මැතිවරණ අස්සේ මාධ්‍යකරුවන්ගේ ඉන්ටවීව් සෙල්ලම්

පසුගිය දිනෙක මගේ මිතුරකුට කතා කළ මාධ්‍යකරුවෙක් පැවසුවේ ලංකාදීප පුවත්පතේ රජ වීදියේ හා අද පුවත්පතේ දේශපාලකයන්ගේ සම්මුඛ සාකච්ඡා පළ කර දිය හැකි බවයි. දින තුනකින් සම්මුඛ සාකච්ඡාව පළ කර දෙන අතර පළ වූ පසු අදාළ මාධ්‍යකරුවාට රු. 50,000ක් ගෙවිය යුතු ය.

මේ මාධ්‍යකරුවා විජය ප්‍රකාශන ආයතනයේ සේවකයෙක් නො වේ. ගේම යන්නේ එහෙම ය. මේ දවස්වල පත්තරවල පිටු සම්මුඛ සාකච්ඡාවලින් පිරී තිබෙන්නේ ඇයි ද යන්න ඔබට තේරුම් ගන්නට පහසුයි නේ ද? 

මෙය අලුත් තත්වයක් නො වේ. මෙය ජනමාධ්‍ය ආයතනවල සේවය කරන ජනමාධ්‍යකරුවන් කාලයක් තිස්සේ සම්තිං සොයන නිල නො වන ක්‍රමයකි. මෙය ඉතා පැහැදිලිව ම මාධ්‍ය ආචාර ධර්ම විරෝධී නින්දිත ක්‍රියාවකි. 

එහෙත්, මෙවැනි මාධ්‍ය ප්‍රචාරයන් ඔස්සේ ලාභ ලබන අය ඒ මුදල ගෙවන්නට කැමති නිසා ගැටලුවක් මතු වන්නේ නැත. යන්තර-මන්තර, ගුරුකම්, හොර වෙදකම්, ටියුෂන්, ගනිකා වෘත්තිය, දේශපාලනය වැනි ක්‍රියාවලින් ලබන ලාභය අධික නිසා ඒ අය මෙවැනි ජනමාධ්‍යකරුවන්ට අත දිගහැර වියදම් කරන්නට සූදානම් ය.

මේ වැඩේ කෙතරම් ගැඹුරට විහිදුණු තත්වයක් ද යත්, උදේට කාන්තා වැඩසටහන්වලට පැමිණ ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම් උගන්නන මිස්ලා ද ඒ වැඩසටහන් නිෂ්පාදකයන්ට මුදල් ගෙවති. පත්තර අතිරේකවල පිංතූර දාගෙන, මේ දවස්වල කරන දේවල් ගැන කියා කලාකරුවන් වන අය පිටුපස ද මේ ජාවාරම තිබේ.

රේඩියෝවල නම් සිංදු ප්‍රචාරය පවා සිදු වන්නේ මුදලට ය.

ටෙලි නාට්‍ය රජයේ රූපවාහිනී චැනල්වලට විකුණාගන්නට ප්‍රධාන නිළිය ඇමතිට දෙන්නට සිදු වූ කාලයක් ද මේ රටේ තිබිණි.

අනෙක් අංශය දැන්වීම් ප්‍රචාරණයයි. ඒ ව්‍යාපාරයේ ද සෑහෙන අත යට මුදල්, මිනිස් මාංශ විකිණීම් සිදු වේ.

ජනමාධ්‍යවල මේ ජාවාරම් කෙරෙන අතර ජනමාධ්‍යකරුවෝ අල්ලසට, දූෂණයට එරෙහිව පෙනී සිටීම ද කරති.

අප ජීවත් වන මාධ්‍ය ලෝකය හඳුනා ගැනීම සංකීර්ණ වුව ද එය අනිවාර්යයෙන් ම කළ යුතුව තිබෙන දෙයකි. ජනමාධ්‍යකරුවන් තම වෘත්තීය ගරුත්වය රැක ගැනීමට ක්‍රියා කළ යුතු ය. මුදලට හෝ වෙනත් වාසිවලට නො ව, ප්‍රවෘත්තිමය වැදගත්කමට හා සමාජ වගකීමට අවධානය යොමු කළ යුතු ය.

ප්‍රතිරූප ගොඩනගා ගන්නට උත්සාහ කරන පුද්ගලයන්ට ඒ වෙනුවෙන් අවස්ථාව ලබා දීම සඳහා මාධ්‍ය ආයතන විධිමත් ක්‍රමයක් ගොඩනගා ගත යුතු අතර තම ආයතන තුළ මෙවැනි ජාවාරම් සඳහා ඉඩ නො තැබිය යුතු ය. 

ප.ලි: මෙම පුවත පිළිබඳව ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතා ද, රජ වීදිය විශේෂාංගයේ සංස්කාරක උබේසේකර හෙන්නායක මහතාත් අප සමග දුරකථනයෙන් කතා කර විමසන ලදී. මෙම දූෂණයට සම්බන්ධ පිරිස් හඳුනාගෙන ඔවුන් වැළැක්වීමේ අවශ්‍යතාව මෙම දෙපල විසින් අවධාරණය කරන ලදී. ඔවුන් මෙම ක්‍රියාව හා සම්බන්ධ බවට ඇඟවීමක් මෙම ලිපිය මගින් සිදු වී තිබේ නම් අපි ඒ පිළිබඳ කණගාටුව පළ කරන්නෙමු. 

මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා සංස්කාරකවරුන් ලෙස මෙවැනි ගැටලු සම්බන්ධයෙන් සංවේදී වීම පිළිබඳව එම දෙපලට අපේ ප්‍රසාදය පළ කරන අතර ජනමාධ්‍යකරුවන්ගේ පැත්තෙන් මෙවැනි දූෂණවලට සම්බන්ධ නො වී සිටිමේ වගකීම කෙරෙහි තදබල අවධානය යොමු විය යුුතුව තිබේ. මාධ්‍යකරුවෝ තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කර ගත යුතු ය.


මෙම ලිපිය පිළිබඳ අද පුවත්පත විසින් පහත පැහැදිලි කිරීම එවා තිබේ. 

රුපියල් 50,000 ක් වැනි මුදලක් ලබා දීමෙන් අද පුවත් පතේ සම්මුඛ සාකච්චාවක් ඵලකර ගැනීමට හැකිබව ඔබතුමා ලියාතිබුණා.

ඒ වගේම එම මුදල් මාධ්‍යවේදීන් සහ සංස්කාරකවරුන් අතර බෙදීයන බවත් ලියාතිබුණා.

අපගේ දැනුවත් වීමේ අනුවනම් එවැන්නක් සිදුවන්නේ නැහැ.

ඔබට එසේ පැවසු පුද්ගලයා කවුරැන්ද කියා ප්‍රකාශකිරීමට හැකිනම් එය අපට කරන විශාල සේවාවක්.

අද පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා මේපිළිබද තොරතුරු ලබා දෙන්නේනම් එය මාධ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවාවක් ලෙස පැවසුවා.

මේපිළිබද අපිට දැනුම්දෙන්නේනම් එය අද පුවත්පත වෙනුවෙන් ඉතා අගය කොට සලනවා.

අපගේ පැහැදිලි කිරීම:

ක්ෂණිකව අවධානය යොමු කිරීම ගැන අපගේ ප්‍රසාදය. කරුණාකර මේ පිළිබඳ සොයා බලන්න. එවැනි දේ නො වන ආකාරයට ඔබගේ සංවිධාන ව්‍යූහය සකසා ගන්න. මෙහි මා විසින් සඳහන් කරන ලද ඇතැම් කරුණුවලින් සිත්තැවුලක් වී නම් සමාව අයදිමි. ඒ අනුව අදාළ කොටස සංශෝධනය කළෙමි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හොඳ වෙලාවට බ්ලොග්වලට නම් ඔය බලපෑම ඇවිත් නැත, එන්නේත් නැත.

    තවමත් අපට කළ හැකි එක දෙයක් නම් අදාල ලිපි එකිනෙක නිසි පරිදි සම්බන්ධ කිරීමයි.

    මෙන්න මහ ඡන්දයට අදාලව මා ලියා පළ කළ ලිපි කිහිපයක්.

    1. මා අගෝස්තු දාහත්වෙනි දින ලංකාවට ආවොත් ඡන්දය දෙන්නේ කොයි ආකාරයටද? - How not to vote
    http://rasikalogy.blogspot.com/2015/08/how-not-to-vote.html

    2. එක්සත් ජාතික පෙරමුණට හෝ නිදහස් සන්ධානයට හෝ ඡන්දය නොදීම බැරි අයට උපදෙසක් - Please, please, please...!!!
    http://rasikalogy.blogspot.com.au/2015/08/please-please-please.html

    3. ඡන්ද කාලේ ඡන්ද කතා - What else is there to talk about?
    http://rasikalogy.blogspot.com/2015/08/what-else-is-there-to-talk-about.html

    ReplyDelete
    Replies
    1. අනිවා.......

      බුවා

      Delete
    2. නෙලුම් යාය කියන්නේ රුපියල් 1000ක් ගෙවන්නම් කියලා බ්ලොග් ලියන්නන්ගේ අයිතිය ගසාකන අඩවියක්. ඇත්ත නැත්ත හොයාබලන්න. අරුගේ අඩවිය ලියන අරුණ මේකට අහුවුනා කියලා සැකයි.

      Delete
  2. මේ මොහොතේ ලංකාවේ සෑම ටීවී චැනලයකම දේශපාලන වැඩසටහනකි.වෙනදාට මෙගා නාට්ටි සහ රියලිටි වැඩසටහන් වලට වෙන්වූ පීක් ටයිම් එක දැන් පොලිටික්ස්ය.යකෝ මෙහෙව් රටක ජනතාව පොලිටිකල් ඔස්තාද්ලා විය යුතුය.ඒක එහෙමද ? නැත. ඒක එහෙම උනා නම් මර්වින් සිල්වා ලක්ෂ දෙකකට ආසන්න මනාප ගන්නේ නැත.පබාගේ මනාප ලක්ෂයකට කිට්ටු කරන්නේ නැත.ලංකාවේ සිටින නීති විශාරද මහාචාර්යවරයෙකු වන ජී ඇල් පීරිස් ලොක්කා හොරට නීති ලෝගුව දා ගත් කජු කිරි කොල්ලෙකුට සහයට ඩැනී වන්නේද නැත...ඒ විතරක්ද අපේ ප්‍රශ්න කතා කරන්නට විසඳුම් සොයන්නට අපි පත් කරන නියෝජිතයන් පාර්ලිමේන්තු ගොස් මන්ත්‍රී පට්ටම බිලියන් කීපයකට වෙන්දේසි කොට කුණු හරුප කියමින් ආතල් ගන්නේද නැත.එහෙම ආතල් එකක් වත් නොගෙන අවුරුදු පහට වචන පහක් කතා නොකළ නමට මන්ත්‍රීලා වන ටිරාන් අලස් වැන්නවුන් පාර්ලිමේන්තුවේ ඉන්නේද නැත.. මේකත් අර බස් එකේ යන පිරිත් බණ වගේය..මගියෝ පිරිත් අහමින් ජැක් ගසති...පික් පොකට් ගසති....හොරට යති....ජන්දදායකයෝ කෑම දිරවන්නට පොලිටිකල් වැඩසටහන් බලමින් පුරුදු දේශපාලන නරා වල තුලම ගිලෙති.

    ReplyDelete
  3. බොහොම හොඳ ලිපියක්, පැරා. මේක තමයි , තිත්ත ඇත්ත.

    මේක කාලයක් තිස්සෙ කෙරෙන වැඩක්. සදාච්ගාර විරෝධී වැඩ කෙරෙන්නෙ , දේශපාලනය තුල විතරක් නෙමෙයි.

    ReplyDelete
  4. අද තමයි පැරා එක එකාට හොරා හොරා කියලා කෙහෙල් ගහට කොටපු දවස.......

    ReplyDelete
    Replies
    1. ඒගොල්ලන් තමන් සොරුන් නො වන බව කී නිසා මා එය පිළිගත්තා. මම විමර්ශන නිලධාරියෙක් නෙමෙයිනේ. හැබැයි මේ සිද්ධිය ඇත්ත. විමර්ශනය ඒගොල්ලන් කර ගන්න ඕනැ.

      Delete
  5. "ජාතිවාදය "අවුස්සනවා යැයි සින්හලයාට තප්වුලමින් බැන වදින අගමැති හොරිකඩයා සින්හලේ විනාශය උදෙසා අන්තෝනමතිකව කටයුතු කරමින් සත්‍ය ජනතාවගෙන් වසන් කරණු වස් ජනමද්‍ය මර්දනය කිරිමට ගන්නා උත්සාහය කුමක් නිසා දැයි ජනතාවට හොදටම පැහැදිලිය ...ඊයේ යාපනයේ සිදුවූ දේ මේයට හොදම උදාහරණයි .උතුරු පලාත් සබාව පැය ගනනකට අත් හිටවමින් දෙමල සන්දාන මන්ත්‍රි වරු ‍යාපන විශ්ව විද්‍යාලීය සිසු සිසුවියන් සමග එක්වෙමින් ‍යාපනය නගරයේ දැවැන්ත උද්ගෝශනයක් අප හමුදාවට එරෙහිව කර තිබේ .,
    වසල පාලනය බලයට ආදා උතුරේ හමුදා කදවුරු තුලට ගල් ප්‍රහාර එල්ල වු‍යේ උතුරේ ඊලාම් කොඩියද ලෙලෙදෙමිනී .එය මාද්‍ය මගින් හෙලි විමත් සමග බලලා මල්ලෙන් එලියට පැන්නේය ..වහා ක්‍රියාත්මක වූ වසල ආන්ඩුව "හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා ඉවත් කොට එම තනතුර ද අහෝසී කොට රාජ්‍ය සේවකයාගේ අදහස් පලකීරිමේ අයිතියටද වැට බැන්දේ නව ආරක්ශ ලේකම් වරයා විසින් හිටපු ලේකම් වර‍යාගේ නිර්දෝශි බාවය ප්‍රකාශ කල හෙයිනී.එහෙයින් නොනැවතුන වසල ආන්ඩුව රාජ්‍ය නාලිකා තුල සිටි නිදහස් මතදාරින් පන්නමින් රාජ්‍ය මාද්‍ය ආන්ඩුකරනය කලේය ..පුද්ගලික නාලිකා බොහොමයක් ඔවුන්ගේ සුකවිහරනෙන් යැපෙනු උන්ටම කඩේ ගිය එවා බව මුලු රටම දනී .
    සත්‍ය වටහා ගත් මුද්‍රිත මාද්‍යන් ආන්ඩුවේ අන්තෝමතික ක්‍රියා කලාපය හෙලා දකිමින් බෙදුම්වාදයට එරෙහිව අභීතව පෑන මෙහය වීම නොරිස්සු වසල අගමැතියා එම පුවත් පත් කතෘවරුන් ජාතිවාදින් ලෙස හන්වඩු ගසා ප්‍රසිද්දියේම තර්ජන‍ය කරමින් සින්හලයාගේ මාද්‍ය නිදහසට වැට බැදි වසලයා පිලිකුල් සහගත ලෙස බෙදුම්වාදය සමාජගත කිරිම උදෙසා ටැමිල් නෙට් වෙබ් අඩවිය නිදහස් කරමින් රේගුව විසින් වැලකූ front line සගරා නිදහස් කරමින් දෙමලාට මාද්‍ය නිදහස දුන්නේ සින්හලයාට වඩා තමාට චන්දේ දෙන දෙමලා ලොකු නිසා විය හැක ..
    මේ වසල තිරිසන් පාලනයේ අන්තෝමතික ක්‍රියාවන් අනුමත කරන්නෙක් නම් ඔහු වසලයෙකී .රටක් ජාතියක් නැති අවජාතකයෙකී ..
    සින්හලුනී ! තවත් පිල් බෙදී පාට පාට කන්නාඩි පැලදගෙන මෝඩයන් උන හොත් මේ රට තවත් සුඩානයක් .ටිමෝරයක් .හයිටියක් වීම වැලැක්විය නොහැක .එබැවින් ඒකීය ශ්‍රි ලන්කාවක් උදෙසා සින්හලේ පැවැත්ම උදෙසා උතුම් සම්බුද්ද ශාසනයේ චිරස්තිය උදෙසා පෙරට වරෙවූ .,,
    නිදාසිටිමෙන් පලක් නොවේ .,..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා