මෛත්‍රීපාල ශ්‍රීලනිපය මකලා හදයි ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුදය විසින් නිරූපණය කරන ප්‍රබල කාරණාවක් තිබේ. අද ලංකාවේ තිබෙන කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවිධාන නැති රටක දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය භාවිතාවක් බවට පත් වන්නේ නැත.

ශ්‍රීලනිපය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද ව්‍යවස්ථානුකූලව ම නායකයාට ඒකාධිපති බලතල හිමි වන පරිදි නිර්මානය කරන ලද පක්ෂයි. ඒවායේ මෑත ඉතිහාසය තුළ දෙවන පෙළ නායකයන් බිහි වී නැත. එක් නායකයකුගෙන් තවත් නායකයකු අතට බලය මාරු වන්නේ ප්‍රචණ්ඩ පසුබිමක් තුළයි. මේ වන විට ශ්‍රීලනිපය තුළ සිදු වෙමින් තිබෙන්නේ ද එයයි.

මෙම පක්ෂවලට විකල්ප ලෙස පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ස්ටාලින්වාදී වාමාංශික පක්ෂ දැඩි ලෙස දේශපාලන මණ්ඩලයේ ආධිපත්‍යයට යට වී තිබේ. 

දේශපාලනයට පිවිසෙන්නට කැමති තරුණයකුට ඉදිරියට යා හැකි මාවතක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලංකාවේ නැත. එජාප හා ශ්‍රීලනිප තුළ නම් කළ යුතු වන්නේ ප්‍රාදේශීය දේශපාලන බලධාරීයාගේ අන්තේවාසිකයකු වීමයි. පළාත් පාලන ආයතනයකට හෝ තරග කිරීමේ අවස්ථාව ලබා ගත හැක්කේ එමගිනි. 

ජවිපෙ වැනි පක්ෂවලින් ඉදිරිපත් වී ඡන්දයෙන් ජය ගත හැකි මට්ටමේ අපේක්ෂකයකු වන්නට ඉතා සංකීර්ණ මාවතක ගමන් කළ යුතු ය. දක්ෂකම, අවංකකම, පක්ෂපාතිත්වය තිබුණු පමණින් ම එම තත්වය ලබා ගත නො හැකි ය. ඒ තුන ම ඇති බොහෝ මිනිස්සු සදාකාලිකව ම පක්ෂයේ වහලුන් වී සිටිනු දක්නට ලැබේ. මෙම පක්ෂවල ඉදිරියට එන අය ඉතා උපායශීලී මිනිස්සු ය. ඔවුන් ජවිපෙට පය තබා ඉහළ නැග ජවිපෙන් ඉපිල ගිය කල කිසිදු හෘදය සාක්ෂියක් නැති මිනිසුන් බවට පත් වන්නේ ඒ නිසා විය හැකි ය. විමල් වීරවංශ කදිම නිදසුනකි. 

මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියාමාර්ගය ඒකාධිපති ස්වරූපයක් ගත්ත ද එය එම පක්ෂය ආණ්ඩු මට්ටු කිරීම සඳහා ගත් පියවරක් ලෙස සලකන්නට ද පුළුවන. එහෙත්, එම පියවරෙහි සාධාරණත්වය ඔප්පු කරන්නට නම් ඔහු ශ්‍රීලනිපය දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව තිබේ. සරළව කියනවා නම් ශ්‍රීලනිපය මකලා හදන්නට ඔහුට ශක්තිය තිබිය යුතු ය. 

අලුත් පක්ෂ හදන්නට උවමනාව තිබෙන, තිබෙන පක්ෂ විවේචනය කරන මිනිසුන් අගෝස්තු 18දායින් පසුව ප්‍රජාතන්ත්‍රවාදය භාවිතාවේ යොදවන ව්‍යාපාරයක් ගැන අලුතෙන් සිතා බැලිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යමෙක් පක්‍ෂයකට බැඳුණ හැටියේ ම ස්වාධීනත්වය නැති වෙනවා.

    මගේ පක්‍ෂයේ ඉන්නේ මං විතරයි. එතකොට අවුලක් නෑ!

    ReplyDelete
    Replies
    1. ඔබේ පක්ෂයද ව්‍යවස්ථානුකූලව ම නායකයාට ඒකාධිපති බලතල හිමි වන පරිදි නිර්මානය කරන ලද පක්ෂක් නේද? එය ප්‍රඡාතන්ත්‍රවාදයට පටහැනි ව්‍යවහාරයකි.

      Delete
  2. මරා කරනකොට පැරාට ඒක වැරදිය. මරා කරන දේම සිරා කරනකොට ඒක පැරාට හරිය. සිරා එහෙම කරන්නේ මරාගේ වැරැද්ද නිසාය කියා පැරා සිරාව සුද්ද කරයි. ඒකට කියන්නේ සමාජවාදී දේශපාලන භාවිතාව කියාය.

    ReplyDelete
    Replies
    1. කොහෙද ගෝතයො මරා කරපු දේවල් සිරා කලේ...
      සිරා සුදුවෑන් යැව්වද?, හඩ්ඩ/ දිවයිනේ ආරක්ශක කොලම ලියන්න වගේ උන්ව උස්සල කකුල් කැඩුවද නැතිනම් මරල දැම්මද?, දහම් සිරිසේනගෙ කෙල්ලන්ට හිටපු කොල්ලන්ව කාර් ඇතුලෙම මරල පුච්චල එලොව යැව්වද? මරාව චන්දෙන් පස්සෙ කුදලගෙන ගිහින් වැලිකඩ දැම්මද? මරාගෙ රැලිවලට මැරයො දාල ගැස්සුවද? මරාට කැහැපු විෂ්වවිජ්ජාල ගුරාලගෙ මාස 3ක පඩි කැපුවද?

      Delete
    2. මේකනේ ඇනෝ...කවුරුත් එකපාර දුවන්නේ නෑනේ....ඉස්සෙල්ලා දණ ගානවා. ඊට පස්සේ ඇවිදිනවා....ඊටත් පස්සේ තමයි දුවන්නේ.

      Delete
    3. උබ මරා ගැන දන්නෑ එහෙනම්.... මරා දකුනෙ මිනී මරනකොට නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී..
      කොහොමත් මරා-සිරා එකයි කියන්නෙ එක්කො මරාට කහින ඒත් ඒක කෙලින් කියාගන්න බැරි වහලෙක්, නැතිනම් ගොන් ජෙප්පෙක්....
      හැබැයි 2025 වෙනකම් යූඑන්පී ආන්ඩුවක් එන එක මුන් දෙගොල්ලන්ටම වලක්වන්න බෑ

      Delete
    4. හැබෑට...එහෙනම් ඉතින් අපිට බලන්න වෙන්නෙ ඇනෝයි, පැරයි දුවන හැටි තමයි (පණ බේරගන්න ) ; )

      Delete
  3. [දේශපාලනයට පිවිසෙන්නට කැමති තරුණයකුට ඉදිරියට යා හැකි මාවතක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලංකාවේ නැත. එජාප හා ශ්‍රීලනිප තුළ නම් කළ යුතු වන්නේ ප්‍රාදේශීය දේශපාලන බලධාරීයාගේ අන්තේවාසිකයකු වීමයි. ]

    මසුරන් කථාව... දකුනු ආසියාවෙම තියෙන අවුලක් ඕක... දියුනු රටවල ඕක නෑ..
    බැරැක් ඔබාමගෙ Dreams from my father කියවල බලන්න.. ඒකෙ තියෙනව කෙන්යාවෙන් ඇමරිකාවට සංක්‍රමනය වෙච්ච කිසිදු පවුලේ දේශපාලන සම්බන්ධකමක් නැති තෙල් ආකර සේවකයෙක්ගෙ පුතෙක් ඇමරිකාවේ ජනාධිපති තනතුර දක්වා යන හැටි..

    ReplyDelete
  4. මකලා හදන්න බැරිනම් මරායි උගේ අවලං පවුලයි උගේ පස්සෙන් ඉන්න හොර නඩයයි මකලා හුරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. 17දා වැඩේ ගැස්සුනොත් අපේ යහපාලනයේ රොත්ත බුරුත්ටම ඒක සිද්ධවෙනවා.

      Delete
  5. මහින්ද රාජපක්ෂ නමැති අවලමා දේශපාලන භූමියෙන් සදහටම අතු ගෑවී යන දවස - 2015 අගෝස්තු 17.

    ReplyDelete
  6. //අද ලංකාවේ තිබෙන කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත//

    ඒ විතරක් නෙමෙයි පැරා, ලංකාවෙ දේශපාලනයෙ මහත්හොරු මිසක් මහත්තුරුත් නැත. මේක හොර රජා තරම් නූනත්, යම් තරමින් රනිලුත් ඔප්පු කලා. මරාව එලවන්න, අලින්ට දෙනව ඇරෙන්න , වෙන විකල්පයක් නැති බව ඇත්ත. ඒත්, ඒක එහෙම වෙලා තියෙන්නෙ අලින්ගෙ හොඳක් නිසා නොවෙයි, වෙන විකල්පයක් නැති නිසා. මෙච්චර කල් වෙච්ච දේවල් බැලුවාම, රනිල් කියන්නෙ අවාසනාවන්ත, ඒ වගේම අදක්ෂ පාලකයෙක්. ඒ වගේම එජාපයෙ ඉන්නෙත් අමුතු මිනිස්සු නෙමෙයි, මරාගෙ සැට් එක වගේම කස්ටියක්. රට හැදිල්ල කෙසේ වෙතත්, තමන් හැදිල්ල, දේශපාලන ඩීල් , අඩු නැතුව කෙරෙයි.

    දැන් පරදින බව දන්න, මරාගෙ කස්ටිය " ආ, හරි බලමුකො, අපි අලි ඇවිල්ල කරන හැටි. අවු දෙකකින් අපේ රජා ආයෙ බලේ අල්ලනවා" කියන කතාවෙ , සිද්ධාන්තය මෙය විය යුතුයි. ඇත්තෙන්ම, මුලදී , මරා ඇඩ්‍රස් නැතුව නන්නත්තාර වෙලා හිටියෙ. රනිල් තමා මහ බැංකු මගඩිය යට ගහලා , ආයෙ මරාට නැගිටින්න ඉඩ දුන්නෙ. අන්න ඒකයි මං කියන්නෙ, රනිල් කියන්නෙ අවාසනාවන්ත, ඒ වගේම අදක්ෂ පාලකයෙක් කියලා.

    මං හිතන්නෙ, අපි මෛත්‍රීට මෙයිට වඩා ගෞරවයක් දෙන්න ඕනෙ. ඔහු තමා නැගිටින්න හදන මරාව ආයෙ වැට්‍ටුවෙ. විධායක බලතල, ඒකාධිපති තීරණ වුනත්, වැඩිදෙනාගෙ යහපතට කෙරෙනවා නම් , එහි වැ‍රැද්දක් නෑ.

    පැරා , මම ඇනෝ ආ නිසා , ඔබ උත්තර නොදෙන බව දන්නවා. ඒත් මේ ටිකත් කියන්න ඕනෙ. මා ඔබට කැමති, ඔබ සමාජවාදී පදනමක හිටියත්, සමාජවාදයේ වැරදි විවේචනය කරන නිසා. විවේචනය නොකර කොහොමද වැරදි හදාගන්නෙ? සම්ප්‍රධානුකූලව, සමාජවාදය විවේචන ඉවසන්නෙ නෑ. . ලයිට් කනුවක එල්ලලා , වෙඩි තියන්න ඕනෙ පන්තු සතුරකු ලෙසයි ඔවුන්, විවේචන කරන්නා සලකන්නෙ. ලෝකෙ සමාජවාදය අටව ගත්ත , කිසිම තැනක එය සාර්ථක නූනෙත්, අන්තිමට, පොරෙන්දු වූ සම- සමාජය වෙනුවට, රාජ්‍ය ධනවාදය, ඒකාධිපති පාලනය කරා ගියෙත් ඒ නිසා වෙන්න ඇති.ජෙප්පොන්ට බලය යනවට මා අකමැති ඒ නිසයි. ජවිපෙන් ආපු 39 දෙනා ගැන ඔබ කීදේ ගැන එකඟයි. ජවිපෙ තුල ඉන්නා දක්ෂ කඨිකයො උඩට මතු වෙනවා, එතකොට පක්ෂය ඔවුන්ව තොරොම්බල් කරලා පාර්ලිමේන්තු යවනවා. පවතින ආණ්ඩුව ඔහුට ලන්සුවක් තබනවා, නියම මිල ලැබුනාව ඔහු විකිනෙනවා. මට ප්‍රශ්ණයක් තියනවා, අපි සමාජවාදියෙක්ගෙන් බලාපොරොත්තුවෙන දේ කොච්චර සාධරණද? මුළු ජීවිතේම දුප්පතෙක් විදිහට ජීවත් වෙලා, පෞද්ගලික ජීවිතය "සටන" වෙනුවෙන් කැපකරලා මැරිල යන එක? ඔබගේ කලින් ලිපිය අනුව, ඔබත් මේ අසාධාරණ මතයේ ඉන්නවා කියලයි , මට හිතුනෙ.

    මගේ දෙවනි ප්‍රශ්ණෙ මේකයි. ප්‍රධාන පක්ෂ දෙකේම ඉන්නෙ එක වගේ අය නිසා, විපක්ෂයක් හැටියට, ඉන්නා හොඳම් තුන් වෙනි බලවේගය ජෙප්පො බව මං හිතනවා. Libertarian කියාගන්නා මේ හාදයා මරාට කහින හැටි බලන්න. පෞද්ගලික වාසි තකා ඔහු වැන්නෙක් එසේ කිරීම ගැන , මා පුදුම වන්නේ නෑ.ඔබ ඒ තත්ත්වයට වැටිය යුතු නෑ, ඒත්, පැරා අලින්ට කඩේ යනවා යැයි හිතෙන තරමට , ඔබ අලින්ව තොරොම්බල් කරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මහින්ද ඇතුලු හොර නඩේට වඩා දැන් ඉන්න අනෙක් අය චුට්ටයි හොඳ ,
      හා නැද්ද මං කියන්නේ.

      Delete
    2. මගේ අරගලයේ මේ මොහොතට අදාළ පළමු ඉලක්කය මහින්ද හා ඔහුගේ ක්‍රමය උපරිම ලෙස දුර්වල කිරීමයි. ඒ වෙනුවෙන් මම එජාපය සමග සිට ගත්තෙමි. එජාපය ද ගැටලු ගොඩක් සහිත පක්ෂයකි. එහෙත්, තිබෙන අනෙකුත් වාමාංශික, දක්ෂිණාංශික පක්ෂවලට වඩා එජාපය ඉදිරිගාමී ය. අප මුලින් ම එන්ගේජ් වී බැලිය යුත්තේ සාපේක්ෂ වශයෙන් වඩා ම ඉදිරිගාමී බලවේගය සමගයි.

      දැන් මෙහෙම කිව්වාම ජවිපෙ, පෙසප වැනි පක්ෂ ඇයි අපි කළු ද කියලා අහයි. මට නම් කියන්න තිබෙන්නේ ඔයගොල්ලෝ කළු තමයි, යූඇන්පියත් කළුයි කියන එකයි. කළු අතරින් ළා කළු සොයන්න යන එක තේරුමක් නැති දෙයක් වුණත් මහින්ද පරදවන්න මේ මොහොතේ එක ම විසඳුම එජාපයයි.

      ඔය කඩේ යනවා වගේ පරණ සංකල්ප වර්තමාන යුගයට අදාළ නැහැ. මේ වනාහි පක්ෂවලට වඩා අරමුණු වැදගත් යුගයක්.

      Delete
  7. මහින්ද කපටි රජකු වුවත්, මෛත්‍රීයෙන් බිහිවන රජු මෝඩ රජෙකි. ඒ ලංකාවේ පුරවැසියකු අනිවාර්යයනේ ලැබිය යුතු මූලික අධ්‍යාපනය වත් නොලද භික්ෂුන් ගේ අනුසාසනාවෙන් රට පාලනයට සූදානම් වන බවක් පෙනෙන නිසායි, ජාතිවාදී හොර විද්‍යාඥයන්ට මුලාවෙලා ග්ලයිෆොසෙට් තහනම් කරා, ප්‍රතිපල උදාවෙන්නේ මහ වැහි වැටුනට පස්සේ. දැන් අඩු ආදායම් ලාභියාගේ නිවාස සිහිනයට තට්ටුකරන්න ඇස්බැස්ටෝස් තහනම් කරන්න යනවා, මේවා කිසිවකින් හදිසිවැඩ නොවේ, මේ හදිසි විකාර වැඩ නොකර නිසි පර්යේෂණ විසඳුම් සොයා ගෙන පිළියම් යෙදිමට හැකියි. මෛත්‍රී හෙල උරුමයේ / ජවිපේ විකාර මත වලට නැටුවොතින් ...

    ReplyDelete
    Replies
    1. ප්‍රජාචන්ත්‍රවාදට අනුව මේවා විකාර වැඩ ඕ යැර්ස්.

      Delete
  8. කිස්මී වෘෂනිකා නංගීAugust 15, 2015 at 1:13 AM

    වෙනස සනී...පයී!
    එළ ද බ්‍රා.........අයියාහ්...
    මහින්ද යුගයේ අභීත බ්ලොග්කරු , තෙත් කලාපයේ අ.පැ ජයසිංහ සුදු අයියා ගොඩේ ගොඩ.ඹයාගේ නම BBC යේ තියෙනවත් දැක්කා ,
    ඉතිං අයියාහ්..අගෝස්තු 18 න් පස්සේ මොනව කරන්නද හිතන් ඉන්නේ.

    කියන්න අයියාහ් ...

    ReplyDelete
    Replies
    1. මොකුත් නැහැ නංගී. මීට වඩා වැඩක් කරන්න ආරාධනා ලැබුණොත් යනවා. නැතිනම් ඉතින් ට්‍රාන්ස්ලේෂන් එකක් කරගෙන, ඉංගිරිසි පොඩ්ඩක් උගන්නගෙන, බ්ලොගක් ලියාගෙන තෙත් කලාපයේ මෙහෙමම ඉන්නවා නංගීහ්!

      Delete
    2. ආ, මේකත් කියන්න ඕනැ. අපි එදා, අද වගේ ම හෙටත් අරවා මේවා ඉල්ලගෙන කාගෙවත් පස්සෙන් යන්නේ නැහැ. හැබැයි දුන්නොත් එපා කියන්නෙත් නැහැ. අර ඩොලර් ගැන මට දෙන්න තිබෙන පිළිතුර ම තමයි දෙන්න තියෙන්නේ.

      Delete
  9. 1. මුලින්ම මහින්ද එළවමු. ඌ හිටියා හොඳටෝම ඇති. ඒක හැමෝටම පිළිගන්න පුළුවන් දෙයක්නෙ.
    2. දෙවනුව රනිල් යොදාගෙන සිරා පාලනය කරමු. සිරාට තනියම ගේම් එක ගහන්න දෙනවා කියන්නෙ මාර භයානක වැඩක්.
    3. තෙවනුව එජාපයේ දෙවන පෙළ රනිල් පාලනය කරන්නට යොදා ගනිමු. (දැනට දෙවන පෙළක් තියෙන එකම පක්ෂය තමයි එජාපය)

    මොනවා උනත් ඉදිරියට එන ආණ්ඩුවට මහින්ද කෙළපු ආකාරයේ පිස්සු කෙළින්න ලැබෙන්නේ නැහැ.

    ReplyDelete
  10. Ranil dinnoth wena dewal gana dan nam ingi labenawa.
    Owa yakooo jara wada.

    MR thawath chanda wadi wenwa .

    UNP eka punuruththapanaya karanna ona. Balena haro balayata enna hadna eka nawaththanne na wal balloo.

    End of Sri Lanka

    ReplyDelete
  11. මකලා හදයිද...??? මකලා වෙන මොකවත් කරයිද දන්නෑ.....

    ReplyDelete
  12. ශ්‍රීලනිපය මකල හදන්න පියවර ගන්න තිබුණෙ නාම යෝජනා දෙන්නත් කළින් කියල තමයි මට නම් හිතෙන්නෙ.. එහෙම වුණානම් මේ තරම්වත් අලකලංචි නෑ...

    ReplyDelete
  13. 'ශ්‍රී ලංකාව' කියා රටක් 1950 ගණන් වලදී නොවීය. තිබුණේ ඉංග්‍රීසියෙන් Ceylon හා සිංහලෙන් 'ලංකාව' කියා හැඳින්වුණු රටකි.

    මේ රටේ බණ්ඩාරනායක කියලා කෙනෙක් පක්ෂයක් හැදුවේය. ඔහුට තම පක්ෂය නම් කිරීමට ඕනැ වුණේ Ceylon Liberal Party හෙවත් වචනයේ අර්ථයෙන් 'ලංකා ලිබරල් පක්ෂය' හැටියටය. මේ නම සිංහලට ගැළපෙන සේ සකස් කිරීමට එවක සිංහල උගතකු වූ එච්. ශ්‍රී නිශ්ශංකට පවරන ලදී. මේ යෝදයා Liberal කියන වචනය 'නිදහස්' ලෙස පරිවර්තනය කළේය. 'ලංකා' කියන එක ඉදිරියට (පොරත්වය නිසා) තමන්ගේ නමේ මුලට තිබුණු ශ්‍රී අකුරත් එක් කළේය. පක්ෂය 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය' වුණේ එනිසාය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා