නාමයෝජනා භාර දෙන විට මහින්ද පරාද ය; මෛත්‍රීපාල ඉල්ලා අස් විය යුතු ද?

දැන් අපි මොකද කරන්නෙ දිනේෂ්? 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ නායකත්වයෙන් ඉවත් විය යුතු යයි ඇතැමෙක් පවසති. 

මෙම පිරිස අතර එජාපයටත් වඩා හයියෙන් එජාපයට හිතවත් වෙන්නට තරග කරන ජනමාධ්‍ය මෙන් ම එක්සත් ජනතා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් වන මනුෂ නානායක්කාර වැනි අය ද සිටිති. 

මුලින් කී පිරිස මෝඩ චූන්කාරයෝ ය. දෙවනුව කී මහින්ද කඳවුරේ අය නම් දැන් මහින්දට යළි පක්ෂ නායකත්වය හෝ ලබා දී සැනසෙන්නට හදන අයයි.

ඔවුන් වෙනුවෙන් මෛත්‍රී ශ්‍රීලනිප නායකත්වය අතහැර නො දැමිය යුතු ය. ඔහු ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී නිහඬ විය යුතු නැත. තවමත් ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වී සිටින සියල්ලෝ පූර්ණ වශයෙන් මහින්දට ගැති වූ අය නො වේ. ජනාධිපතිවරයා ප්‍රධාන රැස්වීම් අමතා සිය යහපාලන ප්‍රතිපත්ති ගැන කතා කළ යුතු ය. ඒ වෙනුවෙන් දූෂිත නො වන අපේක්ෂකයන් පමණක් දිනවන්නැයි ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිය යුතු ය. එය ඔහුගේ වගකීමයි. 

එජනිසයට මෙම ඡන්දය දිනා ගන්නට බැරි ය. රැල්ල ජවිපෙ පැත්තට හැරී ඇතැම් විට විපක්ෂ නායකකම ද ජවිපෙට යන්නට ඉඩ තිබේ. මහින්ද කඳවුරේ අයගේ ආණ්ඩු සිහිනය බොඳ වී හමාර ය. මහින්දගේ අගමැති සිහිනය ද ඒ සමග ම සුනේ සුන් ය. ඔහුගේ විපක්ෂ නායක සිහිනය තීරණය කරනු ඇත්තේ ශ්‍රීලනිපයේ සුසිල්, අනුර, නිමල් තුන්කට්ටුව විසිනි. 

අගෝස්තු 18 දින එජනිසය පරාජය වන එක දැන් පවතින තත්වය යටතේ නියත ය. මහින්ද විකුණා බලය රැක ගන්නට උත්සාහ ගන්නන් ඔහුගේ මළ මිනිය වුණත් විකුණන්නට සූදානම් කැණහිලුන් පිරිසක් නිසා මහින්ද තම ජීවිතාරාක්ෂාව ගැන සිතිය යුතු ය. 

කුරුණෑගල කණ්ඩායම් නායකයා වූ ඔහු නාමයෝජනා භාර දෙන්නට නො යාම ආරක්ෂාව පැත්තෙන් ගත් කල බුද්ධිමත් පියවරකි. 

නාමයෝජනා භාර දීමෙන් පසු ආණ්ඩු බලය පාවිච්චි කරමින් නීති විරෝධී පෙළපාලි යාම් මෙවර අඩු බව වාර්තා වේ.

මහින්දගේ හුළං බැස ඇති තරම මේ සමග දැක්වෙන නිව්ස් ෆස්ට් පුවතේ වීඩියෝව නැරඹූ විට පෙනේ. මහින්ද ක්‍රමය නම් දැනටමත් පරාජය වී හමාර බව පෙනේ. සමහරවිට මහින්ද දැන් සොයන්නේ අනුකම්පා ඡන්ද විය හැකි ය. ජාතිවාදය අවුස්සනවාට වඩා ඒක හොඳ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එජනිසයට මෙම ඡන්දය දිනා ගන්නට බැරි ය. රැල්ල ජවිපෙ පැත්තට හැරී ඇතැම් විට විපක්ෂ නායකකම ද ජවිපෙට යන්නට ඉඩ තිබේ. //අනේ පවු

    සංධානයට දිනන්න බෑ. නමුත් යූඇන්පියටත් 113 ගන්න බෑ. රැල්ල ජවිපෙ පැත්තට එනව කියන එකට නම් පුදුම දුකක් දැනෙන්නෙ. අවුරුදු ගාඅනක් ලියපු දේශපාලන අවබෝධයක් තියන කෙනෙක් මෙහෙම මෝඩ කතාවක් කියපු එක. ජේවී පිය උපරිම ආසන හත අටක් ගනියි. හීනෙන් විපක්ෂ නායක වෙයිද නම් දන්නෙ නෑ

    ReplyDelete
  2. කුරුනෑගල දිස්ත්‍රික්කයේ තියෙන්නේ ඡන්ද ලක්ෂ 12 1/2 යි. මරා හිතනවා ඇති ඒකෙන් ඡන්ද ලක්ෂ 5ක් විතර හම්බවෙයි කියලා. මරා ඡන්ද ලක්ෂ එකකට ආසන්නව ගනියි. ගම්වල ඉන්න බත්කන හරක් නිසා. ඊට පස්සේ දයාසිරිට, ජොනියට, අනුර ප්‍රියදර්ශනට, ජයරත්න හේරත්ට, හමන්නලා ගෙදර යයි.

    ReplyDelete
  3. ප්‍රධාන විපක්ෂ කොහොම වුනත් ජෙප්පෝ මේපාර ආසන 20 කට වැඩිය ගනිවී කියලා මටත් හිතෙනවා

    ReplyDelete
  4. සුමනදාස ලොක්කටත් “වැරදුනු“ එකේ මේ වගේ අනාවැකියක් වැරදුනත් මොකද?

    ReplyDelete
  5. ටික කලක සිට පැවති පැරාගේ නුහුගුණය උත්සන්න වී තිබේ..වහා පැරා ගලවා ගනිව් !!!

    ReplyDelete
  6. මයිත්ත්‍රීට ස්තුති කරන්න ඕන,ස්‍රීලනිපය නැතිකරල,යුඇන්පියයි,ජේවීපියයි ඉස්සරහට ගෙනාපු එකට.

    ReplyDelete
  7. මහින්ද විකුණා බලය රැක ගන්නට උත්සාහ ගන්නන් ඔහුගේ මළ මිනිය වුණත් විකුණන්නට සූදානම් කැණහිලුන් පිරිසක් නිසා මහින්ද තම ජීවිතාරාක්ෂාව ගැන සිතිය යුතු ය. I don't know 'Para'. But his powerful and convincing articles made me his reader. However, he has been losing his senses gradually. He doesn't know January 8 votes are for for UNP and civil workers. There may be 100 - 200 votes for MY3 on this day. MARA's 5.8 million is fake. He might have got around 4.00 million. Other 1.8 million are from state sponsored bribes and other crooked ways. This time he will lose this 1.8 million and 4.0 million may reduced to die hard SLFPers around 3.0 million. This is the actual situation. MY3 is a 'Virudu' and 'Baila' and 'singing' many without any charisma or instinctive brain. True he is honest and simple. This is because he is a real rural man who loves a peaceful rural life. He is not an ambitious man. Like tranditional villagers, he can't be influnced by western ways. It's not a quality born in brains but a habit from time immemorial. He is like Dudley, Sirima, Wijethunga, Rathnasirit, or D. M. Jayarathna who held their chairs just because of sheer luck or circumstances forced them. IF MY3 resigns, it's great for him. Ranil is the most suitable man for presidency now but he is still undergoing adverse trends created mainly by Mangala and JVP. Mangala is now a UNPer and JVP was not very critical on Ranil now. Ranawaka and Rathana were forced to join UNP now. Don't think that I am a UNPer. I am impressed by JVP and I will vote for them.

    ReplyDelete
    Replies
    1. good impartial evaluation and would have been written in Sinhala.

      Delete
  8. මහාතිත්ථJuly 14, 2015 at 9:05 AM

    පැරාගේ මේ පෝස්ටුව අපේක්ෂා භංගත්වය නිසා හෝ එල් එස් ඩී වැනි මනෝ භ්‍රාන්තික මත් ද්‍රව්‍යයක් පාවිච්චි කළ අවස්ථාවේ හෝ ලියන ලද්දක් යැයි මම සිතමි
    නැතිනම් මෙවැනි ගොන් කතා ගොඩක් කියන්නේ නැත
    මේ රටේ දේශපාලනය ගැන තැකීමක් නැති අයෙකු වුවත් ජවිපෙ ප්‍රධාන විරුද්ධ පක්ෂය වේයැයි කවුරුන් හෝ පවසනු ඇසුවොත් බඩ අල්ලාගෙන සිනාවෙනු නියතයි -
    මෙහි අනික් තර්කද ඉතාම බොළඳය - අනිවාර්යයෙන් ඊළඟ ආණ්ඩුව නැතිනම් විරුද්ධ පක්ෂය පිහිටුවන්නේ එජනිසයයි - එය පැහැදිලිය
    මහින්දට ඇති විරෝධය නිසාම මෙවැනි ගොන් කතා කීම පැරා වැනි තලතුනා පුද්ගලයෙක්ට තරම් නොවේ

    ReplyDelete
  9. If MR becomes an MP (he will), he will be elected as the leader of the SLFP & UPFA Parliamentarians, Then, it is a matter of the SLFP Central Committee deciding to appoint him as the President of S.L.F.P. MS can not challenge it, as he was not elected as President of S.L., as a candidate of S.L.F.P. / UPFA. Then, MR will be the leader of UPFA, by defualt. If the UPFA gets the second highest no. of Seats, he will be the Leader of the Opposition, too.(which may be unlikely if JVP & TULF joins together & put forward their candidate). Even if MR does not be the Leader of the Opposition, he will be the Leader of UPFA.

    If MS holds on to the post of President of SLFP / UPFA, he will be thrown - out of SLFP, with humiliation. SLFPERS too will rejoice saying, this is the sweet revenge for betraying their Party at the Presidential Election.

    People who voted for MS will say that, it is dittadamma vedaneeya karma for MS, for destroying the only hope the people, specially the Youth of the Nation, created by themselves, with many sacrifices.

    MS forgot that, what is popular is not always right & to stand for what is right at any cost, which people did. He failed to think as the President of the Country, for which he should never be excused.

    If MR used his absolute power for worst, people would have never gone against a man who used some of those absolute power for good of the Nation.

    If he is a matured politician & a leader, with some brains & back born to stand against MR & his Mafia, as soon as he was appointed as the President of SLFP, he should have asked the officials & Members of the Central Committee to resign. Then, he should have appointed Members who are favorable to him, specially for the Post Of Secretary. Then, dissolve the UPFA & form a new UPFA with a Secretary favorable to him. This would have given him the control of SLFP & UPFA. What a weak man to be the President of a Country. Now, he can preach all excuses, thinking the people are bloody fools, but the result is the biggest insult to humanity.

    How can this MS eradicate Drugs, which is an international Mafia, with such weakness, when MS could not even face the MR & Mafia, with the right strategy. It is just a propaganda to cover-up his defeat in the hands of MR & Mafia.

    The result will be creating RW Mafia & MS will be just a spectator, saying : Yes, Sir : Ehemai, Sir

    We, the poor & average People of S.L., will be the sufferers for ever. The youth of this Country will never believe that, the Ballet could bring them change.

    What a betrayal !!!!!!!

    ReplyDelete
  10. JVP 04
    Colombo 01
    Gampaha 01
    National List 02

    ReplyDelete
    Replies
    1. පව්,අප්ඩේට් වෙලා නැති ඇනෝ කෙනෙක්!! ජවිපෙ 15 එහා ගන්නව.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා