ජනවරමට ගරු කරනු..! රාජපක්ෂලාට ඉඩ නොදෙමු..!! හංස බලවේගයේ බහුජන සංවිධාන සියල්ල 3 දා පාරට බසී

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලි ලත් ශ්‍රී ලංකාව මැදමූලන තක්කඩි පවුලක ඇටයක් යයි සිතා එහි සම්පත් හොරකම් කරමින්, එහි අසරණ ජනතාව මරා දමමින්, සුදු වෑන් වලින් අතුරුදහන් කරමින්, එහි මාධ්‍ය ආයතන ගිනි තබමින් වසර 9 ක් පුරා රට යටත් කරගෙන සිටි රාජපක්ෂ පවුලට නාම යෝජනා දී යලි රට වැනසීමට ඉඩක් නොදෙන ලෙසත් , ජනවාරි 8 දා ජනතාවට දුන් පොරොන්දු අකුරට ඉටු කරන ලෙසත් බලකරමින් හංසයා දිනවීමට පෙරට ආ ජනතා බලවේග ලබන 3 වෙනි සිකුරාදා පාරට බැසීමට නියමිතය.

ජනවරමට ගරු කරනු..! රාජපක්ෂලාට ඉඩ නොදෙමු..!! යන සටන් පාඨය පෙරටු කර ගත් හංස බලවේගය නියෝජනය කළ සිවිල් පුරවැසි සංවිධාන, වෘත්තීය සංවිධාන, කලා සංවිධාන ඇතුළු බහුජන සංවිධාන එකමුතුව ජුලි 3 වන සිකුරාදා සවස 3 ට කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂනයක් පවත්වනු ලබන අතර ඒ සඳහා සහභාගී වන්නැයි හංස බලවේගයේ සියළු සහෘදයන්ට ආරාධනා කර සිටී..!
සටන් කිරීමෙන් තොරව දිනා ගත් කිසිදු අයිතිවාසිකමක් ලොව නැත..!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. උඹලා ඔය බහිනවා කියන පාර හැදුවේද මහින්ද මහත්තයා ය.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ පාරට බහින්න පාර හැදුවෙත් පොරම තමයි..

      Delete
    2. මැදමූලන මොන ඉඩම විකුනල ගත්ත සල්ලි වලින්ද බන් මහින්දය ඔය පාර හදල තියෙන්නේ?

      Delete
    3. NGO කැලී බයවෙලා එම්බසි බලින් හම්බවෙන සල්ලි නැතුව යයි කියල

      Delete
    4. You mean Sililiya and Pushpa Rajapaksha NGO?

      Delete
  2. සිරිකොතට කථා කරලා පොයියෝ ටිකක් හොයා ගන්න නැත්නම් උද්ඝෝෂනට අවා වගේම යන්න වෙන්නෙත් ත්‍රි විල් වලින් තමයි.

    එක නෙමෙයි අපි යන්නේ කොයි පාරේ........ මහින්දයා හැදු පාරේ ....කියන එකත් සටන් පාඨයත් මතක් කරලා කියන්න හොදේ.

    ආ ....තවදෙයක් උද්ඝෝෂනය ඉවෙරවෙලා බාර් එකකට යන්න NGO නඩේ ස්පොන්සර් කලොත් කල්‍යා, නිර්මාල් එහෙමත් මතක් කළා කියන්න හොදේ.

    පාලි.
    කකුල් දෙකෙන් ගෙදර යන්න පුඋලුවන් ගානට අනුමත වෙන්න.

    ReplyDelete
  3. Hansa balavegaya or Dollar balavegaya? Dollar kaputu kela Dineva!!!

    ReplyDelete
  4. ජනපති මහින්ද, අගමැති සිරිසේන කථා වස්තුව.. http://maathalan.blogspot.com.au/2015/07/story-behind-president-mr-pm-siraa.html

    ReplyDelete
  5. පැරා,

    මට පෙනෙන ලෙසට මහින්දත් රනිලුත්, අවංක දෙසපලනයයන් ලෙස පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණත්
    හෙළ උරුමයත් ඇතුළු සකලවිද පක්ෂවල සහ පුද්ගලයන්ගේ මුලික අරමුන සොරකම් කිරීමයි.

    මිට හොදම නිදසුන කුමක්ද ?

    19 වැනි සන්සොදනය පාර්ලිමේන්තුවට ගෙන ආවේ ජනතාව රැවටීමටයි, මිට මහින්ද පිල චන්දය නොදුන්නානම් ඔවුන් ජනතාව
    අතර කොන් වනු ඇති. එක්සත් ජාතික පක්ෂය මෙය පාර්ලිමේන්තුවට නොගෙන ආවනම් ජනතාව අතර එක්සත් ජාතික පක්ෂය කොන් වනු ඇති,
    මිට විසදුම කුමක්ද ? 19 පනත සම්මත කිරීමට පක්ෂදෙකම හ්වුල්වුනමුත් කොමිසම් පත් නොකිරීම මගින් සුදු අලියෙක් නිර්මාණය කිරීමයි.

    අපුරුදෙය සිදුවුයේ 20 සන්සොදනයෙන්, මෙය සම්මත නොකිරීමට සියලු පක්ෂ කැමති උනත්, මෙයට විරුද්ද වී තමාගේ ජනපදනම අහෝසි කරගැනීමට
    සියලු පක්ෂ අකමැති බැවින් සිදුවුයේ මෙරටේ මෝඩ ජනයා මවිතවන දෙයක්.

    රනිල් 20 සංසෝදනය පාර්ලිමේන්තුවට චන්ද විමසීමට ගෙනාව නම් විපක්ෂයට සිදුවන්නේ මිට චන්දය දීමටයි එය සිදුඋවනම් ඉදිරියේ රජය එක්සත් ජාතික
    පක්ෂයට ලැබුනත් සොරකම් කිරීමට නොලැබීමෙන් මන්ත්‍රී කෙනෙකු වීමට කිසි වටිනා කමක් නොමැති වනු ඇති.

    සියලුම දේසපාලන පක්ෂ ඉතා නිර්මාණශීලි ලෙස සිදුකලේ නැවත වරක් ජනතාව රැවටීමයි.

    මහජනයා ලෙස අප කලයුත්තේ කුමක් ද ?

    සියලු පක්ෂවල දුෂණ අවම අපේක්ෂකයන් සිටින්නේ කොහිදැයි බලා සහ එම පිරිස ආර්ථිකය හැසිරවීමට හැකිදැයි නිගමනය කර, බුද්ධිමත් ලෙස
    චන්දය පාවිච්චි කිරීමයි !!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා