මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම්

අපි ගිය සතියේ මේ මාතෘකාවෙන් ම මතුගමදී සම්මන්ත්‍රණයක් පැවැත්වූයෙමු. මෙම ලිපිය පළ වන විට පාර්ලිමේන්තුව විසුරුවා තිබෙන්නටත් පුළුවන. රටම මහමැතිවරණයක් අපේක්ෂාවෙන් සිටියි. වෙනස් වී තිබෙන ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවකින් තොරව රටට ඉදිරියට යන්නට බැරි ය.

පුරවැසියන් ලෙස අප බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න විග්‍රහ කර ගැනීම වැදගත් ය. ඒ සඳහා පළමුව පුරවැසියා කවුරු ද යන්න ද විග්‍රහ කර ගත යුතුව තිබේ. පුරවැසියා යනු හුදු ගැහැනියක හෝ මිනිසකු හෝ නො වේ. පුරවැසිභාවය පිළිබඳ නූතන විග්‍රහය ධාරා දෙකක් ඔස්සේ සිදු වේ. ඉන් එක් ධාරාවක් වන්නේ ලිබරල් පුද්ගලවාදී දෘෂ්ටිවාදී ධාරාවයි. දාහත්වන හා දහඅටවන සියවස්වල සිට ගොඩනැගෙන මෙම දෘෂ්ටිවාදයට අනුව පුරවැසියන්ට මානව ගරුත්වය හා සම්බන්ධ වගකීම් පැවරේ. පුරවැසියෝ ස්වෛරී, ස්වාධීන ජනතාවකි. ඔවුහු බදු ගෙවති. නීතියට ගරු කරති. ව්‍යාපාරික ගනුදෙනු කරති. ජාතිය තර්ජනයට ලක් වූ අවස්ථාවලදී එය ආරක්ෂා කරති. එහෙත් පුරවැසියා දේශපාලනිකව නිෂ්ක්‍රීය ය.ඔවුන්ගේ මූලික අවධානය යොමු වන්නේ ආර්ථික වශ‍යෙන් වඩා යහපත් තත්වයන් ඇති කර ගැනීමටයි. පුරවැසියන්ගේ සිවිල්, දේශපාලන හා සමාජ හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන්නේ රජයටයි.

දෙවන ධාරාව වන්නේ ප්‍රජා ජනරජ දෘෂ්ටිවාදයයි. මෙමගින් පුද්ගලයාගේ දේශපාලනික ක්‍රියාකාරිත්වය අවධාරණය කෙරේ. ඒ අනුව පුරවැසිභාවය යනු ක්‍රියාකාරී ක්‍රියාවලියකි. එය නිෂ්ක්‍රීය තත්වයක් නො වේ. පුරවැසියා රාජ්‍ය කටයුතුවලදී සක්‍රිය ය. ඔහු නීති සම්පාදන ක්‍රියාවලියට ක්‍රියාකාරීව සහභාගි වෙයි.

ලංකාවට අදාළව ගතහොත්, දැනුවත්ව හෝ නො දැනුවත්ව, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් දෙදෙනා විසින් අඩු වැඩි වශයෙන් මෙම ධාරා දෙක නියෝජනය කරන ලදී. ඉතාම සුබවාදීව හා සම්භාව්‍ය ලෙස කල්පනා කළහොත්, මහින්ද රාජපක්ෂට අවශ්‍ය වූයේ මුලින් සඳහන් කරන ලද ආකාරයේ ලිබරල් පුද්ගලවාදී පුරවැසියෙකි. එබැවින් ඔහු රජය හා විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කළ අතර පුරවැසියා දේශපාලනික වශයෙන් නිෂ්ක්‍රීයව රාජ්‍යය සමග හිඳිමින් ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැප විය යුතු විය.

එහෙත්, එකී අවම සම්භාව්‍යත්වය හෝ ආරක්ෂා කර ගැනීමට ඔහුට නො හැකි වූයේ පුරවැසියාගේ සිවිල්, දේශපාලන හා සමාජ හිමිකම්වලට ගරු කිරීමට ඔහුගේ පාලනය අසමත් වූ නිසා ය. ඔහුගේ පාලනය විසින් බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන ලදී. මහජන මුදල් භාවිතා කිරීම පාරදෘශ්‍ය වූයේ නැත. ඔහු විසින් දියත් කරන ලද සංවර්ධන වැඩසටහන දූෂණයෙන් පිරුණු එකකි. එය තුළ පුරවැසියා ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් ද දුබල කරන ලදී. රාජපක්ෂ ක්‍රමයට එරෙහි දේශපාලන ව්‍යාපාරය විසින් පුරවැසියාගේ සක්‍රිය දේශපාලන මැදිහත්වීම් ඉල්ලා සිටින ලදී. ඒ අනුව ගත් කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කරනු ලැබුවේ මෙවැනි සම්භාව්‍ය ප්‍රජා ජනරජ දෘෂ්ටිවාදයක් මත පදනම්ව ක්‍රියාකාරී වූ පුරවැසියෙක් විසිනි.

දැන් අප කතා කරන්නේ එවැනි පුරවැසියකුට ඉදිරි මහමැතිවරණය හමුවේ තිබෙන වගකීම් ගැනයි. අපේ පරමාදර්ශී පුරවැසියා කෙළින් ම සම්මුඛ වන්නේ රාජපක්ෂ අනුගාමිකයින් රෑනකටයි. ඔවුහු දූෂණය සමග ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ, එය දිරි ගන්වන, ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදයට කැමැත්තක් දක්වන, ජාතික-ආගමික-ලිංගික වශයෙන් ස්වෝත්තමවාදී, අතිශය පුද්ගලවාදී ලෙස සිතන ආත්මාර්ථකාමියෙකි. රට, ජාතිය, අනාගත පරපුර ආදියට වඩා ඔවුන්ට වැදගත් වන්නේ රාජපක්ෂ ක්‍රමයෙන් තමන්ට ලැබෙන පෞද්ගලික මානසික හා කායික තෘප්තියයි.

මෙම රාජපක්ෂ අනුගාමික බලවේගය සමග සංවාදයකට එළඹීම පුරවැසියාගේ මූලික වගකීමකි. රාජපක්ෂ අනුගාමිකයා වෙනස් කිරීමට උත්සාහ කිරීම සමාජ, දේශපාලනික ප්‍රතිසංස්කරණයක මූලික කාර්යයි. මහින්ද රාජපක්ෂ යනු හුදු පුද්ගලයෙක් නො වේ. ඒ වනාහි සමාජ ක්‍රමයකි. මහින්ද රාජපක්ෂත් සමග ම එකී සමාජ ක්‍රමය ම පරාජය කළ යුතු ය. එය පහසු කාර්යයක් නො වේ. රාජපක්ෂ ක්‍රමය යනු නිදහසින් පසු ලංකාවේ ක්‍රමානුකූලව පරිණාමය වූ මජර දේශපාලන ක්‍රමයක දිගුවකි. එය මේ රටේ මුල් බැස ගත් එකකි. එයට එරෙහිව නැගී සිටීම පහසු නැත.

නිදසුනක් ලෙස, සිංහල-දෙමළ-මුස්ලිම් ජාතිවාදයන් යනු මේ රටේ මුල් බැසගත් ඒවායි. සෑම ජනවර්ගයකම දේශපාලකයෝ එයින් යැපෙති. මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් හා සංහිඳියා කමිටුව විසින් ද නිර්දේශ කරන ලද පරිදි ලාංකික විදේශගත ප්‍රජාව සමග අන්තර්ක්‍රියාකාරී වීම සඳහා රජය විසින් ගනු ලැබූ පියවරවලට එරෙහිව ආණ්ඩුවේ ම ජාතිවාදී කොටස් නැගී සිටින ආකාරය කදිම නිදසුනකි. දෙමළ ඩයස්පෝරාව සමග ඍජුව අන්තර්ක්‍රියා කිරීමෙන් ජාතිවාදී ප්‍රවණතා වෙනුවට සාමූහිකත්වය ප්‍රවර්ධනය කරන්නට පුළුවන. මේ සිදු වී තිබෙන්නේ බලය බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් නො වන බව හා සිදු වෙමින් තිබෙන්නේ සුහදතාව වර්ධනය කර ගැනීම පමණක් බව පවා අමතක කර දමා තිබේ. මේ වන විට දෙමළ ජාතිවාදී සන්නද්ධ අරගලයකට ලංකාවේ භූමියේ ඉඩක් නැති තරම් ය. යම් හුදකලා ත්‍රස්තවාදයකට අවකාශයක් ඇතත්, පැතිරුණු සන්නද්ධ අරගලයක් ගැන නම් හිතන්නටවත් බැරි ය. ලංකාවේ දෙමළ ජනයාට තම ජාතිය ගැන හැඟීම් තිබෙන මුත් ඔවුන්ට යළි යුද්ධයක පැටලීමේ කිසිදු උවමනාවක් නැති බව පැහැදිලි ය. එහෙම තත්වයක් තිබියදී දෙළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීම යනු සංහිඳියාව සඳහ ඉවහල් වන ක්‍රියාවක් ය යන්න පවා අමතක කර දමා දැවැන්ත විරෝධයක් මතු කිරීමට ජාතිවාදීහු පියවර ගෙන තිබේ.

ජාතිවාදයෙන් දේශපාලන බලය ගොඩනගා ගැනීම යනු අලුත් දෙයක් නො වේ. සියලු ජාතීන්ට අයත් දේශපාලකයෝ ජාතිවාදයෙන් පෝෂණය වෙති. අවසාන වශයෙන් ඔවුන් විසින් රටට කරනු ලබන හානිය සුළුපටු නො වේ. ජාතිවාදය නිසා අපි තිස් අවුරුදු යුද්ධයක සාප ලද්දෙමු. දැන්වත් ජාතිවාදයෙන් අත් නො මිදුණොත් පමා වී හෝ අනාගතය ගොඩනගා ගන්නට ලංකාවට බැරි ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදී දේශපාලනය පරාජය කිරීම මේ අනුව ඉදිරි මැතිවරණයකදී පුරවැසියන්ගේ මූලික වගකීමකි.

පසුගිය සමයේ රටේ දේශපාලනය දූෂණය සමග සම්බන්ධ වූ තරම කෙරෙහි ද පුරවැසි අවධානය යොමු විය යුතු ය. දූෂණය හා දේශපාලනය අතර සම්බන්ධයට ද දිගු ඉතිහාසයක් තිබේ. එහෙත් එය උපරිමයට ගියේ මහින්ද රාජපක්ෂ ක්‍රමය තුළයි. නිදසුනක් ලෙස, ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ඔත්තු සැපයීම වෙනුවෙන් කොටි සංවිධානයෙන් කෝටි ගණන් මුදල් ගත් මහජන නියෝජිතයෝ ද වත්මන් පාර්ලිමේන්තුවේ සිටිති. මෙවැනි භයානක අපරාධකරුවන්ට හා දූෂිතයන්ට නීතියෙන් රැකවරණ ලබා දීම ද රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණයකි.

මෙවැනි දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට හා සොරකම් කරන ලද මහජන මුදල් ආපසු ලබා ගන්නට නව රජය වූ පොරොන්දුව ඉටු කළේ නැත. එයට හේතුව දේශපාලන ගැටුම තුළ ජනාධිපතිවරයාත්, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයත් සිය බලය තහවුරු කර ගන්නට ගත් ක්‍රියාමාර්ගයි. ඒ වෙනුවෙන් දූෂිතයන් සමග එළඹි සම්මුති හේතුවෙන් දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග අඩාල විය.

දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කිරීම මෙම මහමැතිවරණයේදී පොරොන්දුවක් බවට පත් කර ගන්නට පුරවැසියන් වග බලා ගත යුතු ය. පසුගිය සමයේ සොරකම් කරන ලද මුදල් මෙම මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ආයෝජනය වෙමින් තිබේ. එපමණක් නොව, කුමන පක්ෂය බලයට පත් වුණත් මන්ත්‍රීන් මිළ දී ගෙන සියතට බලය ගන්නා බවට මහින්ද රාජපක්ෂවාදීහු දැනටමත් පාරම් බාති. මුදල් වෙනුවෙන් පක්ෂ මාරු කිරීමේ ඉතිහාසයක් තිබෙන මන්ත්‍රීවරුන් නැවත බලයට පත් නො කිරීම මෙහිදී අතිශය වැදගත් ය.

දේශපාලනයට මුවා වී බිස්නස් කරන්නන් වෙනුවට වෘත්තීය දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. රාජ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනවාරි 08දා ජනතාව දුන් ජනවරම ඉදිරියට ගෙන යා හැකි පාර්ලිමේන්තුවක් පත් කර ගන්නට අපි වග බලා ගත යුතු ය.

පුරවැසියන් ලෙස අප බර තැබිය යුතුව තිබෙන්නේ නිශ්චිත එක් දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කරවීමට නො ව දූෂිත දේශපාලන ක්‍රමය පරදවන්නට ය.
- අජිත් පැරකුම් ජයසිංහ, රාවය 2015 - 06 - 28

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඊලග චන්දයෙදි කරන්න තියෙන්නෙ එකම දෙයයි...
    එජාපයට චන්ද දෙන්න... එච්චරයි...

    ReplyDelete
  2. Today the only norm for a good government of a country depends on the attitude of the West towards this government! If the West appreciates, approves, and helps a government, it means it is very harmful to the relevant country! Your so-called Yahapalanaya govt is maintained, sustained and was established by the west! LTTE was defeated by the former govt. then the west is vehemently against it! Last election was funded and aided entirely by the West! In short, they don't like us to develop our country! Colombo became the first city going towards development under Gota's intelligence! You call anything racism like perrots! LTTE was aided by the West! Now the west is using it against SL . Our Kelatholla foreign minister doesn't see this fact. In front of him John Kerry said : you waged war against Tamil for 30 years and we are happy that it was over now! But backboneless Mangala uttered no ward! The west wants people like him, Ranil, Ravi to govern our country. They continue their bootlicking work sans any protest! Ranil once invited the Portuguese to commemorate their invasion of SL!!! These are the leaders who govern our country! All Dollar kakkas want this type of leaders!

    ReplyDelete
    Replies
    1. Your so-called Yahapalanaya govt is maintained, sustained and was established by the west!

      උඹගේ මරාගේ කේන්දර ගුරා ආවේ මොන western රටෙන්ද මචං? මරා අවුරුදු දෙකකට කලින් චන්දෙට ගියේ උන්නැහෙත් that so called wetern නිසාම වෙන්නැති නේ.

      Delete

    2. wake up Mr. No Name! You are still in the deep slumber and dreaming of what you heard of thirty years ago. In reality, the situation is quiet contradictory to what you say, yet, alas you do not posses the sufficient amount of wisdom to realize it.

      Delete
  3. දැනට පාර්ලිමේන්තුවේ සිටින සියළුදෙනාටම මීලඟ මහ මැතිවරණයේදී අදාල පක්ෂවලින් නාමයෝජනා ලැබෙනවා පුල් සුවර්. නමුත් මීලඟ මහ මැතිවරණයේදී දැනට පාර්ලිමේන්තුවේ සිටින 30-40කට නම් සොරිම තමා.ඕ යැර්ස්.....

    පැරා අපි කොහොමහරි අලුත් හොර තක්කඩි 40 ක් විතර පාර්ලිමේන්තුවට යවලා තව අවුරුදු 4-5ක් උන්ට බැන බැන ඉමු. එතකොට w3Lankaහී මෙතෙක් කියැවූ පිටු ගණන 100000000ක් වෙයිනේ. කාටද ආඩම්බර.. කොහොමද ටිකිරි මොළේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මෙන්න මේ වැඩේ තමයි අන්තිමට වෙන්නෙ

      Delete
  4. රුවන්වැල්ලේ සුමනදාසJune 27, 2015 at 1:57 AM

    පිංවත් පැරකුම් දරුවා !
    අගෝස්තූ 17 දින අලුතෙන් 75 ක් වත් පාර්ලිමේන්තුවට යවලා තවත් පවුල් 200-300ක් ගොඩදාලා අපි පිං රැස්කර ගමු .පැරකුම් දරුවා මේවා මහා බලගතු ආනන්තරීය පුන්‍යකර්ම .මෙලොවදීම මෙපිං පලදීමෙන් ඔබට සිතූ පැතූ තනතුරු ආදිය ලැබෙනවා ඕං පුල් සුවර්.

    ReplyDelete
  5. කවුරු දිනුවත් රට පරාදයි...රට හදන්න දියවන්නාවට ආව එක ගෙබ්බෙක්ගෙ දිය නයෙක්ගෙ එරි එක නමක් කියදු බලන්න

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා