ජවිපෙ අද නොවෙයි හෙට

මේ දවස්වල බුද්ධිමතුන් අතරෙ රැල්ලක් යනව විපක්ෂය ශක්තිමත් කරන්න ජවිපෙට ඡන්දෙ දෙන්න ඕනැ කියලා. ඒ තරම් බුද්ධිය නැති අය මේක පාවිච්චි කරනවා තමන් බුද්ධිමතුන් බව පෙන්වන්න. මේ වැඩේට නායකත්වය දෙන එක් අයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා කෙතරම් බුද්ධිමතෙක් වුණත් ඔහුට තිබෙනවා පොඩි පුද්ගලබද්ධ ප්‍රශ්නයක්. ඒ තමයි, යූඇන්පියට ඡන්දෙ දෙන්න බැරිකම. නිර්මාල් 2005දී මහින්දට ඡන්දය දෙන්න කිව්වා. ගැඹුරින් විමසලා බැලුවොත් මේ පක්ෂ දෙකෙන් එකකවත් මූලික පදනමේදී එහෙම අමුතු හොඳක් හෝ නරකක් නැහැ. 1971දී, 1989දී කැරැලි මර්දනය විෂයෙහි මෙම පක්ෂ දෙකේ හැසිරීම වෙනස් වුණේ කැරැල්ලේ දිග පළල අනුව මිස වෙන අමුතු කාරණයක් නිසා නො වේ.

ජවිපෙ මේ පක්ෂවලට වඩා වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ එය පහළ මධ්‍යම පංතිය මත පදනම් වෙන එක මත විතරයි. ජනතාව ජවිපෙට උපරිම බලයක් දුන් 2004දී පත් වූ මන්ත්‍රීවරු 39දෙනා අද ඉන්නේ කොහිද කියා විමසා බැලීමෙන් මෙය තේරුම් ගත හැකියි. සමහරු එජාපයේ ය. සමහරු සන්ධානයේ ය. තවත් සමහරු පෙරටුගාමී සමාජවවාදී පක්ෂයේ ය. මහින්ද රාජපක්ෂ යටතේ ඉතා කෙටි කලකින් වැඩි ම ධනයක් උපයා ගත් දූෂිතයෙක් වන්නේ ජවිපෙ හිටපු ප්‍රචාරක ලේකම් විමල් වීරවංශයි. නන්දන ගුණතිලක, ජයන්ත විජේසේකර වැනි අය ජවිපෙන් කැඩුණු පසු පක්ෂ ගණනාවකට මාරු වුණා. ඒ නිසා වෙනත් පක්ෂ සම්බන්ධයෙන් නගන අවලාද සියල්ල ජවිපෙට ද පොදුයි.
ජවිපෙ පැත්තට තිබෙන දූෂණ විරෝධී රැල්ල ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයට නවදිල්ලි ප්‍රාන්ත සභාවේදී ලැබුණු පිම්බීම වැනි පපඩම් පිම්බීමකි. ජවිපෙ කතා සාප්පු දේශපාලනයට දක්ෂයි. පසුගිය දිනෙක අනුර කුමාර දිසානායක රැස්වීමකදී අපූරු ප්‍රශ්නයක් ඇසුවා. ධර්ගා නගරයේ මුස්ලිම් ජනයාට පහර දෙන විට රනිල්ලා හකීම්ලා කළේ මොනවාදැයි ඇසූ අනුර කීවේ තමන් ඒ ගැන පාර්ලිමේන්තුවේ විවාද කළ බවයි. පාර්ලිමේන්තු විවාදයෙන් මුස්ලිම් ජනතාවගේ ගෙවල්වල ඇවිලුණු ගින්න නිවුණේ නැත. සිය දිවි නො තකා ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කළ එක ම දේශපාලකයා එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම පමණයි.

සාපේක්ෂ වශයෙන් ගත් කල එජාප නායකත්වය වඩා අගනාගරික (මෙට්‍රොපොලිස් / මෙගාපොලිස්) පුරවැසිභාවයක් ප්‍රවර්ධනය කරන පක්ෂයකි. එසේම, බටහිර රටවල පවතින ආකාරයේ විෂමතාවන් මැද මතුපිට සමානාත්මතාවක් පවතින ඉගලිටරියන් සමානාත්මතාව අගය කරනවා. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවක් දක්වනවා. පුද්ගල නිදහස, ප්‍රකාශන හිමිකම, මානව හිමිකම් ආදිය අගය කරනවා. ජාතිවාදයට පක්ෂ නැහැ. මේ කාරණා එජාප ගැන දෙන සහතිකයක් නොවෙයි. සාපේක්ෂ අධ්‍යයන පමණයි.

එහෙත්, මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රීලනිපය පරිණාමය වුණේ මේවායේ ප්‍රතිපාර්ශ්වය දෙසටයි. එය තනිකරම රාජාණ්ඩුවාදී, සමානාත්මතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ප්‍රතිගාමී, ජාතිවාදී, ආගම්වාදී පක්ෂයක් බවට පත් වුණා. එහි නායකත්වයෙන් මහින්ද ගලවා දැමීම ශ්‍රීලනිපයටත් තමන්ගේ මුල් සොයා ගන්නට උපකාරයක් වේවි.

සමාජවාදය ගොඩනැගිය හැක්කේ දියුණු සමාජයන්හි මිස කුණු වූ වනචාරී සමාජයන්ගේ නොවෙයි. මහින්ද යටතේ ලංකාව යමින් තිබුණේ ම්ලේච්ඡත්වය දෙසටයි. ඒ පාරේ කිසි කලෙක සමාජවාදය හමු වන්නේ නැති බව රෝසා ලක්ෂම්බර්ග් විසින් පෙන්වා දී තිබෙනවා. එහෙම සමාජවාදය හැදෙනවා නම් සමාජවාදී රුසියාවේ ආධාර ලැබූ ආණ්ඩු තිබුණු ඇෆගනිස්තානයේ හා ඉතියෝපියාවේ ද සමාජවාදය හැදෙන්නට තිබුණා.

මහින්ද පැරදවීම මහින්දගේ ක්‍රමය තීරණාත්මක ලෙස පරාජය කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා මේ මහ මැතිවරණය පාවිච්චි කළ යුතු මූලික අරමුණ වන්නේ මහින්ද පැරදවීමයි. ඒකේ කතා දෙකක් නැත. ඒ වෙනුවෙන් කිසිදු අවදානමක් ගත යුතු නැත. පක්ෂ එක්ක දේශපාලනය කළ කාලය දැන් ඉවර ය. අපි දේශපාලනය කරන්නේ අරමුණු සමග ය.

ශක්තිමත් විපක්ෂයක් හැදීම සඳහා මහින්ද විරෝධී ඡන්ද ජවිපෙට කඩා දිය යුතු නැත. මෙවර මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙන බවක් නො පෙනේ. එසේම, මහින්ද මෙන් දෑත් ශක්තිමත් කර ගැනීමට ය කියමින් කොල්ලාත්, බල්ලාත්, තමන් මරන්නට කොටින්ට ඔත්තු දුන් එකාත් එකතු කරගන්නා දේශපාලනයක් දැන් නැත. ඒ නිසා අනිවාර්යයෙන් ම ශක්තිමත් විපක්ෂයක් හැදෙනු ඇත. ඒ විපක්ෂයේ සිටින අයට වඩා ජවිපෙ වෙනස් බව පෙන්වන්නට නම් ජවිපෙ තව ගෙදර වැඩ ගොඩක් කර පැමිණිය යුතු ය.

ජවිපෙ සමග කොන්දේසි විරහිතව දේශපාලනයට යන සිවිල් බුද්ධිමතුන් ජවිපෙ ජාතිවාදය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය වැදගත්. බලය බෙදීම යනු රට බෙදීම ය කියා තවමත් කියන පක්ෂයක් එක්ක ජාතික ප්‍රශ්නය විසඳාගන්නේ කොහොම ද? අනෙකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ම බලය බෙදීම කියන ප්‍රශ්නයේදි ජවිපෙට වඩා ඉදිරිගාමීයි.

අනෙක් පැත්තෙන් දැන් අවශ්‍යව තිබෙන්නේ හුදු විපක්ෂ දේශපාලනයක් විතරක් නොවෙයි. මහින්ද විසින් රට ඇද දමා තියෙන ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නත්, දේශපාලකයන්ගේ කකුල් ළඟ වැඳ වැටෙන දීන පසුගාමිත්වක ගිල්වා තිබෙන සමාජය ඉදිරියට ගැනීමටත් යහපත් ආණ්ඩුකරණයක් ද අවශ්‍යයි. ජවිපෙ 2004දීත් රාජ්‍ය පාලනයට සම්බන්ධ වී යමක් කිරීමේ අවස්ථාව මගහැර කැළේ පැන්නා. ඒ සුනාමි සහන මණ්ඩලයට විරුද්ධ වෙන බව කියමිනුයි. ඒ වෙලාවේ කොටි හා කොටින්ට පක්ෂපාතී පිරිස් අපට කිව්වෙ ජවිපෙට පිං සිද්ද වෙන්න අපි මර උගුලකින් ගැලවුණා කියලායි. ඔවුන් සාම ක්‍රියාවලිය තුළ සිර වී සිටියේ කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ඊලම වෙනුවෙන් යුද්ධය දිගට ගෙන යන්නයි. ඔවුන්ගේ පැවැත්ම තිබුණේ එතනයි.

ජවිපෙත් සභාග ආණ්ඩුව නිසා තමන්ගේ සමාජවාදී පතිවෘත්තාව බිඳෙයි කියලා විචිකිච්ඡාවකයි හිටියේ. ඒ නිසා ඔවුන් කළේ සුනාමි සහන මණ්ඩලය පාවිච්චි කරලා ආණ්ඩුවෙන් එළියට එන එකයි. මේ දෙගොල්ලොම එක ජාතියේ කට්ටිය. කොටින්ට ඊලම. ජවිපෙට සමාජවාදය. දෙගොල්ලොම නො කෙරෙන වෙදකම් එක්ක තමයි හැමදාමත් ඉන්නෙ. අන්තිමේදි දෙමළ කොල්ලන් දහදාහක් විතර මරලා දැම්මා නේ. දැන් ජවිපෙට සතුටු ද?

මේ ඔක්කොම කතා නිසා තමයි අපි කියන්නේ ජවිපෙට ලොකු බලයක් අරන් දෙන එක මේ වෙලාවේ ප්‍රමුඛ කාර්යයක් නො වන බව. එහි එක පැත්තක මහින්දට වාසි වීමේ අවදානමක් තිබෙනවා. අනෙක් පැත්තෙන්, ජවිපෙ දෝතින් වැළඳගන්න කලින් එය ජාතිවාදයෙන්, කල්ලිවාදයෙන් මිදුණු, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ශක්තිමත් පක්ෂයක් බවට පත් විය යුතු බවත් පුරවැසියන් ලෙස අපි අවධාරණය කළ යුතුයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ow ithuru wela thiyena sampath tika kunu kolleta kanna ....
    ayeth rata gini thiyanna,
    VOTE for UNP

    ReplyDelete
    Replies
    1. ස්වාභාවික සම්පත් සුරැකීම අතින් ඉදිරියෙන්ම හිටියේ සිරිමාවෝ බණ්ඩාරණායක රජයයි, ඒ කාලේ ස්වාභාවික සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තා, හුබස් මැටි දාල හදපු දේශිය හකුරු වගේ දේවල් පහසුවෙන් ගන්න තිබුනා. ජේ ආර් ගේ විවෘත ආර්තිකය තමයි ඒ ක්‍රමය කඩා බිඳ දැම්මේ.

      Delete
    2. ඇයි මිරිස් කුඩු වෙනුවට ගඩොල් කුඩු..? ගම්මිරිස් වෙනුවට පැපොල් ඇට...?

      Delete
  2. anthimata demala kollo 10000 venuvata sinhala demala dammanam hoda nadda

    ReplyDelete
  3. // මේ දවස්වල බුද්ධිමතුන් අතරෙ රැල්ලක් යනව විපක්ෂය ශක්තිමත් කරන්න ජවිපෙට ඡන්දෙ දෙන්න ඕනැ කියලා. ඒ තරම් බුද්ධිය නැති අය මේක පාවිච්චි කරනවා තමන් බුද්ධිමතුන් බව පෙන්වන්න//
    දිවැස් තියනවද අනුන්ගෙ හිත් කියවන්න? නිකං ගොං කතා කියන්නෙ නැතුව ඉන්න පැරා!

    "ජවිපෙට නොදී එජාපයට දීම" කියන එකේ තාර්කික පැත්තක් තියනව. මහින්ද යලි නැඟිටීම නැවැත්වීමට ඇති සාර්ථකම ක්‍රමය එජාපය ශක්තිමත් කිරීම බවත් ඇත්ත. නමුත් මෙදා යූඇන්පී ආන්ඩුවක් එනව. ඒ නිසා ජවිපෙ ට යම් ආසන ගණනක් දෙන එක හොඳයි.
    "ප්‍රධාන සතුරා පරාජය කරන්න ඊලඟට ඉන්න එකා දිනවීම" කියන පැරාගෙ කැමැත්ත අනුව තමයි අවුරුදු හැට ගනනක් අපි තීරණ ගත්තෙ. පැරාගෙ ඔය තීරණය දැනටම අත්හදා බලල ෆේල් වෙච්ච එකක්. තවත් ඕන නං දීල බලමු!

    ReplyDelete
    Replies
    1. 99% ක් ම එකග වෙන්න පුළුවන් ඔබත් සමග

      Delete
    2. පැරාත් දැන් ගොබෙල්ස් වගෙ.මේ ලිපියේ 50% කලින් ලිපියක තිබුදෙවල්.
      පැරා කියන පරිදිම"ගැඹුරින් විමසලා බැලුවොත් මේ පක්ෂ දෙකෙන් එකකවත් මූලික පදනමේදී එහෙම අමුතු හොඳක් හෝ නරකක් නැහැ."එහෙනම් රනිලුත් මහින්දයා වගේම නොවෙයි කියල පැරා සහතික වෙනවද?චන්ද වලින් පැරදි පැරදි unp නයකයාව සිටි රනිල්ව වැඩිබලයක් දුන්නොත් බලයෙන් පහ කිරිම JRබලයෙන් පහ කිරිමටත් වඩා අපහසු වෙවි.
      A.Fernando

      Delete
  4. ලන්කවෙ එක සමාජ තීරුවක් තියෙනවා...
    ඔවුන්ත රටෙ බහ්තරයට වඩා සල්ලි තියෙන, කොලබ නාගරික සමාජයේ ජීවත්වෙන, ඉන්ග්‍රීසි කථාකරන, ව්‍යාපාර කරන ආදී ඉහතකී කාන්ඩ එකකට හෝ කිහිපයකට අයත්වෙන අයව ඇලජික්.. ඉතින් ඒ කාන්ඩයේ නියෝජනය විදිහට දකින යූඑන්පිය හෝ රනිල්ට චන්දෙදීම දරාගන්න බෑ..

    ඒ සමාජ තීරුවේන් ඉන්නේ බොහෝවිට පහල මධ්‍යම පාන්තිය, ග්‍රාමීය හෝ අර්ධනාගරික, ඉහල සමාජතල එක්ක සම්බන්ධතා නැති බොහෝවිට අමාරුවෙන් උසස්පෙල සමත්ව ව්ස්වවිද්‍යාලයට ගියපු නැතිනම් රාජ්‍ය හෝ පුද්ගලික අංෂයේ සාමාන්‍ය රැකියා කරන අය..
    මේ අයට සමාජවාදය ගැන මහ උනන්දුවක් නෑ හැබැයි යූඑන්පියට ඇති ඇලජික් එක නිසා මොවුන් ජවිපෙට චන්දෙ දෙනවා..
    ඉස්සර මේ අයගේ තෝරාගැනීම වුනේ ශ්‍රීලනිපය නමුත් මරාගෙන් පස්සේ තියෙන විකල්පය කියලා ඔවුන් දකින්නේ ජවිපෙ විතරයි...
    මේක හරියට මූනත් එක්ක තරහට නහය කපාගැනීම වගේ වැඩක්... අන්තිමේදි වෙන්නේ මරාට වාසිවීම

    ReplyDelete
  5. //නමුත් මෙදා යූඇන්පී ආන්ඩුවක් එනව.//

    දිවැස් තියනවද අනුන්ගෙ හිත් කියවන්න? නිකං ගොං කතා කියන්නෙ නැතුව ඉන්න රාජ් කියලා මං නම් කියන්නේ නැහැ. මොකද සබුද්ධික මිනිසුන්ට උපකල්පන කිරීමේ හැකියාව තිබෙන නිසා.

    ReplyDelete
    Replies
    1. යූඇන්පී ආණ්ඩුවක් එනබව කියන්න අමුතු හැකියාවක් මොකටද පැරා. මහින්දගෙ පළුවකුත් ගලවගෙන රනිල් ආණ්ඩුවක් පිහිටවනව. ඒක දැනට පේන්න තියන දේනෙ.
      අපි ජවිපෙට දෙන්නෙ පොරවල් ‍ෙ වන්න නෙවේ. මේ වෙලාවෙ තුන්වැනි බලවේගය විනාශ කරල ඊට පස්සෙ ඊලඟ අවරුදු පහ අවසානයේ අඬන්න බැරි නිසා.

      ජවිපෙ අවිශ්වාසයි කියල පැරා හිතනව නං අවුලක් නෑ. ඒක ඔබේ තීරණය. ජවිපෙ හොඳයි, නමුත් මේ වෙලාවෙ යූඇන්පිය දිනවන්න ඕන කියන කතාව කලින් ටෙස්ට් කරපු එකක්.

      Delete
    2. හා.. එහෙනම් මරා දිනෙව්වොත් හරි නේද? අවුරුදු 10 තිස්සෙ මරා කරපු කාබාසිනියාව කිසිම ආන්ඩුවකින් කලේ නෑ.. අනික් එක අවුරුදු 20කට කලින් තිබ්බ එජාප නායකත්වයම තාම තියෙනව කියල හිතෙනවද?

      Delete
  6. රක්ත රුහිරුAugust 8, 2015 at 10:21 AM

    කොහෙද සක්කිලිබල්ලො ජේවීපීය නිසා දෙමල කොල්ලො 10000 මැරුනෙ.. තොගෙ සක්කිලි රනිල නේද රටපාවාදෙන ගිවිසුම ගහල උතුරුනැගෙනහිර කොටියට ලියලදුන්නෙ...
    එදා අපේ සහෝදරවරු සන්ධාන ආන්ඩුව හදල ඒ කැපකිරීම නොකලනම් අදත් කොටි තමා උතුරෙ රජකරන්නෙ...
    කන්නොනෙ වෙලාවට තලගොයි කබරගොයි කරගන්න භ්‍රෂ්ටයො තමා සමාජවාදී ආන්ඩුවක් යටතේ ඉස්සෙල්ලම එල්ලන්න ඔනෙ...

    ReplyDelete
    Replies
    1. ඇයි සත්ගුණවත් මහත්මයා, ඔබට මතක නැද්ද ජවිපෙ යුද්ධයට ආවැඩුවා.

      ඔබගේ සමාජවාදී ආණ්ඩුව කිසි දිනෙක බිහි නො වන බැවින් මා එල්ලීමට ලැබෙන්නේ නැත. ඔබ එල්ලෙන්න.

      Delete
    2. රක්ත රුහිරු! හරි ෂෝක් ප්‍රොෆයිල් එක. ඒ වුණාට ජවිපෙ මල්ලිලා අපි ඔයාලට බය නැහැ. ඔයාලගෙ මහ ලොකු 89 කැරැල්ල ගහපු හැටි අපි දැක්කා. මොකද අපිනේ ඒ කැරැල්ල ගැහුවෙ. දැන් ඔය ඉන්න ජවිපෙ සාමාජිකයෝ යතුරු කැරැල්ලකට වඩා දෙයක් ගැන දන්නෙ නැහැ.

      යකාට බය නම් අපි සොහොනෙ ගෙවල් හදන්නෙ නැහැ. ඔයිට වඩා අමාරු කාලවල අපි ලංකාවෙ ඉඳගෙන මහින්ද රාජපක්ෂටත් මුහුණ දුන්නා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයෙන්.

      රක්ත රුහිරු ගලනවා අර්ශස් රෝගීන්ගෙ පස්ස පැත්තෙනුත්.

      Delete
  7. 03 August 2012
    අසුනවයේ භීෂණයේ භයංකාරත්වය මගේ ඇසින් (භිෂණයේ අදුරු මතකය)උපුටා ගැනීම : http://chami4u.blogspot.com/2012/08/blog-post.html


    මේ කාලය ගැන 85න් පස්සේ ඉපදුන අයට හිතාගන්නවත් බැරි වෙයි

    ReplyDelete
  8. "නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා කෙතරම් බුද්ධිමතෙක් වුණත් ඔහුට තිබෙනවා පොඩි පුද්ගලබද්ධ ප්‍රශ්නයක්. ඒ තමයි, යූඇන්පියට ඡන්දෙ දෙන්න බැරිකම"

    අජිත් පෑරකුම්ටත් පුද්ගල බද්ධ ප්‍රශ්නයක් තියෙනව, එනිසාම ජවිපෙ අද නොවෙයි හෙට කියනවා

    ReplyDelete
  9. පුන් සඳට බල්ලෙක් උඩු බුරයි. UNP පරනවිතාන සමග ඔබෙගේ දේශපාලිනික සම්බන්දතාවයක් ඇති බවට පැවති බවට තව ශාක්ශි කුමකටද?. ඔබට මතයක් දැරීමේ අය්තියක් ඇති නමුදු, ප්‍රගතශීලී හෝ ස්මාජවාදී පඩංගු වලට මුවා නොවී ඔබෙ UNP මාද්‍ය ඒකකයට ඇති සම්බන්දතාවය හෙලි කරන්න.මාගේ කමෙන්ටුව del;ete නොකරනු ඇතයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. පුන් සඳට බල්ලෙක් උඩු බුරයි. කනගාටුවෙන් උනත් කතාව හරි හරියට කියන්න වෙනවා

      Delete
    2. ඔබගේ කමෙන්ටුව ඩිලීට් කිරීමට මට උවමනාවක් නැත. එජාප මාධ්‍ය ඒකකය සමග මගේ ඇති බැඳීමක් නැත. එහෙත් අපි ඔවුන් හඳුනන්නෙමු. අරමුණක් වෙනුවෙන් එකට වැඩ කරන්නට අවශ්‍ය විට වැඩ කරන්නෙමු. මේ අවස්ථාවේ මා පෙනී සිටින අරමුණ රාජපක්ෂවාදය අවසන් කිරීමයි.

      Delete
    3. තව වසර පහකින් රනිල් පරජය කරනන්න පැරාට පුලුවන්.

      අජිත් පෑරකුම්ටත් පුද්ගල බද්ධ ප්‍රශ්නයක් තියෙනව, එනිසාම ජවිපෙ අද නොවෙයි හෙට කියනවා.
      යූඇන්පිය දිනවන්න ඕන කියන කතාව කලින් ටෙස්ට් කරපු එකක්.

      Delete
  10. සිවිල් බුද්ධිමතුන් කියනවට වඩා.... සිවිල් උගතුන් හෝ සිවිල් පොරවල් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි බවයි මගේ හැඟීම... ඔය බුද්ධිමතුන් කියන් උන්ගෙන් කීප දෙනෙක් ජාතික ලයිස්තුවෙන් පිස්සන් කොටුවට ගියා... ඒත් එකෙක්වත් මෙළෝ මළහත්තිලව්වක් වත් කොලේ නෑ... එයිට වඩා ජේ ආර්, ප්‍රේමදාස, ගාමිණි දිසානායක, මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය රටට මොනයම් හෝ දෙයක් කළා.. මම නම් මෑත කාළේ දේශපාලුවන්ගෙන් බුද්ධිමතුන් විදියට දකින්නේ දෙන්නයි.

    ලලිත් ඇතුලත්මුදලි සහ ලක්ෂ්මන් කදිරගාමර්...

    ReplyDelete
    Replies
    1. //ජේ ආර්, ප්‍රේමදාස, ගාමිණි දිසානායක, මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය//මුල් 3 දෙනා නම් දේශපාලඥයෝ. ගෝඨාබය මොකෝ ? ඇයි ගොටබය විතරක් ? ආරක්ෂක අංශ වලට සම්බන්ද අය සැලකුවොත් ඩෙන්සිල් කොබ්බැකඩුව, සරත් ෆොන්සේකා, කැල්න්සි ප්‍රනාන්දු, රොෂාන් ගුණතිලක, වසන්ත කරන්නාගොඩ වගේ ආරක්ෂක අංශ වලට සම්බන්ධ අය මොකුත් කොලේ නැති ද ? රාජ්‍ය නිලදාරියෙක් විදියට සැලකුවොත් මහින්ද දේශප්‍රිය සරත් මායාදුන්නේ වගේ යම් දෙයක් කරපු අයවත් ඔය ලැයිස්තුවේ නෑ නේද ? ඒ ඔක්කොම ඉදෙද්දී ගෝඨාබය විතරක් මතක් වෙන්නේ බයටද ? එහෙම නැති නම් ගතිපු කුට්ටිය නිසාද ?

      Delete
    2. ඝෝඨාභය කරපු දේ අහලකින් වත් තියන්න පුළුවන්ද ඔය එකෙක් වත් කරලා තියෙන දේවල්.... පාට පක්ෂ බේදයකින් තොරව කළ දේ අගය කිරීමයි කළ යුත්තේ.. අද ඕන එකෙකුට ආඩම්බරයෙන් අපේ කොළබ නඟරය ළෝකේ ඕනම එකෙකුට පෙන්වන්න පුළුවන්... ඒයාගෙත් වැරදි වෙනම කතා කරන්න පුළුවන්... ඒත් කරපු දේ අමතක කරන එක ගුණමකු කම...

      Delete
    3. //ඝෝඨාභය කරපු දේ අහලකින් වත් තියන්න පුළුවන්ද ඔය එකෙක් වත් කරලා තියෙන දේවල්.... පාට පක්ෂ බේදයකින් තොරව කළ දේ අගය කිරීමයි කළ යුත්තේ.. අද ඕන එකෙකුට ආඩම්බරයෙන් අපේ කොළබ නඟරය ළෝකේ ඕනම එකෙකුට පෙන්වන්න පුළුවන්... // ඒ කියන්නේ ඔබ ඔය පාට පක්ෂ නැතිව අගය කරන්නේ ආඩම්බරයෙන් වෙන එවුන්ට පෙන්නීමට හැකි වන ලෙස කොළඹ ලස්සන කල නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ගෝඨාබය මිසක්, යුධමය ක්‍රියාමාර්ගයක් පවතින විටකදී ඒසදහා සැලකිය යුතු දායකත්වයක් සපයමින් කටයුතුකළ ආරක්ෂක ලේඛම් ගෝඨාබය නෙවෙයි ද ?

      Delete
    4. සියගානක් සුදුවෑන් වලින් එලොව යපාවු කාලකන්නියෙක් මිනිස්සුන්ගෙ බදුමුදල් වලින් බාගෙට භාගයක් හොරකම් කරල කොලඹ පොඩ්ඩක් හැදුවයි කියල (ලෝකෙ නගර දැකල තියෙන එකෙකුටනම් ඕකෙ ඇති මහා දෙයක් නෑ ) ඌට හෝයිය කියන්නෙ මාතලන් රෙදි ඇදගෙනද?

      ඔව් අපිට මතකයි මරා මිනී මරද්දි යුද්දෙ යුද්දෙ කියාගෙන මාතයල ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ හිතපු හැටි ගැන...

      Delete
    5. @AnonymousAugust 8, 2015 at 5:12 PM මම නම් හිතන්නේ නෑ මාත ඔහෙට උත්තර දෙන්න ඒවි කියල මේ දවස් දෙක තුනේ ඇනොලගෙන් කාපු කෑමේ හැටියට. පව් අප්පා.

      Delete
    6. මාතලන් ----

      මොකද්ද අඩෝ ගෝටයිම්බරයා කරපු හොඳ අමතක කරන එක ගුණමකු කමක් කියලා කියන්නේ? මොකෝ කොළඹ පේව්මන්ට්වල රතු පාට ගල් ඇල්ලුවේ ගෝඨා ගෙදරින් ගෙනාපු සල්ලිවලින්ද? ඔය ගල්වලට උඹයි මමයි සල්ලි ගෙවලා තියනවා. ඌ තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැති කරලා අපට ගුණමකු වෙලා තියෙන්නේ.

      Delete
    7. මහින්දට වුන දේමද මන්ද මාතටත් වුනේ. බ්ලොග් ලෝකේ හැමෝටම කුණුහරුප කියාගෙන තග දමාගෙන "පැසුණු ගෙඩියා" වගේ හිටපු ඇති පණ්ඩිත මාතා දැන් "නපුන්සක ගෙඩියෙක්" වගේ ඇනොලට බයේ හැංගිලා. මාතේ ඕක ඔයාගේ වැරැද්ද නෙවෙයි, ඔයාට හැංගෙන්න වුනේ ඔය පෙනී හිටින මතයේ වැරැද්ද නිසා. හරි මතයක් වෙනුවෙන් පෙනීහිටින කොට හය්යට ඉන්න එවුන් බොරු මතයක් වෙනුවෙන් පෙනීහිටිනකොට පරදල් වගේ වෙනවා. අර දයාසිරිට වුනෙත් ඒක නේ, අන්තිමේ දෙකට නැමිලා වන්දලානේ ගියේ හිටන් හුටන් කියපු මෛත්‍රී ට. ඔය පෙනීහිටින මතය තහවුරු කරන්න බැරි වැරදි එකක් නම් හැමදාමත් ඔය වගේ ටොකු කකා තමයි ඉන්න වෙන්නේ.

      Delete
    8. හපොයි. හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක් කියල පොර ටෝක්ස් දීගෙන හැමෝටම කුණුහරුප කියාගෙන තග ගෙන හිටපු මාතලන් කාරය බලු වෙලා ඇඳ යට හැංගිලා. එන්නේ නෑ දැන් බ්ලොග් පැත්ත පලාතෙවත් කොමෙන්ට් දාන්න.

      Delete
  11. අපි නම් පැරලා වගේ බුද්ධිමත්තු නෙමේ.ඒ නිසා ජවිපෙට දෙන්න ගත්තු තීරණය තුල දිගටම ඉන්නවා.වඩා ප්‍රමුඛ දේ රාජපක්‍ෂ පාලනයෙන් රට මුදවා ගැනීම බව ඇත්ත.හැබැයි ඒ ප්‍රමුඛ අරමුණට අහිතකර බලපෑමක් ජවිපෙට ජන්දය දීමෙන් වෙන්නේ නැහැ.මොකද පවතින තත්වය මත කිසිසේත්ම ජවිපෙ සන්ධානය සමග හවුලකට එකතු නොවන බව පැහැදිලි නිසා.

    අනික අමතක කරන්න එපා ඕනෑම ආණ්ඩුවක් ඕනෑවට වඩා වැඩි බහුතර බලයක් ගත්තාම පිස්සු නටන බව.දැනටත් සමහර ක්‍රියාවලින් යුඑන්පිය පෙන්වමින් ඉන්නවා "යහපාලනය"ගැන කතා කෙරුවාට තමනුත් මහින්ද රාජපක්‍ෂලාට නොදවැනි බවට.සුජීවලා ගේ වැඩ එහෙම පේනවානේ.දැනටම මෙහෙම නම් ඕනෑවට වඩා බලගතු "එක්සත් ජාතික පක්‍ෂ"රජයක් ආවම කොහොමට තියේවිද සෙල්ලම.

    ReplyDelete
    Replies
    1. //මොකද පවතින තත්වය මත කිසිසේත්ම ජවිපෙ සන්ධානය සමග හවුලකට එකතු නොවන බව පැහැදිලි නිසා.// 100% ස්ථිරයි ජවිපෙ යලිත් කිසිම දේශපාලන පක්ෂයක් සමග සන්ධාන ගත නොවන බවට

      Delete
    2. අපි නම් දන්නේ ඉතිහාසය ගැනයි. අනාගතය ගැන කියන්නට අපි නම් අනාගත වක්තෘෘන් නො වේ. එහෙත් ජවිපෙ ඉතිහාසය නම් ඔය කියන තරම් පිරිසිදු එකක් නො වන බව කවුරුත් දනිති.

      Delete
    3. එම නිසා අපි අති පිරිසිදු unpය දිනවමු.අවුරුදු 5 කට පස්සේ උන්ව එලවන්න මහින්දව ගෙනෙමු.
      A. Fernando.

      Delete
    4. යූඑන්පියට ජය වේවා..

      Delete
    5. රනිල් පහසුවෙන්ම දිනයි.ඒක මේ දවස්වල දේසපාලනය ගැන උනන්දුවක් තියෙන ඕන කෙනෙකුට තේරෙනව.දිනුවට පස්සෙ,මයිත්ත්‍රීලගෙ කට්ටියකුත් එක්ක මෙගා සයිස් ආන්ඩුවකුත් හදයි.ජනතා විමුක්ති පෙරමුන ආසන 40 ක් ගත්ත කියලත් එයාලට දැනෙන එකකුත් නැහැ.

      Delete
  12. මට දැනෙන තේරෙන හැටියට මේ ලියුම් කරුට පුද්ගල සම්බන්ද වයිරයක් මෙන්ම තමන්ට ජීවනෝපාය සපයන හාම්පුතුන්ට එලබෙන මැතිවරණයෙන් පසු රිසි සේ හම්බ කර ගැනීමට නොලැබෙන බව දන්නවා ජවිපෙ බලය වැඩි උනොත්. අන්න එම බය හා වයිරය මොහු පිටකරන්නේ ප්‍රගතිශීලි සළුවක් දවටාගෙනය නමුත් එම ප්‍රගති ශීලි සළුවද විනිවිද පෙනෙන සුළුබව පෙනේ... ඕනෑම දැනුවත් සිහි බුද්දියක් තියෙන පුද්ගලයකුට තේරෙනවා දැන් නොපමාව කළයුත්ත ජවිපෙ විපක්ෂයට නොව බලයට් ගෙන එම බව....එත් මේ ගොබෙල්ස්ලා එය වසන් කර unp එකට පුර්ණ බලයක් හිමිකර දෙන්න තටමන්නේ තම ස්වාර්ථකාමී අදහස් නිසාය.. මොවුන්ට නිසි පිළිතුරු 17 වනදාට ලැබෙන බව ස්ථිරයි එමෙන්ම මෙය කියවන ප්‍රගතිශීලි ඔබ ජවිපෙ ශක්තිමත් කිරීමට මැදිහත් වන මෙන් ඉල්ලාසිටිමි...

    ReplyDelete
  13. හිතවත් අජිත්, ඔබ පවසන දෙය සත්‍යයකි. අවම වශයෙන් මා සත්‍යය යනුවෙන් අනුයන දෙය සමඟ හෝ ඔබගේ විග්‍රහ ගැළපේ. ජනත විමුක්ති පෙරමුණට පාවිච්චි කරන ඡන්දය ආන්තික ඵලය ලෙස උපකාර කරනුයේ වැඩවසම් රාජපක්ෂ නඩයට යි. ජවිපෙ ඉතා ආකර්ෂණීය විවේචකයන් පිරිසකි. රෝහණ සහෝදරයා තරම් කරිස්මාවකින් හෙබි නායකත්වයක් වර්තමාන ජවිපෙ තුළ නැතත් නේක දුක්ඛස්‍යාදිය අතරෙහි පීඩිත දිවියක් ගෙවන ජනතාවට ජවිපෙ විසින් යම් ප්‍රමෝදයක් සපයනු ලැබේ. එනිසා ජනතාව ඔවුන්ගේ කතාවට කන යොමු කරති. එපමණකි. ජනතාව ඔවුන්ට ඡන්දය දෙන්නේ නැත. ජවිපෙ හුදු විවිචේකයන් පරිසක් පමණක් බව ජනතාව වටහා ගෙන තිබෙන බව මගේ විශ්වාසය යි. ජවිපෙට උපරිම වුවහොත් ප්‍රාදේශිය සභාවක පාලනය ගෙන යා හැකි යි. එය ඔවුන්ගේ ක්‍රියාකාරි සීමාව යි. ගමක තේ කඩයක් කරන ආකාරයෙන් රාෂ්ට්‍රපාලනය කළ නො හැකි බව ජවිප නො දැන සිටිය ද ජනතාව දනිති. සමන්ත සහෝදරයා ම මෑතක දී පැවසූ ලෙස ම ජවිපෙට රසිකයන් බොහෝ ඇතත්; ඡන්ද නැති ය. නිර්මාල්ට මා ද හිතවත් ය. ඔහු වත්තේ කෙහෙල්කැන කපා ගෙන මුහුණු පොතේ පිස්සු කෙළින අමරෙට වඩා දේශපාලනික ව සවිඥානික යි. එහෙත් නිර්මාල්ට අතීතයේ යම් ක්ෂිතිමය අත්දැකීමක් නිසා දෝ එජාපයට කතිරයක් ගසන්නට අපහසුවක් තිබෙන බව පෙනෙනවා. ඒක උපවිඥානයේ මෙහෙයවීමක්. අජිත් පවසන පුද්ගල අර්බුදය එය විය හැකි යි. ජවිපය වැනි ජාතික ප්‍රශ්නය පිළිබඳ දුර්ගන්ධවත් අස්ථානයක සිටින පක්ෂයක් වාමාංශික වන්නේ නැත. ජවිපෙ වැනි බොල්ශෙවික්-මෙන්ශෙවික් දෙබිඩි දරුවෙකුට එදත් මාක්ස්මය කියවීමක් තිබුණෙ නැත. මේ මෑතක දී විජිත සහෝදරයා ජාතික ප්‍රශ්නය පිළිබඳ වචනයක් දෙකක් පිට කළේ ය; පැත්ත පළාත ම පිළුණු ගඳ විණි. රෝහණ සහෝදරයාගේ එක ම වැදගත් පොතත් මේ හාදයා කපා කොටා විකෘති කර තිබේ. ජවිපෙට ඡන්දය දෙන්නට අනුබල දෙන අය මූහුණත් එක්ක තරහා වී නහය කපා ගන්නා දේශපාලන තොත්ත බබලා නො ව දේශපාලන කුහක‍යෝ ය. වාමාංශික පතිව්‍රතතාව පිළිබඳ ඊනියා මතිභ්‍රාන්තියක හිර නො වී අපි ලිබරල් ධනවාදය පිළිබඳ භාවිත කියවීමක් කළ යුතු වෙමු. අමරේ වැනි සරලමතිකයකුගේ ළදරු වලිප්පුව පිළිබඳ මා එතරම් සන්තාප වන්නේ නැත. ඒත් වමා ජවිපෙට සහයදීම ඛේදයකි. එය කලකට පෙර ගුණදාස අමරසේකර ජවිපෙ ලංකාවේ තරුණ බුද්ධිමතුන්ගේ දේශපාලනය ලෙස පැවසීම වැනි විසුළුවකි. ජවිපෙට ඡන්දය දී රාජපක්ෂ නඩය ශක්තිමත් නො කරමු; ජන්දය අපතේ නො හරිමු. අජිත්ට මගේ විප්ලවීය ආචාරය!

    ReplyDelete
    Replies
    1. ජවිපෙට දෙන්න කියන්නේ ද, කාට චන්දය දුන්නත් වැඩක් නැති බව කියන්නේ ද, චීනගෙන් හැමෝම සල්ලි ගති නිසා චන්ද උණුසුමක් නැති බව සල්ලි දෙනවා සහ ගන්නවා බලාගෙන සිටියා සේ කියන්නේද, කවුරු ආවත් චීනට ඕනේ හැටියට වැඩ වෙන නිසා චන්දය කාට දුන්නත් වැඩක් නැති බව ද කියා, එම ලිපියෙන්ම ජවිපෙට චන්දය දීමට ද අපට කියන්නේද UNP චන්ද කැඩීමේ මරා හොරා ගේ සිල්ලර කුණු කොන්ත්‍රාත්තුව ගත් සහතික නොමැති නිසා උගත් යයි කියාගත නොහැකි නමුත් තමුන් විසින්ම බුද්දිමත් යයි සිතා සිටින ප්‍රියන්ත හේවගේ නොහොත් මාතලන් නමැති මැදමුලනේ බත් බැලයා වැනි උපන්ගෙයි මීහරකුන්ය!!

      Delete
  14. පැරාට දිනමිණ දෙන්ඩ ප්ලීස් !

    ReplyDelete
  15. මුන් දෙන්න දිනමිණ කතෘ මණ්ඩලේට රංගන්න ඉන්න බුවාලා දෙන්නෙක් වගෙයි බන්. මෙහෙමත් කැස්සක්. එළ එළ. හරයක් නෑ හැබැයි.

    ReplyDelete
    Replies
    1. පැරාට දිනමිණ දෙන්ඩ ප්ලීස් !

      Delete
  16. ඒ ඔබ දන්නා දේශපාලනයයි. අපි අද එජාපට උදව් කරන්නේ ද එදා පටන් ආරක්ෂා කළ මූලධර්ම මත පිහිටා මිස කිසිවක් බලාපොරොත්තුවෙන් නො වේ.

    මෙවැනි කතා ජනාධිපතිවරණයට පෙරත් කියැවිණි. එහෙත්, අපි තවමත් වරප්‍රසාද ඉල්ලා ආණ්ඩුව හා දේශපාලකයන් පසුපස යන තැනට වැටී නැත.

    ReplyDelete
  17. ජවිපෙ මීළඟට බිහි කරන 'විමල් වීරවංශ ' තමයි ලාල් කාන්ත කියන්නෙ. මතක තියා ගන්න කවද හරි කොළ හරි නිල් හරි පාටකින් චන්දෙ ඉල්ලනව.

    ReplyDelete
  18. ජවිපෙ තිබ්බ පුර්ණකාලීන යන්ත්‍රය පෙරටුගාමියොත් එක්ක හේදිලා ගියා.දැන් ජවිපෙ කියන්නේ විජේවීර ලා ගමනායකලා හිටපු ජවිපෙ නොවෙයි. අනුරකුමාර දිසානායකගේ ෆයිල් ටිකත් තියෙන්නේ ගෝඨා ගාව. රනිල්ලා පුරවැසියෝ එක්ක ගහපු ගිවිසුමේ මොනවාද තියෙන්නේ. හරියට රටේ සාමන්‍ය නීතියයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි ආරක්ෂා කරනවානම් ඔය ගිවිසුම් මොකටද? රනිල්ලාගේ 77/94 පාලනය අමතක කරලා උන් එක්ක ගිවිසුම් ගහන හොර පුරවැසි නඩය මේ රටේ මෝඩයෝ අන්දන එකයි කරන්නේ. මහින්ද සුනාමි හොරා කියලා දැන දැනත් ඌව ගෙනාවේ ජවිපෙ නෙවෙයි ද? විමල්ලා අනුරකුමාරලා, ලාල්කාන්තලා ඔක්කොම එකවල්ලෙ බඩු. මේ මැතිවරණය කියන්නේ හොරු රංචුවක් හොරකම්කරපු දේවල් බෙදාගන්න සොහොනක් මැද වාඩිවෙලා කෙළින සුදූවක්. හොරුන්ට හම්බ කරගන්න උන්ට ඡන්දෙ දීලා ඊට පස්සේ රස්සාවල් ගන්න, ළමයිව ඉස්කෝලේ දාගන්න, කුඩුකාරයන්ගාවයි, ගණිකා මඩම් කාරයන් ගාවයි දෙකට නැවිලා හිටපල්ලා.

    ReplyDelete
  19. නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා කෙතරම් බුද්ධිමතෙක් වුණත්... ගුමසි (ගුද මගින් සිනා). අන්න නිර්මාල් මේ කෑල්ලත් එක්ක ආටිකල් එකේ කොටහක් දාලා එයාගෙ ෆේස්බුකියේ. ගොබෙල්ස් න්‍යාය අනුසාරයෙන් දැං ඒ ෆේස්බුක් පෝස්ටුව කියවන එවුන් නිකම්ම කල්පනා කරනවා නිර්මාල් බුද්ධිමතෙක් කියලා. ගුමසි ගුමසි

    ReplyDelete
  20. තමන් 88/89 JVP කල බව කීම, පසු කාලීනව එය හැරගියවුන්ගේ ස්ලෝගන් (slogan) එකකි. තමන්ගේ සමාජවාදී භාවිතාව, උන්ගේ රෙද්ද පල්ලෙන් පෙනේ.

    පරා මෙතෙක් කල් පවත්වාගෙන පැමිනි රාජපක්ශ විරෝදය, දැන් තිරෙයේ පෙන්වන රනිල් පක්ශපාතීත්වය නිසා, මටනම් ඔබ තවත් වීරවන්ශයක් ලියනු බව හැගෙයි.

    රාජපක්ශ විරෝදය නිසා, මා දකිනලද සහ අගය කල ඔබගේ නිර්බීත බව, මා නිරුත්තර කර ඇත.

    මේ අර්ථික පීඩනය තුල, මිනිසුන් තමන්ගේ වැලුයුස් (values) දියකර ගන්නවා පරා.....

    ReplyDelete
    Replies
    1. තමන් 88/89 JVP කල බව කීම, පසු කාලීනව එය හැරගියවුන්ගේ ස්ලෝගන් (slogan) එකක් නොව ඉතිහාසයේ කොටසකි. ඒ කැරැල්ල සමාජවාදී භාවිතාවක් නො වේ. සිංහල ජාතිවාදය පාවිච්චි කර බලය අල්ලා ගන්නට කළ කුමන්ත්‍රණයකි. ඒ නිසා මේ ලියන මගේ නම් ඒ කාලේ තිබුණේ සමාජවාදී භාවිතාවක් නො වේ. එකල තරුණයන් වූ අප වැරදි දේශපාලන මාර්ගයක යැවීමට ජවිපෙ නායකයන් භාවිතා කළේ සමාජවාදී සටන් පාඨ ය.

      මගේ රාජපක්ෂ විරෝධය වනාහි පුද්ගල වෛරයක් නො ව, ඒකාධිපතිවාදයට, පසුගාමිත්වයට එරෙහි විරෝධයකි. පසුගිය ජනාධිපතිවරණයේදී මා මෛත්‍රීපාලට පක්ෂ වුණේ ද, දැන් රනිල්ට පක්ෂ වන්නේ ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ යුතු ය කියන ආස්ථානයේ සිට ම ය.

      මෛත්‍රිපාලට පක්ෂවල ජවිපෙට මා හොඳ ය. දැන් නරක ය.

      මා කරන්නේ තීරණ ගැනීමේදී නිර්භීත හා අවංක වීමේ වැලියු එක හෙවත් වටිනාකම ඔබට කියා දෙන්නට ය. ඉතිහාසය මා නිවැරදි කරනු ඇතැයි කස්තේ‍රා් කියූ කියමන මතක් කර ගන්න.

      Delete
  21. මම වයස 17ක කොල්ලෙක් විදිහට 1970/71 ජෙප්පො එක්ක ඉඳලා නැවතත් 88 කාලෙ දක්වා ඒ මතයේත් පක්ෂෙත් හිටි කෙනෙක්. ජවිපෙ හැමදාම කලේ ඉහලට යන කෙටි මං හොයල එව්වයෙ ගිහින් අනාත් උන එකයි.71 බැළුවෙ එක දවසෙ විප්ලවයක් ඒක කරන්න හදපු ව්‍යාපාරෙ හිටියෙ කල්ට් එකක වගෙ හඩු පෙරාගත් කසාද නොබඳින පෙම් නොකරන බඩගිණි කල්ලියක්. ඒ විදිහටයි ජනප්‍රිය වෙන්න පාර හදාගත්තෙ..ඊලඟට අර කල්ට් එක අතාරිනවා පාර්ලිමේන්තු යන්න. කෙටි මගක එල්ලෙන්නෙ ඉන්දියානු විරෝධය කරට අරං. 88/89 කාලෙ ඒ මගින් ආණ්ඩුව පෙරලලා බලේ ගන්න හදනවා. ඔය සන්තෑසි දෙකෙන් මැරෙන ගණන් අසීමිතයි.රට වසර දහය්ක් පස්සට යවනවා. මිනී මරනවා. මං උන්දැලාට ආයුබෝං කිව්වෙ ඔය පාරෙ ආපහු යන බව වැටහෙනකොටමයි. ඊලඟට මහින්ද ගොනා කරගෙනරජ වෙන්න පුළුවන් කියල හිතාගෙන කොටි විරෝධයෙඋඉ නැගලා මහින්ද රජ කරවනවා. මහින්ද කපටියෙක් නිසා ජෙප්පන්ව දෙකට තුනට කඩන්නෙ එතකොටයි.ඔන්න මහින්ද එපා වෙනවා. ඊලඟට ජෙනරාල් රජා කරගෙන එයා පිටේ නැගලා දිනන්න හදනවා. පැරදුන වහාම කුණූන තක්කාලි ගෙඩියක් වගේ ඒ මනුස්සයාව පිළිකෙව් කරලා වෙන් වෙනවා. ගිය ඉලෙක්ෂන් එකේදි දෙපත් නයි නියායෙන් ඉන්නෙ දිනන්නෙ කව්ද කියල අනුමානයක් නැති උන හින්දයි.. ඔන්න දෙන් බොර දියේ මාළු බානවා. .මෙයාල එක්කෙනෙක් හිටියත් දහය්ක් හිටියත් කෙරුවාව එකමයි. බොරුවට කෑගහනවා. හරියට ගෝල්ෆේස් එකේ තියෙන පරණ කාලතුවක්කු වගේ. සල්ලි ඕනෙ උනාම යූ ඇන්පී කාරයාගෙන් ණයක් ගත්තෙ අනුර.. මේ පාර මහින්දට සේවය කරන්නෙ.. පැහැදිලිවම මහින්ද පැරදවීම දවසේ කාරිය වෙලා තියෙද්දී එයාල ඉන්නෙ තනිවම. පඩිය පක්ෂෙට දෙනවළු.පවුල් පිටින් කන්නෙ අඳින්නෙ කාගෙ සල්ලි වලින්ද ? මෙව්ව ‍රැවටිලි. ඉස්සර ජවිපෙ කල අය අද ඉන්න තැන් දිහා බැලුවම මෙයාල යන තැන පෙනෙනවා. දැන් මාක්ස්වාදෙත් අතෑරලා. එතකොට මෙයාලගෙයි අනිත් අයගෙයි වෙනස ඔය කියන අවංක කම විතරයිනෙ. අවංක අය අද ඉන්නෙ කොහෙද ? මෙයාලට දෙන චන්දෙ මහින්දට දෙන චන්දෙට සමානයි. පරා හරියටම හරි. මාතලං ඉතින් ඇට දෙක හංගාගෙන බිජුවලින් කෙලිනවා වගේ ජෙප්පන්ට දෙනවයි කියන්නෙ මහින්දට දෙන එකනෙ.

    ReplyDelete
  22. "ජාතිවාදය "අවුස්සනවා යැයි සින්හලයාට තප්වුලමින් බැන වදින අගමැති හොරිකඩයා සින්හලේ විනාශය උදෙසා අන්තෝනමතිකව කටයුතු කරමින් සත්‍ය ජනතාවගෙන් වසන් කරණු වස් ජනමද්‍ය මර්දනය කිරිමට ගන්නා උත්සාහය කුමක් නිසා දැයි ජනතාවට හොදටම පැහැදිලිය ...ඊයේ යාපනයේ සිදුවූ දේ මේයට හොදම උදාහරණයි .උතුරු පලාත් සබාව පැය ගනනකට අත් හිටවමින් දෙමල සන්දාන මන්ත්‍රි වරු ‍යාපන විශ්ව විද්‍යාලීය සිසු සිසුවියන් සමග එක්වෙමින් ‍යාපනය නගරයේ දැවැන්ත උද්ගෝශනයක් අප හමුදාවට එරෙහිව කර තිබේ .,
    වසල පාලනය බලයට ආදා උතුරේ හමුදා කදවුරු තුලට ගල් ප්‍රහාර එල්ල වු‍යේ උතුරේ ඊලාම් කොඩියද ලෙලෙදෙමිනී .එය මාද්‍ය මගින් හෙලි විමත් සමග බලලා මල්ලෙන් එලියට පැන්නේය ..වහා ක්‍රියාත්මක වූ වසල ආන්ඩුව "හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා ඉවත් කොට එම තනතුර ද අහෝසී කොට රාජ්‍ය සේවකයාගේ අදහස් පලකීරිමේ අයිතියටද වැට බැන්දේ නව ආරක්ශ ලේකම් වරයා විසින් හිටපු ලේකම් වර‍යාගේ නිර්දෝශි බාවය ප්‍රකාශ කල හෙයිනී.එහෙයින් නොනැවතුන වසල ආන්ඩුව රාජ්‍ය නාලිකා තුල සිටි නිදහස් මතදාරින් පන්නමින් රාජ්‍ය මාද්‍ය ආන්ඩුකරනය කලේය ..පුද්ගලික නාලිකා බොහොමයක් ඔවුන්ගේ සුකවිහරනෙන් යැපෙනු උන්ටම කඩේ ගිය එවා බව මුලු රටම දනී .
    සත්‍ය වටහා ගත් මුද්‍රිත මාද්‍යන් ආන්ඩුවේ අන්තෝමතික ක්‍රියා කලාපය හෙලා දකිමින් බෙදුම්වාදයට එරෙහිව අභීතව පෑන මෙහය වීම නොරිස්සු වසල අගමැතියා එම පුවත් පත් කතෘවරුන් ජාතිවාදින් ලෙස හන්වඩු ගසා ප්‍රසිද්දියේම තර්ජන‍ය කරමින් සින්හලයාගේ මාද්‍ය නිදහසට වැට බැදි වසලයා පිලිකුල් සහගත ලෙස බෙදුම්වාදය සමාජගත කිරිම උදෙසා ටැමිල් නෙට් වෙබ් අඩවිය නිදහස් කරමින් රේගුව විසින් වැලකූ front line සගරා නිදහස් කරමින් දෙමලාට මාද්‍ය නිදහස දුන්නේ සින්හලයාට වඩා තමාට චන්දේ දෙන දෙමලා ලොකු නිසා විය හැක ..
    මේ වසල තිරිසන් පාලනයේ අන්තෝමතික ක්‍රියාවන් අනුමත කරන්නෙක් නම් ඔහු වසලයෙකී .රටක් ජාතියක් නැති අවජාතකයෙකී ..
    සින්හලුනී ! තවත් පිල් බෙදී පාට පාට කන්නාඩි පැලදගෙන මෝඩයන් උන හොත් මේ රට තවත් සුඩානයක් .ටිමෝරයක් .හයිටියක් වීම වැලැක්විය නොහැක .එබැවින් ඒකීය ශ්‍රි ලන්කාවක් උදෙසා සින්හලේ පැවැත්ම උදෙසා උතුම් සම්බුද්ද ශාසනයේ චිරස්තිය උදෙසා පෙරට වරෙවූ .,,
    නිදාසිටිමෙන් පලක් නොවේ .,..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා