මහින්දගේ මැදමුලන ප්‍රකාශයේ අරුත

අප්පච්චි දොක්කගෙන යන්න යන මාර පුත්තු
අද මැදමුලනේදී මහින්ද පැවැත්වූ සූදානමකින් තොර, අවුල් සහගත, විශ්වාසයකින් තොර ප්‍රකාශයේ සාමාන්‍ය හරය ගතහොත්, ඔහු කියන්නේ ඔහු ඉදිරි මහමැතිවරණයට තරග කරන බවයි. ඔහු අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන බවක් හෝ, කුමන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ ද යන්න හෝ එහි කියැවුණේ නැත. එසේම, එය උද්‍යෝගයකින් යුක්තව, විශ්වාසයෙන් කළ ප්‍රකාශයක් ද නො වේ. පෙනෙන අන්දමට නම්, පැමිණි පිරිස හමුවේ ඇපෙන් ගැලවෙන්නට කළ ප්‍රකාශයකි. කඩිමුඩියේ පවත්වා හිටිහැටියේ අවසන් කළ මේ කතාවේ කිසිදු අලුත් දෙයක් නැත. මහින්ද ඡන්දෙට එන බව කියන්නට ඔච්චර තෙපර බාන්නට දෙයක් නැත. කන්දක් විළි ලා මහින්ද වැදූ මී පැටවෙක්වත් අපට නම් නො පෙනේ. 

මහින්දට කෙළින් කතා කරන්නට බැරි ඇයි? තමන් ඡන්දයට ඉදිරිපත් වන බව ද, ඉදිරිපත් වන්නේ අහවල් දිස්ත්‍රික්කයෙන් බව ද, තමන් අගමැති අපේක්ෂකයා බව ද, තරග කරන්නේ කුමන් පක්ෂයෙන් ද යන වග ද කෙළින් කියා ගන්නට බැරිව, ඔහෙන් වරෝ නො කියා වහෙන් ඔරෝ කියන්නේ ඇයි?

ඔහු තබන්නට යන පියවර අතිශය මතභේදාත්මක එකක් බව හා එයින් ඔහු හා ඔහුගේ පවුලේ අය තවත් අමාරුවේ වැටෙන්නට ඉඩ ඇති බවත් ඔහු දනියි. එසේ ම, ඔහු පසුපස යන පිරිස එන්නේ ඔහුට ආදරයට නො වන බව ද, ඔවුන් ආදරය කරන්නේ ඔහුගේ ඡන්ද පදනමට බව ද ඔහු දනියි. අනෙක් පැත්තෙන්, එම පිරිස කුමන අන්දමේ පිරිසක් ද යන්න ද ඔහු හොඳින් දනියි. 

මහින්දට ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලැබුණත්, ඔහුට අගමැති අපේක්ෂකකමක් නම් ලැබෙන්නේ නැත. 

මහින්දට යළි බලවත් වීමට ඉඩකඩ විවර කර දුන්නොත් මෛත්‍රීපාලට ඉතා පැහැදිලිව ම අල්ලපු අත්තත්, පය ගහපු අත්තත් දෙකම නැති වේ. ඔහු බලයට ගෙන ආවේ මහින්ද ක්‍රමය වෙනස් කරන්නට මිස එය නගා සිටුවන්නට නො වේ. ඔහු එසේ ක්‍රියා කරනවා නම්, එය අතිශය බරපතල වරදකි. ඔහු ඔසවා තැබූ බලවේගය ඔහුට අහිමි වනු ඇත. රාජපක්ෂ බලවේගය යනු ඔහු පැරදවූ බලවේගයයි. ඔහුට රාජපක්ෂ බලවේගයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. අවසානයේදී වතුර බෝතලයක සරණ පමණක් හිමි වනු ඇත. 

මහජන සහයෝගය නො මැතිව ජනාධිපතිවරයකුට පැවතිය නො හැකි ය. එහෙයින් ජනාධිපති මෛත්‍රීපාල රාජපක්ෂ වෙනුවෙන් සිය සහයෝගී බලවේගය අහිමි කර ගන්නේ නැත. 

මහින්ද රාජපක්ෂට ඇති තරම් නටන්නට පුළුවන. එහෙත්, ඔහුට ශ්‍රීලනිපය කඩාගෙන යන්නට සිදු වනු ඇත. 

ඔහුට පමණක් නොව දූෂිත පිරිවරට ද ශ්‍රීලනිපයෙන් නාමයෝජනා නො දීමට ජනාධිපතිවරයා වග බලා ගත යුතු ය. 

වර්තමාන මොහොත යනු අන් කිසිවක් නොව මහින්දටත්, ඔහුගේ නඩයටත් පක්ෂය සියතින් ම කඩාගන්නට හා එහි වගකීම භාර ගන්නට දී තිබෙන අවස්ථාවකි. 

මහින්ද මේ මෙහොතේ කරමින් සිටින්නේ ශ්‍රීලනිපයේ කුණු කන්දල් ටික රැගෙන ඉවත් වීමේ අත්‍යවශ්‍ය පවිත්‍රක භූමිකාවකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය කියන වතුර බෝතලය ගැන පැරා ගේ දැන් ලියවෙන හැම ලිපියකම සඳහන් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. අයිසේ රසික, බල්ලෙකුට කටුවක් ලැබුනම එහෙම තමයි. කට්ට හපලා හක්ක තුවාලවෙලා එන ලේ රහට තවත් රස කරකර හපනවා.

      Delete
  2. මහින්ද යනු බෙහෙත් දි සුවකර ගත හෑකි රෝගයක්නොව කපා ඉවත් කල යුතු පිලිලයකි

    ReplyDelete
  3. එ.ජා.ප. ජය නියතයි. මේක මහින්ද රනිල්ට කරන උදව්වක් වගේ මට නම් පෙනෙන්නේ

    ReplyDelete
  4. ඓතිහාසික ප්‍රකාශයක්ලු, විශේෂ ප්‍රකාශයක්ලු, අනේ මන්ද කෙලියෙම බොරු? ජාතියේ චේතිය රජු.

    ReplyDelete
  5. ඓතිහාසික ප්‍රකාශයක්ලු, විශේෂ ප්‍රකාශයක්ලු, අනේ මන්ද කෙලියෙම බොරු? ජාතියේ චේතිය රජු.

    ReplyDelete
  6. මහින්ද “වර්ණපාල තියරිය“ දානව වගේ නේද?

    ReplyDelete
  7. මෙක ලියන එකා හොටු පෙරාගෙන දගලන්නෙ මොකද මහින්ද කුණු කූඩෙට වැටෙනව නං

    ReplyDelete
  8. Baya wela wage tikak

    ReplyDelete
  9. මට පේන එක දෙයක් තියෙනවා. මහින්ද එයිද? ආවොත් දිනයිද කියන්න මම දන්නේ නැහැ. ඒත් මහින්ද එනවා කියලා හොදටම දැනෙන කොට පැරාටත් නිකං හීන් දාඩිය දාලා වගේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මහින්ද එනවා නම් ටිකක් බය වෙන්න ඕන තමයි, වෙනමුකුත් නිසා නෙවෙයි විලි ලජ්ජා නැති හොර තක්කඩියෙක් ආයෙත්, රටේ පාලනයට කිට්ටුවෙන නිසා, චන්ද දායකයොත් මේ වෙලාවේ, වග බලාගන්න වෙනවා කොයි පක්ෂෙන් ආවත් රවිල, විමලෙල, වගේ උන්ව ගෙදර දක්කන්න

      Delete
    2. පැරා විතරක් නෙමෙයි මහින්ද එනවා කිව්වොත් සාමකාමී, ගුණගරුක, හොරු-තක්කඩි-දූෂිතයින් නොවන් ඕනෑම කෙනෙකුට හදවතේ යම් ගැස්මක් ඇතිවෙනව. අංගුළිමාල එනවටද, බුදුරදුන් වඩිනවටද සැදැහැවතුන් බියවන්නෙ?

      Delete
  10. මරාට කෙලවෙනවා. කුජීත වෙනවා. බුදු ෂුවර්.

    ReplyDelete
  11. පින්වතුනි අප සැමට අනගි අවස්ථාවක් උදාවී ඇත. එනම් එක් වරක් පීචං වී කුජීත වූ ජාතිවාදීන්ගේ හා හොරුන්ගේ අසහාය නායක පී. ඇම්. රාජපක්ෂ (මරා) මහතාගේ අවසන් ජවනිකාව සජීවීව දැක බලා ගැනීමේ භාග්‍යයයි. කරුණාකර මෙයට අකුල් හෙලීමෙන් වළකින්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා