ජනාධිපතිගේ ප්‍රකාශයෙන් පසු මහින්දගේ ඡන්ද ව්‍යාපාරය

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී
කිසි වාසියක් නැහැ හාමතේමයි නැ අතේ සල්ලි 
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති හා කුරුණැගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාාජපක්ෂට යවන ලද ලිපිය සමග මහින්දගේ පරාජය සහතික වී තිබේ. 

කොහොමත් ඒ වන විට සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පහළ බැස තිබිණි. එයට ප්‍රධාන හේතුව රාජ්‍ය බලය අපහරණය නො කර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් කරන ආකාරය පිළිබඳ ඔවුන්ට වසර 20කින් මෙපිට අත්දැකීම් නැතිකමයි. අවසාන ප්‍රතිඵලය කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයේ සෝදා යාමක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ වන විට ඇත්ත තේරුම් ගෙන සිටින මහින්ද අනුගාමිකයන් අතරින්, අතනින් මෙතනින් මතු වන වේදනාත්මක කෙඳිරිල්ලෙන් කියැවෙන්නේ රනිල්ගේ ආණ්ඩුව අනාගනු ඇති බව හා අවුරුදු දෙකකින් මහින්ද නැවතත් බලය තමන් අතට ගනු ඇති බවයි. 

මහින්දගේ බල පෙරේතකම, සිය පවුලේ දූෂණ සඟවා ගැනීමේ උවමනාව, ජාතිවාදය කෙරෙහි ඇති ලොල්කම හා ඔහු හැර වෙන සරණක් නැති විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර වැනි පිරිස් හේතුවෙන් මහින්ද විශ්‍රාම ගන්නේ නැත. එහෙත්, ඔහුට විපක්ෂ නායකකමවත් ලබා ගැනීමට බැරි වනු ඇත. 

ගෞරවනීය විශ්‍රාමයකට සූදානම් නම්, කතානායක වැනි පදවියක් ඔහුට දීම සුදුසු බව ඇතැමෙක් යෝජනා කරති. අනිවාර්ය ගරුත්වයක් හිමි එවැනි තනතුරක් නොමැති නම් ඔහුට සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ අතපල්ලෙන් වැටෙන්නට සිදු වේ. එහෙත්, එවැනි තනතුරක වගකීම දරන්නට තරම් දේශපාලන පරිණතබවක් හා විනයක් ඔහුට තිබේ ද යන්න ගැටලුවකි. 

මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්දදායකයන් දැඩි කලකිරීමකට පත්ව සිටින අතර සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ජවිපෙට හැරී තිබේ. බලාපොරොත්තු වන තරම් නැති වුණත්, ජවිපෙ දැනට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගන්නවා ඇත. 

එක්සත් ජාතික පක්ෂය පැහැදිලි බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගනු ඇති බව පෙනේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සැලකිය යුතු පිරිසක් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවකට සහයෝගය දක්වන නිසා ඔහුට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලැබෙනු ඇත. එහෙත්, ආර්ථික ප්‍රතිසංස්කරණ විෂයෙහි දැඩි පරිස්සමකින් කටයුතු කළ යුතුව තිබේ. දැනටමත්, ජවිපෙ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා මහින්ද පිල අතර අනියමින් සන්ධානයක් හැදී හමාර ය. සියලු ආර්ථික ප්‍රතිසංස්කරණ ඔවුන් විසින් අර්ථකථනය කරමින් සිටින්නේ විකිණීම ලෙසයි. 

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයෙහි එක් අරමුණක් වන්නේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල වැනි ශ්‍රීලනිපය නැතිව සරණක් නැති, එහෙත් ශ්‍රීලනිපය බ්ලැක්මේල් කිරීමට සමත් වී සිටින සුළු පක්ෂ හිමියන් පරාජය කිරීමේ අවශ්‍යතාව මතු කිරීම බව පෙනේ. සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ නම් මෙවර මහ මැතිවරණයෙන් අනිවාර්යයෙන් ම පරාජය වේ. එම පක්ෂවල අපේක්ෂකයන් ඡන්දය වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ නැත. ඔවුන් කෙළ හළමින් ඉන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකම්වලට පමණි. ඒකත්, මැරෙන තුරා ඩිව් ගුණසේකරට හා තිස්ස විතාරණටයි. මොවුන්ට කිසි කලෙක ඡන්දයක් දිනන්නට බැරි ය. මොවුන් සිටින තුරා මේ පක්ෂ දෙකේ කිසිවෙක් ඡන්දයක් දිනන්නේ ද නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා සමග මා එකඟ වන්නේ අර්ද වෂයෙනි. ඊට හේතුව ඔබ එ.ජා.ප. මතයේ පිහිටා ලියන නිසාත්. 17 දින මෙය බොහෝ විට බොරු වීමට ඇති ඉඩකඩ නිසාත් ය. 17 පැරාගේ මතය නම් ඉටු නොවනවා ඇත.

    ReplyDelete
    Replies
    1. රනිල් මෙදාපාර පැහැදිලි බහුතරයක් එක්ක දිනනව... එතැන් පටන් 2025 වෙනකම් රටේ තියෙන්නෙ යූඑන්පී ආන්ඩුවක්...

      Delete
    2. අප්පේ ....!! පැරා පහුගිය දවස්වල අලියා පරදියි කියල දැඩි මානසික අසහනයට පත්වෙලා හිටපු නිසා ජෙප්පන්ට නොගහ අලියාටම දාන්න හිටියේ. දැන් ඉතින් හරිනේ, මෙදා පොටේ අපි එහෙනම් සීනුවට ගහනව ඈ !!

      සිළුමිණ සෙට් උනොත් අපේ පොඩි ෆොටෝ එකක් එක්ක කවි කෑල්ලක් එහෙම පත්තරේ හිස්තැනකට ඔබා ගන්න සපෝර්ට් එකක් දෙන්න ඈ, රාවය නම් වඩා හොදයි

      Delete
    3. සමහර දේවල් ක්ෂනයෙන් තේරුම් නොයන විට මාස ගනනක් ඇතැම්විට වසර කිහිපයක් වුවද ගත වනු ඇත.අද තිබෙන සමාජවාදී විලාසිතා නැත. එකම විලාසිතාව එජාප ආණ්ඩුවකින් පෞද්ගලික සමෘද්ධිය උදාකරගැනීමයි.
      1991 න් පසු සමාජවාදීය කියන සියළු ව්‍යාපාර ධනපති පක්ෂවල වලිග වී ඇත. කෙළිනම් මහින්දගේ සරණ යාමට නොහැකි හෝ ඊට තරඟයක් දීම අපහසුයැ‍යි සිතන කෙනෙකුට එජාපයට සහාය දීමට හැක. විමල් සංධානයට යන විට නන්දන එජාපයට යන්නේ ඒ අනුවයි.
      2009 සිට හැංගි හැංගි වෙස් බැඳ දැන් එළියෙ නටන්නට ඒම සමහරුන්ට තවම තේරී නැත.

      Delete
    4. විග්‍රහය ඉතා මුග්ධය. එජාපය ඉදිරියෙන් සිටි බවත් එජාප අය කුල්මත්ව සිටි බවත් ඇත්තය. එහෙත් මේ ලියුමෙන් පසු සංධාන ආණ්ඩුවක් එන බව වක්‍රාකාරව කියා ඇති නිසා එය පාවෙන ඡන්ද වලට බලපෑමක් කර තිබේ. කෙසේ නමුත් එජාපය ඊලඟ ආණ්ඩුව පිහිටවනු ඇත.

      Delete
  2. මෙතන නම් පැරා යු.ඇන්.පි. යට ලොකු හැන්දකින් බෙදලා.. ;p

    ReplyDelete
    Replies
    1. අප සිටින්නේ ඉතා පැහැදිලි සමාජවාදී දේශපාලන ස්ථාවරයකයි. මේ වනාහි මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති, ෆැසිස්ට්, වැඩවසම්වාදී, ජාතිවාදී, දූෂිත ක්‍රමයට එරෙහිව ලිබරල් ධනවාදය සමග එක්ව සටන් කිරීමයි.

      Delete
    2. අපේ ගමේ සියරට දේ සිරි සැප දේ සිනි කරින්ඥන් බාර් එකේ මුදලාලි කියන්නේ ඕකමයි. මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති, ෆැසිස්ට්, වැඩවසම්වාදී, ජාතිවාදී, etc...... ක්‍රමේට විරුද්ද ව රනිල්ට දෙනවා කියල. හැබැයි ඉතින් මිනිහ පස්සේ කියනවා අපි හම්බු කරොත් අපේ බඩට, රනිල් හාමු අපිව අමතක කරන්නේ නෑ බෝලොව් කියල.

      බයවෙන්න එපා පැරා රනිල් හාමු ඔයාව අමතක කරන එකකුත් නෑ !

      Delete
    3. ඇත්තය. ඉතා පැහැදිලි ස්ථාවරවල අප සිටිය යුතුය.එජාප කබරගොයා තලගොයෙක් වී ඇති නිසාය.මහින්දගේ දූෂිත ජාතිවාදී පාලනයට එරෙහිව 1977 -1994 මොඩලයේ පරමාදර්ශී රාජ්‍යයක් නිර්මාණය කරගත යුතුය.
      අද පෞද්ගලිකකරනය අනුමත කරන ලෙසින් හෙට කොළපාටින් කරන සියළු දේවල් තලගොයි ලේබලය යටතේ අලෙවි කළ හැක.

      Delete
  3. සිරිසේන මැතිතුමා විසින් මහින්දගේ දේශපාලන ගමන නොහිතපු විදිහට අමාරුවේ දානවා.... ඒත් මේ මිනිස්සු මෙහෙම නවත්තන්න බැහැ... ෆොන්සේකා මහතාගේ හැසිරීම දැක්කා නේද??? ප්‍රභාකරන් ඉවර කරේ මෙහෙම මිනිස්සු ඒකතු වූ නිසයි.... මොනවා වුණත් අාරක්ෂක ලේකම්තුමාගේ නිහැඩියාව ගැනනම් සැකයි

    ReplyDelete
  4. 1. නිමල් සිරිපාලද සිල්වා
    2. අනුර ප්‍රියදර්ශන යාපා
    3. සුසිල් ප්‍රේම් ජයන්ත්
    4. ජෝන් සෙනෙවිරත්න
    5. ටෙනිසන් කුරේ

    සන්ධානය "දිනුවොතින්" අගමැතිකම ලැබෙන්නේ මෙයින් එක්කෙනෙකුටලු.

    හහ් හහ් හා......... ඒ ඉතින් "දිනුවොතින්" නෙ.

    ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානය "දිනුවොතින්" සුසිල් කිඳෙල්පිටියටත් අගමැතිකම ලැබෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ "දිනුවොතින්" ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටත් අගමැතිකම ලැබෙයි. කිසිම සැකයක් නැහැ.

    විහිළු කළා ඇති.

    ඔබ වෙනුවෙන් නොව රට ගැන හිතා, ඔබේ දරුවා ගැන හිතා, ඔබේ නූපන් දරුවා ගැන හිතා රටේ සංවර්ධනයට නියත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ඇති, මින් ඉහත තෙවරක් අගමැති පදවිය දැරූ දක්ෂ පළපුරුදු නායකත්වයක් ඇති, අවංක, දක්ෂ දූෂිතයින් නොවන කණ්ඩායමක් ඇති, සිංහල-දෙමළ-මුස්ලිම්-බර්ගර්-බෞද්ධ-කිතුණු-ඉස්ලාම්-හින්දු මේ හැම ජන කොටසකටම එකසේ පිළි ගත හැකි එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ ඉදිරියේ කතිරය සටහන් කිරීමෙන් ඔබේ ජාතික වගකීම ඉටු කරන්න.

    අළුතින් පාරක් තැනෙද්දී ඔබ බුල්ඩෝසරයේ කොටසක් නොවන්නේ නම් ඉබේම පාරේ කොටසක් විය හැකියයි කතාවක් තිබේ. මේ මහාජන විප්ලවයේදී ඔබත් පාරේ කොටසක් නොවී බුල්ඩෝසරයේ කොටසක් වන්න.

    ලංකාවේ එකම ජාතිකත්වයේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වන්න.

    ReplyDelete
  5. සමාජවාදී විප්ලවවාදියෙක්ට ගිය කල. දැන් පැරා කියන්නෙ සිරිකොත පිලිකන්නෙ රනිල් ඇතුළු යූඇම්පියෙ කුණු රෙදි අපුල්ලන්නෙක්.

    ReplyDelete
    Replies
    1. මිනීමරු මරාගෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින රනිල්/ මෛත්‍රී/ මංගල/ චන්ද්‍රිකා වගේ රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ වෙනස නොදකින උබ වගේ බූරුවෙක් දැක්කමයි....
      පට්ටි ගොනෝ, 'උනුත් එකයි- මුනුත් එකයි' න්‍යාය මෙදාට ගැලපෙන්නෙ නෑ... මරා/ ගෝටා/ වීරවන්ස වගේ කාලකන්නියොත් බුලත්කොලෙන් ඉල්ලද්දි විරුද්ධ පක්ශෙන් සදාම් හුසේන්/ පිලිපීනෙ මාකෝස් වගේ උන් සෙට් එකක් ඉල්ලුවනම් ඔය 'දෙපැත්තම එකයි' කියන කථාව හරියන්න තිබ්බ....
      දාගෙන ඉන්න 'රතු කන්නාඩිය' ගලවල බලහන්...
      දැන් මට කොල කන්නාඩිය ගලවන්න කියන්න එපා, මම 2005 චන්දෙ දුන්නෙ මරාට,

      Delete
    2. අපි මැදමුලන වලව්වේ පිළිකන්නේ කුණු රෙදි ඇපිල්ලුවා නම් ඔබ ඔය කතාව කියන්නේ නැහැ නේ ද? සමසමාජ පක්ෂයේ සිට ජවිපෙ හරහා පෙරටුගාමී සමාජවාදී වීරයන් දක්වා කවුරුත් ඔය පිළිකන්නේ ලැගපු අය. අපි වැඩවසම්වාදය හා අධිපති ජාතිවාදය එක්ක කවදාවත් සන්ධානගත වී නැහැ. හැබැයි වැඩවසම්වාදයට හා ජාතිවාදයට එරෙහිව ලිබරල් ධනවාදය එක්ක වැඩ කරනවා. ඒක ඉතා පැහැදිලි සමාජවාදී ස්ථාවරයක්.

      Delete
    3. සියළු පුකේ වම්මු හු*ලා නිදියගන්න ඕන කාලේ නිදිමරන් බිත්තිවල පෝස්ටර් අලවා, ළමයි ලොකු මහත් කලයුතු කාලේ යු.එන්.පී යට සෙට් වී වැල ඇද්ද ඒවගේ ඇරියස් යන්නට බඩු ගසති. අපිට අපේ චන්දෙ දාන්න ඕන හැටි ගැන ලේච්චර් දෙති. ප්‍රගතිශීලි ජංගිය ගලවා,මගේ ජුන්ඩා ලොකු නේදැයි අපෙන් අසති. ඔව් අනේ ඔයාගේ ජුන්ඩා මාරයි, එත් අප්පිරියයි. සමාජ රෝග වලට ටෙස්ට් කරගන්න. ඔයාගේ අදහස් වගේම තමයි.

      පුකේ වම්මු= වාමාංශික බුද්ධිමතුන් ගේ දැනුම ප්‍රතිරුප ගොඩ නගා ගැනුමට වංචනික ලෙස උපයෝගී කොටගෙන, පසුව එම "ප්‍රාග්ධනය" රනිල්ගේ ෂෙයා මාර්කට් එකේ ඉන්වෙස්ට් කරන තක්කඩි .

      Delete
    4. වාවා ගත නොහැකි ඔක්කාරය! හා ජුගුප්සාව!!. අවුරුද්දකට පාරක්වත් මහ චන්දයක් තියන්න ඕන. එතකොට වචන ඇඟේ අලවන් පිම්බිලා ඉන්න ඉන්ක්රෙඩිබල් හල්ක් ලා රනිල්ගේ හෝ මහින්දගේ දෙපා මුල දියවෙලා යනවා බලන් ඉන්න පුළුවන්.

      Delete
  6. දැන් නෙවෙයි ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරලා සති දෙකක් විතර යනකොට තමයි මරාට කෙළවෙන බව මරාම තේරුම්ගත්තේ. ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය ඇතුලේ කචල් බලන්න පුළුවන් අම්බානක. යූඇන්පියට ජේවීපියට කරපු දේ මරාට සහ උගේ වටේ ඉන්න හොර හැත්තට පලදුන්නා.

    ReplyDelete
  7. හිස් ටින් එක කවුද?
    මරා ද? මරාට ඡන්දය දෙන අය ද?
    පැරා ද? පැරාට බනින අය ද?

    ReplyDelete
    Replies
    1. පැරාගේ ජීවිතය හිස් ටින් එකක් වී නැත. මා සිටින සමාජවාදී ස්ථාවරය හා එජාපට සහයෝගය දක්වන හේතුව ඇඹරෙන්නේ නැතිව කෙළින් කියා තිබේ.

      Delete
    2. Samajavadee sthavaraya! Dollars?

      Delete
  8. අප්පේ ....!! පැරා පහුගිය දවස්වල අලියා පරදියි කියල දැඩි මානසික අසහනයට පත්වෙලා හිටපු නිසා ජෙප්පන්ට නොගහ අලියාටම දාන්න හිටියේ. දැන් ඉතින් හරිනේ, මෙදා පොටේ අපි එහෙනම් සීනුවට ගහනව ඈ !!

    සිළුමිණ සෙට් උනොත් අපේ පොඩි ෆොටෝ එකක් එක්ක කවි කෑල්ලක් එහෙම පත්තරේ හිස්තැනකට ඔබා ගන්න සපෝර්ට් එකක් දෙන්න ඈ, රාවය නම් වඩා හොදයි

    ReplyDelete
  9. උනුත් එකයි..මුනුත් එකයි....බොහොම පොඩි පඩියකට අපිට සේවය කරන්නනේ මේ මිනිසුසු ලක්ෂ ගනන් වියදම් කරලා ඔතෙන්ට යන්න දඟලන්නේ...පවු නේද එයාලා.....ඇයි එයාල වගේ පර හිත කාමීන්ට මේ විදියට මඩ ගහන්නේ

    ReplyDelete
  10. නියත ලෙසම තක්කඩි දුෂිත මහින්ද සහ හොර නඩය පැරදවිය යුතුමයි.
    මට තේරෙන්නේ නැති කෑල්ල මේකයි."අප සිටින්නේ ඉතා පැහැදිලි සමාජවාදී දේශපාලන ස්ථාවරයකයි.". පැරාගේ සමාජවාදී දේශපාලන ස්ථාවරය, රනිල්ගේ ධනවාදී දේශපාලනය එක්ක ඔය තරම් තදට පෑහිච්ච විදිය.අනික පහුගිය දින කීපයේම පැරා කීමට උත්සහ කලේ ශ්‍රීලනිපෙ හෝ ජ.වී.පෙට චන්දෙ දෙන්න එපා ඒකෙන් මහින්ද ශක්තිමත් වෙනවා කියන එක.පැරාට අනුව මෙවර මිනිස්සු චන්දෙ දෙන්න ඕනි යු.එන් .පී එකට විතරද.මද්‍යස්ථ මිනිසුන්ට,එහෙමත් නැත්නම් කොළ නිල් රතු කන්නාඩි නැති මිනිස්සුන්ට තමන් කැමති කෙනෙකුට චන්දෙ දෙන්න බැරිද.රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය නැද්ද.ජේ.ආර් ට 5/6 ක බලයක් දීල 77 දී සිදු වූ දෙය අමතකද?අපි ආයෙත් ආපස්සට ගිහින් 77න් පටන්ගන්න ඕනිද ?

    ReplyDelete
    Replies
    1. මා කියන නිසා ඔබට කාටවත් ඡන්දය දෙන්නේ නැත. මා කරන්නේ යම් කරුණු ප්‍රමාණයක් පෙන්වා දී බලපැමක් කිරීමයි. සන්නිවේදනයේ හැටි එහෙම තමා ය.

      මගේ ස්ථාවරය ඉතා පැහැදිලි ය. වැඩවසම් පසුගාමිත්වය සමාජවාදයට දුර ය. ධනවාදය සමාජවාදයට ළඟ ය.

      මහින්ද යටතේ හඳුන්වා දෙන ලද එකෙක් අනෙකාට වඳින පසුගාමී ධූරාවලි ක්‍රමයට වඩා ධනවාදය යටතේ ඇති ඉගලිටරියන් සමානාත්මතාව සමාජවාදයට සමීප ය.

      මහින්දට එරෙහිව එජාපය ප්‍රගතිශීලී වන්නේ ඒ නිසා ය.

      ජවිපෙ තමන් කවුරුද යන්න තවමත් පැහැදිලි කරගෙන නැත. ඒ නිසා මම එයට ඡන්දය නො දෙමි.

      Delete
    2. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයෙන් දිනුවත් අගමැතිකම නොදෙන බවට කරන ප්‍රකාශයට පිළිතුරු ලබා දිය යුතු බව එජනිස මහ ලේකම්, ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.

      ඔහු මේ බව කියා සිටියේ ඊයේ(13) පස්වරුවේ හෝමාගම නව බස් නැවතුම්පොල භූමියේ පැවති සන්ධාන ජන රැළිය අමතමිනි.

      ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 19 සංශෝධනයෙන් පසුවත්, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබෙන මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කෙරෙන බවත් සන්ධානය ආසන 113ක් දිනාගන්නා බව වත්මන් ජනාධිපතිවරයාත් පිළිගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

      මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරන ලෙස ශ්‍රීලනිපයේ සියලූ දෙනා අත්සන් කර ලිපියක් බාර දී අවසන් බවත් ඒ අනුව එම සහතිකය ලබා දී අවසන් බවත් ඒ සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල, පක්ෂ මහලේකම් අනුර යාපා, සන්ධාන මහ ලේකම් ලෙස තමාත්, හෝමාගම ශ්‍රීලනිප සංවිධායක බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස අත්සන් කළ බවත් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළේය.

      එය සන්ධාන පළමු ජන රැළිය පැවැත්වූ අනුරාධපුරයේදී අත්සන් කර සීල් තැබූ බවත් ආයෙත් වෙන කිරීමට කිසිදු දෙයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

      Delete
  11. Dollar began to dance again! What a hilarious moment! Where is your Yahapalanaya? Candidate winning with a majority is going to be denied premiership! Is it your fascist Yahapalanaya? Ranil who plundered central bank is very apt for this post! Socialist morons are licking back of Ranil! War criminal Blair is here in order to help Yahapalanaya! This vililajjhanathi guy is praising the totally undemocratic empty letter of enslaved Maithree! Yahapalana Batalanda hero is then pm? Instead of writing this type of nonsense, eh, guy, you have become blind by pouring Dollar notes! Imperialism is a good friend for you! Like John Doilly, war criminal Blair is waiting the suspicious moment! Go and lick him!

    ReplyDelete
  12. Former President Mahinda Rajapaksa today responded to the letter from President Maithripala Sirisena, with a letter of his own.

    Rajapaksa stated that he received the latter issued by Sirisena on Thursday, however completely rejected the “baseless” criticism contained in the letter which he claims were made from information received from a third party.

    The UPFA Kurunegala District candidate expressed contentment with regard to the President’s comments that the party would obtain a majority in parliament at the General Election on August 17.

    In his letter, Rajapaksa also says that he expects President Maithripala Sirisena would respect the people’s mandate at the parliamentary election just as he respected the mandate of the people on January 09, 2015.

    In a strongly-worded letter, President Sirisena had yesterday stated that if the UPFA obtains 113 seats, the minimum number required for forming a government, at the forthcoming General Election, then the Prime Minister should be a senior member of the party who has not received the opportunity so far.

    He also states that if in some way the UPFA is unable to obtain 113 seats, he could intervene as the Executive President in order to obtain the remaining seats required to form a government.

    However, the Prime Minister should be a senior member of the party and not Mahinda Rajapaksa, the President says, adding, that there are more than enough veteran and mature politicians in the party for that role.

    Sirisena named seven other party seniors, including Rajapakse’s elder brother Chamal Rajapakse, as potential prime ministerial candidates should their party win.

    In his letter, Sirisena also accused Rajapakse of fuelling communal hatred.

    “I urge you not to make statements that fan the flames of ethnic hatred,” Sirisena said in his letter, copies of which were released to the press.

    ReplyDelete
  13. ජවිපෙ ආසන වැඩි වෙනවා දකින්න පැරා කැමති නැහැ වගේනේ.

    ReplyDelete
    Replies
    1. ජවිපෙට ආසන 39ක් තිබූ යුගයක් තිබිණි. ඒ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් ම දැන් ජවිපෙවත් නැත. ඒ අය හිටිය කාලේත් කළේ මන්ත්‍රී වැටුප පක්ෂෙට දෙන එක විතර ය. ඒ මදිවාට ඊට පස්සේ සීගිරි ගියේ නැත, වයිෆ් මොනවහරි කරන්න කියනවා ය, ජීවත් වන්නට සහෝදරී ඇඳුම් මහනවා ය, තාත්තාගේ පැන්ෂන් එකෙන් කනවා ය ආදී ගොන් කැලි ද කීහ. එහෙම නියෝජිතයන්ගෙන් මහජනයාට ඇති වැඩක් නැත.

      Delete
    2. මෙන්න බලා ගන්න පැර ගේ ගොන් ආතල්. JVP හොරෙන් හොරෙන් කඩේ යන්නේද UNP එකටය. මේ බ්ලොගය ලියන එකාද එළිපිට කඩේ යන්නේද UNP එකටය. එය සමීකරණයට යෙදු විට මුන් දෙගොල්ලොම එකය. හු කෑ ස්

      Delete
  14. ඔය එවපු ලියුම මෛත්‍රී ගේ අකුරින් ලියවුනත් රනිල්ගේ අදහස් තියෙන්නේ. මෛත්‍රී මුලදී කිව්වේ කිසිම පක්ෂෙකට කඩේ යන්නේ නැහැ තමන් ස්වාදීන මතවාදයක ඉන්නවා කියල. මේ ලියුම එවීමෙන්ම පේනවා කොච්චර ස්වාදීනද කියල. මේවා ගොන් ජෝක් .

    ReplyDelete
  15. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයෙන් දිනුවත් අගමැතිකම නොදෙන බවට කරන ප්‍රකාශයට පිළිතුරු ලබා දිය යුතු බව එජනිස මහ ලේකම්, ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ(13) පස්වරුවේ හෝමාගම නව බස් නැවතුම්පොල භූමියේ පැවති සන්ධාන ජන රැළිය අමතමිනි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 19 සංශෝධනයෙන් පසුවත්, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබෙන මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කෙරෙන බවත් සන්ධානය ආසන 113ක් දිනාගන්නා බව වත්මන් ජනාධිපතිවරයාත් පිළිගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරන ලෙස ශ්‍රීලනිපයේ සියලූ දෙනා අත්සන් කර ලිපියක් බාර දී අවසන් බවත් ඒ අනුව එම සහතිකය ලබා දී අවසන් බවත් ඒ සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල, පක්ෂ මහලේකම් අනුර යාපා, සන්ධාන මහ ලේකම් ලෙස තමාත්, හෝමාගම ශ්‍රීලනිප සංවිධායක බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස අත්සන් කළ බවත් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළේය.

    එය සන්ධාන පළමු ජන රැළිය පැවැත්වූ අනුරාධපුරයේදී අත්සන් කර සීල් තැබූ බවත් ආයෙත් වෙන කිරීමට කිසිදු දෙයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.

    ReplyDelete
    Replies
    1. මොන ගොන් කතාවක්ද.අගමැති වෙන්න ඕනි පාර්ලිමේන්තුවේ තේරී පත්වූ බහුතර මන්ත්‍රී වරුන්ගේ කැමැත්තෙන්.සුසිල්ලගේ හොරු නඩය මහින්දට කැමති උනාට ,රටේ මහජනතාව උන්ව මන්ත්‍රීලා විදියට තාම චන්දෙන් පත්කරලා නැහැනෙ.ශ්‍රී.ල.නි.පෙ සියලුදෙනා අත්සන් කරලා දුන්නට. ඔය ශ්‍රී.ල.නි.පෙ සියලු දෙනා මන්ත්රීලද දැනට.

      Delete
  16. 1. රෑ වැටිච්ච වලේ මහ දවල් ගිහින් පැනපු එකා කිව්වලු, "ඒ වල වගේ නෙවෙයි මල්ලි මේ වල මාර සැපයි කියල."

    2. ළිඳේ වැටිච්ච එකා ලිං කටින්ම එපැයි ගොඩ එන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා