වැලිකඩ ඝාතනය ගැන යුක්තිය සොයා කරන මේ සටන

ලංකාවේ සිරකරුවන් ඝාතනය කිරීමේ ඉතිහාසය බොහෝ ඈතට විහිදෙයි. ඉඳහිට සිදු වෙමින් තිබුණු මෙවැනි ඝාතන මහත් ආන්දෝලනාත්මක තත්වයට පත් වුණේ 1983 ජුලි කලබල අතරතුර වැලිකඩ දෙමළ සිරකරුවන් 53ක් ඝාතනය කිරීමේ සිද්ධියත් සමගයි.

දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම දිගට ම සිදු වූ අතර වසර 2000දී බණ්ඩාරවෙල බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරේ සිටි වයස අවුරුදු 30ට අඩු තරුණ දෙමළ සිරකරුවන් 26ක් ගම්වාසීන් හා වෙනත් අයගෙන් සැදුම්ලත් අයුතු ජන රාශියක් විසින් මරා දමන ලදී. 

2012 වසරේ වවුනියා රිමාන්ඩ් සිරගෙදර සිදු වූ ප්‍රහාරයෙන් එක් සිරකරුවකු මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලැබූ හ. 

මේ සියලු සිදුවීම්වලදී මිය ගියේ දෙමළ සිරකරුවන් නිසා සිංහල සමාජය මේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන උනන්දුවක් දැක්වූයේ නැත. 

2012 නොවැම්බර් 09දා වැලිකඩ සිරගෙදර සිදු වූ ඝාතනයේදී සිරකරුවෝ 27ක් මරා දමන ලදී. ඔවුන්ගෙන් බහුතරය සිංහල වූ අතර එම ඝාතන සාධාරණීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කරුණු වූයේ ඔවුන් දරුණු අපරාධකරුවන්, කුඩුකාරයන් හා බන්ධනාගාරය තුළ පොලිසිය කළ මෙහෙයුමට එරෙහිව කැරැලි ගැසූ අය කියා ය. 

මහින්ද රාජපක්ෂ පාලනය තුළ  රටේ අපරාධ මර්දනය කිරීම සඳහා ය කියමින් සැකකරුවන් විශාල පිරිසක් පැන යන්නට තැත් කළ බව කියා වෙඩි තබා හෝ දියේ ගිල්වා හෝ මරා දමන ලදී. මෙම සැකකරුවන්ට සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණේ නැත. 

වැලිකඩ ඝාතනය එහි එක් උච්චස්ථානයකි. 

වින්දිතයන්ගේ පවුල්වල අය හා ඇසින් දුටු සාක්කිකරුවන් කරන මෙම අරගලය ඉතා වැදගත් ය. 

නව රජය විසින් පසුගිය මාස කීපය තුළ මේ කැළෑ නීතිය අත්හිටුවන ලදී. එහෙත්, මේ ක්‍රමය ස්ථිරව පරාජය කිරීමට නම් මෙවැනි සිද්ධි ගැන සාධාරණ පරීක්ෂණ පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් කිරීම අත්‍යවශ්‍ය ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දකුනේ මීහරක් හැමදාම කලේ මේක තමා...
    83 කල ඝාතන මැරුනු උන් දෙමලය කියල අතහැරල දැම්ම..
    87-89 ආරක්ෂක අංශ කල මිනීමැරුම් මැරුනෙ ජේවීපී කාරයොනෙ කියල අමතක කරල දැම්ම... (මම ජෙප්පෙක් නොවෙමි )
    2006-09 කාලෙ දකුනේ සුදුවෑන් යවා කල දේශප්‍රේමී මිනීමැරුම්, (ආ... නෑ වැරදුනා මානුසික මෙහෙයුම් ) මැරුනු උන් කොටිනෙ කියල ඉවසුව...
    ආමි කාරයින්ට මල්මාලත් දැම්මෙව්ව...
    වැලිකඩදි හිංගලයින්ගෙ පුකටම වෙඩිතිබ්බහමත් දකුනෙ ඉන්න පොන්නයො ඒ මැරුනෙ කුඩුකාරයො, මිනීමරුවොනෙ කියල හිත හදාගන්නව...
    (ඔය මැරුනු මිනිස්සු අතර මම පෞද්ගලිකව දන්න රු. ලක්ශයක ණයක් ගෙවාගන්න බැරුව රිමාන්ඩ් වෙලා හිටපු මිනිහෙකුත් ඉන්නව )

    ReplyDelete
    Replies
    1. (ඔය මැරුනු මිනිස්සු අතර මම පෞද්ගලිකව දන්න රු. ලක්ශයක ණයක් ගෙවාගන්න බැරුව රිමාන්ඩ් වෙලා හිටපු මිනිහෙකුත් ඉන්නව )

      *****

      Delete
    2. සඳරැවන් යනු කවු ද ?

      සදරුවන් සේනාධීර විසින් පසුගිය දා වර නගා තිබූ ප්‍රශ්න වලින් කිහිපයක් අපි නැවත මේ අකාරයෙන් වර නගමු.

      01. ප්‍රගීත් එක්නැලිගොඩ සහ සදරුවන් අතර තිබූ මිතුදම පිළිබදව හෙගලියානු දයලෙක්තික කියවීමක්.

      02 . ලංකා ඊ නිවිස් ආයතනයේ සේවකයන් සහ සදරුවන් අතර වූ බල අරගලය ගැන ෆුකෝඩියානුුයානු පැහැදිළි කිරීමක්.

      03. සදරුවන් ගේ මාධ්‍ය භාවිතාව පිළිබද පශ්චාත්-මාක්ස්වාදී ලැක්ලාවියානු අර්ථකථනයක්.



      1. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාටුන් ශිල්පියෙකු වූ දැනට අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ලංකා ඊ නිවිස් ආයතනය වෙනුවෙන් සිය පෑන මෙහෙයවමින් විශාල කාර්යභාර්යක් ඉටු කළා. මහින්ද රාජපක්ෂ රෙජිමයට විරුද්ධව යම් සාධනීය විවේචන රාශියක් ඉදිරිපත් කළ ඒ මහතා වරෙක නාදුනන පිරිසක් විසින් පැහැරගෙන යනු ලබනවා. ඉන් දින කිහිපයකට පසු නැවතත් ඔහුව අතරමග දමා යන ආරක්ෂක අංශයේ යැයි සැකකල හැකි පිරිසක් ඔහුට අවසන්වරට අවවාද කරන්නේ මින් ඉදිරියට දැගලුවොත් ඒ අවසානය වියහැකි බවයි.මේ සිදුවීමෙන් පසු ප්‍රගීත්ට ඊනිව්ස් ආයතනයේ රැකියාව පවා අහිමි ‍වෙනවා. ඔහු සිය මිතුරන්ගෙන් ඉතා සොච්චම් මුදලක් ඉල්ලාගෙන ජීවත් වෙනවා. මේ මුලු කාලය පුරාවට සදරුවන් ඔහු ගැන කිසිම අකාරයකින් සොයා නොබලන අතර ඒ බව ඔහු කුසල් පෙරේරා සමග ද වරක් පවසනවා. මෙසේ ඉන්නා අතර ප්‍රගීත් සවස් යාමයක රාජගිරියේ සදරුවන්ගේ ලංකා ඊ නිව්ස් කාර්යාලයට පැමිණෙනවා. එසේ පැමිණි ඔහු සදරුවන් ගෙන් ඉල්ලා සිටින්නේ තමන් විසින් අදින ලද කාටුන් වල පිටපත් තමාට ලබා දෙන ලෙසයි. එවිට මේ මහා මානව හිතවාදී සදරුවන් පවසන්නේ දැන් එයට වේලාවක් නැති බවත් පසු වේලාවක පැමිණෙන ලෙසත්ය. එවිට ප්‍රගීත් පවසන්නේ තමන්ට යළි දිනෙක එන්නට අපහසු බවත්, තමා අත මුදල් නොමැති බවත්ය. ඒ නිසා අදම කාටුන් ටික තමාට ලබා දෙන්නේ නම් එය මහත් උපකාරයක් වන බවත්ය. එවිට සදරුවන් අවඥාවෙන් සිනහ වෙමින් පවසන්නේ ‘‘ප්‍රගීත්, උබට ඒ කාටුන් ටික මේ හදිසියේ ඇයි ඕන වෙන්නේ? අනික මොනවද බං ඔය සාක්කුවේ තියෙන ෆොටෝ‘‘ කියාය. එවිට ප්‍රගීත් පවසන්නේ නැහැ මචං මේ පාස්පෝට් එක හදා ගන්න තියෙන ෆොටෝ වගයක් මගේ යාළුවෙක් මට පාස්පෝට් එක හදලා දෙන්නම් කියලා කීවා. ඒ වුනාට බං මම කවදාවත් රට යන්නේ නැහැ. මට එහෙම වුවමනාවක් නැහැ“ යනුවෙනි. එවිට සදරුවන් පවසන්නේ ඒ වුනාට දැන් නම් කිසිවක් කරන්නට බැරි බවත් වැඩ අධික නිසා වෙන දවසක එන ලෙසත්ය. ඒ අනුව තවත් සුළු වේලාවක් එම ආයතනයේ රැදෙන ප්‍රගීත් මේසය මත තිබු සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් අරගෙන එය පානය කර යන්නට පිටත් වෙනවා. ඔහු පිටව ගිය පසු යළිත් අවඥාවෙන් සිනහ වෙන සදරුවන් පවසන්නේ “කැරියා ගියාද? ඌ එනවා මාව තම්බන්න. ඕකා ඔය ට්‍රයි කරන්නේ රට පනින්න කාටුන් ටික පෙන්නලා. නොදකින් කාලකණ්නියා මම ඕකට කවදාවත් ඒ කාටුන් ටික දෙන්නේ නැහැ.“ යනුවෙන්. තවත් සුළු වේලාවකින් ඔහු සිගරට් පැකට් එක අතට අරගෙන පවසන්නේ “යකෝ මේ පරයා මගේ සිගරට් එකටත් කෙලලා ගියා. ඕකට බයිපාස් කරලා තියෙන නිසා සිගරට් වෙනදට බොන්නේ නැහැ. ඒ වුනත් නිකම් දෙනවා නම් ඕකා ඕනම මලජාවක් කයි“ යනුවෙනි.

      මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු සංඥාමය නොවන අකාරයට සැබැවින්ම ප්‍රගීත් අතුරුදන් වන අතර ඒ ගැන වැඩියෙන්ම කළබලයට පත් වන්නේ මේ මහා මානවහිතවාදි සදරුවන්ය. ප්‍රගීත් තම ආයතනයේ සේවකයෙකු බවත් ඔහු තමාගේ අතිජාත මිත්‍රයා බවත්, ඔහු සොයා ගන්නා තුරු දිවිහිමියෙන් තමන් ආණ්ඩුව සමග සටන් කරන බවත් පවසන මේ සදරුවන් එතැන් පටන් අලුත්ම මීඩියා කැම්පේන් එකක් පටන් ගනිමින් ප්‍රගීත් ගේ අතුරුදන් වීමට දින ගනින දින පොතක් සිය වෙබ් අඩවියෙහි ආරම්භ කරනු ලබනවා. මිත්‍රත්වය පිළිබදව හෙගලියානු දයලෙක්තික භාෂාවෙන් තොරව මෙය අපට තේරුම් ගන්නට පුලුවන්ද?


      3mana

      Delete
    3. 02- සදරුවන් සහ ලංකා ඊ නිවිස් ආයතනයේ සේවකයන් කාලයක් ජීවත් වුනේ එකම පවුලක සාමාජිකයන් වගේ. බෙනට් අයියා, රංජිත් අයියා, ශාන්ත, සංජය, දස්කොන් ඇතුලු පිරිස මේ ආයතනයේ එකාවන්ව වැඩ කලා. මේ කිසිවකුටවත් නිසි වැටුපක් නොලැබුන අතර මේ දුෂ්කර කාලයේ මේ පිරිස විවිධ ප්‍රවෘත්ති පළකරමින් ආණ්ඩුවට විශාල අභියෝගයක් එල්ල කළ අතර ශාන්තට රිමාන්ඩ් වන්නට සහ පසුව රට හැර යන්නට පවා සිදු වන්නේ ඒ කාලයේ කළ විවිධ ක්‍රියාකාරකම් නිසාය. ලැබෙන යමක් සතුටින් බෙදාගෙන හවසට පොඩි අඩියක් ගසා දේශපාලන කතා කියමින් මොවුන් පුංචි පවුලක සාමාජිකයන් ලෙස ජීවත් වුනා. මේ කාලයේ මාස ගනක් වැටුප් නොමැතිව සේවය කළ මාධ්‍යෙව්දියෙකු ආර්පිකෝ ආයතනයෙන් එක් ලක්ෂ විසි දහසක පමණ දැන්වීමක් ඊ නිවුස් ආයතනයට අරගෙන එනවා. එම දැන්වීම රැගෙන ආ මාධ්‍යෙව්දියා ඉන් ලැබෙන මුදල් වලින් තමන්ගේ දුෂ්කරතාවන් මගහරවා ගැනීම සදහා අඩුම තරමේ සියයට පහලවේ කොමිස් මුදල හෝ ලබා දෙන්න යැයි ඉල්ලා සිටින විට සදරුවන් පවසන්නේ එය කල නොහැකි බවත් කැමති නම් රුපියල් පන්දහසක් ලබා ගන්නා ලෙසත්ය. එය සාධාරණීකරනය කරන්නට ඔහු ගෙන එන තර්කය වන්නේ තමා එම ආයතනයේ හිමිකරු බවත්, තමා එම ආයතනයේ ප්‍රධාන කර්තෘ බවත්,තමා එම ආයතනයේ ප්‍රධාන කාටුන් ශිල්පියා බවත්, තමා එම ආයතනයේ ප්‍රධාන ලේකඛයාද වන නිසා තමාට වැඩිම මුදලකට හිමිකම් ඇති බවය. අවසාන අවශයෙන් ඔහු කීවේ දැන් ධනවාදය යනුවෙන් සමාජ ක්‍රමයක් නැති බවත් එම ක්‍රමය මා වැනි තනි පුද්ගලයන්ට කඩේ යන බවත්ය. මේ කතාව හරියටම වනාන්තරයක සිටි සිංහයෙකු දඩයම බෙදා ගන්නට ගෙනා තර්කයට වඩා වෙනස් නොවන බව මිචෙල් ෆුකෝ “බලය” නම් සංකල්පය විග්‍රහ නොකරන්නට මේ සදරුවන්ගේ බලයට ඇති අධිකාරිය සහ ඒකාධිපතිභාවය අප කෙලෙස අවබෝධකර ගනිමුද? අනෙක් අතට මෙම ලංකා ඊ නිවිස් ආයතනයට වරෙක ආසියානු ජනමාධ්‍ය ආයතනයෙන් සම්මාන ත්‍රිත්වයක් ලැබෙනවා. ඒ ආයතනයට සහ මාධ්‍යෙව්දි සංජයට සහ ශාන්තටය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළකරන සදරුවන් තමන්ට ලැබුන සම්මානය ගැන ප්‍රවෘත්තිය ඉතිරි කර අනෙක් මාධ්‍යෙව්දීන් දෙදෙනාට ලද සම්මානය පිළිබද ප්‍රවෘත්තිය දිනකින් පසුව ගලවා දමනවා. ඒ ගැන ඔහුගෙන් අසන විට ඔහු නැවතත් ඉහත පළමු සිදුවීමේදී පරිදිම උත්තර ලබා දෙනවා. මහින්ද රාජපක්ෂගේ ඒකාධිපතිවාදය ගැන පතරංග ලිපි ලියන සදරුවන් පාලනය කළ ඊ නිව්ස් ආයතනය තුළ හැසිරීම මහින්ද රාජපක්ෂ රට පාලනය කළ ආකාරයට වඩා උසස් ද යන්න දෙවරක් කල්පනා කළ යුතු වෙනවා.

      03- ලංකා ඊ නිව්ස් ආයතනය තුළ සේවය කළ සේවකයන්ට සදරුවන් නිතර ව්‍යංගයෙන් මතක් කර දුන් එකම කාරණය වන්නේ ධනවාදය මියගොස් ඇති බවත් තමා පුද්ගලික ධනපතියෙකු මිස ධනවාදියෙකු නොවන බවත්ය. මෙහිදී ඔහු කියා සිටියේ තමා යනු ෆුකුයාමාටත් වඩා දක්ෂ විශ්ලේෂකයෙකු වන බවය. වරෙක මෙම ආයතනයට එල්ල වන දැඩි රාජ්‍ය මර්ධනය හමුවේ එහි සිටින මාධයවේදීන්ට යම් හෙයකින් විදෙස් රටක දේශපාලන සුරක්ෂිතතාව ලබා ගන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දෙන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කර දෙන්නට අවශ්‍ය නම් එය කළ හැකි බවට එක්සත් ජාතීන් ගේ ආයතනයට අනුබද්ධ ආයතනයක් විසින් තමන්ට උපකාර කළහැකි බවට පවසනවා. මෙහිදී සදරුවන් පවසන්නේ ආයතනයේ කිසිදු නිත්‍ය සේවකයෙකු නැති බවත් සිටින අය නිදහස් මාධ්‍යෙව්දීන් වන බවත් ඒ අයට කිසිදු තර්ජනයක් නැති බවත් ඒ නිසා එවැනි කටයුත්තක් අවශ්‍ය නොවන බවත්ය. මින් ටික කාලයකට පසුව ඔහු සිය පවුල සමග රට හැර එංගලන්තයට පලායන අතර ලංකාවේ සිටින මාධයවේදීන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධයෙන් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. තවත් ටික කාලයක් ලංකාවේ සිටින මාධය‍වේදීන් මෙම ආයතනය කරගෙන යන අතර පසුව ඔහු එතෙක් තනි මහන්සියෙන් ලංකා ඊ නිවිස් ආයතනයේ වෙබ් අඩවිය කරගෙන ගිය අංසකටත් නොදන්වා වෙබ් අඩවියේ පාස්වර්ඩ් එක මාරුකර නැවතත් ධනවාදය තවදුරටත් වලංගු නැති බවත් පුද්ගලික ධනපතියෙකු වන තමන්ට හිතෙන ඕනෑම දෙයක් කරන්නට හැකි බවත් තහවුරු කරනවා. මෙයින් වඩාත් තහවුරු වන්නේ මොහු කම්කරු අයිතිවාසිකම් සහ මාධයවේදීන්ගේ ජීවිත ගැන කෙතරම් නම් වගවීමෙන් කටයුතු කරනු ලැබූ බවද? මේ සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය අයට ලැක්ලාව් ගේ පශ්චාත්-මාක්ස්වාදය පිළිබදව සුමිත් චාමින්දගෙන් ඉගෙන ගන්නට පුලුවන්.
      3mana

      Delete
    4. මේකා මේ තරම් වල් බල්ලෙක් කියලා දැනගත්තේ අදයි. මූ ලංකාවට එන්නේ නැත්තේ මුගේ බලුකම් වලට අහුවුණ මාධ්‍යවේදීන් විසින් ගහලා මරයි කියන බයට වෙන්න ඇති.

      Delete
    5. යකො සඳරුවණ් ඉන්නෙ නිකන් උපාසකය වගේ නෙ....බලන කොට උන් තමයි මීයො දෙන්න දෙන්න අල්ලන්නෙ... කොහොම උනත් මේ කොමෙන්ට් එක ඇත්තද කියල නම් දන්නේ නැ....

      මේක ලියල තියෙන්නෙ නම් සියල්ල දත් දීප්තිගේ ගෝලයෙක් බව නම් පේනව....

      Delete
  2. වෙයාර් ඉස් දැට් මාලු මෑන් විත් ද හැට් ඔන් ද ටොප්?

    ReplyDelete
  3. Dear Mr,
    Did you write any article about Batalanda torture camp and it's great organizer and head? Even ?Mr Rajitha said in a TV interview that while young people were being tirtured and their scream was heard, in the Batalanda camp Mr Ranil was in the pond inside the camp with a boy while drinking a beer can! This was said by Mr Praa Rajitha.

    ReplyDelete
    Replies
    1. කරුණාකර ඔබ දන්නා තොරතුරු සමග රහස් පොලිසියට පැමිණිලි කරන්න. ඒ සඳහා උදව් අවශ්‍ය නම් කරන්නම්. බය වෙන්න එපා. බය වෙලා දේශපාලනය කරන්න බැහැ.

      අනෙක, ඔබ මේ පරීක්ෂණය වෙනුවෙන් පසුගිය ආණ්ඩුව කාලේ ඉදිරිපත් වී කටයුතු කළා නම් මේ වන විට එහි අවසාන ප්‍රතිඵලයක් දකින්නට තිබුණා. අප දන්නා තරමින් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ කොමිෂම ඉදිරියේ රනිල් ද සාක්කි දුන්නා. ඔබ ඉදිරිපත් නො වුණේ ඇයි? බය නිසා ය කියනවා නම්, දැන් ඉදිරිපත් වී ඔබ දන්නා කරුණු කියන්න.

      ඔබ ඒ සියලු විස්තර ලියා එවනවා නම්, අපි පළ කරන්නම්. බය නැතිව ඉදිරිපත් වෙන්න. අපි එබට උදව් කරන්න කැමතියි.

      Delete
  4. කොටි ගැන වචනයක්වත් මේ ආර්ටිකල් එකේ ලියලා නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මෙහි කොටි ගැන විතරක් නොව, සිංහයන්, නරින්, බල්ලන්, බළලුන් ආදී කිසිවෙකු ගැන ලියා නැත. ලොව කිසිදු ලේඛනයක ලෝකෙ තිබෙන සියලු දේ ගැන ලියා නැත.

      Delete
    2. AnonymousJune 18, 2015 at 6:16 PM

      අන්කල් ඔන්න කොටියෙක් එනවා. ඔයාගේ බෝල කයි බලාගෙන

      Delete
  5. මේකෙ නිත්‍යානුකූලතත්වය මොකක්ද පැරා,යටත්වුණු පොලිස් නිලධාරීන් 600 දෙනාට මානව හිමිකම් අහිමිද? එසේනම් ඒ ඔවුන් පොලිස් නිලධාරින් නිසාද? ඊයේ පෙරේදානම් යන්තම් පොඩිසද්දයක් ඇහුනා.

    ReplyDelete
  6. සාක්ෂිකරුවන්

    http://transyl2014.blogspot.ca/2015/04/blog-post_12.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා