මෛත්‍රීපාලගේ අත අත් නො හැරිය යුතු ය

මේ මොහොතේ සිවිල් සමාජය, පුරවැසි සංවිධාන හා මාධ්‍ය හැසිරෙන්නේ ඔවුන්ගේ අංක එකේ සතුරා මෛත්‍රීපාල යයි සිතා ය. 

මෛත්‍රීපාල මහින්ද ඇතුළු හොර නඩයට නාම යෝජනා දීම හේතුවෙන් එදා මහින්ද පරදා මෛත්‍රීපාල ජනාධිපති කිරීම වෙනුවෙන් අභියෝග භාර ගත් බලවේගයේ දැඩි වෛරයට භාජනය වී තිබේ. 

අප නැවත මතක් කර ගත යුතු කාරණයක් වන්නේ ජනවාරි 08දා අප පැරදවූයේ පුද්ගලයකු පමණක් නොව ක්‍රමයක් ද බවයි. 

මහින්දගේ ක්‍රමය නීලා වික්‍රමසිංහගේ වචනවලින් කියනවා නම් ‘මරලා හෝ බලය ගත යුතු' ක්‍රමයකි. අප මෛත්‍රීපාල පත් කළේ ද ඒ ක්‍රමය අලුත් මුහුණුවරකින් පවත්වාගෙන යනු පිණිස ද? 

මෛත්‍රීපාල කර ගැසූ ශ්‍රීලනිපය යනු ඔහු පැරදවීමට කටයුතු කළ, ප්‍රතිගාමිත්වයට වැඩි බලයක් තිබෙන පක්ෂයකි. මෛත්‍රීපාල සභාපතිත්වයට පත් වූ පසු මහින්ද රාජපක්ෂ නැවතත් වේගයෙන් නැගී සිටි අතර අවසානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේත්, ශ්‍රීලනිපයේත් බලය අත්පත් කර ගැනීමට ද සමත් වූයේ ය. 

දූෂණ විමර්ශන හරි හැටි කෙරුණා නම් මහින්ද වළක්වන්නට තිබුණු බව ඇතැමෙක් කියති. එහෙත්, සමස්තයක් ලෙස ම දූෂණයේ ගිලුණු සමාජයක එය පහසු කාර්යයක් වූයේ නැත. තිස්ස අත්තනායකට අල්ලස් දීම සම්බන්ධයෙන් මහින්දගෙන් කටඋත්තරයක් ගන්නට ගිය විට ඔහුගේ ගෝලබාලයෝ පාර්ලිමේන්තුව තුළ බලෙන් පදිංචි වූ හ. 

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරනවා යයි කී ඩී.වී. උපුල් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වූ හැටි බලන්න. සිදු වුණේ පොලිසිය බය වීම නො වේ ද? 

ශ්‍රේෂ්ඨාධිකරණය පවා දුන් අසාමාන්‍ය තීන්දුවලින් මහින්ද ක්‍රමය තවමත් මේ රටේ කෙතරම් බලසම්පන්න ද යන කරුණ ඔප්පු විය. 

මෛත්‍රීපාල කටයුතු කළ ආකාරය තුළ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී හා අතිශය මෘදු භාවිතාවකි. ඔහුගෙන් ජනතාව මීට වඩා දැඩිකමක් බලාපොරොත්තු වූ හ. 

එහෙත් සිවිල් සමාජ සංවිධාන දැන් කියන දේ තුළ තිබෙන්නේ ඔහු මහින්ද වැනි ම ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීම වැරදි බව ද? 

බෝල්ෂෙවික් පක්ෂය රුසියාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු සාර් පවුල මර්දනය කළ ආකාරය ආදර්ශයක් ලෙස ගන්නා තැනින් අපි වෙනස් විය යුතු නැද්ද?  

අප මහින්ද රාජපක්ෂ හා ඔහුගේ දුෂ්ට ක්‍රමය පරාජය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව මිස ඒකාධිපතිවාදයෙන් නො වේ. 

මෛත්‍රීපාල ශ්‍රීලනිපය තුළ අසාර්ථක වූ බව ඇත්තකි. එහෙත්, එපමණකින් ඔහු පිළිකෙව් කිරීම අපගේ දුර්වලකමකි. 

අප විසින් පත් කරන ලද ජනාධිපතිවරයා රැක ගැනීම අපගේ වගකීමකි. රටට ගැලපෙන නායකයන් නැති සංදර්භයක් තුළ අප කළ යුතුව තිබෙන්නේ නායකයන් ගොඩනගා ගැනීමයි. පුරවැසියන් වන අප දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු ය. 

නායකයන් නිර්මානය වන්නේ පවත්නා සංදර්භයන් තුළයි. ඒ තත්වයන් නිර්මානය වන්නේ රටේ පවතින තත්වය අනුවයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතිගාමියකුට ඡන්දය දෙන්නට ලක්ෂ 58ක ජනතාවක් මේ රටේ සිටි බව අපි අමතක නො කළ යුතු ය. 

දැන් අප කළ යුතුව තිබෙන්නේ මේ ප්‍රතිගාමිත්වය තීරණාත්මක ලෙස පරාජය කිරීම මිස මෛත්‍රීපාලට බැන අඬගැසීම නො වේ. 

කණගාටුවෙන් වුවත් කිව යුතු කාරණාවක් ද තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රශ්නයේදී පුරවැසි බලයට වඩා පරිණත හා දේශපාලනික අන්දමින් ක්‍රියා කරයි.

මෙතැන් සිට ඔහු කළ යුත්තේ කුමක් ද යන්න ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය. 

ඔහු ශ්‍රීලනිප නායකත්වය අතහැර දමා පක්ෂය දූෂිතයන්ට ම භාර දී ස්වාධීන විය යුතු ද? 

නැතිනම් ශ්‍රීලනිප නායකත්වයේ දිගට ම රැඳෙමින් දූෂිතයන් පරාජය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින ව්‍යාපාරය තනිව හෝ ගෙන යා යුතු ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* මහින්දගේ ක්‍රමය නීලා වික්‍රමසිංහගේ වචනවලින් කියනවා නම් ‘මරලා හෝ බලය ගත යුතු' ක්‍රමයකි. */

    නිලා වික්‍රමසිංහ මේ ප්‍රකාශය කරන කිසිදු හඬ පටියක් හෝ වීඩියෝවක් තවමත් මා නම් දැක නැත!
    එවැන්නක් දුටු අයෙක් සිටීද?

    ReplyDelete
    Replies
    1. Pls check 2015 february upload vedios.

      Delete
    2. ආයිත් එල්.ටී.ටී.ඊ බෝම්බ , රනිල්ගෙ ට‍යර් සැයවල් , ජේවීපී ගල්කටස් එක්ක, NGO නඩෙත් එකතුකරගෙන ප්‍රගතිශීලී සමාජයක් හදමුකෝ...................ආ

      Delete
    3. මේ ඇනෝල හිතාගෙන ඉන්නෙ බෝම්බ තියන්නෙ එල්ටීටීඊ එකෙන් විතරයි කියල. ටයර් සෑයවල් ගැහුවෙ රනිල් විතරයි කියල. ගල්කටස් වගේ ආයුධ පාවිච්චි කරන්නෙ ජේවීපී එක විතරයි කියල. එන් ජී ඕ කාරයො ඔක්කොම ප්‍රතිගාමියො කියල, ඇමරිකාවෙන් ආපු උන් කියල.

      Delete
    4. ඒකනේ..... උබ උනත් හිතාගෙනෙ ඉන්නෙ උබගෙ තාත්තා එකෙක් කියලනේ. උබගෙ අම්මගෙන් අහපන්කො ඒකාලේ කීදෙනෙක් දායක උනාද කියල උබට පීතෲ භාවය ලබා දෙන්න

      Delete
    5. එක්සත් ජාතික පාක්ෂිකයනි-මෛත්‍රිව විවේචනය නොකරන්න

      ඔහු කිසිදු පාවාදීමක් කර නැත
      සියල්ල සිදුවන්නේ ආසියාවේ කපටිම දේශපාලඥයාගේ සැලැස්මකට අනුවයි
      පොදු සතුරා මෛත්‍රි නොව රාජපක්ෂ රෙජිමය බව මතක තබා ගන්න.
      වහලුන් බහුතරයක් නතු කරගෙන සිටින රාජපක්ෂ වහල් හිමියාව පරාජය කිරීම ලෙහෙසි පහසු නැත.එම වහලුන් පුරවැසියන් නොවේ.වහල් හිමියා යටතේ දිගින් දිගටම වහලෙකු ලෙස සිටින්නට ඔවුන් කැමතිය.
      එවන් සමාජයක් වෙනස් කිරීමට සුපිරි ගේමක් ගැසිය යුතුමය.
      මහින්දටවත් නොදැනීම මෛත්‍රිපාල නොවැම්බර් 21 පොදු අපේක්ෂකයකු වුනේ එම සුපිරි සැලැස්මේ ප්‍රථිපලයක් ලෙසය.
      එපමණක් නොව පරදන්න බැහැයි කිව්ව මහින්දව ජනවාරි 8 වෙනිදා කරන්නට ගිය හමුදා කුමන්ත්‍රණයක් පවා කිරීමට ඉඩ නොදී රාජපක්ෂලාගේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය හමුවේ අඩු ප්‍රචාරණයකින් ඡන්දයකින් පරද්දවා ගෙදර යැව්වේද එහි ප්‍රථිඵලයක් වශයෙනි.
      එවැනිම සුපිරි සැලැස්මක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී
      මහින්දට නාම යෝජනා දෙනවා යැයි කී විට බොහෝ දෙනා මෛත්‍රිව විවේචනය කරන්නට විය.ඇතැම් වෙබ් අඩවි දැනටත් ඔහු පාවාදුන්නායැයි පවසමින් ගමරාල දූපත්පති වැනි වචන භාවිතා කරන්නට පවා පෙළඹි ඇත.
      ඇතැම් පුද්ගලයින් පවා ඔහුට අසභ්‍ය වචනයෙන් අන්තර්ජාලයේ බැන වදිනු පෙනේ.
      එහෙත් අප පිටුව මුල සිටන්ම ඔහුව වචනයකින් හෝ විවේචනය කළේ නැත‍
      ඔහුගේ මාධ්‍ය අංශ පවා සිදුවන්නේ කුමක්දැයි නොදැන කිසිවක් ප්‍රකාශ නොකර සිටියදී පවා අප ඔහුව විවේචනය කළේ නැත.අප ඔබගෙන් ඉල්ලා සිටියේ ඉවසා මේ වාතාවරණය බලා සිටින ලෙසයි.
      අප පවසන්නේ බොරුවක්ද කියා අගෝස්තු 18 එළිවන විට ඔබට බලා ගත හැකි වනු ඇත.
      මහින්දට නාමයෝජනා දුන් පසු
      දේශපාලනය ගැන එතරම් දැනීමක් නැති
      ටොයියන් මෛත්‍රිව විවේචනය කළේය.
      දේශපාලනය ගැන එතරම් දැනීමක් නැති බයියන් මෛත්‍රිට ස්තූති කළේය.
      එහෙත් ඒ ගැන දැනුවත්භාවයක් ඇති ටොයියන් මේ ගැන සතුටු වූ අතර ඒ ගැන දැනුවත්භාවයක් ඇති බයියන් ඒ ගැන හිත හදා ගත්තේය.

      SHARE කර ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න

      Delete
    6. උබලගෙ හීන ලොකෙ පවු බං...UNP කාරයින් යනු සැබෑ වහලුන්ය. 2010 දී රනිල් උන්ට කිව්වේ පොන්සේකට දීපියවු කියලාය උන් මීක් නොකියා පොන්සේකට දුන්නෝය 2015 දී මෛත්‍රිට දීපියව් කීවේය. උන් මීක් නොකියා මෛත්‍රිට දී මෛත්‍රී ලවා අධෝමුඛයේ ඇරගත්හ. දැන් අලුත්ම සෙල්ලමය මරාට කොකා පෙන්නු එවුන්ට නිදහස් පක්ෂේ මිනිසුන් ඡන්දේ දෙන්නේ නැත එබැවින් උන් ජාම බේරා ගැනීමට UNPයට පනිති. දැන් රනිල් කියන්නේ උන්ටත් දීපියව් කියලාය. අනේ කොන්දක් නැති අමණ හූ ඇන් පී කාරයෝ උන්ටත් උස්සලාම දීමට සැරසී සිටිති. ඔන්න සදාකාලික වහලුන්ගේ ස්වරූපය,
      එහෙත් සිරිලංකා කාරයෝ මෛත්‍රී කුමක් කීවත් මරා හැර එකෙකුටවත් ඡන්දය නොදෙමැයි සපත කලෝය ඒ ඔවුන්ගේ නායකයා මරා බැවිනි. අන්තිමේ මෛත්‍රී පාක්ෂිකයා ඉදිරියේ දණ නැමුවේය.

      සැබෑ වහලුන් කවුද.....? :D

      Delete
  2. මම හඳුනාගත් මෛත්‍රී වසලයෙක් නොවේ.
    ඔහු මහිංද පාක්ෂිකයන්ගෙන් එල්ලවන පීඩනය අප කිසිවකුගේ සහාය නැතිව විඳ දරා ගනිමින් සිටී. රනිල් මෙම අවස්ථාවේ මෛත්‍රීගේ පැත්ත ගෙන තම උදාර ගුණය පෙන්වමින් සිටී. බොර දියේ මාලු බාන බයියන්ගේ සූක්ෂම උගුලට හසුවී, මෛත්‍රී ට දොස් කීමට පෙර මම මහිංදව සිහි කරමි. එවිට මෛත්‍රී කොතරම් හොඳදැයි මාහට සිතේ. අන්ත දූෂිත මහිංද පිළිගත් 58 ලක්ෂයක් සිටින රටේ මෛත්‍රීව හඳුනාගත් කිහිප දෙනා සමග මමද රනිල් සමග එක්වෙමි. මෛත්‍රීට එරෙහි වීමට මම හැකි තරම් පසුබට වෙමි. මේ අපහසු අවස්ථාවේ ඔහු වෙනුවෙන් හැකි පමණ පෙනී සිටිමි. ඔහුව තනි නොකරමි. ඔහුට සුබ පතමි. මහිංද දුර්ජනයාට සාප කරමි.

    ReplyDelete
  3. මේ අපහසු අවස්ථාවේ ඔහු වෙනුවෙන් හැකි පමණ පෙනී සිටිමි. ඔහුව තනි නොකරමි. ඔහුට සුබ පතමි. මහිංද දුර්ජනයාට සාප කරමි.....
    Amen!

    ReplyDelete
  4. 'කණගාටුවෙන් වුවත් කිව යුතු කාරණාවක් ද තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රශ්නයේදී පුරවැසි බලයට වඩා පරිණත හා දේශපාලනික අන්දමින් ක්‍රියා කරයි.'

    එක්සත් ජාතික පක්ෂය වඩා පරිණත හා දේශපාලනික අන්දමින් ක්‍රියා කිරීම ගැන කණගාටු වෙන්නේ ඇයි? එය සතුටු විය හැකි කාරණයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. කණගාටු වන්නේ පුරවැසි බලය ගැනයි

      Delete
    2. ඇයි උබට ගනන් පියවන්නෙ නැතුව පුරවැසි බලය උන් තනියෙම රෝ සල්ලි යටි මඩි ගහගත්තද ?

      Delete
    3. පැරා ලියපු දේ මාත් ඔය විදිහට තේරුම් ගත්තා. ඒත් වාක්‍යය ලියවිලා තියන විදිහ පැහැදිළි මදි. ඇනෝගෙ ගැටළුව සාධාරණයි.

      Delete
  5. සේනක ඉඳුවරJuly 11, 2015 at 8:51 PM

    පල පල ඩෝ යන්න... අවුරුදු 49ක් තෙම්පරාදු වෙච්ච එකා බබා ද?

    දැන් ඉතින් මෛත්‍රීට තමන්ගේ තුනත් නෑම තමා...

    මට නම් ඕකා ( ජුදාස් වැඩිකිරීම ලක්ෂ හැට දෙක ) සදහටම අරහං ...නොදෝමකින්....

    ReplyDelete
    Replies
    1. ජුදාස් කියන්නෙ සාන්තුවරයකුට එරෙහි වුන එකා.
      හොර තක්කඩියකුට එරෙහි වුනාමත් ජුදාස් වෙනවද?

      Delete
    2. සේනක ඉඳුවරJuly 12, 2015 at 3:23 AM

      ජුදාස් කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් තුමාව පාවලා දුන්නු වසලයා ...

      කෙතරම් උතුම් වූවත් ඒ එක අයෙකු පමණයි...

      මෛත්‍රී පාවාදුන්නේ හැටදෙලක්ෂදාහත්දහසක ජනතාවකගේ ජීවිතයි.....

      කතා ඇති... දැන් ඉතින් කැමති තැනකින් කැමති තැනකට පලයන් සිරිසේන අ අ අ අ අ . ...

      අපි එනවා ටටා බායි කියන්න සිරිසේන අ අ අ අ අ.....

      මෙහෙම කිව්වේ අපි නෙමේ ... රජ ගෙදර රිළවා ...

      එහෙම කියපු එකාටත් නාම යෝජනා දීලා..

      උඹ රෙදි අඳින්නේ මොකටද සිරිසේන අ අ අ අ .... මේක නම් අහන්නේ මම .. සේනක ඉඳුවර.

      Delete
  6. තමන්ගේ දරුවන්වයි මිනිහවයි දලා හොර මිනිහත් එක්ක එන ගෑනි, ආයේ කලින් මිනිහා ගාවටම හෝ, වෙන මිනිහෙක් එක්ක හෝ යන්න පුළුවන් කියලා ඒ හොර මිනිහට උකුණු හිසක් තරම් මොලයක් තියනව නම් තේරෙන්න ඕනා..

    මම මේ කල්පනා කරන්නේ ඒක නේමේ;

    ඡන්දයක් කටේ තියාගෙන, ප්‍රසිද්ධ වේදිකාවේදී බඩු මිල වෙන්දේසි කිරීම වැටෙන්නේ යහපලනයේ කොයි පරිච්ඡේදයේ, කොයි වගන්තිය යටතටද කියලා... හෙහ්..

    සෙන්නා

    ReplyDelete
    Replies
    1. සිරා කතාව

      Delete
    2. agosthu 18 ude UNP anduwa piliganimata sudanam wenna

      Delete
  7. මහිංදගේ අසමජ්ජාති පාලනය විඳදරා ගනිමින් නිවටයින් වී වසර දහයක් නිදිවැදී සිටි ජනතාව හීනෙන් අවදි වී මෛත්‍රීට බැන වැදීමෙන් වීරයන් වේද ?

    ReplyDelete
  8. මේ බලන්න. 58 සහ 62 අතර වෙනස 4යි. ඒ ගණන 58 හෝ 62 එක්ක සන්සන්දනය කරද්දි ඉතා කුඩා සංඛ්‍යාවක්. ඒ නිසා, ලංකාවෙ යහපාලනයක් ඇති කිරීම ලේසි නෑ. ඒක කල් ගතවෙන වැඩක්. ප්‍රමාදය මඩගහන අයට ලොකු වාසියක් බව ඇත්ත. ඒත් කරන්න දෙයක් නෑ. අනිත් එක, හැම දෙයක්ම සරළ විදිහට හිතල මෝඩ තීරණවලට එළඹෙන එක භයානකයි.
    උදාහරණයක් බලන්න.
    ඡන්දය කිට්ටු වෙනකොට ගෑස් මිල අඩු කිරීම නරක වැඩක්. (ටකරන් බෙදපු ඒව අමතකයි දැන් අපට)
    ඡන්දෙට තව මාසයක්ම තියෙද්දි ගෑස් මිල අඩු නොකර හිටියනම් සෑහෙන ලාබයක් එනවා. ඒක එතකොට හොඳ වැඩක්ද?

    ReplyDelete
  9. අවුරුදු 49 ක දේශපාලන අත්දැකීම් තියෙන මිනිහෙක් මෝඩ තීන්දුවක් ගනියි කියලා හිතන්න අමාරුයි...මයි3 ගත්ත තීරණේ...ගහපු ගැටේ හරියටම වැටහෙන්න ඡන්දය පහුවෙනකං ඉන්න වෙයි. මට හිතෙන විදියට යූ ඇන් පී රජයක් එක්ක මයි3 වැඩ කරාවි. මයි 3 ට සහාය දෙන්න මුලින්ම එකතු වෙච්ච අයත් දැන් ඉන්නෙ අලියා එක්ක නිසා...මයි 3 එතැන් සිට සතුටින් රට පාලනය කරාවි...බයියෝ හැලිලම යාවි...

    ReplyDelete
  10. අනිවාර්යෙන්unp දිනනවා. මහින්ද නිකම්ම නිකං විරුද්ධපක්ෂ මන්ත්‍රී කෙනෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ යකා පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකත්වයට නම් පත් වෙයි.

      Delete
    2. UNP එක දිනනවා බුදු ෂුවර්

      මහින්දයා මන්ත්‍රී කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවට එන එක හොඳයි එතකොට උගේ මූණටම හමන්නන්න පුළුවන්

      Delete
  11. මේ තරම් පහත් නීච පාලකයෙක් ඉතිහාසයේවත් ඉන්න නැතිව ඇති.. මහින්ද ඊට වඩා දහස් ගුණයක් හොඳයි...

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී නීච යි කියනවාට වඩා දීන යි කියන එක සුදුසු යි කියලා යි මට හිතෙන්නේ.

      Delete
    2. මාතලන්, මේ ලින්ක් එකෙන් ගිහින් ඒ කෙටි ලිපිය කියවන්න. එතකොට ඔයාට තේරේවි සිදු වුණේ මොකක්ද කියලා:

      රනිල් සහ මෛත්‍රී ගැසූ මාස්ටර් ප්ලෑන් එක

      Delete
    3. මෝඩ කථා කියන්න එපා බන්... මෛත්‍රී මිනී මැරුවද? කෝටි ගනන් හොරකම් කලාද? රට චීනෙට ණය කලාද?
      ඔහෙට මරා ලොක්කෙක් වුනාට ඌ මිනීමරුවෙක් බන් අපිටනම්.. අඩුම තරමෙ මේ මිනිහ මිනීමරල නෑ..

      Delete
    4. උබලගෙ හීන ලොකෙ පවු බං...UNP කාරයින් යනු සැබෑ වහලුන්ය. 2010 දී රනිල් උන්ට කිව්වේ පොන්සේකට දීපියවු කියලාය උන් මීක් නොකියා පොන්සේකට දුන්නෝය 2015 දී මෛත්‍රිට දීපියව් කීවේය. උන් මීක් නොකියා මෛත්‍රිට දී මෛත්‍රී ලවා අධෝමුඛයේ ඇරගත්හ. දැන් අලුත්ම සෙල්ලමය මරාට කොකා පෙන්නු එවුන්ට නිදහස් පක්ෂේ මිනිසුන් ඡන්දේ දෙන්නේ නැත එබැවින් උන් ජාම බේරා ගැනීමට UNPයට පනිති. දැන් රනිල් කියන්නේ උන්ටත් දීපියව් කියලාය. අනේ කොන්දක් නැති අමණ හූ ඇන් පී කාරයෝ උන්ටත් උස්සලාම දීමට සැරසී සිටිති. ඔන්න සදාකාලික වහලුන්ගේ ස්වරූපය,
      එහෙත් සිරිලංකා කාරයෝ මෛත්‍රී කුමක් කීවත් මරා හැර එකෙකුටවත් ඡන්දය නොදෙමැයි සපත කලෝය ඒ ඔවුන්ගේ නායකයා මරා බැවිනි. අන්තිමේ මෛත්‍රී පාක්ෂිකයා ඉදිරියේ දණ නැමුවේය.

      සැබෑ වහලුන් කවුද.....? :D

      Delete
  12. මාතලන් කියන්නේ ඉතින් කලින් මහින්දට කඩේ ගිහින් කටු සුප්පු කරපු කෙනෙක් නේ. කටු වැටෙනවා අඩු වුනාම රනිල්ට කඩේ ගිහින් බැලුවා පහුගිය ටිකේම, කට්ටක් සුප්පු කරගන්න ලැබේවිද කියල. දැන් නොලැබුන නිසා ආයේ මහින්දට. තමුසෙත් හරියට සරත් සිල්වා වගේමයි අයිසේ මාතලන්. පාර්ලිමේන්තුවටත් ඔය සන්තැසිය වෙලා තියෙන්නේ දේශපාලන ඉතිහාසය නොදන්නා අය රිංග ගතිපු නිසා නේ. ඉතින් මාතලන් වගේ දේශපාලනේ ගැන මළපොතේ අකුරක් නොදන්නා අය දේශපාලනේ විග්‍රහ කරන්න ගියාම ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මාතලන් අනෙක ඉතින් ඔයාට ඉංගිරිසි පොඩ්ඩක් පුළුවන් නිසා සුද්දෝ එහෙ මෙහෙ දක්කලා ගානක් කපා ගන්නවා ඇරෙන්න එහෙමට කියල උගත් කමක් හෝ දැනුමක් ඇති කෙනෙකුත් නෙවෙයි නේ. දේශපාලනේ විග්‍රහ කරලා මහින්ද හොදයි කියනවට වැඩිය දෙයක් නුගත් නාකි ටුවර් ගයිඩ් කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද ? තමුන්ගේ තරම නොදන්නා ලොරි ටෝක් දෙන මාතලන් වගේ තමුන් ගැන ලොකුවෙන් හිතාගෙන ඉන්න නාකි ලොක්කල දැක්කම තනි නෙතගට කදුලක් නැගෙනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමට මාතලන් ටුවර් ගයිඩ් කෙනෙක් නෙවෙයි, ඉන්ෂුවරන්ස් කාරයෙක්.

      Delete
    2. දැනට මාස කීපෙකට කලින් ඔය බහුබූත මැන්ටලේ සුද්දෝ පස්සේ ගිය බව ෂුවර්. හීනෙන් බය වුනාම ඔය යකාගේ මතවාද වෙනස් වෙන විදියටම රස්සාවත් වෙනස් වෙනවා ඇති එහෙනම්. නුගත් නාකි ලොක්කෝ නේ ඉතින්. දන්නේ නැද්ද ? හරියට කොපි කඩේ සුගතං වගේ. එවෙලේට අහුවෙන රස්සාව කරනවා.

      Delete
  13. කිරිබණ්ඩා සේනාරත්නJuly 13, 2015 at 10:37 AM

    එජපය ප්‍රමුඛ යහපාලකයන් මෛත්‍රී අතනොහරින්නේ දිගු කාලීන නොව කෙටි කාලීන ප්‍රතිලාභ සඳහාය - රාජ්‍ය බලය තබාගෙන වැඩිම ප්‍රේක්ෂක පිරිසක් ආවරණය කළ හැකි රාජ්‍ය මාධ්‍ය පාලනය කිරීම, රාජ්‍ය සම්පත් යොදා ගැනීමේ හැකියාව ආදිය මේ නිසා මෛත්‍රීට නොබැනීම නිසා යහපාලකයන්ට හිමිව තිබේ ( ඊනිවුස් එක නම් උජාරුවෙන් කියන්නේ මෛත්‍රී ට නොබනින්නේ රනිල්ලාගේ “මහත්මා“ දේශපාලනය නිසා බවයි - ඒ කතාවලට නම් හිනායන්නේ පශ්චාත් භාගයෙනි) 
    තවද රනිල් තවමත් අගමැති ලෙස ඔහුගේ අගසව්වන් ඇමතිවරු ලෙස වඩාත් ප්‍රෙයා්ජනවත් ස්ථාවරයක සිට මැතිවරණය මෙහෙයවීමට ලැබෙන්නේ මෛත්‍රී හොඳින් තබා ගෙන සිටින තාක්ය - ඉතාම අස්ථාවර බිඳෙනසුළු චරිතයක් වන මෛත්‍රී ; රනිල් පාර්ශ්වයේ සෘජු විවේචනය කිරීම් කෙසේ බාර ගනියිදැයි බියක් රනිල් තුළ ඇති බව පෙනේ -හරීන් ප්‍රනාන්දු ට පවා මෛත්‍රීගෙන් සමාව ගන්න යැයි කියන්නේත් ඒ කතාවට මාධ්‍ය ලාව්වා ලොකු ප්‍රචාරයක් දෙන්නේත් මේ සන්දර්භය යටතේ
    ඒ නිසා මෛත්‍රීව හොඳින් තබා ගැනීම ඔය මහා පුරුෂාර්ථ මත නොව කෙටිකාලීන දේශපාලනික යථාර්තය මත රඳා පවතින්නක්

    ReplyDelete
  14. If MR becomes an MP, he will be elected as the the leader of the SLFP & UPFA Parliamentarians, Then, it is a matter of the Central Committee deciding to appoint him as the President of S.L.F.P. MS can not challenge it, as he was not elected as President of S.L., as a candidate of S.L.F.P. / UPFA. Then, he will be the leader of UPFA, by defualt. If the UPFA gets the second highest no. of Seats, he will be the Leader of the Opposition, too.(which may be unlikely if JVP & TULF joins together & put forward their candidate). If MR does not be the Leader of Opposition, he will be the Leader of UPFA.

    If MS holds on to the post of President of SLFP / UPFA, he will be thrown - out of SLFP, with humiliation. SLFPERS too will rejoice saying, this is the sweet revenge for betraying their Party.

    People who voted for MS will say that, it is dittadamma vedaneeya karma for MS, for destroying the only hope the people created by themselves, with many sacrifices.

    MS forgot that, what is popular is not always right & to stand for what is right at any cost, which people did.

    If MR used his absolute power for worst, people would have never gone against a man who used some of those absolute power for good of the Nation.

    If he is a matured politician & a leader, with some brains & back born to stand against MR & his catches, as soon as he was appointed as the President of SLFP, he should have asked the officials & Members of the Central Committee to resign. Then, he should have appointed Members who are favorable to him, specially for the Post Of Secretary. Then, dissolve the UPFA & form a new UPFA with a Secretary favorable to him. This would have given him the control of SLFP & UPFA. What a weak man to be the President of a Country.

    How can this MS eradicate Drugs, which is an international Mafia, with such weakness, when MS could not even face the MR & Mafia. It is just a propaganda to cover-up his defeat in the hands of MR & Mafia.

    The result will be creating RW Mafia & MS will be just a spectator.

    We, the poor & average People of S.L., will be the sufferers for ever. The worst is that no youth, who voted for MS will ever believe in the power of the ballot to change for good, for ever. What a betrayal ?

    ReplyDelete
  15. If MR becomes an MP (he will), he will be elected as the leader of the SLFP & UPFA Parliamentarians, Then, it is a matter of the SLFP Central Committee deciding to appoint him as the President of S.L.F.P. MS can not challenge it, as he was not elected as President of S.L., as a candidate of S.L.F.P. / UPFA. Then, MR will be the leader of UPFA, by defualt. If the UPFA gets the second highest no. of Seats, he will be the Leader of the Opposition, too.(which may be unlikely if JVP & TULF joins together & put forward their candidate). Even if MR does not be the Leader of the Opposition, he will be the Leader of UPFA.

    If MS holds on to the post of President of SLFP / UPFA, he will be thrown - out of SLFP, with humiliation. SLFPERS too will rejoice saying, this is the sweet revenge for betraying their Party at the Presidential Election.

    People who voted for MS will say that, it is dittadamma vedaneeya karma for MS, for destroying the only hope the people, specially the Youth of the Nation, created by themselves, with many sacrifices.

    MS forgot that, what is popular is not always right & to stand for what is right at any cost, which people did. He failed to think as the President of the Country, for which he should never be excused.

    If MR used his absolute power for worst, people would have never gone against a man who used some of those absolute power for good of the Nation.

    If he is a matured politician & a leader, with some brains & back born to stand against MR & his Mafia, as soon as he was appointed as the President of SLFP, he should have asked the officials & Members of the Central Committee to resign. Then, he should have appointed Members who are favorable to him, specially for the Post Of Secretary. Then, dissolve the UPFA & form a new UPFA with a Secretary favorable to him. This would have given him the control of SLFP & UPFA. What a weak man to be the President of a Country.

    How can this MS eradicate Drugs, which is an international Mafia, with such weakness, when MS could not even face the MR & Mafia, with the right strategy. It is just a propaganda to cover-up his defeat in the hands of MR & Mafia.

    The result will be creating RW Mafia & MS will be just a spectator.

    We, the poor & average People of S.L., will be the sufferers for ever. The youth of this Country will never believe that, the Ballet could bring them change.

    What a betrayal !!!!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා