ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරකි

ශ්‍රීලනිපය මහින්දගෙන් නිදහස් කර ගැනීම රට සොරුන්ගෙන් ගලවා ගැනීමේ අරගලයේ ම එක් අදියරක් බව අපි නැවතත් අවධාරණය කරමු. 

මේ වන විට රාජපක්ෂවාදී සොරු දත මැදගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඡන්දෙ ඉල්ලා පසුගිය කාලයේ සොරකම් කර මුදල් යොදවා ඡන්ද කර දිනා ගන්නට ය. 

මේ සිහිනය සැබෑ කිරීමට ඉඩ නො දිය යුතු ය. මහජනතාව ලෙස අපි නැවතත් මේ සොරුන්ට බලයට පත් වන්නට තිබෙන සියලු මාර්ග අවහිර කළ යුතු ය. 

අපි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කළේ මේ සොරුන්ට අනුග්‍රහ දක්වන්නට නො වේ. සොරුන් දේශපාලනයෙන් අතු ගා දමන්නට ය. 

ඔවුන්ට නාම යෝජනා දී ඔවුන් පරද්දන්නැයි අපෙන් ඉල්ලන්නට එපා. 

මේ චෞර කැලත මහින්දට ම භාර දෙන්න. 

ශ්‍රීලනිපයෙන් අලුත්, දක්ෂ පිරිසකට අවස්ථාව දෙන්න. 

අපි පාර්ලිමේන්තුව පිරිසිදු කරමු. 

(මෙම පෝස්ටර් ෆේස්බුක් මගින් බෙදා හරින ලද ඒවා ය. ඒවායේ නිර්මානකරුවන්ට ස්තුතියි.) 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පාර්ලිමේන්තුව හොරුන්ගෙන් ගලවා ගන්න නම් රනිල් වික්‍රමසිංහ අගමැති කරන්න...

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකුට නොවැටහෙන යථාර්තයත් ඒකමයි!

      Delete
  2. You mean Arjuna and his aide Ranil, Ravi etc? Can you remember how SATHOSA was eaten up by most great and respected honest Ravi? Only those who ended war are thieves? Why parliament was dissolved so suddenly? Don't you think that it was due to Cope report? No, you don't see it since blindness!

    ReplyDelete
    Replies
    1. Your speculations are the ones that are being blinded due to ignorance and bias! The parliament was dissovled as the mandate given to it by the majority of the Sri Lankan voters expired long ago, but for an improper, hastily fabricated and ill-motivated COPE report which was even being rejected by the Hon. Speaker of the parliament to entertain. Wake up Ano!

      Delete
  3. දැනුවත්ව හෝ නොදැනුවත්ව හොඳ වචනයක් ලියලා තියනවා එක සහ දෙක යන පෝස්ටර් වල. දේශපාලඥයින් කියන වචනය. ව්‍යාකරණ වශයෙන් බලනවානම් දේශපාලඥයින් නොව දේශපාලඥයන් විය යුතුයි. අර්ථය වශයෙන් බලනවානම් දේශපාල + අඥයා = දේශපාලන මෝඩයා. නිවැරදි වචනය දේශපාලන + අඥයා = දේශපාලනඥයා = දේශය පාලනය කරවන බුද්ධිමතා.

    ReplyDelete
  4. මහින්දව පාර්ලිමේන්තු යවනව කියන්නෙ,ලංකාවටම කෙලවෙන වැඩක්.ඕක තේරුම් ගන්න බැරි හරක් තවම ඉන්නව.

    ReplyDelete
  5. ජනතාව යනු බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසමින් යන බටහිර දේශපාලන විද්‍යාවේ ඇති වියුක්ත සංකල්පයකි.
    එය බටහිර භෞතික විද්‍යාවේ ඇති ක්‍ෂේත්‍රය නැමති සංකල්පය බටහිර දේශපාලන විද්‍යාවට ආදේශ කිරෙීමක් විය හැක.
    එබැවින් ජනතාව යනු පට්ටපල් බොරුවකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා