ඇමරිකාවෙන් ජී.එස්.පී. ගනිමු ද? මහින්ද ගෙනැවිත් බටහිර විරෝධය නඩත්තු කරමු ද?

ශ්‍රී ලංකාවට නැවත වතාවක් ජී.එස්.පී. තීරු බදු සහනය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. ජනාධිපති බැරැක් ඔබාමා පසුගිය ජුනි 29දා මේ සම්බන්ධ ලේඛනයට අත්සන් තැබුවේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට 2017 දෙසැම්බර් 31 දක්වා මෙම සහනය හිමි වේ. 

ජී.එස්.පී. හෙවත් Generalized System of Preferencesයටතේ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය 122කට තීරු බදු රහිතව භාණ්ඩ 5000ක් එක්සත් ජනපදයට අපනයනය කළ හැකි ය. 

එය ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික වාසියකි. මෙම තීරු බදු සහනය 12.5%කි. එය හිමි වීමෙන් ලංකාවට තරගකාරී මිළකට සිය නිෂ්පාදන එක්සත් ජනපද වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. 

2014දී ද ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 178ක හෙවත් රුපියල් බිලියන 23කට වැඩි අපනයන මිළ දී ගත්තේ ය. 

සම්ප්‍රදායික ඇමරිකන් විරෝධීන් හා අධිරාජ්‍ය විරෝධීන් විසින් මෙම කරුණ ද සැලකිල්ලට ගත යුතුව තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්මට ඇමරිකාවේ හා යුරෝපයේ වෙළඳපොළ අතිශය වැදගත් ය. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළඳපොළවල් වන්නේ එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, බෙල්ජියම හා ඉතාලියයි. 

රාජපක්ෂ ආණ්ඩුව එක්සත් ජනපදය හා යුරෝපය සමග එදිරිවාදිකම් නිර්මානය කරමින් චීනය සමග සමීප විය. එහෙත් ඇත්ත වශයෙන් ම ගත්තොත් චීනය ලංකාවේ අපනයන වෙළඳපොළ ලේඛනයේ සිටින්නේ 16වන ස්ථානයේ ය. එරට ලංකාවෙන් මිළ දී ගන්නේ සමස්ත අපනයනයන්ගෙන් 1.2%ක් පමණි. ඒ වෙනුවට ඔවුහු සිය භාණ්ඩ විශාල වශයෙන් ශ්‍රී ලංකාවට අපනයනය කරයි. ශ්‍රී ලංකාවට වැඩිපුර ම භාණ්ඩ අපනයනය කරන රට ඉන්දියාවයි. දෙවන ස්ථානය හිමි වන්නේ චීනයටයි. ලංකාවේ ආනයනවලින් 14%ක් ම ලබා ගන්නේ චීනයෙනි. 

අධිරාජ්‍ය විරෝධයෙන් කෑම ලැබෙන්නේ නැත. රටින් බඩු ගෙනැවිත් පරිභෝජනය කරන්නට නම් විදේශ විනිමය අවශ්‍ය ය. ඒවා එන්නේ ඇමරිකාවෙන් හා යුරෝපයෙනි. 

ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බලපෑම් කරන්නට ඇමරිකාවට හා යුරෝපයට අවස්ථාව ලැබී තිබෙන්නේ එමගිනි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒ කියන්නේ ඇමරිකාව භංගවේවා කියලා කෑ ගහුවාට, ඇමරිකාවට කෙල වුනොත් මුලින්ම කෙලවෙන්නේත් අපට කයලා නේද?

    ReplyDelete
    Replies
    1. ඒක හොඳට තේරුනා නේද ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවෙ. ඒ වගේම ලෝක වෙළඳපොළ ප්‍රහාරයත් එක්ක ලංකාවේ කර්මාන්තශාලා කිහිපයක්ම අවදානමට ලක් උනා.

      Delete
    2. The Mahinda supporters blindly follow him thinking he is the the latest King who gives KiriPani. How can they understand the logic of this.He has done all kinds of crimes in this resplendent Island.The cronies are blind and selfish.

      Delete
  2. Basically you're saying is that we should surrender our country for the Americans for money.

    ReplyDelete
    Replies
    1. This comment shows that basically you have no practicality but a lot of useless ideological baggage

      Delete
    2. ඔය ඇමරිකා යුරෝප විරෝධී සිංහලයන් ගොඩක් සේවය කරන්නෙ ඇමරිකාවෙ යුරෝපෙ ඕස්ට්‍රේලියාවෙ. මෙහෙ ඉන්න එවුනුත් එහෙ යන්න ට්‍රයි.

      Delete
    3. Of course, there no need to surrender country to US, China is much better choice.

      Delete
    4. @ Anonymous July 7, 2015 at 9:56 AM ------>

      Basically what you're saying is that we should not surrender to the Americans, but should let the Chinese fuck our asses.

      Delete
  3. අපි ඉන්න ඔනෑ ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ක මිස චීනය, රුසියාව වගේ ඒකාධිපති ගුබ්බෑයම් එක්ක නෙමේ...
    අපේ ආර්ථිකය රදාපවතින්නෙ ඒ රටවල් මත, අපිට චීනෙට සාපේක්ශව අඩු පොලියට ණයදෙන්නෙත් ඒ රටවල්, රාජපක්ෂ වගේ ඒකාධිපතියෙක් එලවන්න උදව් කලෙත් බටහිර රටවල්ම තමා

    ලෝකේ ප්‍රජතන්ත්‍රවාදය රැකිල තියෙන්නේ ඇමරිකාවට පින්සිද්ධවෙන්න...
    අර සෝවියට් රුසියාව කියන ඔල්මාද ගුහාව වට්ටපු එකම ඇති ඇමරිකාවට ඒ ක්‍රෙඩිට් එක දෙන්න.. නැතිනම් අද ලෝකෙන් බාගයක් වාමාන්සික මෙව්ව එක ඔලුව උඩ තියාගෙන දුක් විදිනව...
    ඔය පැරාලගෙ කාන්ඩෙ තමා මුලිම්ම ලංකාවත ඔය ගොබ්බ බටහිර විරෝදෙ පුරුදු කලෙ... ඕකුන් නොහිටින්න අපිත් තායිවානෙ, කොරියාව, මැලේශියාව වගේ බටහිරත් එක්ක එකතුවෙලා ලොකු ගමනක් ගිහින්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත... ඉස්සර කාලේ වම්මු බෝ කරපු බටහිර විරෝධය සංකිලි පනික්කියාගේ විමලසේන යි, පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ යි ටොප් එකට හයිජැක් කළා. තව ටික දවසකින් මෛත්‍රී ලොක්කත් ඔය විදියට ම බටහිර විරෝධී කතාවල් කිව්වොත් මම නම් පුදුම වෙන්නේ නෑ.

      Delete
  4. #GSP බදු සහන වැඩසටහනක් යුරෝපා සංගමයෙන් මෙන්ම ඇමෙරිකාවෙන්ද ක්‍රියාත්මක වේ. 2010දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලැබුණු GSP+ බදු සහනය කපා හරුණු අතර ඇමෙරිකාවෙන් ලැබුනු GSP බදු සහනය එලෙසම පවත්වාගෙන ලදී.
    http://www.mea.gov.lk/.../3508-sri-lanka-will-continue-to...
    නමුත් 2013 ජූලි 31 වනදා ඇමෙරිකාව සියළු රටවල් (රටවල් 122ක්) සඳහා ලබාදෙමින් තිබූ GSP බදු සහන වැඩසටහන නවතා දමන ලදී (ශ්‍රී ලංකාවට පමණක් නොව සියලු රටවල් සඳහා).
    https://www.whitehouse.gov/.../trade_bills_fact_sheet.pdf (පිටුව 2)
    2014 දීත්, ඇමෙරිකාව විසින් අනාගතයේදී මෙම බදු සහනය ලැබීමට සුදුසුකම් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තු ගත කොට තිබිනි.
    http://www.usitc.gov/.../tata/hts/bychapter/1401gn.pdf... (පිටුව 11)
    පසුගිය ජූනි 29 වැනිදා සිදුව ඇත්තේ මෙම සහනය නැවත සියලු රටවල් සඳහා ලබාදීමද ඇතුලත් පනත් දෙකකට ඔබාමා අත්සන් තැබීමයි. (ශ්‍රී ලංකාව පමණක් නොවේ)
    https://www.whitehouse.gov/.../trade-here-s-what...
    නමුත් අජිත් පී පෙරේරා කීමට උත්සාහ කරන්නේ 2013දී මහින්දගේ වරදින් මෙම ඇමෙරිකානු බදු සහනය ලංකාවට අහිමි වූ බවත්, රනිල්ගේ මොළයෙන් මෙම සහනය නැවතත් ලබගත් බවත්ය.
    http://nethfm.com/article/76156
    by Sadeera Bandara

    ReplyDelete
    Replies
    1. ඉහත ලින්ක් කිසිවක කිසිදු තොරතුරක් නැත. සදීර බණ්ඩාර කියන්නේ බොරු ය. ලංකාවට ඇමරිකන් ජී.එස්.පී. අහිිමි වුණේ කම්කරු අයිතිවාසිකම් ප්‍රශ්නයක් නිසා ය. විස්තර කියවන්න: මේ සන්ඩේ ටයිම්ස් ලිපිය කියවන්න

      Delete
    2. @ Anonymous July 7, 2015 at 2:21 PM --->

      සදීර බණ්ඩාර අපිට හරි තොරතුරු දෙන්න කලින් හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න. නැත්නම් අර දිවයිනේ කීර්ති වගේ නිකං පීචං වෙයි.

      Delete
  5. ඔය අර ප්ලුස් මෙ ප්ලුස් මොකුත් නෑතුව ලන්කාවෙ ඈන්ගලුම් අපනයනයෙ ප්‍රගතිය http://www.srilankabusiness.com/apparel/apparel-export-performance.html

    ReplyDelete
    Replies
    1. ලොක්කා, ඔය අර ප්ලස් මේ ප්ලස් මොකුත් නැතිව ලංකාවේ ඇඟලුම් අපනයනයේ ප්‍රගතියට හේතු වුණේ ඇමරිකන් ගෑනුන්ට නැතිව, චීන ගෑනුන්ට ජංගි මහපු නිසා වෙන්න ඇති නේද?

      Delete
  6. ඔබ කියන හැටියට චීනය සමඟ සම්බන්ධකම් පැවැත්වීම මත ඇමරිකාව තරහා වීම නිසා එය ලංකාවට ආර්ථික වශයෙන් හානි දායකයි.
    දැන් මහින්දගේ පැමිනීමයි මේකයි අතර සම්බන්ධයක් තියෙනවාද?
    දැන් ඔය කියන හැටියට ඔය තර්කයම මත ලංකාව තුල සමාජවාදය ගැන කතා කිරීමත් තහනම් කල යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. චීන්නු ගිය ගිය තැන උරුලෑවෝ ගියා වගේ.

      Delete
    2. සම්ප්‍රදායික ඇමරිකන් විරෝධීන් හා අධිරාජ්‍ය විරෝධීන් විසින් මෙම කරුණ ද සැලකිල්ලට ගත යුතුව තිබේ.

      Delete
  7. ඔය කියන හැටියට ජනතා විමුක්ති පෙරමුන බලය ගත්තනම් ඇමරිකාව තරහා වෙලා රටේ ආර්ථිකය වැනසෙනවා. ඒ නිසා එවක එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වැනසීම ඉතා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.

    ඔය ලිපියෙන් කියවෙන්නේ මහින්ද චීන ගැත්තෙක්. රනිල් ඇමරිකන් ගැත්තෙක්, ඇමරිකාවෙන් අපට වාසි නිසා රනිල් වඩා හොඳයි කියලද?
    එහෙම බැලුවාම ඉන්දියාව චීනයටත් වඩා හතුරෙක් නේද? ඉන්දියාව සමඟ සුහදතාවයක් ඇතිකර ගැනීමෙන් අපට ආර්ථිකවත්, දේශපාලනිකවත් අඩුම ගානේ සංස්කෘතිකවත් හොඳක් වෙලා තියෙනවද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා