දොස්තරවරු දින දෙකක් අපට වද දුන්නෝය!

මනෝරම වීරසිංහ විසිනි
ඡායාරූපය - නිමේෂ් ගමගේ

මීට කලින් දිනෙකත් කොටුවේ ප්‍රධාන මංසන්ධිය අවහිර කරමින් වෛද්‍ය සිසුන් කරන ලද විකාර උද්ඝෝෂණය අසාර්ථක විය. නැවතත් අද කොටුවට සූ ගාලා සීයක් විතර පැමිණ ඇත.

මගේ දැක්ම අනුව නම් මෙය ඊර්ෂ්‍යාපරවශ උද්ඝෝණයකි.. උසස්පෙළ ‘එස්' සාමාර්ථ තුන ගත්තු එකාත් ‘ඒ' සාමාර්ථ තුන ගත්තු එකාත් ‘පාස්' යන්න ලොව පිළිගත් සම්ප්‍රදායයි. නමුත් ලංකාවේ එහෙම නැත. වෛද්‍ය විද්‍යාලයට තේරුණු එකා පශු වෛද්‍ය සිසුවා ගණංගන්නේ නැත, දන්ත වෛද්‍ය සිසුවා ගණං ගන්නේ නැත.. මුන් තිදෙනාම දොස්තරලාය.. ලංකාවේ කාලකණ්නි අධ්‍යාපන ප්‍රමිතිකරණයන් නිසා උන්ට දශම එකක-දෙකක වෙනසකින් අනාගතයම වෙනස් කරගන්නට සිදුව ඇත!

වෛද්‍ය වේවා, ඉංජිනේරු වේවා මොකාට හෝ ආසාව ඇත්නම්, උවමනාව ඇත්නම් මුදල් ගෙවා හෝ ඉගෙන ගන්නට අවස්ථාව දිය යුතුය. එය රජයේ වෛද්‍ය පීඨයන් හි සිදු නොවේවා හෙයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල වල අවශ්‍යතාවක් පැන නැගී ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ ශ්‍රී ලංකාවේ මොනවා හෝ විශ්ව විද්‍යාලයක දෙන උපාධියක් ඕනෑම රටක පිළිගනී. නමුත් පසුගිය කාලයේ විදේශ රටවල ඇති විශ්ව විද්‍යාල පාසල් වල පිරිනමන තත්ත්වයෙන් බාල උපාධි ලංකාවේ විකිණීම නිසා බොහෝ දෙනෙකු උජාරුවෙන් ඒ විශ්ව විද්‍යාල වලින් ලැබූ උපාධිය කරේ තබාගෙන යනවා ෆේස්බුක් හි දැක ඇත. විදේශ විශ්ව විද්‍යාලයකින් පිරිනමන උපාධියක් ලංකාවේ අායතනයකින් ලබාගන්නවා නම් බැලිය යුතු පැති ගණනාවකි. එය කියන්නට මෙය අවස්ථාවක් නොවේ..
සාමාන්‍ය උපාධිය ගත්තත් මේ ප්‍රශ්නයම ඇත. බාහිර උපාධිධරයාට අඩුසැලකිලිය. නමුත් බාහිර උපාධි අපේක්ෂකයා සැබෑ ලෙසම වැඩ කර ඔහුගේ උපාධියට හිමිකම් කියයි. විශ්ව විද්‍යාලය ඇතුලේ ඉන්නා උපාධි අපේක්ෂකයා ශිෂ්‍ය සංගම්, පන්දම්, මුට්ටි, කොපි ගසා කෙසේ හෝ උපාධිය හිමිකරගන්නා අවස්ථා මා දැක ඇත.

මේ වියදම් කරන්නේ අසරණ දෙමාපියන්ගේ මුදල් ය. ඇති ඇත්තෝ දරුවන් විදේශගත කරවා හොද අධ්‍යාපනයක් ලබාදෙයි. නැති ඇත්තෝ ඉඩම් ඇපයට තබා බැංකු ණය ලබාගෙන කෙසේ හෝ පාඨමාලා ආවරණය කරවති. මුදලෙහි අගය නොදන්නා අපතයින් දෙමාපියන්ද පාරට බස්සවා තමාද නැති නාස්ති කරගත් අවස්ථා මා දැක ඇත. සමහර ගමේ තරුණ-තරුණියන් කොළඹ ඇති විදේශ අධ්‍යාපනය ලබාදෙන ආයතන වලට පැමිණ අධ්‍යාපනය නාස්ති කරගන්නා අයුරු සුලබ දසුනකි.

මෙයට විසදුම උද්ඝෝෂණ කොට ඉගෙන ගැනීමේ අවස්ථාව නැතිකිරීම නොව, අදාළ ආයතන වලට රාජ්‍ය විශ්ව විද්‍යාවල ඇති පහසුකම් සමගින් උපාධිය ප්‍රමිතිකරණයකට ලක්කොට නියාමනය කිරීමයි. එවිට විෂමතාවක් ඇතිවන්නේ නැත. එය රජය විසින් කළ යුත්තකි.

මීලග යහපාලන ආණ්ඩුවෙන්වත් එය ඉටුවේදැයි බලා සිටිමු...

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මනෝගේ ලිපියක්.......... එළ

    ReplyDelete
  2. Your article is good. JVP will never allow our country to develop! While Bandaranaike was pm of the country, workers staged 366 strikes only for 1958! They never talked about responsibilities, but rights! There were 21 demands put forwarded by LSSP lead by Dr N.M Perera. Some of those demands were not possible even in so called socialist countries!

    ReplyDelete
  3. සම්පූර්නයෙන්ම එකඟයි. අධ්‍යාපනය සම්බන්ධ බමුණු ආකල්ප හැම එකාගෙම තියනවා.ඔය ඔක්කොම එකයි. අසූ ගනන්වල පටන් ගත් මේ ප්‍රගතිශීලී වැඩ කඩාකප්පල්කාරීන් විසින් අවුල් කර දැම්මා.

    ReplyDelete
  4. රජයෙන් 100% නොමිලේ ලබාදෙන උසස් අධ්‍යාපනය ඒලෙවල් සමත්වෙන හැමෝටම ලබාදිය නොහැකිබව ඇත්ත..

    ඒත් ඒ-3 ගැනීම හා අවුරුද්දකට ලක්ෂ 20 පමන වියද කරගෙන විදේෂ අධ්‍යාපනය ලැබීම යන විකල්ප 2ට අමතරව රටේ මධ්‍යම පාන්තිකයාට දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් යුතු උසස් අධ්‍යාපනය ලබාගතහැකි පෞද්ගලික ආයතන ලංකාවේ ඇතිකල යුතුයි..

    මේකට විරුද්ධවෙන්නේ එක්කෝ තමන්ගේ අතේ සතේ නැතිව ජීවිතේ අවු 2-3 ඒලෙවල් කට්ට කාපු නිසා මානසික ආතතියෙන් පෙලෙන කාලකන්නියන් කිහිප දෙනෙක් හා ලංකාවේ වෘතිකයින් ප්‍රමානය වැඩිවුනොත් තමන්ගේ Status quo එක බිදෙයි කියල හිතන ව්‍රිතීය 'කුහකයො' පිරිසක් පමනයි..

    ReplyDelete
  5. ඒලෙවල් විභාගයෙන් දශම ගනනක වෙනසක් නිසා අනාගතයම වෙනස්කරගන්න (බොහෝවිට පසුගාමී කරගන්න ) වෙන කාලකන්නි ක්‍රමයක් තියෙන්නෙ ලංකාවෙ විතරක් වෙන්න ඔනෙ...

    එංගලන්තයෙ නම් A-3 සිට C-3 දක්ව ඒලෙවල් ප්‍රතිඵලයක් ගන්නා ලමයින්ට යන්න විෂ්වවිද්‍යාල තියෙනවා.. (මුල් 10% අතර වගේ වැටෙන ඉහල ප්‍රතිඵල ගත් අයට පමනක් පූර්න හෝ අර්ධ ශිෂ්‍යත්ව දෙනවා අනෙක් අය මුදල්ගෙවා හෝ රජයෙන් අධ්‍යාපන ණය මුදලක් ලබාගත යුතුයි )

    ඊටත් වඩා අවම ප්‍රතිඵල ගත් ලමයින්ට පවා degree college එකක තමන් අධ්‍යාපනය ලැබීමට කැමති විෂය ක්ෂේස්ත්‍රයෙන් වසර 2ක පමන ඩිප්ලොමවක් හදාරා එයින් ලබාගන්නා ප්‍රතිඵල මත උපධියක 1 හෝ 2වෙනි වසරට ඇතුලත්විය හැකියි...

    ReplyDelete
  6. "ජාතිවාදය "අවුස්සනවා යැයි සින්හලයාට තප්වුලමින් බැන වදින අගමැති හොරිකඩයා සින්හලේ විනාශය උදෙසා අන්තෝනමතිකව කටයුතු කරමින් සත්‍ය ජනතාවගෙන් වසන් කරණු වස් ජනමද්‍ය මර්දනය කිරිමට ගන්නා උත්සාහය කුමක් නිසා දැයි ජනතාවට හොදටම පැහැදිලිය ...ඊයේ යාපනයේ සිදුවූ දේ මේයට හොදම උදාහරණයි .උතුරු පලාත් සබාව පැය ගනනකට අත් හිටවමින් දෙමල සන්දාන මන්ත්‍රි වරු ‍යාපන විශ්ව විද්‍යාලීය සිසු සිසුවියන් සමග එක්වෙමින් ‍යාපනය නගරයේ දැවැන්ත උද්ගෝශනයක් අප හමුදාවට එරෙහිව කර තිබේ .,
    වසල පාලනය බලයට ආදා උතුරේ හමුදා කදවුරු තුලට ගල් ප්‍රහාර එල්ල වු‍යේ උතුරේ ඊලාම් කොඩියද ලෙලෙදෙමිනී .එය මාද්‍ය මගින් හෙලි විමත් සමග බලලා මල්ලෙන් එලියට පැන්නේය ..වහා ක්‍රියාත්මක වූ වසල ආන්ඩුව "හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා ඉවත් කොට එම තනතුර ද අහෝසී කොට රාජ්‍ය සේවකයාගේ අදහස් පලකීරිමේ අයිතියටද වැට බැන්දේ නව ආරක්ශ ලේකම් වරයා විසින් හිටපු ලේකම් වර‍යාගේ නිර්දෝශි බාවය ප්‍රකාශ කල හෙයිනී.එහෙයින් නොනැවතුන වසල ආන්ඩුව රාජ්‍ය නාලිකා තුල සිටි නිදහස් මතදාරින් පන්නමින් රාජ්‍ය මාද්‍ය ආන්ඩුකරනය කලේය ..පුද්ගලික නාලිකා බොහොමයක් ඔවුන්ගේ සුකවිහරනෙන් යැපෙනු උන්ටම කඩේ ගිය එවා බව මුලු රටම දනී .
    සත්‍ය වටහා ගත් මුද්‍රිත මාද්‍යන් ආන්ඩුවේ අන්තෝමතික ක්‍රියා කලාපය හෙලා දකිමින් බෙදුම්වාදයට එරෙහිව අභීතව පෑන මෙහය වීම නොරිස්සු වසල අගමැතියා එම පුවත් පත් කතෘවරුන් ජාතිවාදින් ලෙස හන්වඩු ගසා ප්‍රසිද්දියේම තර්ජන‍ය කරමින් සින්හලයාගේ මාද්‍ය නිදහසට වැට බැදි වසලයා පිලිකුල් සහගත ලෙස බෙදුම්වාදය සමාජගත කිරිම උදෙසා ටැමිල් නෙට් වෙබ් අඩවිය නිදහස් කරමින් රේගුව විසින් වැලකූ front line සගරා නිදහස් කරමින් දෙමලාට මාද්‍ය නිදහස දුන්නේ සින්හලයාට වඩා තමාට චන්දේ දෙන දෙමලා ලොකු නිසා විය හැක ..
    මේ වසල තිරිසන් පාලනයේ අන්තෝමතික ක්‍රියාවන් අනුමත කරන්නෙක් නම් ඔහු වසලයෙකී .රටක් ජාතියක් නැති අවජාතකයෙකී ..
    සින්හලුනී ! තවත් පිල් බෙදී පාට පාට කන්නාඩි පැලදගෙන මෝඩයන් උන හොත් මේ රට තවත් සුඩානයක් .ටිමෝරයක් .හයිටියක් වීම වැලැක්විය නොහැක .එබැවින් ඒකීය ශ්‍රි ලන්කාවක් උදෙසා සින්හලේ පැවැත්ම උදෙසා උතුම් සම්බුද්ද ශාසනයේ චිරස්තිය උදෙසා පෙරට වරෙවූ .,,
    නිදාසිටිමෙන් පලක් නොවේ .,..

    ReplyDelete
    Replies
    1. Wake up dude.

      Delete
    2. සිරිමල් උන්නාන්සේ, පාට පාට කණ්නාඩි දාන අයට දොස් කීවාට, ඔය කියන චිරස්තිය රැක ගන්න ඉන්න උන්නාන්සෙලා එක පාටක වස්තරයක් අඳින්න වත් කැමතිවේවිද?



      Delete
  7. දැනට තිවන අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් උඩුයට පෙරලා දැමිය යුතු බවක් පෙනෙන්නෙ කාලයක ඉඳල. ඒත් පරිවර්තන සමයකදි දරුවංගෙ ජීවිත අනතුරේ නොවැටෙන්නයි කළයුතු බව පෙනෙන්නෙ. පිට රට ගිහින් ක්‍රම විධි හොයල ගෙඩිපිටින් ආනයනය කරනවාට වඩා කන්නංගර වැනි විද්වතුන් කරන්නට තැත් කළේ කුමක්දැයි සොයා බලා පිළියම් යෙදිය හැකියි. 60,70 දශක අවසන් වන තුරු පාසලෙන් එළියට ආවේ මිනිසුන් උනත් පස්සේ යක්කු වගේ මිනිස්සු අධ්‍යාපනයෙන් බිහිවෙන්න පටන් අරන් බව පෙනනවා නේද ?

    ReplyDelete
  8. විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.

    සෝමවංස අමරසිංහ - 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන, නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.

    කුමාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඕං එකට අප්පච්චිගේ සනුහරේ වාසනාකරන්නෝන, ඒ ඔක්කෝමලා සාමාන්‍යපෙල අසමත්වුනේ ලංකාවෙම කොලීජි වලින්මයි.

      Delete
  9. මුන් හිතන් ඉන්නේ හොඳ ලිවීමේ හැකියාවක් තිබුනම හැම දෙයක් ගැනම ලියන්න පුලුවන් ලෝඩ් පකීර් කියලා.
    ලංකාවේ දැන් තියෙන තත්වයත් එක්ක මෙහෙට තවත් ප්‍රමිතිකරනය වූ පුද්ගලික විශ්ව විද්යාලයක් අවශ්ය වෙන්නේ නෑ බොල!!
    දන්න දෙයක් ගැන කතා කොරහන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා