ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් පද්‍ය රචනා තරගයක්

ශ්‍රී ලංකාව කියන්නේ මිනිසුන් අතුරුදහන් වීම ඉතා බහුලව සිදු වූ රටක්.

නීතියට පිටින් මිනිසුන් මරා දැමීම ඉතා අසීලාචාර ක්‍රියාවක්. ලංකාවේ පාලකයන්, ත්‍රස්ත කණ්ඩායම්, ආරක්ෂක අංශ, දේශපාලකයන් හා තවත් අය පුද්ගලයන් පැහැරගැනීම්වල හා අතුරුදහන් කිරීම්වල යෙදුණා.

අතුරුදහන් කිරීම පිළිබඳ බිය, වධ හිංසාවන්ට ලක් කිරීම, ඝාතනය, පවුල් අසරණ වීම, වියෝව යනාදී කාරණා විසින් අප සමාජය තුළ ඇති කරන ලද තුවාල අතිශය ගැඹුරුයි.

අප ඒ ගැන කවි ලිවිය යුත්තේ ඇයි?

අප විසින් සෞන්දර්යය ඔස්සේ ඇති කරන සංවේදිතාව නැවත එවන් අමානුෂික ක්‍රියා මේ සමාජයේ ඇති නො වන වටපිටාවක් නිර්මානය කරන්නට දායක වේවි.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් පද්‍ය රචනා තරගයක් පවත්වන බව නිවේදනය කර තිබෙනවා. තරගයෙන් ජයගත්තත් ඔබට තෑගි නම් ලැබෙන්නේ නැහැ. ඔබගේ කවි පද්‍ය එකතුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා.

අතුරුදහන් වීම් පිළිබඳ ඔබගේ සංවේදිත්වය පැදියකින් පළ කරන්න.

තරග විස්තර හා අයදුම්පත් මෙතැනින්


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොත ගහන එකාට සහ එන් ජී ඕ කාරයන්ට ඩොලර් කුට්ටියක් කොමිස් ගහන්න අවස්ථාවක් ලබාදෙන්න ඔබත් කවි ලියන්න.

    -විමලදාස පනික්කියා.

    ReplyDelete
  2. If you offer an award with a cash cheque worth considerable amount or pay a reasonable cash payment for each and every acceptable poetry work, I'd like to participate. I could submit products made in both Sinhala & English as well & a converted Tamil also could be considered using google translator. However a significant amount of payment is a must for my work; preferably in US$/ Euro/ Aus $ etc. Otherwise no use of holding such events. If no payments offered, do not waste our valuable time for such ceremonial bullshits.

    ReplyDelete
  3. //තරගයෙන් ජයගත්තත් ඔබට තෑගි නම් ලැබෙන්නේ නැහැ//

    මේ මොන කුණුහරුපයක්ද යකෝ මේ? පිනට කවි ලියන්න අපි වෙස්සන්තර නිකායෙ කියල හිතුවද?

    පැරකුම් කරුණාකර මුදල් හෝ යම් කිසි පිළිගතහැකි සැලකිය යුතු වටිනාකමක් සහිත ත්‍යාග ලබාදෙන තරග ගැන පමණක් මෙහි දමනවාද?

    ReplyDelete
  4. මෙම ඇම්නෙස්ටි ආයතනය බඳු අධික ලාබ ලබන දැවැන්ත අරමුදල් සහිත සංවිධාන මෙබඳු හිඟන වැඩ කරන්නේ ඇයි? මා සිතන්නේ මෙම ආයතනයේ යම් සටකපට නිලධාරීන් පිරිසක් නිර්මාණකරුවන් රවටා නිර්මාණ මංකොල්ලයක් සිදුකොට මවු ආයතනයෙන් මුදල් වංචා කරන්නට ගැටගැසූ මගඩියක්. මා සියලුම නිර්මාණකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙබඳු මගඩි වලට හසු නොවී අපගේ නිර්මාණවලට නිසි වටිනාකමක් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

    ස්තූතියි !

    ReplyDelete
  5. අජිත් මෙහි තරග ජයග්‍රහකයින්ට මුදල් තෑගි ලබා නොදෙන ඒක හරිම විසුළු සහගත වැඩක්. ඇත්තටම ලොව පුරා ප්‍රසිද්ද ඇම්නෙස්ටි වගේ දැවැන්ත ඉන්ගෝ එකක් මෙසේ නොමිලේ කාව්‍ය නිර්මාණ ඉල්ලීම අතිශය අශීලචාරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා