චානක වෙලගෙදරගේ කලකිරීම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේගපන්දු යවන්නෙකු වන චානක වෙලගෙදර ප්‍රාන්ත කණ්ඩායමක් නියෝජනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව බලා පිටත් වන බව කියයි. එසේම, යළි ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව ද වෙලගෙදර පවසයි. ඔහු කලකිරී ඇති බව ඔහු කියයි. 

ඔහුගේ කලකිරීම සාධාරණ ද නැද්ද යන්න ගැන මම නො දනිමි. පසුගිය කාලයේ ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට ද දේශපාලනය හා නිලධාරිවාදය රිංගා එය දූෂණය විය. 

විදේශගත වන බොහෝ දෙනෙක් කියන්නේ ඔවුන් කලකිරී ඇති බවයි. අපේ රටේ තත්වය ගැන කලකිරෙන එක ඉතා පහසු ය. එහෙත්, තමන් උපන් රටේ කලකිරෙන්නේ නැතිව ජීවත් වන්නට පුළුවන් සමාජ, ආර්ථික, දේශපාලනික මෙන් ම පාරිසරික ද වන පසුබිමක් සකසා ගැනීමේ වගකීම පුරවැසියන් ලෙස අපට පැවරී තිබේ.

ලොව සංවර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින මානව ගරුත්වය, සමානාත්මතා තත්වය, නීතිගරුකත්වය, සුරක්ෂිතභාවය, මහජන සේවාවන්ගේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව වැනි තත්වයන් ලංකාවේ ද ඇති කිරීම දැන් ලාංකිකයන් හමුවේ තිබෙන අභියෝගයයි. ඒ මට්ටමට සංවර්ධනය වන්නට උවමනා නැත. ලංකාවේ ජනතාවට සුන්දර ජීවිතයක් අත්පත් කර ගැනීමේ හැකියාව තිබේ.

වසර දහයක පමණ කාලයක් නීතිය වෙනුවට බලය රජ කළ සමාජයක පරිවර්තනය පසුගිය ජනවාරි 08දා ඇරැඹිණි. එය ආපසු හරවන්නට මහින්ද රාජපක්ෂ ඇතුළු ප්‍රතිගාමීන්ට ඉඩ නො තැබිය යුතු ය.

දක්ෂ මිනිසුන් වඩා යහපත් ජීවිත සොයා රටින් පළා නො යන වාතාවරණයක් මේ රටේ නිර්මානය කිරීමේ අභියෝගය දැන් අප භාර ගත යුතු ය. අගෝස්තු 17දායින් පසුව සංවාදය ඒ දිශාවට යොමු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සභාවෙන් අවසරයි.. මා මෙතනට පැමිනියේ පොල්ගස ගැන කතාවක් කිරීමටයි... පොල්ගස තාල වර්ගයට අයත් ගසකි... එහි ගෙඩි අතු සහ කොල ඇත... පොල් ගසට උස කඳක් ඇත.... එය දිගේ මැක්කෙක් නගිනු යැයි සිතිය නොහැකි මුත්.... බැරි වෙලා වත් නැග්ගොත්... මැක්කා කළුයි... මැක්කා පොඩියි... මැක්කාට කකුල් අටක් තියෙනවා.... මැක්කා... මැක්කා... මැක්කා.....

    (මේක ලියුවෙ මරාට කඩේ යන එකෙක් නෙවෙයි... හැබැයි ගෙදර පරිප්පු එකට ලුනු වැඩි උනාමත් මරාව පරද්දමු කියලා කෑගහන එක.. අර විදේශ බලවේග කතාවෙ අනිත් පැත්ත වගේ...)

    ReplyDelete
    Replies
    1. පසුගිය කාලයේ ක්‍රීඩාව දේශපාලනීකරණය වීම ගැන මරා වගකිව යුතු නැද්ද?

      Delete
    2. I don't think MR fans can meaningfully contribute to a conversation. All they can do is to abuse people and make some noises like their big boss hikis....

      Delete
    3. පලවෙනි කොමෙන්ට් එකේ බූරු ඇනෝ. මචෝ උඹලා තවමත් මරා ගැන සිහින දැකීම ගැන දුකයි. මචෝ දැනටම මරා පරාදයි කියලා උගේම ඔත්තු කාරයෝ ඌට කියලා තියෙන්නේ. ඒකයි දැන් විරුද්ධවාදීන්ගේ පුද්ගලික කරුණු සහ ජාතිවාදය අවුස්සගෙන දඟලන්නේ. ඒ වුනාට අගෝස්තු 18 උදේ මරාගේ පුක බිම ඇනෙනවා. කොන්දත් ඇමැට්ටි වෙනවා. මරාගේ පවුලේ එවුන්ට රෙද්දේ ගූ යනවා. උඹලට ඇත්ත තේරුම් යනවා.

      Delete
    4. Dear Parakum, don't be so stupid. It seems the first Ano is not a MR goon. He just stated the truth. Why are u posting such silly articles? We also against the corruption & poor governance by the MR & his culprits. But he has been chased away from power seven months ago & now this guy is departing the country. Chanaka Welagedara deserves a place in test team in the last series against Pakistan considering his domestic performances. Pakistani top order is vulnerable to a quality left arm pacer & we haven't got any leftee in our squad. He should have been used as the SL spearhead instead of Lakaml. That's the nearest reason for his departure as I know.

      Delete
    5. Do you argue that we should migrate out of this country simply because we think we were subjected to injustice?

      No. Our duty is not migrating to another country. We must stay and fight. That is cricket.

      Welagedara's action is not cricket.

      Delete
    6. Migration is his decision. He and almost everybody (except few morons like you) had understand that the government change hasn't done any special change instead of much quieter election procedures. SLC was extremely corrupted during MR regime around 2010/11 & the management has been replaced. Things were getting better. Under new government, Naveen Dissanayake era has been criticized as even worser. Look at the performance of SL cricket team in this year? What happened to Hathurusinghe? The most promising coach from SL who currently improving Bangladesh in an extremely rapid pace? During bloody MR period he was SL assistance coach & about to promote as the main coach. Now what Marvan Atapattu doing as the main coach? Are u blind? So what's the point of cursing MR for the poor management by new government? You just want to sling sum mud to MR/ UPFA for everything. Nothing else. We could not let you to spread lies & rubbish for your pro-UNP political campaign.

      Delete
  2. මරාගෙ කාලෙ රට හැර යෑම් වැඩි උනා තමයි.නමුත් කොයි කවර කාලෙත් මේ විදියට ක්‍රිකටර්ස්ලා විතරක් නෙමෙයි යන්න පුළුවන් මිනිස්සු දියුණු ජීවිතයක් දියුණු රටක් සොයා රටින් පිට වුනා.

    ReplyDelete
    Replies
    1. Why? dan kattiya rata yanne nathda? Ah ethakota Sangakkara retire wela yanneth MR nisa kiyala me Ajith donkey kiyawi. Thawa Gurusinha, Mahanama rata giyeth MR kamkaru/ dheewara amathi kaale uge balapema nisa. Ane gono.

      Delete
    2. මේ අජිත් පැරකුම් කියන බූරු වහන්සේට මොනවහරි කැවිලද? යකෝ සිරිකොතෙන්වත් මෙච්චර පජාත කතන්දර කියන්නේ නැහැ. දැන් එතකොට ගුරාල මහානාමල රන්ජන් මදුගල්ලෙල රට දාල ගියෙත් මරාගේ දේශපාලනික බලපෑම් නිසා? ආච්චිගේ රෙද්ද. ඔයිට වඩා නම්බුයි නේද ඔය වමේ වෙස්මුහුණ ගලෝල වමේ බොරු හැව ඇරලා කෙලින්ම මම එජාප පාක්ෂිකයෙක් නිසා කොහොම හරි කෙක්කෙන් හරි කොක්කෙන් හරි එජාපය දිනවමු කිව්වනම්. නොදකින් තොපි වගේ තක්කඩි. බලු වැඩ කරන්නෙපා මිනිහෝ !

      Delete
    3. කොහොම හරි මහින්ද හා මහින්ද ක්‍රමය ඡන්දෙන් පරදවමු. ඔන්න කිව්වා.

      (මහින්ද පැරදවීමේ අතුරු ඵලය එජාපය ජයගැනීමයි.)

      Delete
    4. ඔව් ඔව් එජාපය දින්නම ඔක්කොම හරි. යකෝ මේ ටික දවසට එජාපය එළිපිට ඔප්පු කරලා තියෙද්දී උනුත් මරා වගේම නැත්නම් ඌටත් වඩා හපන් විදිහට රට කන හැත්තක් බව උබ තවත් මොනාද තෙපරබාන්නේ? උබල වගේ කාලකන්නි මොත්ත වම්මු තමන්ගේ වාසියට අම්ම අප්පා උනත් විකුණන් කන සක්කිලි හැත්තක්. හැබැයි තවත් කවදාවත් වමන්ශිකයෙක් කියල සැබෑ වාමාන්ශිකයන්ට අපහාස නොකර කොළ ඇදගෙන යුඇන්පී වෙයන් අපට පවු නොදී. මරා පස්සේ යන වාසුල තව හොදයි තොපි වගේ මොත්ත වම්මුන්ට වැඩිය.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා