තවත්කොටදෙනියාවක් ඇති නො වීමට

කොටදෙනියාවේ සේයා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මහජන කෝපයක් ඇති වී තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස, නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස, මරණීය දණ්ඩනය යළි ඇති කරන ලෙස ඉල්ලා සිටින අය මෙන් ම, සැකකරුවා මරා දමන්නට තමන්ට භාර දෙන ලෙස ඉල්ලන අයුතු ජන රාශි ද, පසුගිය කාලයේ මෙන් ආයුධ පෙන්නන්නට එක්ක යන ලෙස ඉල්ලා සිටින අය ද සිටිති.

මෙම ඝාතනය පිළිබඳ සාකච්ඡා කරන අපගේ අවධානය මුලින් ම යොමු විය යුතු කාරණයක් වන්නේ මේ වන විට ජනමාධ්‍ය විසින් කරමින් සිටින්නේ කුමක් ද යන්නයි. අද වන විට පුවත්පත් ගණනාවක් ඝාතනය සම්බන්ධයෙන් මතු කර තිබෙන සැකයන් හා ඒ ඔස්සේ ජන මනස තුළ ගොඩනගන පූර්ව විනිශ්චයන් විසින් බරපතල ප්‍රශ්න ඇති කරමින් තිබේ. මෙවැනි කෘෘර ඝාතනයක් වාර්තා කිරීමේදී ජනමාධ්‍යවල වගකීම ගැන සංස්කාරකයන්ට අදහසක් තිබේ ද යන්න සැක සහිත ය.

සුපුරුදු ලෙස සමාජ මාධ්‍ය මෙම මිනීමැරුම වාර්තා කිරීමේදී හා එයට ප්‍රතිචාර දැක්වීමේදී කටයුතු කළේ අතිශය ම්ලේච්ඡ ආකාරයකට ය. දැරිය මරා දමා තිබුණු නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ බෙදා දීමෙන් ඔවුන් කළේ එම දැරිය නැවතත් ඝාතනය කිරීමයි.

මෙවැනි ඝාතනයක් සිදු වූ සැණින් සැමට ම මතක් වන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් මේවා මැඩලිය හැකි බවයි. නිල වශයෙන් නො වුණත්, පසුගිය කාලයේ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රියාත්මක වුණේ නඩු විභාගයකින් පවා තොරව සැකකරුවා කෘෘර ලෙස ඝාතනය කිරීමේ දණ්ඩන ක්‍රමයකි. එයින්වත් මෙවැනි අපරාධ අඩු වූයේ නැතිනම්, නිල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අවම වේ යයි සිතීම මුග්ධකමකි.

මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වන අයව සිර කර තැබීම සඳහා මහජන බදු මුදල් වැය කිරීම අපරාධයක් යයි සිතන අය ද සිටිති. මෙවැනි අපරාධ කරන අය බොහෝ දුරට ළමා කාමුකත්වය හෙවත් පෙඩොෆීලියා නම් මානසික රෝගයෙන් පෙළෙන්නන් විය හැකි ය. සමාජයට අනර්ථකාරී මෙවැනි මානසික රෝගීන් හා භයානක අපරාධකරුවන් සමාජයෙන් වෙන් කර තැබීම වෙනුවෙන් දරන්නට සිදු වන පිරිවැය ගැන අපි එතරම් ලෝභ විය යුතු නැත. අවශ්‍ය නම් සිරගෙවල්වල තිබෙන ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ක්‍රම සම්පාදනය කළ හැකි ය.

මරණීය දණ්ඩනය ගැන අපගේ මූලික විරෝධය වන්නේ පුද්ගලයින්ට මෙන් ම සමාජයට හෝ ආණ්ඩුව වැනි සමාජ සංවිධානයකට හෝ පවා මිනීමැරීමට අයිතියක් නැති බවයි. පුද්ගලයෙකු මිනීමරුවකු වූවා ය කියා මා අයිති වන සමාජය සමග මිනීමරුවකු වීමට මම කැමති නැත.

මෙවැනි අපරාධ වළක්වා ගැනීම ගැන සිතන  විට අපගේ අවධානය ලක් විය යුතු ප්‍රධාන ම අංශ හතර වන්නේ ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම, අධ්‍යාපනය හා ජනමාධ්‍යයි. 

ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කිරීම යන කාරණා ඍජුව ම රජයට අදාළ වන මුත්, අධ්‍යාපනය හා මාධ්‍ය සම්බන්ධ කටයුතු පිළිබඳ වැඩි වගකීමක් තිබෙන්නේ පුරවැසියන්ට ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙන්න මරණ දණ්ඩණයට පක්‍ෂව ලියවුණු ලිපියක් - චක්කරේ නම් බ්ලොගයෙන්

    http://chakhkare.blogspot.com/2015/09/rasikologist-vs-hanging.html

    ReplyDelete
  2. මෙවැනි ගැටලුකාරි තත්වයන් ඇතිවන විටදි මරණ දඩුවම ලබාදීම, ආයුධ පෙන්වීමට ගෙනයන ලෙස පොලිසියට පවසමින් විරයන් විමට සහ සුදනන් විමට උත්සහ කරන බොහෝ පිරිසක් සිටිති. මේ මතවාදයට සමාජයේ යම් ඉඩක් ලැබි ඇති අතර මාධ්‍ය මගින්ද මෙය සමාජගත කරමින් සිටියි.

    වැරදි කරනු ලබන පුද්ගලයන් නැවත සමාජගත කිරීමට හැකි ක්‍රමවේදයක් සකස්කිරීම පිලිබදව සහ ඒ වෙනුවෙන් යම් පිරිවැයක් දැරිමට සමාජයක් ලෙස අප සුදානම් වී නැත. අපරාධමය කරුණු සම්බන්ධව චොදනා ලබන පුද්ගලයන් සහ වැරදි කරුවන් පුනුරුත්තාපනය කිරීම සහ ඔවුන්ගේ ශ්‍රමය සමාජයට ඵලදායිවන ලෙස ලබා ගැනීම පිලිබදව සමාජ මතයක් නිර්මාණය කිරිමට අප සියලු දෙනාම අසමත්වී ඇත.

    ලාභය සහ තම පැවත්ම පමණක් අපෙක්ෂා කරන සමාජයක් සහ පාලකයන් විසින් තමන්ගේ පැවැත්මට සිමාවන තත්වය දක්වා පමණක් මෙවැනි ගැටලු වලදි කටයුතු කරන බැවින්ද පවතින තත්වයන් යහපත් කිරිම නිතී මගින් පමණක් සිදුකිරීම අපේක්ෂා කරන බැවින්ද හෙට දිනයෙදිද මෙවැනි අපරාධයන් සිදුවනු ඇත.

    මේ වෙනුවෙන් අප අනෙකාගේ ජිවිතය පිලිබදව සහ එහි වටිනාකම පිලිබදවන සමාජය ආකල්පමය වෙනසක් කිරීම සහ ඒ වෙනුවෙන් වැඩකරන සමාජයක් නිර්මාණය කල යුතුව ඇත.

    ReplyDelete
  3. පැරා,

    විනාදී කීපයකට පෙර මාතලන් බ්ලොග් එකේ දැමු සටහන මෙයටත් අදාළ බව වැටහුණි.
    http://maathalan.blogspot.com/2015/09/what-country.html

    අපේ රටේ මිනිසුන් (ගැහැණුන්ද ඇතුළුව ) හරිම බොලද විදියට තමයි සිතන්නේ. ශ්‍රී ලංකාවේ මරණ දඩුවම නීතිගත කිරීමට පෙර අපි ඉතා ස්වාදීන අපරාද පර්යේෂණ දෙපාර්තමේන්තුවක් ඇති කල යුතු වෙනවා ඊට අමතරව දියුණු Forensic science අංශයක් ඇති කලයුතු වෙනවා. ඒ වගේම අදිකරණ පද්දතිය දුෂිතයන් තොර තැනක් බවට පත්කලයුතු වෙනවා.
    මිට පසුවයි මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සිදුකල යුත්තේ,

    මතක තබාගන්න මෙයින් නැති කල හැක්කේ Pra Jay කියන විදියට //සැලසුම් සහගත හා චේතනාන්විත මිනීමැරුම්(කුලියට, චන්ඩිකමට හෝ මංකොල්ලකෑමට කරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂනය, හොරකම වගේ වෙන අපරාධයක සාක්කි නැතිකිරීමට කරන මිනීමැරුම්)// පමණයි

    අපරටේ මෙවැනි අපරදකරුවන් ගේ මනස වැඩකරන විදිය සහ ඔවුන් මෙවැනි දෙයට පෙලබුන හේතුව දැනගැනීම ඉතාම වැදගත්,
    ඇමරිකාවේ FBI ආයතනය පවත්වාගෙන යන Behavioral Science Unit (අපරදකරුවන්ගේ හැසිරීම විද්‍යාත්මකව විමර්ශනය කරන ආයතනය ) වැනි දියුණු එකක ඇතිකලයුතු වෙනවා.

    අප සිටින්නේ මෙතෙක් ලෝකය පැවති පරිසරයේ නෙමෙයි, ඉදිරියේ අපට මෙවැනි අබියෝග වලට මුහුණ දීමට සිදුවන්නේ දියුණු රටවල ඇති ආරක්ෂක පද්දතියකින් තොරවයි.

    මිනිසුන් හැටියට අප ලෝකය දෙස හැගීම්වලට වාසග නොවී බුද්ධිමත් ලෙස බැලීමට කාලය පැමිණ ඇත.

    ReplyDelete
  4. "What a Country !!!" උපුටා ගැනීම http://maathalan.blogspot.com/2015/09/what-country.html ගෙනි

    ReplyDelete
  5. සමහර රූපවාහිනී නාලිකා වලින් මහජනතාව ලවා මේ අපරාධයේ විත්තිකරු/කරුවන් ට එරෙහිව නඩු තීන්දු පවා ප්‍රකාශය පත් කළා. උලුප්ප උලුප්පා අර දරුවාගේ සිරුරේ ඡායාරූප පෙන්නුවා. සාහිත්‍යමය කාව්‍යමය ස්වරූපයෙන්, අනික් රූපවාහිනී නාලිකා සමග තම මාධ්‍ය නිරුවත වැඩිපුර පෙන්වීමේ තරගයක යෙදුනා.

    මේ මාධ්‍ය අම්බරුවන්ට වෙනම වැඩමුළු පවත්වා මාධ්‍ය සදාචාරය ඉගැන්විය යුතුයි. රටේ ජනතාවගෙන් සෑහෙන ප්‍රමාණයක් තුළ ඇති, වෛරී, පාපතර, හැඟීම් නැති කිරීමට සමාජයේ පහළ ස්ථර සහ පාසල් අධ්‍යාපනය තුළ, නව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙල යෙදිය යුතුයි. සෑම ආගමකම පූජ්‍ය පක්‍ෂය ලවා, මිනිසුන් දැනුම්වත් කර, නීතියට ගරු කරමින්, තම ම්ලේච්ඡ හැඟීම් එළිපිට ප්‍රකාශ කිරීම වැළක්විය යුතුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා