මැතිවරණ කොමසාරිස්ටත් දරාගත නො හැකි සීතල මැද පොලිෂ් වන මැතිවරණ බෝතලය

මහ මැතිවරණයට නාමයෝජනා භාරගෙන දෙසතියකට ආසන්න මුත් ලොකු දේශපාලන උද්‍යෝගයක් දක්නට නො ලැබේ. එයට එක් හේතුවක් වී තිබෙන්නේ අපේක්ෂකයන්ට ඡන්ද නීති කඩ කිරීමට පොලිසියෙන් අවසර නො ලැබීමයි. ඡන්ද ලකුණු ප්‍රදර්ශනය කරමින් පෝස්ටර් ගැසීම ද අඩු වී තිබේ. සරසා ගත් රථවාහනවල  නැගී වියරුවෙන් මෙන් සැරිසැරීම දක්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. එසේම, ඡන්ද දන්සැල්, පිං බාර්, බඩු බෙදීම් ආදිය ද අවම ය.

මැතිවරණ ව්‍යාපාරය ජනමාධ්‍යවලට, ඡන්ද රැස්වීම්වලට සීමා වී තිබේ. ඡන්ද රැස්වීම්වලට බස්වලින් සෙනග ඇදීම ද අඩු ය. තත්වය මැතිවරණ කොමසාරිස්ට පවා දරා ගන්නට බැරි වී ඇති බව පෙනේ. මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් කාර්යාල පිහිටුවා ගැනීමට අපේක්ෂකයන්ට අවසර දී තිබෙන්නේ ඒ නිසා විය යුතු ය. දැන් ඉතින් රට පුරා අලුත් මැතිවරණ කාර්යාල දහ දොළොස්දාහක් පිහිටුවෙනවා ඇත. ඉදිරියට තිබෙන සති තුනෙහිදී මීට වඩා උද්‍යෝගයක් ඇති වන්නට ඉඩ තිබේ.

සුවිශේෂ ම කාරණය වන්නේ ඡන්ද කලබල අවම වීමයි. ඍජුව ම මැතිවරණයට සම්බන්ධ මිනීමැරුම් කිසිවක් වාර්තා වී නැත. කලකෝලාහල ද අවම ය. ලොකු ම සිද්ධියක් ලෙස මතු කෙරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුමට ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් තර්ජනය කිරීම ය. මරණ තර්ජන කළ බවට චෝදනා එල්ල වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා, මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරින ලදී.පසුගිය 13දා නාමයෝජනා භාරදීමට පැමිණි අලහප්පෙරුමට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිටපු සභාපතිවරයා මරණ තර්ජනය කළ බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.හිටපු සභාපතිවරයා නීතිඥයෙකු මාර්ගයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළා ය.සාපරාධී බියගැන්වීම, බලහත්කාරකම් සහ මරණීය තර්ජන කිරීම චෝදනා යටතේ හිටපු සභාපතිවරයාට නඩු පවරා තිබේ. කේස් එක ක්ලෝස් ය.

ලොව සංවර්ධිත රටක මට්ටමට මේ රටේ මැතිවරණ ක්‍රියාවලිය දියුණු වන්නට ගත වුණේ කොතරම් කෙටි කාලයක් ද? ඒ සඳහා අවශ්‍ය වී තිබුණේ මහින්ද රාජපක්ෂ ඔහුගේ ක්‍රමයත් සමග ම බලයෙන් පහ කර දැමීම පමණි. මහින්ද ක්‍රමය අහෝසි කිරීමෙන් සමාජයට කෙතරම් සාමයක්, සුවපහසුවක් ලැබෙනවා ද යන්නට මෙවර මහ මැතිවරණය ම නිදසුනකි.

මහින්ද ක්‍රමයට එරෙහිව ජනතාව විසින් සලකුණු කරන ලද විරෝධය කෙතරම් ප්‍රබල ද යත්, මහින්ද යළි බලයට පැමිණියත් නැවත පැරණි මහින්ද ක්‍රමය ස්ථාපිත කිරීම පහසු වන්නේ නැත.

මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂයට හොඳ තරගයක් දෙන්නට උත්සාහ කරමින් සිටියි.  එසේ කිරීමට අසමත් වීමේ වාසිය ජනතා විමුක්ති පෙරමුණට අත් වේ. මේ වන විටත් සමාජයේ සැලකිය යුතු කොටසක් ජවිපෙ පාර්ලිමේන්තු බලය ශක්තිමත් කළ යුතු බව සාකච්ඡා කරමින් සිටිති. ජවිපෙ මන්ත්‍රීවරු කීපදෙනෙක් ඇත්තෙන් ම වෘත්තික මට්ටමෙන් පසුගිය පාර්ලිමේන්තුවේදී කටයුතු කළ හ. සමාජය සමග බද්ධ වීමේදී ඔවුහු කෙතරම් අඩුපාඩු පෙන්නුම් කළත්, පාර්ලිමේන්තුවේදී හා ජනමාධ්‍යවලදී ඔවුහු අති දක්ෂ දේශපාලකයෝ වූ හ. පාර්ලිමේන්තුවට පිටින් පළාත් සභා නියෝජනය කරන තවත් එවැනි දක්ෂයන් පිරිසක් ජවිපෙ සතුව සිටිති. ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබිය යුතු ය.

ලාල් කාන්ත කොළඹට පැමිණ සුනිල් හඳුන්නෙත්ති මාතරට තල්ලු කර දැමීම හේතුවෙන් හඳුන්නෙත්ති තේරී පත් වීම සම්බන්ධයෙන් තරමක් අපහසු තත්වයකට පත් වී සිටියි. සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ වැනි අය පාර්ලිමේන්තුවට පත් කර ගැනීම ඇත්තෙන් ම ප්‍රයෝජනවත් විය හැකි ය. එහෙත්, ජවිපෙ බඩු ෂුවර් ය කියා අන්ධ විශ්වාසයක් ඇති කර ගත යුතු නැත. 2004 පාර්ලිමේන්තුවට පත් වූ ජවිපෙ මන්ත්‍රීන් 39න් තුනෙන් දෙකක් ම දැන් ජවිපෙ සමග නැති බව ද අපි අමතක නො කළ යුතු ය.

මෙවර මහ මැතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද තරග කරයි. එම පක්ෂය ද මැතිවරණ දේශපාලනයේදී බොහෝ දුරට නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය වැනි පක්ෂවල මට්ටමට පත් වී තිබේ. මෙවැනි කුඩා වාමාංශික පක්ෂවලට ජාතික ලැයිස්තුවෙන් හෝ නියෝජනයක් ලබා දෙන මට්ටමට සමාජය දියුණු කරන්නට එම පක්ෂ වැඩ කළ යුතු ය. නැතිනම්, උපායශීලී විය යුතු ය. ලංකාවේ වාමාංශික පක්ෂවල උපාය උපක්‍රම ගැන කතා කරන විට සිහිපත් වන්නේ කොටියා පිටේ ගිය තරුණියගේ කතාව ය. ආපසු එන විට තරුණිය සිටියේ කොටියාගේ බඩේ ය.

මැතිවරණ උණුසුම අඩු වීමට තවත් හේතුවක් වන්නේ සටන් පාඨ හිඟකම ය. එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සලකුණු කරන ලද වෙනස හා යහපාලනයට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලෙලවන්නට සටන් පාඨ නැති වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ තේමාව වන "රටට පණ දෙමු අලුතෙන්ම පටන් ගමු" යන්න ම ජනවාරි 08 දින සිදු වූ වෙනස පරාවර්තනය කරන්නකි. මහින්ද රාජපක්ෂ විසින් අනුගමනය කරන ලද ක්‍රමය අදට වලංගු නැති බවට සංඥාර්ථයක් එහි තිබේ.

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මතු කරනු ලබන ප්‍රධාන චෝදනාව වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ චෝදනාවයි. මෙම කරුණ මැතිවරණයේදී පුළුල්ව සංවාදයට භාජනය වීම ඇත්තෙන් ම සාධනීය තත්වයකි. එයට හේතුව වන්නේ මෙතෙක් මහජනතාවගෙන් වසන් කර තිබුණු අඳුරු කලාපයක් මේ සමග ම ජනතාවට නිරාවරණය වීමයි.

මෙතෙක් කල් ජේම්ස් බොන්ඩ් ගැන පමණක් දැන සිටි සාමාන්‍ය ජනතාවත් දැන් ට්‍රෙෂරි බොන්ඩ් ගැන කතා කරති. 2015 පෙබරවාරි 27 දින සිදු කරන ලද වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදු වූ ගැටලුව පිළිබඳ දැන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවා කතා කරයි. එහිදී මුලින් අපේක්ෂා කරන ලද රුපියල් බිලියනයක ණය ලබා ගැනීම වෙනුවට කල් තබා නො දන්වා එමෙන් දහ ගුණයක් හෙවත් රු. බිලියන 10ක් ණය ලබා ගන්නා ලදී. එහිදී පොළී අනුපාතිකය ඉහළ ගිය බව ද, එයින් මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ට කොටස් හිමි පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් සමාගමට අයුතු ලාභයක් හා රජයට දැවැන්ත පාඩුවක් සිදු වූ බවට චෝදනාවක් තිබේ. මෙම තිස් අවුරුදු බැඳුම්කර වෙනුවෙන් වසරකට 11.73%ක් වන ඉහළ පොළියක් ගෙවන්නට රජයට සිදු වී තිබේ. මෙය කෙතරම් ඉහළ අගයක් ද යත්, රජයට අවසානයේදී ගත් ණය මෙන් තුන්ගුණයක් පමණ පොළිය පමණක් ගෙවන්නට සිදු වේ.

මෙම චෝදනාව හඬ නඟා කරන අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ මෙවැනි භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පහක් සිදු කර තිබේ. ඒ හැමෙකකදී ම ගෙවා තිබෙන පොළිය 11.73%කට වැඩි ය. අවස්ථා තුනකදී 12.50%ක පොළී ගෙවා තිබේ. මෙම බැඳුම්කර නිකුතු පහේදී රු. බිලියන 18.5ක් ණයට ගෙන තිබේ.

මහ බැංකුව යනු ඇත්තට ම ජනතාවගෙන් වසන් කර තිබෙන චෞර බලකොටුවකි. එහි අභ්‍යන්තර තොරතුරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි සමාගම්වලට ලබා දෙන්නන් සිටිය යුතු ය. ඔවුන් කවුරු වුණත්, තරාතිරම නො බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට පුරවැසියන් රජයට බල කළ යුතු ය. එසේම, මහේක්ෂ ආර්ථිකයේ යහ කළමනාකරණය ගැන ජනතා නියෝජිතයන්ට වැඩි වගකීමක් පැවරිය යුතු ය. සරළව කියනවා නම් ආණ්ඩුවේ ණය ගැනීම් ගැන පාර්ලිමේන්තුවේ මීට වඩා සාකච්ඡාවට භාජනය විය යුතු ය. ලංකාව තවත් ග්‍රීසියක් බවට පත් කරන්නට ඉඩ නො දිය යුතු ය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හැරුණු විට ආණ්ඩුවට පහර දීම සඳහා යොදා ගැනෙන අනෙකුත් ප්‍රධාන මෙවලම් වන්නේ ජාතිවාදයයි. මහින්දගේ සමාජ මාධ්‍ය බලකාය සිය කාර්යභාරය කරගෙන තිබෙන්නේ ජාතිවාදය පැතිරවීමයි. අනුකම්පාව දිනා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් සැප්තැම්බරයේදී නිකුත් කරන්නට නියමිත වාර්තාව ලෙස පෙනෙන ව්‍යාජ වාර්තාවක් නිකුත් කිරීමේ සූදානමක් ඇති බව දිනමිණ පුවත්පත විසින් පසුගිය සතියේ හෙළිදරව් කරන ලදී.

මේ අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පාර්ශ්වය, මෛත්‍රීපාල පාර්ශ්වය පරාජය කිරීම අරමුණු කරගෙන දියත් කර තිබෙන අභ්‍යන්තර ප්‍රහාරය ද සන්ධානයේ අවාසියට හේතු වී තිබේ.

මේ සියලු අරගල මැද ජනතාවගේ පාර්ශ්වයෙන් යම් ප්‍රබුද්ධකරණයකට ඉඩකඩ විවර වී තිබේ. සොරුන්, මංකොල්ලකාරයන්, ස්ත්‍රී දූෂකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට මහජන සේවාවට කැප වූ දේශපාලන වෘත්තිකයන් තෝරා පත් කර ගැනීම ගැන ජනතාව අතර ඇති වී තිබෙන කතිකාව අතිශය සාධනීය තත්වයකි. මේ අවස්ථාව උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගත යුතු ය. පුරවැසි බලවේග හා සිවිල් සමාජ නායකයන් පෙරමුණ ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. උඹ උරුම කළේ ඇයි මට සුමනේ දවලුත් තරු පේන ලොවක්

    රන් ගැන ඇසූ පාක්ෂිකයෙකුට පහර දී ගෙදර ගිය පසුව පර්සි සුමනේට කියා යැවූ ගීතය



    රන් මුදුවට ඇදුණා බාල්දියක්
    අකුරැස්සෙදි එක දවසක්
    මා පැරදුණු දින සිට මේ වන තෙක්
    මළ පැන්නා දහස් වරක්
    මට දැනෙන ලෙසට ලබලා ඇත්තේ
    ගොඩ ඒමක් නොමැති කලක්
    උඹ උරුම කළේ ඇයි මට සුමනේ
    දවලුත් තරු පේන ලොවක්

    උඹ කිව් දේ බණ ලෙසින් අසාගෙන
    කවදාවත් කෙළ නොවෙයි සිතාගෙන
    ඒ හැම දේ කෙරුවා
    මැතිරු තරම් සුර නූල් පුරෝගෙන
    මුදුත් දෑතෙ දැමුවා
    දිනුම් කියා සිතුවා

    පැරදුණු දුක පපුතුරේ තියාගෙන
    අගමැතිවත් යළි වෙමියි සිතාගෙන
    මහ චන්දෙට ආවා
    මුදුව සර් කොටි රන්ද කියාගෙන
    එකෙක් ළඟට ආ දා
    මළ පැන්නා - දමලා ඇන්නා ....


    මෙම ගීතය "රන් මුදුවට වැටුණා කඳුළු බිඳක්" ගීතයේ තාලයට ගායනා කිරීමෙන් ප්‍රසිද්ධියේ සිද්ධ වූ විලි ලැජ්ජාව අල්ලෙන් වසා ගත හැකිය.

    (මරාගේ ඉලෙක්ෂන් ගී කලෙක්ෂන් වලින් උපුටා ගැනීමක් )

    ReplyDelete
    Replies
    1. වාම, ප්‍රගතිශීලි, රැඩිකල්, රැවුල් වවපු, රැවුල් නැතුව කොන්ඩේ වවපු අදී සියලුම වෙමේ වේශයෙන් පෙනී සිටිමින් දකුණේ ජිවත් වන්නන් අන්ත කොන්සවෙටිව් ධනපති නායකයෙකුට එළිපිට කඩේ යාමට බල කෙරී ඇති වත්මන් දේශපාලන තත්වය අම්මප මල් හතය, උරන් නැතුව අත ගෑවත් ඇතිය, නවතින්නේ හදේය.

      වමේ වගේ ලියන කොමෙන්ට් දාන උන්දැල මාස හයක් තිස්සේ හිටං හා රනිල්ව ටෙස් කරලත්, කරන වෙනසක් නැති බව ඉර හද වගේ පැහැදිලිව තියෙද්දිත්, රනිල් කියනේ රාජපක්ෂ පාර්ට් 2 බව දැන දැනත්, හිටං කියන්නේ බැසිල් පාර්ට් 2 බව පෙනී පෙනීත්, රවී කියන්නේ සජින් වාස් පාර්ට් 2 බව හෙදින්ම පෙනෙද්දීත්, ජෝන් බාස් ගේ වැඩ වලට ගෝට ටත් ලජ්ජා හිතෙන බව දැන දැනත් රනිලට චන්දෙ දෙන්න කියා අපිට කියයි.

      අනේ යකුනේ තොපි වගේ තක්කඩි රැලක් ලොවෙත් නැත ලොවි ගහෙත් නැත. තොපිට කඩේ යන්න ඕන උනාම ගෙන තර්ක කොටු පන්නින ඕන උනාම බැඳපු වාහෙලා ගෙන තර්ක වලින් වෙනස් වෙන්නේ කොහොමද ?

      මරා එලවමු,! වෙන්න මරා රනිලත් එලවමු !! වමේ බලයක්, වෙනස් බලයක් ගොඩ නගමු !!! රනිලගේ නැට්ටේ එල්ලිලා මහින්දගේ බිස්නස් රී ප්ලේස් කරන්න ඉන්න අලි පාටියේ වමේ වගේ ඉන්න උන් වළලමු !!!!

      Delete
    2. දැන් ඔය කන්ඩායම් තුන තාම ප්‍රතිපත්ති ප්‍රකාශන සහ රට පාලනය කරලා දියුනු කරන්නෙ කොහොමද කියලා කියල නැහැ.. ඇත්තටම රාජ්‍ය සේවකයින්ගේ පඩි නැග්ගීම.. ගොයියාගේ පෝර සහනාධාරය..ගැබිනි මවට පෝසන මල්ල දීම..ඕවද අපි රජයකින් බලාපොරොත්තු වෙන්න ඕනි.?

      එතනින් එහාට ගිය මිනිස්සුන්ගේ ජන ජීවිතය මීට වඩා ඵලදායි කරන්න..අසහනයෙන් ඉන්න බහුතර ජනයාට සහනයක් දෙන්න..රටේ රැකි රක්ශා ඇති කරන්න.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් වලට විසදුම් දෙන්න මීට වඩා පුලුල් වැඩපිලිවෙලක් අවශ්‍යයි..

      අවාසනාවට පක්ෂ තුනම මේ ගැන දරන්නෙ ගොලු මතයක්.. රනිල් කියනවා වොක්ස්වැගන් පැක්ටරි කතාවක්..ෆැක්ටරි කියන්නෙ ඔ්‍ය හිතන තරන් ඉක්මන්ට කරන දේවල් නෙමෙයි.. හැමදාම දියුනු රටකට අපේ මහ එකෙක් ගියාම ප්‍රවෘත්ති වල කියනවා එහේ ආයොජ්කයො මෙහේ එන්න කැමති වුනාය කියලා..කෝ කී දෙනෙක් ඇවිත් තියේද ඒහෙම?

      තුන් කොට්ඨාසෙටම රට මෙහෙයවිය යුතු දිශාව සහ කල යුතු දේවල් ගැන පැහැදිලි දැක්මක් නෑ,.නිකං හැමෝටම පඩි වැඩි කලාට වැඩක් නෑ ඉන් පස්සෙ මාසෙකින් ඒ ගන්න මුදල් ටිකේ අගය අඩුවෙනවා බඩුමිල ඉහල ගියාට පස්සෙ..මේක හරි කැත සෙල්ලමක්..ඉස්සර වී මිල 30 කරනු ඉන් පස්සෙ 40 කරනු...දැන් 50-60 කරනු කියලා කස්ටිය ඉල්ලනවා..ඕක ඉවර වෙන්නෙ නැද්ද?

      ජවිපෙ හැබැයි චන්ද්‍රිකා එක්ක කරපු ආණ්ඩුවෙදි පෙන්නුම්කළා තමන්ගෙ අසමත් බව. දැනටත් ඔවුන්ට රාජ්‍ය පාලන දැක්මක් ඇති බවක් පේන්නෙ නෑ. "ආණ්ඩුව වැරදියි. ඒත් මුන් එළවලා අපි බලයට ‍ගේන්නෙ කාවද?"

      මේ තත්ත්වය මේ තරම් අවිනිශ්චිත වුණත්, මහින්දට ආපහු පාර්ලිමේන්තුවට එන්න, අගමැති වෙන්න, විශ්වාසභංගයකින් ජනාධිපතිවරයා එළවන්න, රට ආපහු තමන්ගෙ ඒකාධිපති ක්‍රමයට ගෙනියන්න... ඉඩ දීමට මේවා හේතු නොවෙයි.

      Delete
    3. මගේ අදහස නම් යම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගැන අපි තීරණයක් ගත යුතු වන්නේ ඔවුන් ප්‍ර‍කට කරන මතවාද හා ක්‍රියාකාරකම් අනුව බවයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ ප්‍ර‍මුඛ පිල පරාජය කිරීම ගැන ඔබත් මාත් අතර එකඟතාවයක් ඇති බව පැහැදිලියි. පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාද හා ක්‍රියාකාරීත්වය විමසා බලමු.

      2000 මැතිවරණයේ දී ආසන 10ක් ද, 2001 මැතිවරණයේ දී ආසන 16 ක් ද දිනා ගත් ජනතා විමුක්ති පෙරමුණ 2004 දී පත්වූ රජයේ උපරිම ජනප්‍ර‍සාදය ලබා ගත් මන්ත්‍රී ධූර 39කට හිමිකම් ලැබීය. එසේ වූවත් ඔවුන් එම රජයේ පාර්ශවකරුවන් ලෙස රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමත් කිරීමට අපොහොසත් විය. එම වගකීම් අතහැර දැමූ ජනතා විමුක්ති පෙරමුණ ඒ වන විට හෙළ උරුමය විසින් කරලියට ගෙනවිත් තිබූ ජාතිවාදී සටන් පාඨ වැළඳ ගත්හ. එහි කූඨප්‍රාප්තිය වූයේ මහින්ද රාජපක්ෂ ජාතියේ ගැලවුම්කරුවා ලෙස ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය විසින් 2005 දී බෞතීස්ම කරනු ලැබීමයි. ඒ අනුව, මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍ර‍ය බිහි කිරීමට පුරෝගාමී වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. එම පාලන තන්ත්‍ර‍ය රටට වැඩදායී ලෙස හසුරුවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ අතර එයින් රටට වන විනාශය ගැන වගකීම භාර ගැනීමක් ද කර නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය මගින් රටට අත්වන විනාශය ගැන රටේ මතයක් ඇති වන විට කිසිවක් සිදු නොවූ ලෙස එම සටන් පාඨ තමන්ගේ කර ගත්හ.

      ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වන්නේ ඒ ඒ වෙලාවේ හැටියට නැගලා යන්න බස් එකකි. ඔවුන් බස්වල නැගලා ගමනක් යනවා නම් හොඳ ය. නමුත් ඔවුන් ගිය ගමනක් නැත. උන් නැගලා බැහැපු බස් නම් පාරේ ඉන්න අපිත් යටකර ගෙන හැටට හැටේ යනවා ය.

      Delete
    4. මේ මොහොතේදි සාමාන්‍ය ජනතාව අතරට ගෙනයා යුත්තේ මහින්ද, රනිල් හෝ වෙනත් පුද්ගලයකු අගමැති තනතුරට පත් කිරීම පිලිබදව හෝ එක් එක් පුද්ගලයා කටයුතු කල ආකාරය හෝ කටයුතු කිරීමට බලාපොරොත්තු වන ආකාරය නොවේ. ඉතිහාසය දෙස බැලීමේදි මෙම කතිකාව තුල කිසිවකු හොද හෝ නරක කියා වෙන් කල නොහැක. මහින්දගෙද නායකයකු/ පුද්ගලයකු ලෙ හොද ලක්ෂණ ඇති අතර රනිල්ද එසෙමය. එමෙන්ම මහින්දගේ රනිල්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාකාරකම් හා එ්කාධිපති ලක්ෂණ අවස්ථානුරූපිව දක්වා ඇත.

      මේ මැතිවරණ අවස්ථාවේදි ජනතාව අතර එවුන්ගේ සැබැ ප්‍රශ්න ගෙන ආ යුතුය.
      දුෂන හා වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට නාම යොජනා දිම පිලිබදව වෙනුවට මිනිසුන්ට වංචනිකයන් විමට බලකර ඇති සමාජ ගැටලුව පිලිබදවද කුඩු එතනොල් ජවරම් කරුවන් ගැන කතා කිරිම වෙනුවට තරුණයන් සහ අඩු ආදායම් ලාබී පුද්ගලයන් ගොදුරු කරගෙන ඇති මේ සමාජ ක්‍රමය පිලිබදවද අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයන්ගේ දුර්වලතා වෙනුවට සෑම සියලු දෙනාටම විධිමත් විභාග ඉලක්කයක් නොවන ආනගතයේ සමාජයතුල ජිවත්වීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් පිලිබදවද සෞඛ්‍ය. ප්‍රවාහනය, කුණු කසල ගැටලුව, අවම මාසික වැටුප, ආදී එදිනෙදා මුහුනදෙන ගැටලු ඉදිරියට ගෙන ආ යුතුය. එමෙන්ම මේ කරුණු පිලිබදව සමාජයතුල කතිකාවක් ඇති කිරිමට කටයුතු කල යුතුය.

      නැතහොත් ඉදිරියේදිද සිදුවනුයේ නැවත එකිනකාගේ දොෂ දුර්වලතා සමාජයේ පොදු ප්‍රශ්න බවට පත් කරගැනීමටය

      Delete
  2. ලංකාවෙ 80න් පස්සෙ ඉපදුනු පරපුරේ බහුතරයකට ඔය මැතිවරන අමාරුව නෑ...
    ඒ අයට අවශ්‍ය තමන් ආර්ථිකව දියුනු වෙන ගමන් රනිල් වික්‍රමසිංහල වගේ රට දියුනු කලහැකි ප්‍රබුද්ධ නායකයෙකු බලයට ගෙන ඒම...
    ඒවගේම ජවිපෙ වගේ ආන්ඩුවේ දූශිතයින්ත අබියෝගයක් කලහැකි පක්ෂය්කතත් යම් තරමකට බලය දීම..

    ඒක 17 වෙනිදා උදේට ඒ අය නිහඩව කරයි..

    60-80 කාලයේ යූඑන්පී/ ශ්‍රීලංකා/ ජේවීපී කුනුකන්දල් වලින් ඔලුව කුරුවල් කරගත්තු කාලකන්නියො තමා ඔය පක්ෂෙකට/ සාටකේකට මැරෙන්න හදන්නෙ...

    ReplyDelete
    Replies
    1. Cannot agree with you mate. I was born in 1996 and going to sit for A/L's in this year, just during the election. Though I'm much interested in Politics despite I do my studies in Mathematics stream. I'm completely lost my faith on Mr. Ranil & the UNP party due to the poor show they made during this 100 days (Actually around 180 days) program. Further JVP seems good opposition but they also unable to impress me with such character. Now I feel MR is not much bad as a leader as he has been criticized. But I hate MR & UPFA's corrupted culture. Can't select UPFA since they are the worst party. To whom people has to vote? Anyway I'm not qualified to vote this time. So sad but it seems hidden luck for me, isn't it?

      Delete
  3. UNP propaganda machine at work again

    ReplyDelete
  4. Are you not worried about arresting of a Tiger in Chennai with 75 cyanide capsules and tiger uniforms? Are you going to justify Ranil, Arjuna plunder of Central bank by indicating Cabral's name?( you add lies to your so called analysis!) no you guys want us to experience bombs again! You want Ranil to privatize our economy and finally entire country! Self centered and egoistic and egotistical Devils are doing propaganda to destroy our country!

    ReplyDelete
    Replies
    1. I don't have to worry about the Tiger who was arrested in Chennai because:

      (1) he is already arrested.

      (2) he was on foreign soil, outside the jurisdiction of Sri Lanka. What can the Sri Lankan authorities do about it? Nothing!

      Delete
    2. If Mahinda continues for another 5 years we will experience bombs in 25 years. The solution for war is not oppression but dialog and conciliation. Mahinda will control the tamils and muslims but how long will he be able to do that? He's already 70!. Now at this point we need somebody who can solve the root cause of the war so that there will never be a war again. Privatization is much better than making the country a Chinese colony.

      Delete
  5. මහින්දට කළගුණ සලකන්න එපා
    කතෘ:යුතුකම 7/24/2015 No comments

    මහින්ද රාජපක්‍ෂට මෙවර ඡන්දය දිය යුත්තේ ඔහුට කළ ගුණ සැලකීම සඳහාය යනුවෙන් මහින්දවාදීන් තර්ක කරන බව රනිල්වාදීන් විසින් සමාජගත කරමින් යන මතයකි. කොටින් ම එය පැරඩියකි. එහි අර්ධ සත්‍යයක් නැත්තේ ම නොවේ. එහෙත් මහින්ද මෙරට බලයට ගෙන ආ යුත්තේ ඔහුට කළගුණ සැලකීමේ අර්ථයෙන් නොව ඔහුගෙන් ජාතියට තවදුරටත් වැඩ ගැනීමේ අර්ථයෙනි. කළගුණ සැලකීම නැමැති සාරධර්මය දියුණු මානව ගුණාංගයක් බව සත්‍යකි. එය පිහිටන්ගේ දියුණු, සංවේදී සිත්සතන් තුළ ය. එහෙත් ඒ මත පමණක් රටක නායකයෙකු ‍තෝරාගත නොහැකි බව මහින්දවාදීන්ගේ පිළිගැනීමයි.

    මහින්ද මේ රට විසින් අත්හදා බැලූ නායකයෙකි. ඔහු තරම් අන් කිසිවෙකු මෙරට ජාතික සංවර්ධනය වෙනුවෙන් වැඩ කොට නැත. 2005 වසරේ දී ඩොලර් බිලියන 24.5ක් වූ මෙරට දළ දේශීය නිෂ්පාදයනය වසර 9ක් වැනි කෙටි කළකින් තුන් ගුණයකින් වැඩිකරමින් ඩොලර් බිලියන 76.9ක් බවට පත්කරන්නේ මහින්ද ය.එපමණක් නොවේ.60 හා 70 දශකවල සැලසුම් කළ මෙරට ගල් අඟුරුබලාගාර, ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘථිය, උමාඔය බහුකාර්ය ව්‍යාපෘථිය වැනි තව බොහෝ බලශක්ති ප්‍රභවයන් යාථාර්ථයක් බවට පත් කරන්නේ මහින්ද ය. මේවා නිසි කලට රටට දායාද නොකිරීමෙන් මෙරට ජාතික සංවර්ධනයට කොතරම් පාඩුවක් කොට තිබේ ද?

    අනෙක නම් මෙරට මාර්ග පද්ධතියයි. මෙරට මාර්ග පද්ධතිය මීට බොහෝ පෙර නවීකරණය කළ යුතුව තිබුණි. එහෙත් මහින්ද එනතුරු ඒ කිසිවක් සිදු නොවූවේ ය. කටුනායක අධිවේගී මාර්ගයට රනිල් ජපානයෙන් ණයක් ද ගෙන එය එදාවේල කා කාබාසිනියා කළා මිස එක අඟලක් ඉදි නොකළේ ය. දක්‍ෂිණ අධිවේගි මාර්ගය ද එසේ ය. තව ද මහින්ද විසින් අලුතින් ම කාපට් අතුරා නවීකරණය කළ රටේ සෑම දෙසට ම විහිදෙන සෙසු ඒ හා බී ශ්‍රේණිවල මහාමාර්ග ගණන කොපමණ ද? මෙම මාර්ග නිසි කළ ඉදි නොකිරීමෙන් අප රටට කොතරම් පාඩුවක් සිදුවී ද? සරල නිදසුනක් පෙන්වමි. අබලන් මාර්ගයක එක් පැය බාගයක් මාර්ග තදබදයක සිටීම නිසා අමතර ව වැයවන ඉන්ධන ප්‍රමාණය කොපමණ ද? අප ඒ වෙනුවෙන් පිටරට යවන ඩොලර් ප්‍රමාණය? අප නාස්ති කරන කාලය? ඉන් සිදුවන තව බොහෝ ආර්ථික හා සමාජ අතුරු අබාධ? මේවාට මිලක් ඇත. ඒ මිළ ගෙවා දැම්මේ මහින්ද හැර අන් කවරෙක් ද?

    මහින්ද විසින් ඉදිකළ මෙගා ව්‍යාපෘථි ගණයට වැටෙන හම්බන්‍තොට වරාය සැලසුම් කොට කොපමණ කළක් සමස් පෙට්ටියේ තිබුණේ ද? පසුගිය වසරේ පමණක් මෙම වරාගේ ලාභය රුපියල් බිලියන 5.9කි. මෙම වරාය මින් පෙර ඉදි කළේ නම් එය කොතරම් ධනයක් අපට උපයා දේ ද? මේ වන විට හම්බන්තොට වරාය දකුණු ආසියාවේ කාර්යබහුල ම වරායවලින් එකකි. මත්තල ගුවන් ‍තොටුපල මීට දෙවැනි නොවේ. රටක දෙවැනි ජාත්‍යන්තර ගුවන් ‍තොටක් අනිවාර්ය අංගයකි. කටුනායක කිසියම් ගැටළුවක් නිසා වසා දැමීමට සිදුවූ වැනි සිතන්න. අප රට වෙත එන යානා ඉන්දියාවට හරවා යැවිය නොහැකි ය. මෙම ගුවන් ‍තොට ඉදිකිරීමට එම හේතුව ම සෑහේ. එහෙත් රට දියුණු වන විට මේ සියල්ල එක් පොකුරකට ප්‍රසාරණය වන පරිදි සැලසුම් කොට තිබුණි. අප මෙහි දී ඔබට ඉදිරිපත් කළේ මහින්ද කළ දෙයින් අංශුවක් පමණි. ඉතිරිය ඔබේ හෘද සාක්‍ෂියයි. එහෙත් ඒ සියල්ල ජනවාරි 08 වන දායින් පසු අවසන් කිරීමට මෙරට පුරවැසියන් කොටසක් විසින් ම තීරණය කිරීම ජාතියේ පවක් හැර අන් කුමක් ද? කළගුණට එහා මහින්ද යන්නේ මෙම අර්ථයෙන් ය.

    මහින්ද පතිරණ
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com




    MAIN , මහින්ද පතිරණ
    සම්බන්ධ පුවත්


    එජාපය පරාජය කළ යුත්තේ ඇයි ?

    රටට නායකයෙකු අවශ්‍ය ව තිබේ.

    ශ්‍රිලනිප උරුමය ජාතික උරුමයයි.අපි ප...
    ඔබේ අදහස මෙතන ලියන්න...
    ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

    0 Comments :

    ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

    ReplyDelete
    Replies
    1. huthukama ගොංවාද වකය. බැල්ලිගෙ පුතාලා.

      Delete
  6. මහින්ද කියන්නෙ,රටටම සාපයක්,17 න්පස්සෙ ඒ සාපයත් ඉවරයි!!!

    ReplyDelete
  7. මහින්ද ප්‍රමුඛ එජනිස වෙත චන්දය ලබාදුන් බහුතරයක් එම පක්ෂය වෙත චන්දය ලබා දෙන්නේ ඔවුන්ගේ අඩුපාඩු වැරදි පිලිබදව හොදින් දැනුවත්වය. මහින්ද ඇතුලු බොහෝ දෙනා සොරකම් කරපු බවද බලය අයුතු ලෙස භාවිතාකල බවද ඔවුන් හොදටම දන්නව
    ඒ වගේම එජාපයට චන්දය දෙන බහුතරයකුත් දන්නව එ්ගොල්ලො එන්නෙත් හොරකම් කරන්න තමයි කියල
    දෙගොල්ලොම තමන්ගේ බලය තියා ගන්නයි සල්ලි හම්බ කර ගන්නයි ඕන නිසා පාරවල් . බොක්කු හදනව වගේ සංවර්ධන වැඩ ටිකක් කරනව. චන්දයක් කිට්ටු කරල රජයේ සේවකයන්ට පඩි වැඩි කරනව, භාණ්ඩ කිහිපයක මිල අඩු කරනව. මිනිස්සු දන්නව මේ චන්දෙ ගන්න තමයි කියල.
    ඊට පස්සෙ චන්දෙ කාලෙට ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, ජාතික ආරක්ෂාව, උගත් බුද්ධිමත් කට්ටිය පාර්ලිමේන්තු යවන්න දුෂිතයො ගෙදර යවන්න අරකගේ මේකගෙ හොරකම් යහපාලනය සුභ අනාගතයක් වගේ මාතෘකා කතා කරනව.

    හැමොම කතා කරන්න අමතක කරන එක තමයි මේ තියෙන ක්‍රමයම දුෂිත ක්‍රමයක් නේද, මේක හැමදාම පුරුදු කරන්නෙ හොරකම් කරන්නයි ජඩකම් කරන්නයි නේද කියල. මේක ඇතුලේ හැමදාම මිනිස්සුනව බේද කරනව, පන්තියක ළමයි හැමොම එකෙකුට වැඩියෙන් අනෙක ඉස්සරහට එන්න බලනව. පොත් හංගනව, ලග ඉන්න එකාට කපාගෙන උසස්වීම ගන්න ලොක්කගෙ හිත දිනා ගන්න බලනව. ගෙදර කුණු අනුනගේ පාරවල් වලට ගෙනත් දානව

    අපිට ගෙවන්නේ අපි වැඩ කරන ප්‍රමාණයටද, ප්‍රතිපත්ති හදන්නේ වැඩි ජනතාවකට සෙතක් වෙන විදිහකටද 19 හැදුවාහම ප්‍රජාතන්ත්‍රවාදය හම්බවෙනවද, අධ්‍යපනය තියෙන්නෙ රටට ඕන විදිහටද, ඉස්පිරිතාල තියෙන්නෙ දොස්තරලට පඩි දෙන්නද, උපාධිදාරින්ට රස්සා දුන්නේ පුටු රත් කරන්නද

    ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න පිලිවෙල ගැන, වැඩ කරන ප්‍රමාණයට අපිට ගෙවන ක්‍රමයක් හදා ගන්න එක ගැන, අපේ බදු මුදල් නිසි ක්‍රම වේදයකට අනුව වියදම් කරන එක ගැන, ........... මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ගැන කතාවකට චන්ද ව්‍යාපාරෙදි කවුරුත් යන්නෙ නැත්තෙ

    ජනතාවට එවා අහගෙන ඉන්නකොට කික් එකක් නැති නිසාද

    ReplyDelete
  8. කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය

    ReplyDelete
    Replies
    1. @ Anonymous July 24, 2015 at 4:32 PM ----

      දවල් ද?

      Delete
  9. ෆේස්බුක් එකේ ඉමේජ් හදපු කෙනෙක් අත් අඩංගුවට අරන් උසාවි දාල. මහින්දගෙ කාලෙ මහින්දට මොනතරම් අපහාස කළාද
    දැන් මර්ධනය වැඩි බවයි පේන්නෙ

    ReplyDelete
  10. ලොව සංවර්ධිත රටක මට්ටමට මේ රටේ මැතිවරණ ක්‍රියාවලිය දියුණු වන්නට ගත වුණේ කොතරම් කෙටි කාලයක් ද? ඒ සඳහා අවශ්‍ය වී තිබුණේ මහින්ද රාජපක්ෂ ඔහුගේ ක්‍රමයත් සමග ම බලයෙන් පහ කර දැමීම පමණි. මහින්ද ක්‍රමය අහෝසි කිරීමෙන් සමාජයට කෙතරම් සාමයක්, සුවපහසුවක් ලැබෙනවා ද යන්නට මෙවර මහ මැතිවරණය ම නිදසුනකි.

    ReplyDelete
  11. 17 වෙනිදායින් පස්සේ බලමු.

    ReplyDelete
  12. පැරා ගල්ද බොන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඇයි නිකං හම්බ වෙච්ච ගල් බෝතලයක්වත් ළඟ තියෙනවද
      තියෙනවනම් ඔන්න ඔහේ බාගයක් පැරාට දීල දාපන්, 18 වෙනිදට පැරාට දුකට බොන්න බැරියැ
      ඉතුරු බාගේ ඔහේ තියා ගන්නවා කාලෙකින් ලබන 18 වෙනිදට ලැබෙන පුංචි සතුටට බොන්න.

      Delete
  13. UNP එකේ නිල වෙබ් පිටුවක් බැලුවා වගේ.

    ReplyDelete
    Replies
    1. So, what's wrong this blog being like the official UNP web site?

      Delete
  14. Its nothing more than a part of Sirikotha propaganda. Useless rubbish. Dear Parakum, could you kindly be honest to yourself first? Feel so sad & ashamed about such a former leftist.

    ReplyDelete
  15. මහින්ද චීනය සමඟ පමනට වඩා සම්බන්ධකම් පැවැත්වූ නිසා බටහිර රටවල් අපිත් එක්ක තරහා වුනා. අපි වැඩියෙන්ම හම්බ කරගන්නේ ඇමරිකාව සහ යුරෝපය සමඟ ගනුදෙනු වලින්. රනිල් මේ වැරැද්ද නිවැරදි කරගනිමින් රට දියුනු කරන අතරෙදි අපි ජනතා විමුක්ති පෙරමුනට චන්දෙ දීලා ඒක බලවත් කෙරුවොත් බටහිර රටවල් අපිත් එක්ක නැවත තරහා වෙන්න පුලුවන්. මොකටද කිරි කලයකට ගොම බින්දුවක් දමන්නේ. ඒ නිසා කරුණාකරලා, ජනතා විමුක්ති පෙරමුනට එක චන්දයක්වත් දෙන්න එපා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා