කෝක් ඉස් ඉට්!

අප කොකා කෝලා අර්බුදය ගැන කිසිවක් නො ලියන්නේ ඇයිදැයි අපේ පාඨකයෙක් අපෙන් විමසුවේ ය. දැන්වීම්වලින් යැපෙන ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය කොකා කෝලා විවේචනය නො කරන්නේ දැන්වීම් ආදායම අවම වේ ය යන බිය නිසා ය.

කොකා කෝලා සමාගමේ ඩීසල් කැලනි ගඟට කාන්දු වී කොළඹට සපයන පානීය ජලය අපවිත්‍ර වීම අතිශය භයානක නො සැලකිල්ලක ප්‍රකාශනයකි.

කොකා කෝලා යනු මිනිස් ජීවිතය ගැන කිසිදු සැලකිල්ලක් ඇති සමාගමක් නො වේ. එය වනාහි ඇමරිකානු මාදිලියේ, පාරිභෝජනවාදී, නිස්සාර ජීවිතයේ සංකේතයකි. ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය භාවිතා කර නිර්මානය කරනු ලබන කෘත්‍රිම අවශ්‍යතාවන් ඔස්සේ අධික ලෙස ලාභ ලැබීමේ කෘෘර ධනවාදයේ සංකේතයක් ලෙස ද කොකා කෝලා සැලකිය හැකි ය.

2011දී රිෆ්‍රෙෂ් ඔරේන්ජ් නම් පැණි බීම වර්ගයක් පානය කිරීම නිසා 11හැවිරිදි ගැහැනු ළමයකු මිය යාම හා ඇගේ මව බරපතල ලෙස රෝගාතුර වීම නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම බීම වර්ගය තහනම් කරන ලදී.

ළමයින් ඉලක්ක කර නිෂ්පාදනය කරනු ලබන සෞඛ්‍යයට අහිතකර පැණි බීම ගැටලුව මේ වසරේදී ද නැවත මතු විය.

පැණි බීම කොහොමත් සෞඛ්‍යයට අහිතකර ය. ඒවායේ අඩංගු වන්නේ ජලය, සීනි, සිට්‍රික් අම්ලය, කැෆේන්, කැරමල්, තෙල් වර්ග, රසකාරක, වර්ණක, කල් තබා ගැනීමේ රසායනික හා කාබන්ඩයොක්සයිඩ් ආදියයි. ඒවායේ නම් හා සම්බන්ධ දොඩම් වැනි පළතුරු අංශු මාත්‍රයක්වත් මෙම බීම වර්ගවල නැත.

සාමාන්‍යයෙන් මෙම බීම බෝතලය තුළ ඇති පානයෙහි වටිනාකම ඉතා අඩු ය. වැඩි වියදමක් යන්නේ බෝතලය, ලේබලය හා ප්‍රචාරණයටයි. ලාභයෙන් වැඩි ප්‍රමාණයක් මාධ්‍ය ආයතනවලට දැන්වීම් පළ කිරීමෙන් ලැබේ. ආණ්ඩුව ද බදු ලෙස සැලකිය යුතු ආදායමක් ලබා ගනියි.

මෙම බීම වර්ග පානය කිරීමට පුරුදු වීමෙන් අධික ලෙස සීනි ශරීරගත වී පෝෂණ හා සෞඛ්‍ය ගැටලු ඇති වේ. දියවැඩියාව වැනි රෝග තත්වයන් ව්‍යාප්ත වීමට පැණි බීම වර්ග සෑහෙන්න දායක වී තිබේ. ළමයින් මෙම පාන වර්ගවලට පුරුදු වීම බරපතල ප්‍රශ්නයකි.

මෙම බීම වර්ග සඳහා කරන ප්‍රචාරණයන් හරහා සංස්කෘතික ආක්‍රමණයක් ද සිදු වේ. එසේම, එමගින් අධි පාරිභෝජනවාදී ජීවන විලාසයක් ද ප්‍රවර්ධනය කරනු ලැබේ. 

කොකා කෝලා නම් බහු ජාතික සමාගමට ඇති විරෝධය තරගකාරී සමාගම්වලට වාසිදායක ය. එහෙයින් විරෝධය කොකා කෝලාවලට සීමා නො කර සමස්ත පැණි බීම කර්මාන්තයට ම එල්ල විය යුතු ය.

ලංකාවේ ජනයා 2009 වසරේදී පැණි බීම වර්ග ලීටර් මිලියන 62ක් පානය කළ බව කර්මාන්ත දන්ත අනුව ලංකා බිස්නස් ඔන්ලයින් වෙබ් අඩවිය පවසයි. එයින් වැඩි වෙළඳ පංගුවක් අත් පත් කර ගැනීමට කොකා කෝලා සමාගම සමත් වී ඇත. ජෝන් කීල්ස් සමාගමට අයත් එලිෆන්ට් හවුස් ද විශාල වෙළඳපොළක හිමිකරුවෙකි.

පැණි බීම පරිභෝජනය දැන් තවත් වැඩි වී තිබිය හැකි ය. කොකා කෝලාවල පමණක් නොව සමස්තයක් ලෙස ම පැණි බීමවල ඇති අහිතකාරභාවය පිළිබඳ සමාජය දැනුවත් කළ යුතු ය. 

එසේම, කර්මාන්තකරුවන් පරිසරය හා ජන ජීවිතය ගැන දක්වන නො සැලකිල්ල සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු ය. කොකා කෝලා සමාගමෙන් වන්දි අය කර ගැනීම පමණක් ප්‍රමාණවත් නො වේ. නො සැලකිල්ල සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ද කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. not only fizzy drinks most of powdered milk products are not healthy they have artificial chemicals leads to development of renal stones.When I was a medical student we did not have stones this much, now every day we get about 10 pts.
    Doctors do not tell pations since
    1 this becoming sick is a lucrative business
    2even if we tell them they do not want to believe
    In srilanka we have patients not poeple All the best u all are dying but u do not know

    ReplyDelete
  2. ඇමරිකානු මාදිලියේ පරිභෝජනවාදී ජීවිත නිස්සරනයි කියන්නෙ ඇයි පැරා... මේ වම්මු කියන ඔය ගොන් කතාව මට අල්ලන්නෙම නෑ...
    මම දැන් අවුරුදු ගනනක් ඉන්නේ නිව්යෝක් වල...
    ලංකාවේ බස්වල හිරවෙලා, තමන්ට ඔනෑ දෙය කරන්න බැරිව, තමන් කැමති පන්නයේ අද්‍යාපනයක් ලබාගන්න බැරිව තමන් කැමති තැනට ජීවිතයේ යන්න බැරිව, මිනිහෙකුට ඔනෑ ගෙයක්, වාහනයක්, සැපපහසු ජීවිතයක් ලබාගන්න දහදුක් විදින ලංකාවේ බහුතරයකගේ කාලකන්නි ජීවිතයට වඩා ඇමරිකාවේ මම ගතකරන පරිභෝජනවාදී 'නිස්සාරයි' කියන ජීවිතේ මට සියගුනයක් හොදයි...

    'පරිභෝජනවාදී' නොවුනනම් මිනිහ තවම අස්සකරත්ත පැදපැද ටයිප් රයිටරෙන් කොට කොට ඉදී..
    මේ කොකාකෝල කේස් එක වගේ ඒව (ශේප් වුනොත්) රටේ නීතියේ දුර්වලකම නිසා වෙන වැඩ. නැතිව පරිභෝජනවාදී මලඉලව්වක් නිස නෙමේ..
    දැන් චීනෙ වගේ රටක ඕක වුනානම් බලන්න තිබ්බ...

    ReplyDelete
    Replies
    1. අඩෝ, අපිට නැති සැප උඹට කොහෙන්ද ඩෝ? කොහෙද යකෝ උඹේ සමාජවාදේ? ලංකාවේ පඩත් සුවඳයි ඩෝ. සැබෑ ලාංකිකයෙක් නම් පොලිටික්කන්ට සැප දීලා දුක් විදින්න අපහු වරෙන් ඩෝ.

      Delete
    2. ඔබට පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තේරෙන්නේ නැහැ. පරිභෝජනය නරක දෙයක් නෙමෙයි. එය ඉතිහාසය පුරාම සිදු වී ඇති දෙයක්. පාරිභෝජනවාදය කියන්නේ පරිභෝජනය ජීවිතයේ ප්‍රමුඛ අරමුණ කර ගැනීමයි. භාණ්ඩ වන්දනාව එහි ප්‍රධාන ලක්ෂණයක්. වර්තමානයේදී මෙය කොකා කෝලාවලටත් වඩා හොඳින් නිරූපණය කරන්නේ ස්මාට් ජංගම දුරකථන විසිනුයි.

      ඇමරිකාවේ මිනිසුන් පරිභෝජනය කරන විධියට චීනයේ මිනිසුනුත් පරිභෝජනය කරන්නට ගියොත්, මුළු ලෝකයේ ම සම්පත් චීනයට මදි බව ඔබ දන්නවා ද?

      ඔබ වැනි අය ලංකාවෙන් ඇමරිකාවට ගිහින් එහි ජීවිතයේ පරිවාරයේ එල්ලීගෙන එයින් මත් වී ඒ ජීවිත වර්ණනා කළාට ඇමරිකානු මාදිලියේ පාරිභෝජනවාදී ජීවිතය වැඩිපුර ම විවේචනය කර තිබෙන්නේ ඇමරිකානු බුද්ධිමතුන් විසිනුයි.

      Delete
    3. ඒක වෙනම කතාවක් පැරා.. පරිභෝජනවාදය මූලික මිනිස් අයිතිවාසිකමක්..
      සම්පත් කියනදේ කොහොමත් සීමිතයි.. ඒකට කරන්න ඔනෑ ජනගහනය පාලනය කරගැනීම හා සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගතහැකි විදිහට තාක්ශනය දියුනුකරගැනීමයි. නැතිව මිනිස්සුන්ට පරිභෝජනයේ සීමා පැනවීම නෙමේ.

      දැන් ස්මාට්ෆෝන් ගත්තත් මීට අවුරුදු 5-6 කට කලින්ට වඩා ෆෝන්වල තිබුනට වඩා පහසුකම් නැතිද? මිල අඩු නැත්ද?
      ඇමරිකාවේ 'නෝම් චොම්ස්කි' වැනි වාමාංශික පිස්සන් බැන්නට ඒරට (හා වෙනත් ධනවාදී රටවල් ) දියුනුවීමේ රහස පරිභෝජනවාදයයි..
      දැන් චීනය මෙතරම් දියුනුවුනේ පරිභෝජනවාදී බටහිරට පින්සිද්දවෙන්න නෙමේද?

      Delete
    4. ලොකු අයියේ අයි බන් මේ ඇනෝ කොමෙන්ට් දාන්නෙ...එලියට ඇවිත් දාපන්කො බන් ....

      Delete
    5. ඇනොනිමස්, ඔබ තවමත් පරිභෝජනය හා පාරිභෝජනවාදය පටලවාගෙන. පාරිභෝජනවාදය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සලකන්න බැහැ. උදාහරණයක් හැටියට ඇමරිකානුවන්ට අයිතියක් නැහැ සල්ලි තිබුණා ය කියලා තමන් කැමති තරම් ඉන්ධන දහනය කරන්න. එයින් සිදු වන මිහිතලය උණුසුම් වීම ලෝකයට ම බලපානවා. කාබන් දහනය සීමා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පිළිබඳ සාකච්ඡා ඇති වී තිබෙන්නේ ඒ නිසායි. ඇමරිකා රජයත්, එරට පුරවැසියනුත් ඒ පිළබඳ උනන්දු වෙනවා.

      ලංකාව වගේ රටවලින් ඇමරිකාවට පැනල යන හිඟන්නෝ එහේ ගිහින් කොච්චර පිම්බෙනවා ද කියනවා නම්, ඔවුන්ට නෝම් චොම්ස්කි පිස්සකු ලෙස පෙනෙනවා.

      Delete
    6. දන්න රෙද්දක් කතාකරන්න පැරා... ඇමරිකාවේ (සහ වෙනත් දියුනු රටවල ) පරිසර දූශනය අවම කරන්නේ පරිභෝජනයට වැට බැදලා මිනිස්සුන්ට "මෙහම හිටපන්" කියල නියාමනය කරල නෙමේ... කලින් මම කීවා වගේ නාස්තිය අඩු කරලා සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය අරන්.. නැතිනම් අර පරිභෝජනයම න්‍යාශ්ටික ශක්තිය වගේ පාරිසරික දූශනය අඩු ක්‍රමවලින් ලබාගන්න පහසුකම් සලකලා...

      නෝම් චොම්ස්කි පිස්සෙක් නෙමේ ලෝකයේ ධනවාදී රටක සැපසේ ජීවත්වෙමින් මිනීමරු සමාජවාදී රෙජීමවල ලේ හෝදන්න දගලපු කපටි කුහකයෙක්..

      ප.ලි:
      කිසිදා පලවෙනි ලෝකයේ ජීවන මට්ටම අත්දැක නොමැති තුට්ටු දෙකෙ ආන්ඩුවේ පඩියට කඹුරන මතුගම හිගන්නෙක් මසකට ලන්කාවේ මුදලින් ලක්ෂ 8 ආසන්න වැටුපක් ලබන ලෝකයේ ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක සේවය කරන ලෝකයේ ඉහලම විෂ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ මට හිගන්නා කීම ගැන පුකෙන් හිනා

      Delete
    7. කෝටි ගණන්වලින් කතා කරන, ලොකු ලොකු විශ්ව විද්‍යාලවල උපාධි ගැනත් කියන, බැංකු ගැන කියන ඔබ වගේ කවුරුවත් නමක් ගමක් නො දන්න ඇනොනිමස් පිස්සෙක් මතුගම ටවුමෙත් ඉන්නවා, කිළිටි ඇඳගෙන, කුණු කකා. ඌත් නිතර පුක එළියෙ දාගෙන තමයි ඉන්නෙ. ඌත් කියනවා ලංකාවෙ මිනිස්සු දැක්කාම ඌට පුකෙන් හිනා කියලා.

      Delete
    8. අනෙක් ගුරුවරුන්ගේ ළමයි හොඳින් ඉගෙනගෙන ඉංජිනේරුවරු,දොස්තරවරු,ගණකාධිකාරීවරු,නීතීඥවරු,කථිකාචාර්යවරුන් වෙද්දී එම මග නොගෙන ස්වකීය මෑණියන්ගේ රැකියාව වුනු මෙන් ගුරු වෘත්තියම රැකියාව කරගත්, මරුටිය විකුණා ණයකුත් ගෙන ඇල්ටෝ එකක් පදිමින් පරිභෝජනවාදය පිළිකෙව් කරන අජිත් පැරකුම් ජයසිංහයන්ගේ සමාජවාදී ජීවිතය ගැන මට නම් හරිම ඉරිසියයි. පැරාගේ සාර්ථකත්වය දැකපු මගේ හිත කුහකකමෙන් පිරිලා මාව ඉරිසියාවෙන් පැලෙනවා.

      අජිත් පැරකුම් ජයසිංහ භංග වේවා!
      අජිත් පැරකුම් ජයසිංහට ලේක් හවුස් එකෙන් ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් ලැබේවා!
      අජිත් පැරකුම් ජයසිංහට බ්ලැක් ලේබල් බොන්න පුළුවන් තරමට පඩි වැඩිවේවා!
      ගල් අරක්කු බොමින් ඇල්ටෝ පදින පැරාගේ සමාජවාදී ජීවිතය බ්ලැක් ලේබල් සහ ඇක්සියෝ නිසා කෙලවේවා !

      Delete
    9. Learn basic ethics buddy. Do not throw stones from a glass house.

      Delete
    10. පැරා ඔයා මහින්ද එලවමි කියන හෙවනැල්ලට මුවා වෙලා යු.එන්.පි යට කඩේ යන කොට අර උඩින් කොමෙන්ට් කරන ඇමරිකන් අනෝ ගේ නරුම චින්තනයට තමයි කඩේ යන්නේ කියන එක ඒ දවස් වල තේරුනේ නැද්ද? ඔයාගේ මාළු ඔයාගේ ඇගේ තියල කපන කොට, ඔයා වගේ පුකේ වම්මුන්ට වෙලා තියෙන සැන්තැසිය දකින කොට, අනිච්චේ දුක්කේ කියල හිතෙනවා.

      පංතියට වැඩ කරන්න පැරා, ඔයා ලිබරල් ටෝක් දීලා, රාවයේ ලිපි ලිවුවට පංතිය වෙනස් වෙන්නේ නෑ නේ.මොන මුදියන්සේත් අන්තිමට කැරකිලා එන්නේ පංතිය ලඟට තමයි.

      Delete
    11. පැරා කිසිදා යූ ඇන් පී ය වෙනුවෙන් කඩේ ගියේ නැත.

      රනිල් ප්‍රමුඛ යූ ඇන් පී ය පැරා ලඟට දන ගාගෙන පැමිණ නිකම් බඩු ගන්න කී විට අවශ්‍ය දෙය මිලට ගත්තා පමණි.

      (මහින්ද එළවිය යුතු බව පැරා කී විට රනිල් එයට ඇහුම්කන්දී යූ ඇන් පී ආණ්ඩුවක් පිහිටවන ලදී.)

      Delete
    12. පංති ඇනෝ, මහින්ද එලවීම කියන හෙවනැල්ලට මුවා වෙලා යූඇන්පියට කඩේ නොගිය අය කළේ විප්ලවයට මුවා වෙලා මහින්දව ආරක්ෂා කරන එක බව මතක තියාගන්න.

      Delete
    13. පැරා අර උඩින් කියල තියෙන ඇනෝට අපහාස කලා මිසක් (උගේ අධ්‍යාපන සුදුසුකම් ඇත්තද බොරුද කියල කියන්න පැරාවත් මමවත් දන්නෙ නෑනෙ ) ඌට සාර්තක උත්තරයක් දීල නෑනෙ...
      ඒ හැසිරීමත් අර පැරා බනින ජෙප්පන්ගේ හැසිරීමට වෙනස් නෑනෙ..

      ඒ යකා ඇමරිකාව ගැන කියල තියෙන දේවල්නම් මම දන්නෙ නෑ, මම ඇමරිකවට ගිහිල්ල නැතිනිසා හැබැයි චොම්ස්කි ගැන කියල තියෙන දේ නම් හරි...

      චොම්ස්කිගේ අවුල් තැන් ගැන මෙතැනින් බලන්න..

      http://archive.frontpagemag.com/readArticle.aspx?ARTID=18389

      Delete
    14. මෙතන යමක් පළ කර තිබූ පලියට චොම්ස්කි පිස්සෙකු වන්නේ නැත. ඔහු ගැන නිශේධනීය දේ කියවා බලන්නට පෙර ඔහු දර්ශනය, වාග් විද්‍යාව, දේශපාලනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කර තිබෙන දායකත්වය ගැන සොයා බලන්න.

      ඔබ මෙම ලිපිය උපුටාගෙන තිබෙන ඩේවිඩ් හොරවිට්ස් නම් ප්‍රකට conservative ලේඛකයා කර්තෘත්වය දරන සඟරාවකින්. Southern Poverty Law Center විසින් 2008දී ඔහුගේ නමින් තිබෙන මධ්‍යස්ථානය වෛරී කටයුතු කරන කණ්ඩායමක් ලෙස නම් කළා.

      ඔබ පෙනී සිටින ඉහත ඇනෝට පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තේරෙන්නේ නැත.

      ඇනොනිමස් අදහස් පළ කරන්නන් වනාහි තමන්ගේ අදහස් ගැන වග නො කියන පිරිසකි. මම ඔවුන්ට පිළිතුරු දෙන්නේ මේවා කියවන අයට ඒ පිළිතුරුවලින් ප්‍රයෝජනයක් තිබේ නම් පමණි. ඔබ සම්බන්ධයෙන් ද මගේ ප්‍රතිපත්තිය එයයි.

      තමන්ගේ අදහස් ගැන වගකීමක් නැති මිනිස්සු අන්ත ප්‍රතිගාමියෝ ය.

      මා මෙම බ්ලොගයේ පළ කරන ලද අදහස් පිළිබඳ හැමදාමත් වගකියා ඇත්තෙමි. මගේ දේශපාලනය එයයි.

      පඳුරුවලට මුවා වී බුරන හැම බල්ලෙකුට ම ගල් ගසන්නට ගියොත් අපට ගමන යන්නට ලැබෙන්නේ නැත.

      Delete
    15. ඔබ ඔය උඩදාන southern poverty law centre කියන එකත් ඇමරිකාවේ සලකන්නේ වාමාංශික හා සුදු විරෝදී දේශපාලන මතයක් දරන ආයතනයක් විනා ස්වාධීන ආයතනයක් විදිහට නෙමේ...
      කොහොමත් කවදාවත් මිහිපිට සාර්තක නොවන සමාජවාදය නම් ඉලව්වෙන් ඔලුව කුරුවල් කරගත් කෙනෙකුට ඇරෙන්න චොම්ස්කි යනු කුහක කොමියුනිස්ට් වාදී බටහිර විරෝදියෙක් කියලා තේරෙනව...

      Delete
    16. අනික පැරා තමන්ට දිරවන්නැති මතයක් තියෙන මිනිස්සු 'හිගන්නන්','බුරන බල්ලන්','පිස්සන්' විදිහට ලේබල් කිරීම කූජිතයි නේද?

      Delete
  3. පැරා, මැදුම් පිළිවෙත අහලම නැද්ද?

    ReplyDelete
  4. මේක පරිභෝජනවාදය පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි පැරා. ලංකාවේ නීතියේ වල්වැදීම පිලිබඳ ප්‍රශ්නයක්. ඔය පරිභෝජනවාදයේ ඉහලින්ම ඉන්න ඇමෙරිකාව වගේ රටවල් පරිසරය දූෂණය කරන බහුජාතික සමාගම් වලට මිලියන ගණන් දඩ ගහලා තිබෙනවා, උදාහරණ ෂෙල් සමාගම.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව තමන්ගේ රටේදී එහෙම කළාට පිටරටවලදී ඒ රටවල පරිසරය ගැන සැලකිලිමත් නො වෙන බවට උදාහරණ ඕනැ තරම් තිබෙනවා. Freeport-Macmoran සමාගම ලෝකය පුරා කරන පාරිසරික හානිවලට එරෙහිව ඇමරිකාව කටයුතු කර තිබෙනවා ද?

      Delete
    2. ඇමරිකාවට පිටතින් වෙන පරිසර දූශන ගැන ක්‍රියාමාර්ග ගතයුත්තේ ඒ ඒ රටවල් විනා ඇමරිකාව නෙමේ නේද?
      මේවා ඇමරිකාවේ රජයේ සමාගම් නොවේනේ

      Delete
    3. @ Anonymous September 1, 2015 at 8:40 AM

      හරියට ම හරි, මචං... මේකට මම තව කාරනා දෙකක් එකතු කරන්නම්.

      (1) වාමාංශිකයන්ගේ එක චෝදනාවක් තමයි අමෙරිකාව වැනි දියුණු ආර්ථිකවල ආණ්ඩු ඒ රටවල සමාගම් දුප්පත් රටවල කරන අකටයුතුකම්වලට විරුද්ධව කිසි දෙයක් කරන්නේ නෑ කියන එක. ඒකට උත්තරය තමයි උඹ දීලා තියෙන්නේ. ඒ වාගේ අකටයුතුකම් කෙරෙනවා නම් ඒවාට විරුද්ධව ක්‍රියා කළ යුත්තේ ඒ අකටයුතුකම සිදු වුණු රටේ ආණ්ඩුව මිසක් ඒ සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති රටේ ආණ්ඩුව නෙවෙයි. කොළඹ එයිට්කන් ස්පෙන්ස් සමාගම, මතුගම ඒ අයගේ ඇඟලුම් කර්මාන්තශාලාවෙන් අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන්නේ නැත්නම් ඒකට විරුද්ධව ක්‍රියා කළ යුත්තේ මතුගම නගර සභාව මිසක් කොළඹ මහ නගර සභාව නෙවෙයි නේ...
      දැන් ඔය කියන අමෙරිකානු සමාගම් අමෙරිකාවේ ඒ අයගේ කර්මාන්තශාලා වහලා අඩු නිෂ්පාදන පිරිවැයක් ඉලක්ක කර ගෙන චීනයේ ඒ කර්මාන්තශාලා ම පිහිටුවනවා නම් අමෙරිකාවේ රැකියා කළ පිරිසට සිදු වන්නේ කුමක් ද? රැකියා විරහිතභාවයට පත් වීම යි. ඒ කියන්නේ, ඒ අයගේ රැකියා චීනුන් විසින් උදුරා ගත්තා කියන එකයි. ඉතින් තමුන්ගේ ම පුරවැසියන්ගේ රැකියා අහිමි කරන එවැනි "දේශප්‍රේමී නොවන" අමෙරිකානු සමාගම්වලට විරුද්ධව ක්‍රියා නොකරන අමෙරිකානු ආණ්ඩුව, ලංකාවේ කැලණි ගඟට ඩීසල් ටිකක් කලවම් වීම නිසා කොකා-කෝලා සමාගම මට්ටු කරයි ද? එසේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් පිස්සන්ට විතරයි.

      (2) අද ලෝකයේ අති මහා පරිමාණයෙන් පරිසරය දූෂණය කරන්නේ "අධිරාජ්‍යවාදී" අමෙරිකානු සමාගම් නොවෙයි. ඒක කරන්නේ චීන සමාගම් විසිනු යි. තමුන්ගේ ම රටේ ජලයට, පසට, වායුවට වස-විස එකතු කරන්නේ චීන්නු. වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අධික ලෙස ඉහළ දමන්නේ චීනය සහ ඉන්දියාව. එක්සත් ජාතීන්ගේ සංවිධානය වායු විමෝචන අවම කිරීමට ගෙන එන සම්මුතිවලට අකුල් හෙලන්නේ චීනය සහ ඉන්දියාව. මේ කාරණය වාමාංශිකයන්ගේ වරණීය අන්ධභාවය නිසා උන්ගේ මුඛවල් පූට්ටු වෙලා යි තියෙන්නේ.

      - මම ලංකාවේ ම ඉඳගෙන මගේ තුන්වන ඇසින් විශ්වය දෙස බලන තැනැත්තෙක්. -

      Delete
    4. ඇමරිකාව අවම වශයෙන් මොන්ට්‍රියල් පරිසර සම්මුතියටවත් අත්සන් කළේ නැති රටක්.
      ඇමරිකාවෙ කාබන් ෆුට් ප්‍රින්ට් එක මොන තරම් විශාලයිද? ඇමරිකාවෙ එවුන් පරිභෝජනය කරන්නෙ තව අවුරුදු සීයකින් උපදින්න ඉන්න එවුන්ට පරිභෝජනය කරන්න තියන දේවල්.

      මම ෂැන්ඩි වශයෙන්වත් කොකාකෝලා බොන්නෙ නැත්තෙ ඇමරිකාවට විරුද්ධ නිසා නෙවෙයි. කොකාකෝලා බීමෙන් ඇට දිරන බව, බොකු දිරන බව ඇස් පනා පිට ම පෙනෙන නිසයි. මං කොකාකෝලා පාවිච්චි කරන්නෙ මල බැඳිච්ච නිපල් එකක් සුද්ද කරගන්නව වගේ වැඩ වලඩ WD40 හරි බ්රේක් ඔයිල් හරි හොයාගන්න බැරි වුනොත් විතරයි.

      නාස්තිය අවම කරල ඒකට උත්තර හොයන්න ලැබෙන්නෙ නෑ. පරිභෝජනවාදය අත්හරිනවයි කියන්නෙ දුෂ්කර ක්‍රියා කරනව කියන එක නෙවෙයි. පාරිභෝජනවාදයේ සංකේතයක් බඳු කොකා කෝලා නොබී හිටියොත් බඩගින්නෙ මැරෙන්නෙ නෑනෙ.

      Delete
    5. ශනි, ඇමරිකාවේ විශාල කාබන් ෆුට්ප්‍රින්ට් එක පේන උඹට චීනයේ සහ ඉන්දියාවේ ඊටත් වඩා ලොකු කාබන් ෆුට්ප්‍රින්ට් එක වරණීය ලෙස පේන්නේ නැත්තේ උඹත් පුකේ වම්මෙක් නිසා.

      උඹ කොකා කෝලා බොන්නේ නැත්තන් නොබී හිටපං. ඒකෙන් කොකා කෝලා කොම්පැනිය වැහෙන්නේ නෑ. අපි නම් කොකා කෝලා බොනවා. උඹට ඒක නවත්තන්න බෑ. දානයක දී, පාටියක දී එහෙමත් නැත්නම් කෑමක දී වැඩිපුර තෙල් කෑම කැවුණොත්, ආමාශයේ අම්ල ගතිය සමනය කරන්න හොඳ ම බෙහෙත් තමයි කොකා කෝලා. COKE IS IT !!!

      Delete
    6. මම නම් මළ කාපු ඇණ මුරිච්චි ගලවන්න පාවිච්චි කරන්නේ ඉස්තරම් ම දේශීය නිෂ්පාදනයක් වන නෙක්ටෝ. හේතුව නෙක්ටෝ වල සීනි සහ වෙනත් හානිකර රසකාරක තියෙනවා කොකා-කෝලා වල තියෙනවාට වඩා දස ගුණයක් වැඩියෙන්.

      ගෑනු කට්ටියට නෙක්ටෝ, පෝටෙලෝ, ඔරෙන්ජ් බාර්ලි යනාදී ඉස්තරම් දේශීය නිෂ්පාදන බීලා ඇටකටු දිරවා ගෙන ඔස්ටියෝපොරෝසිස් හදා ගන්න පුළුවන්. කුඩා ළමුන්ට ඉතා පහසුවෙන් මේ දේශීය බීම බීලා බොකු දිරවා ගන්න පුළුවන්. හේතුව මම ඔය උඩ කියලා තියන දේ ම යි. ඔය "දේශප්‍රේමී" බීමවල සීනි සහ වෙනත් හානිකර රසකාරක මෙන්ම වර්ණකාරක තියෙනවා කොකා-කෝලා වල තියෙනවාට වඩා දස ගුණයක් වැඩියෙන්.

      Delete
    7. ශණි शनि September 2, 2015 at 12:36 AM

      ශණි, නිකං බොරු විතරක් කියන්න එපා.

      මොන්ට්‍රියල් සම්මුතිය ගැන උඹ මොනවද දන්නේ? කිසිම දෙයක් දන්නේ නෑ. 1987 දී ඒ සම්මුතිය බිහි වුණේ ඉහළ වායු ගෝලයේ ඕසෝන් ස්ථරය ප්‍රහීන වීමට හේතු වන කාර්මික වායු නිෂ්පාදනය නතර කරන්නයි.

      අමෙරිකාව ඒ සම්මුතියට අත්සන් තැබූ මුල් ම රටවල් අතරින් එකක්. පුකේ වම්මුන්ගෙන් පිරුණු රටවල් තුනක් වන චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය 2012 වෙන කොටත් ඒ සම්මුතියට අත්සන් කරලා තිබුණේ නෑ. දැන් නම් එක්සත් ජාතීන්ගේ සෑම සාමාජික රටක් ම මේකට අත්සන් කරලා තියෙනවා.

      ශණි, උඹේ පුකේ වාමාංශික අදහස් පතුරවන්න බොරු විතරක් කියන්න එපා (බොරුව යනු පුකේ වම්මුන්ගේ සහජ නුහුගුණයක්). ඒකට වෙන ක්‍රමයක් හොයා ගනින්.

      Delete
    8. People have enjoyed drinking a Coca-Cola for more than 130 years. Like all soft drinks, it is perfectly safe to drink and can be enjoyed as part of a balanced diet and lifestyle.

      Delete
  5. /* කෝක් ඉස් ඉට්! */

    ඉස් ඉට්?

    ReplyDelete
    Replies
    1. Coke is it!

      මෙවැනි කොකා-කෝලා රූපවාහිනී දැන්වීම් ලංකාවේ අයි.ටී.එන්. නාලිකාවේ 1980 සිටත්, ජාතික රූපවාහිනියේ 1982 සිටත් විටින් විට ප්‍රචාරය වුණා (1984 පමණ වන තුරු).

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන විදග්ධ බුද්ධිමතකු වන රසිකලොජිස්ට් හෙවත් කතන්දර (කාරයා/මහතා)ගේ මතය කුමක්ද?
      මෙවැන්නක් ඕස්ට්‍රේලියාවේ සිදුවුනොත් රජය සහ පුරවැසියන් අනුගමනයය කරන්නේ කවර ක්‍රියා පිළිවෙතක්ද?

      Delete
    3. විදග්ධ බුද්ධිමතකු ?

      සිනා! ;-)

      Delete
  6. ගඟට තෙල් මිශ්‍රවීම, ඒ පිළිබඳ විවිධ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රවෘත්ති, නීතිමය ක්‍රියාදාමය, වන්දි අයකර ගැනීම, පැරාගේ මේ ලිපිය ආපු සහ මග එමින්තියන කොමන්ටු සියල්ලම කොකාකෝලා විසින් නොමිලේ පළ කරවා ගත් වෙළඳ දැන්වීම් නේද ? දාල තියන පින්තූර නම කැළණි ගඟ වුනාට බෝතලේ කෝක් ///* කෝක් ඉස් ඉට්! *///

    ReplyDelete
  7. ඔබ පදනම් වන්නේ Nothing is bad publicity කියන න්‍යාය මතයි.

    එහෙම ගත්තොත් අප ලියන, කතා කරන ඕනෑම දෙයක් කාට හෝ ප්‍රචාරයක් ලෙස සලකන්නට වෙනවා.

    ReplyDelete
    Replies
    1. There is no such thing as bad publicity

      Delete
    2. මේ න්‍යාය මත රැඳීම නරක නෑ. ලාබලැබුවෑකි නේ. පහුගිය ඡන්දෙ දි වැඩිම මනාප ගත්ත “අපතයො“ කීප දෙනෙක්ම ඔය න්‍යාය නිසා දියවන්නාවටත් ගියා

      Delete
    3. ඉතුරු අපතයෝ ටික නැෂනල් ලිස්ට් එකෙන් දියවන්නාවට ගියා.

      Delete
  8. So this blog is trying to divert attention away from Coca cola and put it to all other companies of soft drinks...Shame..

    Looks like it's not only the main media institutions who're dependent on Coca cola blood money

    ReplyDelete
    Replies
    1. Local soft drink manufacturers have Rajapaksha blood money in their hands. Shame that you are blind to it.

      Delete
  9. පැණිබීම, රටබීම, බීර, බීඩි, සුරුට්ටු, ගංජා,කොකේන්, හෙරොයින් මේ සියල්ලම නියාමනය කල යුතුයි. මට නම් පිස්සු වගෙයි.

    අරක්කු ටිකක් කෝක් වලින් සැන්ඩි කරලා කල්පනා කරන්න ඕන.

    ReplyDelete
  10. අප ලිව්වේ කොකා කෝලා සමාගම විසින් පානීය ජලයට විෂ මුසු කිරීම පිළිබඳව ය. ඇමරිකාවේ ජීවත් වන ලාංකිකයන්ගේ සිට පංති විප්ලවවාදීන් දක්වා පිරිසකට ඒ ගැන තද වී තිබේ. ඒ ඇයී?

    කොකා කෝලා ගලා නො ගිය අස්සක් මුල්ලක් නැති තරම් ය.

    ReplyDelete
    Replies
    1. රක්ත රුහිරුSeptember 1, 2015 at 12:50 PM

      තමුසෙ වගේ හැංගිහොරා යූඑන්පියෙ ධනපති අධෝමුඛ ලෙවකකා ජවිපෙට මඩගහපු භ්‍රශ්ටයෙක් බොරුවට ධනපති සමාගමකට විරුද්ධව බ්ලොග් පඩංගුවක හෑලි ලියලිය (පුකේ) වාමාංශික විප්ලවවාදියට ඇදල පරන පව් හෝදාගන්න හදනකොට අපිට තදවෙන්නෑ... හිනා යනව මිසක්

      Delete
    2. /ඇමරිකාවේ ජීවත් වන ලාංකිකයන්ගේ සිට පංති විප්ලවවාදීන් දක්වා පිරිසකට ඒ ගැන තද වී තිබේ. ඒ ඇයී?/

      ඔවුන්ගේ දැනුමේද ප්‍රඥාවේද මඳ බව නිසාය.

      ඔබ වැනි දාර්ශනිකයකුගේ දර්ශනය තේරුම්ගැනීමට නර්ස් කෙනෙක් සමග විවාහ විය යුතු බව තංගල්ලේ රාජ් නෙලුම්යායේදී ප්‍රකාශ කළේය.

      Delete
    3. ඇත්ත පුංචිම පුංචි දරුවන් අතරටත් ගියා. පසුගිය වසරකදී ඩිස්ප්‍රින් පති දමා කොකාකෝලා බීම ඉන්ටනැෂනල් ඉස්කෝලක පුංචි පන්තියක ළමයින් පැවැත්වූ පාටියක් පිළිබඳ හිත් කම්පාකළ පුවතක් අසන්නට ලැබුණා.//ඇමරිකාවේ ජීවත් වන ලාංකිකයන්ගේ සිට පංති විප්ලවවාදීන් දක්වා පිරිසකට ඒ ගැන තද වී තිබේ. ඒ ඇයී?// මෙවැනි තැනකට මෙවැනි කොමෙන්ටු පටු කර දමා සැනසෙන්නට හැකිවීමත් බොහොම දෙනකුගේ වාසනාවක්

      Delete
  11. ඔහොම හිතුවොත් අපි පරිබෝජනය කරන දේ වලින් වැඩි ප්‍රමාණයක් ඔහොම හිතනවා නම් නිස්සාරණ දේවල් තමයි. ඒවා නිපදවන්නේ පිටරටවල. අපේ නිස්සරණ පරිබෝජන නිසා පිට රටට මුදල් ඇදී යනවා රුපියල තවත් බාල්දු වෙනවා. මෙම ලිපිය ලියපු කතුවරයාගේ මතය අනුව නිස්සාරණ පරිබෝජන නැතිව ඉන්න නම් ඉන්න වෙන්නේ කැලයකට ගිහින් දඩයමක් කරගෙන නැත්නම් වගාවක් කරගෙන සතෙක්ගේ හමක් ඇඳගෙන මැටි පැලක ජීවත් වන එක. එහෙම නැතිව කරන සියලු පරිබෝජන නිස්සරනයි. අඩු ගානේ අපි රැවුල කපන එක. ඇඳුම් මැදලා අඳින එක, රුප වාහිනිය බලන එක වගේ දේවලුත් අනවශ්‍ය වැඩ නේ. ඔබගේ මතය අනුව නිස්සාරන පරිබෝජනය නවත්වලා පිට රටට යාම මුදල් නවත්වලා රට හදන්න නම් මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙන්නේ 1900 පෙර ලංකාවේ වැද්දෝ ඉඳපු විදියට. දැන් වැද්දොත් කොකා කොලා බොනවා ඇන්ද්‍රෝයිඩ් භාවිතා කරනවා.

    කොකා කොලා මෙන්ම අනෙක් කාබනේටඩ් බීම කියන්නේ ඇඟට ගුණයක් නැති බීමක් තමයි. එසේම විදේශ වලට මුදල් යන මාර්ග එකේ කතා දෙකක් නැහැ. නමුත් ලංකාවෙන් කොකාකෝලා නිසා පිටට යන මුදල සැලකුවොත් අපි තේ අපනයනයෙන් ලබන ආදායමට වඩා ගොඩක් අඩු ප්‍රමාණයක්. අපේ පොරවල් කියන වගේ විදේශවලට යන මුදල අඩු කරන්න සුද්දෝ තේ නොබී හිටියොත් අපිට ලොකු පාඩුවක් මොකද තේ කියන්නෙත් කොකා කොලා මෙන්ම ඇඟට ගුණයක් නැති බීමක් තමයි.

    පරිබෝජනයට නීති දැමීම යල්පැන ගිය මෝඩ තර්කයක්. පරිබෝජනයට පාලනය වෙන්න ඕන ඉල්ලුම සහ සැපයුම මත ඉල්ලුම වැඩිනම් සම්පත් හීන වෙනවා නම් මිල වැඩිවෙනවා ඉල්ලුම බහිනවා පරිබෝජනයට පාලනය වෙනවා. නැත්නම් මිල වැඩිවීම සමග සම්පත් නාස්තියක් තොරව කාර්යක්ෂමව පරිබෝජනයට ක්‍රමවේද හැදෙනවා. හොඳම උදාහරණය තෙල් හිග වීම සමග මිල ඉහල යාම සමග ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි වාහන ප්‍රචලිත වීම.

    ලංකාවේ මිනිසුන්ගේ තියන කැත පුරුදාක් තමයි යමක බිඳවැටීම දැකල සතුටු වීම. අල්ලපු ගෙදර එකාගේ වාහනේ ලීස් එකෙන් උස්සනවා නම්. අසල්වැසි ළමයා විබාගය අසමත් වෙනවනම් එයට කැමති බහුතරයක් ඉන්න මේ රටේ යම් ආයතනයක වැරද්දක් සිදුවුවොත් වහන්න කතා කිරීම. සමාගමක් වහන්න කතා කරලා fb ෂෙයාර් කරලා ඉරිසියාවට පොඩි වින්දනයක් ලබනවා.

    කොකාකෝලා ගැටලුව ට හේ තු වුනේ රාත්‍රියේ ඩීසල් නලයක් පුපුරා සිදුවූ සුළු කාන්දුවක්. දැනගත් වහා පිළියම් යොදා එම සිද්දිය අදාල තැන වලට එම ආයතනය මගින්ම දැනුම් දීලා තියෙනවා. එහෙම නැතිව කාලයක් තිස්සේ හොරෙන් ගඟට විස දාපු ආයතනයක් නොවේ. සිදු වූ දෙයට පසුවෙනිදා වන විට පිළියම් යෙදු ආයතනයකට විරුද්දව කාරණය නොදැන කතා කිරීම සාධාරණද? එමෙන්ම කොකා කොලා කියන්නේ ලංකාවේ ජලය ලබා ගැනීමේ දුෂ්කරතා සහිත ප්‍රදේශ වලට ජලය ලබාදීමට කටයුතු කල මෙන්ම ජලයේ ආසනික් නිසා වකුගඩු රෝග බහුල ප්‍රදේශයකට ජාල පෙරන පද්දති සපයා දුන් සමාගමක්.

    ReplyDelete
    Replies
    1. මේවා නමින් ලියන්න බැරි කොකා කෝලා සමාගමෙන් ලබා ගත් මුදල් ගැන හෙළිදරව් වන නිසා විය හැකියි.

      Delete
    2. හුටා මෙන්න යකෝ කොකා කොලා එකෙන් වෙළඳ දැන්වීමක් මෙතනත් දාලා. රනිල්ගේ පුකේ මයිල් ගලව ගලවා හිටපු පැරා කෝකාකොලා විරෝධී උනේ මේකයි එහෙනම් ඈ!! ජයවේවා පැරා , මෙන් අපේ විප්ලවීය ආචාරය!!

      Delete
    3. "කොකා කෝලා සමාගමෙන් මුදල් ලබාගෙන" නිර්නාමික කොමෙන්ටු දමනවා වැනි චෝදනා නැඟීම පැරාට ආවේනික දෙයක් නෙවෙයි.

      පැරා අද පීලි පැනලා ද මන්දා?

      Delete
    4. මුදලට බ්ලොග් ලියන්නෙක් වන පැරා අනුන් කරන්නේ එයම බව සිතීම සාධාරණය.
      AnonymousSeptember 1, 2015 at 3:18 PM ට දීමට පිළිතුරු පැරාට නොමැති බව පෙනේ

      Delete
    5. කොකා කෝලා සමාගමෙන් මුදල් ලබාගෙන මේ බ්ලොගයේ කොමෙන්ටු ලියනවා යැයි කියන පැරාගේ කියමන සමාන වන්නේ රනිල් වික්‍රමසිංහගේ රුපියල් 1600 යේ දෛනික වැටුපකට ෆේස්බුක් ක්‍රියාධරයෝ යූඇන්පිය වෙනුවෙන් පෝස්ට් ලියනවා යැයි මහින්දගේ සහ විමල් වීරවංශගේ ආඩපාලියට යි.

      නම සඳහන් කළොත් පැරා කොහොමද ඒකෙන් කියන්නේ කොකා කෝලා සමාගමෙන් මුදල් ලැබුණා කියලා? මොකද, කොකා කෝලා සමාගම මාධ්‍ය සංදර්ශනයක් තියලා ද ඔය මුදල් ලබා දෙන්නේ? මං හිතුවේ නැහැ පැරා මේ වගේ මෝඩ විදියට හිතනවා කියලා.

      Delete
    6. /මං හිතුවේ නැහැ පැරා මේ වගේ මෝඩ විදියට හිතනවා කියලා. /

      ඔයා පව්.

      Delete
  12. කොකා කෝලා සමාගමට එරෙහිව ලිවීමත් සමග අලුත් හේට් කමෙන්ට්ස් රැල්ලක් හැම තැනම වපුරා තිබේ. සියල්ල ඇනොනිමස් ය. පෙනී සිටින්නේ අති වාමාංශිකයන් සේ ය.

    එකක් කිව යුතු ය. කොකා කෝලා වුණත් වෙන මොන කොන්තරත්කාර කොකෙක් වුණත් අප ලියන එක නවත්වන්නට නම් අපේ ගෙදර ළිඳට වස දැමිය යුතු ය.

    ReplyDelete
    Replies
    1. Para, you are not your usual self today.

      Delete
    2. අනේ පැරෝ.. ඇමරිකාවෙ නිව්යෝක්වල දාපු නඩු පරාද වෙලා ඩොලර් බිලියන ගනනක් දඩ ගෙවලත් යහතින් ඉන්න කෝක් සමාගම මේ බ්ලොග් පඩංගුවට බයේ ඔහේගේ ගෙදරට වහ දාන්න එයි කියල හිතනවද

      Delete
    3. කොකාකෝලා කියන්නේ අපේ පැරාගේ හැටියට කොම්පැනියක්ද?

      මහින්ද රාජපක්ෂ ගෙදර යැව්වෙත් මේ බ්ලොග් එකෙන් අපේ පැරා තමයි හරිය?

      Delete
  13. කොකාකෝලා සමාගමට විරුද්ධව ලිවීම නිසා පැරාට මරණ තර්ජණ ඇතිවී තිබෙන බවක් පේනවා.

    පැරා ප්‍රවේශම් වන්න!

    මෛත්‍රීපාල ජනාධිපතිතුමනි මේ ඔබේ අවධානයට!

    යහපාලනය ගොඩනගන්න මුල්වුණු මේ උදාර මිනිසුන්ට උරුම වන්නේ මරණයද?

    ReplyDelete
  14. කොකා කොලා ආයතනයෙන් කැළණි ගගට තෙල් පිටකිරීමක් හෝ කාන්දුවිමක් සිදුවී ජල සම්පාදන මණ්ඩලයටද, පරිසරයටද හානි සිදුවී ඇතිබව පසුගිය දින කිහිපයේදි අසන්නට ලැබුණ අතර මේ පිලිබදව ප්‍රධාන මාධ්‍ය සහ දේශපාලකයන්ද, බොහෝ සිවිල් ක්‍රියාකාරිකයින්ද එය අතිශය සරල සිද්ධියක් ලෙස සලකා කටයුතු කරමින් සිටියි.

    පරිසරය ආරක්ෂා කිරීම සදහා කර්මාන්තශාලා වලට නීතී පැණවීම සහ පවතින නීතී නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අද දවසෙ පවතින වැදගත් අවශ්‍යතාවයකි. එමෙන්ම මෙම ගැටලුව පිලිබදව සමාජය ඇතිවී තිබෙන සුලු හෝ කතිකාව ඒ සදහා උපයෝගිකර ගැනීම ඉතාමත් වැදගත්ය.
    ඔබ විසින් අදාල ගැටලුව සම්බන්ධව මතුකර ඇති පැණිබීම සෞඛ්‍යට අහිතකරය බවද, කෘර ධනවාදය ප්‍රචාරනය ඔස්සේ අනවශ්‍ය භාණ්ඩ පරිභෝජනයට බලකර ඇති බවටද ඒ සම්බන්ධව සමාජය දැනුවත්කල යුතු බවද දක්වා ඇත.

    එහෙත් පැණිබීම වෙනුවට සැර බීමක්, දුම්වැටියක් හෝ වෙනත් ද්‍රවයක් එයට ආදේශ කිරිම මගින් ධනවාදයේ කෘෘරබව හෝ අනවශ්‍ය භාණ්ඩ පරිභෝජනයට බලකර ඇති ප්‍රචාරණයේ හැකියාවක් පිලිබදව ඔබට සාකච්ජා කල හැකිද? මෙය ගැටලුව වැරදි කොනකින් අල්ලා ගැනීමක්යැයි මට සිතේ.

    අප විරුද්ධ විය යුත්තේ ලාභය අරමුණු කරගෙන පවත්වාගෙන යනු ලබන එක් එක් ආයතනයන්ට නොව. එය පවතින ක්‍රමය විසින් නිර්මාණය කර ඇති තත්වයක් වන අතර එම තත්වයන් ලංකාව වැනි රටවල්වල ක්‍රීයාත්මකවීමේදි (ලංකාවේ මිනිසුනට පරිසරය පිලිබදව හෝ එය ආරක්ෂා කිරීම පිලිබද වසර 2500කට වැඩි අතිතයක් තිබුනද වර්ථමානයක් නැති බැවින්) අනෙකුත් සියලු අරමුණුවලට වඩා ඉදිරියට ලාභය යන්න පමණක් ඉදිරියට පැමිණේ සමහර අවස්ථා වලදී බටහිර රටවල් පරිසරයට සිදුකරන බලපෑමේ ප්‍රමාණය අනුව ගෝලීය වෙළද පොළ තිරණය විමේදි එම ආයතනම පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ලාභය අරමුණු කර ගනිමින් කටයුතු කරයි.

    ධනවාදය යනු සියල්ල විනාශ කරන්නක් නොව පවතින තත්වයන් විප්ලවීය ලෙස වෙනස් කරමින් සහ ඇතිවන සමාජීය බලපෑම් අවම කරගනිමින් ක්‍රියාත්මකවන සහ පුද්ගලයන් සමග සමාජය ප්‍රගමනයේ දිශානතියකට සංවර්ධනය වන ක්‍රමයක්ය. එහෙත් එහි මුලික අරමුණ ලාභය (අතිරික්තය) එකතුකිරිමයි.

    එබැවින් මෙය භාණ්ඩ වලට හෝ එක් එක් ආයතන වලට දක්වන විරෝධයක් දක්වා ලඝු කිරීමකින් තොරව පවතින ක්‍රමයේ ගැටලුවක් ලෙසත් මෙවැනි අර්බුධයන් සදහා විසදුම් ලබා ගැනීමට සමාජය දැනුවත් කිරීමටත් පාලකයින්ට මේ සදහා විසදුම් සෙවිමට බලපැම් කිරීමටත් කටයුතු කල යුතුය

    ReplyDelete
  15. මරුවා සහ එඩිටර් යන නම්වලින් ගූ ගඳ බොග් පඩංගු දෙකක් ලියන ගෙඩියන් දෙන්නා සහ huthukama ගොංවාද වකය ලියන කාලකන්නින්ට මෙව්වා පෙනෙන්නේ නැත්තේ ඇයි.

    ReplyDelete
    Replies
    1. එඩිටර් බ්ලොග් එකට ලින්ක් එකක් දාපන් සුදා! උම්මා !!

      Delete
  16. අනිත් හැම එකකටම වඩා රටේ හරි හමන් නීතියක් නැති එකේ ප්‍රශ්නේ.. මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් (නලයක් පුපුරා යාම වගේ) ඒ අවස්ථාවලදී රජය හා පරිසර අදිකාරිය ක්‍රියාත්මක විය යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් තිබිය යුතුයි සහ ඒ අනුව හරියටම කටයුතු කල යුතුයි. එමඟින් අනෙකුත් සමාගම් සඳහා 'පරිසරය' සම්භන්දව ලොකු පණිවුඩයක් ලබා දිය හැකියි. පරිභෝජනවාදය හා ආමෙඉකව අල්ලාගෙන කතාව දික් ගස්සා ගැනීමෙන් කිවයුතු ඩේ නැවත යට යනවා. මෙතන ඇත්තම ගැටලුව තියෙන්නේ මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක විය යුතු ආයතන හා නිලධාරීන් මුදලට හෝ වෙනත් වරප්‍රසාද වලට යටවී ගැටලුව යට ගැසීමයි. 'නීතියක් නැති' ප්‍රශ්නය එන්නේ එතැනටයි. පරිසරය පමණක් නොවෙයි කොලිටි, හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි, ෆුඩ් හයිජින්, එනර්ජි වගේ ගොඩක් ෆීල්ඩ් වල ලංකාවේ මේ 'නීතියක් නැති' ප්‍රශ්නේ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. යන්තං ඇති එකෙක් හරි ඉන්නවා... යහපාලකයො වත් මේ හදිසි අවශ්‍යතාවය තේරුම් ගත්තොත්.. නැත්තං කොකාකෝලා විතරක් නෙමෙයි පුරුදු විදිහටම අනිත් කොම්පැණිත් දිගටම කොකා පෙන්නයි..

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. පැරා කුහක බව නම් ඇත්ත​. ජේවීපී කරන කාලේ පරණ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඇවිද ඇවිද ඉඳලා ගල් කටස් වලින් මිනී මරලා , බිල්ලෙක් වෙලා ජීවිතේ බේරගෙන කඳවුරු වල ජීවිතය ගෙවලා උසස් අධ්‍යාපනයකට යන්ට බැරිවීම , පිටරටකට ගිහින් මේ චාටර් මතුගම ජීවිතෙන් මිදීමට බැරිවීම නිසා වැනි කරුනු අනුන්ට ඉරිසියා කරන පැරා ඇමරිකානු මාදිලියේ, පාරිභෝජනවාදී, නිස්සාර ජීවිත ගැන කතාකරන්නේ කොහොමද​? ජීවිතයේ කවරමදාවත් දියුණු බටහිර රටක් ඇස් දෙකෙන් නොදැකපු හමුදා හිර කඳවුරු , ප්‍රාදේශිය පාසල් , තමා වැනි කුහක වම්මුන් අතර පමණක් ජීවිතය ගෙවා දැමූ පැරා බටහිර රටවල් ගැන දන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. බටහිර රටවල් නොදැක ඒව ගැන කතා කරන්නෙ කොහොමද?
      මේකට උත්තරේ දීල තියනව තොටගමුවෙ ශ්‍රී රාහුල හාමුදුරුවො.
      කියවල බලන්න.

      Delete
    2. ශනි, මට පේන විදියට තමුන්ගේ ගෝලයා තමුන් ම හදපු අඳුන පාවිච්චි කරලා අහසින් යනවා දැකපු තොටගමුවෙ ශ්‍රී රාහුල බල්ලෙක් කියලා හිතලා අඳුනෙන් ඉතිරි වෙච්ච ටික උලලා තියෙන්නේ උඹේ පුකේ.

      Delete
  19. කොකා-කෝලා කර්මාන්ත ශාලාවෙන් මින් පෙර සිදු වී නැති අහඹුවකට සිංහල බ්ලොග් අවකාශයේ සහ සමාජ ජාලවල එම සමාගමට විරුද්ධව මහා හඬක් නඟන පුද්ගලයන්ගෙන් මම එක කාරණයක් අහන්න කැමති යි.

    ලංකාවේ නගර සහ (මතුගම වැනි ) ගම් දනව්වල පොහොය හැර සෑම දිනක ම කුඹුරු, වෙල් යායවල්, දිය කඩිති සහ ඔයවලට ලීටර් ගණනින් වාහනවල පරණ දැවුණු එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල් වැනි සහ වෙනත් එවැනි අපද්‍රව්‍ය එළිපිටම මුදා හරින වාහන 'සර්විස් ස්ටේෂන්' ඔබේ ඇස්වලට පෙනෙන්නේ නැද්ද?

    මෙම 'සර්විස් ස්ටේෂන්' අසල ඇති බොහෝ කුඹුරු වගා කළ හැකි තත්ත්වයක නැත. ඒවා අසල ඇති දිය කඩිතිවල කිසිදු ජල ජීවියෙක් නැත. මේ තත්ත්වය අද ඊයෙක ඇති වූවක් නොව, 1980 දශකයේ මැද භාගයේ සිට ම ඇති තත්ත්වයකි.

    මේ ගැන ඔබ කියන්නේ කුමක් ද?

    ReplyDelete
  20. හැම දේකදිම මොකක් හරි ව්‍යාපාර ආයතනයකට චෝදනා කරන එක තමයි අපි කරන්නෙ. මෙතන රජය පවා වැරදියි. අපේ රටේ පරිසර සහතිකය දුන්නට පස්සෙ ඒකා අයෙත් අලුත් කරනකම් මොන නිලධාරියෙක්වත් පැත්ත පලාතෙ එන්නෙ නෑ. සිදුවෙන්න ඕන මොකක් හරි කෙලවුනාට පස්සෙ කර්මාන්ත ශාලව වහල දාන එකවත් ව්‍යාපර තහනම් කරන එකවත් නෙවෙයි. මේව ගැන නිති පතා සොයා බලා වැරද්දක් වීමට පෙර ක්‍රියාමාර්ග ගැනීමයි.
    පොඩ්ඩ්ක හිතල බලන්න මේවගෙ විශාල ව්‍යාපාර වලින් රටේ නිෂ්පාදිතයට ලොකු දායකත්වයක් දෙනවද, කීදෙනෙක් නම සෘජුව හා වක්‍රව මෙවගෙ ව්‍යාපරයකින් ජීවත් වෙනවද (මෙහි කලමණාකාර අධ්‍යෂක ගෙ ඉඳල පොඩි පෙට්ටි කඩයක බීම විකුනන මිනිසා දක්වා). දැන් මෙතන කොකාකෝලා ව්ලට බනින කීදෙනෙක් 1996 ක්‍රිකට් ලෝක කුසලානයට හා වෙනත් ක්‍රීඩා වලට කොකාකෝලා අනුග්‍රහය දක්වන කොට විරුද්ධ වුනේ නෑ නේද ? පැණි බීම සෞඛ්‍යට හිත්කරද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක් (එහෙමනන් ඉතින් මත් පැන් සහ සිගරට් තමයි මුලින්ම තහනම් කරන්න ඕන ). කොකාකෝලා හෝ වෙනත ඕනැම පැනි බීමක් තෝරා ගැනීම එක් එක් පුද්ගලයාගේ නිදහසක්. හැමදිස්සෙම සාර්ථක ව්‍යාපාර දිහා කුහක විදියට බලන එක හොඳ ප්‍රවණතාවක නොවෙයි.

    ReplyDelete
  21. මට නොතේරෙන දේවල් මේවායි.

    සබන් වතුර ටිකක් ඇලකට දොලකට වැටෙන කොට කෑ ගහන පරිසර ආයතන දවස් දෙකකදීම කොළඹට වතුර සැපයීම අත්හිටුවීමට හේතුකාරක වූ කොකා කෝලා සමාගමට විරුද්ධ වන්නේ නැත්තේ ඇයි?

    කොකා කෝලා සමාගම නිසා වගේම කුඩු බිස්නස් කිරීමෙන් ද ජීවිතය ගැටගසා ගන්නා පිරිසක් ඉන්නවා. කුඩු ඇල්ලීමෙන් ඒ අහිංසකයන්ටත් රස්සාව නැති වෙනවා.

    කොකා කෝලා තහනම් කළොත් මළ කාපු ඇණ මුරිච්චි ගලවාගැනීමට බ්රේක් ඔයිල් ම පාවිච්චි කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ශනි, ලංකාවේ නගර සහ ගම් දනව්වල සෑම දිනක ම කුඹුරු, වෙල් යායවල්, දිය කඩිති සහ ඔයවලට ලීටර් ගණනින් වාහනවල පරණ දැවුණු එන්ජින් ඔයිල්, බ්‍රේක් ඔයිල් වැනි සහ වෙනත් එවැනි අපද්‍රව්‍ය එළිපිටම මුදා හරින වාහන 'සර්විස් ස්ටේෂන්' උඹේ ඇස්වලට පේන්නේ නැත්තේ උඹත් පුකේ වම්මෙක් නිසා.

      Delete
    2. @ ශණි शनि September 2, 2015 at 12:55 AM

      මම නම් මළ කාපු ඇණ මුරිච්චි ගලවන්න පාවිච්චි කරන්නේ ඉස්තරම් ම දේශීය නිෂ්පාදනයක් වන නෙක්ටෝ. හේතුව නෙක්ටෝ වල සීනි සහ වෙනත් හානිකර රසකාරක තියෙනවා කොකා-කෝලා වල තියෙනවාට වඩා දස ගුණයක් වැඩියෙන්.

      Delete
  22. මෙතන ජනප්‍රියම ඉන්ද්‍රිය පුක!

    පුකට ජයවේවා!

    ReplyDelete
  23. පැරා, ඔබේ ජීවන රටාවට පරිභෝජනවාදය නොගැලපේ නම් ඔබ එයින් ඈත් වී සිටින්න. ඔබ අකැමැති දෙයට අන් අයත් අකැමැති විය යුතුය යන මතයෙන් මිදෙන්න. මම නම් පරිභෝජනවාදයේ ගැලී සිටින්නෙක්. මට එයින් සතුටක් ලැබෙනවා මිස කිසි දිනක විස්සෝපයක් ඇති වී නැහැ. මගේ එම පරිභෝජනවාදී දිවිය තව දුරටත් ගෙන යෑම තමයි මගේ බලාපොරොත්තුව.

    ReplyDelete
    Replies
    1. ඉතින් මට මොකද? මං කියන ඒව ගැන වොරි වෙන්නෙ නැතිව කාලා, බීලා, මැරියල්ලා. මට මොකද?

      Delete
    2. Coca Cola වෙනුවට ගල් ආදේශ කිරිම මගින් ධනවාදයේ කෘෘරබව හෝ අනවශ්‍ය භාණ්ඩ පරිභෝජනයට බලකර ඇති ප්‍රචාරණයේ හැකියාවක් පිලිබදව ඔබට සාකච්ජා කල හැකිද?

      Delete
  24. Pera,

    I SHOP, THEREFORE I AM.

    ReplyDelete
  25. I like the name "Coca-Cola" very much because it's a classic example of alliteration.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා