සිරිලිය සවිය ගිනුම් අත්එිටුවීම නිසා මිය ගිය රෝගීහු කවරහු ද?

සිරිලිය සවිය බැංකු ගිණුම් අත්හිටුවීමේ හේතුවෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු මේ වනවිට මිය ගොස් තිබෙන බව ආරංචි වූ බවද රාජපක්ෂ මැතිනිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇති බව වාර්තා වේ. 

මේ පිළිබඳ වහා සොයා බැලිය යුතු ය. නිදහස් සෞඛ්‍ය සේවයක් තිබෙන රටක මුදල් නැතිකමින් මේ අන්දමින් මිනිසුන් මිය යනවා නම් එය බරපතල තත්වයකි. 

මේ මිනිසුන් බරපතල රෝගවලට ප්‍රතිකාර ලබන අය විය හැකි ය. එසේ නම්, මේ අරමුදල් නැවතුණු පසු ඔවුන්ට ප්‍රතිකාර ලබා ගන්නට ක්‍රමයක් සැලැස්වීමේ වගකීම තිබුණු අය එම වගකීම අතපසු කර තිබිය යුතු ය. 

ශිරන්ති රාජපක්ෂ වහාම මේ පිළිබඳ සියලු තොරතුරු අදාළ අංශ වෙත සැපයිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නාගන්න හදන්නේ...

    ReplyDelete
  2. රෝගීන්ගේ ලැයිස්තුව මෙසේය:-

    මහින්ද රාජපක්ෂ
    බැසිල් රාජපක්ෂ
    ගෝඨාභය රාජපක්ෂ
    නාමල් රාජපක්ෂ
    යෝෂිත රාජපක්ෂ
    ශිරන්ති රාජපක්ෂ
    පුෂ්පා රාජපක්ෂ
    විමල් වීරවංශ
    තිස්ස විතාරණ
    පකයා නානායක්කාර
    කුණුනාස් ගුණවර්ධන
    කොලස් ඩටා



    ReplyDelete
    Replies
    1. ඇයි ජොන්ස්ටන්?
      තිස්ස අත්තනායක?
      උනුත් රිමාන්ඩ් භාරෙට ගත්ත ගමං ලෙඩවුනානෙ.

      Delete
  3. සිරිලිය සවිය බැංකු ගිණුම් අත්හිටුවීමේ හේතුවෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනකු මේ වනවිට මිය අය ගිය රෝගීහු කවරහු ද ශිරන්ති රාජපක්ෂ වහාම මේ පිළිබඳ සියලු තොරතුරු අදාළ අංශ වෙත සැපයිය යුතු ය.

    ReplyDelete
  4. ඉහත රෝගීන් ඉන්නේ අසාධ්‍ය තත්වයේ. මැරුණු තුන්දෙනා කවුද දන්නෑ නේ නේද

    ReplyDelete
    Replies
    1. ඉහත රෝගීන් තුන්දෙනාව මුන් මැරුවද දන්නෑ. මහින්දලාට ඒවා සිම්පල් වැඩ.

      Delete
  5. මහින්ද දියත් කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ හමුවේ මෙවැනි දේ අබ ඇටයක් තරම්වත් වැදගත් නොවේ.

    ඡන්ද කාලය්දි ටොයියන් විසින් පැතිරවූ කට කතා සහ අද එල්ල කරන චෝදනා අතර බැරෑරුම්කමේ පරතරය අහසට පොළව වැනිය.

    ReplyDelete
  6. මේක හරිම විහිළුවක්.සැකකරුවන්ට විරුද්ධව නිතිය ක්‍රියත්මක කරන්න බැහැ මිනිස්සු මැරෙන්න හදනවා.අරහෙන් "ඇවනට් ගාඩ් එකේ නිශ්ශංක සේනාධිපති"පත්තරවල දැන්වීම් දානවා ජනතාවගේ ඉටු දෙවියා කිය කියා.දැන් සිරිලිය ගිණුම් අත්හිටවපු නිසා එහෙන් රෝගීන් මැරෙනවා.හෙට අනිද්දා දිහාට වෙලේ සුදාදේ ගිණුම් අත්හිටවපු නිසා මෙච්චර රෝගීන් පිරිසක් මිය ගිහින්යඅච්චර පිරිසක් අසරණය කියලාත් පත්තරවල දැන්වීම් යන්ට බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. වෙලේ සුදාගෙ ගිණුම් අත්හිටුවපුවහම, දුමින්ද සිල්වා ගේ ආධාර නැතුව පන්සල් කඩා වැටීමයි, හිරු ටීවී ‍එකෙන් සල්ලි බෙදීම නතර වෙලා හිරු ටීවී එකේ රේටිං අඩු වීමයි තමයි වෙන්නෙ...

      Delete
  7. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු, මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු....!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා