දළු සහනාධාරය කුඩා තේ වතු හිමියන් අතට නො ලැබීමේ ප්‍රශ්නය හෙවත් ගමේ ප්‍රශ්න නගරයේ මාධ්‍යවලට නො තේරීම

රජය විසින් කුඩා තේ වතු හිමියන්ට ලබා දෙනු ලබන මිළ සහනාධාරය සුදුස්සන් වෙත නො ලැබී අතරමැදියන් අතට පත් වන බව අපේ අධ්‍යයනවලින් පෙනේ.

තේ දළු මිළ අඩු වීම නිසා තේ වතු හිමියන්ට අමු දළු කිලෝවක් වෙනුවෙන් රු. 15ක සහනාධාරයක් රජය විසින් ලබා දෙයි. එහෙත්, එම සහනාධාරය ලබා දෙන්නේ තේ කම්හල් හරහායි.

තේ කම්හල් හිමියන් විසින් මෙම සහනාධාරය ලබා දෙන්නේ තමන්ට අමු තේ දළු සපයන්නන් වෙතයි.

කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙක් තමන්ගේ දළු සපයන්නේ දළු එකතු කරන්නන්ටයි. එම අමු දළු කම්හල් වෙත සපයන්නේ දළු එකතු කරන්නන් විසිනි. එබැවින් කම්හල් හිමියන් කිලෝවකට රු. 15 බැගින් වූ සහනාධාරය සපයන්නේ දළු එකතු කරන්නන්ටයි.

දළු එකතු කරන්නන් එම සහනාධාරය කුඩා තේ වතු හිමියන් වෙත ලබා නො දෙන බව තේ වගාකරුවෝ මැසිවිලි නගති.

දැනට පහතරට තේ කිලෝවක සාමාන්‍ය මිළ රු. 65ක් පමණ වේ. ඒ අනුව සහනාධාරයත් සමග කුඩා තේ වතු හිමියකුට කිලෝවකට රු. 80ක පමණ සහනාධාරයක් හිමි වුය යුතු ය.

මේ වන විට අර්බුදයට පත්ව සිටින රබර් වගාකරුවන්ට ද සහන සැලසීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් බව ප්‍රකාශ කර තිබුණ ද, එය ද ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසා ගැනීම දුෂ්කර බව තේ කර්මාන්තය සම්බන්ධ අත්දැකීමෙන් පෙනේ.

මේ වන විට කුඩා තේ වතු, රබර් වතු හිමියන් සිටින කලුතර, ගාල්ල, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල රාජපක්ෂවාදීන් ප්‍රචාරයේ යෙදෙන්නේ මේ ආදායම් හිඟය ගැන මතු කරමිනි. 

ඉරානයට යළි තේ අපනයනය ආරම්භ කිරීමට කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නොබෝදා පැවසී ය.

කුඩා තේ වතු හිමියන් සම්බන්ධ මෙම පුවත පළ කිරීමට පෙර අපි මෙම කරුණ බලධාරීන්ගේ හා මාධ්‍යවල අවධානයට යොමු කරන්නට උත්සාහ ගත්තෙමු. එහෙත් ඒ කිසිවෙක් ඒ ගැන අවධානයක් යොමු කළ බවක් නො පෙනිණි. කොළඹ සිට මාධ්‍ය මෙහෙයවන්නන්ට ගමේ ජනතාවගේ ප්‍රමුඛතා අවබෝධ නො වන බවට තවත් නිදසුන් කුමට ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා ඉදිරි පලාත් පාලන චන්දයේදී චන්දයට ඉදිරිපත්වුනා නම් නරකද?
    මේ කියන්නේ විහිලුවට නෙමේ, මම කලක සිට ඔබ ලියන දේවල් දිහා බලා ඉදල තියෙනවා.... ඔබ වැන්න තමා "ජනතාව නියෝජනය" කරන්න ඔනෙ නියම ජනතා නියෝජිතයින්...

    මේ දේ ගැන පොඩ්ඩක් හිතා බලන්න...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මහජන නියෝජිත ආයතනවලට තේරී පත් වීම සඳහා ව්‍යාජ ජනප්‍රියත්වයක් ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා ජනතාව හුරතල් කළ යුතුයි.

      ජනතාව යනු විනයගත කළ යුතු පිරිසක් මිස හුරතල් කළ යුතු බබ්බු පිරිසක් නො වේ.

      ඒ නිසා ඔය වැඩේ කෙරෙන්නේ නැත.

      කොහොම වුණත්, අදහස ගැන තව සිතා බැලිය යුතු ය.

      Delete
    2. වැඩය කෙරෙන්නේ නෑ කියලා පැරා කිව්වාට, කවදා හෝ කවුරු හෝ ඒ වැඩය ආරම්භ කළ යුතුයි නේද?

      Delete
    3. ප.ලි.: - "වැඩය" කියලා මම ඔය ඉහළින් කිව්වේ ජනතාව විනයගත කිරීම.

      Delete
    4. ජනතාව විනයගත කරන එක ජනතාව හුරතල් කොට හෝ 'ජනතා නියෝජිතයෙකු' වූවාට පසු කිරීම ලේසියි නේද?
      උදාහරනයකට චන්ද්‍රිකා 94 හුරතල් කථා ටිකක් කියලා බලයට ආවා, නමුත් ඊට පසු ජාතිවාදයෙන් ඔද්දල් වී තිබූ ශ්‍රිලනිපය ටිකක් හෝ ජතිවාදයෙන් මෑත්වූ බලය බෙදීම පිලිගන්නා තැනකට විනයගත කලා.. (මහින්ද ඒක කාපු එක වෙනම කථාවක් )

      Delete
    5. පැහැරගෙන ගොස් අතපය කැඩුවේ ගෝඨාභය- පෝද්දල ජයන්ත හෙලිකරයි

      ලංකාවේ මාධ්‍ය නිදහස නැති බවටත්ල මාධ්‍ය අපක්ෂපාතී නැති බවටත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියන කතාවලට සිනාසෙන්නේ කොහෙන්දැයි සිතා ගන්නට බැරි බව මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා වෙන දේ බලා ගනින් කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, පවසන පෝද්දල ජයන්ත මහතා එවන් පිරිසක් අද මාධ්‍ය නිදහස ගැන කතා කිරීම හාස්‍යජනක බවද කියා සිටියා.මේ ඔහු යළි දිවයිනෙන් පිටව යාමට පෙර ලංකාදීප පුවත්පත සමග පවත්වන ලද සාකච්ජාවක්.

      ප්‍රශ්නය – ඔබ පැහැරගෙන ගොස් පහර දීම ගැන විස්තර කළොත්?

      පිළිතුර – එය දිග කතාවක්. දවසක් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු හමුවෙන්න අපට එන්න කියා පණිවුඩ එවා තිබුණා. සනත් බාලසූරියත් මමත් ඔහු හමුවෙන්න ගියා. ගෝඨාභය කිව්වා ඇයි අපි විරෝධතා පවත්වන්නේ. ඕවා නවත්වන්න කිව්වා. එහෙම නැතිවුණොත් ඔයාලට කරන දේ බලා ගන්න කිව්වා. අපි ඇහුවා අපට මොනවද කරන්නේ? කවුරුන්ලවා ද කරවන්නේ කියලා. ගෝඨාභය කිව්වා ඒක ජනතාවට බලා ගන්න ලැබෙයි කියලා.

      ඊට ටික දවසකට පස්සේ ඇඹුල්දෙනියෙදි සුදු වෑන් රියකින් මා පැහැර ගත්තා. කොණ්ඩේ රැවුල් කපා දමා කට වැහුවා. මගේ අත පය කැඩුවා. කකුල එක් තැනකින් වෙන් වෙන්නම ගැහුවා. ඉතා අමානුෂික විදියට වද දුන්නේ. ඇත්තටම එහෙම වද දීලා මාව දාලා ගියාට වඩා හොඳයි මැරුවා නම්. ඒවගේ වදයක් විඳපු කෙනෙක් තමයි එහි අමාරුව දන්නේ. ඒක විස්තර කරන්න බෑ. මරලා දැම්මා නම් ඒ වේදනාව නෑ. ඒ පහරකෑම්වල වේදනාව තවමත් දැනෙනවා. ඉන් පසු මා රට හැර ගියා.

      Delete
  2. තේ යනු පර සුද්දා විසින් පරම පර පිවිතුරු සින්ගලයාට බොන්න පුරුදු කල නරක පානයකි. තේ වතු වහා ඉවත් කර කොළ කැඳ අපනයනය කල යුතුය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත, සින්ගලයාට පුරුදු කල කියන්නේ උඹ වතු දෙමළෙක් කියන එක නේද කොළ කැඳයා දැන් ආගිය අතක් නැහැ නේද

      Delete
  3. කොළඹ අය දන්නේ දළු බණ්ඩා ගැන විතරයි ද?

    ReplyDelete
  4. වැඩේ කියන්නේ, මේ කියන ගමේ ප්‍රශ්න නොපෙනෙන ජනමාධ්‍යවේදීන් කොළඹ ජනමාධ්‍ය ආයතනවල රස්සාවල් කරන්නේත් ගම්වල ඉඳන් ඇවිල්ලා. ඔවුන්ට තමයි ප්‍රශ්නය පේන්න ඕනේ. ඒත් මේවා පියුමි බොතේජුගේ දෙවැනි විවාහය වගේ නැගලා යන නිවුස් නොවන නිසා කරළියට එන්නේ නැහැ.

    ReplyDelete
  5. සහතික ඇත්ත අපේ දළු වලට හම්බෙන්නේ රු.63යි....මහන්සි වෙන කෙනාට ප්‍රතිඵල අඩුයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා