විමල් වීරවංශ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විනාශ කළ හැටි

(සිළුමිණ පුවත්පතට ලියන්නැයි ලද ආරාධනාවක් මත අපි සති කීපයක් එම පුවත්පතට ලිපි ලියුවෙමු. අප මීට කලින් මෙහි පළ කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ අධ්‍යයනය ද සිළුමිණට යවන ලද්දකි. පළ වූයේ නැත. මෙම ලිපිය ද අදාළ විගණන වාර්තා පිටපත් සමග ම සිළුමිණට යවන ලද්දකි. සති කීපයක් ම එය ඊළඟ සතියේ පළ කරන බව කීවත් පළ වුණේ නැත. තත්වය එසේ ය.) 

විමල් වීරවංශ යනු 1980 දශකයේ අග භාගයේදී විප්ලවීය අරමුණු සහිතව ජනතා විමුක්ති පෙරමුණ සමග එක් වී, 1989 කැරැල්ලෙන් පසු ලක්දිව, හිරු පුවත්පත් හරහා ජනමාධ්‍යකරණයේ යෙදුණු, 1994න් පසු ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු ලෙස හා එහි ප්‍රචාරක ලේකම් ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.

ජවිපෙන් කැඩී වෙන් වී ජනතා නිදහස් පෙරමුණ ගොඩනගාගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එක් වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති ධුරය දරමින් සිටි සමයේ ඔහු විසින් කරන ලද වංචා, දූෂණ රැසක් දැන් සාක්ෂි සහිතව හෙළිදරව් වී තිබේ. 
2008දී ජවිපෙන් ඉවත් වන විටත් දිළින්දකු වූ විමල් වීරවංශ අද වන විට ලංකාවේ සිටින ධනවත් පුද්ගලයන් අතරින් එක් අයෙකි. 

ව්‍යාජ හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් විමල්ගේ බිරිය වන ශෂී වීරවංශට එරෙහිව මේ වන විටත් චෝදනා එල්ල වී තිබේ. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මත්තේගොඩ, කහතුඩුව හරිත කැදැල්ලනිවාස යෝජනා ක්‍රමවලින් නීති විරෝධීව නිවාස ලබා දී ඥාති සංග්‍රහ කර රජයේ දේපළ සාවද්‍ය පරිහරණයක් හා මුදල් විශුද්ධිකරණයක් සිදු කර තිබේ ද යන්න කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනය කරමින් තිබේ.

නිවාස ව්‍යාපෘතියේ විකිණීමට තිබූ නිවාස හයෙන් පහක්ම ළඟම ඥාතීන් වන පුද්ගලයන්ට ලබා දී තවත් නිවාසයක් ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරන පුද්ගලයකුට ලබාදීම සම්බන්ධයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ඕෂන් විව් ඩිවලප්මන්ට් සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අදාළ සමාගමේ ප්‍රධාන ගොඩනැගිල්ලේ බිම්මහලේ ආපනශාලාවක් පවත්වාගෙන යෑමට කුලියට දීමේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට ද පැමිණිල්ලක් ලැබී තිබේ.

අදාළ නිවාස සමාගම් ව්‍යවස්ථාවේ කොන්දේසි උල්ලංඝනය කරමින් විමල් වීරවංශගේ ඥාතීන් වන වාදච්චාරිගේ හේමසිරි යන අයට රුපියල් 15,132,901.66 කට ද, පී. ජී. ආනන්ද ප්‍රියදර්ශනට රුපියල් 14,544,546 කටද, වත්සලා කුමාරසිංහට 9,434,187 කට ද, වසන්ත රූපසිංහ යන අයට 11,374,689.73 කට ද, තරංගමාලා මුතු රණවීරට 10,361,648 කට ද, ප්‍රියන්ත මිලින්ද රත්නායකට 12,154,229.54 කට ද වශයෙන් ලබා දී ඇති බවට පැමිණිලි ලැබී තිබේ. එහෙත්, ඒ වෙනුවෙන් සියලු වාරික ගෙවා නැත. විමල්ගේ ඥාතීන් මෙම මුදල් උපයා ගත් ආකාරය ද ගැටලු සහගත ය.

මේ අතර, විමල් වීරවංශ අමාත්‍ය තනතුර දැරූ කාලය තුළ දැවැන්ත කඩාවැටීමකට ලක් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා සම්බන්ධ සිද්ධි ගණනාවක් ද විගණන පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ.

කම්බි ටෙන්ඩරයෙන් කෝටි ගණනක මගඩියක්

ඇමති විමල් වීරවංශගේ පසුගිය පාලන කාලය තුල සංස්ථාව සඳහා වානේ කම්බි ලබා ගැනීම ඔස්සේ විශාල දූෂණයක් සිදු කර ඇති බව වාර්තා වේ. ඔහුට පෙර පාලන කාලයේදී සංස්ථාවට කම්බි ලබාගැනීමේදී ටොන් එකක ටෙන්ඩර් අගයවූයේ රු. 118,500 ක් වැනි මිලක් ය. එහෙත්, මේ කාලයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැනි වෙනත් රාජ්‍ය ඉදිකිරීම් ආයතන කම්බි ටොන් එකක් ලබා ගනු ලැබූවේ රු. 104,000 ක් වැනි මිලකට බව ඉංජිනේරු සංස්ථා සේවකයෝ පෙන්වා දෙති. 2015 ජනවාරි මාසයේදී නව ඇමතිවරයා පත්වීමෙන් පසු මෙම කම්බි ටෙන්ඩරය නැවත කැඳවූ අතර කලින් කම්බි සැපයූ සමාගම ම මෙවර කම්බි ටොන් එකක් ලබා දෙනුයේ රු. 97,000 ක් වැනි මිලකට ය.

පසුගිය කාලය පුරාම ලබාගත් කම්බි වෙනුවෙන් ටොන් එකකට ආසන්න වශයෙන් රු. 14,500 ක් වැනි මුදලක් කුමන හෝ පුද්ගලයකුගේ සාක්කුවකට ගොස් ඇති බව මෙයින් පැහැදිලි ය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වසරකට ආසන්න වශයෙන් මිලදී ගනු ලබන කම්බි ප්‍රමාණය ටොන් 3600ක් පමණ වේ. එමගින් ලබාගෙන තිබෙන අයථා ලාභය වසරකට ලක්‍ෂ 522 ක් වැනි අතිවිශාල මුදලකි. මේ පිළිබඳව සංස්ථා අභ්‍යන්තර විගණන අංශය විසින් පරීක්‍ෂණයක් පවත්වා ඇති අතර ප්‍රධාන සැපයුම් නිළධාරිවරයා අනිවාර්ය කිවාඩු යවා ඇත.

මාධ්‍ය සහකාර වරුන්ට නීති විරෝධීව වැටුප් ගෙවීම

ඉංජිනේරු සංස්ථා සේවක ප‍්‍රතිපාදනයේ මාධ්‍ය සහකාර නමින් කළමණාකරණ සහකාර (තාක්‍ෂණික) කාණ්ඩයේ එක් තනතුරක් ඇති අතර ඊට NVQ 5 සහතික පත‍්‍ර ලාභියෙකු වසර තුනක පරිවාස සේවා කාලයකින් පසුව ස්ථිර සේවයට බඳවා ගත හැකිය. එහෙත් විමල් වීරවංශගේ සමයේ බඳවා ගන්නා ලද මාධ්‍ය සහකාරවරුන් කිසිවෙකු මෙම අවම සුදුසුකම සපුරා නො තිබිණි. එසේම, ඔවුන් කිසිවෙක් සංස්ථාවේ කිසිදු සේවා ස්ථානයක සේවය කර නැත. දින 180ට වඩා අඛණ්ඩ පැමිණීමක් ඇති සේවකයන්ට සේවා ස්ථිරත්වය ලබාදීමට නිකුත්කළ PA/2014/25 දරණ චක‍්‍රලේඛය මුවාවෙන් මොවුන්ගෙන් වැඩි පිරිසකගේ සේවය ද ස්ථිර කරන ලදි. කළමණාකරණ සහකාර (තාක්‍ෂණික) කාණ්ඩයට අදාල චක‍්‍රලේඛය යටතේ මොවුන්ගේ සේවය ස්ථිර කළ නොහැකි බවට කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් ඉංජිනේරු සංස්ථාව වෙත උපදෙස් ලබා දී තිබියදී පවා හොර පාරෙන් බඳවා ගන්නා ලද 40ක් පමණ වන මෙම පිරිසගේ සේවය ඔවුන්ගේ තනතුරු නාමයද වෙනස් කරමින් නිති විරෝධී ලෙස ස්ථිර කරන ලදී.

සංස්ථා වාහන 33ක් හිටපු ඇමති සේවයේ

සංස්ථාවෙන් මාසික කුලී පදනම මත ලබාගත් වාහන 33ක් හිටපු ඇමතිවරයාගේ දේශපාලන කටයුතු වෙනුවෙන් යොදවා තිබූණි. සංස්ථා සේවයට රියදුරන් 24ක් බඳවා ගනිමින් මෙම වාහන සඳහා යොදවා තිබුණි. මින් සමහර වාහන වෙනුවෙන් රියදුරු හා ඉන්ධන නොමැතිව රු.80,000 ක - 90,000ක මාසික කුලියක් ගෙවා තිබේ. මේවා සංස්ථා කාර්ය මණ්ඩලයේ කටයුතු වෙනුවෙන් ධාවනය නොවු අතර ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරුන්, භික්ෂූන් හා අමාත්‍යංශ ඉහල නිළධාරීන්ගේ බිරින්දෑවරුන්ගේ පරිහරණය සඳහා යොදවා තිබූණි.

අලෙවි ප‍්‍රවර්ධන නිලධාරීන් බඳවා ගැනීමෙන් කෝටි ගණනක වංචාවක්

අලෙවි ප‍්‍රවර්ධන නිළධාරී යන සංස්ථාවේ අනුමත සේවක ප‍්‍රතිපාදනයේ නොමැති තනතුරක් සඳහා 42දෙනෙකු බඳවාගෙන ඔවුන්ට වසර හතරකට වැඩි කාලයක් වැටුප් හා දීමනා ගෙවා ඇත. මොවුන් කිසිවකු සංස්ථාවේ කිසිදු වැඩබිමක හෝ ප‍්‍රධාන කාර්යාලයේ සේවය නොකළ අතර මේ සියලු දෙනා විමල් වීරවංශ හිටපු ඇමතිවරයාගේ දේශපාලන කාර්යාලවල සේවය කරන ලද අතර සංස්ථාව මගින් මාසිකව රු. 25,000 කට අධික වැටුපක් ගෙවන ලදි. මෙම පිරිස අතර ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රීවරු, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු හා ඔවුන්ගේ බිරින්දෑවරු ද වෙති. සූරියවැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුජිත් මුතුකුමාරණ මහතාද මොවුන් අතර සිටි අතර පසුගිය කාල සීමාවේදී කෝටි 5කට අධික මුදලක් ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් පමණක් ගෙවමින් සංස්ථා මුදල් අවභාවිතයේ යොදවා ඇත. මෙම පිරිස සේවයේ යෙදුණු ස්ථානයක් නොමැති බැවින් නව රජය බලයට පත් වූ පසු ඔවුන් අස් කරන ලදී.

විමල් වීරවංශ විසින් මෙම දූෂණ සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කර ගත්තේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලක්මිණි නෝනිස් හෝමාගම බස් නැවතුම්පල ඉදිකිරීම හා සම්බන්ධ චෝදනා එල්ල කරමින් සේවයෙන් ඉවත් කිරීමෙනි. දූෂණයට ඉඩ නො දුන් අවංක නිලධාරිනියක් ලෙස ඇය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් අතර ජනප්‍රිය ව සිටියා ය. ඉන් පසු එම තනතුරට උසස් වීමට සිටි කළමනාකාරවරුන් අතරින් කෙනෙකු එම තනතුරට පත් කර නො ගෙන පහළින් සිටි සහකාර කළමනාකාරවරයකු තනතුරට පත් කරන ලදී.

විමල් වීරවංශ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පාලනය සියතට ගන්නා විට එහි පිරිවැටුම රු. බිලියන පහක් පමණ විය. සංස්ථාවේ ශුද්ධ ලාභය රු. මිලියන 150ක් පමණ විය. එය 2014 අවසාන වන විට රු. බිලියන 10 දක්වා වැඩි කිරීමට සැලසුම් සකස් කර තිබිණි. එහෙත්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ලාභය ඉහළ ගොස් නැති බව සේවකයෝ පෙන්වා දෙති. පසුගිය වසර හතරක පමණ කාලය තුළ මුල්‍ය වාර්තා ඉදිරිපත් කර නැති බැවින් ලාභය කෙතරම් ද යන්න පැහැදිලි නැත. මුල්‍ය වාර්තා ඉදිරිපත් නො කරන්නේ ලාභය ඇදී යන්නේ ඇමතිවරයාගේ හිතවතුන් වන කොන්ත්‍රාත්කරුවන් අතට වීම නිසා බව ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ පෙන්වා දෙති.

පසුගිය සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් ලැබුණේ විමල් වීරවංශගේ හිතවතුන්ට හා ඔහුගේ පංචායුධ පදනමට අරමුදල් සපයන්නන්ටයි. හෝමාගම නියෝජ්‍ය නගරාධිපතිට අයත් රුවන් ට්‍රේඩ් සෙන්ටර් මෙවැනි එක් ප්‍රධාන ම කොන්ත්‍රාත්කරුවෙකි. නගමු පුරවර' ව්‍යාපෘතිය හා සම්බන්ධ කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් ලබා ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්ගේ හිතවතුන් විසින් බව ද සේවකයෝ පෙන්වා දෙති. ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම් වැඩි ප්‍රමාණයක් කළේ ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ජයන්ත සමරවීර සමග සම්බන්ධ ආයතන විසිනි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Unta awulak ne peraaa.. Appachchi yudde dinuwane... Nodakin wimalaya..

    ReplyDelete
  2. Why don't you write how central bank was destroyed by Ranil, your cherished leader? You , guy write for dollars and you have no backbone to write truth. Dollar Kakkas can't see the truth! New highway deal sans tender is another Ranil mega deal! But you can't write anything against it! Boot lickers of Ranil and USA can only write this type of nonsense! Only you believe what you write other than other Kakkas

    ReplyDelete
  3. මේක වාර්තාකරුවෙකු ගේ ලිපියක් මිස දේශපාලන විශ්ලේෂකයෙකු ගේ ලිපියක් නොවෙයි.

    ReplyDelete
  4. ඊළඟ සතියේ පළ කරන බව කීවත් පළ වුණේ නැත. තත්වය එසේ ය. You also do the same comments not in your taste. This is like MR's "Paligannawo". Your articles are good but you leave space for comments. This may also be blocked through your app.

    ReplyDelete
    Replies
    1. You better check your app. WE do not block civilized comments. Anybody can criticize us.

      Delete
    2. ඔය ලියන දේශපාලන ලිපි නම් අර මාරි මෝඩ නුගත් මාතලන් කාරය වගේ නෙවෙයි වෘත්තීයමය ගතියක් තියෙනවා. හැබැයි පැරකුම් ඔයා චන්දෙට කලින් නම් ඔයාට උත්තර දෙන්න අමාරු ප්‍රශ්න අහනකොට, ඔය ලියපු විවේචනය කරනකොට කොමෙන්ට් මැකුව. ආයේ චන්දෙන් පස්සේ ඔය කොමෙන්ට් මකන එකක් නා කියල නම් මම විශ්වාස කරන්නේ නැහැ.

      Delete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. Under Ranil's five star democracy? Yes, under Batalanda Ranil everything can happen! He can kill our innocent people. He can destroy entire country

      Delete
  6. අවජාතිකවාදියාAugust 10, 2015 at 11:54 AM

    මෙවැනි චෝදනා කළාට ජාතිකවාදී පාර්ශ්වය සැලෙන්නේ නැත
    ඔවුන්ගේ කතාව මෙවැන්නකි
    " 1- රනිල් ආවත් මහින්ද මහත්තයා ආවත් දූෂිතයෝ දෙපසේම සිටිති - ලොකු වෙනසක් සිදු නොවේ
    2- යහපාලකයන්ගේ මූලික පොරොන්දුව වූයේ දූෂණය අඩු කිරීමය - මහ බැංකු වංචාව අනුව ඔවුන්ගේ පොරොන්දු ඉටු නොවූ බව පැහැදිලිය
    3 - දූෂණය වසයෙන් රනිල් හා මහින්ද මහත්තයා සමාන වුවද භෞමික අඛණ්ඩතාව සුරැකීම, බටහිර /ඉන්දියානු බලපෑම් කළමණාකරනය කිරීම, බෙදුම්වාදීන් මැඩලීම, සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරැකීම ආදිය අතින් මහින්ද මහත්තයා ඉදිරියෙන්ම සිටී 
    එම නිසා මොන දූෂණ ‍චෝදනා ආවත් අපි මහින්ද මහත්තයාට ඡන්දය දෙමු " 

    අවාසානාවකට මෙන් ඉහත තර්කය මහින්ද විරෝධී පාර්ශ්වය නිශේධ කළ නොහැක -

    ReplyDelete
    Replies
    1. රනිල්ට කොහෙද මැට්ටෝ දුශන චෝදනා

      Delete
  7. විමල් කියන්නේ කොහොමත් නොම්මර එකේ සටකපටියෙක්."ජාතික නිදහස් පෙරමුණ"නෙමේ ඕක "ජාතික වහල් පෙරමුණ" ලොකුම වහලා තමයි එකේ ඉන්න විමල්.විමල් වහල්කම් කරන්නේ වහල් හිමියාට ආදරෙන් නෙමේ රට,ජාතිය වගේ සටන් පාඨ පෙරට දාලා වහල් හිමියාගේ පහනෙන් එලිය බලන්නයි.

    ReplyDelete
  8. ආ....... එහෙනම් රට වෙනුවෙන් දිවි පිදීමට වුණත් සූදානම් සංකිලි පනික්කියා රට වෙනුවෙන් හොරා කාලා තියෙන්නේ...... ප්‍රීතියි, ප්‍රීතියි!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා