකුම් හන්ගගෙන කතා කරන ගොඩක් දේවල් තියෙනව අපට සාකච්චා කල යුතුම වෙන.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා