ජනතාවට පෙම් කිරීම හෝ වෛර කිරීම දේශපාලනය නො වේ

අජිත් පැරකුම් ජයසිංහ වන මම 1989 මැයි මාසයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කිසිදු කාර්යයක යෙදී නැත. ඉන් පසු වසර පහක පමණ කාලයක් හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වී සිටියෙමි. පසුගිය වසර 20ක පමණ කාලයක් මා සිටියේ නිදහස් මතධාරියකු ලෙස ය. එහෙත් මම හැමදාමත් දේශපාලන ක්‍රියාකාරිකයකු වීමි. විවිධ අවස්ථාවලදී වාම පක්ෂ, කණ්ඩායම්වලට උදව් කර ඇත්තෙමි. 1994, 2004, 2005 වර්ෂවල ජවිපෙ ශ්‍රීලනිපය සමග යද්දී මම එයට උදව් නො කළෙමි. 2005දී මහින්ද වැළැක්විය යුතු ය යන දැඩි මතයේ සිටියත් රනිල්ට උදව් නො කළෙමි. 2010දී එම ස්ථාවරයේ ම සිට ෆොන්සේකාට ද (ජවිපෙ සමග), 2015දී මෛත්‍රීපාල සිරිසේනට හා රනිල් වික්‍රමසිංහට ද උදව් කළෙමි.

මට මගේ අරමුණ ඉතා පැහැදිලි ය. මා පෙනී සිටින අරමුණ වෙනුවෙන් මම හැම විට ම සීයට සීයක් කැප වුණෙමි. එසේ සීයට සීයක් වැඩ නො කිරීම ගැන අවසන් පාඩම ඉගෙන ගත්තේ 2005දී ය. එදා පුරවැසියන් මහන්සි වුණා නම්, අඩු තරමේ ඡන්ද වර්ජනයකට ජනතාව යොමු නො කරන්නැයි කොටි සංවිධානයෙන් ඉල්ලා සිටියා නම්, මහින්ද රාජපක්ෂ නම් ජනාධිපතිවරයකු හා සම්බන්ධ ලේ වැකි දූෂිත ඉතිහාසයක් ලංකාවේ නිර්මානය වන්නේ නැත.

මහ මැතිවරණය සම්බන්ධයෙන් නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා මුල් වී දියත් කළ ජවිපෙට ඡන්ද කැඩීමේ ව්‍යාපාරයට එරෙහිව මම දැඩිව පෙනී සිටියෙමි. ජවිපෙට ඡන්දෙ කැඩීමේ ව්‍යාපාරය සාර්ථක වූවා නම් මහින්ද දිනන බව දැන් සක්සුදක් සේ පැහැදිලි ය. පරණ පරපුරේ වාමාංශිකයන් හා අලුත් පරපුරේ කලාකරුවන් ඉල්ලා සිටි පලියට ජනතාව ජවිපෙට ඡන්දය දුන්නේ නැත. ජවිපෙට ලැබුණේ තමන් වැඩ කර ලබා ගත් ඡන්ද ටික පමණි.

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයි මම විවෘතව ඉල්ලා සිටියෙමි. මහින්ද පැරදවීම සඳහා කළ හැකි එක ම දෙය එය විය. අපි මහින්ද නැවත බලයට එන එක තරමක් දුරට හෝ ස්ථාවරව නැවැත්වූයෙමු. එහෙත්, මහින්ද ගමන නවත්වා නැත. එසේම, මහින්ද විසින් සංකේතවත් කරන ලද මජර දේශපාලන ක්‍රමය ද අවසන් වී නැත. එය මේ රටේ මුල් බැස ගත් එකකි. එය සන්ධානයට පමණක් සීමා වී නැත. එජාපය, ජවිපෙ හා ඉන් පහළ දක්වා ම විහිදී ඇත.

ඡන්දයෙන් පැරදුණු පසු සමාජ ජාල ආදියෙහි වැඩියෙන් ම වියරුවෙන් හැසිරෙන්නේ කවුරුද යන්න අධ්‍යයනය කර බලන්න. මෙතෙක් කලක් කර තබාගෙන නැලවූ ජනතාව දැන් එක පාරට ම බත් කන හරකුන් ලෙස හඳුන්වන්නට ඇතැමෙක් පසුබට වී නැත. මහින්ද පැරදවීමට එජාපෙට ඡන්දය දුන් අය හැඳින්වීමට භාවිතා කරන්නේ වහලුන් යන යෙදුමයි. මා වෙනුවෙන් භාවිතා කරන ලද යෙදුම් ලැයිස්තුවක් මෙසේ ය:


  • දේශපාලන තක්කඩියා
  • දේශපාලන පිම්පියා
  • නාකි මෝඩයා
  • වහලා
  • අලුගුත්තේරුවා
  • එක්සත්ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තනතුරු ගන්න වැඩ කළ අවස්ථාවාදියා


මෙවැනි යෙදුම් ගැන මම පුදුම නොවෙමි. සිංහල - දෙමළ දේශපාලන සමගිය වෙනුවෙන් කළ අරගල නිසා මේ අය ම මීට පෙර අප හැඳින්වූයේ සිංහල කොටි ලෙසයි. තවමත් සමහරු අප ඩොලර් කාක්කන් ලෙස හඳුන්වති. එහෙත් අප සම්බන්ධ වී සිටි එවැනි ඩොලර් ව්‍යාපෘති කිසිවක් හෙළිදරව් කරන්නට තවමත් කිසිවෙකුට බැරි වී ඇත.

මම එජාප සමග යම් සම්බන්ධයක් පවත්වාගෙන ගියෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිතේ පළමු වතාවට මට ප්‍රධාන ධාරාවේ පුවත්පත් කීපයකින් ඒවාට ලියන්නැයි ආරාධනා ලැබිණි. මම එම අවකාශය හැකි පමණ භාවිතා කළෙමි. ඒ හැර වෙනත් කිසිදු ගිවිසුමක් අප අතර නැත. අඩු තරමේ අප ලියු ලිපිවලට මුදල් අරගෙන හෝ නැත. අප අතර ඇති වූයේ මිත්‍රත්වයක් පමණි. ඒවා සාමාන්‍ය දේශපාලන මිත්‍රකම් මිස මතවාදීව වෙනස් වූ වහාම මරාගෙන කන වෛරයක් බවට පත් වන වාමාංශික සහෝදරකම් නොවේ.


2005දී ජවිපෙ කළ දෙය වූයේ මහින්ද බලයට පත් කර ඉන් පසු ඔහුට සහයෝගය නො දී සිටීමයි. ජවිපෙට මහින්ද මෙහෙයවන්නට තිබුණු ඉඩ ජවිපෙ පාවිච්චි කළේ නැත. අපට එජාප මෙහෙයවන්නට තරම් බලයක් නැත. එහෙත්, අප විසින් පත් කරන ලද ආණ්ඩුව අතහැර දමා ‘අපි 
ඔවට නැහැ‘ කියන අවස්ථාවාදී ප්‍රතිපත්තියට අප තල්ලු වන්නේ ද නැත. යහපත් දේ කරන්නට ආණ්ඩුවට උපකාර කළ යුතු ය. එසේ ම, විවේචනය ද පවත්වාගෙන යා යුතු ය. අපි ඉදිරියටත් එය කරන්නෙමු. 

මා මෙම සටහනේ පළමු ඡේදය මගේ ෆේස්බුක් වෝල් එකෙහි ලියූ විට මට මෙවැනි ප්‍රතිචාරයක් ලැබිණි. “ඇයි ඉතිං ඕකේ අන්තිම ඡන්දය ගැන ලියලා නැත්තෙ. එජාප වෙනුවෙන් උපරිමයෙන් කැපවුනෙමි කියන්න කැතද? දැම්මම බය වෙලාද? ඒ වුනාට එජප ආණ්ඩුව මින් ඉදිරියට කරන හැම අලු ගුත්තේරු වැඩකටම ඔයත් වග කියන්න ඔනැ. මොකද ඔයාගේ ඡන්දය නිකන් තනි ඡන්දයක් නෙවෙයි. අපි ඒ වෙලාවට ඔයාවත් මතක් කරනවා නොවරදවාම.“

මා එයට දැක්වූ ජ්‍රතිචාරය ද මෙහි සටහන් කරමි. “මා කැප වුණේ එජාප වෙනුවෙන් නො වේ. මහින්ද පැරදවීමේ අරමුණ වෙනුවෙනි. එසේම, ඔබට ජවිපෙ හෝ වෙනත් පක්ෂයක් වෙනුවෙන් කැප වීමට අයිතියක් තිබේ නම් මට එජාප වෙනුවෙන් කැප වෙන්නට ද අයිතියක් ඇති බව තේරුම් ගන්න. මන්ද, මේ පක්ෂ අතර ඔබ හිතන අන්දමේ විඥානවාදී ආගමික වෙනසක් මට නම් නැත. මේවා ඔක්කොම එක ය. එජාප කරන අලුගුත්තේරු වැඩවලට මෙන්ම ජවිපෙ කළ අලුගුත්තේරු වැඩවලට ද මට මුළුමනින් ම වගකියන්නට බැරි ය. එහෙත්, මම ඒ අලුගුත්තේරුකම් වළක්වන්නට මට හැකි පමණින් හැමදාමත් සටන් කරමි.“

වාම දේශපාලන සංස්කෘතියේ මෙම පසුගාමී ලක්ෂණවලට එරෙහිව මම දිගු කලක සිට සටන් කරමි. තම මතවාදය විවේචනය කරන මිනිසුන් බැහැර කිරීම හැර වෙනස් අදහස් ඇති මිනිසුන් සමග එක් වී කටයුතු කිරීමට වම දන්නේ නැත.

පරාජිත වියරු මානසිකත්වයෙන් මිදුණු පසු හෝ වෙනස්කම් සහිත ජනතාව තේරුම් ගන්නට වාමාංශිකයන් උත්සාහ කළ යුතු ය. 

ජනතාවට පෙම් කිරීම හෝ වෛර කිරීම දේශපාලනය නො වේ. අවශ්‍ය වන්නේ ජනතාව තේරුම් ගනිමින්, ඔවුන් අතර හිඳිමින් සමාජය වෙනස් කරන්නට සියුම්ව දායක වීමයි. න්‍යාය ටොන් ගණනින් ඇද බෑවත් ජනතාව ඒ ගැන දන්නේවත් නැත. දේශපාලනයේදී උපායශීලිත්වය ඉතා වැදගත් ය. උපාය නො දැන අපායේ වැටීමෙන් පසු හඬා වැටීම හෝ තමන්ට අපායේ වැටෙන්නට උදව් නො කිරීම ගැන හඬා වැටීම හෝ කොහෙත් ම වැඩක් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යං කලිසං මං එන්නංAugust 19, 2015 at 9:56 AM

    පැරාගේ හෘද සාක්ශිය හා හෘද සාක්ශිය අහිමි කරගත් ඊනියා වම්මූ.

    ReplyDelete
  2. මා ජවිපෙට දෙන උපදෙස නම් හෘදයවස්තුව වෙනුවට මොළය පෙරට දමා හෘදය සාක්‍ෂිය වෙනුවට මස්තිශ්ෂ සංගුණකය ජනතාවට ලබා දෙන ලෙසයි!

    ReplyDelete
  3. ඡන්ද ප්‍රතිශත අඩු වැඩිවීම කෙසේ වුවද, ජවිපෙ ගමනේ අවම ලක්‍ෂය අද නොවේ. ඒ අවමයේ ඔවුන් සිටියේ 2005 දී සුනාමි කේස් තිබුණු මහින්ද හා එක්ව අලි-කොටි භීතියක් මැවූ අවස්ථාවේ ය. ඔවුන් 2015 සිටියේ වඩා හොඳ ස්ථාවරයකයි.

    ප්‍රශ්නය නම් 2005 අවමය global minimum එකද නැතිනම් local minuma එකක්ද යන්නයි!

    ReplyDelete
    Replies
    1. මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?

      ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය.

      ඡන්ද ප්‍රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය. මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි. අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.

      පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. මෙමෙගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.

      එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්‍රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය.

      මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය.

      මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.

      මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත. අද නිදහස් පක්ෂය කළ යුත්තේ වහාම පක්ෂ සම්මේලනයක් කැඳවා සිරිසේනත් ඔහුගේ නව නිලධාරී මණ්ඩලයත් ඉවත් කර, මහින්ද රාජපක්ෂ මහතා නැවතත් පක්ෂ නායකත්වයට පත් කරගැනීමය.

      Delete
    2. ගුණපාල මලයගෙ කතාවෙ ගත යුත්තක් තියනව. ඉස්සරහට මේ වගෙ වයිට් කොලර් සෙල්ලම් බලාගන්න ලැබේවි.

      Delete
    3. ඇත්තම තමා. මීට කලින් තිබිච්ච ජනාධිපතිවරණ වලදි හිටපු කට්ටිය තමන් ගෙ ප්‍රතිවාදීන්ට මේ වගේ සැලකුවේ නැහැ. මුලු ප්‍රදේශයකම චන්ද දාන එක වලක්වල ජනමතය උඩු යටිකුරු කලේ නැහැ. පක්ශයක්, රටක් පවුලක බූදලයක් වගේ පාලනය කළෙත් නැහැ.එහෙම සදාචාරයක් තියෙන මේරටේ චන්දෙ කල්දාගන්න එයාට බාරදීපු පක්ශ නායකකම පාවිච්චි කරල ඒ පක්ශෙ අයිතිකාර පවුලේ අයට හානි කරන ප්‍රකාශ, ලියුම් නිකුත් කරල, මේ මැතිවරණය 1936 ඉඳල තිබිච්ච චන්ද වලින් ඉතිහාසෙම දූශිතම එක කරපු සිරිසේන මහත්තයව විධායක සභාව කැඳවල සභාපති කමෙන් විතර නෙමෙයි අර ලශ 62 අරන් දිනපු ජනාධිපති කමෙනුත් අස්කරල දාන්න කටයුතු කරන්න.

      Delete
    4. සභාවේ මහත් සිනා!

      Delete
    5. ඇයි මේ බව මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි නොකළේ. මුළු මැතිවරණයම කැන්සල් කරන්න තිබුනනෙ.
      අපරාදෙ.

      Delete
  4. මා පැරා මේ ලිපියේ මුල් කොටස වත්පොතේ ලියූ විට ප්‍රතිචාර දැක්වූ පරිදි -

    මං හිතන්නේ අපි සරල රේඛාවල යනවා. දේශපාලන පක්ෂ අවස්ථාවාදීව විවිධ වක්‍රවල යනවා.

    ඇතැම් විටෙක අපේ දිශානති සමපාත වෙනවා.

    නැවත ඔවුන් අපගමනය වෙනවා. අපි අපේ පාරේ යනවා.

    ReplyDelete
    Replies
    1. මේ දිශානති සමපාත වෙන වෙලාවේ දී අපේ සරල රේඛාව ඔවුන් ගේ වක්‍රයට ස්පර්ශෝන්මුඛයක් වේ!
      http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html

      Delete
  5. I'm reading your blog since last presidential election which I worked for CMEV. I am not agree with your all ideas but some of them help me to build up my own opinion. . . Thanks. Keep writing. (Try to write something like you wrote about Busses... memories are so nice to read)

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. Having read your post, what I gather is that you are a true UNPer- A true UNPer than any other so called UNPers who are UNPers but by name only. From your very inception of political life you have helped in many ways to make UNP strong. We are truly proud to have you amidst us!

    ReplyDelete
  10. Thanks Para for all ur efforts to educate people by explaining your views. Yes, our first priority was to take Mahinda factor out of the equation. I think it is still there, not willing to leave, but with lesser force and value. I still cannot understand our people since they gave a large no. of prep. votes to Namal, despite all accusations.
    Now, everybody's duty and responsibility to keep the next government on correct track and if not so we have to take steps necessary at next election. Am I correct?
    All the best Para, you are a people's blogger.

    ReplyDelete
  11. කෙලින් කතා කරන පැරාට මගේ උපහාරය...
    මම කලිනුත් මේ බ්ලොගයේ කියූ දෙයක් ආයිත් කියන්න කැමතියි...

    පැරා වැනි ප්‍රගතිශීලීන් (මා මේ යෙදුම ලේසියෙන් කෙනෙකුට භාවිතා කරන්නේ නැත ) ජනතා නියෝජිතයින් විය යුතුමයි...
    ඉදිරි මැතිවරනයකදී මතුගම ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කලොත් ඔබට ජයග්‍රහනය ලැබීමට ඉතා හොද ඉඩක් ඇත

    ReplyDelete
    Replies
    1. අනුමත කරමි. නන්දන ගුණතිලක මෙන් සැබෑ ප්‍රගතිශීලි ජනතාවාදී නායකයෙක් මතුගමින් එන තුරා ජනතාව බලා සිටී

      Delete
  12. රට වෙනුවෙන් ඔබ කළ කාර්‍ය භාරය අගයකරමි. හරි දේ හරි ලෙස දැක ඊට හරි කීමටත් වැරදි දේ වැරදි යැයි වටහාගෙන ඊටට වැරදි කීමටත් ඔබට උගත් කමට එහා ගිය බුද්ධියක් හා ධෛර්‍යයක් ඇතිබව මගේ හැඟීමයි.

    ReplyDelete
  13. පැරාට විවිධ අය චෝදනා කල බැව් කී නම් අතරින් දේශපාලන පිම්පියා හා දේශපාලන තක්කඩියා ලෙස ඔහු හැදින්වූයේ මාය. මෙවන් ලිපියකින් පසුව දැනුදු මගේ ඉහත විවේචන ඔහුට බාරය. මේ විවේචන මා සදහන් කලේ ඔහුගේ මූණුපොත් අවකාශයේ දමා තිබූ පෝස්ටුවකින් පසුවය. එහි ඇත්තේ ජවිපෙ හා පෙසප වෙනුවෙන් අනුකම්පා සහගත පෝස්ටු දෙකකි. ජවිපෙ හෝ පෙසප ගැන විවේචනාත්මක මගපෙන්වීමක් හෝ එහි නොමැත. පැරා පසුගිය මැතිවරණය පුරා එජාපය සමග දේශපාලන සහවාසයක යෙදුනේය. මහින්ද එලවීමේ අරමුණින් කලැයි කියුවද එය පැහැදිලිය. සමාජයට වුවමනා කර තිබුණේ මහින්ද පැරදී‍වීමේ අරමුණක් නොව මහින්ද නඩත්තු කලාවූ දේශපාලන දෘෂ්ටිවාදය පැරදවීමේ අවශ්‍යතාවයකි. ඒ කාර්යය කලේ එජාපය හෝ ජවිපෙය නොව පෙසපයි. ඔවුන් කෙරෙහිද මාහට දේශපාලන විවේචනයක් ඇතද ඔවුන් තෝරාගත් ක්‍රියාවලිය නිවැරදි යයි සිතමි. එවන් කාර්යභාරයක යෙදීම පසෙකලා පැරාලා කලේ එජාපය වෙනුවෙන් ඡන්ද හැදීමයි. ඔහුට අනුව ඔහු ‘‘නිදහස්“ මතධාරියෙකි. ‘‘නිදහස් මතධාරියෙක්“ යන්නට පැරාගේ අර්ථකතනය මට වැටහෙන්නේ නැත. එවන් අවස්ථාවක පැරාලා වෙනුවෙන් දේශපාලන තක්කඩියෙක්, දේශපාලන පිම්පියෙක් යයි කියන්නට මට කිසිදු පැකිලීමක් නොමැත. පැරාගේ මූණුපොත් අවකාශයේ මා ඔහුට දුන් අවසාන පිලිතුර යලි මෙහි සදහන් කරමි.
    Rushan Kodikara ඔව්. ඔබ ““නිදහස්““ මතධාරියෙකි.
    Like · Reply · 21 hrs

    Rushan Kodikara ඔබ වෙනුවෙන් හෝ කවරකු වෙනුවෙන් වෛරී වදන් භාවිතා කරන්නට මට අවශ්‍ය නැත. තක්කඩියෙක්, පිම්පියෙක් යන වදන් දෙක ඉදිරිපිටින් ‘‘දේශපාලන“ යනුවෙන් වචනයක් තිබෙනවා ඔබ නුදුටුවාද? ඔබ ඔය කියන ආකාරයේ ‘‘දේශපාලන“ විචාරකයෙක් නම් පිම්පියා හා දේශපාලන පිම්පියා අතර වෙනස ඔබ නොදන්නා වත්ද?
    Like · Reply · 21 hrs

    Ajith Perakum Jayasinghe Rushan Kodikara ඔබේ වේදනාව මට තේරුම් ගත හැකි ය. මනස සන්සුන් කරගෙන නැවත කල්පනා කර බලන්න. ඔබගේ වචන ගැන මට ප්‍රශ්නයක් නැත.
    Like · Reply · 21 hrs

    Rushan Kodikara ක්‍රමය විසින් නඩත්තු කෙරෙන්නාවූ ඔබ වැනි පුද්ගලයන්ට මනස සන්සුන් කරගෙන කල්පනා කෙරිය හැක. නමුත් ක්‍රමයේ වේදනාව දකින්නා වූ අපට දේශපාලන තක්කඩිකම් දකිද්දී ඒවාට එරෙහි වීම නිරායාසයෙන් සිදුවන්නකි. ක්‍රමයට විරුද්ධ වීම වෙනුවට ක්‍රමය සමග තල්ලුවී යෑම තෝරාගත් ජවිපෙටද එකී ක්‍රමවේදය වෙත ව්‍යාපාර තල්ලුකිරීමේ දෘෂ්ටිවාදයන් ක්‍රමය උදෙසා කරන ඔබ වැනි පට්ට ‘‘නිදහස්“ මතධාරී, ‘‘දේශපාලන“ විචාරකයන්ටද එරෙහිව අප හඩ නගන්නේ ක්‍රමය අනාවරණය කිරීමේ දේශපාලන ක්‍රියාවලියේ අංගයක් ලෙසිනි.
    https://www.facebook.com/apjayasinghe/posts/10153495208224326?comment_id=10153496247054326&ref=notif&notif_t=feed_comment_reply

    ReplyDelete
  14. ප්‍රමුඛ අවශ්‍යතාවය වූයේ ශක්තිමත් විපක්ශයක්ද? නැතහොත් මහින්ද තීරනාත්මක ව පරාජය කිරීමද? යන්න මග හැර යා නොහැකි ප්‍රශ්නයක්. රාජපක්ශ පාලනයක් යටතේ කොතරම් ශක්තිමත් විපක්ශයකට වුවත් කලහැක්කක් නැහැ. ඒ සඳහා මහින්ද අතුගා දැමිය යුතුමයි. ඇත්තෙන්ම ඔබ කිසිම පැකිලීමක් නැතිව ඔබේ මතය ප්‍රචාරය කලා. ජනාධිපතිවරනයේ දී මහින්ද පරාජය කිරීමට එකතුවුන බොහෝ දෙනෙක් - පුරවැසි බලය - ඇතුලුව මහින්ද අතුගා දැමීම සඳහා දායකත්වයක් සෘජුව ලබාදුන්නේ නැහැ. ඔබේ ස්ථාවරය නිරවුල්ව සහ කෙලින්ම පැවසීමේ ධෛර්යය ඔබට තිබුනා. ඇත්තෙන්ම ඔබේ ධෛර්යය අගය කල යුතුයි. වැරදිලාවත් මහින්ද සහ නඩය එජාපයට වඩා එක අසුනක් හෝ හිමිකරගෙන තිබුනා නම් අද දවසේ තත්වය ඉතා ව්‍යාකූලයි. එමගින් මේ රට සහ සමාජය ඔරොත්තු නොදෙන ආගාධයකටයකට ඇදවැටීම වලක්වාලිය නොහැක්කක්. ඒ ගැන සැකයක් නැහැ.

    - Dimithri

    ReplyDelete
  15. මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?

    ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය.

    ඡන්ද ප්‍රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය. මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි. අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.

    පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. මෙමෙගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.

    එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්‍රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය.

    මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය.

    මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.

    මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත. අද නිදහස් පක්ෂය කළ යුත්තේ වහාම පක්ෂ සම්මේලනයක් කැඳවා සිරිසේනත් ඔහුගේ නව නිලධාරී මණ්ඩලයත් ඉවත් කර, මහින්ද රාජපක්ෂ මහතා නැවතත් පක්ෂ නායකත්වයට පත් කරගැනීමය.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා. මීට කලින් තිබිච්ච ජනාධිපතිවරණ වලදි හිටපු කට්ටිය තමන් ගෙ ප්‍රතිවාදීන්ට මේ වගේ සැලකුවේ නැහැ. මුලු ප්‍රදේශයකම චන්ද දාන එක වලක්වල ජනමතය උඩු යටිකුරු කලේ නැහැ. පක්ශයක්, රටක් පවුලක බූදලයක් වගේ පාලනය කළෙත් නැහැ.එහෙම සදාචාරයක් තියෙන මේරටේ චන්දෙ කල්දාගන්න එයාට බාරදීපු පක්ශ නායකකම පාවිච්චි කරල ඒ පක්ශෙ අයිතිකාර පවුලේ අයට හානි කරන ප්‍රකාශ, ලියුම් නිකුත් කරල, මේ මැතිවරණය 1936 ඉඳල තිබිච්ච චන්ද වලින් ඉතිහාසෙම දූශිතම එක කරපු සිරිසේන මහත්තයව විධායක සභාව කැඳවල සභාපති කමෙන් විතර නෙමෙයි අර ලශ 62 අරන් දිනපු ජනාධිපති කමෙනුත් අස්කරල දාන්න කටයුතු කරන්න.

      Delete
  16. කව්ද අඩෝ අපේ පැරාව ප්‍රාදේශිය සභාවට දාන්න හදන ගොබිලා. අඩෝ පැරා යන්නේ කවුසිලේට කෙලින්ම. ඊට කලින් පැරාට ලේක් හවුස් එකේ බාරදූර කාර්යයක් තියෙනවා බං. ලේක් හවුස් එක ගොඩ දාන්න දීපන් පරාට ඉදිරි අවුරුදු පහ. ඊට පස්සේ කවුසිලේට යවමු පැරාව. සැලූට් යූ පැරා.... සැලූට් යූ...

    ReplyDelete
  17. පැරාට දිනමිණ දියව්.

    ReplyDelete
  18. මවං පැරා පේන්න නෑ ඡන්දෙ දිනපු වෙලෙ ඉඳන්. පැරා අපිටත් නොකියම දිනමිණේ මුල් පුටුවෙ වාඩි වෙලද දන්කෑ. හෙට උදෙන් දිනමිණක් ගන්න ඕනෙ පැරාගේ කතු වැකිය කියවන්න. පැරා අපිටත් පොඩි ඉඩක් දෙන්න හොඳේ ඉඳල හිටලවත් මොකව හරි ලියන්න. කොහොම ද දිනමිණ ප්‍රධාන කර්තෘ වසරේ හොඳම බ්ලොගර් හැටියට නෙළුම් යායෙන් අභිෂේක කලාම. ආව් ආව් පැරා. පැරාට
    ගුරු ලබල වගේ.

    ReplyDelete
  19. 2005 මහින්ද නාවානම් අද රටේ හැඩය බෙහෙවින් වෙනස්.බ්ලොග් ලියන්න අප ඉතිරිවී සිටීම වටිනවා.නමුත් 2010 දී හා ඉන් පසුව විය යුත්ත සිදුවී තිබෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  20. මාතලන් අඩවියේ මෛත්‍රීපාලට නියම යෝජනාවක් තිබුනා ඒ තමයි අගමැති කමට සම්බන්ධන් මුත්තට ආරාධනා කරන්න කියලා. ජාතිවාදියෙක් වුනු මමත් ඒකටනම් කැමතියි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා