මෛත්‍රී අරගලය පාවා දුන්නා යයි කීමට ඉක්මණ් නො විය යුතු ය

අග්ගල කං ඩෝං පුතා - හෙලේ නගිං ඩෝං පුතා
සුසිල් ප්‍රේම ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්දට පාවා දීම ගැන පුදුම විය යුතු නැත. එය කලින් ද ආරංචි වී තිබුණු දෙයකි.

ජුලි 01දා මහින්දගේ මැදමුලන රැස්වීම අසාර්ථක ය. එයට මන්ත්‍රීවරු 20කට වඩා ආවේ නැත. සෙනග ද දාහක්වත් නැත. මහින්ද කියූ දෙයක් ද නැත.

ඓතිහාසික මැදමුලන ප්‍රකාශය පුස්ස බින්දා වැනි ය.

එවැනි තත්වයක් තුළ මහින්දට දේශපාලන පණ කෙන්ද ගැට ගසා ගන්නට නම් අතේ තියෙන සල්ලි වීසි කර අවශ්‍ය පුද්ගලයන් මිළ දී ගෙන හෝ වෙනත් ගේමක් ගසා හෝ මෙවැනි අන්තයකට බලවේග තල්ලු කර ගැනීමට සිදු වේ. මේ සිදු වූයේ එයයි. මහින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්, බුලත් කොළයෙන් සිය චෞර පිරිස මැතිවරණයට ඉදිරිපත් කරනවා ඇක. එය ඔහුගේ පැත්තෙන් ගත් විට අවසාන ජයග්‍රහණය වනු අැත.

ශ්‍රීලනිපය මහින්දගෙන් ගැලවිය යුතු ය. ඒ වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය වැනි ලොකු මිළක් ගෙවන්නට සිදු වුණත් එය නරක තත්වයක් නො වේ. මහින්ද සමග යන්නට කැමති සොරුන් සියල්ලට ම යන්නට දිය යුතු ය.

මහින්දට ඔහුගේ මජර, දූෂිත ක්‍රමය රැකගැනීමේ සටන කරගෙන යන්නට ඉඩ දිය යුතු ය. දැන් ඒ ගැන විස්සෝප නො විය යුතු ය. එය දේශපාලනිකව විග්‍රහ කරගෙන වඩාත් හොඳ ප්‍රතිඵලය වෙත තල්ලු වීමට උත්සාහ කළ යුතු ය.

මහින්දට බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලන්නට ඉඩ දී ශ්‍රීලනිපය අලුත්, පිරිසිදු පිරිසක් සමග වෙනම අතෙන් තරග කළ යුතු ය. නැතිනම්, වඩා ප්‍රගතිශීලී සන්ධානයක් වෙත යාමට දිරි ගැන්විය යුතු ය.

සුසිල් ප්‍රේමජයන්ත සමග එක් වී මහින්ද ශ්‍රීලනිපය කැඩුවේ ය. එහි වගකීම ඔහුට දී ජනාධිපතිවරයා හා ශ්‍රීලනිපයේ ප්‍රගතිශීලී පාර්ශ්වය බේරා ගත යුතු ය.

මෛත්‍රී අරගලය පාවා දුන්නා යයි කීමට ඉක්මණ් නො විය යුතු ය.

මෙතන අවුලක් නැතිනම් සුසිල්ට මෙච්චර ඩෝං මොක ද?

"මගෙන් කුණුහරුප අහගන්න එපා" - සුසිල් ප්‍රේම්ජයන්ත මාධ්‍යවේදින්ට කියයිJust In: Last nights meeting was a private one- Susil PremajayanthaRead More:http://goo.gl/MgmXrV
Posted by Newsfirst.lk on Friday, July 3, 2015
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේක මත තියාගන්න. අපිටත් ආරංචි එනවා. එත් අපිට වතුර බෝතලේ පිහිට ඕනේ නැහැ නැහැ. අනික දේශපාලන දුශනේ කෙලපැමිනි මහින්ද එක්ක ගේම් ගහල පස්සේ දිනන්න අන්දවන්න හිතනවා නම් ඒ මෝඩයෙක්. ඕකෙන් වෙන එක දෙයක් මන් කියන්නම්....මලත් කමක් නෑ කියල ඉදිරියට එන මහින්ද විරෝදියෝ 90% අධයිර්ය වෙනවා. අපේ විශ්වාසය නැතිවෙනවා අපේ ආරක්ෂාව ගැන. අපි එකපාරක් අවදානම ගත්තේ මහින්ද එලවන්න පුළුවන් බවට විශ්වාසයක් ඇතුව. එත් යේ මහින්ද මයිත්‍රී එක්ක සන්දානයෙන් එනවා නම් පරද්දන එතරම් විශ්වාසයක් තියාගන්න බැහැ. ඒවගේ අවිනිශ්චිත වටපිටාවක නිපක්ෂිකයෝ මහින්දට විරුද්දව ගේම ඉල්ලන්න එන්නේ නැහැ. ඔය ලොකු තැන වලින් නෙවෙයි මහින්ද පටන් ගන්නේ අවොත්. සන්දනේ ලොක්ක මේවගේ පිස්සු කෙලිනවා නම් අපි කීප දේනෙක් කතා වුනා වුණා චනදේට මහින්දට විරිද්ද නොවී ඉන්න අපේ ආරක්ෂාවට. ඔය විකාර වලට ගිහින් වතුර බෝතලේ පිහිට ලැබෙන්නේ ඔය වගේ ප්ලෑන් හදන ගොන් හරක් ට නෙවෙයි පොඩි අපිට. p.s. උඩින් අපු ඒවා නොදැන නෙවෙයි කිවේ.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද?

      Delete
    2. NO one is gonna be demotivated, what this does is push those patriots towards UNP, i was to vote for JVP as i wanted to have them increase their hold on the parliment, but maithripala has given me no other option. im gonna vote for unp as i dont wanna see that malicious man known as Moda Mara again in power, dumb ass hole was once the president why the fuck cant he figure out people fucked him upside down by voting for Maithree,

      Delete
    3. Ano 9.22pm
      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. සිරා තාප්පෙටම කෙලියා නේද පැරා ..?

    ReplyDelete
    Replies
    1. Once a hopper eater, always hopper eater කියල කියන්නේ කට කහනවටයැ?

      Delete
    2. සිරා මහින්දටත් එහා ගිය ගේම්කාරයෙකු වන පෙරමග ලකුණු පහල වෙමින් තිබේ. යන විදිහට ජේ අර් වත් පරද්දයි වගේ. අපොයි ටොයියන්ගේ මහන්සිය...

      Delete
  3. ane manda sira game akak vath gahanavada

    ReplyDelete
  4. උඹ නාඩන් පැරා බබෝ...........
    දේදුනු විප්ලවේ ගැන සිතා නැලවෙන්න බබෝ
    ධනපති දේශපාලනේ ඔහොමයි තොත්ත බබෝ
    දැන්වත් ඒක තේරුම් ගනින් මෝඩ බබෝ

    ReplyDelete
  5. Ranil, Ravi and Arjuna Mahendran have never plundered the central bank, instead they destroyed it! You guys should open your eyes and remove your color glasses! Jealous lot! Country was liberated By Mahinda! Ranil betrayed, Fonseka betrayed!

    ReplyDelete
  6. 2005 දී රාජපක්ෂ යන පසුගාමී පුද්ගලයා බලයට පත්කර මේ රටේ ජනතාව කරගත් මෝඩකම නිසා පරම්පරා ගනනාවක් විදවන්නට ඔවුන්ට සිදුවනු ඇත. මරාට කිසිම ආර්ථික සැළසුමක් නොවීය. ඔහුට අවශ්‍ය වුනේ දකින දකින සියල්ල ගමේ ඇටවීමය. ඇ ඩො කෝටි 35 ක් වැයකර මත්තල ගුවන්තොටුපොල ඉදිකළත් ලාභය රු 16,000 කි.මරා නම් පාහරයා කළ මුදල් නාස්තිය රටේම ජනතාව දැරිය යුතුය.මරාට ඡන්දය නොදුන් හම්බන්තොට ජනතාවට මගේ ප්‍රනාමය.
    මරා ගේ පවුලේ අය සිතුවේ ඌ සදාකල් සිටින බවත් රටේම දේපොල මරා පවුලේ පුද්ගලික දේපොලක් බවත්ය. මරා සිතුවේ මේ රටේ මිනිස්සු පල් මෝඩයන් ලෙසය.

    හම්බන්තොට මිනිසුන්ට අවශ්‍ය ජලයයි .ශුෂ්ක කටු පදුරු සහිත අලි ගහන මේ දුෂ්කර ප්‍රදේශයට ගුවන් තොටුපොලක් අවශ්‍ය නැත. පිස්සු මරා කළ විනාශයක මහත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා