ආණ්ඩුව රජයේ නිලධාරීන්ගෙන් පළි ගන්නා බවට මහින්ද කරන ප්‍රකාශය ඇත්ත ද?

ලලිත් 
වංචාවෙන්, දූෂණයෙන් තොර රටක් හදනවා යි මහින්ද කියන විට එය පට්ට ම ජෝක් එකකි. එහෙත් එසේ කියන්නට තරම් විලි ලජ්ජා නැතිකමක් මහින්දටත්, ඒවා අසා සිටින ජනතාවටත් තිබේ. 

දළදා මාළිගාව ළඟදී මහින්දට හිටිහැටියේ ඔහුට සොරකම් කරන්නට ලියුම්වලට අත්සන් කළ ලලිත් වීරතුංග හා වෙනත් රජයේ නිලධාරීන් සිහිපත් විය. 

ඒ නිසා සත්භාවයෙන් කළ දේවලට රජයේ නිලධාරීන්ගෙන් පළි ගන්නා බවක් කීවේ ය. ඔය කියන රජයේ නිලධාරීන් සත්භාව‍යෙන් කර තිබෙන්නේ කුමක් ද? එ් ගැන ප්‍රශ්න කිරීම පළිගැනීමක් වන්නේ කෙසේ ද?

රජයේ සේවයේ පහළ නිලධාරියෙකු අතින් සිදු වන පුංචි වරදකදී මේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න සිහිපත් කර ගත යුතු ය. 

දේශපාලකයන්ට සොරකම් කරන්නට හා බලය අයුතු ලෙස පාවිච්චි කරන්නට අනුබල දීම ප්‍රතික්ෂේප කරන්නට රජයේ නිලධාරීන් පොළඹවන්නට නම් ලලිත් වීරතුංග වැනි කිහිප දෙනෙකුට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය. 

නැතිනම් සිදු වූ දේ පිළිබඳ හෙළිදරව් කර සමාව ගත යුතු ය.

වෛද්‍ය නිහාල් ජයතිලක වැනි අය බැසිල්ලාගේ හොර ජාවාරම්වලට හවුල් වුණේ මන් ද? ඔවුන්ට මේ රටේ ගෞරවනීය ලෙස ජීවත් වීමට අවශ්‍ය පසුබිම නො තිබූ නිසා ද? 

රජයේ සේවකයන් සිතිය යුතුව තිබෙන්නේ ඒ ගැන ය. 

රජයේ සේවකයන් මේ සිදු වන දෙයින් පාඩම් උගත යුතු ය. ඔවුහු දේශපාලකයන්ට සොරකම් කිරීමට උදව් නො කළ යුතු ය. රජයේ මුදල් පරිපාලනය සම්බන්ධ වගකීම අවසාන‍ වශයෙන් පැවරෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට ය. ‍‍දේශපාලකයෝ අන්තිමේදී ඔවුන් පාවා ‍‍දෙන බව රාජ්‍ය නිලධාරීන් වටහා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. වංචාවෙන්, දූෂණයෙන් තොර රටක් හදනවා යි මහින්ද කියන විට එය පට්ට ම ජෝක් එකකි. එහෙත් එසේ කියන්නට තරම් විලි ලජ්ජා නැතිකමක් මහින්දටත්, ඒවා අසා සිටින ජනතාවටත් තිබේ.
    When my children was very little, they told many stories of their dream worlds. They were warned or slightly punished when they attempted to steal some money from my pocket. Being young mature students, they never lie or dream now. They even warn us when they suspected any irregular behavior of us. But my servants have been different characters. Instead of learning and getting matured, as mature and old adults, they still get caught doing some petty thefts. They still lie too. I have helped them in many way to learn and do a better job but they never made use of the opportunity. MR and his acolytes behave like my servants. People like Lalith Weerathunga and Gamini Senarath are graduates who never learned from people. Most of them are village folks who hardly managed their life at university. They are so excited of power and money. We all are still enjoying three meals a day. I am really satisfied but like my servants, though well fed, they still steal and rob and lie. It's their fate. Their capacity is not enough to realize basic facts of life. They are excusable for their little brains. Great article! Respect!!!

    ReplyDelete
    Replies
    1. palaweniyatama ano awth thamange pita kahaganna porak

      Delete
    2. Correct! I am the 'ano'. Thank you for reading. In fact, I felt happy of my life after seen the rise and fall of these goons. That's why? I am just a reader who enjoys this blog. Sorry scene is you are also 'ano' and jealous of my self satisfaction. Ha..........

      Delete
    3. PS: your 'ano' (better your anus) again. I live a peaceful life earning a fair monthly income. You seem to be offering your butt for money to others. I guess you are a former male prostitute who wasted public funds.

      Delete
  2. රජයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර අවශ්‍ය තොරතුරු අනාවරණය කරගත්තොත්, මරාව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න තරම් හොරමැරකම් වල සුලමුල හෙළිවෙනවා. මූ හදන්නේ මොන ජාතියෙන් හරි ඒක වළක්වන්නයි. පාහරයා.

    ReplyDelete
  3. මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. දන්න කෙනෙක් උත්තර දෙන්න. 
    රජයේ සේවකයෙක් මුදල් වන්චාවකට අසුවුනොත් පඩි රහිතව සේවය තහනම් කරලයි පරීක්ෂණ කරන්නෙ. දේශපාලකයින්ට ඒක අදාල නැද්ද?

    ReplyDelete
  4. මෙක ලියන බත් ගොට්ටා මොකද මෙලක් ඉතිහාසෙ කරපු ලොකුම වංචාව මහබැංකු බැදුම්කර ගැන වචනයක් වත් නොකියන්නෙ.

    පොදු දේපල පනත භාවිතකරල මිනිස්සු රිමාන්ඩ් කලාට නඩුගෙනියනකොට මොකද වෙන්නෙ කියල බලාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. වෙන්නේ මේකයි මචෝ. මරාට පුකෙන් යන්න වෙනවා. රනිල් අගමැති වෙනවා.

      Delete
    2. /බත් ගොට්ටා/
      පුංචි කාලේ අහන්න ලැබුණු විනොදජනක යෙදුමක් තමයි බත් ගොට්ටා කියන එක, බත් ගොට්ටො කීවේ එජාප පාක්ෂිකයටන්ට, ඒ කාලේ කෑම බෙදුවේ එජාප රැස්වීම් වල විතරක් වෙන්න ඇති. මහින්ද රජය ගානේ කෑම බෙදල ඡන්ද කරන විදිහ ඳුන්වා දීලා රටම බත්ගොට්ටෝ කෙරෙව්වනේ.

      පැර කෝ අළුත් පෝස්ට් මොකුත් නෑනේ, කීසැරයක් නම් ආවද, මෛත්‍රීගේ ප්‍රකාසෙට පැරත් අඤ්ඤකොරොස් වෙලාද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා