සංගා දේශපාලනයට එන එක නරක ද?

කුමාර් සංගක්කාර දේශපාලනයට එන නො එන එකේ හොඳ නරක පසුගිය දිනවල සාකච්ඡා වෙමින් තිබිණි. 

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන බවට වාර්තා පළ වී තිබිණි. 

ඔහු එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් තමන් දේශපාලනයට නො එන බව නිවේදනය කළේ ය. 

අද අයිලන්ඩ් පුවත්පතේ ද මේ පිළිබඳ බොළඳ කතුවැකියක් ලියා තිබේ. එයින් ද කියන්නේ දේශපාලනය නරක දෙයක් නිසා හොඳ සංගා එයට නො ආ යුතු බවයි. 

දේශපාලනය නරක දෙයක් කළේ ලංකාවේ දේශපාලකයෝ ය. එය නරක ම දෙයක් බවට පත් වුණේ පසුගිය දශකය තුළ ය. මෙම සමය තුළදී දේශපාලකයා යනු අමු අමුවේ මහජන දේපල මංකොල්ල කන්නකු බවට පත් කරන ලදී. 

මේ ක්‍රමය වෙනස් කළ යුතු ය. ඒ සඳහා හොඳ පෞරුෂයන් දේශපාලනයට පිවිසිය යුතු ය. ක්‍රීඩාවේ පරමාදර්ශී චරිතයක් වූ සංගාට දේශපාලනයේදී ද එසේ වන්නට බැරිකමක් නැත. 

දේශපාලනය අනිවාර්යයෙන් ම දූෂණය විය යුතු නැත. ලංකාව මේ මොහොතේ මුහුණ දී තිබෙන ප්‍රශ්නය ක්‍රිකට්වලින් විසඳන්නට බැරි ය. එ් සඳහා දේශපාලන පුරෝගාමිත්වයන් අවශ්‍ය ය. සංගා ඒ සඳහා හොඳ පෞරුෂයකි.

කලින් ද ක්‍රිකට් නායකයන් දෙදෙනෙක් දේශපාලනයට පිවිසුණ හ. එක් අයෙක් අර්ජුන රණතුංග ය. අනෙක් පුද්ගලයා සනත් ජයසූරිය ය. මේ දෙදෙනා ම දේශපාලනයේදී එතරම් සාර්ථක වූයේ නැත. එහෙත්, මේ වන විට අර්ජුන රණතුංග කෙරෙන් යම් පරිණතබවක් පළ වේ. 

කුමාර් සංගක්කාර මේ දෙදෙනාට ම වඩා ක්‍රිකට් ක්‍රීඩාවේදී පරිණත ය. එම පරිණතකම දේශපාලනයට උපයෝගී කර ගන්නට බැරිකමක් නැත. 

ඔහු වැනි තරුණ නායකයන් දේශපාලනයට පිවිසීම ඉතා හොඳ දෙයකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එහෙම කියන්නත් බෑ නේද එකපාරක් බික්කුල දේසපාලනේට එනකොටත් සමහරු කීව ඔහොම. දරමෙට ආපු බික්කුල නතරවුනේ මත් පෙතිත් විකුනල නේද

    ReplyDelete
  2. ලංකාවේ දේශපාලනය ගූ ගොඩක්.....දැන් එකේ ඉන්නේ පණුවෝ විතරයි....
    ගූ ගොඩට රත්තරන් ගෙනත් දැම්මට ගූ ගොඩ රත්තරන් වෙන්නේ නැත....රත්තරන් ටිකත් විනාස වෙන එක විතරයි වෙන්නේ...
    සංගාත් ඒ වලට වැටෙන්ඩ අවශ්‍ය නැත.....
    සංගා ක්‍රිකට් රජෙක් ලෙස හැමදාම හිටියාම හොදටම ඇතිය....

    ReplyDelete
  3. සංගා දේශපාලනයට ආවා නම් ලියමනක් දාන්නත් අදහස් කරගෙන හිටිය. නමුත් දැන් කියන විදියට පාර්ලිමේන්තු යන්න බලාපොරොත්තුවක් සංගගෙ නැහැ.

    ලංකාවේ දේශපාලනය කියන්නෙ (පාර්ලිමේන්තුව ගනිමු) 225කට කඩල වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවේ. සංගක්කාර ආව කියල අමුතුවෙන් කරන්න දෙයක් එයාට ඉතිරි වෙන්නෙ නෑ. අර්ජුන ගත්තත් සනත් ගත්තත් මහලොකු දෙයක් සිදුවෙලා නෑ. සංගා අාවත් එච්චර තමයි.

    ලංකාවෙ දේශපාලනය නිවැරදි මඟට ගන්න ජනතාවගේ සෘජු මැදිහත් වීමයි අවශ්‍ය. මිනිස්සුන්ගේ මතය බලවත් වන තරමට ජනතා නියෝජිතයන්ට ඔවුන්ගේ ඉල්ලීම් වලින් පැන යන්න බැරි වෙනව. 18ට අත උස්සපු මිනිස්සුම තමයි 19ටත් අත ඉස්සුවෙ. ඒ අතරෙ නරක මිනිස්සු ඕන තරම් හිටිය. නමුත් නොකර බැරි තැනට ආවම වෙන්නෙ ඒකයි.

    සංගක්කාර වගේ කෙනෙක් දේශපාලනයට ආවොත් කරන්න තියෙන්නෙ මොනවද? මිනිස්සු එන්නෙ ළමය ඉස්කෝලෙට දාගන්න ලියුම් ගන්න, රස්සා ඉල්ලන මිනිස්සුන්ට ලියුම් දෙන්න, ස්ථාන මාරු වෙනුවෙන් මැදිහත් වෙන්න........ මම නං කැමතියි සංගක්කාර ඔය වැඩ නොකරනව නම්.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය් කියන්නේ 'ජරා දෙයක්' කරගත්තේම ඔය "හොද මිනිසු දේශපාලනයට එන්න එපා" කියන මෝඩ මතය පතුරවපු මිනිස්සුමයි...
      සංගා තනි කෙනෙක් බව ඇත්ත, ඒත් සංගා ඇමතිකමක් දැරීම හා වෙනත් දූශිතයෙක් ඒ ඇමතිකමේ සිටීම කියන්නේ දෙකක්...
      අමුතුවෙන් කරන්න දෙයක් තියෙනවද නැත්ද කියන එක තීරනය වෙන්නෙ එතැනදී

      සංගා වැනි අන්තර්ජාතික පෞරුශයන් ලංකාවේ දේශපාලනය තුල - පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් සිටිය යුතුයි.

      Delete
  4. හොඳයි. ඒ වුනාට යූඇන්පියෙන් එන්න ඕනේ.

    ReplyDelete
  5. එකෙන්ම එකඟයි.

    සංගා වැනි අන්තර්ජාතික පෞරුශයන් ලංකාවේ දේශපාලනය තුල - පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන් සිටිය යුතුයි. ලංකාවේ ක්‍රීඩා ක්ශේත්‍රය තුල මේ කැලිබර් එකේ ඉන්නා එකම පුද්ගලයා ඔහු විය හැකියි (සමහර විට මහේල?).

    අර්ජුන ගැන කියනවානම්, ශ්‍රිලනිපය තුල ඇතිවී තිබෙන රික්තය තුල, අර්ජුන වැන්නෙක් ශ්‍රිලනිප ප්‍රමුඛ ආන්ඩුවක අගමැති තනතුරට පවා සලකා බැලිය හැකි තත්වයක සිටිනවා. (සසඳා බලන්න නිමල් සි. සුසින් ප්‍රේ. අනුර ප්‍රි. යා., රාජිත වැන්නන් සමග ). ඇත්තෙන්ම ඔහු ප්‍රතිපත්තිගරුක, පරිනත දේශපාලනයක නිරතවූ බවයි මෑත ඉතිහාසයේ පෙනෙන්නට තිබුනේ.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. Please Sanga do not get in to this dirty politics. Most of the politicians are rotten. You can.t do much anyway. We Sri lankans love you for what you are. Keep that in mind.See what happened to Arjuna . Such a hero , person was once rejected by the previous regime.Getting into politics what did Sanath do.?

      You are one of those rare heros, a gentleman. Keep it that way.
      Yosuf

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා