Cleaning the drawer (poem)


I'm cleaning my drawer
Mercilessly concentrating
Piling the past
To be burnt away

Old pay slips
Paid bills and letters
Expired warranty certificates
Collected name cards

Old identity cards
With fading faces
Bits of crushed paper
Lines jotted on them

Perfumed love letters
Yes, they too have to go

In a black garbage bag
I take them to the roadside
When the truck rolls in
Leave it there and come back

Without looking back
I get in my room
The drawer is half-empty
What a brutal neatness


අස් කරමි ලාච්චුව
කෘෘර ලෙස තත්පරව
ගොඩ ගසමි කසල ලෙස
දවන්නට අතීතය

වැටුප් විස්තර පරණ
ගෙවූ බිල් එවූ ලිපි
කල් ඉකුත් වගකීම් සහතික
එකතු වූ නාමපත්

දියව ගිය මුහුණු ඇති
පරණ හැඳුනුම්පත්
කවි ලියූ තුණ්ඩු හා
සුවඳවත් පෙම්පත්

දමා කුණු මල්ලක
අරන් යමි පාරට
කුණු ලොරිය එනවිට
තබා එමි පෙනෙන්නට

නො බලා ම ආපසු
ඇවිත් කාමරයට වදිමි
ලාච්චුව හිස් ය බාගෙට
නැවුම් ය දයා විරහිත ලෙස

- Ajith Perakum Jayasinghe 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දියව ගිය මුහුණු ඇති
    පරණ හැඳුනුම්පත්
    collected 1989?

    ReplyDelete
  2. පැරාට කොහොමත් හැඳුනුම්පත් ගොඩක් තියෙනවා. තමන්ගේ ම කියලත් පහක් හයක් ඇති ඒ කාලේ ට්‍රාන්ෆෝමර් රෙපයාර් කරපු කාලේ ඒවා. තව ඒ කාලේ එකතු කරපු අනුන්ගේ ඒවත් ඇති. පැරා ෆුල් ගේමක් දෙනවා උගේ අතීතය අකා මකා දාන්න. ලේසි නැහැ මවෝ ඒක. මොක ද අපිත් මේ ලෝකේ කොහේ හරි තව ම ජිවතුන් අතර ඉන්න නිසා. උබ අපේ පුක කොනිත්තනවා කිව්වට කෝ බං අපිට මකුණෙක් කෑව තරම්වත් දැනුනේ නැහැ නේ?

    ReplyDelete
    Replies
    1. කවුද මේ අපි?

      Delete
    2. පැරා මෙතන නිකම් "බබා හුකුං" (උබේ ම තමා ජනරළට මේ වචනෙ ගැන ලිව්වෙත්) දාන්න එපා. "කව්ද මේ අපි?" කියල පොර ටෝක් දෙන්න කලින් උබ උබෙන් ම අහපං "කව්ද මේ මම" කියල. ඊට පස්සෙ ප්‍රත්‍යාවලෝකනාවර්ජනයක යෙදියං 1989 මැයි මාසේ (උබ ම තමා මේ කාල වකවානු කියන්නෙත්) ඉඳං උබේ ගඳ (උබ අර ජනරළට ලිව්ව පඬි ලිපියෙ තිබ්බ ගඳ) ගහන ලිබරල් ධනවාදී/ඡායා වාමවාදී අතීතය ගැන. එතකොට උබට මීටර් වෙයි ලාච්චුව අස්කරාට උබේ අපදාන කාව්‍ය අකාමකා දාන්න බැරි බව. යමක් කිව්ව ම කව්ද කිව්වෙ කියල හොයන්න කලින් මොකක් ද කිව්වෙ කියල කල්පනා කරපං පැරා. උබ දැන් ලිබරල් ධනවාදියෙක් නිසා ඒක උබලගේ කල්ට් එකේ ප්‍රාඥයෙකු වෙච්ච ඇතුලත්මුදලිගෙන් ඉගෙන ගනිං. දුරවබෝධ තැන් එයාගේ බාලගෝල (ගෝලබාල නෙවෙයි) රවීගෙන් සිරිකොත පැත්තෙ ගිය වේලාවක තේරුම් කරගනිං. අපිට උබත් එක්ක අරෝවක් නැහැ බං. ඒත් උබ අපේ පුකවල් කොනිත්තල ගේම ඉල්ලන එක තමා අවුල.

      Delete
    3. කවියක් ලිව්වා ම මිනිසුන්ට බනින උඹලා වගේ මෝඩයින් සිටින වම කියන අපායෙන් ගැලවීම ම සතුටක්.

      විප්ලව කරන්න කලින් කවියක් කියන්නේ මොකක්ද ඉගෙන ගනිල්ලා. මැටි හරක්.

      Delete
    4. මහින්ද රාජපක්ෂගේ කටු සූප්පු කරපු පරයෙක් තමයි ඔය කොමෙන්ටු ලියලා තියෙන්නේ. ඒවාට සැලෙන්න එපා, පැරා.

      Delete
  3. අනේ බං උඹ දන්න අපි නො දන්න කවි! පැරා උඹ හිතන් ඉන්නෙ උඹ මායාකොව්ස්කි කියල ද? උඹ මේ තටමල තටමල කවියක් (උඹ හිතං ඉන්නෙ ඕක කවියක් කියලනෙ) ලියාගෙන පොර ටෝක් දෙන්ක ගිහින් අනාගන්න එපා. උඹ වගේ එදා විප්ලවයෙන් පලා ගිහින් සහෝදරත්වය පාවල දීල දැන් ධනපත් පංතියේ වසුරු බුදින භ්‍රෂ්ටයෙකුට මායාකොව්ස්කි තියා අර අධිරාජ්‍යවාදී පාලක පංතියට කඩේ ගිය රුද්යාද් කිප්ලින් කෙනෙක්වත් වෙන්න බැහැ. උඹට වඩා කවීත්වයක් ඒ කාලෙ විමලසිරි මල්ලියට තිබ්බා. උඔ කෝකටත් කියල කවි ලිය ලිය කාලය කන්න එපා පැරා. මොකද උඹට ඔය වටිනා ඇකමතය දුන්නෙ කවි ලිය ලිය පිස්සු කෙළින්න නො වෙයි; ධනපති පංතියෙ ඔජ වඩවන්න ලිපි ලියන්න. ඒක උඹ හොඳින් කරනවා. උඹ සමහර විට රිහර්ස් කරනව වෙන්නත් පුළුවන් අර පැරකුම්බා සිරිත වගේ උඹේ දැන් නායකය ගැන ප්‍රශස්ති කාව්‍යයක් ලියන්න. කළොත් ගුරු සේවේ - සුවඳ පත නල සේ වේ කියල අගය කළ යුතු ගුරු සේවය හරියට කරං ඉන්නෙ නැතුව උඹත් කරගන්න අලකලංචි මේවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා