චමත්කාර වමත්කාරයා

ගහෙන් කඩා ගත් මුදලින 
ඇඟිලි පුරා මුදු පළඳින
චමත්කාර වමත්කාරයා

දනන් බිම දනින් වට්ටන
හිස පිරිමැද බඩට අනින
චමත්කාර වමත්කාරයා

වමෙන් දෙන දෙය ම දකුණින
අරන් ගෙදර අරගෙන යන
චමත්කාර වමත්කාරයා

කටින් බතල දඬු හිටවන
දනන් මුලා කර හිනැහෙන
චමත්කාර වමත්කාරයා

මළත් නැවත හිස ඔසවන
ඇවිත් යළිත් ඉහ මොළ කන
චමත්කාර වමත්කාරයා


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රතට රතේ ඇස් දිලිසෙන
    නරිවාදම මුවෙහි පිරුණ
    චමත්කාර වමත්කාරයා

    ReplyDelete
  2. වමට වමනෙ යන තරමට
    දකුණෙන් විත් 'වමට ගහන'
    චමත්කාර වමත් කාරයා

    ReplyDelete
  3. Why don't you write a poem on your great virile leader Ranil? About his Gay parade in the UNP? About his betrayal of our country to LTTE? Please use your poetic license?
    Inferiority complex! You are suffering from it!

    ReplyDelete
  4. වමට
    සිග්නල් දා
    දකුනට ම
    හරවනා

    ReplyDelete
  5. Tree down money
    Finger rings worn around
    The fascinating dominance

    Known to its knees off the ground
    Head economical stomach stabbing
    The fascinating dominance

    Left to right thing
    Take away the home
    The fascinating dominance

    Suspended mouth sweet bars
    Known to cling to smile
    The fascinating dominance

    Rebound again InuYasha
    Above the ear and brain come again
    The fascinating dominance

    ReplyDelete
  6. Google Translation !

    ReplyDelete
  7. 'චමත්කාර වමත්කාරයා' වස්තු විෂයට නුසුදුසු හුරුබුහුටි කාව්‍ය භාවිතයක් බව පෙනෙයි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා