මහින්දයි මෛත්‍රීයි හවුල් වුණොත් දෙන්නා ම ඉතිහාසයේ එක ම කුණු කූඩයට

මහින්ද ශ්‍රීලනිපය දෙකට කඩන බව ඉතා පැහැදිලි ය. 

ඔහුට කළ හැකිව තිබෙන ප්‍රගතිශීලී ම කැඩිල්ල නම්, ඔහුගේ හොරු සෙට් එකත් එක්ක හැකි නම් බුලත් කොළය හා අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත හා නිමල් සිරිපාල යන තුන් බානත් අරගෙන තොලොංචි වී යන එක ය. 

මහින්දගේ හොර නඩයේ ගැලවී යාම විසින් ශ්‍රීලනිපයට නවීන පක්ෂයක් ලෙස ඉදිරියට යාමට මග විවර කර දෙනු ඇත. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතැනදී මඩේ හිටවපු ඉන්න සේ සිටීම තේරුමක් නැත. අප ඔහු බලයට පත් කළේ මේ හොරු සමග කූට්ටාලි වන්නට නො වන බව ඔහු මතක් කර ගත යුතු ය. තමන්ගේ ජනවරම කුමක් ද යන්න ඔහු නැවත සිහිපත් කර ගත යුතු ය. රට වෙනස් මගකට යොමු කළ නායකයකු ලෙස ඉතිහාසගත වන්නට මෛත්‍රීපාලට ලැබී තිබෙන අවස්ථාව පාරාජිකා වූ මේ චෞරයන් නිසා නැති කර ගත යුතු නැත. 

මේ සොරුන් සමග එක් වුණොත් ඔහු ඉතිහාසගත වනු ඇත්තේ ජනවරමට පිටු පෑ ගුණමකු කාලකන්නියකු ලෙසයි. ඔහු එවැන්නකු වන බවක් මෙතෙක් ඔහු පෙන්වා නැත.

මෛත්‍රීපාල නිවැරදි තීරණයක් ගත යුතු ය. ඔහු මහින්දට ඉඩ දුන්නොත්, ඔහු බලයට පත් කරන්නට ඉදිරියට පැමිණ අවදානම භාර ගත් දේශපාලනඥයන් හා ජනතාව ඔහුට අහිමි වනු ඇත. මහින්ද සමග ගියොත් ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත. අන්තිමට සිදු වන්නේ ඔහුට ඔහුවත් අහිමි වී ඔහු ද මහින්දගේ ම බුක්තියට සින්න වීමයි. අවසානයේදී ඔහුට වතුර බෝතලයක පිහිට ලැබෙනු නියත ය. 

මෛත්‍රී මහින්දත් සමග එක් වුණොත් මේ දෙන්නා ම ඉතිහාසයේ එක ම කුණු කූඩයකට දක්කන්නට ජනවාරි 08 විප්ලවයේ ජනතා බලවේගයට සිදු වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අප්පච්චිJune 30, 2015 at 9:50 PM

    ඇත්ත කියන්න පැරා බයවෙලා නේද ඉන්නේ ? මට නම් පේන්නෙම මහින්ද රනිල් + මෛත්‍රී දෙන්නම ඉතිහාසයේ කුණු කූඩයට දායි වගේ

    ReplyDelete
    Replies
    1. අනිව අප්පච්චිගේ අපේක්ෂාව ඉටුවුනොත් නම් කුණුකූඩ පිරි ඉතිරෙනව. 62 යි 57 දෙකටම නවතින්නේ වෙන්නේ කුණුකූඩවල තමයි

      Delete
  2. Ravi, Ranil, Arjuna horu novei neda? You attack this man because you never wanted LTTE to be destroyed! Any idiot can understand Ravi, Ranil are plunderers! No accusation was proved! I think you suffer from acute inferiority complex! Go to mirror and see yourself !horu, horu, horu!

    ReplyDelete
    Replies
    1. නෑ එයාල තමයි හොරු, ශුද්ධවන්තයෝ ඉන්නේ මහින්ද ඇන්ඩ් කොම්පැණයේ විතරයි.

      Delete
    2. "because you never wanted LTTE to be destroyed!"

      Din't your MaRa finish LTTE?

      Delete
  3. January 8 revolution! It is a dollar revolution! Nowadays revolutionaries are being paid by CIA ! Shameless Marxists! JVP received dollar from USA embassy and it was revealed by Wickileaks! You call it a revolution? This is a coup by hatred filled cliques!

    ReplyDelete
    Replies
    1. ane anno, $ from USA is bad, Yuan from China patriot ??? pala yako yanna... okkoma 1ki !!! for me USA is better than china ...

      Delete
    2. "coup by hatred filled cliques" idiom or what, kindly explain !!

      Delete
    3. Yes, the CIA conspiracy against the rule predominated by US citizens.

      Delete
    4. Gota, Basil, and Dalas should be the CIA agents. They pushed MaRa for early election. Now that makes sense.

      Delete
    5. මහාතිත්ථJuly 8, 2015 at 1:45 PM

      CIA did not change the government - the people of Sri Lanka did - so stop barking up the wrong tree
      Only people with difficulties of comprehension bring up these fantastic theories

      Delete
  4. රට ගොඩගැනීමට උවමනානම් එක්සත් ජාතික පක්ශය හෝ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ශ දෙකෙන් එකකට පමණක් මෙවර ඔබේ චන්දය පාවිච්චි කරන්න.

    ReplyDelete
    Replies
    1. උබ කියනකං හිටියෙ. 71, 83, 88/89 ඔය දෙගොල්ලො එකතුවෙලා රට ගොඩ ගත්තා තවපාරක් ගොඩ ගන්න ඕනැ නැතිබව මිනිස්සු දන්නවා
      උබවගෙ තණකොළ කණ උන් නොදන්නවට

      Delete
    2. එජාපයේ රට ගොඩ නගන්න හිතන අය ඉන්නේ 10% කට අඩුවෙන්, ජවිපෙ වර්ග දෙකක් ඉන්නව, ජවිපේ රට ගොඩනැගීමේ උවනාව තියන අය හිටියත් එයාලා ඒක කරන හැටි දන්නෑ, හදන්න වෙන්නේ පොල්පොට්ගේ කාම්බෝජය වගේ එකක් තමයි. චම්පිකලා එයට දෙවෙනි නෑ. මෛත්‍රීගේ උත්සාහය එජාපයට ලැබිමට නියමිත බලය තුලනය කරන්න සුදුසු අය පාර්ලිමේන්තුවට යවන්නයි, එයට සුදුසු අය දැනට එන්නට නියමිත දෙමළ පක්ෂවලින් විතරයි.

      Delete
  5. වතුර බෝතලේ ඡන්ද ලකුණ ලෙසින් අරගෙන පක්‍ෂයක් ලියා පදිංචි කළොත් නැගලා යයි!

    ReplyDelete
  6. ගැටළුව තියෙන්නේ විධායක ජනාධිපති තනතුරට පත්වූ පසුව පක්ෂ නායක කමට ඇති පෙරේත කම නිසා මෛත්‍රී තමන්ගේ දේශපාලන දර්ශනය තුල වල්මත් වීමයි

    ReplyDelete
  7. දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරණයක චින්තනය, ... 56දී බැරිවුන හරියත් කරල දායිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා