The Practice and Theory of Bolshevism

රුසියානු විප්ලවය විසින් දල්වාලන ලද නව ලෝකයක් පිලිබඳ බලාපොරොත්තු වලින් මහත් සේ ප‍්‍රබෝධයට පත්ව සිටි චින්තකයෙකු වූ බර්ට‍්‍රන්ඞ් රසල්ට, 1920 වසරේදී සෝවියට් දේශය කරා බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ දූත කණ්ඩායමක් කල සංචාරය හා එක්වන්නට අවස්ථාවක් ලැබුණි. මෙම සංචාරය, බොල්ෂෙවික්වාදයේ භාවිතය සහ මාක්ස්වාදී න්‍යාය සම්බන්ධ ඔහුගේ අදහස්වල තීරණාත්මක සන්ධිස්ථානයක් විය.

එම සංචාරයේ අත්දැකීම් මත පදනම්ව ලියැවුණු මෙම කෘතිය, සෝවියට් රුසියාවේ එදිනෙදා ජීවිතයත්, පාලනය ගෙනයාමේදී බොල්ෂෙවික්වරුන් මුහුණ දුන් අභියෝගයනුත්, එ්වා ජයගැනීමට ඔවුන් ගන්නා කි‍්‍රයාමාර්ගත් පිලිබඳව ඉන් පෙර රුසියාව වෙත සංචාරය කල කිසිවෙකුත් නොපැවසූ විස්තරයක් ඉදිරිපත් කරයි.

සමාජවාදය බිහිකිරීම නම් කාරණයේදී බොල්ෂෙවික්වරුන් සැපයූ ආදර්ශයත්, ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමේ වැදගත් කමත් අවධාරණය කෙරෙන මෙම විග‍්‍රහය රසල් සිදු කරන්නේ ඔවුන්ගේ න්‍යායද තියුණු විශ්ලේෂණයකට ලක් කරමිනි.

පොත මේ සතියේ පිට වේ. එහි කතුවරයා අප මිත්‍ර නිශාන්ත කුලරත්නයි. විස්තර ඔහුගෙන් දැන ගත හැකි ය. nishanthaku@gmail.com


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේවගේ 2.50 යල්පෑනපු පොත් පරිවර්තනය කරල වෑඩක් නෑ.ලoකාවේ උගත් බුද්දිමත් ජනතාව ඔයවගේ මෝඩ පොත් ගනoගන්නෙවත් නෑ.
    ඵ් වගේද ඵදාවේල ගෑටගහගන්න හෑටි
    මාට්ටු නොවී පොඩි පොඩි හොරකo කරන හෑටි
    දේසපාලුවන්ගේ හිතදිනාගන්න හෑටි
    අනිත් ඵකාව කපලා තමුන් ගොඩයන හෑටි
    මුලින්ම ප්‍රාදේශීය සබා චන්දයක් දිනන හෑටි
    වගේ වෑදගත් කාරනා තියන පොත් ටිකක් පරිවර්ත්නය කොරානo.

    අපේ රටේ නූතන බුද්දිමත් ජනතාවට ගොඩක් වෑදගත් වෙයි.......ජාතික ආණ්ඩුව යටතේ මාස 6න් අගහරු ලෝකෙට යන ගමනෙදි සෑහෙන පොරයෝජනයක් වෙන්න තිබ්බා......

    බොල්ශෙවික්වාදය ....මොකක්ද ඵ් කුනුහරුපෙ....චීයා......

    ReplyDelete
  2. පැරා මේ මොනව ද බං ලියන්නේ? බර්ටි මචං එක එක වෙලාවට එක එක දේවල් කිව්ව බුවෙක්. වෙලාවකට විඥානවාදය, තවත් වෙලාවක හෞතිකවාදය, තවත් වෙලාවක අවිහිංසාවාදය, අන්තිමට බුදුදහම. අරවා මේවා. මචං සමකාලීන ලාංකීය දේශපාලනයේ දැවෙන ප්‍රශ්නය උඹට මඟ හැරෙනවා. පැරා රෝස් සේනානායක අර්බුදය ගැන ලියන්නෙ නැත්තම් උඹේ දේශපාලනේ යාවත් වෙලා නැහැ. පොඩි බකප් එකක් දීපන් මචං අපට රෝස් යළි සංස්ථාපනය කර ගන්න. "ලාංකීය රෝසා ලක්සම්බර්ග්: බර්නඩීන් රෝස් සේනානායක" වගේ ශීර්ෂයක් එක්ක ලියපන් ඉක්මනට. චියර්ස් පැරා!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා